Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 4501-4600 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-33:534.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනදාමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-33:534.12
සුමනදාමිය ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-33:534.13
380. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:534.14
3272. කඳු අතරෙහි වැඩ හුන් කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ කෙලෙස් රජස් විරහිත ලොවට දෙටු වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:534.15
3273. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ ඇත්දෙමට පල ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
kn-ap-1-33:534.16
3274. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:534.17
3275. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:536.1
3276. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-33:536.2
3277. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:536.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-33:536.4
කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-33:536.5
උද්දානය:
kn-ap-1-33:536.6
බෝධි පාටලී උප්පලී - පට්ටි සත්තපණ්ණිය ගන්‍ධමුට්ඨි චිතක - තාල සුමනදාමක කාසුමාරිඵලී දසවත් - එකුන්සැට ගී වනුයේ.
kn-ap-1-33:536.7
බෝධිවන්‍දක වර්‍ගය අටතිස්වැනි යි.
kn-ap-1-33:536.8
39. අවණ්ටඵල වර්‍ගය
kn-ap-1-33:536.9
381. අවණ්ටඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:536.10
3278. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ භාග්‍යවත් වූ සතරංසි නම් සම්බුදුරජ තෙමේ විවේකය කැමැතිවන්නේ පිඬු පිණිස නික්මියේ ය.
kn-ap-1-33:536.11
3279. මම බුදුරජුන් දැක ඵල ගත් අත් ඇත්තෙම් (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නැටි රහිත පල දිනිමි.
kn-ap-1-33:536.12
3280. මෙයින් සිවුඅනූවන කපෙහි මම යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:536.13
3281. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:536.14
3282. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-33:536.15
3283. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:536.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-33:536.17
අවණ්ටඵලදායක ස්‍ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-33:538.1
382. ලබුජදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:538.2
3284. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස් රජස් රහිත බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:538.3
3285. මම දෙල්ගෙඩි ගෙණ බුදුරජුන්හට දිනිමි. මහත් යශස් ඇති සර්‍වඥ තෙම අහසෙහි වැඩසිටියේ ම එය පිළිගත්තේ ය.
kn-ap-1-33:538.4
3286. මට සතුට උපදවන මෙලොවදී ම සුව එළවන එ පලදන පැහැදි සිතින් බුදුරජුන්හට දී,
kn-ap-1-33:538.5
3287. එකල්හි මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ තමන්හට රුවන් නිපයේ ම ය.
kn-ap-1-33:538.6
3288. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:538.7
3289. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:538.8
3290. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:538.9
3291. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:538.10
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-33:538.11
ලබුජදායක ස්‍ථවිරාවදානය දෙවෙනි යි.
kn-ap-1-33:538.12
383. උදුම්බරඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:538.13
3292. පුරුෂෝත්තම වූ බුදුරජතෙම විනතා ගංතෙරෙහි වැඩ විසී ය. සන්හුන් වූ කෙලෙස්රජස් විරහිත එකඟ වූ බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:538.14
3293. කෙලෙස්මල දෝනා වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් මම දිඹුල් පල ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
kn-ap-1-33:538.15
3294. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-33:538.16
3295. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:540.1
3296. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:540.2
3297. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:540.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදුම්බරඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-33:540.4
උදුම්බරඵලදායක ස්‍ථවිරාවදානය තෙවෙනි යි.
kn-ap-1-33:540.5
384. පිලක්ඛඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:540.6
3298. වනයෙහි දී මහත් කීර්ති ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පුලිලගෙඩි දුනිමි.
kn-ap-1-33:540.7
3299. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:540.8
3300. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:540.9
3301. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:540.10
3302. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:540.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්‍ඛදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-33:540.12
පිලක්‍ඛදායක ස්‍ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-33:540.13
385. ඵාරුසඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:540.14
3303. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ මාර්‍ගයෙහි වඩින්නා වූ බුදුරජුන් දැක මම උන්වහන්සේට බොරළුදමුනු (=උගුරැස්ස) ගෙඩි දිනිමි.
kn-ap-1-33:540.15
3304. මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:540.16
3305. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:542.1
3306. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:542.2
3307. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:542.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵාරුසඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-33:542.4
ඵාරුසඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-33:542.5
386. වල්ලිඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:542.6
3308. සියලු ජනයෝ එක්ව එකල්හි වනයට ගියාහු ය. එකල්හි ඵල සොයන්නා වූ ඔවුහු ඵල ලැබුවාහු ය.
kn-ap-1-33:542.7
3309. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කර ගත්තා වූ පස්මරුන් දිනූ සම්බුදුරජුන් දිටිමි. (දැක) උන්වහන්සේට මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලියපලක් දිනිමි.
