Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5501-5600 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-41:44.6
4184. නළකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සම් වැඩ කරණ) චම්මකාරයෝ ද, වඩුවෝ ද, කම්මාරයෝ ද, කුම්භකාරයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
kn-ap-1-41:44.7
4185. (මිණිකම් කරණ) මණිකාරයෝ ද, (ලොහො කම් කරණ) ලෝහකාරයෝ ද, (රන් කම් කරණ) සොණ්ණකාරයෝ ද, (රෙදි කම් කරණ) දුස්සිකයෝ ද, (ඊයම් කම් කරණ) තිපුකාරයෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
kn-ap-1-41:44.8
4186. (ඊ කම් කරණ) උසුකාරයෝ ද, (ලියන වඩු කම් කරණ) භමකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සුවඳ සාදන හෝ විකුණන) ගන්‍ධිකයෝ ද, (රෙදි සෝදන පොවන) රජකයෝ ද, (රෙදි මහන) තුණ්ණවායෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
kn-ap-1-41:44.9
4187. (තෙල් සාදන හෝ විකුණන) තෙලිකයෝ ද, (දර අදින) කට්ඨහාරයෝ ද, (ජලය අදින) උදකහාරයෝ ද, (පණිවුඩ ගෙන යන) පෙස්සිකයෝ ද, (සූපසාදන) සූපිකයෝ ද, (සූප රකින) සූපරක්ඛයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
kn-ap-1-41:44.10
4188. (දොරටුපාල) දෝවාරිකයෝ ද, බලඇණි රක්නෝ ද, (තුතිපැවසුම් කරණ) වන්‍දිකයෝ ද, (ගැබ්මල ආදිය බැහැර ලන) පුප්ඵඡඩ්ඩකයෝ ද, (ඇතුන් පිට නගින) හත්‍ථාරුහයෝ ද, (ඇතුන් බලන) හත්‍ථිපාලයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
kn-ap-1-41:44.11
4189. ප්‍රමාදී වූ ආනන්‍ද මහරජුට මම ධනය දුනිමි. මම සත්රුවනින් ඔහුගේ අඩුබැව් පුරවමි.
kn-ap-1-41:44.12
4190. මා විසින් මෙහි පවසන ලද ඒ සියල්ලෝ නා නා ජාතිවලට අයත් බොහෝ දෙන වෙති. මම ඔවුන්ගේ සිත් දැන රුවනින් සන්තර්‍පණය කෙළෙමි.
kn-ap-1-41:44.13
4191. මිහිරිවදන් කියන කල්හි බෙර වයන කල්හි සක් පිඹින කල්හි මම ස්වකීය ගෘහයෙහි සිත් අලවා වෙසෙමි.
kn-ap-1-41:46.1
4192-4193. එසමයෙහි භාග්‍යවත් වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති රහත් භික්‍ෂූන් ලක්‍ෂයක් සමග වීථියට පිළිපන්නේ ය. පසැස් ඇති සර්‍වඥ තෙම සියලු දිගුන් ආලෝකවත් කරමින් ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබළයි.
kn-ap-1-41:46.3
4194. බුදුරජුන් වඩින කල්හි සියලු භේරිහු වාදනය වෙත්. උදා වූ හිරු මෙන් උන් වහන්සේගේ රස් විහිදෙයි.
kn-ap-1-41:46.4
4195. කවුළු අතරින් පිවිසි රසින් ඇතුළු ගෙහි ද එකෙණෙහි මහත් වූ ආලෝකයෙක් විය.
kn-ap-1-41:46.5
4196. මම බුදුරජුන්ගේ රස් දැක පිරිසට මෙසේ කීමි. (කෙසේ ද යත්?) “නිසැකව බුද්ධශ්‍රේෂ්ඨ තෙම මේ වීථියට එළඹියේ ය” (කියා යි.)
kn-ap-1-41:46.6
4197. වහා පහයෙන් බැස ඇතුළු වීථියට ආයෙමි. සම්බුදු රජුන් වැඳ මේ වචනය ද කීමි:
kn-ap-1-41:46.7
4198. “පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ මට අනුකම්පා කරණ සේක්වා” යනුයි. ඒ බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග ඒ ආරාධනය පිළිගත්තේ ය.
