Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5601-5700 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-41:58.10
4275. බුදුරජුන්ගේ හඬය යි දැන “නිසැකව ම පසැස් ඇති බුද්ධශ්‍රේෂ්ඨ තෙම දහම් දෙසා” ය යි දෙවියෝ රැස් වූහ.
kn-ap-1-41:58.11
4276. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ නම් සර්‍වඥ තෙමේ දිව්‍යසමූහයා මැද වැඩ හිඳ මේ ගාථාවන් වදාළේ ය.
kn-ap-1-41:58.12
4277. “යමෙක් තෙම සල්මලින් සෙවෙනි කළ මඩුවක් සතියක් මුළුල්ලෙහි මා පිණිස දැරී ද, හේ (කවරෙක්දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-41:58.13
4278. මෙතෙම දෙවි වූයේ ද ස්වර්‍ණවර්‍ණ වන්නේ ය. සම්පූර්‍ණ භෝගසම්පත් ඇත්තේ ම කම්සුව අනුභව කරන්නෙක් වන්නේ ය.
kn-ap-1-41:58.14
4279-4280. ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු ගත් අත් ඇති, ඇතරුවන් විසින් නගින ලද සියලු ආභරණයෙන් සරසන ලද සැට දහසක් ඇත්තු ද, හෙම් වැනි වත් හැඳ වූ රන්පොරොදු බැඳි ඇත්තු ද මේ මිනිස්හට උදේ සවස උවැටනට පැමිණෙන්නාහු ය. මේ මිනිස් තෙම ඒ ඇතුන් විසින් පිරිවරන ලදුව රමණය කරන්නේ ය.
kn-ap-1-41:60.1
4281-4282. කඩු හා දුනු දරන්නා වූ යෝධාජීවයන් විසින් නගින ලද ජාතියෙන් ම ආජානීය වූ ශීඝ්‍රගාමී වූ සියලු අබරණින් සරසන ලද සැට දහසක් සෛන්‍ධව අශ්වයෝ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:60.3
4283-4284. දුනු ගත් අත් ඇති සන්නාහ සන්නද්ධ වූ යෝධාජීවයන් විසින් නගින ලද ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථ දැ යි මෙසේ සර්‍වාලඞ්කාරයෙන් සරසන ලද සැට දහසක් රථයෝ මොහු නිතර පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
kn-ap-1-41:60.5
4285. සර්‍වාකාරයෙන් සම්පූර්‍ණ වූ ධනධාන්‍ය ඇති හැම අයුරින් ම මැනවින් සමෘද්ධ වූ සැට දහසක් ග්‍රාමයෝ හැම කල්හි පහළ වන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
kn-ap-1-41:60.6
4286. ඇත් අස් රිය පාබළ යන සිවුරඟ සෙනඟ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:60.7
4287. (මෙ තෙම) අටළොස් සියක් කප් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
kn-ap-1-41:60.8
4288. තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
kn-ap-1-41:60.9
4289. මෙයින් තිස්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
kn-ap-1-41:60.10
4290. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍රයෙක් ව ආස්‍රව රහිත ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන වාසය කරන්නේ ය”
kn-ap-1-41:60.11
4291. මෙයින් කල්ප තිස් දහසකට පෙර ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. (එදින පටන් අද දක්වා) මේ අතුරෙහි අමෘතපදය - නිවන සෙවීමි.
kn-ap-1-41:60.12
4292. යම් බුදුසසුනක් මම දැනගනිම් ද, එය මට ලාභයකි. මා විසින් එය මනා කොට ලබන ලදි. (මා විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ, බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:60.13
4293. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානයට පසසා අමෘතපදය හෙවත් නිවනට පැමිණියෙම් වෙමි.
