Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2201-2300 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:274.7
1815. උපන්නා හා ම සර්‍වඥ තෙමේ සියලු දිගුන් බැලී ය. අභීත වචන පැවසී ය. මෝ බුදුවරයින්ගේ ධර්‍මතා යි.
kn-ap-1-5:274.8
1816. (මෙසේ) ජනතාව සංවේගයට පමුණුවා ලෝකනායකයන් වහන්සේට ස්තුති කොට සර්‍වඥයන් වහන්සේ වැඳ නැගෙනහිරට මුහුණ ලා ගියෙමි.
kn-ap-1-5:274.9
1817. මෙයින් එක් අනූවන කපෙහි යම් බුද්ධ ස්තුතියක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ස්තුතියෙහි මේ විපාකය යි.
kn-ap-1-5:274.10
1818. මෙයින් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සම්මුඛාථවික නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:274.11
1819. මෙයින් එකුන් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පඨවිදුන්‍දුභි නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:274.12
1820. මෙයින් අටාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඕභාස නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:274.13
1821. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සරිතච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:274.14
1822. මෙයින් සයඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිනිබ්බාපන නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:274.15
1823. මෙයින් පස්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ගතිපච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:274.16
1824. මෙයින් සූඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වාතසම නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:274.17
1825. මෙයින් තෙයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රතනපජ්ජල නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:276.1
1826. මෙයින් දෙයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පදවික්කමන නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:276.2
1827. මෙයින් එක් අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විලෝකන නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:276.3
1828. අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නමින් ගිරිසාර නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:276.4
1829. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:276.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්මුඛාථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:276.6
සම්මුඛාථවිකස්ථවිරාවදානය පස්වැනියි.
kn-ap-1-5:276.7
126. කුසුමාසනිය ස්ථවිරාවදානය
kn-ap-1-5:276.8
1830. මම එකල්හි නිඝණ්ඩුශාස්ත්‍රය හා (කවීනට හිත වූ) කෛටභ ශාස්ත්‍රය සහිත ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද, ඉතිහාසයෙහි ද දක්‍ෂ වූයෙම් ධන්‍යවතී නගරයෙහි බමුණෙක් වීමි.
kn-ap-1-5:276.9
1831. පදපාඨ දන්නෙම් ව්‍යාකරණශාස්ත්‍රය දන්නෙම් නිමිතිශාස්ත්‍රයෙහි ද දක්‍ෂ වූයෙම් වේදත්‍රයෙහි පරතෙරට ගියෙම් ශිෂ්‍යයනට මන්ත්‍ර කියවීමි.
kn-ap-1-5:276.10
1832. මම දෙමාපියන් හමුවෙහි (ඔවුනට) පුදනු කැමැත්තෙම් වීමි. ඒ සඳහා මා විසින් උපුල් මිටි සතක් අස්නක තබන ලදී.
kn-ap-1-5:276.11
1833. එකල්හි නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරණ ලදුයේ සියලු දිගුන් බබුළුවමින් වැඩම කරයි.
kn-ap-1-5:276.12
1834. බුදුරජානන් වහන්සේ පවරා ඒ මල් අතුරා අසුනක් පණවා සිය ගෙදොරට වැඩම කරවීමි.
kn-ap-1-5:276.13
1835. ස්වකීය ගෘහයෙහි මට එළවා ලූ යම් ආහාරයක් ඇද්ද එය මම පහන් සිතැත්තෙම් සියතින්ම බුදුරජුහට පිදීමි.
kn-ap-1-5:276.14
1836. මම වළඳා අවසන් වූ උන්වහන්සේට සුදුසු කලැයි දැන මල් මිටක් ද පිරිනැමීමි. සර්‍වඥයන් වහන්සේ අනුමෝදනා කොට උත්තරදිශාභිමුඛ ව වැඩි සේක.
kn-ap-1-5:276.15
1837. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
kn-ap-1-5:276.16
1838. මෙයින් ඉක්බිති අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වරදස්සන නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:276.17
1839. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:276.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසුමාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:276.19
කුසුමාසනියස්ථවිරාවදානය සවැනියි.
kn-ap-1-5:278.1
127. ඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:278.2
1840. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය මම හිමවතට නුදුරෙහි අසපුවක වසමි.
kn-ap-1-5:278.3
1841. මාගේ අගනිහොත්‍රයක් ද ඇත. මා විසින් ඇටඹපැල මුළක බහා ගසක් මුදුනෙහි එල්ලන ලදී.
kn-ap-1-5:278.4
1842. ලෝකයාගේ පූජාවන්ට භාජන වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ මා (සසරින්) ගොඩ නගනු කැමැත්තේ පිඬු පිණිස හැසිරෙමින් මා වෙත එළඹියේ ය.