kn-ap-1-41:46.8
4199. සම්බුදු රජුන් පවරා ස්වකීය ගෘහයට වැඩම කර වීමි. එහි ආහාරපානයෙන් බුදුරජුන් වැළඳවීමි.
kn-ap-1-41:46.9
4200. වළඳා අවසන් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ (දැක) සුදුසු කලැයි දැන තාදීගුණ ඇති ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ශතාඞ්ගික තූර්‍ය්‍යයන්ගෙන් උවටැන් කළෙමි.
kn-ap-1-41:46.10
4201. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඇතුළුගෙහි හිඳ මේ ගාථාවන් වදාළේ ය:
kn-ap-1-41:46.11
4202. “යමෙක් තූර්‍ය්‍යයන්ගෙන් මට උවටැන් කෙළේ ද, මට ආහාර පානයන් දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-41:46.12
4203. රැස් කළ සම්පත් අනුභව කරන්නෙක් ව අමුරන් සහිතව බොජුන් සහිතව මේ මිනිස් තෙම සිවුමහදිවයිනෙහි ඒකාතපත්‍ර කොට රාජ්‍යය කරවන්නේ ය.
kn-ap-1-41:46.13
4204. පන්සිල් සමාදන් ව ඉක්බිති දශකර්‍මපථයන් ද සමාදන් ව පවත්වමින් පිරිස හික්ම වන්නේ ය.
kn-ap-1-41:46.14
4205. මැනවින් අලඞ්කාර කරණ ලද ස්ත්‍රීහු නිතර තූර්‍ය්‍යයන් ලක්‍ෂයක් වාදනය කරන්නාහු ය.
kn-ap-1-41:46.15
4206. කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. සූසැට වරක් ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
kn-ap-1-41:48.1
4207. සූසැට වරක් සක්විතිරජ වන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
kn-ap-1-41:48.2
4208. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
kn-ap-1-41:48.3
4209. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදින්නේ නම්, අනූන වූ භොග සම්පත් ඇත්තේ ම මිනිසත් බවට පැමිණෙන්නේ ය.
kn-ap-1-41:48.4
4210. වේද හදාරන්නෙක් ව වේදත්‍රයෙහි පරතෙරට ගියේ උත්තමාර්‍ත්‍ථය වූ (නිවන) සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.
kn-ap-1-41:48.5
4211. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදි ව ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි සිත් අලවා වසන්නේ ය.
kn-ap-1-41:48.6
4212. මෙතෙම ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට කෙලෙස් දවා රහත් වන්නේ ය.
kn-ap-1-41:48.7
4213. මහවනයෙහි ව්‍යාඝ්‍රයෙක් මෙන් ද, කේශරසිංහ රාජයකු මෙන් ද, අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි නිර්භීතව වෙසෙමි.
kn-ap-1-41:48.8
4214. දෙව්ලොව වුව ද මිනිස් ලොව වුව ද දිළිඳු බැව්හි හෝ දුගතියක හෝ මාගේ ඉපදීමක් නො දකිමි. (බුදුරජුන්ට) උවැටන් කිරීමේ මේ විපාක යි.
kn-ap-1-41:48.9
4215. සන්හුන් වූයෙම් උපධි රහිත වූයෙම් විවේකයෙහි යෙදුනෙම් වෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වසමි.
kn-ap-1-41:48.10
4216. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-41:48.11
4217. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදී.
kn-ap-1-41:48.12
4218. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-41:48.13
මේ අයුරින් ආයුෂ්මත් ජතුකණ්ණී ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-41:48.14
ජතුකණ්ණී ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-41:50.1
410. උදේන ස්ථවිරාවදානය
kn-ap-1-41:50.2
4219. හිමවතට නුදුරෙහි පදුම නම් පර්‍වතයක් විය. එහි මට අසපුවක් මැනැවින් කරණ ලදී. පන්සල ද මැනැවින් නිමවන ලදී.
kn-ap-1-41:50.3
4220. මනා වූ තොට ඇති, මනෝඥ වූ නදීහු එහි ගලා බසිත්. ඒ නදීහු හැමකල්හි පිරිසිදු දිය ඇත්තාහු ය. සිසිල් දිය ඇත්තාහු ය. සුන්‍දර ද වෙති.
