Pali BJT12. සො’පි මං බුද්ධො ව්යාකාසි සිඛීලොකග්ගනායකො එකතිංසෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT12. ලෝකාග්‍රනායක වූ ඒ සිඛී බුදුහු දු මේ තෙමේ මෙයින් එක්තිස්වන කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
Pali BJT13. අහූකපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කර කාරිකං.
Sinhala BJT13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට–
Pali BJT14. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT14. එ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නනාහ.
Pali BJT15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො, පටියත්තවරමග්ගෙන බොධිමූල’මුපෙහිති.
Sinhala BJT15. එ ජිතමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
Pali BJT16. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT16. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට, මහායශස් ඇත්තාහු ඇසැතුරුක් මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
Pali BJT17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT17. මොවුන් ගේ ජනිකමවු තොමෝ මායා නම් වන්නී ය. පියතෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගොතම නම් වන්නේ යි.
Pali BJT18. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT18. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත්ඵල සමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
Pali BJT19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස්වී වූ ඒ ගෞතම බුදුන්ට ආයු සියක් හවුරුදු වෙයි.
Pali BJT21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT21. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේව මනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැයි සතුටු වූවාහු–
Pali BJT22. උක්කුට්ඨි සද්දං පවත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි ව නමස්කාර කෙරෙත්.
Pali BJT23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT24. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටෙහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
Pali BJT25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT25. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මේ බුදුන් හරමෝ නම්, අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
Pali BJT26. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දස පාරමිපූරියා.
Sinhala BJT26. මම් ඔබ ගේ බස් අසා වැඩිතරම් කොට සිත පැහැදැවීමි. දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT27. නගරං අරුණවතී නාම අරුණවා නාම{1} ඛත්තියො පභාවති නාම ජනිකා සිඛිස්ස ච මහෙසිනො.
Sinhala BJT27. මහර්ෂි වූ සිඛී බුදුන් ගේ නගරය අරණවතී නම් විය. අරුණවත් නම් ක්‍ෂත්‍රිය තෙමේ පිතෘ විය. මව් තොමෝ ප්‍රභාවතී නම් වූ.
Pali BJT28. සත්තවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී සුචන්දො ගිරිවසභො තයො පාසාදමුත්තමං.
Sinhala BJT28. ඒ බුදුහු සත්දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සුවන්‍ද යැ ගිරි යැ වසභ යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.
Pali BJT29. චතුවීසති සහස්සානි නාරියො සමලඞ්කතා සබ්බකාමා නාම නාරි අතුලො නාම අත්රජො.
Sinhala BJT29. ඔබට මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු සූවිසිදහසක් වූහ. අගමෙහෙසුන් බිසව සබ්බකාමා නම් වූ පුත්‍ර තෙමේ අතුල නම් වී.
Pali BJT30. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි අට්ඨමාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT30. සතර පෙරනිමිති දැක ඒ පුරුෂෝත්තම වූ සිඛී මහසත්හු හස්තියානයෙකින් මහාභිනිෂ්ක්‍රමණය කළහ. අටමසෙක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT31. බ්රහ්මුනා යාචිතො සන්තො සිඛී ලොකග්ගනායකො වත්ති චක්කං මහාවීරො මිගාචිරෙ නරුත්තමො{2}.
Sinhala BJT31. මහාවීර වූ නරෝත්තම වූ සිඛී නම් ලෝකාග්‍රනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලද්දාහු මිගාචීර නම් උයන්හි දම්සක් පැවැත්වූහ.
Pali BJT32. අභිභූ සම්භවො නාම අහෙසුං අග්ගසාවකා ඛෙමඞ්කරො නාමු’පට්ඨාකො සිඛිස්ස’පි මහෙසිනො.
Sinhala BJT32. අභිභූ යැ සම්භව යැ යන නම් ඇති අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. ඒ සිඛී නම් මහර්ෂීන් වහන්සේට ඛේමඞ්කර නම් උපස්ථායක යෙක් වී.
Pali BJT33. මඛිලා{3} ච පදුමා චෙති අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො පුණ්ඩරීකොති වුච්චති.
Sinhala BJT33. මඛිලා යැ පදුමා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය හෙළඹ රුකැයි කියනු ලැබේ.
