Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 7001-7100 න් 9627

5372. සැට දහසක් තූර්‍ය්‍ය වාදකයෝ උදය සවස උවැටන් කළාහුය. (ඔහු) රෑදාවල් අනලස්ව නිරතුරු මා පිරිවරත්.
5373. එහි නෘත්‍යයෙන්, ගීතයෙන්, තාලයෙන්, වාදිතයෙන්, ක්‍රීඩාරතියෙන් සිත් අලවා වසමි. මම කාමසම්පත් කැමැත්තෙම් සතුටු වෙමි.
5374. එකල්හි ඒ තිදසෙහි අනුභව කොට පානය කොට මුදිත වෙමි. උතුම් විමනෙහි ස්ත්‍රීගණයා සමග සතුටු වෙමි.
5375. මම පන්සියවරක් දෙව්රජය කරවීමි. තුන්සියවරක් සක්විති රජ වීමි. ලැබූ මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
5376. කුදුමහත් භවයෙහි හැසිරෙන්නෙම් මම මහත් භෝගසම්පත් ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුවෙක් නැත. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5377. දිවඅත්බව්හි ද යලි මිනිසත්බව්හි ද - දෙඅත් බව්හි සැරිසරමි. අන් ගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
5378. කැත්කුලෙහි ද බමුණුකුලෙහි ද - මේ දෙකුලෙහි උපදිමි නීචකුලයක නූපදිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
5379. හස්තියාන ද අශ්වයාන ද සිවිකා ද ස්‍යන්‍දන රථ ද මේ සියල්ල ම ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5380. දාසිසමූහයා ද දාසසමූහයා ද මැනැවින් සරසන ලද ස්ත්‍රීන් ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5381. කෝසෙය්‍ය ද කම්බිලි ද කොමු හා කපුපිළි ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5382. නවවස්ත්‍ර ද නවඵලද අභිනව අග්‍රරස භෝජන ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5383. ‘මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සයනය කරව’ යන මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5384. හැම තන්හි පුදන ලදුයෙම් වෙමි. මාගේ කීර්තිය උස්ව පැන නැංගේ ය. හැම කල්හි මහත් වූ පක්‍ෂ (සමූහ) ඇත්තෙම් වෙමි. හැම කල්හි නො බෙදුනු පිරිස ඇත්තෙම් ද වෙමි. නෑයනට උතුම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5385. ශීත, උෂ්ණ නො දනිමි. පරිඩාහ (දැවිලි) නැත. වැළි මාගේ සිත්හි චෛතසික දුකෙක් නැත.
5386. භවයෙන් භවයෙහි ස්වර්‍ණවර්‍ණව සැරිසරමි. විවර්‍ණ බවක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5387. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් ච්‍යුතව සැවැත් පුරයෙහි ඉතා ආඪ්‍ය වූ මහාසාරකුලයක උපන්නෙමි.
5388. පස්කම්ගුණ හැර සස්නෙහි පැවීද වීමි. උපතින් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
5389. පසැස් ඇති බුදුරජ තෙම ගුණ දැන (මා) උපසම්පදා කරවී ය. මම තරුණ වූ පිදිය යුත්තෙක් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5390. මාගේ දිවැස පිරිසිදු ය. මම සමාධියෙහි දක්‍ෂයෙමි. අභිඥාවන්හි කෙළ පැමිණියෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5391. පැමිණි ප්‍රතිසම්භිදා ඇත්තෙම් වෙමි. ඍද්ධිපාදයන්හි දක්‍ෂවූයෙම් වෙමි. ධර්‍මයන්හි කෙළ පැමිණියෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5392. තිස්දහස්වන කපෙහි යම් බුදු කෙනෙකු පිදුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො ම දනිමි. බුද්ධපූජාවෙහි මේ ඵලයයි.
5393. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5394. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් තිකණිකාරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකණිකාර පුප්ඵියස්ථවිරාවදානය පළමු වැනියි.
502. ඒකපත්තදායක ස්ථවිරාවදානය
5396. මම හංසවතී නගරයෙහි කුම්භකාරයෙන් (කුඹලෙක්) වීමි. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5397. මම මැනැවින් කරණලද මැටිපයක් (=පාත්‍රයක්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි. (කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ තාදීගුණ ඇති බුදුරජුන්හට පාත්‍රය දී-
5398. භවයෙහි උපන්නා වූ මම රන්තලි ලබමි. රජතමය වූ ස්වර්‍ණමය වූ මණිමය වූ තැටි ද-
5399. භාජන පරිභෝග කරමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි. මම යශසට ද ධනයට ද පාත්‍ර (හිමි) වූයෙම් වෙමි.
