4450. මම එහි දික්සඟලාපුටු තනන්නා වූ සැඩොලෙක් වීමි. එම කර්‍මාන්තයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරු පෝෂණය කරමි.
4451. මම පහන් වූයෙම් සියතින් ම දික්හඟලා පුටුවක් මැනවින් කොට තමන් ම ගොස් භික්‍ෂුසඞ්ඝයාට දිනිමි.
4452. මැනවින් කරණ ලද කර්‍මය ද චිත්තප්‍රණිධීන් ද කරණකොට ගෙණ මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
4453. දෙව්ලොව ගියෙම් තිදස්දෙව්ගණයෙහි සතුටු වෙමි. රිසි සේ මාහැඟි සයනයෝ නිපැයෙත්.
4454. පණස් වරක් දේවේන්‍ද්‍ර වූයෙම් දිව්‍ය රාජ්‍යය කරවීමි. අසූවරක් සක්විති රජ වීමි.
4455. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. සුඛිත වූයෙම් යශස් ඇත්තෙම් ද වෙමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
4456. ඉදින් දෙව්ලොවින් ච්‍යුතව මිනිස් ලොවට එම් නම් මට මාහැඟි සයනයෝ තුමූ ම පහළ වෙත්.
4457. මේ මාගේ පශ්චිම වූ අන්තිම භවය පවතී. අදත් හෝනා කල්හි සයනයක් එළඹ සිටී.
4458. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
4459. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4460. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4461. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි
මඤ්චදායක ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
භද්දාලි ඒකඡත්ත තිණසූල ද මංස ද නාගපල්ලවික දීපී උච්ඡඞ්ගී යාගුදායක පත්‍ථොදනී මඤ්චදද දසවත් ය මෙහි දැක් වූ දෙසිය එක් ගයකින් එය ගිණූයේ.
භද්දාලිවර්‍ගය දෙසාළිස් වැනි යි.
43. සකිංසම්මජ්ජක වර්‍ගය
421. සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය
4462. විපස්සී බුදුරජුන්ගේ උතුම් වූ පාටලී (=පළොල්) බෝධි වෘක්‍ෂරාජයා දැක එහි සිත පැහැද වීමි.
4463. එකෙණෙහි මම මුස්න ගෙණ බෝ (මළුව) හැමැද්දෙමි. හැමැද ඒ පාටලී බෝධියට වැන්දෙමි.
4464. මම එහි සිත පහදවා හිසෙහි ඇඳිලි බැඳ ඒ බෝධියට (ගෞරවයෙන්) නැමුනෙම් (ඉවත්ව) ගියෙමි.
4465. (මම) උතුම් බෝධිය සිහිකෙරෙමින් අඩිපාරකින් යමි. (එහි දී) මහත් බල ඇති ඝෝර රූප වූ පිඹුරෙක් මා පෙළී ය.
4466. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද (බෝධිපූජා) කර්‍මය විපාකයෙන් මා සතුටු කරවී ය. (පිඹුරා) මාගේ ශරීරය ගිලියි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
4467. මාගේ සිත හැමකල්හි නිශ්චල ය. පිරිසිදු ය. නිර්‍මල ය. ශෝකශූලයක් හෙවත් ශෝකයෙන් ඇතිවන පීඩාවක් නො දනිමි. මාගේ චිත්තසන්තාපයක් ද නො දනිමි.
4468. කුෂ්ට ය, ගණ්ඩ (=ගෙඩි) ය, කිලාස (=කැසිලි) ය. අපස්මාර (=මීමැස්මොර) ය, විතච්ඡිකා (සම ගැල්වී යන කුෂ්ට) ය, දද්දු (=දද) ය, කණ්ඩු (=කැසුම්) ය යන මේ රෝගයෝ මට නැත. මේ හැමදීමේ විපාක යි.
4469. ශෝකය ද, පරිදේව (=වැලපීම) ද මාගේ හෘදයෙහි (සිතෙහි) නැත. සිත භ්‍රාන්ත නො වූයේ (=තැති නො ගත්තේ) ඍජු ය. මෙය හැමදීමෙහි විපාක යි.
4470. සමාධීන්හි නො ලැගෙමි. සිත ප්‍රකට (=පැහැදිලි) ය. යම් යම් සමාධියක් කැමැත්තෙම් නම් ඒ ඒ සමාධිය මට සමෘද්ධ වේ.
4471. ඇලිය යුතු දැයෙහි නො ඇලෙමි. යලි ද්වේෂ කටයුතු දැයෙහි (ද්වේෂ නො කරමි). මුළා විය යුතු දැයෙහි මුළා නො වෙමි. මෙය හැමදීමෙහි විපාක යි.
4472. එකල්හි, මෙයින් එක් අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හැමදීමෙහි මේ විපාක යි.
