Pali BJT13. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT13. පස්මරුන් දිනූ ඒ ධර්‍මදර්ශී බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු, වළඳා දෙවියන් පිළියෙල කළ උතුම්මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
Pali BJT14. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT14. ඉක්බිති මහත් යසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක්මුල්හි බුදුවන්නේ යි.
Pali BJT15. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT15. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී’ යැ, පිය තෙම සුද්ධෝදන නම් වන්නේ’ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT16. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT16. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
Pali BJT17. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT17. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT18. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT18. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT19. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT19. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ බුද්ධබීජාංකුරයෙකැ’ යි සතුටු වූ දෙවිමිනිස්සු–
Pali BJT20. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT20. ඔල්වරසන් පවත්වති අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත මිනිස්සු කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.
Pali BJT21. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT21. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT22. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT22. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථයවැරැද යැටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
Pali BJT23. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාරයන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියා.
Sinhala BJT24. ඒ ධර්‍මදර්ශී බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT25. සරණං නාම නගරං සරණො නාම ඛත්තියො සුනන්දා නාම ජනිකා ධම්මදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT25. ධර්‍මදර්ශී නම් ශාස්තෘන් වහන්සේගේ නගරය සරණ නම් විය, සරණ නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය, මව් තොමෝ සුනන්‍දා නමු.
Pali BJT26. අට්ඨ වස්සසහස්සානි අගාරමජ්ඣසො වසී අරජො විරජො සුදස්සනො තයො පාසාදමුත්තමා.
Sinhala BJT26. උන්වහන්සේ අට දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට අරජයැ විරජ යැ සුදර්‍ශන යැ යි උතුම් තුන් පහයෙක් වී.
Pali BJT27. තිචත්තාරීසසහස්සානි නාරියො සමලඞ්කතා විචතොලී නාම නාරී අත්රජො පුඤ්ඤවඩ්ඪනො.
Sinhala BJT27. මොනොවට සරහනලද තෙසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ, විචිතොලී නම් අගමෙහෙසියක් වූ, පුත්‍ර තෙම පුණ්‍යවර්ධන නම් වී.
Pali BJT28. නිමිත්තෙ චතුරො දිස්වා පාසාදෙනා’භිනික්ඛමි සත්තාහං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT28. පුරුෂෝත්තම වූ ධර්‍මදර්ශී බුදුහු සතර පෙරනිමිති දැක ප්‍රාසාදය හා සමග මහබිනික්මන් කළහ, සතියක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT29. බ්රහ්මුනා යාචිතො සන්තො ධම්මදස්සී නරාසභො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමෙ.
Sinhala BJT29. මහත්වීර්‍ය්‍ය ඇති නරශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ ධර්‍මදර්ශී සර්‍වඥයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මුවළැව්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT30. පදුමො ඵුස්සදෙවො ච අහෙසුං අග්ගසාවකා සුනෙත්තො නාමු’පට්ඨාකො ධම්මදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT30. ධර්‍මදර්ශී නම් ශාස්තෘන් වහන්සේට පදුම යැ ඵුස්සදේව යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සුනෙත්‍ර නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT31. ඛෙමා ච සච්චනාමා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො බිම්බිජාලො{1} ති වුච්චති.
Sinhala BJT31. ඛේමා යැ සච්චනාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘රත්කරව්රුකැ’යි කියනුලැබේ,
Pali BJT32. සුභද්දො කටිසහො චෙව අහෙසුං අග්ගු’පට්ඨකා සාලියා ච වලියා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT32. සුභද්‍ර යැ කටිසභ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ, සාලියා යැ වලියා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
Pali BJT33. සො’පි බුද්ධො අසමසමො අසීතිහත්ථමුග්ගතො අතිරොචති තෙජෙන දසසහස්සිම්හි ධාතුයා.
Sinhala BJT33. අසමසම වූ ඒ බුදුහු ද අසූරියනක් උස් වූවාහු දසදහසක් සක්වළ තේජසින් අධික වැ බැබැළූහ.
Pali BJT34. සුඵුල්ලො සාලරාජාව විජ්ජූ’ව ගගනෙ යථා මජ්ඣන්තිකෙ ව සුරියො එවං සො උපසොභථ{2}
Sinhala BJT34. සුපිපි සල්රුකක් සෙයින් ද ගුවන්තෙලෙහි විදුලිය සෙයින් ද මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද උන් වහන්සේ ශෝභමාන වූහ.