kn-ap-1-41:50.4
4221. නදීන් හොබවන්නා වූ පාඨින (පෙටියෝ) ද, පාවුස (ලූල්ලු) ද, වලජ (වලයෝ) ද, මුඤ්ජ (මොද්දු) ද, රෝහිත (රෙහෙරු) ද, යන මත්ස්‍යයෝ හැම කල්හි නදියෙහි වසත්.
kn-ap-1-41:50.5
4222. අඹ දඹ රුක්වලින් වැසී ගිය නදිය ද, එසේ ම ලුණුවරණ තිලක (මදටය), උද්දාලක (ඇසළ), පාටලි (පළොල්) යන වෘක්‍ෂයෝ ද මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.6
4223. පිපී ගිය අඞ්කෝලක (රුකඟුන) බිම්බිජාල, රත්කරවු, මායාකාරී, මෙකී වෘක්‍ෂයන්ගේ සුවඳින් හමන වාතයෝ මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.7
4224. මැනැවින් පිපීගිය අතිමුත්ත (යොහොඹු), සත්තලික (සත්පෙති දෑසමන්), නාග (නා), සාල (සල්) යන මොහු දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.8
4225. කෝසම්බ (කොසඹ), සලල (හොර), නීප (=කොළොම්), අට්ඨඞ්ග - වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.9
4226. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි මෙකී ඵලයෝ අසපුවෙහි බොහෝ වෙති.
kn-ap-1-41:50.10
4227. කලම්බ (කොළොම්), කන්‍දලී (බිම් කෙහෙල්) ද එහි මාගේ අසපුවෙහි පිපෙත්. දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.11
4228. අසෝකපිණ්ඩී, චවරී කොසඹ මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.12
4229. පුන්නාග (දොඹ), ගිරිපුන්නාග මේ වෘක්‍ෂයෝ එහි පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.13
4230. නිග්ගුණ්ඩී (සිරිනික), සපු මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:50.14
4231. අසපුවට නුදුරෙහි පොකුණ සක්වාලිහිණියන් විසින් හඬන ලද ය. හෙල්මැල්ලෙන් නොහොත් දියකන්‍දරයෙන්, විලපලායෙන්, පියුම් උපුල් මලින් ගැවසුනේ ය.
kn-ap-1-41:52.1
4232. පැහැදි දිය ඇති සිසිල් ජලය ඇති මනා තොට ඇති මනරම්පලිඟු මෙන් පැහැදිලි පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.
kn-ap-1-41:52.2
4233. එහි රත් පියුම්, හෙළ පියුම්, උපුල් ද පිපෙත්. හෙල්මැලියෙන් ගැවසීගත් ඒ පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.
kn-ap-1-41:52.3
4234. පාඨීන, පාවුස වලජ, මුඤ්ජ, රෝහිත යන මත්ස්‍යයෝ එහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:52.4
4235. කුම්භීල, සුංසුමාර යන චණ්ඩ ජලජ සත්ත්‍වයෝ ද, කැසුබුවෝ, ඔගුහ නම් සත්ත්‍වයෝ, අජගරයෝ ද බොහෝ වූවාහු මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:52.5
4236. පරෙවි, රවිහංස, චක්‍රවාක, නදීවර, දින්‍දිහ (කිරලු), සාළික - මේ පක්‍ෂීහු මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:52.6
4237. නයිතා, අම්බගන්‍ධි, කේතකී - මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු එහි දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:52.7
4238. සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්සු, කොක්නහ, කරබානාවලස්සු මොහු මහවෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:52.8
4239. අඳුන් දිවිසම් ඈ ජටාහාරයෙන් බර වූ තවුසෝ මහ වෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:52.9
4240. මේ තවුසෝ අඳුන් දිවිසම් දරන්නෝ ය. ප්‍රාඥයෝ ය. සන්හුන් පැවතුම් ඇත්තෝ ය. අල්පාහාර ඇති ඒ සියල්ලෝ මාගේ අසපුව හොබවත්.
kn-ap-1-41:52.10
4241. පිරිකර කද ගෙණ වනයට පිවිස මුල් හා ගෙඩි අනුභව කරන්නා වූ ඔහු එකල හැම දා අසපුවෙහි වසත්.