kn-ap-1-33:542.8
3310. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:542.9
3311. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:542.10
3312. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:542.11
3313. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:542.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:542.13
වල්ලිඵලදායක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-33:542.14
387. කදලිඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:542.15
3314. කිණිහිරි රුකක් මෙන් ද පණු රැසි සඳු මෙන් ද බබලන ඇවිළගත් ප්‍රදීපවෘක්‍ෂයක් බඳු වූ බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:542.16
3315. මම කෙසෙල්පලයක් ගෙන පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට දුනිමි. (ඉක්බිති) වැඳ ඉවත්ව ගියෙමි.
kn-ap-1-33:542.17
3316. මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:544.1
3317. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:544.2
3318. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:544.3
3319. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:544.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:544.5
කදලිඵලදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-33:544.6
388. පනසඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:544.7
3320. එකල්හි අර්ජුන නම් සම්බුද්ධ තෙමේ හිමවතෙහි විසීය. ඒ මුනි තෙමේ (පසළොස්) චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ සමාධියෙහි දක්‍ෂවූයේ ද වේ.
kn-ap-1-33:544.8
3321. කුඹ පමණ වූ ජීවජීවක නම් පනාපලක් ගෙණවුත් පර්‍ණචඡත්‍රයෙහි තබා මම ශාස්තෲන් වහන්සේට දුනිමි.
kn-ap-1-33:544.9
3322. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:544.10
3323. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:544.11
3324. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-33:544.12
3325. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:544.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පනසඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:544.14
පනසඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-33:544.15
389. සෝණකෝටිවීස ස්ථවිරාවදානය
kn-ap-1-33:544.16
3326. විපස්සී බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි සිවුදිගින් වඩින සඞ්ඝයාට බන්‍ධුම රාජධානියෙහි මා විසින් ලෙණක් කරවන ලදි.
kn-ap-1-33:544.17
3327. ලෙණෙහි බිම වස්ත්‍රවලින් අතුරා (සඞ්ඝයාට) පිදීමි. එකල්හි ඔදවැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මෙබඳු) ප්‍රාර්‍ත්‍ථනාවක් ද කෙළෙමි.
kn-ap-1-33:546.1
3328. මම බුදුරජුන් සතුටු කරන්නෙමි. පැවිද්ද ද ලබන්නෙමි. අනුත්තර වූ උත්තම ශාන්තිසඞ්ඛ්‍යාත නිවන ද ස්පර්‍ශ කරන්නෙමි.
kn-ap-1-33:546.2
3329. කුශලමූලයෙන් ම අනූකල්පයක් සැරිසැරීමි. කරණ ලද පින් ඇති මම දෙවි වූයෙම් හෝ මිනිස් වූයෙම් හෝ බැබළීමි.
kn-ap-1-33:546.3
3330. ඉක්බිති අවශේෂ කර්‍මවිපාකයෙන් අන්තිම භවයෙහි මේ චම්පා නගරයෙහි අගසිටුහුගේ එක ම පුත්‍රව උපන්නෙම් වෙමි.
kn-ap-1-33:546.4
3331. මා උපන් පමණක් ම අසා පියතුමාහට මෙ බඳු අදහසෙක් විය. “මම කුමරුන්ට නො අඩුව විසිකෙළක් (ධනය) දෙමැයි” (කියා යි).
kn-ap-1-33:546.5
3332. මාගේ දෙපතුල්හි සියුම් වූ මොළොක් පහස් ඇති පුලුන් කෙඳි බඳු හොබනා සිවු අගුල් දිගු ලෝමයෝ හටගත්හුය.
kn-ap-1-33:546.6
3333. අනූකපක් ඉක්මින. මේ ඉතිරි කල්පය යි. (මේ අනූඑක්කපතුළ) නො අතුළ බිමෙහි පා තැබූ බවක් නො දනිමි.
kn-ap-1-33:546.7
3334. මා විසින් සම්බුදුරජතෙම තුටු කරණ ලදි. අනගාරිය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. මා විසින් රහත්බව ලබනලදී. ක්ලේශදාහයෙන් නිවුනෙම් සිසිල් වූයෙම් වෙමි.
kn-ap-1-33:546.8
3335. ආරබ්ධ වීර්‍ය්‍ය ඇති මහණුන් අතුරෙන් මම අග්‍රය යි බුදුරජුන් විසින් දක්වන ලදුයෙම් වෙමි. මහත් ඍද්ධි ඇති ෂඩභිඥා ඇති ආස්‍රව ක්‍ෂය කළ රහත් නමක් ද වෙමි.
kn-ap-1-33:546.9
3336. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලෙනක් දීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:546.10
3337. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ ශුභගමනෙක් ම විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදු සසුන කරණ ලදි.