Pali BJT35. තස්සා’පි අතුලතෙජස්ස සමකං ආසි ජීවිතං වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
Sinhala BJT35. අතුල වූ තේජස් ඇති ඒ ධර්‍මදර්ශී සර්‍වඥයන් වහන්සේගේ ද ජීවිතය සෙසුවන් හා සම විය, පසැස් ඇති බුදුහු හවුරුදු ලක්‍ෂයක් ලොවැ වැඩවිසූ සේක.
Pali BJT36. ඔභාසං දස්සයිත්වාන විමලං කත්වාන සාසනං රවිචන්දො ව ගගනෙ නිබ්බුතො සො සසාවකො’ති.
Sinhala BJT36. ඒ බුදුහු අවභාස දක්වා සස්න නිර්‍මල කොට ගුවන්තෙලෙහි සඳහිරු සෙයින් ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියහ.
Pali BJT37. ධම්මදස්සී මහාවීරො කෙසාරාමම්හි{3} නිබ්බුතො තත්ථෙ’ව’ස්ස{4} ථූපවරො තියොජන සමුග්ගතොති.
Sinhala BJT37. මහත්වීර්‍ය්‍ය ඇති ධර්‍මදර්ශී සර්‍වඥයන් වහන්සේ කෙසාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේ ගේ උත්තමස්තූපය තුන්යොත්නක් උස් කොට බඳවනලද්දේ යි.
Pali BJTධම්මදස්සී බුද්ධවංසො පණ්ණරසමො.
Sinhala BJTපසළොස් වැනි ධර්‍මදර්ශී බුද්ධවංශය යි.
Pali BJT16. සිද්ධත්ථ බුද්ධවංසො
Sinhala BJT16. සිද්ධාර්‍ත්‍ථ බුද්ධවංශය
Pali BJT1. ධම්මදස්සිස්ස අපරෙන සිද්ධත්ථො ලොකනායකො{1} නිහනිත්වා තමං සබ්බං සුරියො අබ්භුග්ගතො යථා{2}
Sinhala BJT1. ධර්‍මදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි සිද්ධාර්‍ත්‍ථ නම් ලෝකනායකයන් වහන්සේ හැම අඳුරු නසා උදාවූ සූර්‍ය්‍යයා සෙයින් ලොවැ පහළ වූසේක.
Pali BJT2. සො’පි පත්වාන සම්බොධිං{3} සන්තාරෙන්තො{4} සදෙවකං අභිවස්සි ධම්මමෙඝෙන නිබ්බාපෙන්තො සදෙවකං.
Sinhala BJT2. උන් වහන්සේ ද සම්බෝධියට පැමිණ සදේවකලෝකයා සසර කතරින් තරවමින් සදේවකලෝකයා නිවමින් දහම්වැසි වැස් වූ සේක.
Pali BJT3. තස්සා’පි අතුලතෙජස්ස අහෙසුං අභිසමයා තයො කොටිසතසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. අතුල වූ තේජස් ඇති උන් වහන්සේට ද අභිසමය තුනෙක් විය, කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
Pali BJT4. පුනා’පරං භීමරථෙ{5} යදා අහනි දුන්දුභිං{6} තදා නවුතිකොටීනං දුතියා’භි සමයො අහු.
Sinhala BJT4. යළි යම් කලෙකැ භීමරථ නම් නගරයෙහි දහම් අමා බෙර වැයූ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට ද්විතීයාභිසමය වී.
Pali BJT5. යදා බුද්ධො ධම්මං දෙසෙසි වෙහාරෙ සො පුරුත්තමෙ තදා නවුති කොටීනං තතියා’භිසමයො අහු.
Sinhala BJT5. යම් කලෙකැ ඒ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු වෙභාර නම් පුරවරයෙහි (ඥාතිසමාගමයෙහි) දහම් දෙසූසේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට තෘතීයාභිසමය වී.
Pali BJT6. සන්නිපාතා තයො ආසුං තස්මි’ම්පි දිපදුත්තමෙ ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT6. ද්විපදෝත්තම වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුන් කෙරෙහි දු විමල වූ සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ සන්නිපාත්‍රයෙක් වී.
Pali BJT7. කොටිසතානං නවුතීනං අසීතියා ච කොටීනං එතෙ ආසුං තයො ඨානා විමලානං සමාගමෙ.
