Pali BJT24. වත්ති චක්කං{2} මහාවීරො නන්දාමෙ සිරීඝරෙ{3} නිසින්නො සිරීසමූලම්හි අකා තිත්ථියමද්දනං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT25. සුමඞ්ගලො ච තිස්සො ච අහෙසුං අග්ගසාවකා සාගතො නාමුපට්ඨාකො දීපඞ්කරස්ස සත්ථුනො
Sinhala BJT25. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට සුමඞ්ගල යැ තිස්ස යැ යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. සාගත නම් තෙර උපස්ථායක වී.
Pali BJT26. නන්දා චෙව සුනන්දා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො පිප්ඵලීති පවුච්චති.
Sinhala BJT26. නන්‍දා යැ සුනන්‍දා යැයි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ, ඒ භාග්‍යවත්හුගේ බෝධිය පළොල් යයි කියනු ලැබේ.
Pali BJT27. තපුස්ස භල්ලිකා{4} නාම අහෙසුං අග්ගූපට්ඨකා සිරිමා සොණා උපට්ඨිකා දීපඞ්කරස්ස සත්ථුනො.
Sinhala BJT27. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තපුස්ස යැ භල්ලික යැ යන නම් ඇති අග්‍ර–උපස්ථායකයෝ වූහ. සිරිමා යැ සෝණා යැ (යන උපාසිකාවෝ) උපස්ථායිකා වූහ.
Pali BJT28. අසීති හත්ථමුබ්බෙධො දීපඞ්කරො මහාමුනි {*}සොභති දීපරුක්ඛො’ව සාලරාජා’ව ඵුල්ලිතො
Sinhala BJT28. මහාමුනි වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ අසූරියන් උස ඇති සේක් (නැඟූ) පහන්රුකක් සෙයින් ද පිපිණු සල්රුකක් සෙයින් ද හොබනා සේක.
Pali BJT29. සතවස්සසහස්සානි{5} ආයු{6} තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT29. ඒ මහර්ෂී සර්‍වඥයන් වහන්සේට හවුරුදු සියදහසක් ආයු විය. එතෙක් හවුරුදු වැඩ සිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසර කතරින්) එතෙර කැරැවූහ.
Pali BJT30. ජොතයිත්වාන සද්ධම්මං සන්තාරෙත්වා මහාජනං{7} ජලිත්වා අග්ගික්ඛන්ධො’ව නිබ්බුතො සො සසාවකො
Sinhala BJT30. සද්ධර්‍මය බබුළුවා මහාජනයා තරණය කරවා ශ්‍රාවකයන් සහිත වූ ඒ සර්‍වඥයන් වහන්සේ ගිනිකඳක් සෙයින් දිලියෙමින් සිට පිරිනිවි සේක.
Pali BJT31. සා ච ඉද්ධි සො ච යසො තානි ච පාදෙසු චක්කරතනානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරාති.
Sinhala BJT31. ඒ අනුභාවසම්පත් ද ඒ පරිවාරයශස් ද පා සඟුළුවන්හි වූ ඒ සක්රුවන් ලකුණු ද යන සියල්ල අතුරුදහන් වී. සියලු සංස්කාරධර්‍මයෝ තුච්ඡ වූවාහු නො වෙද්ද. (සියලු සඞ්ඛතයෝ අනිත්‍ය වූහ’යි සේ යි).
Pali BJT32. දීපඞ්කරො ජිනො සත්ථා නන්දාරාමම්හි නිබ්බුතො තත්ථෙව තස්ස ජිනථූපො ඡත්තිංසුබ්බෙධයොජනොති.
Sinhala BJT32. පස්මරුන් දිනූ දීපඞ්කර ශාස්තෲන් වහන්සේ නන්‍දාරාමයෙහි පිරිනිවිසේක. එහි මැ උන්වහන්සේ ගේ සර්‍වඥධාතු ස්තූපය සතිස් යොදුන් උස්වූයේ වී යයි.
Pali BJTදීපඞ්කරබුද්ධවංසො පඨමො.
Sinhala BJTපළමුවන දීපංකර බුද්ධවංශ නිමි.
