Pali BJT26. බ්රාහ්මණො අග්ගිදත්තො ච ආසි බුද්ධස්ස සො පිතා විසාඛා නාම ජනිකා කුකුසන්ධස්ස මහෙසිනො.
Sinhala BJT26. මහර්ෂී වූ කකුසඳ නම් බුදුන්ට ඒ අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ පියා විය. මවු තොමෝ විශාඛා නම් වූ.
Pali BJT27. වසති{1} තත්ථ ඛෙමපුරෙ සම්බුද්ධස්ස මහාකුලං නරානං පවරං සෙට්ඨං ජාතිමන්තං මහායසං.
Sinhala BJT27. මිනිසුන් කෙරෙහි උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ උත්තමජාතී ඇති මහත් වූ, යශස් ඇති ඒ බුදුන්ගේ මහාඥාතිකුලය ඒ බෙම පුරයෙහි විසී.
Pali BJT28. චතුවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී රුචි සුරුචි රතිවද්ධනො තයො පාසාද මුත්තමා.
Sinhala BJT28. ඒ බුදුහු සාරදහසක් හවුරුදු ගිහිගෙයි වාසය කළහ. ඔබට රුචි යැ සුරුචි යැ රතිවර්ධන යැ යි උතුම් වූ තුන් පහයෙක් වී.
Pali BJT29. සමතිංසසහස්සානි නාරියො සමලඞ්කතා විරොචමානා නාම නාරී උත්තරො නාම අත්රජො
Sinhala BJT29. ඒ බෝසත්හට මොනොවට සැරසුණු පරිවාරස්ත්‍රීහු තිස්දහසක් වූහ. විරෝචමානා නම් බිරිඳක් වූ යැ. පුත්‍ර තෙමේ උත්තර නම් වී.
Pali BJT30. නිමිත්තෙ චතුරො දිස්වා රථයානෙන නික්ඛමී අනූනකං අට්ඨමාසං පධානං පදහී ජිනො.
Sinhala BJT30. ඒ ජිතමාර තෙමේ සතර පෙරනිමිති දැක රියයානයෙකින් මහබිනික්මන් කෙළේ යැ. නො අඩු අටමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේයි.
Pali BJT31. බ්රහ්මුනා යාචිතො සන්තො කකුසන්ධො ලොකනායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො.
Sinhala BJT31. මහාවීර වූ නරෝත්තම වූ කකුසඳ ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මිගදාය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT32. විධුරො සඤ්ජීවනාමො ච අහෙසුං අග්ගසාවකා බුද්ධිජො{2} නාමු’පට්ඨාකො කකුසන්ධස්ස සත්ථුනො.
Sinhala BJT32. කකුසඳ ශාස්තෲන් වහන්සේට විධුර යැ සඤ්ජීව යැ යන නම් ඇති අගසවුදෙදෙනෙක් වූහ. බුද්ධිජ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT33. සාමා ච චම්පා නාමා ච{3} අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො සිරීසො’ති පවුච්චති.
Sinhala BJT33. සාමා යැ චම්පා යැ යන නම් ඇති අගසැවි දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය මහරි නමැයි කියනු ලැබේ.
Pali BJT34. අච්චුතො ච සුමනො ච අහෙසුං අග්ගු’පට්ඨකා නන්දා චෙව සුනන්දා ච අහෙසුං අග්ගු’පට්ඨිකා
Sinhala BJT34. ඔබට අච්චුත යැ සුමන යැ යි අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. නන්‍දා යැ සුනන්‍දා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
Pali BJT35. චත්තාළීස රතනානි අච්චුග්ගතො මහාමුනි කනකප්පභානිච්ඡරති{1} සමන්තා දස යොජනං.{2}
Sinhala BJT35. ඒ මහාමුනිහු සතලිස්රියන් උස්වූහ. හාත්පස දසයොදුන් තැන (සිරුරින්) රන්වන්පැහැ නික්මිණ.
Pali BJT36. චත්තාළීසවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT36. ඒ මහර්ෂී වූ බුදුන්ට සතලිස්දහසක් හවුරුදු ආයු විය. එතෙක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.
