Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3301-3400 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:392.14
2493. මෙයින් අටසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකේසර නම් වූ සිවු සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:392.15
2494. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:392.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බිජාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:392.17
බිම්බිජාලිය ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:394.1
250. උද්දාලදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:394.2
2495. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් කකුසඳ නම් බුදුරජ තෙමේ වැඩවසන විහාරයෙන් නික්ම මහා නදියට වැඩියේ ය.
kn-ap-1-19:394.3
2496. මම එකල්හි ඇසළ (මල්) ගෙණ සන්සුන් වූ ඍජු ගුණ ඇති බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් පිදීමි.
kn-ap-1-19:394.4
2497. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
kn-ap-1-19:394.5
2498. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:394.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:394.7
උද්දාලදායක ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:394.8
උද්දානය:
kn-ap-1-19:394.9
තුවරනාග නලින - විරවී කුටිධූපක පත්ත ධාතු සත්තලිය - බිම්බී උද්දාලද මෙවග වූ දසවත් - සත්තිස් ගයින් බැඳියේ.
kn-ap-1-19:394.10
තුවරදායක වර්‍ගය පස්විසි වැනි යි.
kn-ap-1-19:394.11
26. ථොමක වර්‍ගය
kn-ap-1-19:394.12
251. ථොමක ස්ථවිරාවදානය
kn-ap-1-19:394.13
2499. දෙව්ලොව සිටියේ ම විපස්සී බුදුරජුන්ගේ ධර්‍මය අසා සතුටු වූයෙම් මම මේ වචනය කීමි.
kn-ap-1-19:394.14
2500. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්‍මය) දෙසමින් බොහෝදෙන (සසර සයුරින්) එතර කෙරෙහිය (කියා යි.)
kn-ap-1-19:394.15
2501. මෙයින් එක්අනූවන කපෙහිදී යම් (බුදුරජුන්හට ස්තුති) වචනයක් කීවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධස්තුති කරණයෙහි මේ විපාකය යි.
kn-ap-1-19:394.16
2502. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:394.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:394.18
ථොමකස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:396.1
252. ඒකාසනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:396.2
2503. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි කුසල් කරණු කැමැත්තෙම් බිරිය සහිත වූයෙම් දෙව් වෙස හැර මෙහි පැමිණියෙමි.
kn-ap-1-19:396.3
2504. (එකල්හි) දේවල නම් පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් විය. මා විසින් උන්වහන්සේට පහන් සිතින් භික්‍ෂාවක් දෙන ලදි.
kn-ap-1-19:396.4
2505. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණඩපාතදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:396.5
2506. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:396.6
මෙහි මේ අයුරින්ආයුෂ්මත් ඒකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:396.7
ඒකාසනදායක ස්ථවිරාවදානය දෙවැනි යි
kn-ap-1-19:396.8
253. චිතකපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:396.9
2507. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ආනන්‍ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්‍ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළේය.
kn-ap-1-19:396.10
2508. මම එකල්හි දෙව්ලොවින් මෙයි පැමිණ චිතකයක් කොට (බුද්ධ) ශරීරය එහි දැවීමි. සත්කාර ද කෙළෙමි.
kn-ap-1-19:396.11
2509. මෙයින් එක්අනූවනු කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:396.12
2510. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:396.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:396.14
චිතකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:396.15
254. තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:396.16
2511. හිමනතට නුදුරෙහි විකත නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතයාගේ මධ්‍යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙමේ වෙසෙයි.
kn-ap-1-19:396.17
2512. උන්වහන්සේගේ සන්හුන් බව දැක පැහැදි සිතින් සපු මල් තුණක් ගෙණ විසිරවීමි. (පිදීමි).
kn-ap-1-19:398.1
2513. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:398.2
2514. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:398.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:398.4
තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:398.5
255. සත්තපාටලිය ස්ථවිරාවදානය
kn-ap-1-19:398.6
2515. පර්‍වතාන්තරයෙහි වැඩහුන්නා වූ පිපුණු කිණිහිරී රුකක් මෙන් බබලන බුදුරජුන්හට පළොල් මල් සතක් පිදීමි.
kn-ap-1-19:398.7
2516. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:398.8
2517. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:398.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපාටලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:398.10
සත්තපාටලිය ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:398.11
256. උපාහනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:398.12
2518. එකල්හි චන්‍දන නම් බුද්ධපුත්‍රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟළක් දිනිමි. (දී මෙසේ පැතීමි). එම්බා පාවහන් සඟළ “ඔබ මා (ශ්‍රාවක) බෝධියට පමුණුවන්න” යි (කියායි).