Pali BJT2. කොණ්ඩඤ්ඤ බුද්ධවංසො
Sinhala BJT2. කොණ්ඩඤ්ඤ බුද්ධවංශය
Pali BJT1. දීපඞ්කරස්ස අපරෙන කොණ්ඩඤ්ඤො නාම නායකො අනන්තතෙජො අමිතයසො අප්පමෙය්යො දුරාසදො
Sinhala BJT1. දීපඞ්කර සර්‍වඥයන් වහන්සේට මෑතභාගයෙහි අපරිමිත ලෝක ධාතුයෙහි පතළ ශීලගුණතේජස් ඇති අනන්ත වූ පරිවාර හා ගුණකීර්ති ඇති ගුණගණපරිමාණ විසින් අප්‍රමේය වූ අනභිභවනීය වූ කොණ්ඩඤ්ඤ නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේක.
Pali BJT2. ධරණුපමො{1} ඛමනෙන සීලෙන සාගරූපමො සමාධිනා මෙරූසමො{2} ඤාණෙන ගගනූපමො.
Sinhala BJT2. ඒ බුදුහු ක්‍ෂාන්තියෙන් පෘථිවිය හා සම වූහ, ශීලසංවරයෙන් සාගරය හා සම වූහ. සමාධියෙන් මේරුපර්‍වතය හා සමවූහ. (අනන්ත වූ) ඥානයෙන් ගගනූපම වූහ.
Pali BJT3. ඉන්ද්රියබලබොජ්ඣඞ්ග - මග්ගසච්චප්පකාසනං පකාසෙසි සදා බුද්ධො හිතාය සබ්බපාණිනං
Sinhala BJT3. ඒ බුදුහු හැම කල්හි සියලු සත්නට හිත පිණිස ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග මාර්‍ග සත්‍යප්‍රකාශක වූ (සත්තතිංස බෝධිපක්ඛිය) ධර්‍මය ප්‍රකාශ කළහ.
Pali BJT4. ධම්මචක්කං පවත්තෙන්තෙ{3} කොණ්ඩඤ්ඤෙ ලොකනායකෙ කොටිසතසහස්සානං පඨමාභිසමයො අහු.
Sinhala BJT4. කොණ්ඩඤ්ඤ නම් ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළසියදහසක් සත්නට ධර්‍මාභිසමය වී,
Pali BJT5. තතො පරම්පි දෙසෙන්තෙ නරමරූනං සමාගමෙ නවුතිකොටිසහස්සානං දුතියාභිසමයො අහු.
Sinhala BJT5. එයින් අපරභාගයෙහි දු දෙවිමිනිසුන් ගේ (මහාමඞ්ගල) සමාගමයෙහි අනූකෙළදහසක් සත්නට ද්විතීයධර්‍මාභිසමය විය.
Pali BJT6. තිත්ථියෙ අභිමද්දන්තො යදා ධම්මමදෙසයි අසීතිකොටිසහස්සානං ධම්මාභිසමයො{4} අහූ.
Sinhala BJT6. යම් කලෙක (යමාමහපෙළහර පෑ) තීර්‍ත්‍ථකයන් අභිමර්දනය කෙරෙමින් දහම් දෙසූ සේක් ද, (එකල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි) ධර්‍මාභිසමය වී.
Pali BJT7. සන්නිපාතා තයො ආසුං කොණ්ඩඤ්ඤස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං.
Sinhala BJT7. මහර්ෂී වූ කොණ්ඩඤ්ඤ සර්‍වඥයන් වහන්සේට විගතරාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.
Pali BJT8. කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො දුතියො කොටිසහස්සානං තතියො නවුතිකොටිනං.
Sinhala BJT8. කෙළසියදහසක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය ද, කෙළදහසක්හු ගේ දෙවන සන්නිපාතය ද අනූකෙළක් රහතුන්ගේ තුන්වන සන්නිපාතය ද වී.
Pali BJT9. අහං තෙන සමයෙන විජිතාවී නාම ඛත්තියො සමුද්දං අන්තමන්තෙන{5} ඉස්සරියං{6} වත්තයාමහං.
Sinhala BJT9. මම් එසමයෙහි විජිතාවී නම් සක්විතිරජ වීමි. මම් සක්වළගල හිමි කොට ඇති මහසයුර ඇතුළු කොට ආධිපත්‍යය පැවැත්වීමි.
