Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1801-1900 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:226.20
1538. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:226.21
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:226.22
ඵලදායකස්ථවිරාවදානය සත්වැනියි.
kn-ap-1-5:228.1
88. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:228.2
1539. (මම) හිමවතෙහි පන්ඇතිරියක වසමි. (එකල්හි) දහම් දෙසන්නා වූ ඵුස්ස බුදුරාජනන් වහන්සේ ගේ (මධුර) ස්වරයෙහි සිත පැහැදවීමි.
kn-ap-1-5:228.3
1540. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒ පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:228.4
1541. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:228.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:228.6
සද්දසඤ්ඤකස්ථවිරාවදානය අටවැනියි.
kn-ap-1-5:228.7
89. බෝධිසිඤ්චක ස්ථවිරාවදානය
kn-ap-1-5:228.8
1542. විපස්සී බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවක් විය. (එකල) පැවිදි ව සිටි මම ඒ පූජාවට එළඹියෙමි.
kn-ap-1-5:228.9
1543. මම මල් හි (සුවඳ) පැන් ගෙණ (ඒ කිණිහිරි) බෝධියට ඉස්සෙමි. (ඉස මෙසේ සිතීමි:) “සර්‍වඥතෙම (සසර දුකින්) මිදුනේ අප ද (ඉන්) මුදවන්නේ ය. (කෙලෙස්ගින්නෙන්) නිවුනේ (අප ද ඉන්) නිවීමට පමුණුවන්නේ ය” කියායි.
kn-ap-1-5:228.10
1544. මෙයින් එක්අනූවන කපෙහි (කිණිහිරි) බෝධියට යම් (සුවඳ පැන්) ඉසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධියට පැන් ඉසීමේ මේ විපාකය යි.
kn-ap-1-5:228.11
1545. තෙතිස්වන කප පවත්නා කල්හි උදකාසේවන නම් ජනාධිපති වූ ඒ අට සක්විතිරජවරු වූහ.
kn-ap-1-5:228.12
1546. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:228.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිසිඤ්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:228.14
බොධිසිඤ්චකස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-5:228.15
90. පදූමපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:228.16
1547. මම නෙළුම් වනයට (=පොකුණකට) පිවිසියෙම් මල් බිඳින්නෙම් (=නෙළන්නෙම්) දෙතිස්මහපුරිස්ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:228.17
1548. මම නෙළුම්මල් ගෙණ (ඒ බුදුරජුන් උදෙසා) අහසට දැමීමි. ඒ ප්‍රසන්නකර්‍මය කොට අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි.
kn-ap-1-5:228.18
1549. පැවිදි ව සංවරණය කළා වූ කයින් ද සිතින් ද යුතු ව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
kn-ap-1-5:230.1
1550. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:230.2
1551. කල්ප අටළොසක පදුමාභාස නම් වූ අටළොස් රජකෙනෙක් වූහ. (එසේ ම) අටසාළිස් රජකෙනෙක් ද වූහ.
kn-ap-1-5:230.3
1552. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:230.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:230.5
පදුමපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-5:230.6
උද්දානය:
kn-ap-1-5:230.7
තිමිරය නඞ්ගලී - පුප්ඵියනිපන්නඤ්ජලීකය අධෝ පුප්ඵිය රංසිසඤ්ඤක - සද්දසඤ්ඤී ද සේවක ය පදුමපුප්ඵිය දස - සපණස් ගයකින් බැඳි.
kn-ap-1-5:230.8
තිමිරපුප්ඵියවර්‍ගය නවවැනියි.
kn-ap-1-5:230.9
10. සුධා වර්‍ගය
kn-ap-1-5:230.10
91. සුධාපිණ්ඩිය ස්ථවිරාවදානය
kn-ap-1-5:230.11
1553-1554. පිදීමට සුදුසු වූ තණ්හාදි කෙලෙස් ඉක්මවූ තරණය කළ (=නැති කළ) සෝකපරිදේව ඇති බුදුරජුන් කෙරෙහි හෝ සව්වන් කෙරෙහි හෝ පුදන්නහුට (හෙවත් කෙලෙස් පිරිනිවනින්) පිරිනිවි බිය නැති එබඳු උතුමන් කෙරෙහි පුදන්නා වූ ඔවුනට (ලැබෙන) පින මෙපමණ ය යි කිසිවකින් පමණ කිරීමට (=මැනීමට) නො හැකි ය.
kn-ap-1-5:230.13
1555. යමෙක් මේ ලෙව්හි සිවුමහදිවයිනට ඉසුරු රජය කරවන්නේ නමුදු එය මෙබඳු එක පිදුමක සොළොස්වැනි කලාවකට ද නො අගී.
