Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2301-2400 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:284.19
1888. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්න වූ මුඛය හා නේත්‍ර ඇතිසේක. අතිශයින් පහන් වූ මුහුණ හා ඉන්‍ද්‍රියයන් ඇතිසේක.”
kn-ap-1-5:286.1
1889. (ඉක්බිති) මහාප්‍රාඥ වූ මනා නුවණැති සර්‍වඥ තෙමේ අහසින් බැස සඟළ සිවුර අතුරා පර්‍ය්‍යඞ්කයෙන් (අසරමිණිය ගොතා) වැඩහුන්නේ ය.
kn-ap-1-5:286.2
1890. වුරුණු සඳුන් ගෙණ බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස්සහිත වූයෙම් සර්‍වඥයන් වහන්සේට පිදීමි.
kn-ap-1-5:286.3
1891. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට අභිවාදනය කොට සතුට උපදවා උත්තරදිශාභිමුඛ ව ගියෙමි.
kn-ap-1-5:286.4
1892. එක්දහස්අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:286.5
1893 මෙයින් එක්දහස්හාරසියවන කපෙහි නමින් රෝහිත නම් වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.
kn-ap-1-5:286.6
1894. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
kn-ap-1-5:286.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්‍දනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:286.8
චන්‍දනපූජකස්ථවිරාවදානය තෙවැනි යී.
kn-ap-1-5:286.9
අටවැනි බණවරයි.
kn-ap-1-5:286.10
134. පුප්ඵඡදන ස්ථවිරාවදානය
kn-ap-1-5:286.11
1895. මන්ත්‍රයන්හි පරතෙරට ගිය වේද හදාරන්නා වූ යාග කිරීමෙහි යෙදුනු, නමින් සුනන්‍ද නම් බමුණු තෙමේ මහායාගයක් කෙළේ ය.
kn-ap-1-5:286.12
1896. අග්‍රකාරුණික වූ ඍෂි වූ පදුමුත්තර සර්‍වඥ තෙමේ ජනසමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කෙළේ ය.
kn-ap-1-5:286.13
1897. උපධි විරහිත ලෝකනායක වූ සර්‍වඥ බුදුරජ තෙමේ අහසෙහි සක්මන් කොට අප්‍රමාණ සත්ත්‍වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවීය.
kn-ap-1-5:286.14
1898. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණුතෙම මල් නටුවෙන් නෙළා සියලු ශිෂ්‍යයන් රැස් කරවා අහසෙහි ලැවී ය.
kn-ap-1-5:286.15
1899. එකල්හි නගරය යම් තාක් වී නම්, ඒතාක් අහස මල්වියනක් මෙන් විය. බුද්ධානුභාවයෙන් එය සතියක් මුළුල්ලෙහි (ඉවත් ව) නො ගියේ ය.
kn-ap-1-5:286.16
1900. එ ම කුශල මූලය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන් ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරණ ලදී.
kn-ap-1-5:286.17
1901. එක්දහස්එක්වන කපෙහි මහත් බල ඇති අම්බරංස නම් වූ ඒ පන්තිස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:286.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:286.19
පුප්ඵඡදනියස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-5:288.1
135. රහෝසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:288.2
1902. හිමවතට නුදුරෙහි වසභ නම් පර්‍වතයක් විය. එම පර්‍වත පාදයෙහි (මට) අසපුවක් මැවිනි.
kn-ap-1-5:288.3
1903. එකල්හි බමුණෙක් වූ මම තුන් දහසක් සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා විවෙකස්ථානයක හුන්නෙමි.
kn-ap-1-5:288.4
1904. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ වූ මම එකත්පසෙක හිඳ බුද්ධධර්‍මය සොයන්නෙම් (මෙනෙහි කරන්නෙම්) බුද්ධඥානයෙහි සිත පැහැදවීමි.
kn-ap-1-5:288.5
1905. ඒ මම එහි සිත පහදවා ගෙණ පන්ඇතිරියක හුනිමි. එහි පලක් බැඳගෙණ ම කලුරිය කෙළෙම් ද වෙමි.
kn-ap-1-5:288.6
1906. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම් ද, යම් (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඥානසංඥාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:288.7
1907. සත්විසිවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:288.8
1908. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:288.9
මෙසේ ආයුෂ්මත් රහෝසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-5:288.10
රහෝසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-5:288.11
136. චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:288.12
1909. සුපිපි කිණිහිරිරුකක් මෙන් බබලන කඳුඅතුරෙහි හුන්නා වූ ඕසධී තාරකාවක් මෙන් සියලු දිගුන් ආලොකවත් කරණ (බුදුරජුන් දිටිමි.)
kn-ap-1-5:288.13
1910. ස්වකීය බ්‍රාහ්මණධර්‍ම සඞ්ඛ්‍යාත ශිල්පයෙහි මැනැවින් හික්මුනු මාණවකයෝ තිදෙනෙක් වූහ. ඔහු පිරිකරබර ගෙණ මා පසුපසින් එත්.
kn-ap-1-5:288.14
1911. තවුසකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙණ ඒ මල් වෙස්සභූ බුදුරජුන්ගේ සර්‍වඥතාඥානයට පිදීමි.
kn-ap-1-5:288.15
1912. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:288.16
1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:288.17
1914. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:288.18
මෙසේ ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:288.19
චම්පකපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-5:290.1
137. අත්‍ථසන්‍දස්සක ස්ථවිරාවදානය
kn-ap-1-5:290.2
1915. විශාල ලෙස පිපී පැතිරී ගිය මල් ඇති වෙනෙහි හුන්නෙම් ලෝකනායක වූ ක්‍ෂීණාස්‍රව වූ බලප්‍රාප්ත වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:290.3
1916. ත්‍රිවිද්‍යාවෙන් යුත් ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සියක් දහසක් රහත්හු සර්‍වඥයන් වහන්සේ පිරිවරත්. එය දැක කවරෙක් නො පහදී ද?.
kn-ap-1-5:290.4
1917. යමකුගේ නුවණෙහි සසඳා දැක්විය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නැද්ද, අනන්තඤාණ ඇති ඒ සර්‍වඥයන් වහන්සේ දැක කවරෙක් නො පහදී ද.
kn-ap-1-5:290.5
1918. හුදු රත්නාකරයක් මෙන් දක්වන දහම්කය ද විකෝපනය කරන්නට නො හැකි වෙත්. (එබඳු උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?.
kn-ap-1-5:290.6
1919. නාරද සරගච්ඡිය (නම් වූ මම) පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජුන්හට මේ තුන් ගයින් ස්තුති කොට-
kn-ap-1-5:290.7
1920. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ද, බුදුරජානන් වහන්සේට ස්තුති කිරීම හේතු කොට ගෙණ ද, කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපන්මි.
kn-ap-1-5:290.8
1921. මෙයින් තුන් දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:290.9
1922. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:290.10
මෙසේ ආයුෂ්මත් අත්‍ථසන්‍දස්සක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:290.11
අත්‍ථසන්‍දස්සකස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-5:290.12
138. ඒකපසාදනිය ස්ථවිරාවදානය
kn-ap-1-5:290.13
1923. නාරද යනු මාගේ (කුලදත්තිය) නාමය යි. කෙසව යන (ගෝත්‍රනාමයෙනුදු) මා දැනගණිත්. කුසල් අකුසල් කුමැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණියෙමි.
kn-ap-1-5:290.14
1924. මෛත්‍රීචිත්තයෙන් යුත් කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්‍ථදස්සී සර්‍වඥ තෙම සත්ත්‍වයන් අස්වසමින් දහම් දෙසයි.
kn-ap-1-5:290.15
1925. සිය සිත පහදවා මුදුනෙහි ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
kn-ap-1-5:290.16
1926. සතළොස්වන කප්සියෙහි මහත් බල ඇති මිහිපති වූ අමිත්තතාපන නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:290.17
1927. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:290.18
මෙසේ ආයුෂ්මත් ඒකපසාදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:290.19
ඒකාපසදනියස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-5:292.1
139. සාලපුප්ඵදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:292.2
1928. එකල්හි විශිෂ්ට ජන්ම ඇති මනා කෙසරු ඇති සිහරජෙක් වීමි. ගිරිදුර්‍ගයක් සොයන්නෙම් බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක මෙසේ සිතීමි.)
kn-ap-1-5:292.3
1929. මේ මහාවීරයන් වහන්සේ මහාජනයා (කෙලෙස් ගින්නෙන්) නිවති. මම දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජුන් වෙත එළඹෙන්නෙම් නම් මැනැවැ යි.
