Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 9101-9200 න් 9627

(නිර්මිත ස්ත්‍රිය)
838. “ප්‍රියාවනි, ප්‍රශ්න කිරීමට කල් නො වෙයි මා (තොපගේ) ඇකයට ගනු, මාගේ අවයව කිඳා බස්නාක් මෙනි, මෙහොතක් (මා) හොවව” යි කිවු.
839. ඉක්බිති ශෝභන නෙත් ඇති ඕ මාගේ ඇකයෙහි හිස තබා ශයනය කළා යැ. (එ වේලෙහි) ඉතා දරුණු මකුළුවෙක් ඇයගේ නලළෙහි වැටුණි.
840. ඒ මකුළුවා වැටීම සමගම පොළක් නැඟුණේ ය. (පොළ) බිඳණ. (පුපුළේ යැ) කුණු වූ පූයා ලෙහෙ වැගිරිණි.
841. මුව ද බිඳුණේ කුණු දුගඳ ඇති වියැ, සිරුර ඉදිමි නිල් වැ පූයා වගුරුවාලී යැ.
842. වෙව්ළන සියලු අවයව ඇති ඕ වරින් වර නිශ්ශ්වාස කරන්නී සිය දුක හඟවමින් බැගෑසේ වැලපුණා යැ.
843. “දුකින් දුක්ඇති වෙමි, වේදනාවෝ (මා) පහසිත්, මහදුක්හි එවිට මම් ගැලුණා වෙමි, යෙහෙළිය, මට පිහිට වව” යි.
844. “තොපගේ මුඛශෝභාව කොහි ද? තොපගේ තුඟු නැහැය කොහි ද? තොපගේ තඹවන් බිඹුපල බඳු ලවන් කොහි ද? තොපගේ මුව කොහි ගියේ ද?
845. ඉඳුවන් උවන කොහි ගියේ ද? රන් මිහිඟු බෙරයක් බඳු ග්‍රීවා ව කොහි ගියා ද? රනෝවිලි වන් ලෙලදෙන කර්‍ණයෝ විවර්‍ණයට එළැඹියාහ.
846. පද්මකුඩ්මලාකාර (පියුම් කැකුළු බඳු) කලස් වැනි පයෝධරයෝ බිඳුණාහු කුණු වැ ගියාහු දුගඳ ඇතිබවට පැමිණියාහු යැ.
847. සිහිනිඟ හා පුළුලුකුල ඇති ඕ ඉදිමුණි වුණයෙන් කිලිටි වූවා අසූචියෙන් භරිත වූවා යැ. රූපය අශාශ්වත යැ ආශ්චර්‍ය්‍ය යි.
848. මුළා වූවෝ යම් තෙනෙකැ ඇලෙත් ද, සිරුරෙහි හටගත් ඒ සියල්ල දුඟඳ යැ, බිහිසුණු යැ, සොහොනක් සෙයින් පිළිකුලැ” යි කීමු.
849. එවේලෙහි මහාකාරුණික මාගේ බෑයා වූ ලෝකනාථයන් වහන්සේ කලකිරුණු සිතැති මා දැක මේ ගාථා වදාළසේකැ:
850. “නන්‍දාවෙනි, ලෙඩ වන, කුණු වන, වැගිරෙන අපිරිසිදු (මෙය) බලව. සිත අසුභ වශයෙන් වඩා එකඟ කරගනුව.
851. දුගඳ වහනය වය, මළ වැගිරෙන, නුනුවණ අයගේ මන වඩන, මෙය යම්සේ ද එය මෙසේ යි. එය යම්සේ ද මෙය එසේ යි.
852. රෑ දාවල් අනලස් වැ මෙසේ සිතන්නී, ඒ නිසාම සිය නැණින් එළඹ දකුව.”
853. මනාව දේශනා කළ ඒ ගාථා අසා, අතිශය වශයෙන් සංවේගයට පැමිණි මම, එහි ම සිටැ විදසුන් වඩා රහත් වීමි.