4473. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4474. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද, අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4475. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සකිංසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
422. ඒකදුස්සදායක ස්ථවිරාවදානය
4476. මම හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් - තණවෙළෙඳෙක් වීමි. තෘණ විකිණිමෙන් ජීවත් වෙමි. එයින් අඹුදරුවන් පෝෂණය කරමි.
4477. සර්‍වධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙම මෝහාන්‍ධකාරය නසා ලොව පහළ විය.
4478. එකෙණෙහි (මම) ස්වකීය ගෘහයෙහි මෙසේ සිතීමි: බුදුරජතෙමේ ලොව පහළ විය. දෙය්‍යධර්‍මයක් (=දියයුතු දෙයක්) නැත.
4479. මේ මාගේ එක ම සාටක (=වස්ත්‍ර) ය යි. මට අනෙක් දෙන කෙනෙක් ද නැත. නිරයස්පර්‍ශය (=නිරයෙහි දැවීම) දුකය. දක්‍ෂිණාවක් (=දානමය පුණ්‍යබීජයක්) රෝපණය කරන්නෙමි යි.
4480. මම මෙසේ සිතා සිය සිත පැහැද වීමි. මම එක ම වස්ත්‍රය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
4481. එක ම වස්ත්‍රය දී ප්‍රීතිඝෝෂා පැවැත් වීමි. “මහාමුනීන් වහන්ස, වීරයන් වහන්ස, ඉදින් ඔබ බුදුවරයෙක් නම් මා (සසරසයුරින්) එතෙර කරණු මැනව.”
4482. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ දානය පසසන්නේ මට අනුමෝදනා කෙළේ ය:
4483. “මේ එක ම වස්ත්‍රදානය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, කල්පලක්‍ෂයක් (ඔබ) දුගතියකට නොයේ.
4484. සතිස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය. තෙතිස් වරක් සක්විතිරජ වන්නෙහි ය.
4485. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. ඔබ දෙව්ලොව හෝ මිනිස්ලොව හෝ භවයෙහි සැරිසරනේ ය.
4486. රූමත් වූයේ ගුණවත් වූයේ අනුන් විසින් මැඩ පැවැත්විය නො හැකි දේහයක් ඇත්තේ කැමැති පරිදි නිසල වූ අපමණ වූ වස්ත්‍ර ලබන්නෙහි ය.”
4487. ප්‍රාඥ වූ පදුමුත්තර නම් වූ බුදුරජ තෙම මෙය වදාරා අහසෙහි (යන) හස්රදකු මෙන් අහසට නැංගේ ය.
4488. දිව්‍ය වූ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නැත. එක ම වස්ත්‍රදානයාගේ ඒ විපාක යි.
4489. පියවරක් පියවරක් පාසා මට වස්ත්‍ර උපදී. වස්ත්‍ර යට සිටිමි. මට උඩුවියනක් වේ.
4490. මම අද කැමැති වන්නෙම් නම් සක්වළගල පටන් කොට වනයක් සහිත පර්‍වතයන් සහිත ඒ හැම තැන වස්ත්‍රයෙන් වසන්නෙමි.
4491. ඒ එක ම වස්ත්‍රදානය හේතු කොට ගෙණ කුදුමහත් භවයන්හි සැරිසරන්නෙම් ස්වර්‍ණවර්‍ණ ව සැරිසරමි.
4492. එක ම වස්ත්‍රදානයාගේ විපාකය කිසිතැනෙක්හි ක්‍ෂයට නො පැමිණියේ ය. මේ මාගේ අන්තිම ජාතිය යි. මෙහි ද මට (එය) විපාක දෙයි.
4493. එකල්හි මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් වස්ත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එක ම වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
4494. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4495. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4496. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකදුස්සදායක ස්ථවිරාවදානය දෙවැනි යී.
423. ඒකාසනදායක ස්ථවිරාවදානය
4497. හිමවතට නුදුරෙහි ගෝසිත නම් පර්‍වතයක් විය. මට (එහි) අසපුවක් කරණ ලදි. පන්සලක් ද මවන ලදි.
4498. එකල්හි මම නමින් නාරද වෙමි. (ලෝවැස්සෝ) මා කස්සප යයි ද දනිති. නිර්‍වාණමාර්‍ගය සොයමින් ගෝසිත පර්‍වතයෙහි වසමි.
4499. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජ තෙමේ විවෙකසුව කැමැත්තේ අහසින් (එවනයට) වැඩියේ ය.
4500. වනග වඩින මහර්ෂි වූ බුදුරජානන් වහන්සේගේ රශ්මිය දැක දඬු ඇඳ පණවා අඳුන් දිවිසම ද අතුළෙමි.
4501. අසුන පණවා හිසෙහි ඇඳිලි බැඳ සොම්නස දන්වා මේ වචනය කීමි:
4502. මහාවීරයන් වහන්ස, (ඔබ) රෝගීනට ප්‍රතිකාර කරණ ශල්‍ය වෛද්‍යවරයෙකි. (ලෝක) නායකයන් වහන්ස, (සංසාර) රෝගයෙන් ආතුර වූ මට බෙහෙදක් දෙනු මැනව.
