Buddhavaṁsa

Chronicle of the Buddhas

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1373 න් 1373

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT42. වීසතිවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT42. ඒ මහර්ෂීන්ට විසිවාදහසක් ආයු විය. ඒ බුදුහු එතෙක් කල් වැඩසිටිමින් බොහෝ ජනතාව සසරින් තැරැවූහ.
Pali BJT43. ධම්මතළාකං මාපෙත්වා සීලං දත්වා විලෙපනං ධම්මදුස්සං නිවාසෙත්වා ධම්මමාලං විභජ්ජිය{1}
Sinhala BJT43. දහම් නමැති විල් මවා සිල් මැ විලෙවුන් දී (හිරිඔතප්) දහම් මැ සළු හඳවා (සත්තිස්බෝධිපාක්‍ෂික) දහම් මැ මල්දම් රචනා කොට–
Pali BJT44. ධම්මවිමලමාදාසං ඨපයිත්වා මහාජනෙ කෙචි නිබ්බානං පත්ථෙන්තා පස්සන්තු මෙ අලඞ්කරං.
Sinhala BJT44. ‘නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දක්වනලද අලඞ්කාරය දකිත්ව’යි මහජනයාට දහම්මුවා කැටපත පිහිටුවා–
Pali BJT45. සීලකඤ්චුකං දත්වාන ඣානකවචවම්මිතං{2} ධම්මචම්මං පාරුපිත්වා දත්වා සන්තාහ’මුත්තමං.
Sinhala BJT45. සිල් නැමැති කස්ස (සැට්ටය) පෙරෙවා ධ්‍යාන නමැති කවචය බැඳ ස්මෘතිසම්‍යග් ඥාන සඞ්ඛ්‍යාත චර්‍මය පෙරෙවැ උතුම් වූ (චතුරඞ්ග සමන්‍වාගත වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සන්නාහය කොට–
Pali BJT46. සතිඵලකං දත්වාන තිඛිණං ඤාණකුන්තිමං ධම්මඛග්ගවරං දත්වා සීලං{3} සංසග්ගමද්දනං
Sinhala BJT46. සිහි නමැති ඵලකායුධය ද තියුණු වූ විදර්‍ශනාඥාන නමැති කුන්තායුධය ද දී ක්ලෙසසසර්‍ග මර්දනය කරන ලෝකෝත්තරශීලය වූ මාර්‍ගප්‍රඥා සඞ්ඛ්‍යාත උත්තමඛඞ්ගය දී–
Pali BJT47. තෙවිජ්ජ{1} භූසනං දත්වා ආවෙලං චතුරො ඵලෙ ඡළභිඤ්ඤාභරණං දත්වා ධම්මපුප්ඵිපිලන්ධනං.
Sinhala BJT47. ත්‍රිවිද්‍යාමය අලඞ්කරණ දී සතර ඵලයන් වටංසක කොට ෂඩ්අභිඥා නමැති ආභරණ දී නවලොවුතුරු දහම් නමැති මල් පළඳනා කොට.
Pali BJT48. සද්ධම්මපණ්ඩරච්ඡත්තං{2} දත්වා පාපනිවාරණං මාපයිත්වා’භයං{3} පුප්ඵං නිබ්බුතො සො සාවකො.
Sinhala BJT48. පව් වළහන සදහම් නමැති සේසත් දී අභයපුරයට යන සුලු අෂ්ටාඞ්ගමාර්‍ග පුෂ්ප මවා ඒ කාශ්‍යප බුදුහු ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
Pali BJT49. එසො හි සම්මා සම්බුද්ධො අප්පමෙය්යො දුරාසදො එසොහි ධම්මරතනො ස්වාක්ඛාතො එහිපස්සිකො.
Sinhala BJT49. පමණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සම්‍යක්සම්බුදුහු තුලුහු මැ යැ ස්වාඛ්‍යාත වූ ‘එව බලව’යි කීමට නිසි වූ දහම්රුවන් එ මැ වෙයි.
Pali BJT50. එසො හි සඞ්ඝරතනො සුප්පටිපන්නො අනුත්තරො සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT50. අනුත්තර වූ සුපිළිපන් වූ සඟුරුවන එ මැ වෙයි. එ හැම අතුරුදහන්වී. හැම සංස්කාරයෝ තුච්ඡ නො ද?