kn-ap-1-41:60.14
4294. දෙවි වූ හෝ මිනිස් වූ හෝ යම් යම් භවයක උපදිම් නම් හැම තන්හි සුව ඇත්තෙම් වෙමි. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
kn-ap-1-41:62.1
4295. මේ මාගේ පශ්චිම භවය යි. අවසන් භවය මේ පවතී. ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-41:62.2
4296. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-41:62.3
4297. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:62.4
4298. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:62.5
මේ අයුරින් ආයුෂ්මත් භද්දාලි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-41:62.6
භද්දාලි ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-41:62.7
412. ඒකඡත්තිය ස්ථවිරාවදානය
kn-ap-1-41:62.8
4299. චන්‍ද්‍රභාගා නදීතීරයෙහි මට ආශ්‍රමයක් මැවින් කරණ ලදී. (එහි) සුදු වැල්ලෙන් ගැවසී ගත් පන්සලක් ද නිර්මිත කරණ ලදි.
kn-ap-1-41:62.9
4300. එහි නො ගැඹුරු ඉවුරු ඇති මනා වූ තොට ඇති මනෝඥ වූ මස්කැසුබුවන්ගෙන් යුත් ‘සු - සු’ හඬ නගමින් දිය බුබුළු උඩට නංවන සුංසුමාරයන් විසින් සෙව්නා ලද කුඩා නදියක් විය.
kn-ap-1-41:62.10
4301. වලස්සු, මොණරු, දිවියෝ, කොවුලෝ, සැළලිහිණි යන මොහු හැම කල්හි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.
kn-ap-1-41:62.11
4302. මිහිරි හඬ ඇති කොවුලෝ ද, මධුර ස්වර ඇති හංසයෝ ද, යන මොහු එහි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.
kn-ap-1-41:62.12
4303. සිංහ, ව්‍යාඝ්‍ර, හූරු, වෘක, කොක්නහ, කරබානා, වලස්සු ද මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයෙහි නාද කෙරෙත්.
kn-ap-1-41:62.13
4304. එණිමෘග, සරභ මෘග, කැනහිල්, හූරු ද මොහු බොහෝ දෙන මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයෙහි නාද කෙරෙත්.
kn-ap-1-41:62.14
4305. ඇසළ, සපු, පළොල්, නික, යොහොඹු, අසෝක - මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි පුෂ්පිත වූවාහු වෙත්.
kn-ap-1-41:62.15
4306. රුකඟුන, සීනිද්ද, සත්පෙති, දෑසමන්, බිඹුදැල්, කණ්ණික, කිණිහිරි මොහු මාගේ අසපුවෙහි පුෂ්පිත වූවාහු වෙත්.
kn-ap-1-41:64.1
4307. නා, සල්, හෙළ පියුම් මෙහි පිපියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.2
4308. කුබුක්, පියා, උක්, සල්, පුවඟු, මේ වෘක්‍ෂයෝ හටගත් මල් ඇත්තාහු මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.3
4309. අඹ, දඹ, මදට, කොසඹ, සල්කලණ, මේ වෘක්‍ෂයෝ දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.4
4310. හෝපළු, ගිවුළු ද, භගිනිමාල, මොහු මෙහි පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.5
4311. රෝපණය කරණ ලද කොළොම්, කෙසෙල්, එසේ ම ඍෂිමුද්ග (බොඩහමු) නම් ධාන්‍ය විශේෂය - මොහු මාගේ අසපුව හොබවමින් නිතර ඵල දරත්.
kn-ap-1-41:64.6
4312. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, මෙකී වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි ඵල දරත්.
kn-ap-1-41:64.7
4313. (අසපුවට) නුදුරෙහි මනා වූ තොට ඇති මනෝඥ වූ හෙල්මැල්ලෙන් නොහොත් දිය කන්‍දරයෙන් හා විල්පලායෙන් ද, පියුම් හා උපුලින් ද ගැවසී ගත් පොකුණකි.
kn-ap-1-41:64.8
4314. මාගේ අසපුවෙහි ඇතැම් පද්මයෝ කැකුළු ගැබ් ගණිත්. සෙසු රේණු සහිත පද්ම ද පිපෙත්. ඇතැම් විහිදුනු පත් ඇති පද්ම කර්ණිකාවෝ ද ප්‍රබෝධ වෙත්.