Sinhala BJT7. කෙළසියක් ද අනූ කෙළක් ද අසූ කෙළක් ද යන තෙල තිදෙන රහතුන්ගේ සමාගමයෙහි සන්නිපාතස්ථානයෝ වූහ.
Pali BJT8. අහං තෙන සමයෙන මඞ්ගලො නාම තාපසො උග්ගතෙජො දුප්පසහො අභිඤ්ඤාබලසමාහිතො.
Sinhala BJT8. එසමයෙහි මම් උග්‍ර තේජස් ඇති නො ගැටියහැකි අභිඥාබලසමාධි ඇති මඞ්ගල නම් තවුස් වීමි.
Pali BJT9. ජම්බුතො ඵලමා’නෙත්වා{7} සිද්ධත්ථස්ස අදාස’හං පටිග්ගහෙත්වා සම්බුද්ධො ඉදං වචන’මබ්රුවි.
Sinhala BJT9. මම් දඹරුකින් ඵල ගෙනවුත් සිද්ධාර්‍ත්‍ථ බුදුන්ට දුනිමි, සම්බුදුහු පිළිගෙන මෙවදන් වදාළහ.
Pali BJT10. පස්සථ ඉමං තාපසං ජටිලං උග්ගතාපනං චතුනවුතෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT10. ජටාධර වූ උග්‍රතපස් ඇති මෙ තවුස් බලව. මේ තෙම මෙයින් සිවු අනූ වන කප්හි බුදු වන්නේ ය.
Pali BJT11. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT11. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT12. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT12. තථාගතයෝ අජපාල නම් නුගරුක් මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
Pali BJT13. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලංහි එහිති.
Sinhala BJT13. ඒ පස්මරුන් දිනූ බෝසත්හු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝමුල වෙත පැමිණෙන්නාහ.
Pali BJT14. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT14. ඉක්බිති මහායසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේ යි.
Pali BJT15. ඉමස්ස ජනිකා මාතා, මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT15. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT16. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො, උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT16. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
Pali BJT17. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT17. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT18. චිත්තො ච හත්ථාළවකො, අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT18. චිත්‍ර යැ හත්ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. ඒ යසස් ඇති ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT19. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT19. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
Pali BJT20. උක්කුට්ඨිසද්දා වත්තන්ති අප්ඵොටෙන්ති හසන්තිච කතඤ්ජලී, නමස්සන්ති දසසහස්සීසදෙවකා.
Sinhala BJT20. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
Pali BJT21. යදිමස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT21. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT22. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථං ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT22. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මගගඟ තරණය කෙරෙත් ද–
Pali BJT23. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියා.
Sinhala BJT24. උන් වහන්සේගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරනු පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT25. වෙභාරං නාම නගරං උදෙනො නාම ඛත්තියො සුඵස්සා නාම ජනිකා සිද්ධත්ථස්ස මහෙසිනො.
Sinhala BJT25. මහර්ෂි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුන් ගේ නගරය වෙභාර නම උදේන නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ සුඵස්සා නමු.
Pali BJT26. දසවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී කොකාසුප්පලකොකනදා තයො පාසාදමුත්තමා.
Sinhala BJT26. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) කොකාසය යැ උත්පල යැ කොකනද යැ යි උතුම් තුන් පහයෙක් වී.
Pali BJT27. තිසොළසසහස්සානි නාරියො සමලඞ්කතා සුමනා නාම සා නාරී අනුපමො නාම අත්රජො.
Sinhala BJT27. ඔබට මොනොවට සරසන ලද අටසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. අගමෙහෙසි සුමනා නමු. පුත්‍ර තෙම අනුපම නමි.
Pali BJT28. නිමිත්තෙ චතුරො දිස්වා සිවිකා යානෙන නික්ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT28. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක රන්සිවිගෙයෙකින් මහබිනික්මන් කළහ. පිරිපුන් දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT29. බ්රහ්මුනා යාචිතො සන්තො සිද්ධත්ථො ලොකනායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො.{1}
Sinhala BJT29. මහත්වීර්‍ය්‍ය ඇති පුරුෂෝත්තම වූ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු (ගයා නම් වූ) මිගදායෙහි දී දම්සක් පැවැත්වූසේක.
Pali BJT30. සම්බලො ච සුමිත්තො ච අහෙසුං අග්ගසාවකා රෙවතො නාමු’පට්ඨාකො සිද්ධත්ථස්ස මහෙසිනො.
Sinhala BJT30. මහර්ෂි වූ සිද්ධාර්‍ත්‍ථ නම් සර්‍වඥයන් වහන්සේට සම්බල යැ සුමිත්‍ර යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. රේවත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT31. සීවලා ච සුරාමා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො කණිකාරොති වුච්චති.
Sinhala BJT31. සීවලා යැ සුරාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කිණිහිරි යයි කියනු ලැබේ.
Pali BJT32. සුප්පියො ච සමුද්දො ච අහෙසුං අග්ගු’පට්ඨකා රම්මා චෙව සුරම්මා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT32. සුප්‍රිය යැ සමුද්‍ර යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. රම්මා යැ සුරම්මා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
Pali BJT33. සො බුද්ධො සට්ඨී රතනං අහොසි නභමුග්ගතො, කඤ්චනග්ඝිය{2} සංකාසො දසසහස්සී විරොචති.
Sinhala BJT33. ඒ බුදුහු සැටරියන් උස් වූහ. කසුන් ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළ වූහ.
Pali BJT34. සො’පි බුද්ධො අසම සමො අතුලො අප්පටිපුග්ගලො වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
Sinhala BJT34. අසමසම වූ අතුල්‍ය වූ ප්‍රතිපුද්ගලයන් නැති පසැස් ඇති ඒ බුදුහු ද හවුරුදු ලක්‍ෂයක් ලොවැ වැඩසිටියහ.
Pali BJT35. විපුලං{3} පභං දස්සයිත්වා පුප්ඵාපෙත්වාන සාවකෙ විලාසෙත්වා ච සමාපත්යා{4} නිබ්බුතො සො සාසවකො.
Sinhala BJT35. ඒ බුදුහු උදාර වූ ආලොකය දක්වා (ධ්‍යානභිඥා මාර්‍ග ඵලකුසුමයෙන්) ශ්‍රාවකයන් විකසිත කරවා (ලොවිලොවුතුරා) සමවතින් ක්‍රීඩා කරවා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
Pali BJT36. සිද්ධත්ථො මුනිවරො බුද්ධො අනොමාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව’ස්ස ථූපවරො චතුයොජනමුග්ගතො’ති.
Sinhala BJT36. මුනිවර වූ සිද්ධාර්‍ත්‍ථ බුදුහු අනෝමාරාමයෙහි පිරිනිවියහ. එහි මැ උන් වහන්සේගේ ස්තූපය සිව්යොත්නක් උස් කොට බඳවනලදි.
Pali BJTසිද්ධත්ථ බුද්ධවංසො සොළසමො.
Sinhala BJTසොළොස් වැනි සිද්ධාර්‍ත්‍ථ බුද්ධවංශය යි.
Pali BJT17. තිස්ස බුද්ධවංසො
Sinhala BJT17. තිස්ස බුද්ධවංශය
Pali BJT1. සිද්ධත්ථ අපරෙන අස්සමො අප්පටිපුග්ගලො අනන්තතෙජො{1} අමිතයසො තිස්සො ලොකග්ගනායකො.
Sinhala BJT1-2. සිද්ධාර්‍ත්‍ථ නම් බුදුන්ට මෑතභාගයෙහි අසම වූ අප්‍රතිපුද්ගල වූ අනන්තතේජස් ඇති අප්‍රමාණ යසස් ඇති ලෝකාග්‍රනායක වූ අනුකම්පා ඇති මහත්වීර්‍ය්‍ය ඇති පසැස් ඇති තිස්ස නම් බුදුහු අවිද්‍යාන්‍ධකාරය නසා සදේවක ලෝකය බබුළුවා ලොවැ පහළ වූ සේක.
Pali BJT2. තම’න්ධකාරං විධමෙත්වා ඔභාසෙත්වා සදෙවකං{2} අනුකම්පකො මහා වීරො ලොකෙ උප්පජ්ජි චක්ඛුමා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3. තස්සා’පි අතුලා ඉද්ධි අතුලං සීලං සමාධි ච සබ්බත්ථ පාරමිං ගන්ත්වා ධම්මචක්කං පවත්තයී.
Sinhala BJT3. ඒ තිස්ස නම් බුදුන්ගේ ද ඍද්ධිය අතුල්‍ය වූ යැ ශීලය ද සමාධිය ද අතුල්‍ය වී. (ඒ බුදුහු) සියලු දහම් විෂයෙහි පරතෙරට පැමිණ දම්සක් පැවැත් වූසේක.
Pali BJT4. සො බුද්ධො දසසහස්සිම්හි විඤ්ඤාපෙසි ගිරං සුචිං කොටිසතානි අභිසමිංසු පඨමෙ ධම්මදෙසනෙ.