Pali BJT34. සිරිවඩ්ඪො ච නන්දො{4} ච අහෙසුං අග්ගු’පට්ඨකා චිත්තා චෙ’ව සුගුත්තා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT34. සිරිවඩ්ඪ යැ නන්‍ද යැ යන අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. චිත්තා යැ සුගුත්තා යැ යන අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ,
Pali BJT35. උච්චත්තනෙන සො බුද්ධො සත්තති හත්ථමුග්ගතො කඤ්චනග්ඝිය{1} සංකාසො ද්වත්තිංසවරලක්ඛණො.
Sinhala BJT35. කසුන් ඇගෑයක් බඳු වූ දෙතිස් වරමහාපුරුෂ ලක්‍ෂණයෙන් යුක්ත වූ ඒ සිඛී නම් බුදුහු උසින් සැත්තෑරියන් වූහ.
Pali BJT36. තස්ස{2} බ්යාමප්පභා කායා දිවාරත්තිං නිරන්තරං දිසො දිසං නිච්ඡරන්ති තීණියොජනසො පභා.
Sinhala BJT36. ඒ බුදුන් ගේ කයින් ව්‍යාමප්‍රභාව රෑ දවල් නිරතුරු විය, රශ්මීහු තුන් යොදුන් පමණින් දිශානුදිශායෙහි නික්මෙත්.
Pali BJT37. සත්තතිවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT37. ඒ මහර්ෂි වූ බුදුන්ට සැත්තෑදහසක් හවුරුදු ආයු විය, එපමණ කල් වැඩ සිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසරින්) තැරැ වූහ.
Pali BJT38. ධම්මමෙඝං පවස්සෙත්වා තෙමයිත්වා සදෙවකෙ ඛෙමන්තං{3} පාපයිත්වාන නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT38. දහම් මහමේ වස්වා දෙවියන් සහිත ලෝ වැසියන් තෙමා ක්‍ෂේම වූ නිවනට පමුණුවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවි සේක:
Pali BJT39. අනුව්යඤ්ජනසම්පන්නං ද්වත්තිංසවරලක්ඛණං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT39. අසූ අනුව්‍යඤ්ජනයෙන් සමෘද්ධ වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණය හැම අතුරුදහන් වී. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
Pali BJT40. සිඛී මුනිවරො බුද්ධො දුස්සාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ථූපවරො තීණියොජනමුග්ගතො.
Sinhala BJT40. මුනිවර වූ සිඛී බුදුරජාණන් වහන්සේ දුස්සාරාමයෙහි පිරිනිවි සේක, එහි මැ ඔබ ගේ ස්තූපවරය තුන් යොදුන් උස්ව පිහිටියේ යි.
Pali BJTසිඛී බුද්ධවාසො වීසතිමො.
Sinhala BJTවිසිවැනි සිඛී බුද්ධවංශ යි.
Pali BJT21. වෙස්සභූ බුද්ධවංසො
Sinhala BJT21. වෙස්සභූ බුද්ධවංශය
Pali BJT1. තත්ථෙව මණ්ඩකප්පම්හි අසමො අප්පටිපුග්ගලො වෙස්සභූ නාම නාමෙන ලොකෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT1. ඒ මණ්ඩකල්පයෙහි මැ අසම වූ අප්‍රතිපුද්ගල වූ නාමයෙන් වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
Pali BJT2. ආදිත්තන්ති ච{1} රාගග්ගි තණ්හානං විජිතං තදා නාගො’ව බන්ධනං ඡෙත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT2. එකල්හි රාගගින්නෙන් (මෙ හැම තුන් ලොව) ආදීප්ත වී යයි ද, තෘෂ්ණාවන් ගේ විජිතයෙකැයි ද දැන කිඳිලියබැඳුම් සිඳ ඇත්රජක්හු සෙයින් (කෙලෙස් බැඳුම් සිඳ) උතුම් වූ සම්බෝධියට පැමිණි සේක.
Pali BJT3. ධම්මචක්කං පවත්තෙන්තෙ{2} වෙස්සභූලොකනායකෙ අසීතිකොටිසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි අසූකෙළදහසක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.
Pali BJT4. පක්කන්තෙ චාරිකං රට්ඨෙ ලොකජෙට්ඨෙ{3} නරාසභෙ සත්තති කොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
Sinhala BJT4. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ ජනපදචාරිකායේහි නික්මැ ගිය කල්හි සැත්තෑකෙළදහසක් සත්නට දෙවැනි ධර්‍මාභිසමය වී.