kn-ap-1-41:64.9
4315. පාඨින, පාවුස, වලජ, මුඤ්ජ, රෝහිත - මත්ස්‍යයෝ පැහැදි දියෙහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.10
4316. නයිතා, අම්බගන්‍ධී මේ වෘක්‍ෂයෝ වාතය අනුව දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.11
4317. නෙළුඹලින් මිහි ද නෙළුඹුදැලින් කිරි හා ගිතෙල් ද වැගිරේ. දිවසුවඳ ද විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.12
4318. එහි ජලයෙන් සෙව්නා ලද ආකීර්‍ණ වූ වැලිතලාවෝ ශෝභනය. උඩට නැගුනු පුෂ්පයෝ පිපී ගියාහු මාගේ අසපුව හොබවමින් පවතිත්.
kn-ap-1-41:64.13
4319. අඳුන් දිවිසම් හැඳි ජටාභාරයෙන් බර වූ වැහැරි සිවුරු දරණ සියලු (තවුසෝ) මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:64.14
4320. වියදඬු පමණ දුර බලන්නා වූ ප්‍රාඥ වූ සන්හුන් පැවතුම් ඇති කම්සුව අනුභවයෙහි බලාපොරොත්තු නැති (තවුසෝ) මාගේ අසපුවෙහි වසත්.
kn-ap-1-41:66.1
4321. වැඩී ගිය කිසිලි නිය ලොම් ඇති මැලියම් සහිත දත් ඇති දූවිලි සහිත හිස් ඇති රජස් දැලි වැකුණු (සිරුරු ඇති) මේ සියලු තවුසෝ මාගේ අසපුවෙහි වෙසෙත්.
kn-ap-1-41:66.2
4322. අභිඥාවන්ගේ පරතෙරට පැමිණි අහසෙහි හැසිරෙන්නා වූ ඒ මේ තවුසෝ අහසට නගිමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:66.3
4323. එකල්හි මම ඒ ශිෂයයන් විසින් පිරිවරන ලදුයෙම් මහ වෙනෙහි වසමි. හැම කල්හි ධ්‍යානයට සමවැදුනෙම් රෑදාවල් නො දනිමි.
kn-ap-1-41:66.4
4324. එසමයෙහි ලෝකනායක වූ භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජ තෙම ඝනාන්‍ධකාරය දුරු කරමින් ලොව පහළ විය.
kn-ap-1-41:66.5
4325. ඉක්බිති එක්තරා ශිෂ්‍යයෙක් මාගේ සමීපයට පැමිණියේ ය. හෙතෙම මන්ත්‍රයන් ද ෂඩඞ්ගය හා නාම ලක්‍ෂණයන් ද හදාරනු කමැත්තේ ය.
kn-ap-1-41:66.6
4326. “මහාමුනි වූ අත්‍ථදස්සී බුදුරජ තෙම ලොව පහළ විය. (උන්වහන්සේ) චතුස්සත්‍යය පවසමින් අමෘතපදය වූ නිවණ දේශනා කරණ සේක.” (හේ කීය.)
kn-ap-1-41:66.7
4327. මම තුටු පහටු වූයෙම් ප්‍රමුදිත වූයෙමි ධර්‍මාන්තරගත සිත් ඇත්තෙම් අසපුවෙන් නික්ම මේ වචනය කීමි:
kn-ap-1-41:66.8
4328. “දෙතිස් මහපුරිස් ලකුණින් යුත් බුදුරජ තෙම ලොව පහළ වීය. සියල්ලෝ එවු. සම්බුදුරජුන් වෙත යන්නෙමු” කියා යි.
kn-ap-1-41:66.9
4329. සදහම් පරතෙරට ගිය අවවාදයට අනුව කටයුතු කරණ උත්තමාර්‍ත්‍ථය සොයන්නා වූ ඔහු යහපතැ යි එය පිළිගත්තාහු ය.
kn-ap-1-41:66.10
4330. ජටාබරින් බර වූ අඳුන් දිවිසම් හඳින ඔහු උත්තමාර්‍ත්‍ථය වූ නිවන සොයමින් එකල්හි වනයෙන් නික්මුණාහු ය.