kn-ap-1-5:292.4
1930. සල් අත්තක් බිඳ මිණි නුමුතු (සල්) මලක් ගෙණ ආමි. සම්බුදුරජුන් වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
kn-ap-1-5:292.5
1931. මෙයින් එක්අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:292.6
1932. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති විරොචන නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:292.7
1933. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:292.8
මෙසේ ආයුෂ්මත් සාලපුප්ඵදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:292.9
සාලපුප්ඵදායකස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-5:292.10
140. පියාලඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:292.11
1934. එකල්හි (මම) පරපණ නසන වැද්දෙක් වීමි. සිඛී බුදුරජානන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
kn-ap-1-5:292.12
1935. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන් සවස හා උදාසන ද දැකිමි. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති උන්වහන්සේට දේයධර්‍මයකුදු මට නැත.
kn-ap-1-5:292.13
1936. පියල් ගෙඩියක් ගෙණ (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති එය පිළිගැණීම සඳහා බුදුරජුන්හට පැවැරීමි.
kn-ap-1-5:292.14
1937. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එය පිළිගත්තේය. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතුව එහි ම කලුරිය කෙළෙමි.
kn-ap-1-5:292.15
1938. මම මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:292.16
1939. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:292.17
1940. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:292.18
මෙසේ ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:292.19
පියාලඵලදායකස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-5:292.20
තුදුස්වැනි සෝභිත වර්‍ගය යි.
kn-ap-1-5:294.1
උද්දානය:
kn-ap-1-5:294.2
සෝභිත සුදස්සන - චන්‍දන පුප්ඵඡදන රහෝ චම්පකපුප්ඵී - අත්‍ථසන්‍දස්සක සහ ඒකපසාදි සාලද - ඵලදායකැයි වත්දස එය දෙසැත්තෑගකින් - පිඬු කොට මෙහි කියනලදී.
kn-ap-1-5:294.3
සෝභිත වර්‍ගය තුදුස් වැනි යි.
kn-ap-1-5:294.4
15. ඡත්ත වර්‍ගය
kn-ap-1-5:294.5
141. අතිඡත්තිය ස්ථවිරාවදානය
kn-ap-1-5:294.6
1941. භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි (උන්වහන්සේගේ) ධාතුචෛත්‍යයෙහි ඡත්‍රය මතුයෙහි ඡත්‍රයක් කරවා පිදීමි.
kn-ap-1-5:294.7
1942. කලින් කල අවුත් ශාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට නමස්කාර කෙළෙමි. මල්වියනක් ද කොට ඡත්‍රයෙහි (මත) නගා තැබීමි.
kn-ap-1-5:294.8
1943. (ඒ හේතුවෙන්) සතළොස් කප්සියයක් දිව්‍යරාජ්‍යය කරවීමි. මිනිසත් බවට නො ගියෙමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:294.9
1944. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:294.10
මෙසේ ආයුෂ්මත් අතිඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:294.11
අතිඡත්තියස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-5:294.12
142. ථම්භාරෝපක ස්ථවිරාවදානය
kn-ap-1-5:294.13
1945. ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධ්වජස්තම්භය (=කොඩි ගස) ක් නැංවීමි.
kn-ap-1-5:294.14
1946. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙණ සෑයෙහි පිදීමි.
kn-ap-1-5:294.15
1947. බුදුහු ආශ්චර්‍ය්‍යයහ. ධර්‍මය ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය. (එකී පූජාහේතුවෙන්) දුගතියක් නො දනිමි. ථූපපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:294.16
1948. මෙයින් සිවුඅනූවන කපෙහි මහත් බල ඇති ථූපසිඛර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:294.17
1949. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:294.18
මෙසේ ආයුෂ්මත් ථම්භාරෝපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:294.19
ථම්භාරෝපකස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-5:296.1
143. වේදිකාරක ස්ථවිරාවදානය
kn-ap-1-5:296.2
1950. ලෝකනායක වූ පියදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මුතුමුවාවේදිකාවක් කෙළෙමි.
kn-ap-1-5:296.3
1951. මිණියෙන් පිරිවර කොට උතුම් වේදිකාවක් (පිළක්) කෙළෙමි. මම ඒ වේදිකාපූජාව කොට එහි කලුරිය කෙළෙමි.