Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1701-1800 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:214.19
1466. එකල්හි මාගේ හිස මත සෙනක් වැටින. ඉක්බිති මැරෙණ කල්හි ද මම නැවත ඇඳිලි කෙළෙමි.
kn-ap-1-5:216.1
1467. මෙයින් දෙයානූවන කපෙහි එකල්හි යම් ඇඳිලි (බැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඤ්ජලිකර්‍මයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:216.2
1468. සූපණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිගකේතු නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:216.3
1469. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:216.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඨිතඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:216.5
ඨිතඤ්ජලියස්ථවිරාවදානය නවවැනියි.
kn-ap-1-5:216.6
80. තිපදුමිය ස්ථවිරාවදානය
kn-ap-1-5:216.7
1470. සියලු ධර්‍මයන්ගේ පරතෙරව ගිය දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ නුවරින් නික්මුනු සේක.
kn-ap-1-5:216.8
1471. එකල්හි මම හංසවතීනගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (මල් රැසෙහි) උතුම් මල් වී ද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත්) මල් තුණක් ඇරගතිමි.
kn-ap-1-5:216.9
1472. අතුරු අවුණෙහි පෙරමගට එන කෙලෙස් රජස් විරහිත බුදුරජානන් වහන්සේ දිටිමි. එකල්හි ඒ මම බුදුරජානන් වහන්සේ දැක මෙසේ සිතීමි:
kn-ap-1-5:216.10
1473. “රජුට පිරිනමනලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජන ද? ඉදින් ප්‍රයෝජනයක් වතොත් මම ගමක් හෝ ග්‍රාමක්‍ෂේත්‍රයක් හෝ ලබන්නෙමි.
kn-ap-1-5:216.11
1474. නොදැමුනවුන් දමනය කරන්නාවූ ප්‍රාඥ වූ සියලු සතුනට සැප එළවන්නා වූ බුදුරජානන් වහන්සේ (මේ මලින්) පුදා අමෘතධනය (=නිවණ) ලබන්නෙමි” යි කියා යි.
kn-ap-1-5:216.12
1475. මම මෙසේ සිතා සියසිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුණක් ගෙණ අහසෙහි දැමීමි.
kn-ap-1-5:216.13
1476. මා විසින් උඩට ඉසිනලද කෙණෙහි ඒ කුසුමයෝ අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහි වූ එහි නැටි උඩුකුරු ව මල් අධෝමුඛ ව අහසෙහි නැවතුනාහු ය
kn-ap-1-5:216.14
1477. යම් කිසි මිනිස් කෙනෙක් එය දැක (සිටියාහු ද ඔහු) ප්‍රීතිඝෝෂා පැවැත්වූවාහු ය. (එසේ ම) අහසෙහි දෙවියෝ ද, සාධුනාද පැවැත්වූහ.
kn-ap-1-5:218.1
1478. “බුදුරජානන් වහන්සේගේ බලයෙන් ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය වූ දෑ පහළ විය. අපි සියල්ලෝ (උන්වහන්සේට ඒ) මල්පිදීමේ බලයෙන් ධර්‍මය අසන්නෙමු” ය කියායි.
kn-ap-1-5:218.2
1479. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන් රැස් වීමට ගෙයක් වැනි වූ වීථියෙහි වැඩසිටි ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක:
kn-ap-1-5:218.3
1480. “යම් ඒ මාණවකයෙක් තෙම රත්පියුම්වලින් බුදුරජානන් වහන්සේ පිදී ද, මම හේ කවරෙක් දැයි ප්‍රකාශ කරන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-5:218.4
1481. මෙතෙම කප් තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
kn-ap-1-5:218.5
1482. එකල්හි තුන්සියක් යොදුන් උස ඇති එක්සියපණස් යොදුන් පුළුල ඇති මහාවිත්‍ථාරික නම් (සඳලුසහිත) විමනෙක් පහළ වන්නේ ය.
kn-ap-1-5:218.6
1483. එහි සුනිර්මිත ද්වාරයෝ හාරලක්‍ෂයක් වෙති. කුළුගෙවලින් යුක්තයහ. මහාසයනයන්ගෙන් නිමවන ලදහ.