Pali BJT37. ධම්මා’පණං පසාරෙත්වා{3} නරනාරීනං සදෙවකෙ නදිත්වා සීහනාදංව{4} නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT37. ඒ බුදුහු දෙවියන් සහිත ලොවැ ස්ත්‍රීපුරුෂයනට දහම් නමැති අවුණු විදහා සිංහනාද මෙන් අභයනාද කොට ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවිසේක.
Pali BJT38. අට්ඨඞ්ගවචනසම්පන්නො අච්ඡිද්දානි නිරන්තරං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT38. ඒ බුදුහු අෂ්ටාඞ්ගසමුපේත ස්වර ඇතියහ, නිරතුරු අච්ඡිද්‍ර (සිදුරු නැති) වූ ශීලාදිය හෝ ශ්‍රාවකයුගලාදිය උන්වහන්සේට විය, ඒ සියල්ල අතුරුදහන් වී, හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නො ද?
Pali BJT39. කකුසන්ධො ජිනවරො ඛෙමාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ථූපවරො ගාවුතනභමුග්ගතො.
Sinhala BJT39. ජිනවර වූ කකුසඳ බුදුහු ඛේමාරාමයෙහි පිරිනිවිසේක, ඔබගේ ස්තූපවරය එහි මැ ගව්වක් උස් කොට බඳවනලද්දේ වී යයි.
Pali BJTකකුසනන්ධ බුද්ධවංසො ද්වාවීසතිමො.
Sinhala BJTදෙවිසිවන කකුසඳ බුද්ධවංශ යි.
Pali BJT23. කොණාගමන බුද්ධවංසො
Sinhala BJT23. කෝණාගමන බුද්ධවංශය
Pali BJT1. කකුසන්ධස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො කොණාගමනො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො
Sinhala BJT1. කකුසඳ බුදුන්ට මැත භාගයෙහි සම්බුද්ධ වූ ද්වීපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ කෝණාගමන නම් වූ බුදුහු–
Pali BJT2. දසධම්මෙ පූරයිත්වාන{1} කන්තාරං සමතික්කමි පවාහිය මලං සබ්බං පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT2. දසපෙරුම්දම් පුරා සසර කතර ඉක්ම වූහ. හැම කෙලෙස් මල සෝධා හැර උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණිය හ.
Pali BJT3. ධම්මචක්කං පවත්තෙන්තෙ කොණාගමනනායකෙ{2} තිංසකොටිසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. කෝණාගමන බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි තිස් කෙළ දහසක් සත්නට පළමු වන ධර්‍මාභිසමය වී.
Pali BJT4. පාටිහීරං කරොන්තෙ ච පරවාදප්පමද්දනෙ වීසතිකොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
Sinhala BJT4. ඒ පරවාදමථනය කරන බුදුන් යමාමහ පෙළහර කරන කල්හි විසි කෙළදහසක් සත්නට දෙවන ධර්‍මාභිසමය වී.
Pali BJT5. තතො විකුබ්බනං කත්වා ජිනො දෙවපුරං ගතො වසති තත්ථ සම්බුද්ධො සිලායං පණ්ඩුකම්බලෙ
Sinhala BJT5. ඉක්බිති බුදුහු විකුර්‍වණ ඍද්ධි පවත්වා දිව්‍යභවයනට වැඩිසේක් එහි පඬු ඇඹුල් සලයෙහි විසූ සේක.
Pali BJT6. පකරණෙ සත්ත දෙසෙන්තො වස්සං වසති සො මුනි දසකොටිසහස්සානං තතියා’භිසමයො අහු
Sinhala BJT6. ඒ බුදුහු සප්තප්‍රකරණයන් දේශනා කෙරෙමින් වස් විසූහ. (එහි දී) දස කෙළදහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT7. තස්සා’පි දෙවදෙවස්ස එකො ආසි සමාගමො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT7. ඒ දේවාතිදේව වූ බුදුන්ට ද විගතමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් ගේ එක් මැ ශ්‍රාවක සන්නිපාතයෙක් වී.