Sinhala BJT4. ඒ බුදුහු දසදහසක් සක්වළැ පවිත්‍ර වූ සිව්සස්වදන් අවබෝධ කරවූහ, ප්‍රථම ධර්‍මදේශනායෙහි කෙළසියක් සත්හු ධර්‍මාවබෝධය කළහ.
Pali BJT5. දුතියො නවුතිකොටීනං{3} තතියො සට්ඨිකොටියො{4} බන්ධනාතො{5} පමොචෙසි{6} සම්පත්තෙ නරමරූ තදා.
Sinhala BJT5. අනූකෙළක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය වී, තෙ වැනි ධර්‍මදේශනයෙහි සැටකෙළක් සත්හු ධර්‍මාවබෝධය කළහ, එකල්හි පැමිණි දෙවිමිනිසුන් දශසංයොජනයෙන් මිදූ සේක.
Pali BJT6. සන්නිපාතා තයො ආසුං තිස්සෙ ලොකග්ගනායකෙ ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං.
Sinhala BJT6. තිස්ස නම් බුදුරජාණන් වහන්සේට විගත රාගාදිමල ඇති සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති රහත් ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
Pali BJT7. ඛීණාසවසතසහස්සානං{7} පඨමො ආසි සමාගමො නවුති සත සහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT7. ලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී යැ, අනූ ලක්‍ෂයක් රහතුන්ගේ ද්විතීය සන්නිපාතය වී.
Pali BJT8. අසීති සතසහස්සානං තතියො ආසි සමාගමො ඛීණාසවානං විමලානං පුප්ඵිතානං විමුත්තියා.
Sinhala BJT8. අර්‍හත්ඵල විමුක්තියෙන් විකසිත වූ විගතරගාදි මල ඇති අසූ ලක්‍ෂයක් රහතුන්ගේ තෘතීය සන්නිපාතය වී.
Pali BJT9. අහං තෙන සමයෙන සුජාතො නාම ඛත්තියො මහාභොගං ඡඩ්ඪයිත්වා පබ්බජිං ඉසිපබ්බජං.
Sinhala BJT9. එසමයෙහි මම් සුජාත නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහත් වූ භොග හැර පියා ඍෂිප්‍රව්‍රජ්‍යාවට පැමිණියෙමි.
Pali BJT10. මයි පබ්බජිතෙ සන්තෙ උප්පජ්ජි ලොකනායකො බුද්ධො’ති සද්දං සුත්වාන පීති මෙ උපපජ්ජථ.
Sinhala BJT10. මා පැවිදි වූ කල්හි බුදුහු ලොවැ පහළ වූහ. ‘බුද්ධ’ යන හඬ අසා මට ප්‍රීති උපන.
Pali BJT11. දිබ්බං මන්දාරවං පුප්ඵං පදුමං පාරිච්ඡත්තකං උභො හත්ථෙහි පග්ගය්හ ධුනමානො උපාගමිං.
Sinhala BJT11. දිවමදාරාමල් පරසතු කුසුම් දොහොතින් ගෙන සැලෙනුයෙම් බුදුන් කරා එළැඹියෙමි.
Pali BJT12. චාතුවණ්ණපරිවුතං තිස්සං ලොකග්ගනායකං තම’හං පුප්ඵං ගහෙත්වාන මත්ථකෙ ධාරයිං ජිනං.
Sinhala BJT12. මම් එකුසුම් ගෙන සිව්පිරිස් පිරිවැරූ, ලොවට එක් මැ නායක වූ තිස්ස නම් බුදුන්ගේ මස්තකයෙහි ධැරීමි.
Pali BJT13. සො’පි බුද්ධො{1} ව්යාකාසි ජනමජ්ඣෙ නිසීදිය ද්වෙනවුතෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT13. ඒ බුදුහු ද පිරිස්මැද වැඩහිඳ ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
Pali BJT14. අහු කපිලව්හයා රම්මං නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT14. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කර ක්‍රියා කොට–
Pali BJT15. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථපායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිතී.
Sinhala BJT15. තථාගතයෝ අජපාල නම් න්‍යග්‍රෝධ මූලයෙහි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
Pali BJT16. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT16. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝ තෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් බෝමුල් වෙත එන්නාහ.
Pali BJT17. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක් මුල්හි දී බුදු වන්නාහ.
