5513. එම දිව්‍යලෝකයෙහි දිව්‍යමය වූ නෘත්‍යයෙන් වාද්‍යයෙන් ගීතයෙන් කුශලකර්‍මය සමග යෙදුනු සුවය හැම කල්හි විඳිමි.
5514. දිව්‍ය වූ ද යලි මනුෂ්‍ය වූ ද යම් යම් යෝනියක උපදිම් නම් මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
5515. මම බුදුරජුන්හට ඵල (දානය) දී සමුද්‍ර සහිත වූ පර්‍වත සහිත වූ සිවුමහදිවයින් යම් පමණ නම් (එ පමණ තන්හි) මාගේ ආධිපත්‍යය කරමි.
5516. මේ පක්‍ෂිසමූහයෝ යම්තාක් අහස් නැගයෙත් ද, ඔහු ද මාගේ වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යී.
5517. වනසණ්ඩයෙහි යම්තාක් යක්‍ෂයෝ ද භූතයෝ ද රාක්‍ෂසයෝ ද කුම්භාණ්ඩයෝ ද ගුරුළෝ ද වෙත් නම් ඔහු මාගේ පාරිචරියාවට (=මෙහෙවරට) පැමිණෙත්.
5518. ඉදිබුවෝ ද බල්ලෝ ද මීමැස්සෝ ද ඩැහැ ලේ බොන මැස්සන් හා මදුරුවන් හා දෙවග දැයි ඔහු මා වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5519. පක්‍ෂියෝනියෙහි උපන් මහත් බල ඇති සුපර්‍ණ නම් වූ ගුරුළු පක්‍ෂීහු වෙත් නම් ඔහු ද මා සරණ කොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5520. දීර්‍ඝායුෂ්ක වූ ඍද්ධිමත් වූ මහත් යශස් ඇති යම් නාගයෝ වෙත් නම් ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
5521. සිංහ ව්‍යාඝ්‍ර දිවි වලස් වෘක කරබානා වලස් යන ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
5522. ඔෂධි තෘණ (වෘක්‍ෂාදියෙහි) වාසය කරන්නා වූ ද අහසෙහි වාසය කරන්නා වූ ද යම් දෙවියෝ වෙත් නම් ඒ සියල්ලෝ මා සරණකොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5523. දර්‍ශනයට අතිශයින් දුෂ්කර වූ ඉතා සියුම් වූ ගැඹුරු වූ මැනැවින් පවසනලද (නිවණ) පසක් කොට වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5524. මම අෂ්ටවිමෝක්‍ෂයන් ලබා ආස්‍රව රහිත වූයෙම් ප්‍රඥා ඇත්තෙම් වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5525. මහත් යශස් ඇති ක්‍ෂය කරණ ලද දොස් ඇති ඵලස්ථ වූ යම් බුද්ධපුත්‍රකෙනෙක් වෙත් නම් ඔවුනතුරෙන් මම ද එක්තරා කෙනෙක් වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5526. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් අභිඥාවන්හි කෙළ පැමිණ සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
5527. ත්‍රිවිද්‍යා ඇත්තා වූ ද ඍද්ධිප්‍රාත්ප වූ ද මහත් යශස් ඇත්තා වූ ද දිවකන් ලද්දා වූ ද යම් බුද්ධපුත්‍රකෙනෙක් වෙත් නම් මම ද ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමි.
5528. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5529. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5530. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5531. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සබ්බඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බඵලදායක ස්ථවිරාවදානය නවවැනියි.
520. පදුමධාරක ස්ථවිරාවදානය
5532. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් විය. එකල්හි සම්භව නම් (පසේ බුදුරජතෙමේ ද) අභ්‍යවකාශයෙහි විසී ය.
5533. මම භවනයෙන් නික්ම උන්වහන්සේට පියුමක් දරා සිටියෙමි. එක්දිනක් (පියුම) දරා සිට නැවත භවනයට ආමි.
5534. මෙයින් එක්තිස්වන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5535. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5536. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් භද්‍ර විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5537. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පදුමධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමධාරක ස්ථවිරාවදානය දසවැනියි.
ඵලදායකවර්‍ගය දෙපණස් වැනියි.
උද්දානය:
කුරඤ්ජිය කපිත්‍ථ කොසුම්භ සහ කෙතක නාගපුප්ඵ අජ්ජුන කුටජිඝෝසසඤ්ඤත, සබ්බඵලදායක පදුමධාරක දස වේ. තුන්ගයකින් වැඩි අසූගයක් මෙහි ඇති.
53. තිණදායක වර්‍ගය
521. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
5538. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයක් විය. එහි එලිමහන්හි උපතිස්ස නම් සම්බුදුරජහු සක්මන් කළසේක.
5539. මම පෙර මහාවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම ඒ දේවාතිදේව වූ (පසේබුදුරජුන්) දැක තණමිටක් දුනිමි.