kn-ap-1-5:230.14
1556. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ සෑයෙහි පැළුම් අතර මා විසින් පැහැදි සිතින් සුණුපිඬක් දෙනලදි. (පැළුම් අතරෙහි සුණු බහා සකසන ලදී).
kn-ap-1-5:230.15
1557. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිසකරෙහි (=ප්‍රතිසංස්කරණයෙහි) මේ විපාකය යි.
kn-ap-1-5:230.16
1558. මෙයින් තිස්වන කපෙහි සත්රුවනින් යුත් පටිසඞ්ඛාර නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:230.17
1559. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:230.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුධාපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:230.19
සුධාපිණ්ඩියස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-5:232.1
92. සුචින්තිත ස්ථවිරාවදානය
kn-ap-1-5:232.2
1560. මම හිරුගොත්හි වූ සියල්ල දත් තිස්සබුදුරදුන්හට තුටු වූයෙම් තුටුසිතින් ම (සිලිටි දැවමුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.
kn-ap-1-5:232.3
1561. මෙයින් අටතිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝ වූ සයනාසන ද මහත් වූ භොග ද විය.
kn-ap-1-5:232.4
1562. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනැවින් කළ (ඒ ස්වකීය පුණ්‍ය) කර්‍මය අනුභව කරමි.
kn-ap-1-5:232.5
1563. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පුටුවක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පීඨාදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:232.6
1564. මෙයින් අටතිස්වන කපෙහි රුචි ය, උපරුචි ය, මහාරුචි ය යන සක්විති රජවරු තිදෙනෙක් වූහ.
kn-ap-1-5:232.7
1565. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:232.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:232.9
සුචින්තිතස්ථවිරාවදානය දෙවැනියි.
kn-ap-1-5:232.10
93. අඩ්ඪචෙළක ස්ථවිරාවදානය
kn-ap-1-5:232.11
1566. මම තිස්ස බුදුරජානන් වහන්සේට සිවුරු පිණිස රෙදි කැබැල්ලක් දුන්නෙමි. (එකල) දුගඳින් යුත් මම අතිශයින් කෘපණභාවයට (දුකට) පත් වූයෙම් වෙමි.
kn-ap-1-5:232.12
1567. මම (සිවුරු පිණිස මේ) රෙදිකැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
kn-ap-1-5:232.13
1568. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුන්නෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකයයි.
kn-ap-1-5:232.14
1569. එකුන්පණස්වන කපෙහි ජනාධිපති වූ සමන්තච්ඡදන නම් දෙළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
kn-ap-1-5:232.15
1570. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:232.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචෙලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:232.17
අඩ්ඪචෙලකස්ථවිරාවදානය තෙවැනියි.
kn-ap-1-5:234.1
94. සූචිදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:234.2
1571. මම පෙර බන්‍ධුමා නම් උතුම් පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට හිදි (=ඉදිකටු) දනක් දෙනලදී.
kn-ap-1-5:234.3
1572. එබඳු කර්‍මය කරන කොට ගෙණ විදුරග වැනි (සියුම්) නුවණ ඇති වේ. පහ වූ රාගය ඇත්තෙම් වෙමි. කෙලෙසුන්ගෙන් මිදුනෙම් වෙමි. ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
kn-ap-1-5:234.4
1573. අතීතභවයෙහි ද වර්‍තමානභවයෙහි ද අනාගතභවයෙහි ද සියල්ල නුවණින් සොයා දැන ගතිමි. හිදිදනෙහි මේ විපාකය යි.
kn-ap-1-5:234.5
1574. මෙයින් ඒකානූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වජිර නම් වූ සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:234.6
1575. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:234.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූචිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-5:234.8
සූචිදායකස්ථවිරාවදානය සිවුවැනියි.
kn-ap-1-5:234.9
95. ගන්‍ධමාලිය ස්ථවිරාවදානය
kn-ap-1-5:234.10
1576. මම සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට (සඳුන් - අගිල් - කපුරු කස්තුරි ආදිය වඩා) සුගන්‍ධස්තූපයක් කෙළෙමි. බුදුරජානන් වහන්සේට සුදුසු සේ කරණ ලද එය සමන්මල්වලින් වසන ලදී.
kn-ap-1-5:234.11
1577-1578. රන්ඇගෑවක් වැනි වූ ලෝකයෙහි අසහාය නායක වූ සර්‍වඥ වූ උදුල උපුල් මලක් වැනි වූ ඇවිළුනු ගින්නක් වැනි, ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන් උතුම් වූ, විශිෂ්ට ජන්ම ඇති කේශර සිංහයෙකු වැනි, භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද, ශ්‍රමණයන්ට අග්‍ර වූ බුදුරජානන් වහන්සේ ද බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාදයුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
kn-ap-1-5:234.13
1579. යම් හෙයකින් සිවුඅනූවන කපෙහි යම් ගඳමල් පූජාවක් කරණලද ද, බුදුරජුන් විෂයයෙහි කරන ලද ඒ පුණ්‍යකර්‍මයාගේ විපාකය හේතු කොට ගෙන මම විශේෂයෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:234.14
1580. එකුන්සතළිස්වන කපෙහි දෙවගන්‍ධ නම් වූ ඒ සොළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
kn-ap-1-5:234.15
1581. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:234.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:234.17
ගන්‍ධමාලියස්ථවිරාවදානය පස්වැනියි.