kn-ap-1-5:278.5
1843-1844. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් බුදුරජුන්හට එ ම ඵල පිදීමි. මාගේ ප්‍රීතිය ඇති කරන්නා වූ මේ ලොව මැ සුව එළවන්නා වූ රන්වන් වූ ලෝවැස්සාගේ පූජාවන් පිළිගන්නාවූ ශාස්තෘ තෙමේ අහසෙහි වැඩ සිටියේ මේ ගාථාව වදාළේ ය:
kn-ap-1-5:278.7
1845. මෙ ම ඵලදානය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො එළෙඹේ ය (කියායි.)
kn-ap-1-5:278.8
1846. එම කුශලමූලය හේතු කොට ගෙණ ගෙණ සම්පත් අනුභව කොට ජය – පරාජය හැර අචලස්ථානය (නිවණ) ට පැමිණියෙම් වෙමි.
kn-ap-1-5:278.9
1847. මෙයින් සත්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමඞ්ගල නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:278.10
1848. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:278.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළ සේක් යි.
kn-ap-1-5:278.12
ඵලදායකස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-5:278.13
128. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:278.14
1849. හිමවත් පව්වෙහි කඳුඅතුරෙහි වෙසෙමි. ශෝභන වූ වැලිතලාවක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
kn-ap-1-5:278.15
1850. “නුවණෙහි (සැසඳීමට) උපමාවක් නැත. ශාස්තෘන් වහන්සේට සංග්‍රාමයකුදු නැත. සියලු ධර්‍මයන් මොනවට දැන නුවණින් නිශ්චයට පැමිණේ.
kn-ap-1-5:278.16
1851. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. උතුම් නුවණ යම් තාක් ද, (ඒ තාක් නුවණැති) ඔබවහන්සේට නුවණින් සම කෙනෙක් නැත”.
kn-ap-1-5:278.17
1852. බුද්ධඥානයෙහි සිත පහදවා කැපක් මුළුල්ලෙහි මම ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
kn-ap-1-5:278.18
1853. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුද්ධ) ඥානසංඥාවක් ලැබුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො දනිමි. බුද්ධඥානසංඥාවෙහි මේ ප්‍රතිඵලය යි.
kn-ap-1-5:280.1
1854. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුලිනපුප්ථිය නම් එක් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:280.2
1855. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:280.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:280.4
ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනියි.
kn-ap-1-5:280.5
129. ගන්‍ධපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:280.6
1856. දක්‍ෂිණාර්‍හ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවැරුණාහු ආරාමයෙන් නික්මුනු සේක.
kn-ap-1-5:280.7
1857. මම මොහඳුරු දුරු කරන්නා වූ සර්‍වඥ වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සුවඳමල් පිදීමි.
kn-ap-1-5:280.8
1858. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජුන් කෙරෙහි (ඇතිකරගත්) ඒ චිත්තප්‍රාසාදය හේතු කොට ගෙන සතුටු වූයෙම් සතුටු සිතින් නැවත තථාගතයන් වැන්දෙමි.
kn-ap-1-5:280.9
1859. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:280.10
1860. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චරණ නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:280.11
1861. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:280.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:280.13
ගන්‍ධපුප්ඵියස්ථවිරාවදානය නවවැනියි.
kn-ap-1-5:280.14
130. පදුමපූජක ස්ථවිරාවදානය
kn-ap-1-5:280.15
1862. හිමවතට නුදුරෙහි වෘක්‍ෂයන්ගෙන් ගැවසී ගත් මහාභූත සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්‍වතයක් විය.
kn-ap-1-5:280.16
1863. ඒ මධ්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්‍රමයක් විය. මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් අසපුවෙහි වෙසෙමි.
kn-ap-1-5:280.17
1864. “මාගේ ශිෂ්‍ය සමූහයෝ පැමිණෙත්වා! මට පියුම් ගෙණ එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේට පූජා කරන්නෙමු.”
kn-ap-1-5:280.18
1865. ඔහු එසේය යි මට පිළිවදන් දී පියුම් ගෙණාහ. එසේ ම මම (බුදුරජානන් වහන්සේ උදෙසා) නිමිත්තක් කොට ඒ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
kn-ap-1-5:282.1
1866. එකල්හි ශිෂ්‍යයන් රැස් කරවා මම මනා කොට අනුශාසනා කෙළෙමි: “තෙපි පමා නො වවු. අප්‍රමාදය සුව එළවන්නේ වෙයි” (කියායි.)