kn-ap-1-41:52.11
4242. ඔහු දර, පා දෝනා දිය නො ගෙණෙත්. සියල්ලන්ගේ ආනුභාවයෙන් (ඒ දෑ තෙමේ ම) පැමිණෙයි.
kn-ap-1-41:52.12
4243. අසූහාර දහසක් ඍෂීහු මෙහි රැස් වූහ. මේ සියල්ලෝ ම ධ්‍යාන කරන්නෝ උත්තමාර්‍ත්‍ථය වූ විමුක්තිය සොයන්නෝ ය.
kn-ap-1-41:52.13
4244. තපස්වී වූ බ්‍රහ්මචාරී වූ අර්‍පණාව්‍රතයෙහි යෙදුනාවූ අහසෙහි හැසිරෙන්නා වූ (ඒ) සියල්ලෝ එකල්හි අසපුවෙහි වෙසෙත්.
kn-ap-1-41:52.14
4245. එකඟ වූ සන්හුන් පැවතුම් ඇති මොහු පස් දිනකට වරක් රැස් වෙත්. (රැස්ව) ඔවුනොවුනට වැඳ ඒ ඒ දිශාභිමුඛ වූවාහු යෙත්.
kn-ap-1-41:54.1
4246. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජ තෙම එකෙණෙහි මොහඳුර දුරුකරමින් ලොව පහළ විය.
kn-ap-1-41:54.2
4247. මාගේ අසපුව සමීපයෙහි මහා ඍද්ධි ඇති යක්‍ෂයෙක් විය. හෙතෙම පදුමුත්තර නම් වූ බුදුරජුන්හට (මෙසේ) ප්‍රශංසා කෙළේ ය:
kn-ap-1-41:54.3
4248. “නිදුකානෙනි, මේ මහාමුනි වූ පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය. වහා ගොස් ඒ සම්බුදුරජුන් භජනය කරනු මැනව” (කියා යි.)
kn-ap-1-41:54.4
4249. එකල්හි යක්‍ෂයාගේ වචනය අසා පැහැදි සිතින් අසපුව පිළියෙළ කොට තබා මහවනයෙන් නික්මුනෙමි.
kn-ap-1-41:54.5
4250. වස්ත්‍රය ගිනි ඇවිළගත් කල්හි මෙන් අසපුවෙන් නික්ම එක් රැයක් (මග) වැස බුදුරජුන් වෙත එළඹියෙමි.
kn-ap-1-41:54.6
4251. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම සිවුසස් පවසමින් අමෘතපදය දේශනා කෙළේ ය.
kn-ap-1-41:54.7
4252. මනාව පිපුණු පියුමක් ගෙණ (බුදුරජුන් වෙත) එළඹ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂී වූ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
kn-ap-1-41:54.8
4253. පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ පුදා අඳුන් දිවිසම එකස් කොට ලෝකනායක වූ තථාගතයන් හට ස්තූති කෙළෙමි.
kn-ap-1-41:54.9
4254. යම් සර්‍වඥතාඥානයක් කරණකොට ගෙණ සම්බුදු රජ තෙම ආස්‍රව රහිත ව මෙලොව්හි වැඩ වෙසේ ද, ඒ ඥානය කීර්‍තනය කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-41:54.10
4255. (ඔබ) සසර සැඩ පහර කපා සියලු ප්‍රාණීන් (සසරසයුරින්) එතෙර කෙරෙහි ය. ඒ සත්ත්‍වයෝ ඔබවහන්සේගේ ධර්‍මය අසා තෘෂ්ණාව නමැති සැඩ පහර තරණය කෙරෙත්.
kn-ap-1-41:54.11
4256. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්ස, ඔබ සත්ත්‍වයන්හට ශාස්තෘ වන සේක. කොඩියක් ධජයක් යාගස්ථම්භයක් වන සේක. ආරක්‍ෂාව වන සේක.
kn-ap-1-41:54.12
4257. ලෙව්හි යම්තාක් ගණප්‍රධාන වූවාහු සාර්‍ත්‍ථවාහයෝ ය යි කියනු ලබද්ද, සර්‍වඥයන් වහන්ස, ඔවුනට ඔබ අග්‍ර වන සේක. ඔහු ඔබවහන්සේට ම ඇතුළත් වෙත්.