kn-ap-1-5:236.1
96. තිපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:236.2
1582. මම පෙර මහවෙනෙහි වැද්දෙක් වීමි. (විපස්සී බුදුරජුන්ගේ) නිල්වන් වූ පළොල්බෝධිය (=පාටලී බෝධිය) දැක (එයට) මල් තුණක් විසිරවීම් (පිදීමි).
kn-ap-1-5:236.3
1583-1584. මම එකල්හි වැටුනු බෝකොළ (අවුලා) ගෙණ පිටත දැමීමි. ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ (කෙලෙසුන්ගෙන්) මැනැවින් මිදුනු, ආස්‍රව රහිත වූ ලෝකනායක වූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහි දී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කලුරිය කෙළෙමි.
kn-ap-1-5:236.5
1585. මෙයින් එක්අනූවන කපෙහි යම් බෝධිපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකයයි.
kn-ap-1-5:236.6
1586. මෙයින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් වූ සක්විතිරජවරු තෙළෙස් දෙනෙක් වූහ.
kn-ap-1-5:236.7
1587. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:236.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-5:236.9
තිපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.
kn-ap-1-5:236.10
97. මධුපිණ්ඩික ස්ථවිරාවදානය
kn-ap-1-5:236.11
1588-1589. අල්පශබ්ද අති, නිරාකූල වූ මහවනයෙහි දී ඍෂීන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් වැනි වූ නිවී ගිය අත්බැව් ඇති අතිශ්‍රේෂ්ඨ වූ උත්තම ආජානීයයකු වැනි ඕසධී තරුව මෙන් බබලන්නා වූ දිව්‍යසමූහයා විසින් නමස්කාර කරනලද සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දැක මට මහත් ප්‍රීතියක් වී ය. එකෙණෙහි නුවණ ද උපන්නේ ය.
kn-ap-1-5:236.13
1590. සමාධියෙන් නැගී සිටි ඒ බුදුරජානන් වහන්සේට මී දී ඒ බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාදයුග්මය ද වැඳ නැගෙනහිර දෙසට මුහුණ ලා ගියෙමි.
kn-ap-1-5:236.14
1591. සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභය කරණ) භෝජනයෙහි ද නෙළුඹුපැනි වැගිරේ. මීවැසි ද වැස්සේ ය. පූර්‍වකර්‍මයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:236.15
1592. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් මීපැණි දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාකයයි.
kn-ap-1-5:236.16
1593. මෙයින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිවුසක්විති රජකෙනෙන් වූහ.
kn-ap-1-5:236.17
1594. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:236.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:236.19
මධුපිණ්ඩිකස්ථවිරාවදානය සත්වැනියි.
kn-ap-1-5:238.1
98. සේනාසනදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:238.2
1595. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පන්ඇතිරියක් දිනිමි. හාත්පස අසේනියකුසුම් ද විසිරවීමි.
kn-ap-1-5:238.3
1596. මෙබඳු ගුණ ඇති සිත්කලු මහාර්‍හ වූ පහසක් ලබමි. මාගේ ඇඳෙහි මහඟු පුෂ්පයෝ වැගිරෙත්.
kn-ap-1-5:238.4
1597. මම විසිතුරු වූ මල් අතුළ සයනයෙහි නිදිමි. එකෙණෙහි සයනෙහි මල්වැසි ද වසින්නේ ය.
kn-ap-1-5:238.5
1598. මෙයින් සිවුඅනූවන කපෙහි පන්ඇතිරියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇතිරිදනෙහි මේ විපාකයයි.
kn-ap-1-5:238.6
1599. මෙයින් පස්වැනි කපෙහි ජනාධිපති වූ තිණසන්‍ථරක නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:238.7
1600. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:238.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සේනාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:238.9
සේනාසනදායකස්ථවිරාවදානය අටවැනියි.
kn-ap-1-5:238.10
99. වෙය්‍යාවච්චක ස්ථවිරාවදානය
kn-ap-1-5:238.11
1601. විපස්සී බුදුරජානන් වහන්සේගේ (භක්තිමත්) මහාප්‍රාඥ සමූහයා විය. මම එකල්හි සියලු කටයුතුවල යෙදුනු වතාවත් කරන්නෙක් වීමි.