kn-ap-1-5:218.7
1484. නෘත්‍යගීතයන්හි දක්‍ෂ, වාදනයෙහි ද හුරුපුරුදු කෙළලක්‍ෂයක් අප්සරාවෝ පිරිවරන්නාහු ය.
kn-ap-1-5:218.8
1485. දිව්‍යාප්සරා සමූහයා විසින් ගැවසීගත් මෙබඳු උතුම් විමනෙහි හැම කල්හි දිව්‍යමය වූ ලෙහෙවන් මල්වැසි වසී.
kn-ap-1-5:218.9
1486. එකල්හි බිත්තියෙහි වූ ඇණවල ද නාදැතිවල ද උළුවසුවල ද තොරන්හි ද චක්‍රප්‍රමාණ වූ ලෙහෙවන් පුෂ්පයෝ එල්බෙන්නාහු ය.
kn-ap-1-5:218.10
1487. එකල්හි මල් පෙත්තෙන් පෙත්ත වැසෙන සේ වූ මේ විමානය තුළ (ඒ මලින් ම කළ ඇතිරි) අතුරා (පොරෝණා) පෙරොවා හෝනාහු ය.
kn-ap-1-5:218.11
1488. භවනය වටා හාත්පස යොදුන් සියයක් ඒ පිරිසිදු ලෙහෙවන් පුෂ්පයෝ දිවසුවඳ පතුරුවත්.
kn-ap-1-5:218.12
1489. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
kn-ap-1-5:218.13
1490. (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට උවදුරු රහිත වූයේ උපද්‍රව නැත්තේ පශ්චිමභවය පැමිණි කල්හි නිවන පහස්නේ ය - අවබෝධ කරන්නේය” කියායි.
kn-ap-1-5:218.14
1491. මා විසින් බුදුරජානන් වහන්සේ මැනැවින් දක්නාලදී. වණික් කර්‍මය මැනැවින් යොදන ලදී. තුන්පියුමක් පුදා දිව්‍ය මනුෂ්‍ය නිර්‍වාණ යන ත්‍රිවිධසම්පත්තිය අනුභව කෙළෙමි.
kn-ap-1-5:218.15
1492. අද නිර්‍වාණධර්‍මයට (සාක්‍ෂාත් කිරීම් වශයෙන්) පැමිණියා වූ සර්‍වාකාරයෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනා වූ මාගේ හිස මතුයෙහි මැනැවින් පිපුනු ලෙහෙවන් පියුමක් පවත්නේ ය.
kn-ap-1-5:220.1
1493. පදුමුත්තර බුදුරජහු මාගේ කර්‍මය ප්‍රකාශ කරන කල්හි සත්දහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය විය.
kn-ap-1-5:220.2
1494. මෙයින් සියක්දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියුම් තුණ පිදීමේ මේ ප්‍රතිථලය යී.
kn-ap-1-5:220.3
1495. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
kn-ap-1-5:220.4
1496. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:220.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:220.6
තිපදුමියස්ථවිරාවදානය දසවැනි යි
kn-ap-1-5:220.7
උද්දානය:
kn-ap-1-5:220.8
නාගසමාල පදසඤ්ඤන - බුද්ධසඤ්ඤක ආලුවදායක, ඒකසඤ්ඤ තිණදද - සූචි පාටලීපුප්ඵිය, ඨිතඤ්ජලී තිපදුමී වත්දස - පන්සැත්තෑ ගයෙක් වේ.
kn-ap-1-5:220.9
නාගසමාලවර්‍ගය අටවැනි යි.
kn-ap-1-5:220.10
9. තිමිර වර්‍ගය
kn-ap-1-5:220.11
81. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:220.12
1497. මම චන්‍දභාගා නදීතීරයෙහි යටිහොයට (=ගඟ බැස යන අතට තැන් තැන්වල ලැගුම් ගණිමින්) යමි. (එකල්හි) වැඩහුන් සන්සිඳුවන ලද පව් ඇති පැහැදුනු නො කැළඹුනු සිත් ඇති බුදුරදුන් දැක-
kn-ap-1-5:220.13
1498. මම එහි සිත පහදවා මෙසේ සිතීමි: “මේ (සර්‍වඥ) තෙම (සසරසයුරින්) එතෙර වූයේ (සෙස්සන් ද) එතෙර කරවන්නේ ය. මේ (සර්‍වඥ) තෙමේ දාන්ත වූයේ (සෙස්සන් ද) දමනය කරන්නේ ය.