5400. යම් සේ සොඳුරු කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජය මැනැවින් වැසි ලැබෙන කල්හි සස්‍යඵලය ගොවියා සතුටු කෙරේ ද,
5401. එසේ ම බුද්ධක්‍ෂේත්‍රයෙහි රෝපණය කරණ ලද මෙම පාත්‍රදාන බීජය ප්‍රීතිධාරා වස්නා කල්හි (විපාක) ඵලය මා සතුටු කරන්නේ ය.
5402. සඞ්ඝයා වූ ද ගණයා වූ ද යම්තාක් (පුණ්‍ය) ක්‍ෂේත්‍රයෝ විද්‍යමාන වෙත් ද, සව්සත්නට සුව දෙන්නා වූ බුද්ධක්‍ෂේත්‍රය සමාන කෙතක් (නම්) නැත.
5403. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. එක පාත්‍රයක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
5404. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් පාත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාක යි.
5405. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5406. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5407. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකපත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපත්තදායක ස්ථවිරාවදානය දෙවැනියි.
503. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය
5408. කඳු අතරෙහි වැඩ හුන්නා වූ (පිපී ගිය) කිණිහිරිරුකක් සේ බබලන (කෙලෙස්) රජස් විරහිත ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.
5409. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිස ඇඳිලි බැඳ කටුඑරමිණිය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
5410. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කටුඑරමිණිය ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
5411. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5412. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5413. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.
504. අවටඵලිය ස්ථවිරාවදානය
5414. පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කළ දහසක් රැස් ඇති භාග්‍යවත් තෙමේ විවෙක (සමාධි) යෙන් නැගිට පිඬු පිණිස නික්මුණේ ය.
5415. (එසේ නික්මුණු) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක මම ඵල ගත් අත් ඇත්තෙම් උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයේ අවට ඵලයක් දුනිමි.
5416. මෙයින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5417. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5418. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5419. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අවටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අවටඵලියස්ථවිරාවදානය සිවුවැනියි.
505. වාරඵලිය ස්ථවිරාවදානය
5420. මම වීථියට පිළිපන් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ සම්බුදුරජුන් හට වාරඵලයක් දුනිමි.
5421. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5422. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5423. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5424. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වාරඵලියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වාරඵලියස්ථවිරාවදානය පස්වැනියි.
506. මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය
5425. පණුරැසි දිනයෙහි සඳු මෙන් බබලන්නා වූ කිණිහිරි රුකක් වැනි වූ ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් දිලෙන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
5426. මම නාරන් ගෙඩියක් ගෙණ දක්‍ෂිණාර්‍හ වූ ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
5427. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5428. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5429. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5430. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් මාතුලුඞ්ගඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය සවැනියි.
507. අජෙලිඵලදායක ස්ථවිරාවදානය
5431. එකල්හි චරණධර්‍මයන්ගෙන් සම්පූර්‍ණ වූ සමාධියෙහි දක්‍ෂ වූ මෝනෙය්‍යගුණ යුත් අජ්ජුන නම් සම්බුදු (පසේබුදු) රජ තෙමේ හිමවතෙහි වැඩ විසී ය.
5432. මම ඒ ශාස්තෲන් වහන්සේ හට කළයක් පමණ වූ අජෙලි ඵලයක් ද ජීවජීවක ද ඡත්‍රපර්‍ණ ද ගෙන දුනිමි.
5433. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5434. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5435. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5436. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අජෙලිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජෙලිඵලදායක ස්ථවිරාවදානය සත් වැනියි.
508. අමෝදඵලිය ස්ථවිරාවදානය
5437. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් (දැක) අමෝද ඵලයක් දුනිමි.
5438. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5439. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5440. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5441. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අමෝදඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අමෝදඵලිය ස්ථවිරාවදානය අටවැනියි.
509. තාලඵලදායක ස්ථවිරාවදානය
5442. සියල්ල තෙමේ ම අවබෝධ කරගත් පස්මරුන් දිනූ සතරංසී නම් භාග්‍යවත් (පසේබුදු?) තෙම විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩියේ ය.
5443. මම (උන්වහන්සේ) දැක පල ගත් අත් ඇත්තෙම් නරාසභයන් වහන්සේ වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල් පලයක් දුනිමි.
5444. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5445. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5446. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5447. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.