Pali BJT10. කොටිසතසහස්සානං විමලානං මහෙසිනං සහ ලොකග්ගානාථෙන පරමන්නෙන තප්පයිං.
Sinhala BJT10. ලෝකාග්‍රනාථ වූ සර්‍වඥයන් වහන්සේ සමග මහර්ෂී වූ කෙළසියදහසක් රහතුන් වහන්සේ මධුර වූ ආහාරයෙන් සන්තර්‍පණය කෙළෙමි.
Pali BJT11. සො’පි මං බුද්ධො ව්යාකාසි කොණ්ඩඤ්ඤො ලොකනායකො අපරිමෙය්යෙ ඉතො{1} කප්පෙ බුද්ධො ලොකෙ භවිස්සති.
Sinhala BJT11. ලෝකනායක වූ ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ද මෙයින් අපරිමේය කල්පයෙහි (මේ තෙමේ) ලොවැ බුදුවන්නේ යයි මට විවරණ දුන් සේක.
Pali BJT12. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT12. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් මූ මනරම් නුවරින් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT13. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT13. තථාගත වූ බෝසත් අජපල් නම් රුක්මුලැ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙන්නේ ය–
Pali BJT14. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT14. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා ගංතෙර හිඳ පායාසය වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බොධිමූලයට පැමිණෙන්නාහ.
Pali BJT15. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT15. ඉක්බිති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසතු රුක්මුලැ හිඳ බුදුවන්නේ යැ.
Pali BJT16. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT16. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා වන්නී ය, පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගෞතම නම් වන්නේ ය–
Pali BJT17. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT17. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙමේ ඒ බුදුන් උපස්ථාන කරන්නේ යැ–
Pali BJT18. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT18. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහ, ඒ භාග්‍යවත්හු ගේ බෝධිය අස්සත්‍ථ යයි කියනු ලැබේ–
Pali BJT19. චිත්තො ච හත්ථාළවකො අග්ගාහෙස්සන්තුපට්ඨකා උත්තරා නන්දමාතා ච{2} අග්ගා හෙස්සන්තුපට්ඨිකා. ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍ර–උපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍ර– උපස්ථායිකා වන්නාහ, ඒ ගෞතම යශස්වීන්ට හවුරුදු සියයක් ආයු වන්නේ යයි.
Pali BJT20. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT20. අසම වූ ඒ කොණ්ඩඤ්ඤ මහර්ෂීන්ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.–
Pali BJT21. උක්කුට්ඨීසද්දා වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT21. ඔල්වරසන් පැවැත්වූහ, අත්පොළසන් දුන්හ, සිනහසුනාහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත වූවාහු කළ ඇඳිලි ඇති ව නමස්කාර කළහ.
Pali BJT22. යදිමස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT22. ඉදින් මේ ලෝකනාථයන් වහන්සේගේ ශාසනය වරදමෝ නම්, අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ–
Pali BJT23. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT23. යම්සේ නදියක් තරණය කරන මනුෂ්‍යයෝ හමුයෙහි වූ තොට වැරැදැ යට තොටෙහි ලා ගෙන මහානදිය තරණය කෙරෙත් ද–
Pali BJT24. එවමෙව මයං සබ්බෙ යදි මුඤ්චාමිමං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT24. එසෙයින් මැ ඇපි හැම දෙනමෝ මේ කොණ්ඩඤ්ඤ නම් බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ’යි.
Pali BJT25. තස්සාහං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං තමෙව අත්ථං සාධෙන්තො මහාරජ්ජං ජිනෙ අදං මහාරජ්ජං චජිත්වාන පබ්බජිං තස්ස සන්තිකෙ.
Sinhala BJT25. මම් ඒ බුදුන් ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි, එ මැ බුද්ධකාරකකාර්‍ත්‍ථය වූ දානපාරමිතාව සිද්ධ කරනුයෙම් (පුරනුයෙම්) සක්විතිරජය බුදුන් විෂයෙහි පිදුයෙමි. මහාරාජ්‍යය පරිත්‍යාග කොට ඔබ සමීපයෙහි පැවිදි වීමි.
Pali BJT26. සුත්තන්තං විනයඤ්චා’පි නවඞ්ගං සත්ථුසාසනං සබ්බං පරියාපුණිත්වාන සොභයිං ජිනසාසනං.
Sinhala BJT26. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ග ශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගාමාධිගමයෙන්) බුදුසසුන හෙබැවීමි.
Pali BJT27. තත්ථප්පමත්තො විහරන්තො නිසජ්ජට්ඨානචඞ්කමෙ අභිඤ්ඤාපාරමිං{1} ගන්ත්වා බ්රහ්මලොකමගච්ඡහං.
Sinhala BJT27. මම් ඒ බුදුසස්නෙහි හිඳීම් සිටීම් සක්මනෙහි ස්මෘති–අවිප්‍රවාස වැ වසනුයෙම් පඤ්චාභිඥයෙහි පරතෙරට පැමිණ (පිළිසඳ විසින්) බඹ ලොවට ගියෙමි.
Pali BJT28. නගරං රම්මවතී නාම සුනන්දො නාම ඛත්තියො සුජාතා නාම ජනිකා කොණ්ඩඤ්ඤස්ස මහෙසිනො.
Sinhala BJT28. කොණ්ඩඤ්ඤ නම් මහර්ෂීන් ගේ නගරය රම්මවතී නම් විය. සුනන්‍ද නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ සුජාතා නම් වූ ය.
Pali BJT29. දසවස්සසහස්සානි අගාරමජ්ඣ සො වසී සුචි සුරුචි සුභො ච තයො පාසාදමුත්තමා{2}
Sinhala BJT29. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) සුචි යැ සුරුචි යැ සුභ යැ යන උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
Pali BJT30. තීණි සතසහස්සානි නාරියො සමලඞ්කතා රුචිදෙවී නාම නාරී විජිතසෙනො නාම අත්රජො.
Sinhala BJT30. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තුන්ලක්‍ෂයක් වූහ, රුචිදේවී නම් අගබිසොවක් වූ ය, පුත්‍ර තෙමේ විජිතසේන නම් වී,
Pali BJT31. නිමිත්තෙ චතුරො දිස්වා රථයානෙන නික්ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT31. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ රථයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ, පිරිපුන් දසමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.
Pali BJT32. බ්රහ්මුනා යාචිතො සන්තො කොණ්ඩඤ්ඤෙ දීපදුත්තමො{3} වත්ති චක්කං මහාවීරො දෙවානං නගරුත්තමෙ.
Sinhala BJT32. මහත් වූ වීර්‍ය්‍යය ඇති කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනාලදහු දෙවියන්ගේ නගරවරයෙහි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT33. භද්දො චෙව සුභද්දො ච අහෙසුං අග්ගසාවකා අනුරුද්ධො නාමුපට්ඨාකො කොණ්ඩඤ්ඤස්ස මහෙසිනො.
Sinhala BJT33. කොණ්ඩඤ්ඤ නම් බුදුනට භද්‍ර ද සුභද්‍ර ද යන අග්‍රශ්‍රාවකයෝ වූහ. අනුරුද්ධ නම් (තෙර කෙනෙක්) උපස්ථායක වූහ.
Pali BJT34. තිස්සා ච උපතිස්සා ච අහෙසුං අග්ගසාවිකා සාලකල්යාණිකො බොධි කොණ්ඩඤ්ඤස්ස මහෙසිනො.
Sinhala BJT34. කොණ්ඩඤ්ඤ නම් බුදුනට තිස්සා ද උපතිස්සා ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. සල්කලණ නම් බෝධිවෘක්‍ෂයෙක් වී යැ.
Pali BJT35. සොණො ච උපසොණො ච අහෙසුං අග්ගුපට්ඨකා නන්දා චෙව සිරිමා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT35. සෝණ ද උපසොණ ද යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. නන්‍දා ද සිරිමා ද යන දෙදෙන අග්‍ර උපස්ථායිකා වූහ.
Pali BJT36. සො අට්ඨාසීති හත්ථානි අච්චුග්ගතො මහාමුනී සොභති{1} උළුරාජාව සුරියො මජ්ඣන්තිකෙ{2} යථා.
Sinhala BJT36. අටඅසූරියනක් උස්වූ ඒ මහාමුනීහු චන්‍ද්‍රයා සෙයින් ද මධ්‍යාහ්නසමයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද හොබිති.