Pali BJT18. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT18. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම සුදොවුන් නම් වන්නේ යැ, මේ තෙම ගොයුම් නම් වන්නේ යි.
Pali BJT19. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නා’මුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT19. ඔබට ‘කෝලිත’ යැ ‘උපතිස්ස’ යැ යන දෙදෙන අගසවු වන්නාහ. “අනඳ’ නම් තෙර කෙනෙක් පස්මරුන් දිනූ එබුදුන්ට උවැටන් කරන්නාහ.
Pali BJT20. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT20. ‘ඛේමා’ යැ උප්පලවණ්ණා’ යැ යන දෙදෙන අගසැවි වන්නාහ. එබුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
Pali BJT21. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්ද මාතා ච අග්ගා හෙස්සන්තු’ පට්ඨිකා ආයුවස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT21. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග උවට වන්නාහ. යසස් ඇති ඒ ගොයුම් ගොත් බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT22. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT22. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ” යි සතුටු වූ දෙවිමිනිස්සු–
Pali BJT23. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත සත්ත්‍වයෝ ඇඳිලිබැඳ නමස්කාර කෙරෙති.
Pali BJT24. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT24. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT25. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT26. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT27. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දසපාරමි පූරියා.
Sinhala BJT27. මම් ඒ බුදුනුදුගේ තෙපුල් අසා බෙහෙවින් සිත පැහැදවීමි, දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT28. ඛෙමකං නාම නගරං ජනසන්ධො නාම ඛත්තියො පදුමා නාම ජනිකා තිස්සස්ස ච මහෙසිනො.
Sinhala BJT28. මහර්ෂි වූ තිස්ස බුදුන්ගේ නගරය ඛේමක නම. පිය වූ ක්‍ෂත්‍රිය තෙම ‘ජනසන්‍ධ’ නම, මව පදුමා නමු.
Pali BJT29. සත්තවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී ගුහා සෙලනාරි නිසභා තයො පාසාද මුත්තමා.
Sinhala BJT29. ඒ තිස්ස බුදුහු සත් දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට ‘ගුහා’ යැ ‘සෙලනාරි’ යැ ‘නිසභා’ යැ යි උතුම් තුන් පහයෙක් වී.
Pali BJT30. සමතිංස සහස්සානි නාරියො සමලඞ්කතා සුභද්දා නාම සා නාරි ආනන්දො නාම අත්රජො.
Sinhala BJT30. මොනොවට සරසනලද තිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුභද්‍රා නම් ස්ත්‍රිය අගමෙහෙසි වූ. පුත්‍ර තෙම ආනන්‍ද නම් වී.
Pali BJT31. නිමිත්තෙ චතුරො දිස්වා අස්සයානෙන නික්ඛමි අනූනකං අට්ඨමාසං පධානං පදහී ජිනො.
Sinhala BJT31. ජිතපඤ්චමාර බුදුහු සතර පෙරනිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT32. බ්රහ්මුනා යාචිතො සන්තො තිස්සො ලොකග්ගනායකො වත්ති චක්කං මහාවීරො යසවතීදායමුත්තමෙ.
Sinhala BJT32. මහාවීර වූ තිස්ස නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු, උතුම් වූ යසවත් නම් මුවළැව්හි දී දම්සක් පැවැත්වූසේක.
Pali BJT33. බ්රහ්මදෙවො ච උදයො ච අහෙසුං අග්ගසාවකා සමඞ්ගො{1} නාමුපට්ඨාකො තිස්සස්ස ච මහෙසිනො.
Sinhala BJT33. මහර්ෂි වූ තිස්ස බුදුනට බ්‍රහ්මදේව යැ උදය යැ යන දෙදෙන. අගසවු වූහ. සමඞ්ග නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
Pali BJT34. ඵුස්සා චෙ’වා ච සුදත්තාච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො අසනො’ති පවුච්චති.
Sinhala BJT34. ඵුස්සා යැ සුදත්තා යැ යන දෙදෙන අගසැවි වූහ. එබුදුන්ගේ බෝධිය ‘පියාරුකැ’ යි කියනුලැබේ.
Pali BJT35. සම්බලො ච සිරී{2} චෙව අහෙසුං අග්ගුපට්ඨකා කිසාගොතමී උපසෙනා අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT35. ඔබට සම්බල යැ සිරි යැ යන දෙදෙන අග උවටු වූහ. කිසාගෝතමී යැ. උපසේනා යැ යන දෙදෙන අග උවට වූහ.