kn-ap-1-19:398.13
2519. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් සඟළක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:398.14
2520. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:398.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:398.16
උපාහනදායක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:400.1
257. මඤ්ජරීපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:400.2
2521. මම මල් කලඹක් කොට ගෙණ වීථියට පිවිසියෙමි. (එහි දී) බික්සඟන විසින් පිරිවැරුණු ශ්‍රමණාග්‍ර වූ (බුදුරජානන් වහන්සේ) දුටිමි.
kn-ap-1-19:400.3
2522. පරම ප්‍රීතියෙන් පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මල් කලඹ) දෝතින් ගෙණ බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:400.4
2523. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් පිදුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:400.5
2524. මෙයින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති ජෝතිය නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:400.6
2525. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:400.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්ජරීපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:400.8
මඤ්ජරීපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:400.9
258. පණ්ණදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:400.10
2526. මම හිමවතෙහි වැහැරි සිවුරු දරන ලුණු රහිතව කොළ අනුභව කරන්නා වූ ශීල සංවෘත තවුසෙක් වෙමි.
kn-ap-1-19:400.11
2527. පෙරබත පැමිණි කල්හි සිද්ධාර්‍ත්‍ථ තථාගත තෙම මා වෙත වැඩියේ ය. මම පහන් වූයෙම් සියතින් (ලුණුරහිතව පිසූ කොළ) බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:400.12
2528. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පණීදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පණීදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:400.13
2529. සත්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යදර්‍ත්‍ථය නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:400.14
2530. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:400.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:400.16
පණ්ණදායක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:402.1
259. කුටිදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:402.2
2531. වනයෙහි හැසිරෙන්නා වූ සර්‍වඥ තෙමේ එකල්හි රුක්මුලක විසීය. මම පස්මරුන් දිනූ උන්වහන්සේට පන්සලක් කරවා දිනිමි.
kn-ap-1-19:402.3
2532. මෙයින් එක්අනූවනු කපෙහි යම් පණීකුටියක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුටිදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:402.4
2533. මෙයින් අටවිසිවනු කපෙහි සබ්බත්‍ථඅභිවස්සී නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:402.5
2534. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:402.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:402.7
කුටිදායක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:402.8
260. අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:402.9
2535. කඳු අතුරෙහි වැඩහුන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රශ්මිය කරණ කොට ගෙණ ගිනි කඳක් මෙන් බබලන සිඛී බුදුරජුන් (දුටිමි.)
kn-ap-1-19:402.10
2536. මම අග්ගජ නම් වූ මල් ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එය) බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:402.11
2537. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:402.12
2538. පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:402.13
2539. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:402.14
මෙහි මේ අයුරින්ආයුෂ්මත් අග්ගජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:402.15
අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:402.16
උද්දානය:
kn-ap-1-19:402.17
ථොමක ඒකාසන - චිතක චම්පක සත්තපාටලි උපාහන මඤ්ජරී - පණ්ණ කුටිද අග්ගපුප්ඵිය එක්සාළිස් ගයකින් - මේ වග නිම කරණ ලදී.
kn-ap-1-19:402.18
ථොමකවර්‍ගය සවිසි වනු යි.
kn-ap-1-19:404.1
27. ආකාසුක්ඛිපිය වර්‍ගය
kn-ap-1-19:404.2
261. ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය
kn-ap-1-19:404.3
2540. ඇතුළු වීථියෙහි වඩනා වූ ස්වර්‍ණවර්‍ණ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් (දිටිමි). අග්‍ර ජලජපුෂ්පද්වයක් ගෙණ උන්වහන්සේ වෙත එළඹියෙමි.
kn-ap-1-19:404.4
2541. එක මලක් බුදුරජුන්ගේ ශ්‍රිපාදයට පිදීමි. එකක් ගෙණ අහසට දැමීමි.
kn-ap-1-19:404.5
2542. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:404.6
2543. මෙහින් දෙතිස්වනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:404.7
2544. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:404.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:404.9
ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:404.10
262. තෙලමක්ඛිය ස්ථවිරාවදානය
kn-ap-1-19:404.11
2545. නරශ්‍රේෂ්ඨ වූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.