kn-ap-1-41:54.13
4258. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ නුවණ කරණකොට ගෙණ බොහෝ දෙන (සසර සයුරින්) එතෙර කරණ සේක. ඔහු ඔබවහන්සේගේ දර්‍ශනය නිසා දුක් කෙළවර කෙරෙත්.
kn-ap-1-41:54.14
4259. පසැස් ඇතියානන් වහන්ස, ලෙව්හි මේ යම්කිසි සුගන්‍ධ ජාතයෝ හමත් නම්, මහාමුනීන් වහන්ස, පින්කෙත්හි වූ ඔබගේ ගුණ සුවඳ වැනි අනික් සුවඳෙක් නැත.
kn-ap-1-41:56.1
4260. පසැස් ඇතියානන් වහන්ස, ඔබ තිරිසන් ගතිය ද, නිරය ද, දුරු කරණ සේක. මහාමුනීන් වහන්ස, ඔබ අසංස්කෘත වූ ශාන්තපදය හෙවත් නිවන දේශනා කරණ සේක. (කියා යි.)
kn-ap-1-41:56.2
4261. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථා වදාළ සේක:
kn-ap-1-41:56.3
4262. “යමෙක් තෙම පහන්වූයේ සියතින් මාගේ සර්‍වඥතාඥානය පිදී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-41:56.4
4263. (මෙතෙම) කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය” (කියා යි.)
kn-ap-1-41:56.5
4264. මම මනා ව්‍රත ඇති බුදුරජුන් තුටු කොට උතුම් ලාභයක් ලැබුයෙම් වෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-41:56.6
4265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-41:56.7
4266. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:56.8
4267. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-41:56.9
මේ අයුරින් ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-41:56.10
උදේන ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-41:56.11
උද්දානය:
kn-ap-1-41:56.12
මෙත්තෙය්‍ය පුණ්ණකථේර මෙත්තගු ධෝතක සහ, උපසීව නන්‍ද හේමක තෝදෙය්‍ය ජතුකණ්ණී උදේන ද, ගී තෙසිය තෙ අසූවකින් එවග මෙහි කීයේ,
kn-ap-1-41:56.13
මෙත්තෙය්‍යවර්‍ගය එක්සාළිස්වැනි යි.
kn-ap-1-41:58.1
42. භද්දාලි වර්‍ගය
kn-ap-1-41:58.2
411. භද්දාලි ස්ථවිරාවදානය
kn-ap-1-41:58.3
4268. මෝනෙය්‍යගුණ යුත් අග්‍රකාරුණික වූ ලොකාග්‍ර වූ සුමේධ නම් සර්‍වඥ තෙමේ විවෙක සුව කැමැත්තේ හිමවතට එළඹියේ ය.
kn-ap-1-41:58.4
4269. පුරුෂෝත්තම වූ සුමේධ නම් ලෝකනායක තෙම හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්නේ ය.
kn-ap-1-41:58.5
4270. ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජ තෙම සමාධියට සමවැදුනේ ය. පුරුෂෝත්තම වූ සර්‍වඥ තෙම රෑ දාවල් සතක් (සතියක්) එසේ වැඩ හුන්නේ ය.
kn-ap-1-41:58.6
4271. පිරිකර කද ගෙණ මම වනයට පිවිසියෙමි. එහි දී චතුරෝඝයන් තරණය කළා වූ සම්බුදුරජුන් දිටිමි.
kn-ap-1-41:58.7
4272. මුස්න ගෙණ අසපුව හැමද චතුදණ්ඩය (=එකට බැඳ සාදා ගත් දඬුසතර) සිටුවා එකල්හි මණ්ඩපයක් කෙළෙමි.
kn-ap-1-41:58.8
4273. මම සල්මල් ගෙණවුත් මඩුව සෙවෙනි කෙළෙමි: පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැන්දෙමි.
kn-ap-1-41:58.9
4274. මහා ප්‍රාඥ වූ උතුම් නුවණැති යමකුට සුමේධ යයි කියත් ද, ඒ සුමේධ බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය.