Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 1901-2000 න් 9627

1602. මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිදිය යුතු දෙයක් මට නැත. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
1603. මම මෙයින් එක්අනූවන කපෙහි (බුදුරජුන්ට) වතාවත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වතාවත් කිරීමෙහි මේ ප්‍රතිඵලයයි.
1604. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචින්තිත නම් සක්විති රජෙක් වීමි.
1605. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙය්‍යාවච්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
වෙය්‍යාවච්චකස්ථවිරාවදානය නවවැනි යි
100. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
1606. (මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂි වූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනෙම් වෙමි.
1607. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය දකු. හැමකල්හි සැටදහසක් තූර්‍ය්‍යයෝ මා පිරිවරත්.
1608. මෙයින් එක්අනූවන කපෙහි මහර්ෂි වූ බුදුරදුන්ට (සක් පිඹීමෙන් යම්) උවටැනක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාකය යි.
1609. මෙයින් සූතිස්වන කපෙහි මහත් බල ඇති මහානිග්ඝෝස නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1610. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජුන්ගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
බුද්ධුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සුධා සුචින්තී චේල ද - සූචි ද ගන්‍ධමාලිය, තිපුප්ඵිය මධුසෙනසුන - වෙය්‍යාච්චුපට්ඨායක මෙ වගෙහි පවසන ලද - සමසැටගයෙක් වන්නේ
සුධාපිණ්ඩියවර්‍ගය දසවැනියි.
යලි වර්‍ගඋද්දානය යි:
බුදුවග පළමු ය - යලි සිහසුන් සුභූති ය කුණ්ඩධාන ද උපාලිය - විජනිය සකචින්තිය ද නාගසමාලය තිමිරිය - සුධාවග දැ යි දසයකි ගීතුදුස් සියයකි - පස්පණසක් ද වන්නේ
ප්‍රථමවර්‍ගදශකය යි.
ප්‍රථමශතකය සමාප්තයි.
11. භික්ඛදායි වර්‍ගය
101. භික්ඛාදායක ස්ථවිරාවදානය
1611. මම ස්වර්‍ණවර්‍ණ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් වැනි වූ වනලැහැබින් නික්මුනා වූ තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියා වූ ප්‍රඥාවෙන් උපශාන්ත වූ සම්බුදුරජ (දිටිමි).
1612. තාදිගුණ ඇති මහාවීර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සැන්දක් පමණ වූ භික්‍ෂාවක් දිනිමි.
1613. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජානන් වහන්සේ පියෙන් පිය අනු ව (පසුපස්සෙන්) යන මහාජනයා (දහම්වැස්සෙන්) නිවන කල්හි මට මහත් ප්‍රීතියෙක් විය.
1614. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාකය යි.
1615. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහාරෙණු නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
1616. සිවුපිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
භික්ඛාදායකස්ථවිරාවදානය පළමුවැනියි.
102. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
1617-1618. මම ස්වර්‍ණවර්‍ණ වූ උතුම් ආජානීයයකු මෙන් ශ්‍රේෂ්ඨ වූ ත්‍රිමදගලිතමාතඞ්ගහස්තිකුලයෙහි ඇත්රජකු වැනි මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිගුන් බබුළුවන්නා වූ ලෝකජ්‍යේෂ්ඨ වූ විථීයට පිළිපන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1619. (උන්වහන්සේගේ) නුවණෙහි සිත පහදවා ඇඳිලි බැඳ සොම්නස් වූයෙම් පහන් සිත් ඇත්තෙම් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
1620. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධඥානය පැහැදි සිතින් මෙනෙහි කිරීමේ මේ විපාකය යි.
1621. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ වූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
1622. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඤාණසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනියි.
103. උප්පලහත්‍ථිය ස්ථවිරාවදානය
1623. එකල්හි මම තිවරා නගරයෙහි වෙසෙන මල්කරුවෙක් වීමි. පහ වූ කෙලෙස් රජස් ඇති ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1624. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (උන්වහන්සේට) උපුල් මල් මිටක් දිනිමි. ඒ කර්‍මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදිම් ද,
1625. මනා වූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර තමා කළ පින් කම්හි ඉෂ්ටවිපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1626. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1627. මෙම භවය හැර සිවුඅනූවන කපෙහි පටන් ම නජ්ජූපම නම් පන්සියයක් රජවරු වූහ.
1628. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උප්පලහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උප්පලහත්‍ථියස්ථවිරාවදානය තෙවැනියි.
104. පදපූජක ස්ථවිරාවදානය
1629. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සමන් මල් පිදීමි. (උන්වහන්සේගේ) ශ්‍රීපාදයෙහි මා විසින් මල් සතක් සතුටින් විසුරුවන ලදී.
1630. එම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ අද දෙවිමිනිසුන් අතුරෙහි අතිශයින් බබළමි. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1631. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1632. මෙයින් පස්වෙනි කපෙහි සිවුමහදිවයින හා සිවුසයුර කෙළවර කොට ඇති (පෘථිවියෙහි) ජනාධිපති වූ සමන්තගන්‍ධ නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
1633. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පදපූජකස්ථවිරාවදානය සිවුවැනියි.