Pali BJT8. තිංසභික්ඛුසහස්සානං තදා ආසි සමාගමො ඔඝානම’තික්කන්තානං{3} භිජ්ජිතානඤ්ච{4} මච්චුනං.
Sinhala BJT8. එකල්හි චතුරෝඝයන් ඉක්ම වූ පස්මරුන් බිඳහළ තිස්දහසක් භික්‍ෂූන් ගේ සමාගමය වී.
Pali BJT9. අහං තෙන සමයෙන පබ්බතො නාම ඛත්තියො මිත්තාමච්චෙහි සම්පන්නො බලවාහනමනප්පකං{5}
Sinhala BJT9. මම් එසමයෙහි මිත්‍රාමාත්‍යයන් ගෙන් යුක්ත වූ පබ්බත නම් ක්‍ෂත්‍රිය වීමි. මට අනල්ප වූ බලවාහන විය.
Pali BJT10. සම්බුද්ධදස්සනං ගන්ත්වා සුත්වා ධම්මමනුත්තරං නිමන්තෙත්වා සජිනං සඞ්ඝං දානං දත්වා යදිච්ඡකං{6}
Sinhala BJT10. බුදුන් දක්නට ගොස් අනුත්තර වූ දහම් අසා බුදුන් සහිත වූ සඞ්ඝයා පවරා කැමැති සේ දන් දී–
Pali BJT11. පත්තුණ්ණං චීනපට්ටඤ්ච කොසෙය්යං කම්බල’ම්පි ච සොවණ්ණපාදුකඤ්චෙ’ව අදාසිං සත්ථුසාවකෙ
Sinhala BJT11. බුදුන්ට ද ශ්‍රාවකයන්ට ද පත්තුණ්ණ දේශයෙහි වස්ත්‍ර ද චීනපට ද කෝසෙය්‍ය වස්ත්‍ර ද කම්බල ද රන්මිරිවැඩි ද දින්මි,
Pali BJT12. සො’පි මං මුනි ව්යාකාසි සඞ්ඝමජ්ඣෙ නිසීදිය ඉමම්හි භද්දකෙ කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT12. ඒ බුදුහු ද සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මේ භද්‍ර කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.
Pali BJT13. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං{1}
Sinhala BJT13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT14. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT14. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නා හ.
Pali BJT15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං{2} ආදාය සො ජිනො, පටියත්තවරමග්ගෙන බොධිමූලමුපෙහි’ති.
Sinhala BJT15. ඒ ජිතපඤ්චමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬුවළඳා දෙවියන් සැරසූ මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
Pali BJT16. තතො පදක්ඛිණං කත්වා ධොධිමණ්ඩං අනුත්තරො{3} අස්සත්ථමූලෙ සම්බොධිං බුජ්ඣිස්සති මහායසො
Sinhala BJT16. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝ මැඩ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතුරුක් මුල්හි වැඩ හිඳ සත්‍යාවබෝධය කරන්නා හ.
Pali BJT17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො
Sinhala BJT17. මොවුන් ගේ ජනිකාමවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
Pali BJT18. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං
Sinhala BJT18. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත් ඵල සමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍ර ශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
Pali BJT19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා අනාසවා වීතරාගා{4} සන්තචිත්තා සමාහිතා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ‘ඇසතු’ යයි කියනු ලැබේ.
Pali BJT20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො
Sinhala BJT20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස් වී වූ ඒ ගෞතම බුදුන්ට සියක් හවුරුද්දෙක් ආයු වෙයි.
Pali BJT21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT21. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ ‘මේ තෙමේ බුද්බීජාඞ්කූරයෙකැ’ යි සතුටු වූවා හු–
Pali BJT22. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා
Sinhala BJT22. ඔල්වරසන් පවත්වති. අපොළති. සිනහසෙති. දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
Pali BJT24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT24. යම් සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT25. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
Pali BJT26. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දස පාරමිපූරියා.