854. ඒ ඒ තන්හි සියලු කල්හි මැ ධ්‍යානපරවශ වැ, පිළිපන් මා, මාගේ ගුණය දැක බුදුරජාණන් වහන්සේ ඒතදග්‍රයෙහි තැබූ සේක.
855. - 857. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
මෙසෙයින් නන්‍දා ජනපදකල්‍යාණී මෙහෙණ මේ ගාථා පැවසූ.
පස්වැනි නන්‍දා ස්ථවිරාපදාන යි.
3. 6 සෝණාපදානය
858. මෙකපින් සුවහස්වන කප්හි සියලු දහම්හි පරතෙරැ පැමිණි (ලොවට) නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ.
859. එකල්හි සිටුකුලෙකැ සුඛිත වැ පූජිත වැ ප්‍රිය වැ උපන්නෙම් ඒ මුනීන්‍ද්‍රයන් වහන්සේ වෙතැ එළැඹැ මිහිරි වදන් ඇසූමු.
860. ජිනේන්‍ද්‍රයන් වහන්සේ පිරිපුන් වැර ඇති මෙහෙණන් අතරැ එක් මෙහෙණක අග්‍ර කොට වර්‍ණනා කළසේකැ, ඒ අසා ප්‍රමුදිත වැ ශාස්තෘන් වහන්සේට සත්කාර කොට -
861. සම්බුදුරජාණන් වහන්සේ සකසා වැඳ එවේලෙහි ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු. මහාවීරයන් වහන්සේ , “තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේව” යි අනුමෝදනා කළසේකැ, (වැළිදු වදාරනසේක්)
862. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
863. ඔබ දහම්හි දායාද (හිමි) වූ (ලොව්තුරු දහමින් උපන් හෙයින් ධර්‍මනිර්මිත වූ නමින් සෝණා නම් වූ ඖරස ශාස්තෘශ්‍රාවිකාවක් වන්නනු” යි.
864. එවිටැ එ අසා සතුටු වැ මෙත්සිත් ඇතියෙම් විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළමු.
865. ඒ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසාවට ගියමු.
866. මම් දැන් පැසුළු බෙවෙහි ද සැවැත් පුරවරයෙහි සමෘද්ධි මත් ධනාඪ්‍ය මහත් ධන ඇති සිටුකුලෙකැ උපන්මු.
867-868. යම් කලෙකැ යොවුන්බවට පැමිණියා වෙම් ද, එකලැ මම පතිකුලයට ගොස් සුරූපී දසපුත්කෙනෙකුන් දැනවූමු. සුවසේ වැඩුණු ඔහු සියල්ලෝ වෙසෙසින් දනමනනුවන් හරනාහු වූහ. අමිතුරනට ද රිසි වූහු. උහු මට ප්‍රිය වෙත් යනු කවර කථා යැ.
869. ඉක්බිති අකැමැති මා නොතකා දසපුතුන් විසින් පෙරටු කරන ලද මාගේ ඒ ස්වාමිපුත්‍ර දෙවියන්ට දෙවි වූ බුදුරදුන් සසුන්හි පැවිදි වූයේ යි.
870. එකල්හි එකලා වූවා (මෙසේ) සිතූමු: “සැමියා හා පුතුන් විසින් හැරදමනලද මහලු ද වූ පින්මද මට ජීවිතයෙන් කමෙක් නැති.
871. යම් තෙනකැ මාගේ ස්වාමිපුත්‍ර පැමිණියේ ද, මම් දු එහි යන්නෙමි.” මම මෙසේ සිතා බුදුසසුන්හි පැවිදි වූමු.
872. ඉක්බිති භික්‍ෂුණීහු “ජලය රත් කරව යි” යි මෙහෙණවරෙහි එකලා වූ මා හැරපියා භික්ඛුනෝවාදය අසන්නට ගියාහු යැ.
873. එකල්හි දිය ගෙනවුත් සැලෙකැ වත් කොට උදුනෙහි තබා ඉක්බිති හුන්නෙම් සිත සමාධිගත කළමු.