Pali BJT5. මහාදිට්ඨිං විනොදෙන්තො පාටිහීරං කරොති සො සමාගතා නරමරූ දසසහස්සී සදෙවකෙ.
Sinhala BJT5. ඒ බුදුහු මහත් වූ දෘෂ්ටිජාලය දුරු කෙරෙමින් යමාමහපෙළහර කළහ. එකල්හි දශසහස්‍රසදේවලෝකයෙහි දෙවිමිනිස්සු රැස්වූහ.
Pali BJT6. මහා අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං දෙවා චෙ ව මනුස්සා ච බුජ්ඣරෙ සට්ඨිකොටියො.
Sinhala BJT6. අද්භූත වූ ලොමුදහන මහත් වූ ආශ්චර්‍ය්‍යය දැක සැටකෙළක් දෙවියෝ ද මනුෂ්‍යයෝ ද ධර්‍මාවබෝධය කළහ.
Pali BJT7. සන්නිපාතා තයො ආසුං වෙස්සභුස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT7. වෙස්සභූ මහර්ෂීන් වහන්සේට විගත වූ රාගාදිමල ඇති ශාන්ත වූ සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධ වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.
Pali BJT8. අසීතිභික්ඛුසහස්සානං පඨමො ආසි සමාගමො සත්තතිභික්ඛුසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT8. අසූදහසක් භික්‍ෂූන්ගේ ප්‍රථමශ්‍රාවකසන්නිපාතය විය. සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ ද්විතීය ශ්‍රාවකසන්නිපාතය වී.
Pali BJT9. සට්ඨි භික්ඛුසහස්සානං තතියො ආසි සමාගමො ජරාදි භයා’තීතානං{4} ඔරසානං මහෙසිනො.
Sinhala BJT9. ජරාදි සසරබිය ඉක්ම වූ මහර්ෂීන් පුත්‍ර වූ සැටදහසක් භික්‍ෂූන්ගේ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී.
Pali BJT10. අහං තෙන සමයෙන සුදස්සනො නාම ඛත්තියො නිමන්තෙත්වා මහාවීරං දානං දත්වා මහාරහං අන්නපානෙන වත්ථෙන සසඞ්ඝං ජිනමපූජයිං.
Sinhala BJT10. එසමයෙහි මම් සුදර්‍ශන නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහාවීර වූ බුදුන් පවරා මහාර්‍හ වූ දනක් දී ආහාරපානයෙන් ද වස්ත්‍රයෙන් ද සඞ්ඝයා සහිත වූ බුදුන් පිදීමි.
Pali BJT11. තස්ස බුද්ධස්ස අසමස්ස චක්කං වත්තිත’මුත්තමං සුත්වාන පණීතං ධම්මං පබ්බජ්ජ’මභිරොචයිං.
Sinhala BJT11. අසම වූ ඒ බුදුන් විසින් උතුම් වූ දම්සක් පවත්වනලද. ප්‍රණීත වූ ඒ දහම් අසා පැවිද්ද රුචි කෙළෙමි.
Pali BJT12. මහාදානං පවත්තෙත්වා රත්තිං දිවමතන්දිතො පබ්බජ්ජං ගුණසම්පන්නං පබ්බජිං ජිනසන්තිකෙ.
Sinhala BJT12. රෑදෙවෙහි අනලස් වූයෙම් මහදන් පවත්වා පැවිද්ද ගුණසම්පන්න යැ යි දැන බුදුන් සමීපයෙහි පැවිදි වීමි.
Pali BJT13. ආචාරගුණසම්පන්නො වත්තසීලසමාහිතො සබ්බඤ්ඤුතං ගවෙසන්තො රමාමී ජිනසාසනෙ
Sinhala BJT13. ආචාරයෙන් හා ගුණයෙන් යුක්ත වූයෙම් වතින් හා ශීලයෙන් යුක්ත වූයෙම් සර්‍වඥතාඥානය සොයමින් බුදුසසුන්හි සිත් අලවා විසීමි.
Pali BJT14. සද්ධාපීතිමු’පාගන්ත්වා පාදෙ වන්දාමි සත්ථරි{1} පීති උප්පජ්ජතී මය්හං බොධියායෙ’ව කාරණා.
Sinhala BJT14. ශ්‍රද්ධාවට ද ප්‍රීතියට ද පැමිණ ශාස්තෲන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දෙමි. සම්‍යක්සම්බෝධිය මැ හේතු කොට ගෙන මට ප්‍රීතිය උපන.