Pali BJT37. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT37. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි. ඒ තාක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජන සමූහයා (සසරසයුරින්) තරණය කළහ.
Pali BJT38. ඛීණාසවෙහි විමලෙහි විචිත්තා ආසි මෙදිනී යථාහි ගගනං උළුහි එවං සො උපසොභථ.
Sinhala BJT38. පෘථිවි තොමෝ පහවූ රාගාදි මල ඇති රහතුන් කරණ කොට විචිත්‍ර වූ යැ. තාරකාවන්ගෙන් ගුවන්තලය යම්සේ හොබී නම් එසෙයින් උන් වහන්සේ ශෝභමාන වූහ.
Pali BJT39. තෙපි නාගා අප්පමෙය්යා අසංඛොභා දුරාසදා විජ්ජුපාතංච දස්සෙත්වා නිබ්බුතා තෙ මහායසා.
Sinhala BJT39. ගුණපමණ විසින් නො මිනිය හැකි ලෝදමින් නො කැළැඹෙන මෙරමා විසින් අභිභවනය නො කට හැකි වූ මහායශස් ඇති ඒ ක්‍ෂීණාස්‍රවයෝ ද විදුලිය හෙළීමක් මෙන් දක්වා පිරිනිවියාහ.
Pali BJT40. සා ච අතුලියා ජිනස්ස ඉද්ධිඤාණපරිභාවිතො ච සමාධි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා’ති.
Sinhala BJT40. බුදුන්ගේ ඒ අතුල්‍ය වූ ඍද්ධිය ද ඥානයෙන් පරිභාවිත (වඩනාලද) වූ සමාධිය ද යන සියල්ල අතුරුදහන් විය. හැම සංස්කාරයෝ සිස් වූවාහු නො.
Pali BJT41. කොණ්ඩඤ්ඤො පවරො බුද්ධො චන්දාරාමම්හි නිබ්බුතො තත්ථෙව චෙතියො චිත්තො සත්තයොජනමුස්සිතො’ති.
Sinhala BJT41. උත්තම වූ කොණ්ඩඤ්ඤ නම් බුදුහු චන්‍දාරාමයෙහි දී පිරිනිවියහ. එහි මැ විසිතුරු සෑයෙක් සත් යොදුන් උස්කොට බඳවන ලද්දේ යි.
Pali BJTකොණ්ඩඤ්ඤ බුද්ධවංසො දුතියො.
Sinhala BJTදෙවැනි වූ කොණ්ඩඤ්ඤ බුද්ධවංශ යි.
Pali BJT3. මඞ්ගල බුද්ධවංසො
Sinhala BJT3. මඞ්ගල බුද්ධවංශය
Pali BJT1. කොණ්ඩඤ්ඤස්ස අපරෙන මඞ්ගලො නාම නායකො, තමං ලොකෙ නිහන්ත්වාන, ධම්මුක්ක’මභිධාරයි.{1}
Sinhala BJT1. කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුනට මෑත භාගයෙහි මඞ්ගල නම් බුදුහු ලොව අවිඅඳුර නසා දහම් නැමැති දඬවැටපහන දැරූහ.
Pali BJT2. අතුලා’සි{2} පභා තස්ස, ජිනෙහ’ඤ්ඤෙහි උත්තරිං, චන්ද සුරියප්පභං{3} හන්ත්වා දස සහස්සී විරොචති.{4}
Sinhala BJT2. අන් බුදුවරුන් කෙරෙන් අධිකව ඒ මඞ්ගල බුදුන්ගේ අසදෘස වූ ප්‍රභායෙක් විය. සඳහිරු කැලුම් නසා දසදහසක් සක්වළ බැබැළවී.
Pali BJT3. සො’පි බුද්ධො පකාසෙසි, චතුරො සච්චවරුත්තමෙ{5} තෙ තෙ සච්ච රසං පීත්වා, විනොදෙන්ති මහාතමං.
Sinhala BJT3. ඒ බුදුහු ද ඉතා උතුම් සතර සත්‍යයන් ප්‍රකාශ කළ සේක. දිව්‍යමනුෂ්‍යාදි ඒ ඒ සත්ත්‍වයෝ සත්‍යරසය පානය කොට අවිද්‍යාන්‍ධකාරය දුරු කෙරෙති.
Pali BJT4. පත්වාන බොධි’මතුලං, පඨමෙ ධම්මදෙසනෙ, කොටිසතසහස්සානං, පඨමා’භිසමයො{6} අහු.
Sinhala BJT4. අතුල වූ සම්බෝධියට පැමිණ කළ ප්‍රථම ධර්‍මදේශනායෙහි දී කෙළලක්‍ෂයක් සත්ත්‍වයනට ප්‍රථමාභිසමය වී යැ.
Pali BJT5. සුරින්දදෙවභවනෙ බුද්ධො ධම්මමදෙසයි,{7} නවකොටිසහස්සානං,{8} දුතියා’භිසමයො අහු.
Sinhala BJT5. සර්‍වඥයන් වහන්සේ ශක්‍රභවනයෙහි දී දහම් දෙසූසේක. නවකෙළදහසක් ප්‍රාණීන්ට දෙවැනි වූ ධර්‍මාභිසමය වී යැ.
Pali BJT6. යදා සුනන්දො චක්කවත්ති, සම්බුද්ධං උපසඞ්කමි, තදා අහනි සම්බුද්ධො, ධම්මභෙරිං වරුත්තමං.{9}
Sinhala BJT6. යම් කලෙක සුනන්‍ද නම් සක්විති රජ සම්බුදුන් කරා එළඹියේ ද එකල්හි සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ දහම්බෙරය පහළාහ.
Pali BJT7. සුනන්දස්සා’නුචරා ජනතා, තදා’සුං නවුතිකොටියො, සබ්බෙ’පි තෙ නිරවසෙසා, අහෙසුං එහිභික්ඛුකා.
Sinhala BJT7. එකල්හි සුනන්‍ද සක්විතිහට පරිවාරජනතාව අනූදහසක් විය. එ හැමදෙන නිරවශේෂ වැ ඒහිභික්‍ෂූ වූහ.
Pali BJT8. සන්නිපාතා තයො ආසුං, මඞ්ගලස්ස මහෙසිනො, කොටිසත සහස්සානං, පඨමො ආසි සමාගමො.
Sinhala BJT8. මඞ්ගල සම්මාසම්බුදුනට ශ්‍රාවකසන්නිපාතයෝ තිදෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සන්නිපාතය විය.
Pali BJT9. දුතියො කොටිසහස්සානං, තතියො නවුති කොටිනං, ඛීණාසවානං විමලානං, තදා ආසි සමාගමො.
Sinhala BJT9. ද්වීතිය සන්නිපාතය කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ද තෘතීය සන්නිපාතය අනූකෝටියක් ශ්‍රාවකයන්ගේ දැ යි එකල්හි පහවූ රාගාදිමල ඇති රහතුන්ගේ සමාගමය වී යැ.
Pali BJT10. අහං තෙන සමයෙන සුරුචී නාම බ්රාහ්මණො, අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ.
Sinhala BJT10. එසමයෙහි මම් සුරුචි නම් බ්‍රාහ්මණ වැ මන්ත්‍ර හදාරවනුයෙම් මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූයෙම් වීමි.
Pali BJT11. තමහං උපසඞ්කම්ම, සරණං ගන්ත්වාන සත්ථුනො, සම්බුද්ධපමුඛං සඞ්ඝං ගන්ධමාලෙන පූජයිං පූජෙත්වා ගන්ධමාලෙන ගවපානෙන තප්පයිං.
Sinhala BJT11. මම් ඒ මඞ්ගල බුදුන් කරා එළැඹ බුදුන් සරණ ගොස් බුදුපාමොක් මහසඟන ගඳින් මලින් පිදුයෙමි. ගඳින් මලින් පුදා ගවපාන භොජනයෙන් සැතැපීමි.
Pali BJT12. සො’පි මං බුද්ධො ව්යාකාසි මඞ්ගලො දිපදුත්තමො අපරිමෙය්යෙ ඉතො{1} කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT12. ද්වීපදෝත්තම වූ ඒ මඞ්ගල බුදුහු ද මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙම බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළහ.
Pali BJT13. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.{2}
Sinhala BJT13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT14. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.
Pali BJT15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතු බෝරුක වෙත එළැඹෙයි.
Pali BJT16. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.
Pali BJT17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
Pali BJT18. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT18. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.
Pali BJT19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො, අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT19. ඛේමා ද උප්පලවණ්ණා ද යන දෙදෙන අග්‍රශාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්ද මාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස, ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අගඋවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධ බීජඞ්කුරො අයං.
Sinhala BJT21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
Pali BJT22. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති{1} හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දස්සසහස්සී සදෙවකා.
Sinhala BJT22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැසියෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
Pali BJT23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්පි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති{2} මහානදිං.
Sinhala BJT24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු නම් ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරදැයට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වම්හ යි.
Pali BJT26. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං{2} වතමධිට්ඨාසිං දස පාරමි පූරියා.
Sinhala BJT26. මම් ඒ බුදුන්ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය (පාරමී) අධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT27. තදා පීති{3} මනුබ්රූහන්තො සම්බොධිවර පත්තියා බුද්ධෙ දත්වාන මං ගෙහං පබ්බජිං{4} තස්ස සන්තිකෙ.
Sinhala BJT27. එකල්හි උතුම් වූ බුද්ධත්‍වයට පැමිණෙනු පිණිස ප්‍රීති වර්ධනය කෙරෙමින් මාගේ ගෘහය බුදුන් කෙරෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
Pali BJT28. සුත්තන්තං විනයඤ්චා’පි නවඞ්ගං සත්ථුසාසනං සබ්බං පරියාපුණිත්වාන{5} සොභයිං{6} ජිනසාසනං.
Sinhala BJT28. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ගශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගමාධිගමයෙන) බුදුසසුන හෙබැවීමි.
Pali BJT29. තත්ථප්පමත්තො විහරන්තො බ්රහ්මං භාවෙත්ව{7} භාවනං අභිඤ්ඤා පාරමිං ගන්ත්වා බ්රහ්මලොකමගච්ඡහං.{8}
Sinhala BJT29. මම් ඒ බුදුසසුන්හි අප්‍රමාද වැ වාසය කරන්නෙම් බ්‍රහ්මවිහාර භාවනා වඩා අභිඤාපාරයට ගොස් බඹලොවට ගියෙමි.
Pali BJT30. නගරං උත්තරං නාම{9} උත්තරො නාම ඛත්තියො, උත්තරා නාම ජනිකා මඞ්ගලස්ස මහෙසිනො.
Sinhala BJT30. මඞ්ගල නම් මහර්ෂීන්ගේ නගරය උත්තර නම් විය උත්තර නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ උත්තරා නම් වූ යැ.
Pali BJT31. නව වස්සසහස්සානි අගාර මජ්ඣෙ සො වසි යසවා සුචිමා සිරිමා’ තයො පාසාදමුත්තමා.
Sinhala BJT31. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) යසවත් යැ ශුචිමත් යැ ශ්‍රීමත් යැ යි උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
Pali BJT32. සමතිංස සහස්සානි’ නාරියො සමලඞ්කතා යසවතී නාම නාරී සීවලො නාම අත්රජො.
Sinhala BJT32. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තිස් දහසක් වූහ. යසවතී නම් අගබිසොවක් වූ යැ. පුත්‍ර තෙමේ සීවල නම් වී.
Pali BJT33. නිමිත්තෙ චතුරො දිස්වා අස්ස යානෙන නික්ඛමි, අනූනකං අට්ඨමාසං{1} පධානං පදහී ජිනො.
Sinhala BJT33. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ අශ්වයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ. පිරිපුන් අටමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.
Pali BJT34. බ්රහ්මුනා යාචිතො සත්තො මඞ්ගලො ලොකනායකො{2} වත්ති චක්කං මහාවීරො වනෙ සිරි වරුත්තමෙ.
Sinhala BJT34. මහත් වූ වීර්‍ය්‍ය ඇති මඞ්ගල නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ ශ්‍රීවනයෙහි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT35. සුදෙවො ධම්මසෙනො ච අහෙසුං අග්ගසාවකා, පාලිතො නාමුපට්ඨාකො මඞ්ගලස්ස මහෙසිනො.
Sinhala BJT35. මහර්ෂීවූ මඞ්ගල නම් බුදුන්ට සුදේව යැ ධර්‍මසේන යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. පාලිත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT36. සීවලා{3} ච අසොකා ච අහෙසුං අග්ගසාවිකා, බොධි තස්ස භගවතො නාගරුක්ඛොති වුච්චති.
Sinhala BJT36. සීවලා යැ අශෝකා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය නාගවෘක්‍ෂයෙකැ’යි කියනු ලැබේ.
Pali BJT37. නන්දො චෙව විසාඛො{4} ච අහෙසුං අග්ගු’පට්ඨකා, අනුලා චෙව සුතනා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT37. නන්‍ද යැ විශාඛා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. අනුලා යැ සුතනා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
Pali BJT38. අට්ඨාසීති රතනානි අච්චුග්ගතො මහාමුනී, තතො නිද්ධාවන්ති{5} රංසී අනෙකසතසහස්සියො.
Sinhala BJT38. ඒ මහාමුනීහු අටඅසූරියනක් උස් වූහ. ඒ බුදුන් කෙරෙන් නොයෙක් සුවහස් ගණන් රශ්මීහු නික්මෙත්.
Pali BJT39. නවුතිවස්සසහස්සානි{6} ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT39. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි ඒ තාක් කල් සිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහය (සසරින්) තරණය කළහ.
Pali BJT40. යථා’පි සාගරෙ ඌමි න සක්කා තා ගණෙතුයෙ, තථෙ’ව සාවකා තස්ස න සක්කා තෙ ගණෙතුයෙ.
Sinhala BJT40. යම්සේ සාගරයෙහි තරඞ්ගයෝ ගණනට නො හැක්කාහු ද එසෙයින් මැ උන්වහන්සේ ගේ ශ්‍රාවකයෝ ගණනට නො හැක්කාහ.
Pali BJT41. යාව අට්ඨාසි{7} සම්බුද්ධො මඞ්ගලො ලොකනායකො, න තස්ස සාසනෙ අත්ථි සංකිලෙස{8} මරණං තදා.
Sinhala BJT41. ලෝකනායක වූ මඞ්ගල නම් සම්මා සම්බුදුහු යම්තාක් සිටියාහු ද එකල්හි ඔබගේ සංක්ලේශමරණයෙක් නැති.
Pali BJT42. ධම්මුක්කං{9} ධාරයිත්වාන සන්තාරෙත්වා මහාජනං, ජලිත්වා{10} ධුමකෙතූව නිබ්බුතො සො මහායසො.{11}
Sinhala BJT42. මහායශස් ඇති ඒ සම්මා සම්බුදු දහම් නැමැති දඬුවැටපහන ධරා මහදනා සසරින් තරණය කරවා දුම්කෙහෙල්ලක් සෙයින් දිලියී පිරිනිවියහ.
Pali BJT43. සඞ්ඛාරානං සහාවන්තං දස්සයිත්වා සදෙවකෙ, ජලිත්වා අග්ගික්ඛන්ධො’ව සුරියො අත්ථංගතො යථා.
Sinhala BJT43. සංස්කාරයන්ගේ ස්වභාවය දෙවියන් සහිත ලෝවැසියාට දක්වා ගිනිකඳක් සෙයින් දිලියී අස්තඞ්ගතසූර්‍ය්‍යයා සෙයින්–
Pali BJT44. උය්යානෙ වෙස්සරෙ{12} නාම බුද්ධො නිබ්බායි මඞ්ගලො, තත්ථෙ’ව තස්ස ජිනථූපො තිංස යොජනමුග්ගතො’ති.
Sinhala BJT44. වෙස්සර නම් උයන්හි දී මඞ්ගල බුදුහු පිරිනිවියහ. එහි මැ (බඳවනලද) ඒ බුදුන්ගේ ස්තූපය තිස් යොදුනක් උස් වූයේ යි.
Pali BJTමඞ්ගල බුද්ධවංසො තතියො.
Sinhala BJTතුන්වැනි වූ මඞ්ගල බුද්ධවංශ යි.
Pali BJT4. සුමන බුද්ධවංසො
Sinhala BJT4. සුමන බුද්ධවංශය