874. ස්කන්‍ධ අනිත්‍ය වශයෙන් දුඃඛවශයෙන් අනාත්ම වශයෙන් දැක සියලු ආස්‍රව සිඳපියා රහත්බවට පැමිණියමු.
875. එවිටැ භික්‍ෂුණීහු අවුත් හුණුදිය පුළුවුත්හු. (මම) තේජෝ ධාතුව ඉටා ජලය වහා හුණු කළමු.
876. විශ්මයට පත් ඔහු තෙල කරුණ ජිනවරයන් වහන්සේට ඇස්වූහ. එ අසා සතුටු වූ නාථයන් වහන්සේ මේ ගාථාව වදාළ සේකැ.
877. “වත්පිළිවෙත් ආදියෙහි මැලි හෙයින් කුසීත වූ කායික චෛතසික වීර්‍ය්‍ය රහිත යමෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වේ ද, ඔහුගේ ජීවත් වීමට වඩා දැඩි සේ වැරවඩන පුඟුල්හුගේ එක්දවසක් ජීවත් වීම උතුමි.”
878. මාගේ මනා පිළිවෙතින් මහාවීරයන් වහන්සේ ආරාධිතහ (සතුටු කරන ලද). ඒ මහාමුනිවරයන් වහන්සේ මා රුකුළු වැර ඇති මෙහෙණන් අතරැ අග්‍ර කොට වදාළ සේකි.
879-881. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් සෝණා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
සවැනි සෝණා ස්ථවිරාපදාන යි.
3. 7 භද්දකාපිලානි අපදානය
882. සියලු ධර්‍මයන්හි චක්‍ෂුර්මත් වූ (සියලු ධර්‍ම දත්) (ලොවට) නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ මෙයින් ලක්‍ෂයක් වන කප්හි (ලොවැ) පහළ වූ සේකැ.
883. එසමයෙහි හංසවතී නුවරැ නමින් විදේහ නම් වූ බොහෝ රන්රුවන් ඇති සිටුවරයෙක් වියැ, මම ඔහුගේ භාර්‍ය්‍යා වූමු.
884. කිසියම් දිනෙකැ හේ පිරිවරජනයා සහිත වැ නරාදිත්‍යයන් (බුදුරදුන්) වෙතැ එළැඹැ නිවන්සුව එළවන බුදුදහම් ශ්‍රවණ කෙළේ යැ.
885. බුදුරජාණෝ ධූතවාදී භික්‍ෂූන් අතරැ එක් ශ්‍රාවකයකු අග්‍ර කොට වදාළහ. එ අසා සිටු තෙමේ තාදී ගුණ ඇති බුදුරදුනට සත්දිනක දනක් දී -
886-887. දොහොත් මුදුන් නඟා සිරිපා නැමැද ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කෙළේ යි. එවිට නරෝත්තම බුදුරජාණන් වහන්සේ පිරිවර ජනයා ප්‍රීතිමත් කරවමින් සිටුහට අනුකම්පා පිණිස මේ ගාථා වදාළසේකැ: ‘දරුව නිවුනෙක් වන්න, පැතූ තනතුර මතු ලබන්නෙහි.
888. මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගොතින් ගෞතම නම් වූ සතරහු (ලොවැ) පහළ වන්නාහ.
889. ඔබ දහමට හිමි වූ දහමින් නිපන් නමින් කසුප් නම් වූ උරෙහි දා ස්ථිර සව්වෙක් වන්නෙහි.”
890. එවිටැ එ අසා ප්‍රමුදිත වැ විනායක ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙත් සිත් ඇතියේ සිවුපසයෙන් දිවිහිම් කොට උවටැන් කෙළේ යි.
891. ඒ තථාගතයන් වහන්සේ අන්තොටුවන් ද මැඩ විනෙදනා ද විනයනය කොට සසුන් බබුළුවා සව්වන් සහිත වැ පිරිනිවිසේකි.