Pali BJT51. සො කස්සපො ජිනවරො සත්ථා සෙත්යාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ජිනථූපො යොජනුබ්බෙධමුග්ගතො’ති.
Sinhala BJT51. ජිනෝත්තම වූ ඒ කාශ්‍යප බුදුහු සේතව්‍යාරාමයෙහි පිරිනිවියහ, එහි මැ එබුදුන්ගේ ජිනථූපය යොදුනක් උස් කොට බඳවන ලද යයි.
Pali BJTකස්සප බුද්ධවංසො චතුවීසතිමො.
Sinhala BJTසූවිසි වන කාශ්‍යප බුද්ධවංශ යි.
Pali BJT25. ගොතම බුද්ධවංසො
Sinhala BJT25. ගෞතම බුද්ධවංශය
Pali BJT1. අහමෙ’තරහි සම්බුද්ධො{1} ගොතමො සක්යවඩ්ඪනො{2} පධානං පදහිත්වාන පත්තො සම්බොධිමු’ත්තමං.
Sinhala BJT1. මෙ දවස ශාක්‍යකුල වඩනා ගෞතම නම් සම්බුදු වූ මම් ප්‍රධන්වීර්‍ය්‍ය කොට උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT2. බ්රහ්මුනා යාචිතො සන්තො ධම්මචක්කං පවත්තයිං අට්ඨාරසන්නං කොටීනං පඨමා’භි සමයො අහු.
Sinhala BJT2. මහබඹහු විසින් අයදනාලදුයෙම් දම්සක් පැවැත් වීමි. අටළොස් කෙළක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.
Pali BJT3. තතො පරඤ්ච දෙසෙන්තෙ නරමරූනං{3} සමාගමෙ ගණනාය න වත්තබ්බො දුතියා’භි සමයො අහු.
Sinhala BJT3. ඉන් මෑතභාගයෙහිදු දිව්‍යමනුෂ්‍යසමාගමයෙහි (මඞ්ගලසූත්‍රය) දේශනා කරන කල්හි ගණනින් නො කියයුතු දෙව්මිනිස් කෙනෙකුන්ට දෙවැනි ධර්‍මාවබෝධය වී.
Pali BJT4. ඉධෙවා’හං එතරහි ඔවදිං මම{4} අත්රජං ගණනාය න වත්තබ්බො තතියා’භි සමයො අහු.
Sinhala BJT4. මෙ දවස මම් මෙහි මැ මාගේ පුත්‍ර (රාහුල) හට අවවාද කෙළෙම් ද, එකල්හි ගණනින් නො කියයුතු සත්ත්‍ව කෙනකුන්ට තුන්වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT5. එකො’ව{5} සන්නිපාතො මෙ සාවකානං මහෙසිනං අඩ්ඪතෙළසසතානං භික්ඛුනාසි සමාගමො.
Sinhala BJT5. මට එක් මැ ශ්‍රාවකසන්නිපාතයෙක් වී, මහර්ෂි වූ අඩතෙළෙස්සියක් ශ්‍රාවකභික්‍ෂූන්ගේ සමාගමය වී.
Pali BJT6. විරොචමානො විමලො භික්ඛුසඞ්ඝස්ස මජ්ඣගො දදාමී පත්ථිතං සබ්බං මණී’ව සබ්බකාමදො.
Sinhala BJT6. බුද්ධශ්‍රීන් දීප්ත වූ විගතරාගාදිමල ඇති මම් භික්‍ෂුසඞ්ඝයාමධ්‍යයට පැමිණියෙම් සියලු කැමැති සැපත් එළවා සිතුමිණිරුවනක් සෙයින් පැතූ හැම ලොවිලොවුතුරා සුවවෙසෙස් දෙමි.
Pali BJT7. ඵලමා’කඞ්ඛමානානං භවච්ඡන්දජහෙසිනං චතුසච්චං පකාසෙමි{6} අනුකම්පාය පාණිනං.
Sinhala BJT7. ස්‍රොතාපන්නා දි චතුර්විධ ඵලය කැමැති වන්නා වූ භවතෘෂ්ණා හරනා කැමැති සත්නට අනුකම්පායෙන් සිව්සස් ප්‍රකාශ කෙරෙමි.
Pali BJT8. දසවීසසහස්සානං ධම්මාභිසමයො අහු එකද්වින්නං අභිසමයො ගණනාතො අසඞ්ඛියො.
Sinhala BJT8. තිස්දහසක් සත්නට ධර්‍මාභිසමය විය. එක් දෙදෙනකුන් ආදීන්ගේ වශයෙන් අභිසමය ගණනින් අසඞ්ඛ්‍ය වී.
Pali BJT9. විත්ථාරිකං බාහුජඤ්ඤං{7} ඉද්ධං ඵීතං සුඵුල්ලිතං ඉධ මය්හං සක්යමුනිනො සාසනං සුවිසොධිතං
Sinhala BJT9. මෙකල්හි ශාක්‍යමුනි වූ මාවිසින් මොනොවට පවිත්‍ර කළ සස්න (දෙවිමිනිසුන් කෙරෙහි) පැතුරුණේ බොහෝදෙනා කෙරෙහි ප්‍රසිද්ධ වූයේ සමෘද්ධ වූයේ පරිපූණ වූයේ හටගත් මහඵල කුසුම් ඇත්තේ වී.
Pali BJT10. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා භික්ඛූ’නෙක සතා සබ්බෙ පරිවාරෙන්ති මං සදා
Sinhala BJT10. සියල්ලෝ අනාස්‍රව වූ පහවූ රාග ඇති ශාන්ත සිත් ඇති සමාධියට පැමිණි නොයෙක් සියගණන් භික්‍ෂූහු හැම කල්හි මා පිරිවරා සිටිති.
Pali BJT11. ඉදානි යෙ එතරහි ජහන්ති-මානුසං භවං අප්පත්තමානසා සෙඛා තෙ භික්ඛු විඤ්ඤූගරහිතා
Sinhala BJT11. දැන් මෙකල්හි රහත්ඵලයට නො පැමිණි සිත් ඇති ශෛක්‍ෂ වූ යම් කෙනෙක් මනුෂ්‍ය භවය හරනාහු ද, ඒ භික්‍ෂූහු නුවණැතියන් විසින් ගරහන ලද්දාහ.
Pali BJT12. අරියඤ්ජසං ථොමයන්තා සදා ධම්මරතා ජනා බුජ්ඣිස්සන්ති සතිමන්තො සංසාරසරිතා නරා.
Sinhala BJT12. හැම කල්හි දහම්හි ඇලුණු ජනයෝ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය පසස්නාහු සිවුසස් ප්‍රතිවේධ කෙරෙති. ස්මෘතිමත් වූ ඒ මනුෂ්‍යයෝ සසරසයුර තරණය කෙරෙත්.
Pali BJT13. නගරං කපිලවත්ථු මෙ රාජා සුද්ධොදනො පිතා මය්හං ජනෙත්තිකා මාතා මායා දෙවී’ති වුච්චති.
Sinhala BJT13. මාගේ නගරය කපිලවාස්තු නමැ, පිය තෙමේ සුදොවුන්රජ යැ. මාගේ ජනිකා වූ මවු තොමෝ මායා දේවී නමැ’යි කියනු ලැබේ.
Pali BJT14. එකූනතිංස වස්සානි අගාරමජ්ඣහං වසිං රම්මො සුරම්මො සුභකො{1} තයො පාසාද මුත්තමා.
Sinhala BJT14. මම් එකුන්තිස්වසක් ගිහිගෙයි වාසය කෙළෙමි. රම්ම යැ සුරම්ම යැ සුභ යැ යන උතුම් වූ තුන්පහයෙක් වී.
Pali BJT15. චත්තාරීස සහස්සානි නාරියො සමලඞ්කතා භද්දකච්චානා{2} නාම නාරී රාහුලො නාම අත්රජො.
Sinhala BJT15. මොනවට සැරැහුණු සතලිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. භද්දකච්චනා නම් ස්ත්‍රිය අගමෙහෙසුන් වී. පුත්‍ර තෙමේ රාහුල නම් වී.
Pali BJT16. නිමිත්තෙ චතුරො දිස්වා අස්සයානෙන නික්ඛමිං ඡබ්බස්සං පධානචාරං අචරිං දුක්කරං අහං.
Sinhala BJT16. සතර පෙර නිමිති දැක අශ්වයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කෙළෙමි. මම් සවසක් දුෂ්කර වූ ප්‍රධන්වීර්‍ය්‍ය කෙළෙමි.
Pali BJT17. බාරාණසියං ඉසිපතනෙ ජිනචක්කං පවත්තිතං{3} අහං ගොතම සම්බුද්ධො සරණො{4} සබ්බපාණිනං.
Sinhala BJT17. මවිසින් බරණැසැ ඉසිපතන්හි දී දම්සක් පවත්වන ලද්දේ යැ. ගෞතම බුද්ධ නම් වූ මම හැම සත්නට සරණ වෙමි.
Pali BJT18. කොලිතො උපතිස්සො ච ද්වෙ භික්ඛු අග්ගසාවකා ආනන්දො නාමු’පට්ඨාකො සන්තිකාවචරො මම.
Sinhala BJT18. කෝලිත යැ උපතිස්ස යැ යන භික්‍ෂූහු දෙදෙන අගසව් වෙති. මාගේ සන්තිකා වචර වූ උපස්ථායක තෙමේ ආනන්‍ද නම් වෙයි.
Pali BJT19. ඛෙමා උප්පලවණ්ණා ච භික්ඛුනී අග්ග සාවිකා චිත්තො ච හත්ථාළවකො අග්ගුපට්ඨාකු’පාසකා.
Sinhala BJT19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන භික්‍ෂුණීහු අගසැවි වෙති. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වෙති.
Pali BJT20. උත්තරා නන්දමාතා ච අග්ගුපට්ඨීකු’පාසිකා අහං අස්සත්ථමූලම්හි පත්තො සම්බොධි මුත්තමං.
Sinhala BJT20. උත්තරා යැ නන්‍දමාතා යැ යන අගඋවටු උවැසියෝ වෙත්. මම් ඇසැතුබෝමුල්හි හිඳ උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT21. බ්යාමප්පභා සදා මය්හං සොළසහත්ථමුග්ගතා{5} අප්පං වස්සසතං ආයු ඉදානෙ’තරහි විජ්ජති තාවතා තිට්ඨමානො’හං තාරෙමි ජනතං බහුං.
Sinhala BJT21. හැම කල්හි මාගේ ව්‍යාමප්‍රභාව සොළොස්රියන් උස්වැ නැඟිණ. දැන් මෙකල්හි අල්ප වූ වර්‍ෂ සියයෙක් ආයු පවත්නේ යි. එතෙක් කල් සිටිනා වූ මම් බොහෝ ජනතාව තරවමි.
Pali BJT22. ඨපයිත්වාන ධම්මුක්කං{1} පච්ඡිමං ජනබොධනං අහ’ම්පි{2}න චිරස්සෙව සද්ධිං සාවකසඞ්ඝතො ඉධෙ’ව පරිනිබ්බිස්සං අග්ගී’වාහාරසඞ්ඛයා.
Sinhala BJT22. පශ්චිමජනතාව ප්‍රබෝධ කරන දහම් නමැති දඬුවැටපහන තබා මම් ද ශ්‍රාවක සඞ්ඝයා සමග නොබෝ කලකින් මැ ඉන්‍ධන ක්‍ෂයෙන් ගින්නක් සෙයින් මෙහි මැ පිරිනිවෙන්නෙමි.
Pali BJT23. තානි ච අතුලතෙජානි ඉමානි ච දසබලානි ඉද්ධියො{3} අයං ච ගුණධරවරදෙහො{4} ද්වත්තිංස ලක්ඛණවිචිත්තො{5}.
Sinhala BJT23. ඒ අතුල්‍ය වූ තේජස්හු ද මේ දශවිධ කායබලයෝ ද ඍද්ධීහු ද දෙතිස් මහපුරිස් ලකුණින් ගැවැසිගත් මේ උතුම් වූ ගුණධර දේහය ද යන–
Pali BJT24. දස දිසා පභාසෙත්වා සතරංසී’ව ජප්පභා සබ්බා සමන්තරහෙස්සන්ති නනු රිත්තා සබ්බසඞ්ඛාරා’ති.