105. මූට්ඨිපූප්ඵිය ස්ථවිරාවදානය
1634. එකල්හි මම නමින් සුදස්සන නම් වූ මල්කරුවෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පහ වූ කෙළෙස් මල ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
1635. (මම) දෑසමන් මල් ගෙණ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිදීමි. ඒ හේතුවෙන් පිරිසිදු ඇස් ඇත්තේ සොම්නස් වූයේ දිවැස ද ලැබීමි.
1636. මම මේ පුෂ්පපුජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපන්මි.
1637. මෙයින් සතිස්වන කපෙහි මහත් බල ඇති පදුමුත්තර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1638. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
මුට්ඨිපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.
106. උදකපූජක ස්ථවිරාවදානය
1639-1640. මම අහස්මගෙහි වඩින්නා වූ රන්වන් වූ ඇවිලගත් දිලිසෙන ගිනිකඳක් වැනි වූ පූජාසත්කාරයන්ට ආසන (ස්ථාන) වූ බුදුරජානන් වහන්සේට අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීර වූ කාරුණික ඍෂි වූ බුදුරජ තෙම එය පිළිගත්තේ ය.
1641. අහසෙහි වැඩ සිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මේ ගාථාව වදාළේ ය:
1642. “මේ ජලදානයෙන් ද ප්‍රීතිය ඉපදවීමෙන් ද (මෙතෙම) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී” (කියා යි.)
1643. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ජය - පරාජය (දෙක) හැර නිශ්චලස්ථානය (=නිවණ) ට පැමිණියෙම් වෙමි.
1644. සදහස්පන්සියවන කපෙහි සිවුමහදිවයින හා සිවු මහ සමුදුරු කෙළවර කොට ඇති පොළොවට අධිපති වූ ජනශ්‍රේෂ්ඨ වූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1645. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උදකපූජකස්ථවිරාවදානය සවැනියි.
107. නළමාලිය ස්ථවිරාවදානය
1646-1647. තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ තණ ඇතිරියක වැඩහුන්නා වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට බටමලක් ගෙන විජිනියක් බැඳ පිළිගැන් වීමි.
1648. ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ විජිනිය පිළිගෙණ මාගේ අදහස දැන මෙම ගාථාව වදාළ සේක:
1649. “යම් සේ මාගේ සිරුර නිවේ ද, පරිළාහයක් නො වේ ද, එසේ ම ඔබගේ සිත (රාග - ද්වේෂ - මෝහ - යන) ත්‍රිවිධාග්නියෙන් (නිවේවා) කෙලෙසුන්ගෙන් ද මිදේවා” (කියා යි.)
1650. වනය ඇසුරු කළා වූ යම් කිසි දෙවිකෙනෙක් වූවාහු ද, ඒ සියලු දෙවිවරු ‘දායකයාහට දේශනා කරන්නා වූ බුද්ධවචනය අසමු’ ය යි රැස්වූවාහු ය.
1651. එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදු ව වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරමින් මේ ගාථාවන් වදාළ සේක:
1652. මේ “විජිනිදන හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධිය හේතු කොට ගෙණ ද නමින් සුබ්බත නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
1653. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ එම කර්‍මයාගේ ඉතිරි විපාකය වශයෙන් නමින් මාලුත නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
1654. මෙම විජිනිදන හේතු කොට ගෙන ද මහත් වූ සත්කාරය හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේ ය”.
1655. තිස්දහස්වන කපෙහි ඒ සුබ්බත නමින් අටතිස් රජකෙනෙක් වූහ. එකුන්තිස්දහස්වන කපෙහි මාලුත නමින් අට රජකෙනෙක් වූහ.
1656. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
නළමාලියස්ථවිරාවදානය සත්වැනියි.
සත්වැනි බණවර නිමියේ ය.
108. ආසනූපට්ඨාපක ස්ථවිරාවදානය
1657. අල්පශබ්ද ඇති නිශ්චල වූ මහවනයට පිවිස තාදිගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
1658. මල්මිටක් ගෙණ ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණු කොට ඇසුරු ද කොට උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1659. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද එම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ ආත්මය (=නිවණ) ලබමි. සියලු භවයෝ නසන ලදහ.
1660. එක්දහසි අටසියවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන්දනෙහි මේ විපාකය යි.
1661. මෙයින් සත්සියවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාපක නම් සක්විති රජෙක් වී ය.
1662. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූපට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
ආසනූපට්ඨාපකස්ථවිරාවදානය අටවැනියි.
109. බිළාලිදායක ස්ථවිරාවදානය
1663. (මම) හිමවතට නුදුරු තන්හි පන්ඇතිරියක වසමි. එකල්හි අහරෙහි ගිජුබවට නො පැමිණියෙම් (නිරතුරු) පන් ඇතිරියෙහි හෝනා වත ඇත්තෙම් වෙමි.
1664. ඒ මා විසින් කලම්බ බිළාලි තක්කල යන අල වර්‍ග සාරා ඩෙබර බදුලු බෙලි යන ගෙඩි කඩා ගෙණවුත් ආහාරයක් පිළියෙල කරණ ලදී.
1665. පූජාවන් පිළිගන්නා වූ නෙහොත් පූජාවනට භාජන වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන මා සමීපයට වැඩි සේක.