kn-ap-1-5:220.14
1499. තෙමේ අස්වැසුනේ (සෙස්සන් ද) අස්වසන්නේ ය. තෙමේ ශාන්ත වූයේ (සෙස්සන් ද) ශාන්ත කරන්නේ ය. තෙමේ මිදුනේ (සෙස්සන් ද) මුදවන්නේ ය. තෙමේ නිවුනේ (සෙස්සන් ද) නිවණට පමුණුවන්නේ ය” කියායි.
kn-ap-1-5:220.15
1500. මම මෙසේ සිතා සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට තිමිරමල් (=විහිදි නිල් රැසින් වනය අඳුරු වූවාක් මෙන් කරණ මල් වර්‍ගයක්) බුදුරජානන් වහන්සේගේ මත්තෙහි විසිරවීමි.
kn-ap-1-5:220.16
1501. ඇඳිලි බැඳ පැදකුණු කොට බුදුරජානන් වහන්සේගේ ශ්‍රී පාදයන් වැඳ බටහිරදිගට ගියෙමි.
kn-ap-1-5:222.1
1502. නොබෝ වේලාවක් ගියා වූ මා සිංහයෙක් පෙළී ය. මම ප්‍රපාතය අනු ව යන්නෙම් එහි ම වැටුනෙමි.
kn-ap-1-5:222.2
1503. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:222.3
1504. සපණස්වන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් මහත් බල ඇති සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.
kn-ap-1-5:222.4
1505. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:222.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තීමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:222.6
තීමිරපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
kn-ap-1-5:222.7
82. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:222.8
1506. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. පැහැදුනු සිතින් (යුතු ව) ශාස්තෲන් වහන්සේගේ ශ්‍රීපාදයන් වැඳීමි.
kn-ap-1-5:222.9
1507. මම අනන්තගුණසාගරයක් වූ තිස්ස බුදුරජානන් වහන්සේ උදෙසා (නගුලෙන් සෑ බිමෙහි හටගත්{*}) නාඞ්ගලිකී පුෂ්ප (ලාඞ්ගලිකී = ලියනඟලා මල්) සතක් අහසෙහි දැමීමි.
kn-ap-1-5:222.10
1508. සතුටු සිත් ඇත්තෙම් බුදුරජුන් විසින් අනුගමනය කළ ආර්‍ය්‍ය මාර්‍ගයට පහන්සිත් ඇත්තෙම් පුදා සියතින් ඇඳිලි කෙළෙමි.
kn-ap-1-5:222.11
1509. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:222.12
1510. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිසිඛ නම් සක්විතිරජවරු තිදෙනෙක් වූහ.
kn-ap-1-5:222.13
1511. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:222.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:222.15
ගතසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි
kn-ap-1-5:222.16
83. නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය
kn-ap-1-5:222.17
1512. මම (රුක්ඛමූලිකඞ්ගය සමාදන් ව) රුක්මුල්හි හුන්නෙම් තදින් රෝගී වූයෙම් මහවෙනෙහි අතිශය දුඃඛිතභාවයට පත්වූයෙම් වෙමි.
kn-ap-1-5:222.18
1513. තිස්ස බුදුරජානන් වහන්සේ අනුකම්පා උපදවා මා වෙත එළඹිසේක. මම වැදහොත්තේ ම සිරසෙහි ඇඳිලි කොට-
kn-ap-1-5:224.1
1514. පහන්සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සියලු සත්නට උතුම් වූ බුදුරජානන් වහන්සේ වැඳ මම එහි කලුරිය කෙළෙමි.
kn-ap-1-5:224.2
1515. මෙයින් දෙයානූවන කපෙහි යම් පුරුෂෝත්තම වූ සර්‍වඥ කෙනෙකුන් වැන්දෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධවන්‍දනාවෙහි මේ විපාකය යි
kn-ap-1-5:224.3
1516. මෙයින් පස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහාසිඛ නම් වූ සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
kn-ap-1-5:224.4
1517. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:224.5
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:224.6
නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-5:224.7
84. අධෝපුප්ථීය ස්ථවිරාවදානය
kn-ap-1-5:224.8
1518. සිඛී බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මහානුභාව ඇති ත්‍රිවිද්‍යාවෙන් යුත් අභිභූ නම් ප්‍රසිද්ධ භික්‍ෂු තෙමේ හිමවතට එළඹියේ ය.