Sinhala BJT24. හිරුහු දසදිගුන් සෙයින් සවනක්රසින් (ලොව) හෙළි කොට උක්තප්‍රකාර වූ සියල්ලෝ අතුරුදහන් වන්නාහ. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු? යි.
Pali BJTගොතම බුද්ධවංසො පඤ්චවීසතිමො.
Sinhala BJTපස්විසිවැනි ගෞතම බුද්ධවංශය යි.
Pali BJTබුද්ධපකිණ්ණක කණ්ඩො
Sinhala BJTබුද්ධ ප්‍රකීර්‍ණක කාණ්ඩය
Pali BJT1. අපරිමෙය්යෙ ඉතො කප්පෙ චතුරො ආසුං විනායකා තණ්හඞ්කරො මෙධඞ්කරො අථො’පි සරණඞ්කරො දීපඞ්කරො ච සම්බුද්ධො එකකප්පම්හි තෙ ජිනා.
Sinhala BJT1. මෙයින් පෙර අප්‍රමේය කල්පයෙහි තණ්හඞ්කර යැ මේධඞ්කර යැ යළි සරණඞ්කර යැ දීපඞ්කර යැ යන ඒ පස්මරුන් දිනූ සතර බුදුවරයෝ වූහ.
Pali BJT2. දීපඞ්කරස්ස අපරෙන කොණ්ඩඤ්ඤො නාම නායකො එකො’ව එක කප්පම්හි තාරෙසි ජනතං බහුං.
Sinhala BJT2. දීපඞ්කරබුදුන්ට මෑත භාගයෙහි කෞණ්ඩින්‍ය නම් වූ එක් මැ ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවූ සේක.
Pali BJT3. දීපඞ්කරස්ස භගවතො කොණ්ඩඤ්ඤස්ස ච සත්ථුනො එතෙසං අන්තරා කප්පා ගණනාතො අසඞ්ඛියා.
Sinhala BJT3. දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේට ද කෞණ්ඩින්‍ය ශාස්තෲන් වහන්සේට ද යන මේ බුදුවරයන්ට අතුරු කල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
Pali BJT4. කොණ්ඩඤ්ඤස්ස අපරෙන මඞ්ගලො නාම නායකො තෙසම්පි අන්තරා කප්පා ගණනාතො අසඞ්ඛියා.
Sinhala BJT4. කොණ්ඩඤ්ඤ බුදුන්ට මෑතභාගයෙහි මඞ්ගල නම් ලෝකනායකයන්වහන්සේ ලොවැ පහළ වූහ. ඒ බුදුවරයන්ට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
Pali BJT5. මඞ්ගලො ච සුමනො ච රෙවතො සොභිතො මුනි තෙපි බුද්ධා එක කප්පෙ චක්ඛුමන්තො පභඞ්කරා.
Sinhala BJT5. මඞ්ගල යැ සුමන යැ රේවත යැ සෝභිත යැ යන චක්‍ෂුර්මත් වූ ප්‍රභාකර වූ ඒ බුදුවරයෝ ද එක් කපෙකැ පහළ වූහ.
Pali BJT6. සොභිතස්ස අපරෙන අනොමදස්සී මහායසො තෙසම්පි අන්තරා කප්පා ගණනාතො අසඞ්ඛියා.
Sinhala BJT6. සෝභිත නම් බුදුන්ට මෑත භාගයෙහි මහායශස්ක වූ අනෝමදස්සී නම් බුදුහු ලො වැ පහළ වූහ. ඒ බුදුවරයනට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
Pali BJT7. අනොමදස්සී පදුමො නාරදො චා’පි නායකො තෙ’ පි බුද්ධා එකකප්පෙ තමන්තකාරකා මුනී.
Sinhala BJT7. අනවමදර්ශී යැ පදුම යැ නාරද යැ යන ලෝකනායක වූ කෙලෙස් අඳුරු දුරු කළ ඒ තුන් බුද්ධමුනිහු ද එක් කපෙකැ පහළ වූහ.
Pali BJT8. නාරදස්ස අපරෙන පදුමුත්තරො නාම නායකො එකකප්පම්හි උප්පන්නො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT8. නාරද බුදුන්ට මෑත භාගයෙහි පදුමුත්තර නම් ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ උපන්සේක් බොහෝ ජනතාව සසරින් තැරැවූහ.