5540. එය බුදුරජුන් හට හිඳීම සඳහා දී සිත පැහැදවීමි. සම්බුදුරජුන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
5541. ගිය නො බෝ වේලාවකින් ම සිංහයෙක් තෙම මා පෙළීය. සිංහයා විසින් හෙළන ලදුයෙම් මම එහි කලුරිය කෙළෙම් වෙමි.
5542. මරණාසන්න කල්හි මා විසින් ආස්‍රව රහිත බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි ඒ කර්‍මය කරණ ලදී. මම (දුන්නෙන්) මිදුණ හීවේගයක් සෙයින් දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5543. පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ එහි නිර්මිත වූ විමානය ශුභ එකක් විය. දහසක් බෙදුම් ඇත්තේ ය. සියක් ගෝලාකාර මුදුන් ඇත්තේ ය. ධජයන්ගෙන් යුක්තය. පලා වන් ය.
5544. උදා වූ හිරු සෙයින් ඒ ප්‍රාසාදයාගේ පැහැ විහිදේ. මම දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරනලද්දෙම් කම් සැප කැමැත්තෙම් සතුටු විමි.
5545. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් ච්‍යුතව මිනිසත් බවට පත්ව ආස්‍රවක්‍ෂයට (-රහත්බවට) පැමිණියෙම් වෙමි.
5546. මෙයින් සිවුඅනූවන කපෙහි මම නිසීදනයක් (-අතුරා හිඳීමට තණමිටක්) දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තණමිටක් දීමෙහි මේ විපාක යි.
5547. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5548. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5549. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
522. මඤ්චදායක ස්ථවිරාවදානය
5550. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් පහන්සිතින් යුතුව සියතින් ම එක් ඇඳක් දෙන ලදී.
5551. එම මඤ්චදානය හේතුකොට ගෙණ හස්තියාන, අශ්වයාන, දිව්‍යයානයන් ලබමි. ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
5552. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මඤ්චදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
5553. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5554. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5555. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඤ්චදායක ස්ථවිරාවදානය දෙවැනියි.
523. සරණගමනිය ස්ථවිරාවදානය
5556. එකල්හි ආජීවකයෙක් වූ මම ද භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුනම මට සරණ දුන්නේ ය.
5557. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි ඒ භික්‍ෂුතෙම මට යම් සරණයක් දුන්නේ ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ ඵලයයි.
5558. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5559. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5560. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනිය ස්ථවිරාවදානය තෙවැනියි.
524. අබභඤ්ජනදායක ස්ථවිරාවදානය
5561. මම බන්‍ධුමතී නගරයෙහි රජඋයන්හි වසමි. එකල්හි මම නම් හඳිත කමඬලා දරණ තවුසෙක් වීමි.
5562. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත (පස්මරුන් පැරද වූ) ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇලුනා වූ (පඤ්ච ධ්‍යාන) වසිතාවන්ගෙන් යුක්ත වූ නිර්‍මල වූ බුදුරජුන් දුටිමි.
5563. සියලු අභිමතාර්‍ත්‍ථයන් සමෘද්ධ කළා වූ චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ (බුදුරජුන්) දැක මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ඇඟගල්වන තෙලක් දුනිමි.
5564. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් අබ්භඤ්ජනයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අබ්භඤ්ජනදානයාගේ මේ විපාක යි.
5565. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5566. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5567. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අබ්භඤ්ජනදායකස්ථවිරාවදානය සිවුවැනියි.
525. සුපටදායක ස්ථවිරාවදානය
5568. විපස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්මුනේ ය. (මම) උන්වහන්සේ (දැක) සැහැල්ලු වූ මනා වස්ත්‍රයක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
5569. මම මෙයින් එක් අනූවන කපෙහි මනා වස්ත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මනා වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
5570. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5571. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5572. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සුපටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපටදායක ස්ථවිරාවදානය පස්වැනියි.
526. දණ්ඩදායක ස්ථවිරාවදානය
5573. මම එකල්හි මහවනයට පිවිස හුණ (ගසක්) කපා එල්බෙන දණ්ඩක් (සැරයටියක්) කොට මම සඞ්ඝයාට දුනිමි.
5574. එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මනා ව්‍රත ඇති සඞ්ඝයාට වැඳ ආලම්බනදණ්ඩ (=සැරයටිය) දී උත්තරදිශාභිමුඛව ගියෙමි.
5575. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් ආලම්බන දණ්ඩක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සැරයටි දනෙහි මේ විපාක යි.
5576. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5577. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5578. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් දණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දණ්ඩදායක ස්ථවිරාවදානය සවැනියි.
527. ගිරිනෙලපූජක ස්ථවිරාවදානය
5579. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පැමිණි (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5580. සව්සතුන්හට හිත කිරීමෙහි ඇලුනු මහාකාරුණික වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ගිරිනිල් මලක් පිදීමි.
5581. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5582. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5583. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5584. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.