Sinhala BJT26. මම් ඔබ ගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදැවීමි දස පැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT27. සබ්බඤ්ඤුතං ගවෙසන්තො දානං දත්වා නරුත්තමෙ ඔහායාහං{1} මහාරජ්ජං පබ්බජිං තස්ස සන්තිකෙ
Sinhala BJT27. මම් සර්‍වඥතාඥානය සොයන්නෙම් නරෝත්තම වූ බුදුන් කෙරෙහි දනක් දී මහරජය හැරපියා ඒ කෝණාගමන බුදුන් වෙත පැවිදි වීමි.
Pali BJT28. නගරං සොභවතී නාම සොභො නාමා’සි ඛත්තියො වසති තත්ථ නගරෙ සම්බුද්ධස්ස මහාකුලං
Sinhala BJT28. ඒ කෝණාගමන බුදුන් ගේ නගරය සෝභවතී නම් විය එහි සොභ නම් රජ කෙනෙක් වූහ. සම්බුදුන් ගේ මහත් වූ ඥාතිකුලය එනුවර විසී.
Pali BJT29. බ්රාහ්මණො යඤ්ඤදත්තො ච ආසි බුද්ධස්ස සො පිතා උත්තරා නාම ජනිකා කොණාගමනස්ස සත්ථුනො
Sinhala BJT29. ප්‍රසිද්ධ වූ යඤ්ඤදත්ත නම් බමුණු බුදුන් ගේ පියා විය. කෝණාගමන ශාස්තෲන් වහන්සේ මවු තොමෝ උත්තරා නම් වූ යැ.
Pali BJT30. තීණි වස්සසහස්සානි අගාරමජ්ඣ සො වසී තුසිතසන්තුසිත සන්තුට්ඨා තයො පාසාදමුත්තමා
Sinhala BJT30. ඒ බුදුහු තුන් දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට තුෂිත යැ සන්තුෂිත යැ සන්තුෂ්ට යැයි උතුම් තුන් පහයෙක් වී.
Pali BJT31. අනූනසොළසසහස්සානි නාරියො සමලඞ්කතා රුචිගත්තා නාම නාරි සත්ථවාහො{2} නාම අත්රජො
Sinhala BJT31. මොනොවට සැරැසුණු නො අඩු සොළොස් දහසක් පරිවාර ස්ත්‍රීහු වූහ. රුචිගත්තා නම් බිරිඳක් වූ යැ. සත්‍ථවාහ නම් පුත්‍රයෙක් වී.
Pali BJT32. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි ඡමාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT32. පුරුෂෝත්තම වූ ඒ මහසත් සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් මහබිනික්මන් කෙළේ යැ. සමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේ යි.
Pali BJT33. බ්රහ්මුනා යාචිතො සන්තො කොණාගමනො නාම නායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො
Sinhala BJT33. මහාවීර වූ නරෝත්තම කෝණාගමන බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු මූව ළැව්හි දම්සක් පැවැත් වූහ.
Pali BJT34. භීය්යසො{3} උත්තරො නාම අහෙසුං අග්ගසාවකා සොත්ථිජො{4} නාමුපට්ඨාකො කොණාගමනස්ස සත්ථුනො
Sinhala BJT34. කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේට භිය්‍යස යැ උත්තර යැ යන නම් ඇති අගසවු දෙදෙනෙක් වූහ. සොත්‍ථිජ නම්, උපස්ථායක තෙර කෙනෙක් වූහ.
Pali BJT35. සමුද්දා ච උත්තරාචෙති{5} අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො උදුම්බරො’ති පවුච්චති.
Sinhala BJT35. සමුද්දා යැ උත්තරා යැ යි අගසැවි දෙදෙනෙක් වූහ. ඒ බුදුන් ගේ බෝධිය ‘දිඹුල්’ යයි කියනු ලැබේ.
Pali BJT36. උග්ගො ච සොමදෙවො ච අහෙසුං අග්ගුපට්ඨකා සීවලා චෙව සාමා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT36. උග්‍ර යැ සෝමදේව යැ යි අග්‍රෝපස්ථායක යෝ දෙදෙනෙක් වූහ. සීවලා යැ සාමා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
Pali BJT37. උච්චත්තනෙන සො බුද්ධො තිංසහත්ථසමුග්ගතො උක්කාමුඛෙ යථා කම්බු එවං රංසීහි මණ්ඩිතො.
Sinhala BJT37. ඒ කෝණාගමන බුදුහු උසින් තිස්රියන් උස්වූවාහු කඹුරු උදුනෙහි රන්නිකක් යම් සේ ද එසෙයින් රසින් සමලඞ්කෘත වූහ.
Pali BJT38. තිංසවස්සසහස්සානි ආයු විජ්ජති{1} තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT38. එකල්හි (සත්නට) තිස් දහසක් හවුරුදු ආයු විය. ඒ බුදුහු එතෙක් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර කතරින් තැරැ වූහ.
Pali BJT39. ධම්මචෙතිං සමුස්සිත්වා{2} ධම්මදුස්සවිභූසිතං ධම්මපුප්ඵගුලං කත්වා නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT39. සිව්සස් දහම් නැමැති පතාකායෙන් සැරැසුණු සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍ම නැමැති සෑය පිහිටුවා දහම් නමැති මල් ගුල කොට ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවිය හ.
Pali BJT40. මහාවිලාසො තස්ස ජනො සිරිධම්මප්පකාසනො සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා
Sinhala BJT40. ඒ කෝණාගමන බුදුරදුන් ගේ මහත් වූ ඍද්ධිවිලාසයට පැමිණි ශ්‍රාවකජන තෙමේ ද ලොවුතුරු දහම් පැවැසූ ඒ බුදුහු ද යන සියල්ල අතුරු දහන් වී හැම සංස්කාර ධර්‍මයෝ තුව්ජ වූවාහු නො ද?
Pali BJT41. කොණාගමනො සම්බුද්ධො පබ්බතාරාම්හි නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.
Sinhala BJT41. කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ පර්‍වතාරාමයෙහි පිරිනිවි සේක. ඒ බුදුන් ගේ ධාතු ඒ ඒ පෙදෙස්හි විසිරුණේ වී යයි.
Pali BJTකොණාගමන බුද්ධවංසො තෙවීසති මො.
Sinhala BJTතෙවිසිවන කෝණාගමන බුද්ධවංශ යි.
Pali BJT24. කස්සප බුද්ධවංසො
Sinhala BJT24. කාශ්‍යප බුද්ධවංශය
Pali BJT1. කොණාගමනස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො කස්සපො නාම නාමෙන ධම්මරාජා පභඞ්කරො.
Sinhala BJT1. කෝණාගමන බුදුන්ට මෑත භාගයෙහි චතුස්සත්‍යාවබෝධය කළ ද්වීපදෝත්තම වූ ප්‍රභාකර වූ නාමයෙන් කාශ්‍යප නම් ධර්‍මරාජයන් වහන්සේ–
Pali BJT2. සඤ්ජිඩ්ඪිතං,{1} කුලමූලං බහුං ච පානභොජනං{2} දත්වාන යාචකෙ දානං පූරයිත්වාන මානසං. උසභො’ව ආලකං භෙත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT2. හැරපියන ලද කුලගෙය ද බොහෝ ආහාරපාන ද යාචකයන්ට දන් දී සිත් පුරා ගොවු ද සිඳ වෘෂභයකු සෙයින් (ගෘහබන්‍ධන සිඳ) උතුම් වූ සම්බෝධියට පැමිණියහ.
Pali BJT3. ධම්මචක්කං පවත්තෙන්තෙ කස්සපෙ ලොකනායකෙ. වීසතිකොටිසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි විසි කෙළදහසක් සත්නට පළමුවන ධර්‍මාභිසමය වී.
Pali BJT4. චතුමාසං යදා බුද්ධො ලොකෙ චරති චාරිකං දසකොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
Sinhala BJT4. යම් කලෙකැ බුදුහු සිව්මසක් මුළුල්ලෙහි ලොවැ චාරිකායෙහි, හැසුරුණු සේක් ද එකල්හි දස කෙළදහසක් සත්නට දෙවැනි අභිසමය වී.