Pali BJT9. නාරදස්ස භගවතො පදුමුත්තරස්ස සත්ථුනො තෙසම්පි අන්තරා කප්පා ගණනාතො අසඞ්ඛියා.
Sinhala BJT9. නාරද භාග්‍යවතුන් වහන්සේට ද පදුමුත්තර ශාස්තෲන් වහන්සේට ද යන ඒ බුදුවරයන්ට අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
Pali BJT10. කප්පසතසහස්සම්හි එකො ආසි මහාමුනි පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො.
Sinhala BJT10. මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ආගන්තුකසත්කාරයන් පිළි ගන්නා වූ මහාමුනි වූ පදුමුත්තර නම් එක් සර්‍වඥ කෙනෙක් පහළ වූහ.
Pali BJT11. තිංසකප්පසහස්සම්හි දුවෙ ආසුං විනායකා සුමෙධො ච සුජාතො ච ඔරතො පදුමුත්තරා{1}.
Sinhala BJT11. මෙයින් පෙර තිස්දහස් වන කල්පයෙහි පියුමතුරා බුදුන්ට මෑත භාගයෙහි සුමේධ යැ. සුජාත යැ යන බුදුවරයෝ දෙදෙනෙක් පහළ වූහ.
Pali BJT12. අට්ඨාරසෙ කප්පසතෙ තයො ආසුං විනායකා පියදස්සී අත්ථදස්සී ධම්මදස්සී ච නායකා ඔරතො{1} ච සුජාතස්ස සම්බුද්ධා ද්විපදුත්තමා.
Sinhala BJT12. සුජාත බුදුන්ට මෑතභාගයෙහි අටළොස් වන කප්සියෙහි පියදස්සී යැ අත්‍ථදස්සී යැ ධම්මදස්සී බුදුහු යැ යන සම්බුද්ධ වූ ද්විපදෝත්තම වූ තුන් විනායකයන් වහන්සේ ලොවැ පහළවූහ.
Pali BJT13. චතුනවුතෙ ඉතො කප්පෙ එකො ආසි මහාමුනි සිද්ධත්ථො සො ලොකවිදූ සල්ලකත්තො අනුත්තරො.
Sinhala BJT13. මෙයින් සිවුඅනූ වන කප්හි (කෙලෙස් ගඬ පැළීමෙහි) ශල්‍යකර්තෘ වූ අනුත්තර වූ ලෝකවිදූ වූ ඒ එක් මැ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු ලොවැ පහළවූහ.
Pali BJT14. ද්වෙනවුතෙ ඉතො කප්පෙ දුවෙ ආසුං විනායකා තිස්සො ඵුස්සො ච සම්බුද්ධො අස්මා අප්පටි පුග්ගලා.
Sinhala BJT14. මෙයින් දෙයානූවන කප්හි විනේදනන් විනයනය කරන තිස්ස යැ ඵුස්ස යැ යන අසම වූ අප්‍රතිපුද්ගල වූ සම්බුදුවරු දෙදෙනෙක් වූහ.
Pali BJT15. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො සො’පි බුද්ධො කාරුණිකො සත්තෙ මොචෙසි බන්ධනා.
Sinhala BJT15. මෙයින් එකානූවන කප්හි විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ ලොව පහළවූහ. කාරුණික වූ ඒ බුදුහු ද සත්ත්‍වයන් සංසාර බන්‍ධනයෙන් මුදාලූ සේක.
Pali BJT16. එකතිංසෙ ඉතො කප්පෙ දුවෙ ආසුං විනායකා සිඛී ච වෙස්සභූ චෙ’ව අස්මා අප්පටිපුග්ගලා.
Sinhala BJT16. මෙයින් එක්තිස් වන කප්හි විනායක වූ සිඛී යැ වෙස්සභූ යැ යන අසම වූ අප්‍රතිපුද්ගල වූ බුදුවරු දෙදෙනෙක් ලොවැ පහළ වූහ.
Pali BJT17. ඉමම්හි භද්දකෙ කප්පෙ තයො ආසුං විනායකා කකුසන්ධො{2} කොණාගමනො කස්සපො චා’පි නායකො අහ’මෙතරහි සම්බුද්ධො මෙත්තෙය්යො චා’පි හෙස්සති.