kn-ap-1-5:282.2
1867. වචනක්‍ෂම (=කීකරු) වූ ස්වකීය ශිෂ්‍යයනට මෙසේ අනුශාසනා කොට එකල්හි මම අප්‍රමාදී ගුණයෙහි යෙදුනෙම් කලුරිය කෙළෙමි.
kn-ap-1-5:282.3
1868. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:282.4
1869. එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජලුත්තම නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:282.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-5:282.6
පදුමපූජකස්ථවිරාවදානය දසවැනියි.
kn-ap-1-5:282.7
උද්දානය:
kn-ap-1-5:282.8
සෙරෙය්‍යක පුප්ඵථූපී පායාසී උදකි ථොමක ආසනී ඵලසඤ්ඤී ගන්‍ධ පදුමපුප්ඵිය වත්ප සක් වැඩි සියක් ගයින් මෙහි කියවිනි.
kn-ap-1-5:282.9
සෙරෙය්‍යකවර්‍ගය තෙළෙස්වැනියි.
kn-ap-1-5:282.10
14. සෝභිත වර්‍ගය
kn-ap-1-5:282.11
131. සෝභිත ස්ථවිරාවදානය
kn-ap-1-5:282.12
1870. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මහත් වූ ජනසමූහයාට අමෘතපදය (නිවණ) දේශනා කරණ සේක.
kn-ap-1-5:282.13
1871. මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙණ එකඟ සිත් ඇත්තෙම් වීමි. බුදුනුවණ ද මෙසේ පැසසීමි:
kn-ap-1-5:282.14
1872. “යම් සේ මහසයුර ජලාශයනට අග්‍ර වේ ද, සිනේරු පර්‍වතය පර්‍වතයනට අග්‍ර වේ ද, එසේ ම යම් කෙනෙක් සචේතන වශයෙන් පවතිත් නම්, ඔහු බුදුනුවණින් කලාවකට ද නො පැමිණෙත්. (හැම නුවණට වඩා අග්‍රය” කියායි).
kn-ap-1-5:282.15
1873. එකල්හි කාරුණික ඍෂි වූ බුදුරජානන් වහන්සේ ධර්‍මන්‍යාය පිහිටුවා භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළ සේක:
kn-ap-1-5:282.16
1874. “ලෝක නායක බුදුරජුන් විෂයෙහි වූ නුවණ යමෙක් ප්‍රශංසා මුඛයෙන් පැවසී ද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යන්නේ ය.
kn-ap-1-5:282.17
1875. එකඟ ව සන්සුන් ව කෙලෙස් දවා නමින් සෝභිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
kn-ap-1-5:284.1
1876. මෙයින් පණස්දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යසුග්ගත නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:284.2
1877. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ වනසන ලදහ. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මේ අයුරින් බුදුසසුන කරණලදී.
kn-ap-1-5:284.3
1878. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:284.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:284.5
සෝභිතස්ථවිරාවදානය පළමුවැනියි.
kn-ap-1-5:284.6
132. සුදස්සන ස්ථවිරාවදානය
kn-ap-1-5:284.7
1879. විතස්තා නදී තීරයෙහි පුළිලගසක් පල ගත්තේ විය. මම එම ගස සොයන්නෙම් ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:284.8
1880. එකල්හි මම පිපුනු වැටකේගසක් දැක (එයින් මලක්) නටුවෙන් කඩා ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි. (කෙසේ ද යත්:)
kn-ap-1-5:284.9
1881. “මහාමුනීන් වහන්ස, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේ අච්‍යුත නම් වූ අමෘතපදසංඛ්‍යාත නිවණට යම් නුවණක් කරණ කොට ගෙණ පැමිණිසේක් ද, එම නුවණට පුදමි” (කියායි).
kn-ap-1-5:284.10
1882. ඒ බුදුරජානන් වහන්සේගේ සර්‍වඥතාඥාන විෂයෙහි පුද කොට පුලිල ගස දිටිමි. (ඒ පූජාහේතුවෙන්) ඒ ප්‍රඥාව ලැබුයෙම් වෙමි. ඤාණ පූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:284.11
1883. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:284.12
1884. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඵලුග්ගත නම් දොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:284.13
1885. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:284.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුදස්සන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:284.15
සුදස්සනස්ථවිරාවදානය දෙවැනියි.
kn-ap-1-5:284.16
133. චන්‍දනපූජක ස්ථවිරාවදානය
kn-ap-1-5:284.17
1886. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නෙම් එසේ ම මල්මුවා හඳනා ඇත්තෙම් ද වීමි.
kn-ap-1-5:284.18
1887. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ ද අහසෙහි හංසරාජයකු මෙන් වනහිසින් නික්මුනු සේක. (ඒ දුටු මම මෙසේ කීමි:)