Pali BJT5. යමකං විකුබ්බනං කත්වා ඤාණධාතුං පකිත්තයි{3} පඤ්චකොටිසහස්සානං, තතියා’භි සමයො අහු.
Sinhala BJT5. යම් කලෙක යමක ප්‍රාතිහාර්‍ය්‍යය කොට සර්‍වඥතාඥානයා ගේ ස්වභාවය පැවැසූ සේක් ද එකල්හි පස් කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT6. සුධම්මදෙවපුරෙ රම්මෙ තත්ථ ධම්මං පකාසයි තීණි කොටිසහස්සානි{4} දෙවානං බොධයී ජිනො.
Sinhala BJT6. රම්‍ය වූ තාවතිංසභවනයෙහි සුධර්‍මා නම් දිව්‍යසභායෙහි වැඩහිඳ අභිධර්‍මය ප්‍රකාශ කළ සේක් ද එකල්හි බුදුහු තුන්කෙළ දහසක් දෙවියනට ධර්‍මාවබෝධය කර වූහ.
Pali BJT7. නරදෙවස්ස යක්ඛස්ස අපරෙ ධම්මදෙසනෙ එතෙසානං අභිසමයො{5} ගණනාතො අසඞ්ඛියො.{6}
Sinhala BJT7. නරදේව නම් යක්හට අන්‍ය වූ ධර්‍ම දේශනායෙක්හි තෙල දෙවි මිනිසුන් ගේ අභිසමය ගණනින් අසඞ්ඛ්‍ය වී.
Pali BJT8. තස්සා’පි දෙවදෙවස්ස එකො ආසි සමාගමො ඛීණාසවානං විමලානං සන්තචිත්තානතාදිනං.
Sinhala BJT8. ඒ දේවාතිදේව වූ කාශ්‍යප සර්‍වඥයන් වහන්සේට ද විගත රාගාදිමල ඇති ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ එක් සමාගමයෙක් වී.
Pali BJT9. වීසති භික්ඛුසහස්සානං තදා ආසි සමාගමො අතික්කන්තරාගවන්තානං{7} හිරිසීලෙන තාදිනං.
Sinhala BJT9. එකල්හි ඉක්ම වූ රාගසහිතයන් ඇති හිරියෙන් හා සීලයෙන් හා සමාන වූ විසිදහසක් භික්‍ෂූන් ගේ සන්නිපාතය වී.
Pali BJT10. අහං තදා මාණවකො{8} ජොතිපාලෙ ති විස්සුතො අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන’පාරගූ.
Sinhala BJT10. මම් එසමයෙහි ‘ජෝතිපාල’ යයි ප්‍රසිද්ධ වූ වේද හදාරන වේද මන්ත්‍ර ධරන්නා වූ ත්‍රිවේදයන් ගේ පරතෙරට පැමිණි–
Pali BJT11. ලක්ඛණෙ ඉතිහාසෙ ච සධම්මෙ පාරමිං ගතො භූමන්තළික්ඛෙ{1} කුසලො කතවිජ්ජො අනාවයො{2}
Sinhala BJT11. ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහිද ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට පැමිණි භූමි පරීක්‍ෂායෙහි හා ජ්‍යොතිශාස්ත්‍රයෙහි දක්‍ෂ වූ අභ්‍යාස කළ විද්‍යා ඇති අනූනවිද්‍යා ඇති මාණවක වීමි.
Pali BJT12. කස්සපස්ස භගවතො ඝටීකාරො නාමු’පට්ඨාකො සගාරවො සප්පතිස්සො නිබ්බුතො තතියො ඵලෙ.
Sinhala BJT12. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ගෞරව සහිත වූ යටත් පැවැතුම් ඇති තුන්වැනි (අනාගාමි) ඵලය නිමිති කොට ක්ලේශපරිනිර්‍වාණය කළ ඝටීකාර නම් උපස්ථායකයෙක් වී.
Pali BJT13. ආදාය මං ඝටීකාරො උපගඤ්ඡි කස්සපං ජිනං තස්ස ධම්මං සුණිත්වාන පබ්බජිං තස්ස සන්තිකෙ.
Sinhala BJT13. ඒ ඝටීකාර තෙම මා ගෙන කාශ්‍යප බුදුන් කරා එළඹියේ යැ, ඔබ ගේ දහම් අසා ඔබ සමීපයෙහි පැවිදි වීමි.
Pali BJT14. ආරද්ධවිරියො හුත්වා වත්තා’වත්තෙසු කොවිදො න ක්වා’පි{3} පරිහායාමි පූරෙමි ජිනසාසනං.
Sinhala BJT14. පටන් ගන්නා ලද වෙර ඇති වැ වතාවත්හි දක්‍ෂ වූයෙමි. ශීලසමාධ්‍යාදි කිසි තැනෙක්හි නො පිරිහිණිමි බුදු සසුන පිරීමි.
Pali BJT15. යාවතා බුද්ධභණිතං නවඞ්ගං ජිනසාසනං සබ්බං පරියාපුණිත්වාන සොභයිං ජිනසාසනං.
Sinhala BJT15. නවාඞ්ග ශාස්තෘශාසන සඞ්ඛ්‍යාත වූ යම් පමණ බුද්ධභාෂිතයෙක් වෙයි ද එ හැම පුහුණු කොට බුදුසසුන හෙබැ වීමි.
Pali BJT16. මම අච්ඡරියං දිස්වා සො’පි බුද්ධො වියාකරි ඉමම්හි භද්දකෙ කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT16. ඒ කාශ්‍යප බුදුහු ද මාගේ ආශ්චර්‍ය්‍යය දැක ‘මේ තෙම මේ භද්‍රකල්පයෙහි බුදු වන්නේ යැ’ යි විවරණ දුන් සේක.
Pali BJT17. අහූ කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT17. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT18. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජර’මුපෙහිති.
Sinhala BJT18. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නා හ.
Pali BJT19. නෙරඤ්ජරාය තීරම්හි පායාසං පරිභුඤ්ජිය පටියත්තවරමග්ගෙන බොධිමණ්ඩමුපෙහිති.
Sinhala BJT19. ඒ ජිතමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නා හ.
Pali BJT20. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං නරුත්තරො{4} අපරාජිතඨානම්හි බොධිපල්ලඞ්කමුත්තමෙ පල්ලඞ්කෙන නිසීදිත්වා බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT20. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතු රුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
Pali BJT21. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT21. මොවුන් ගේ ජනික මවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගොතම නම් වන්නේ යි.
Pali BJT22. අනාසවා වීතරාගා{5} සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT22. අනාස්‍රව වූ වීතරාග වූ සන්හුන් සිත් ඇති අර්‍හත්ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
Pali BJT23. ඛෙමාඋප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා බොධි තස්ස භගවතො අස්සත්ථොති පවුච්චති.
Sinhala BJT23. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
Pali BJT24. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තුපට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT24. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුන්ට සියක් හවුරුදු ආයු වන්නේ යි.
Pali BJT25. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT25. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේව මනුෂ්‍යයෝ ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුට වූවාහු,
Pali BJT26. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT26. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති. දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT27. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT27. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
Pali BJT28. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT28. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT29. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT29. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මෙ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
Pali BJT30. තස්සා’පි වචනං සුත්වා භිය්යො{1} චිත්තං පසාදයිං උත්තරිං{2} වතමධිට්ඨාසිං දසපාරමිපූරියා.
Sinhala BJT30. මම් ඔබගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදවීම් දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT31. එවං අහං සංසරිත්වා පරිවජ්ජෙන්තො අනාචාරං{3} දුක්කරඤ්ච කතං මය්හං බොධියා’යෙව කාරණා.
Sinhala BJT31. මෙසේ මම් නො කටයුතු දුරුකෙරෙමින් සසර සැරිසරා (ඇවිද්දෙමි.) මා විසින් සම්‍යක් සම්බෝධිය මැ හේතු කොට ගෙන දුෂ්කරක්‍රියා ද කරනලද.
Pali BJT32. නගරං බාරාණසී නාම කිකීනාමා’සි ඛත්තියො වසති තත්ථ නගරෙ සම්බුද්ධස්ස මහාකුලං.
Sinhala BJT32. එ බුදුන්ගේ නුවර බරණැස් නමැ. එහි කිකී නම් ක්‍ෂත්‍රියරජෙක් විය. එනුවර කාශ්‍යප සම්‍යක්සම්බුද්ධයන්ගේ මහා ඥාතිකුලය වාසය කෙළේ යි.
Pali BJT33. බ්රාහ්මණො බ්රහ්මදත්තො ච ආසි බුද්ධස්ස සො පිතා ධනවතී නාම ජනිකා{4} කස්සපස්ස මහෙසිනො.
Sinhala BJT33. මහර්ෂි වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ප්‍රසිද්ධ වූ බ්‍රහ්මදත්ත නම් බමුණු තෙමේ පියා විය. ධනවතී නම් බැමිණිය මාතෘ වූවා යැ.
Pali BJT34. දුවෙ වස්සසහස්සානි අගාරමජ්ඣ සො වසී හංසො යසො සිරිනන්දො තයො පාසාදමුත්තමා.
Sinhala BJT34. ඒ බුදුහු දෙවාදහසක් ගිහිගෙයි විසූහ. හංස යැ යස යැ සිරිනන්‍ද යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.
Pali BJT35. තිසොළසසහස්සානි නාරියො සමලඞ්කතා සුනන්දා නාම සා නාරි විජිතසෙනො නාම අත්රජො.
Sinhala BJT35. මොනොවට සැරහුණු අටසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුනන්‍දා නම් ප්‍රසිද්ධ ස්ත්‍රිය බිරිඳ වූ යැ, පුත්‍ර තෙමේ විජිතසේන නම්වී.
Pali BJT36. නිමිත්තෙ චතුරො දිස්වා පාසාදෙනා’භිනික්ඛමි සත්තා’හං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT36. ඒ පුරුෂෝත්තමයෝ සතර පෙරනිමිති දැක ප්‍රාසාදයෙන් මහබිනික්මන් කළහ. සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT37. බ්රහ්මුනා යාචිතො සන්තො කස්සපො ලොක නායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො.
Sinhala BJT37. මහාවීර වූ නරෝත්තම වූ කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මිගදායෙහි වැඩහිඳ දම්සක් පැවැත්වූහ.
Pali BJT38. තිස්සො ච භාරද්වාජො ච අහෙසුං අග්ගසාවකා සබ්බමිත්තො උපට්ඨාකො කස්සපස්ස මහෙසිනො.
Sinhala BJT38. මහර්ෂි වූ කාශ්‍යපබුදුන්ට තිස්ස යැ භාරද්වාජ යැයි අගසවු දෙදෙනෙක් වූහ. සබ්බමිත්ත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT39. අනුලා ච උරුවෙලා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො නිග්රොධො’ති පවුච්චති.
Sinhala BJT39. අනුලා යැ උරුවේලා යැ යන අගසැවි දෙදෙනෙක් වූහ. ඒ බුදුන්ගේ බෝධිය ‘නුගරුකැ’යි කියනුලැබේ.
Pali BJT40. සුමඞ්ගලො ඝටීකාරො ච අහෙසුං අග්ගු’පට්ඨකා විජිතසෙනා ච භද්දා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT40. සුමඞ්ගල යැ ඝටීකාර යැ යන අග්‍රෝපස්ථායක දෙදෙනෙක් වූහ. විජිතසේනා යැ භද්දා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වූහු,
Pali BJT41. උච්චත්තනෙන සො බුද්ධො වීසතිරතනමුග්ගතො විජ්ජුලට්ඨිව ආකාසෙ චන්දො’ව ගහපූරිතො.
Sinhala BJT41. ඒ බුදුහු උසින් විසිරියන් උස්වූහ. අහස්හි විදුලියක් සෙයින් ද ග්‍රහතාරකාවන් පිරිවැරූ සඳු මෙන් ද බැබැළුණාහ.