Sinhala BJT17. මේ මහාභද්‍රකල්පයෙහි කකුසන්‍ධ යැ කෝණාගමන යැ කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ යැ යි තුන් බුදු කෙනෙක් වූහ. මම් මෙකල්හි සම්බුද්ධයෙමි. අනාගතයෙහි මෛත්‍රෙය නම් බුදු කෙනෙක් ද ලොවැ පහළ වන්නාහ.
Pali BJT18. එතෙ’පි පඤ්ච සම්බුද්ධා{3} ධීරා ලොකානුකම්පකා එතෙසං ධම්මරාජූනං අඤ්ඤෙසං නෙක කොටිනං ආචික්ඛිත්වාන තං මග්ගං නිබ්බුතා තෙ සසාවකා’ති.
Sinhala BJT18. තෙල පස්බුදුවරු ද ධීරයහ, ලොවට අනුකම්පා ඇතියහ, උන් වහන්සේ මේ ධර්‍මරාජයන්ගේ ද අන්‍ය වූ නොයෙක් කෙළගණන් බුදුවරයන්ගේ ද ඒ නිර්‍ය්‍යාණමාර්‍ගය ප්‍රකාශ කොට ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ යි.
Pali BJTබුද්ධපකිණ්ණකකණ්ඩො නිට්ඨිතො.
Sinhala BJTබුද්ධප්‍රකීර්‍ණක කාණ්ඩය නිමියේ යි.
Pali BJTධාතුභාජනීය කථා
Sinhala BJTධාතුභාජනීය කථා
Pali BJT1. මහාගොතමො ජිනවරො කුසිනාරාය{1} නිබ්බුතො ධාතු විත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො.
Sinhala BJT1. (ශීලාදිගුණයෙන්) මහත් වූ ගෞතම නම් සර්‍වඥයන් වහන්සේ කුසිනාරා නගරයෙහි පිරිනිවියහ. (උන් වහන්සේගේ) ධාතූන් වහන්සේ ඒ ඒ පෙදෙස්හි පතළාහ.
Pali BJT2. එකො අජාතසත්තුස්ස එකො වෙසාලියාපුරෙ එකො කපිලවත්ථුම්හි එකො ච අල්ලකප්පකෙ.
Sinhala BJT2. එක් කොටසෙක් අජාතශත්‍රැගේ රාජධානියෙහි ද, එක් කොටසෙක් විසල්පුරයෙහි ද, එක් කොටසෙක් කිඹුල්වත්හි ද, එක් කොටසෙක් අල්ලකප්ප නම් රටෙහි ද–
Pali BJT3. එකො ච රාමගාමම්හි එකො ව වෙඨදීපකෙ එකො පාවෙය්යකෙ මල්ලෙ එකො ච කොසිනාරකෙ.
Sinhala BJT3. එක් කොටසෙක් රාමගම්හි ද, එක් කොටසෙක් වෙඨද්වීපයෙහි ද, එක් කොටසෙක් පාවානුවරවැසි මල්‍යයන් කෙරෙහි ද, එක් කොටසෙක් කුසිනාරා නුවරවැසි මල්‍යයන් කෙරෙහි ද වී.
Pali BJT4. කුම්භස්ස ථූපං කාරෙසි බ්රාහ්මණො දොණ සව්හයො අඞ්ගාරථූපං කාරෙසුං මොරියා තුට්ඨ මානසා.
Sinhala BJT4. ද්‍රෝණ නම් බමුණු තෙම කුම්භස්තූපයක් කරවී. මෞර්‍ය්‍යයෝ තුටුසිත් ඇතිවැ අඩ්ගාරචෛත්‍යයක් කරවූහ.
Pali BJT5. අට්ඨසාරීරිකා ථූපා නවමො කුම්භචෙතියො අඞ්ගාර ථූපො දසමො තදායෙව පතිට්ඨිතො.
Sinhala BJT5. ශාරීරිකස්ථූප අටෙකි. නවවැනි කුම්භස්තූපය ද දසවැනි අඞ්ගාරචෛත්‍යය ද එකල්හි මැ පිහිටියේ යැ.