Pali BJT15. අනිවත්තිමානසං{2} ඤත්වා සම්බුද්ධො එතද’බ්රවි එකතිංසෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT15. සම්මාසම්බුදුහු (මා) නො පසුබස්නා සිත් ඇත්තහු දැන ‘මේ තෙම මෙයින් එක්තිස් වන කපැ බුදු වන්නේ ය’යි මෙවදන් වදාළහ.
Pali BJT16. අහූ කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT16. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT17. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසං පග්ගය්හ නෙරංජරමුපෙහිති.
Sinhala BJT17. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
Pali BJT18. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලමුපෙහිති.
Sinhala BJT18. ඒ ජිතමාර වූ බෝසත්හු නිල්දලාගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
Pali BJT19. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT19. ඉක්බිති අනුත්තර වූ මහසත්හු මහායශස් ඇත්තාහු ඇසැතුරුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
Pali BJT20. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ මේ තෙමේ ගොතම නම් වන්නේ යි.
Pali BJT21. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං
Sinhala BJT21. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත්ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ඒ බුදුන්ට ආනන්‍ද නම් උපස්ථායකයෙක් උපස්ථාන කරන්නේ යි.
Pali BJT22. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
Pali BJT23. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතමබුදුන්ට ආයු සියක්හවුරුදු වෙයි.
Pali BJT24. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT24. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධවීරාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.
Pali BJT25. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දෙවියන් සහිත වූ දසදහසක් සක්වළවැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT26. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. ඉදින් ඇපි මේ ලෝහිමියන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT27. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT27. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැද යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
Pali BJT28. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT29. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියා.
Sinhala BJT29. මම් ඔබගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදවීමි දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT30. අනුපමං{1} නාම නගරං සුප්පතීතො නාම ඛත්තියො මාතා යසවතී නාම වෙස්සභුස්ස මහෙසිනො.
Sinhala BJT30. මහර්ෂී වූ වෙස්සභූ බුදුන්ගේ නගරය අනුපම නම් විය. සුප්පතීත නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය. මව් තොමෝ යසවතී නම් වූ දේවිය යි.
Pali BJT31. ඡබ්බස්සසහස්සානි අගාරමජ්ඣ සො වසී රුචිසුරුචිරතිවඩ්ඪනො{2} තයො පාසාදමුත්තමා.
Sinhala BJT31. ඒ බුදුහු සදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට රුචි යැ සුරුචි යැ රතිවඩ්ඪන යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.
Pali BJT32. අනූනතිංසසහස්සානි නාරියො සමලඞ්කතා සුචිත්තා නාම සා නාරී සුප්පබුද්ධො නාම අත්රජො.
Sinhala BJT32. මොනොවට සැරසුණු නො අඩු වූ තිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුචිත්තා නම් ප්‍රසිද්ධ වූ ස්ත්‍රිය අගමෙහෙසි වූ යැ පුත්‍ර තෙමේ සුප්පබුද්ධ නම් වී.
Pali BJT33. නිමිත්තෙ චතුරො දිස්වා සිවිකායා’භිනික්ඛමි ඡ මාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT33. සතර පෙරනිමිති දැක සිවිකායෙකින් මහබිනික්මන් කළහ. ඒ පුරුෂෝත්තමයෝ සමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT34. බ්රහ්මුනා යාචිතො සන්තො වෙස්සභුලොකනායකො වත්ති චක්කං මහාවීරො අරුණාරාමෙ නරුත්තමො.
Sinhala BJT34. මහාවීර වූ නරෝත්තම වූ වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලද්දාහු අරුණාරාමයෙහි වැඩහිඳ දම්සක් පැවැත්වූහ.
Pali BJT35. සොණො ච උත්තරො චෙව අහෙසුං අග්ගසාවකා උපසන්තො නාමු’පට්ඨාකො වෙස්සභුස්ස මහෙසිනො.
Sinhala BJT35. ඒ වෙස්සභූ සර්‍වඥයන් වහන්සේට සෝණ යැ උත්තර යැ යි අගසවු දෙදෙනෙක් වූහ. උපසන්ත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT36. දාමා{1} චෙව සමාලා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො සාලො ඉති පවුච්චති{2}
Sinhala BJT36. දාමා යැ සමාලා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ‘සල්රුකැ’යි කියනු ලැබේ.