892-893. ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෘ වූ ඔබ පුදනු පිණිස නෑ - මිතුරන් කැඳවා ඔවුන් සමඟ දිලියෙන සූර්‍ය්‍යයා වැනි පිපුණු ශාලවෘක්‍ෂ රාජයකු වැනි සත් යොත්නක් උස් වූ රත්නමය ස්තූපයක් කරවූයේ යැ.
894. ඒ සෑයෙහි නඩාග්නියක් (ඇවිලගත් හුණුවනයක්) සෙයින් දිලියෙන සත් සියදහසක් පාත්‍රාකෘතීහු සත්රුවනින් මැ කරවූයේ යැ.
895. සියලු සත්නට අනුකම්පා කරන මහර්ෂීන් වහන්සේට පූජා පිණිස සුවඳ තෙලින් (පාත්‍ර) පුරවා එහි පහන් දැල්වූයේ යැ.
896. මහර්ෂීන් වහන්සේට පූජා පිණිස රුවනින් මැ පිරුණු සත් සියදහසක් පුන්කුඹු කරවූයේ යැ.
897. කුඹු මධ්‍යයෙහි අටෙන් අටෙන් රන්ඇගෑහු ඔසවනලදහ. සරා කල්හි හිරුසෙයින් (ඔහු) පැහැයෙන් වෙසෙසින් බබළයි.
898. සිවුදොරහි රුවන්මුවා තොරණහු හොබිති, ඔසවන ලද රුවන්මුවා සිත්කලු පුවරුහු ද හොබිත්.
899. (සෑය) වටා බඳනාලද මනාසේ නිමවනලද අවතංසයෝ බබළති, ඔසවනලද රුවන් පතාක ද බබළත්.
900. ඉතා රතු මොනොවට කළ රුවන්මුවා තෙලසෑය සැඳෑ වලා සහිත හිරුසේ පැහැයෙන් වෙසෙසින් බබළයි.
901. ස්තූපයාගේ වේදිකා තුනෙකි. එකක් හිරියෙලින් (රන්වන් ගෛරිකයෙන්) ද එකක් මනෝසිලා (රතුගෛරික)යෙන් ද, එකක් අඤ්ජන (කළු ගෛරික)යෙන් ද පිරවි.
902. උත්තමවාදී වූ බුදුරදුනට තෙල බඳු රම්‍ය පූජා පවත්වා සඟනට දිවිහිම් කොට ශක්තිපමණින් දන් දුන්නේ යි.
903. මම ඒ සිටුහු සමග දිවි ඇති තාක් සර්‍වප්‍රකාරයෙන් ඒ පුණ්‍යකර්‍ම සිදු කොට එක් වැ මැ සුගතියට ගියමු.
904. දෙව් බවෙහි ද වැළි මිනිස් බවෙහි ද සැපත් වළඳා සිරුරින් සෙවනැල්ල මෙන් ඔහු සමග මැ සැරූමු.
905. මෙකපින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු දහම් වෙසෙසින් දක්නා ලෝකනායක විදර්ශී බුදුරජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
906. එසමයෙහි මේ සිටු තෙමේ බන්‍ධුමතී නගරයෙහි ශාස්ත්‍රාගමයෙන් ආඪ්‍ය, ධනයෙන් ඉතා දුගී වූ බමුණෙක් වී.
907-908. එකල්හි දු මම සම අදහස් ඇති ඔහුගේ බැමිණි (බිරිය) වූමු. ඒ බමුණු උතුමා කිසියම් දිනෙකැ පිරිස් මැද වැඩහුන් අමා දහම් දෙසන මහමුනිඳුන් හමු වියැ. දහම් අසා තුටුපත් වූයේ (හැඳ පෙරැ වූ දේවතින්) එක්වතක් (මුනිඳුනට) දුන්නේ යැ.
909. එක්වතකින් යුතු වැ ගෙට අවුත් තෙල මට කී: “මහා නුවණැත්ත, (මා විසින්) බුදුරදුනට සළුවක් දෙන ලදි, (එපින්) අනුමෝදන් වව” යි.