kn-ap-1-41:66.11
4331. එසමයෙහි මහත් යශස් ඇති අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ සිවුසස් පවසමින් අමෘතපදය වූ නිවන දේශනා කරණ සේක.
kn-ap-1-41:66.12
4332. මම ශ්වේතච්ඡත්‍රය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරීමි. එක් දවසක් මුළුල්ලෙහි දරා බුද්ධශ්‍රේෂ්ඨයන් වැන්දෙමි.
kn-ap-1-41:66.13
4333. ලෝකජ්‍යේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
kn-ap-1-41:66.14
4334. “යමෙක් තෙම පැහැදුනේ සියතින් ඡත්‍රයක් දැරී ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මගේ වචනය අසවු.
kn-ap-1-41:66.15
4335. දිවත්බවක හෝ මිනිසත්බවක හෝ උපදින්නා වූ මොහුට හැම කල්හි ඡත්‍රයක් දරන්නේ ය. ඡත්‍රදානයාගේ මේ විපාක යි.
kn-ap-1-41:68.1
4336. මෙතෙම සත්සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විතිරජ වන්නේ ය.
kn-ap-1-41:68.2
4337. සත්සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
kn-ap-1-41:68.3
4338. අටළොස් සිය වන (එක්දහස් අටසිය වන) කපෙහි පසැස් ඇත්තා වූ ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙමේ ගනඳුරු නසමින් පහළ වන්නේ ය.
kn-ap-1-41:68.4
4339. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදව ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්ධපුත්‍රයෙක් ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිත ව වසන්නේ ය” (කියා යි.)
kn-ap-1-41:68.5
4340. යම් තැනෙක පටන් කොට මම බුදුරජුන්හට ඡත්‍රයක් දරමින් කුශල කර්‍මයක් කෙළෙම් ද, (එතැන් පටන් අද තෙක්) මේ අතරෙහි ශ්වෙච්ඡත්‍ර නො දරන ලද භවයක් නො දනිමි.
kn-ap-1-41:68.6
4341. මේ මාගේ පශ්චිම භවය යි. අන්තිම භවය දැන් පවතී. අදත් මට නිත්‍යකාලික ඡත්‍රධාරණය පවතී.
kn-ap-1-41:68.7
4342. තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් මැනැවින් කරණ ලද ඒ කර්‍මය ආශ්චර්‍ය්‍යයෙකි. සියලු ආස්‍රව ක්‍ෂීණ විය. දැන් නැවත ඉපදීමෙක් නැත.
kn-ap-1-41:68.8
4343. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-41:68.9
4344. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:68.10
4345. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:68.11
මේ අයුරින් ආයුෂ්මත් ඒකඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-41:68.12
ඒකඡත්තිය ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-41:68.13
413. තිණසූලකඡදනිය ස්ථවිරාවදානය
kn-ap-1-41:68.14
4346. මම එකල්හි ජාති ජරා මරණ සිහි කෙළෙමි. එකලාව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
kn-ap-1-41:68.15
4347. පිළිවෙළින් හැසිරෙන්නෙම් ගංතෙරට එළඹියෙමි. එහි ගංතෙරෙහි උස්ව ගිය පොළොවක් දිටිමි.
kn-ap-1-41:70.1
4348. මම එහි අසපුවක් සාදා ගෙණ ඒ අසපුවෙහි වසමි. මැනැවින් කරණ ලද මාගේ අසපුව නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් යුක්තය.
kn-ap-1-41:70.2
4349. (ඒ පක්‍ෂීහු) විශ්වාස ඇත්තාහු මා වෙත එළඹෙත්. මනහර ලෙස නාද කෙරෙත්. මම ඔවුන් සමග තුටු වෙමින් අසපුවෙහි වෙසෙමි.
kn-ap-1-41:70.3
4350. මාගේ අසපුව හාත්පස සිවුදිගින් යනු සමත් ඒ මෘගරාජ තෙම ගුහාවෙන් නික්ම හෙන (පුපුරන්නාක්) මෙන් ගර්‍ජනා කෙළේ ය.
kn-ap-1-41:70.4
4351. මෘගරාජයා ගර්‍ජනය කළ කල්හි මට හර්‍ෂයෙක් විය. මෘගරාජයා සොයනෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
kn-ap-1-41:70.5
4352. මම දේවාතිදේව වූ තිස්ස බුදුරජුන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් ම නාගකේසර (=නාමල් රේණු) පිදීමි.
kn-ap-1-41:70.6
4353. උදාවන හිරු වැනි වූ පිපුනු උතුම් සල් රුකක් වැනි වූ බබලන ඕසධීතාරකාවක් වැනි වූ ලෝකනායක බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
kn-ap-1-41:70.7
4354. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ ඤාණයෙන් මේ දෙවියන් සහිත ලෝකයා (සසරින්) මිදුවෙහි. ඔබවහන්සේ සතුටු කොට (ඔහු) මේ ජාති සංසාරයෙන් මිදෙත්.
kn-ap-1-41:70.8
4355. සර්‍වදර්ශී වූ සර්‍වඥ බුදුවරයන්ගේ නො දැකීමෙන් රාද්වෙෂයන්ගෙන් පැතිරී ගිය සත්ත්‍වයෝ අවීචිනිරයෙහි වැටෙති.
kn-ap-1-41:70.9
4356. සර්‍වඥයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ වහන්සේගේ දර්‍ශනය නිසා සියල්ලෝ භවයෙන් මිදෙත්. අමෘත පදය වූ නිවන ස්පර්‍ශ කෙරෙත්.
kn-ap-1-41:70.10
4357. යම් කලෙක්හි පසැස් ඇති ආලෝකවත් වූ බුදුවරයෝ ලොව උපදිත් ද, ඔහු කෙලෙස් දවා ආලෝකය දක්වත්.
kn-ap-1-41:70.11
4358. මෙසේ ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජුන්හට ස්තූති කොට සතුටු වූයෙම් සතුටු සිතින් බෝලිද් ද (මල්) පිදීමි.
kn-ap-1-41:70.12
4359. ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ මාගේ අදහස දැන සිය අසුනෙහි වැඩ හිඳ මේ ගාථාවන් වදාළේ ය.
kn-ap-1-41:70.13
4360. “යමෙක් තෙම පහන් සිතැත්තේ සියතින් ම මා මල්වලින් වැසී (පිදී) ද, මම හේ කවරෙක්දැ යි කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-41:70.14
4361. හෙතෙම පස්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය.
kn-ap-1-41:72.1
4362. (ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය. මේ පුෂ්ප පූජාවෙන් වූ ඒ කර්‍මයාගේ ඵලය යි.
kn-ap-1-41:72.2
4363. පුණ්‍යකර්‍මයෙන් යුක්ත වූ මේ පුරුෂ තෙමේ හිස නෑවේ ඉදින් මල් කැමති වේ නම් එය ඉදිරියෙහි පහළ වන්නේ ය.
kn-ap-1-41:72.3
4364. කාමවස්තූන්ගෙන් යමක් යමක් කැමති වේ ද, ඒ ඒ දැය පහළ වන්නේ ය. අදහස සම්පූර්‍ණ කොට ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ද වන්නේ ය.
kn-ap-1-41:72.4
(අටළොස් වැනි බණවර යි.)
kn-ap-1-41:72.5
4365. කෙලෙස් දවා සම්‍යක් ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තවූයෙම් ඒ අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
kn-ap-1-41:72.6
4366. මම හැම කල්හි සක්මන් කරමින් ද, නිදමින් ද, හිඳිමින් ද, යලි සිටිමින් ද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ගැණ ම සිතා වසමි.
kn-ap-1-41:72.7
4367. චීවර පිණ්ඩපාත ගිලානප්‍රත්‍යය සයනාසන යන මේ සිවු පසයෙහි මට අඩුබවක් නැත. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:72.8
4368. ඒ මම දැන් අමෘත වූ ශාන්ත වූ නිරුත්තර පදය වූ නිවනට පැමිණියෙම් වෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-41:72.9
4369. මෙයින් දෙයානූ වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:72.10
4370. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.