Pali BJT37. සොත්ථිකො චෙව රම්මො ච අහෙසුං අග්ගු’පට්ඨකා ගොතමී ච සිරිමා ච{3} අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT37. සොත්‍ථික යැ රම්ම යැ යි අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ගෝතමී යැ සිරිමා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
Pali BJT38. සට්ඨිරතනමුබ්බෙධො හෙමයූපසමූපමො කායා නිච්ඡරතී රංසි{4} රත්තිං සිඛී ව පබ්බතෙ.
Sinhala BJT38. රන්ටැඹක් බඳු වූ ඒ බුදුහු සැටරියන් උස් වූහ. රාත්‍රියෙහි කඳුමුදුනෙක ගින්නක් සෙයින් (ඔබගේ) සිරිරින් රැස් නික්මිණි.
Pali BJT39. සට්ඨිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ{5} තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT39. එකල්හි සැටදහසක් හවුරුදු ආයු විය. එතෙක්කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.
Pali BJT40. ධම්මං විත්ථාරිකං කත්වා විභජිත්වා මහාජනං ධම්මනාවං ඨපෙත්වාන නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT40. දහම් පතුරුවා මහාජනයා (උද්ඝටිතාදි විසින් ශ්‍රෝතාපන්නාදි විසින්) විභාග කොට (අෂ්ටාඞ්ගමාර්‍ග සඞ්ඛ්‍යාත) දහම්නැවැ පිහිටුවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවිසේක.
Pali BJT41. දස්සනීයං සබ්බජනං විහාරඤ්චිරියාපථං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා
Sinhala BJT41. දර්‍ශනීය ඒ සියලු ශ්‍රාවකයන් සහිත ඒ බුදුහු ද විහරණය ද ඊර්‍ය්‍යාපථය ද යන සියල්ල අතුරුදහන් වී. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
Pali BJT42. වෙස්සභූ ජිනවරො සත්ථා ඛෙමාරාමම්හි{6} නිබ්බුතො ධාතු විත්ථාරිකං ආසී තෙසු තෙසු පදෙසතොති.
Sinhala BJT42. ජිනවර වූ වෙස්සභූ ශාස්තෲන් වහන්සේ ඛේමාරාමයෙහි පිරිනිවි සේක. ඔබගේ ධාතූහු ඒ ඒ පෙදෙස්හි පැතුරුණාහ’යි.
Pali BJTවෙස්සභූ බුද්ධවංසො එකවීසතිමො.
Sinhala BJTඑක්විසිවැනි වෙස්සභූ බුද්ධවංශ යි.
Pali BJT22. කකුසන්ධ බුද්ධවංසො
Sinhala BJT22. කකුසඳ බුද්ධවංශය
Pali BJT1. වෙස්සභුස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො කකුසන්ධො{1} නාම නාමෙන අප්පමෙය්යා දුරාසදො
Sinhala BJT1. වෙස්සභූ බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ අප්‍රමේයගුණ ඇති ළං විය නො හැකි නාමයෙන් කකුසඳ නම් වූ සම්බුද්ධයන් වහන්සේ–
Pali BJT2. උග්ඝාටෙත්වා සබ්බභවං චරියාපාරමිං ගතො සීහො’ච පඤ්ජරං භෙත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT2. සියලු පාරමිතාවන්ගේ කෙළවරට පැමිණියාහු සියලු (නවවිධ) භවය නසා මැඳිරිය බිඳ සිංහරාජයකු සෙයින් භවපඤ්ජරය නසා උතුම් වූ සම්බෝධියට පැමිණියහ.
Pali BJT3. ධම්මචක්කං පවත්තෙන්තෙ කකුසන්ධෙ ලොකනායකෙ චත්තාළීස{2} කොටිසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. කකුසඳ ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි සතලිස්කෙළදහසක් සත්නට පළමු වන ධර්‍මාභිසමය වී.
Pali BJT4. අන්තලික්ඛම්හි ආකාසෙ යමකං කත්වා විකුබ්බනං තිංසකොටිසහස්සානං බොධෙසි දෙවමානුසෙ.
Sinhala BJT4. අන්තරීක්‍ෂ ආකාශයෙහි යමාමහපෙළහර කොට තිස්කෙළදහසක් දෙවිමිනිසුනට ධර්‍මාවබෝධය කරවී.
Pali BJT5. නරදෙවස්ස යක්ඛස්ස චතුසච්චප්පකාසනෙ ධම්මා’භිසමයො තස්ස ගණනාතො අසඞ්ඛියො.
Sinhala BJT5. නරදේව නම් යක්‍ෂයාහට සිව්සස්දහම් දෙසීමෙහි දී උන් වහන්සේ ගේ (තුන් වැනි) ධර්‍මාභිසමය ගණනින් අසඞ්ඛෙය වී.
Pali BJT6. කකුසන්ධස්ස{3} භගවතො එකො ආසිසමාගමො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං.
Sinhala BJT6. කකුසඳ භාග්‍යවතුන් වහන්සේට විගතමල වූ සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ එක් මැ ශ්‍රාවකසන්නිපාතයෙක් වී.
Pali BJT7. චත්තාළීසසහස්සානං තදා{4} ආසි සමාගමො දන්ත භූමිමනුප්පත්තානං ආසවාරිගණක්ඛයා{5}
Sinhala BJT7. එකල්හි ආස්‍රව නමැති සතුරුගණයා ක්‍ෂය කිරීමෙන් නිවනට පැමිණි සතලිස්දහසක් රහතුන්ගේ සමාගමය වී.
Pali BJT8. අහං තෙන සමයෙන ඛෙමො නාමාසිං ඛත්තියො{6} තථාගතෙ ජිනපුත්තෙ ච දානං දත්වා අනප්පකං.
Sinhala BJT8. මම් එසමයෙහි ඛේම නම් වූ ක්‍ෂත්‍රිය වීමි. තථාගතයන් කෙරෙහි ද බුද්ධපුත්‍රයන් කෙරෙහි ද අනල්ප වූ දන් දී–
Pali BJT9. පත්තඤ්ච චීවරං දත්වා අඤ්ජනං මධුලට්ඨිකං ඉමෙතං පත්ථිතං සබ්බං පටියාදෙමි{7} වරං වරං.
Sinhala BJT9. පාසිවුරු දී අඳුන් යැ වැල්මීකඬ යැ යන උතුම් උතුම් වූ මේ රිසියුණු සියල්ල පිළියෙළ කොට දිනිමි.
Pali BJT10. සො’පි මං මුනි ව්යාකාසි කකුසන්ධො ලොකනායකො{8} ඉමම්හි භද්දකෙ කප්පෙ{9} අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT10. ලෝකනායක වූ ඒ කකුසඳ බුදුහු ද ‘මේ තෙම මේ භද්‍රකල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්හ.
Pali BJT11. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT11. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT12. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT12. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුකමුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාගංතෙරට පැමිණෙන්නාහ.
Pali BJT13. නෙරඤ්ජරා නදීතීරෙ පායාසං ආදාය සො ජිනො, පටියත්තවරමග්ගෙන බොධිමූල’මුපෙහිති.
Sinhala BJT13. ඒ ජිතමාරපඤ්ච වූ බෝසත්හු නිල්දලාගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
Pali BJT14. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථමූලෙ සම්බොධිං බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT14. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඬ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතුරුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
Pali BJT15. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT15. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
Pali BJT16. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT16. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්තසිත් ඇති අර්‍හත් ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් එබුදුන්ට උපස්ථාන කරන්නේ යි.
Pali BJT17. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT17. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT18. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT18. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතමබුදුන්ට ආයු සියක්හවුරුදු වෙයි.
Pali BJT19. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධ බීජඞ්කුරො අයං.
Sinhala BJT19. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දේවමනුෂ්‍යයෝ ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු–
Pali BJT20. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT20. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දෙවියන් සහිත වූ දසදහස්ලෝධාහි වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT21. යදිමස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT21. ඉදින් ඇපි මේ ලෝහිමියන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT22. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT22. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT23. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දස පාරමි පූරියා.
Sinhala BJT24. මම් ඔබගේ බස් අසා වැඩිතරම් කොට සිත පැහැදවීමි. දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT25. නගරං ඛෙමවතී නාම ඛෙමො නාමාස’හං තදා සබ්බඤ්ඤුතං ගවෙසන්තො පබ්බජිං තස්ස සන්තිකෙ.
Sinhala BJT25. එ කකුසඳබුදුන්ගේ නගරය ඛේමවතී නම් විය. එකල්හි මම් බෙම නම් වූයෙමි. සර්‍වඥතාඥානය සොයන්නෙම් එ කකුසඳබුදුන් වෙත පැවිදි වීමි.