Pali BJT6. එකා දාඨා තිදසපුරෙ එකා නාගපුරෙ අහු එකා ගන්ධාර විසයෙ එකා කාලිඞ්ගරාජිනො{a}
Sinhala BJT6. එක් දළදාවක් තිදස්පුරයෙහි ද එක් දළදාවක් නාගපුරයෙහි ද එක් දළදාවක් ගන්‍ධාරදේශයෙහි ද එක් දළදාවක් කලිඟුරජුගේ විජිතයෙහි ද වූ යැ.
Pali BJT7. චත්තාළීස සමාදන්තා කෙසා ලොමා ච සබ්බසො දෙවා හරිංසු එකෙකං චක්කවාළ පරම්පරා.
Sinhala BJT7. සමසතලිස් දන්තයෝ ද කෙස් ද ලොම් ද දෙවියෝ සක්වළ පරපුරින් සර්‍වප්‍රකාරයෙන් එකෙක විසින් ගෙන ගියහ.
Pali BJT8. මධුරායං භගවතො පත්තො දණ්ඩඤ්ච චීවරං නිවාසනං කුසඝරෙ පච්චත්ථරණං කපිලව්හයෙ.
Sinhala BJT8. භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රධාතු ද කොතුරුදඬු ද සිවුර ද මධුරායෙහි වෙයි, හඳනාසිවුර කුසඝර නම් තැන්හි වෙයි, පසතුරුණ කිඹුල්වත් පුරයෙහි වෙයි.
Pali BJT9. පාටලිපුත්තනගරෙ කරකං කායබන්ධනං චම්පායමුදකසාටිකා උණ්ණලොමඤ්ච කොසලෙ.
Sinhala BJT9. ඩබරාව ද කාබහන ද පැළලුප්නුවර වෙයි, දියසළුව චම්පානගරයෙහි ද උණුලොම්දා කොසොල්දනව්යෙහි ද වේ.
Pali BJT10. කාසාවඤ්ච බ්රහ්මලොකෙ වෙඨනං තිදසෙ පුරෙ පාසාණකෙ පදං සෙට්ඨං යඤ්චාපි අච්චුතිප්පදං නිසීදනං අවන්ති පුරෙ රට්ඨෙ අත්ථරණං තදා
Sinhala BJT10. එකල්හි කසාවත බඹලෙව්හි ද හිස්වෙළුම තිදස් පුරයෙහි ද නිසදුන්සිවුර අවන්තිපුරයෙහි ද අතුරුණ කුරුරටෙහි ද පිහිටියේ ය.
Pali BJT11. අරණී ච මිථිලායං විදෙහෙ පරිස්සාවනං වාසි සූචිඝරඤ්චා’පි ඉන්දපත්තෙ පුරෙ තදා.
Sinhala BJT11. අරණිය (ගිනිගානාදණ්ඩ) මිථිලායෙහි ද පෙරහන විදේහයෙහි ද වාසි හා හිදීඟුළු හා ඉඳිපත්නුවරෙහි ද පිහිටියේ යැ.
Pali BJT12. පරික්ඛාරං අවසෙසං ජනපදෙ අපරන්තකෙ පරිභුත්තඤ්ච මුනිනා අකංසු මනුජා තදා.
Sinhala BJT12. එකල්හි මිනිස්සු බුදුන් විසින් වළඳනාලද සෙසු පිරිකර අපරාන්තජනපදයෙහි පිහිටුවාලූහ.
Pali BJT13. ධාතු විත්ථාරිකං ආසි ගොතමස්ස මහෙසිනො පාණිනං අනුකම්පාය ආහු පොරාණිකා තදා.
Sinhala BJT13. මෙසෙයින් සත්නට අනුකම්පා පිණිස මහර්ෂි වු ගෞතමසර්‍වඥයන් වහන්සේගේ ධාතූන්ගේ පැතිරීම වී යයි එකල පෞරාණිකාචාර්‍ය්‍යයෝ කීවාහු ය.
Pali BJTධාතුභාජනීයකථා නිට්ඨිතා.
Sinhala BJTධාතුභාජනීය කථා නිමි.
Pali BJTබුද්ධවංසො නිට්ඨිතො.
Sinhala BJTබුද්ධවංශය නිමියේ යි.