kn-ap-1-5:224.9
1519. එකල්හි මම අප්‍රාමාණ්‍ය ආලම්බනයන් හි ද ඍද්ධින්හි ද වශීප්‍රාප්ත ඍෂියෙක් වූයෙම් රමණීය අසපුවක වසමි.
kn-ap-1-5:224.10
1520. මම (උන්වහන්සේ විසූ) කඳු පහලින් මල් ගෙණ පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්‍ෂියෙකු මෙන් පර්‍වතයට නැංගෙමි.
kn-ap-1-5:224.11
1521. මල් සතක් ගෙණ මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිර වීමි. වීර වූ අභිභූ ශ්‍රාවකයන් වහන්සේ විසින් (ඒ දෙස) බලන ලද කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.
kn-ap-1-5:224.12
1522. (ගොස් මාගේ) ආවාසයට පැමිණියෙමි. ආශ්‍රමයට පැමිණ මම පිරිකරබර ගෙණ කඳු අතරට ගියෙමි.
kn-ap-1-5:224.13
1523. (එහි දී) ඝෝරස්වරූප වූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළී ය. පෙර කළ (ඒ පුෂ්පපූජා) පුණ්‍යකර්‍මය සිහි කොට මම එහි ම කලුරිය කෙළෙමි.
kn-ap-1-5:224.14
1524. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:224.15
1525. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්ස්ගේ සසුන කරණ ල දී.
kn-ap-1-5:224.16
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් අධෝපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:224.17
අධෝපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-5:226.1
85. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:226.2
1526. මම පෙර හිමවත්පව්වෙහි වාසය කෙළෙමි. අඳුන්දිවිසම් උතුරුසළු කොට ඇති මම කඳු අතරෙහි වෙසෙමි.
kn-ap-1-5:226.3
1527. සියගණන් රැස් ඇති හිරු වැනි වූ පිපුනු සල්රුකක් වැනි වනගත වූ ස්වර්‍ණවර්‍ණ ඇති බුදුරජානන් වහන්සේ දැක -
kn-ap-1-5:226.4
1528. ඒ විපස්සී බුදුරජානන් වහන්සේ ගේ රශ්මියෙහි සිත පහදවා මම ඇඳිලි බැඳ උක්කුටික ව හිස නමා වැන්දෙමි.
kn-ap-1-5:226.5
1529. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (පුණ්‍ය) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රශ්මිසංඥාවෙහි (පැහැදී පිදීමේ) මේ විපාකය යි.
kn-ap-1-5:226.6
1530. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:226.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:226.8
රංසිසඤ්ඤකස්ථිවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-5:226.9
86. දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:226.10
1531. වැහැරි සිවුරු දරන්නා වූ මම හිමවත්පව්වෙහි සක්මනට නැගුනේ නැගෙනහිර දිගට මුහුණ ලා හුන්නෙමි.
kn-ap-1-5:226.11
1532. එකල්හි හිමවත්පව්වෙහි දී ධ්‍යානයෙහි ඇලුනා වූ ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක ඇඳිලි බැඳ (බුදු) රැස්හි සිත පැහැදවීමි.
kn-ap-1-5:226.12
1533. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි (බුද්ධරශ්මිය පිළිබඳ) යම් සංඥාවක් ලැබුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධ) රශ්මිසංඥාවෙහි (සිත පැහැදවීමේ) මේ විපාකය යි.
kn-ap-1-5:226.13
1534. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:226.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:226.15
දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-5:226.16
87. ඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:226.17
1535. කුර සහිත අඳුන්දිවිසම් දරන්නා වූ මම පලතුරු ගත් අත් ඇත්තෙම් හිමවත්පව්වෙහි දී ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක පලතුරු දිනිමි.
kn-ap-1-5:226.18
1536. මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.
kn-ap-1-5:226.19
1537. මෙයින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරුදානයාගේ මේ විපාකය යි.