4503. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, මුනීන් වහන්ස, නිවන් කැමැත්තා වූ යම්කෙනෙක් තුමූ ඔබ වහන්සේ දකිත් ද ඒකාන්තයෙන් ඔහු අර්‍ත්‍ථ සිද්ධියට පැමිණෙත්. මොවුන්ගේ භවය දැදුරු වේ. (අවසන් වේ.)
4504. මම ස්වයංපතිත (ඉබේ ගසින් වැටුනු) ඵල අනුභව කරන්නෙක්මි. ඔබවහන්සේට පිදියයුතු දෙයක් මට නැත. මාගේ මේ අසුන ඇත. දඬුමැස්සෙහි වැඩ හිඳිනු මැනව.
4505. භාග්‍යවතුන් වහන්සේ නිර්භීත වූ සිංහරාජයකු මෙන් එහි වැඩහුන් සේක. මොහොතක් කල් ගෙවා මේ වචනය වදාළ සේක:
4506. “විශ්වාසය අත්තේ වව. බියපත් නො වෙව තා විසින් ජෝතිරස මැණික ලබන ලදි. තා විසින් යමක් පතන ලද නම් ඒ සියල්ල අනාගතයෙහි සම්පූර්‍ණ වන්නේ ය.
4507. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි තා විසින් ඒ කරණ ලද පුණ්‍යකර්‍මය හිස් නො වේ. යම් අදහසක සිත පිහිටුවන ලද නම් ඒ අදහස තමා (සසර සයුරින්) ගොඩ ලන්නට සමත් වන්නේ ය.
4508. මේ ආසනදානය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද (ඔබ) සියක් කප්කල් මුළුල්ලෙහි දුගතියකට නො යෙහි ය.
4509. පණස්වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය. අසූ වරක් සක්විතිරජ වන්නෙහි ය.
4510. (ලබන්නා වූ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හැකිය. හැම තන්හි සුවපත් ව සසරෙහි හැසිරෙන්නෙහි ය’ යි.
4511. පදුමුත්තර නම් වූ බුදුරජ තෙම මේ වචන කියා ආකාශයෙහි යන හස්රජකු මෙන් අහසට නැංගේ ය.
4512. හස්තියාන ය අශ්වයාන ය රථසහිත වූ සන්‍දමානික (පල්ලැක්කිය) යන මේ සියල්ල ලබමි. ඒකාසනදානයාගේ මේ විපාක යි.
4513. යම් කලෙක් හි වනයට පිවිස ද අසුනක් කැමති වෙම් නම් මාගේ අදහස දැන පර්‍ය්‍යඞ්කයක් එළඹ සිටී.
4514. යම් කලෙක්හි ජලමධ්‍යයට ගියෙම් අසුනක් කැමති වෙම් නම් මාගේ අදහස දැන පළඟක් එළඹ සිටී.
4515. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද ඒ සියලු කල්හි සියක් දහසක් පර්‍ය්‍යඞ්කයෝ මා පිරිවරත්.
4516. දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැරිසරමි. ක්‍ෂත්‍රියබ්‍රාහ්මණ දෙකුලෙ හි ම උපදිමි.
4517. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි එක් අසුනක් පුදා දහම්පලඟ ගෙණ ආස්‍රව රහිතව වෙසෙමි.
4518. එකල්හි මෙයින් සියක් දහස් වන කපෙහි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒකාසනදානයාගේ මේ විපාක යි.
4519. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4520. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4521. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකාසනදායකස්ථවිරාවදානය තෙවැනි යී.
424. සත්තකදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
4522. හිමවතට නුදුරෙහි කදම්බ නම් පර්‍වතයෙකි. ඒ පර්‍වතපාර්‍ශවයෙහි ඒ සත් (පසේ) බුදුවරයෝ ම වැඩ විසූහ.
4523. පිපුණු කොළොම් ගසක් දැක ඇඳිලි බැඳ මල්සතක් ගෙණ පුණ්‍යචිත්තයෙන් උඩට දැමීමි.
4524. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4525. එකල්හි, මෙයින් සිවු අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4526. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
4527. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4528. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සත්තකදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තකදම්බපුප්ඵියස්ථවිරාවදානය සිවුවැනි යි.
425. කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය
4529. පෙර මම වනකාර්මිකයෙක් (-දඩයම් කරන්නෙක්) විමි. මම මවුපියන්ගේ අනුමතයෙන් සිවුපාවුන් මැරීමෙන් ජීවත් වෙමි. මට පිනෙක් නැත.
4530. මාගේ ගෙපැල සමීපයෙහි පසැස් ඇති ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ ලෝකානුකම්පාවෙන් තුන් පියවරක් දැක්වී ය.