Pali BJT1. මඞ්ගලස්ස අපරෙන සුමනො නාම නායකො සබ්බධම්මෙහි අසමො සබ්බසත්තාන’ මුත්තමො.
Sinhala BJT1. මඞ්ගල නම් සම්මාසම්බුදුන්ට මෑතභාගයෙහි (ශීලාදි) සියලු දහම්හි අසම වූ හැම සත්නට උතුම් වූ සුමන නම් බුදුහු (ලොව පහළ වූහ.)
Pali BJT2. සො’පි තදා අමතභෙරිං{1} අහනී{2} මෙඛලෙ පුරෙ, ධම්මසඞ්ඛසමායුත්තං නවඞ්ගං ජිනසාසනං.
Sinhala BJT2. එකල්හි ඒ සම්මාසම්බුදුහු ද මෙඛල නම් පුරයෙහි දී සිව්සස් දහම් නැමැති සක් හඬින් යුත් නවාඞ්ගශාස්තෘශාසන සඞ්ඛ්‍යාත අමා බෙරය පහළහ.
Pali BJT3. නිජ්ජිනිත්වා{3} කිලෙසෙ සො{4} පත්වා සම්බොධි’මුත්තමං මාපෙසි නගරං සත්ථා{5} සද්ධම්මපුරවරුත්තමං.{6}
Sinhala BJT3. ඒ සුමන බුදුහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බෝධියට පැමිණ පුරවරයන් කෙරෙහි උත්තම වූ සද්ධර්‍ම සඞ්ඛ්‍යාත නිර්‍වාණ නගරය මැවූ සේක.
Pali BJT4. නිරන්තරං අකුටිලං උජුං{7} විපුල විත්ථතං මාපෙසි සො මහාවීථිං සතිපට්ඨානවරුත්තමං.
Sinhala BJT4. ඒ බුදුහු (කුශලජවනයාගේ සංචරණයට අනතුරු වැ උපදනා හෙයින්) නිරුතුරු වූ කුටිලභාවකාර දෝෂයන්ගේ විරහයෙන් අකුටිල වූ අකුටිල හෙයින් මැ ඍජු වූ අයම් විතරින් (ලෞකික ලෝකෝත්තර සතිපට්ඨාන වශයෙන්) දිගුපුළුල් වූ සතිපට්ඨාන සඞ්ඛ්‍යාත උතුම් වූ මහාවීථිය මැවූ සේක.
Pali BJT5. ඵලෙ චත්තාරි සාමඤ්ඤෙ චතස්සො පටිසම්භිදා ඡළභිඤ්ඤාට්ඨ සමාපත්ති පසාරෙසි තත්ථ වීථියං.
Sinhala BJT5. ඒ සතිපට්ඨානවීථියෙහි සතර ශ්‍රාමණ්‍යඵල යැ සතර ප්‍රතිසංවිද්ධර්‍ම යැ ෂඩභිඥා යැ අෂ්ටසමාපත්ති යැ යන මේ දහම් නමැති රුවන් අවුණු විදැහූසේක.
Pali BJT6. යෙ අප්පමත්තා අඛිලා හිරි විරියෙහු’පාගතා තෙ තෙ ඉමෙ ගුණවරෙ ආදියන්ති යථා සුඛං.
Sinhala BJT6. යම් කෙනෙක් අප්‍රමත්ත වූවාහු පඤ්ච චේතෝඛිල රහිත වූවාහු ලජ්ජා වීර්‍ය්‍ය දෙකින් යුක්ත වූවාහු වෙත් ද ඔවුහු යථෝක්ත වූ ඒ උතුම් ගුණරුවන් සිත් සේ ලබන්නාහ.
Pali BJT7. එවමෙතෙන යොගෙන උද්ධරන්තො මහාජනං බොධෙසි පඨමං සත්ථා කොටිසතසහස්සියො.
Sinhala BJT7. මෙසේ ඒ ශාස්තෲන් වහන්සේ මේ ක්‍රමයෙන් මහාජනයා නඟාසිටුවනසේක් පළමු කොට (ප්‍රථමාභිසමයෙහි) කෙළසියදහසක් සත්ත්‍වයන් ධර්‍මාවබෝධය කරවූ සේක.
Pali BJT8. යම්හි කාලෙ මහාවීරො ඔවදි{8} තිත්ථියෙ ගණෙ කොටි සහස්සාභිසමිංසු{9} දුතියෙ ධම්මදෙසනෙ.
Sinhala BJT8. මහාවීර වූ සුමන බුදුහු යම් කලෙක තීර්‍ත්‍ථකගණයාහට අවවාද කළසේක් ද ඒ දෙවන ධර්‍මදේශනයෙහි කෙළදහසක් ප්‍රාණීහු ධර්‍මාභිසමය කළාහු යැ.
Pali BJT9. යදා දෙවා මනුස්සා ච සමග්ගා එකමානසා නිරොධ පඤ්හං පුච්ඡිංසු සංසයඤ්චා’පි මානසං.{10}
Sinhala BJT9. යම් කලෙක දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සමග්‍ර වැ එක්සිත් වූවාහු නිරෝධ ප්‍රශ්නයත් සිත්හි උපන් සැකයත් විචාළාහු ද–
Pali BJT10. තදා’පි ධම්මදෙසනෙ{11} නිරොධ පරිදීපනෙ{12} නවුති කොටි සහස්සානං තතියා’භිසමයො{13} අහු.
Sinhala BJT10. එකල්හිදු නිරෝධය ප්‍රකාශ කරන්නා වූ දහම් දෙසුමෙහි නවකෙළදහසක් සත්නට ධර්‍මාභිසමය වී.
Pali BJT11. සන්නිපාතා තයො ආසුං සුමනස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්ත චිත්තාන තාදිනං.
Sinhala BJT11. මහර්ෂි වූ සුමන සර්‍වඥයන් වහන්සේට විගත රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධී වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.
Pali BJT12. වස්සං වුත්ථස්ස භගවතො අභිඝුට්ඨෙ{1} පවාරණෙ කොටිසතසහස්සෙහි පවාරෙසි තථාගතො.
Sinhala BJT12. වස් වැස නිම වූ භාග්‍යවතුන් විසින් පවාරණය ඇස්වූ කල්හි තථාගතයන් වහන්සේ කෙළසුවහසක් ශ්‍රාවකයන් හා සමග පවාරණය කළසේක.
Pali BJT13. තතො පරං සන්නිපාතෙ විමලෙ කඤ්චන පබ්බතෙ නවුතිකොටිසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT13. එයින් මෑත භාගයෙහි නිර්‍මල වූ කාඤ්චනපර්‍වතයෙහි අනූකෙළදහසක් ශ්‍රාවකයන්ගේ දෙවැනි සමාගමය වී යැ.
Pali BJT14. යදා සක්කො දෙවරාජා බුද්ධදස්සනු’පාගමි අසීතිකොටිසහස්සානං තතියො ආසි සමාගමො.
Sinhala BJT14. යම් කලෙක සක්දෙව්රජ බුදුන් දැක්මට පැමිණියේ ද එකල්හි අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වි යැ,
Pali BJT15. අහං තෙන සමයෙන නාගරාජා මහිද්ධිකො අතුලො නාම නාමෙන උස්සන්නකුසලසඤ්චයො.{2}
Sinhala BJT15. එසමයෙහි මම් උත්සන්න වූ කුශල සඤ්චය ඇතියෙම් නමින් අතුල නම් වූ මහත් ඍද්ධි ඇති නාගරාජ වීමි.
Pali BJT16. තදා’හං නාගභවනා නික්ඛමිත්වා ස ඤාතිහි නාගානං දිබ්බතුරියෙහි සසඞ්ඝං ජිනමුපට්ඨහිං.
Sinhala BJT16. එකල්හි සිය නෑයන් හා සමග නාග භවනයෙන් නික්ම නාගයන්ගේ දිව්‍යතූර්‍ය්‍යයෙන් යුතු වැ සඟුන් සහිත ජිතපඤ්චමාරයන්ට උපස්ථාන කෙළෙමි.
Pali BJT17. කොටි සත සහස්සානං අන්නපානෙන තප්පයිං{3} පච්චෙකං{4} දුස්සයුගං දත්වා සරණං තං උපාගමිං.
Sinhala BJT17. කෙළසුවහසක් භික්‍ෂූන් ආහාරපානයෙන් සැතැපීමි. වෙන වෙන වස්ත්‍රසඟළක් පුදා උන් වහන්සේ සරණ කොට පැමිණියෙමි.
Pali BJT18. සොපි මං බුද්ධො ව්යාකාසි සුමනො ලොක නායකො අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT18. ඒ සුමන නම් සර්‍වඳයන් වහන්සේ ද මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළසේක.
Pali BJT19. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT19. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT20. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජර මුපෙහිති.
Sinhala BJT20. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.
Pali BJT21. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT21. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා. (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතු බෝරුක වෙත එළැඹෙයි.
Pali BJT22. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථ රුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT22. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
Pali BJT23. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT23. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
Pali BJT24. කොලිතො උපතිස්සො ච අග්ගාහෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT24. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.
Pali BJT25. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT25. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යැ යි කියනුලැබේ.
Pali BJT26. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT26. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT27. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධ බීජඞ්කුරො අයං.
Sinhala BJT27. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඩ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.
Pali BJT28. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දස සහස්සී සදෙවකා.
Sinhala BJT28. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
Pali BJT29. යදි’මස්ස ලොක නාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT29. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT30. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT30. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරනාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT31. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT31. එසෙයින් මැ අපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ යි.
Pali BJT32. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියා.
Sinhala BJT32. මම් ඒ බුදුනුදුගේ බස් අසා බෙහෙවින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT33. මෙඛලං නාම{1} නගරං සුදත්තො නාම ඛත්තියො සිරිමා නාම ජනිකා සුමනස්ස මහෙසිනො.
Sinhala BJT33. සුමන මහර්ෂීන් ගේ නගරය මෙඛල නම් විය, සුදත්ත නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ සිරිමා නම් වූ යැ.
Pali BJT34. නව වස්ස සහස්සානි අගාරමජ්ඣ සො වසී{2} චන්දො සුචන්දො වටංසො ච තයො පාසාදමුත්තමා.
Sinhala BJT34. ඒ බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) චන්‍ද්‍ර යැ සුචන්‍ද්‍ර යැ චටංස යැ යි උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
Pali BJT35. තෙ සට්ඨිසහස්සානි{1} නාරියො සමලඞ්කතා, වටංසිකා{2} නාම නාරී අනුපමො නාම අත්රජො.
Sinhala BJT35. මොනොවට සැරැසුණු පරිවාර ස්ත්‍රීහු තෙසැටදහසක් වූහ. වටංසිකා නම් අගමෙහෙසියක් වූ යැ. පුත්‍ර තෙම අනුපම නම් වී.
Pali BJT36. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT36. ඒ ජිතපඤ්චමාරයෝ සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ. පිරිපුන් දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT37. බ්රහ්මුනා යාචිතො සන්තො සුමනො ලොක නායකො වත්ති චක්කං මහාවීරො මෙඛලෙ පුරමුත්තමෙ.{3}
Sinhala BJT37. මහත් වූ වීර්‍ය්‍යය ඇති සුමන නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ මෙබල නම් පුරයෙහි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT38. සරණො භාවිතත්තො ච අහෙසුං අග්ගසාවකා උදෙනො නාමු’පට්ඨාකො සුමනස්ස මහෙසිනො.
Sinhala BJT38. සුමන මහර්ෂීනට සරණ යැ භාවිතාත්ම යැ යන දෙදෙන අග්‍ර ශ්‍රාවක වූහ. උදේන නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT39. සොණා ච උපසොණා ච අහෙසුං අග්ගසාවිකා සො’පි බුද්ධො අමිතයසො නාගමූලෙ අබුජ්ඣථ.
Sinhala BJT39. සෝණා යැ උපසෝණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. අප්‍රමාණ වූ යශස් ඇති ඒ බුදුහුදු නාගවෘක්‍ෂමූලයෙහි බුද්ධත්‍වයට පැමිණියහ.
Pali BJT40. වරුණො ච සරණො ච අහෙසුං අග්ගු’පට්ඨකා චාලා ච උපචාලා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT40. වරුණ යැ සරණ යැ යන දෙදෙන අග උවටු වූහ. චාලා යැ උපචාලා යැ යන දෙදෙන අග උවට වූහ.
Pali BJT41. උච්චත්තනෙන{4} සො බුද්ධො නවුතිහත්ථසමුග්ගතො කඤ්චනග්ඝිය සංකාසො දස සහස්සී විරොචති.{5}
Sinhala BJT41. උසින් ඒ බුදුහු අනූ රියනක් උස් වූවාහු රන් ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළූහ.
Pali BJT42. නවුති වස්ස සහස්සානි ආයුවිජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT42. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි. උන් වහන්සේ ඒතාක් කල් වොරඳමින් බොහෝ ජනසමූහයා (සසරින්) තැරැවූහ.
Pali BJT43. තාරණීයෙ තාරයිත්වා බොධනීයෙ ච බොධයී පරිනිබ්බායි සම්බුද්ධො උළුරාජා’ච අත්ථමී.{6}
Sinhala BJT43. තරවනු නිසියන් තරණය කරවා බෝධනීයයනට ධර්‍මාවබෝධ කළහ. සම්බුදුහු අස්තයට ගිය චන්‍ද්‍රයා සෙයින් පිරිනිවියහ.
Pali BJT44. තෙ’පි ඛීණාසවා භික්ඛු සො ච බුද්ධො අසාදිසො අතුලං පහං දස්සයිත්වා නිබ්බුතා තෙ මහායසා.
Sinhala BJT44. මහායශස් ඇති ඒ ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු ද අසදෘශ වූ ඒ බුදුහු ද අප්‍රමාණ වූ ප්‍රභා දක්වා පිරිනිවියහ.
Pali BJT45. තඤ්ච ඤාණං අතුලියං තානි චා’තුලියානි රතනානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT45. ඒ ඥානය ද අතුල්‍ය වී යැ. ඒ රත්නයෝ ද අතුල්‍ය වූහ. එහැම අතුරුදහන් වී. හැම සංස්කාරයෝ රික්තයෝ නු?
Pali BJT46. සුමනො යසධරො බුද්ධො අඞ්ගාරමම්හි නිබ්බුතො තත්වෙ’ව තස්ස ජිනථූපො චතුයොජන මුග්ගතො’ති.
Sinhala BJT46. යශස්ධර වූ සුමන බුදුහු අඞ්ගාරාමයෙහි පිරිනිවියහ. එහි මැ උන් වහන්සේගේ ජිනථූපය සිව්යොදුනක් උස් කොට බඳනා ලද යයි.
Pali BJTසුමන බුද්ධවංසො චතුත්ථො.
Sinhala BJTසතරවැනි සුමන බුද්ධවංශ යි.
Pali BJT5. රෙවත බුද්ධවංසො
Sinhala BJT5. රේවත බුද්ධවංශය
Pali BJT1. සුමනස්ස අපරෙන රෙවතො නාම නායකො අනුපමො අසදිසො අතුලො උත්තමො ජිනො.
Sinhala BJT1. සුමන නම් බුදුරදුන්ට මෑත භාගයෙහි ලොවට නායක වූ අනුපම වූ අසදෘශ වූ අතුල්‍ය වූ උත්තම වූ රේවත නම් ජිතපඤ්චමාර වූ සර්‍වඥ කෙනෙක් පහළ වූහ.
Pali BJT2. සො’පි ධම්මං පකාසෙසි බ්රහ්මුනා අභියාචිතො ඛන්ධධාතුවවත්ථානං අප්පවත්තං භවා’භවෙ.
Sinhala BJT2. ඔබ ද මහ බඹහු විසින් අයදනා ලදහු ස්කන්‍ධධාතූන් විභාග කරන (වෘද්ධි හානි ආදි) භවාභවයන් ප්‍රහාණය කරන දහම් ප්‍රකාශ කළහ.
Pali BJT3. තස්සා’භිසමයා තීණි අහෙසුං ධම්මදෙසනෙ ගණනාය න වත්තබ්බො පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. උන් වහන්සේගේ දහම් දෙසුම්හි තුන් අභිසමය කෙනෙක් වූහ. ප්‍රථමාභිසමය ගණනින් නො කියයුතු වෙයි.
Pali BJT4. යදා අරින්දමං රාජං විනෙසි රෙවතො මුනි තදා කොටිසහස්සානං{1} දුතියා’භිසමයො අහු.
Sinhala BJT4. යම් කලෙක රේවත මුනිහු අරින්‍දම නම් රජ විනයනය කළාහු ද එකල්හි කෙළ දහසක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
Pali BJT5. සත්තා’හං පටිසල්ලානා වුට්ඨහිත්වා නරාසභො කොටිසතං නරමරූනං{2} විනෙසි උත්තමෙ ඵලෙ.
Sinhala BJT5. නරශ්‍රේෂ්ඨ වූ බුදුහු සතියක් මුළුල්ලෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඉන් නැඟී දෙවිමිනිසුන් කෙළසියක් අග්‍රඵලයෙහි විනයනය කළහ.
Pali BJT6. සන්නිපාතා තයො ආසුං රෙවතස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සුවිමුත්තාන’ තාදිනං.{3}
Sinhala BJT6. මහර්ෂි වූ රේවත නම් බුදුන්ට විගත වූ රාගාදි මල ඇති මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුණු ලාභාලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනෙක් වී.
Pali BJT7. අතික්කන්තා ගණනපථං{4} පඨමං යෙ සමාගතා කොටිසතසහස්සානාං දුතියො ආසි සමාගමො.
Sinhala BJT7. යම් කෙනෙක් පළමුවට රැස්වූහු නම් ඔහු ගණනපථය ඉක්මගියාහු. කෙළ සුවදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
Pali BJT8. යො’පි{5} පඤ්ඤාය අසමො තස්ස චක්කානුවත්තකො සො තදා ව්යාධිතො ආසි පත්තො ජීවිතසංසයං.
Sinhala BJT8. ඒ රේවත බුදුරදුන්ට අනුව දම්සක් පවත්වන්නා වූ ප්‍රඥායෙන් (ශ්‍රාවකාන්තරයන් හා) අසම වූ යම් වරුණ නම් අගසවු කෙනෙක් වූහු ද එකල්හි උන් වහන්සේ රෝගී වූවාහු ජීවිත සංශයට පැමිණියාහු වූහ.
Pali BJT9. තස්ස ගිලානපුච්ඡාය{6} යෙ තදා උපගතා මුනි කොටිසතසහස්සා{7} අරහන්තො තතියො ආසි සමාගමො.
Sinhala BJT9. එකල්හි උන් වහන්සේගේ ගිලන් බව පුළුවුස්නට යම් මුනි කෙනෙක් එළැඹියාහු ද ඒ කෙළසුවහස් රහතුන්ගේ තුන් වැනි සමාගමය වී.
Pali BJT10. අහං තෙන සමයෙන අතිදෙවො නාම බ්රාහ්මණො උපගන්ත්වා රෙවතං බුද්ධං සරණං තස්ස ගච්ඡහං.
Sinhala BJT10. එසමයෙහි මම් අතිදේව නම් බ්‍රාහ්මණ වූයෙම් රේවත නම් බුදුන් කරා එළැඹ උන් වහන්සේ ගේ සරණයට ගියෙමි.
Pali BJT11. තස්ස සීලං සමාධිඤ්ච පඤ්ඤාගුණමනුත්තමං{8} ථොමයිත්වා යථාථාමං උත්තරීය’මදාස’හං.
Sinhala BJT11. මම් උන් වහන්සේගේ නිරුත්තර වූ ශීලය ද සමාධිය ද ප්‍රඥාගූණය ද යථාශක්තීන් ථොමනය කොට උතුරුසළුව පිදීමි.
Pali BJT12. සො’පි මං බුද්ධො ව්යාකාසි රෙවතො ලොකනායකො අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො{9} භවිස්සති.
Sinhala BJT12. ලෝකනායක වූ ඒ රේවත බුදුහු ද ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය කල්පයෙහි බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළසේක.
Pali BJT13. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT14. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝ තෙරට එළැඹෙයි.
Pali BJT15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතු බෝරුක වෙත එළැඹෙයි.
Pali BJT16. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතු රුක්මුල්හි හිඳ බුදුවන්නේ යි.
Pali BJT17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT17. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ ශුද්ධෝන නම. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
Pali BJT18. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’ පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කරන්නාහ.
Pali BJT19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’ පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’ පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.
Pali BJT21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දෙවිමිනිස්සු ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු–
Pali BJT22. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
Pali BJT23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ උත්තරණය කෙරෙත් ද,
Pali BJT25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’ මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT25. එසෙයින් මැ ඇපි හැමදෙනමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT26. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වත’මධිට්ඨාසිං දසපාරමිපූරියා.
Sinhala BJT26. මම් ඒ බුදුනුදුගේ වදන් අසා අතිශයින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT27. තදා’පි මං{1} බුද්ධධම්මං සරිත්වා අනුබ්රූහයිං ආහරිස්සාමි තං ධම්මං යං මය්හං{2} අභිපත්ථිතං.
Sinhala BJT27. එකල්හිදු මම් ‘යමක් මා විසින් ප්‍රාර්‍ත්‍ථනා කරනලද නම් ඒ බුද්ධත්‍වය ගනිමැ’යි මේ බුද්ධකාරකධර්‍මය සිහි කොට වැඩීමි.
Pali BJT28. නගරං සුධඤ්ඤවති{3} නාම විපුලො නාම ඛත්තියො විපුලා නාම ජනිකා රෙවතස්ස මහෙසිනො.
Sinhala BJT28. මහර්ෂී වූ රේවත බුදුන්ගේ නගරය සුධඤ්ඤවතී නම. විපුල නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ විපුලා නම් වූ යැ.
Pali BJT29. ඡබ්බස්සසහස්සානි{4} අගාරමජ්ඣ සො වසී සුදස්සනො ච රතනග්ඝි{5} ආවෙළො{6} ච විභූසිතො පුඤ්ඤකම්මාභිනිබ්බත්තා තයො පාසාද මුත්තමා.
Sinhala BJT29. ඒ බුදුහු හවුරුදු සදහසක් මුළුල්ලෙහි ගිහිගෙයි විසූහ. සරසන ලද සුදර්‍ශන යැ රතනග්ඝි යැ ආවෙළ යැ යි පින්කමින් නිපන් උතුම් වූ ප්‍රාසාදත්‍රයෙක් වී.
Pali BJT30. තෙත්තිංස සහස්සානි{7} නාරියො සමලඞ්කතා සුදස්සනා නාම දෙවී වරුණො නාම අත්රජො.
Sinhala BJT30. මොනොවට සැරැසුණු තෙතිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. අග මෙහෙසි තොමෝ සුදස්සනා නමු. පුත්‍ර තෙමේ වරුණ නම් වී.
Pali BJT31. නිමිත්තෙ චතුරො දිස්වා රථයානෙන නික්ඛමි අනූනසත්තමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT31. ඒ ජිතපඤ්චමාරයෝ සතර පෙරනිමිති දැක රථයානයෙන් අභිනිෂ්ක්‍රමණය කළහ. අනූන සප්තමාසයක් ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
Pali BJT32. බ්රහ්මුනා යාචිතො සන්තො රෙවතො ලොක නායකො වත්ති චක්කං මහාවීරො වරුණා රාමෙ සිරීඝරෙ.{8}
Sinhala BJT32. මහත් වූ වීර්‍ය්‍යය, ඇති රේවත නම් ලෝකනාථයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලදහු ශ්‍රීනිවාස වූ වරුණරාමයෙහි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT33. වරුණො බ්රහ්මදෙවො ච අහෙසුං අග්ග සාවකා සම්භවො නාමුපට්ඨාකො රෙවතස්ස මහෙසිනො.
Sinhala BJT33. මහර්ෂි වූ රේවත බුදුන්ට වරුණ යැ බ්‍රහ්මදේව යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සම්භව නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT34. භද්දා චෙව සුභද්දා ච අහෙසුං අග්ගසාවිකා සො’පි බුද්ධො අසමසමො නාගමූලෙ අබුජ්ඣථ.
Sinhala BJT34. භද්‍රා යැ සුභද්‍රා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. අසමසම වූ ඒ බුදුහු ද නාගවෘක්‍ෂමූලයෙහි දී අධිගම කළහ.
Pali BJT35. පදුමො කුඤ්ජරො චෙව අහෙසුං අග්ගු’පට්ඨකා සිරිමා චෙව යසවතී අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT35. පදුම යැ කුඤ්ඡර යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. සිරිමා යැ යසවතී යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
Pali BJT36. උච්චත්තනෙන{9} සො බුද්ධො අසීති හත්ථ මුග්ගතො ඔභාසෙති දිසා සබ්බා ඉන්දකෙතූව උග්ගතො.
Sinhala BJT36. ඒ බුදුහු උසින් අසූ රියනක් නැඟී සිටියාහු ඉන්‍ද්‍රකේතුවක් (දෙව්දුන්නක්) සෙයින් හැම දිශා බැබැළවූහ.
Pali BJT37. තස්ස සරීරෙ නිබ්බත්තා පභා මාලා අනුත්තරා දිවා වා යදිවා රත්තිං සමන්තා ඵරති{1} යොජනං.{2}
Sinhala BJT37. ඔබගේ සිරුරෙහි නිපන් නිරුත්තර වූ ප්‍රභාමාලාව රැයිදු දවහල්හිදු හාත්පසැ යොදුනක් මුළුල්ලෙහි පතළහ.
Pali BJT38. සට්ඨිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT38. එකල්හි සැටදහසක් හවුරුදු ආයු පැනෙයි. ඒ බුදුහු ඒ තාක්කල් සිටුනාහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.
Pali BJT39. දස්සයිත්වා බුද්ධබලං අමතං ලොකෙ පකාසයං නිබ්බායි අනුපාදානො යථ’ග්ගු’පාදානසඞ්ඛයා.
Sinhala BJT39. බුද්ධබලය දක්වා ලොවැ අමෘතය ප්‍රකාශ කරන්නාහු ඉන්‍ධනක්‍ෂයෙන් අග්නිය සෙයින් උපාදාන රහිත වූවාහු පිරිනිවියහ.
Pali BJT40. සො ච කායො රතනනිභො සො ච ධම්මො අසාදිසො සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT40. රුවන් සුදුසු ඒ බුදුසිරුර ද නිරුපම වූ එ දහම ද යන සියල්ල අතුරුදහන් වී. හැම සංස්කාරයෝ රික්තයෝ නු?
Pali BJT41. රෙවතො යසධරො බුද්ධො නිබ්බුතො සො මහාමුනි{3} ධාතුවිත්ථාරිකං ආසී තෙසු තෙසු පදෙසතො’ති.
Sinhala BJT41. මහාමුනි වූ යශස්ධර වූ ඒ රේවත නම් සම්මා සම්බුදුහු පිරිනිවියහ. ඒ ඒ ප්‍රදේශයෙහි ධාතු පැතුරුණේ විය.
Pali BJTරෙවත බුද්ධවංසො පඤ්චමො.
Sinhala BJTපස්වැනි වූ රේවත බුද්ධවංශ යි.
Pali BJT6. සොභිත බුද්ධවංසො
Sinhala BJT6. සෝභිත බුද්ධවංශය
Pali BJT1. රෙවතස්ස අපරෙන සොභිතො නාම නායකො සමාහිතො සන්තචිත්තො අසමො අප්පටිපුග්ගලො.
Sinhala BJT1. රේවත නම් බුදුන්ට ඉක්බිති සමාහිත වූ සන්හුන්සිත් ඇති අසම වූ ප්‍රතිපුද්ගලයන් නැති සෝභිත නම් බුදුහු ලොවැ පහළවූහ.
Pali BJT2. සො ජිනො සකගෙහම්හි මානසං විනීවට්ටයී{1} පත්වාන කෙවලං බොධිං ධම්මචක්කං පවත්තයී{2}.
Sinhala BJT2. ඒ ජිතපඤ්චමාර වූ බුදුහු සිය භවනයෙහි දී (සතියක් තුළ පෘථග්ජන) සිත (බුද්ධත්‍වයට) පරිවර්‍තනය කළහ. සර්‍වඥතාඥානයට පැමිණ දම්සක් පැවැත්වූසේක.
Pali BJT3. යාව හෙට්ඨා අවීචිතො භවග්ගාචා’පි උද්ධතො{3} එත්ථන්තරෙ එකපරිසා අහොසි ධම්මදෙසනෙ.
Sinhala BJT3. ඒ ධර්‍මචක්‍රදේශනායෙහි යටින් අවීචිය පටන් කොට උඩින් භවාග්‍රය දක්වා මෙදෑතුරැ එක් පිරිසෙක් වී.
Pali BJT4. තාය පරිසාය සම්බුද්ධො ධම්මචක්කං පවත්තයී ගණනාය න වත්තබ්බො පඨමා’භිසමයො අහු.
Sinhala BJT4. එපිරිස් මැද සම්බුදුහු දම්සක් පැවැත්වූහ. ගණනින් නො කියහැකි (සඩ්ඛායාපථාතික්‍රාන්ත) වූ ප්‍රථමධර්‍මාභිසමය වී.
Pali BJT5. තතො පරම්පි දෙසෙන්තෙ{4} මරූනං ච{5} සමාගමෙ නවුතිකොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
Sinhala BJT5. එයින් මෑතභාගයෙහි (තව්තිසාභවනයෙහි) දෙවියන්ගේ සමාගමයෙහි අභිධර්‍මදේශනාව කරන කල්හි (දෙසුම් කෙළවර) නවකෙළදහසක් දෙවියනට ද්විතීයධර්‍මාභිසමය වී.
Pali BJT6. පුනාපරං රාජපුත්තො ජයසෙනො නාම ඛත්තියො ආරාමං රොපයිත්වාන බුද්ධෙ නියාදයි තදා.
Sinhala BJT6. නැවැත රාජපුත්‍ර වූ ජයසේන නම් ක්‍ෂත්‍රිය තෙම (සුන්‍දර නම්) ආරාමයක් කරවා එකල්හි බුදුනට පිදී.
Pali BJT7. තස්ස යාගං පකිත්තෙන්තො ධම්මං දෙසෙසි චක්ඛුමා තදා කොටිසහස්සානං තතියා’භිසමයො අහු.
Sinhala BJT7. චක්‍ෂුර්මත් වූ බුදුහු එරජකුමරුගේ දානය කීර්‍තනය කෙරෙමින් දහම් දෙසූහ. එකල්හි කෙළදහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT8. සන්නිපාතා තයො ආසුං සොභිතස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT8. මහර්ෂී වූ සෝභිත බුදුන්ට විගතමල වූ සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් ශ්‍රාවකසන්නිපාතයෙක් වී.
Pali BJT9. උග්ගතො නාම සො රාජා දානං දෙති නරුත්තමෙ තම්හි දානෙ සමාගඤ්ඡුං අරහන්තා සතකොටියො.
Sinhala BJT9. උග්ගත නම් වූ ඒ රජ නරෝත්තම වූ බුදුන් කෙරෙහි දන් දින. එකල්හි ඒ දානයෙහි කෙළසියක් රහත්හු රැස්වූහ.