910. එසඳ මම් අතිශයින් ප්‍රීතියට පැමිණියා ඇඳිලි බැඳ “හිමියනි, තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට සළුව මොනොවට දෙන ලදැ” යි අනුමෝදන් වූමු.
911. (හේ) සුඛිත වූයේ සව්සැපතින් සැදුණේ කුදුමහත් බෙවෙහි සරනුයේ (එක් කලෙකැ) සිත්කලු බරණැස් පුරයෙහි රජ වූයේ යැ.
912. එසමයෙහි මම ඔහුට මෙහෙසි වූමු, ඔහුගේ (අන්තඃපුර) ස්ත්‍රීසමූහයාට උතුම් වූමු. පූර්‍වජාතිසේනහ හේතුයෙන් ස්වාමියාට ප්‍රිය වූමු.
913. හේ පිඬු පිණිස හැසිරෙන අට පසේබුදු කෙනකුන් දැක සොම්නස් වැ මහාර්‍හ පිණ්ඩාහාරයක් දී -
914-915. යළි නිමන්ත්‍රණ කොට රත්නමය මණ්ඩපයක් තනා තරහලුන් විසින් කරන ලද රන්මුවා සියහත් සැතක් (නඟා) ඒ සියලු පසේබුදුන් වහන්සේ එහි වැඩම කරවා රන් අසුන්හි වැඩහුන් ඔබට සියතින් දන් දුන්නේ යි.
916. එසඳ මම ඒ දන් ද කසීරජු හා එක් වැ දුන්මු. යළි මම් බරණැස දොරගමෙකැ උපනුමු.
917. හේ (බරණැස් රජ) සමෘද්ධිමත් කෙළෙඹි කුලෙකැ බෑයන් සහිත වූයේ සුඛිත වැ උපන්නේ යැ. මම දෙටු බෑයාගේ මනා පතිව්‍රත ඇති භාර්‍ය්‍යා වූමු.
918. පසේබුදු කෙනකුන් දැක මාගේ සැමියාගේ කණිටු බුහුන ඔහුගේ අහර කොටස (පසේබුදුනට) දී ඔහු ආකල්හි (එය) කීවා යැ.
919. හේ දානය අභිනන්‍දන නො කෙළේ යැ. (සතුටු නො වියැ) මම එ අහර (පසේමුනිඳුන්ගේ පාත්‍රයෙන්) උකහා ගෙන ඔහුට දුන්මු. හේ යළි ඔබට මැ දුන්නේ යි.
920. එකල්හි මම් ද්වේෂිත වූවා එ අහර ඉවතැ ලා පසේ බුදුරදුන්ගේ පාත්‍රය කලලින් පිරුණක් කොට අකම්ප්‍ය ගුණ ඇති ඔබට දුන්මු.
921. දීමෙහිත් ගැනීමෙහිත් අමේධ්‍යයෙහි හා පද්මයෙහි යම්සේ ද එසේ සමසිත් ඇති මුහුණ දැක එකල්හි මම බෙහෙවින් සංවේගයට පැමිණියෙමු.
922. නැවත පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන්සිත් ඇති වැ පාත්‍රය පුරා ගිතෙල් සහිත සකුරු දුන්මු.
923. යම් යම් තෙනෙකැ උපදනෙම් ද දාන හේතුයෙන් සුරූප වෙමි. පසේබුදුනට (කළ) අපකාර හේතුයෙන් දුගඳ මුව ඇති වෙමි.
924. යළි කසුප් බුදුරදුන්ගේ සෑය නිමවන කල්හි ප්‍රමුදිත වූ මම රන්මුවා ගඩොලක් දුන්මු.
925. සිවුදෑගඳින් ඒ ගඩොල ලබා දුගඳදොසින් මිදුණී සියල් අඟින් මොනොවට යුතු වූමු.
926-927. (මාගේ ස්වාමිපුරුෂ) සත්රුවනින් මැ ගිතෙල් පුරාලු (පහන්) තැටි සත්දහසක් කරවා දහස්ගණනින් වැටි ද බහා (එ පහන්) දල්වා වෙසෙසින් පහන් වූ සිතින් යුතු වැ ලෝකනාථයන් වහන්සේ ට පූජා පිණිස පඞ්කති (පේලි) සතක් කොට තැබූයේ යි.
928. එදවසැ ද මම් එපින්කම්හි වෙසෙසින් සහභාගිනී වූමු. යළි (ස්වාමිපුරුෂ) කසී දනවුහි උපන්නේ සුමිත්‍ර යයි ප්‍රසිද්ධ වූයේ යැ.
929. මම ඔහුට භාර්‍ය්‍යා වූමු. සුඛිත වූවා සර්‍වාකාරයෙන් සජ්ජිත වූවා ප්‍රිය වූමු. එකල්හි දු (ස්වාමිපුරුෂ) පසේ බුදුකෙනෙකුන්හට ඝන (රන්) නළල්පටක් දුන්නේ යැ.
930. උතුම් දානය අනුමෝදන් වැ ඒ පුණ්‍යකර්‍මයට ද සහභාගිනී වූමු. යළිදු (ස්වාමිපුරු) කසීරට කෝලිය ජාතියෙහි උපන්නේ යැ.
931. එසඳ (හේ) කෝලියපුතුන් පන්සියයක් සමඟ පන්සියයක් පසේබුදුන් වහන්සේට උපස්ථාන කෙළේ යැ.
932. තෙමසක් මුළුල්ලෙහි (බොජුනෙන්) සතප්වා තුන්සිවුරු ද දුන්නේ යි. එකලැ (මම) පුණ්‍යකර්‍මපථානුගත වූ ඔහුගේ භාර්‍ය්‍යා වූමු.
933. (හේ) එතැනින් ච්‍යුත වූයේ මහායශස් ඇති නන්‍ද නම් රජ වූයේ යැ. (මම් ද) ඔහුට සියලුකාමයෙන් සමෘද්ධ වූ මෙහෙසි වූමු.
934-935. එකලැ හේ බඹදත් රජ වැ පදුමවතීගේ පුතුන් වූ පන්සියයක් පසේමුනිඳුන් රාජෝද්‍යානයෙහි නිවාසග්‍රහණ කරවා දිවිහිම් කොට උපස්ථාන කෙළේ යැ. පිරිනිවන් පෑ කල්හි දු ඔබ පිදුයේ යි.
936. චෛත්‍යය ද කරවා අපි දෙදෙන පැවිදි වැ අප්පමඤ්ඤා වඩා බඹලොව ගියෙමු.
937. (හේ) එයින් ච්‍යුත වූයේ මහාතිත්‍ථ බමුණුගම පිප්‍ඵලායන නමින් උපන්නේ යැ. මවු සුමනදේවි නම් වූ කෝසියගොත්ත බමුණු පියා වියැ.
938. මම මදද දනවුහි සාගල පුරවරයෙහි කපිල බමුණුහුගේ දුහිතෘ වූමු. මවු සුවිමතී නම් වූ.
939. පිය තෙමේ ඝනරන් ප්‍රතිබිම්බයකින් මා පිළිරුව නිමවා කාමාසායෙන් තොර වූ කස්සප ධීරයන් (පිප්‍ඵල මාණවකයන්) හට මා (සරණ කොට) දුන්නේ යි.
940. කිසියම් දිනෙකැ හේ (මාගේ ස්වාමිපුරුෂ) කර්‍මාන්ත ස්ථානය දක්නට ගොස් කාකාදීන් විසින් කනු ලබන පණුවන් දැක සංවේගයට පත් වියැ.
941. මම් දු එවේලෙහි ගෙහි වූ තල අව්වෙහි ලා වියලන කල්හි කවුඩන් විසින් කනුලබන කෘමීන් දැක සංවේග ලත්මු.