Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 4201-4300 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-33:500.8
3090. මම තුන්සියක් වර දිව්‍යරාජ්‍යය කෙළෙමි. පන්සියක් වර සක්විති රජ වීමි.
kn-ap-1-33:500.9
3091. මෙයින් අනූඑක්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කරණ ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජායෙහි මේ විපාකයි.
kn-ap-1-33:500.10
3092. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:500.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:500.12
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-33:500.13
343. ධජදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:500.14
3093. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්‍ෂය (=ස්කන්‍ධොපධි සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයාගේ නිරෝධය වූ නිරුපධිශේෂ පරිනිර්‍වාණය) දැක මා විසින් ධජයක් නගන ලදි.
kn-ap-1-33:500.15
3094. මැනැවින් කළ ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
kn-ap-1-33:500.16
3095. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
kn-ap-1-33:502.1
3096. මා ලත් ප්‍රදේශ රාජ්‍යය (මෙ පමණයයි) ගිණිය නො හැකිය. පෙර තමා විසින් මොනොවට කළ ස්වකීය කර්‍මඵලය අනුභව කරමි.
kn-ap-1-33:502.2
3097. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:502.3
3098. අද මම කැමැත්තෙම් නම් කඳු වන සහිත වූ ලෝකය කොමුපිළියෙන් වසන්නෙමි. මේ එදා මා විසින් කළ කමේ විපාක යි.
kn-ap-1-33:502.4
3099. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:502.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:502.6
ධජදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-33:502.7
344. තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය
kn-ap-1-33:502.8
3100. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් ඇත. එහි දී ගස් මුදුනක එල්බුනු පවුල් සිවුරක් (පාංශුකූල චීවරයක්) දිටිමි.
kn-ap-1-33:502.9
3101. මම එකල්හි සතුටු වූයෙම් කටුකිහිරි මල් තුණක් කඩා සොම්නස් සිතින් පවුල් සිවුර පිදීමි.
kn-ap-1-33:502.10
3102. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. කටුකිහිරි මල් තුණක් පිදීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:502.11
3103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:502.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞ්කිණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:502.13
තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-33:502.14
345. නළාගාරික ස්ථවිරාවදානය
kn-ap-1-33:502.15
3104. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයෙක් ඇත. එකල්හි නාරද නම් බුදුරජ තෙම රුක්මුලක වැඩවිසීය.
kn-ap-1-33:502.16
3105. මම බටකිළියක් කොට එහි තණ (=බටකොළ) සෙවිනි කෙළෙමි. මම සක්මනක් ද පිරිසිදු කොට තථාගතයන් වහන්සේට දිනිමි.
kn-ap-1-33:502.17
3106. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍යරාජ්‍ය කරවීමි.
kn-ap-1-33:504.1
3107. මම සත්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හැකි ය.
kn-ap-1-33:504.2
3108. පැනනැංගා වූ මාගේ භවනය දේදුන්නක් මෙන් උස් ව නැගුනේ ය. දහසක් ටැම් ඇති අනුපම වූ ඒ විමානය පැහැ විහිදුවන්නේ ය.
kn-ap-1-33:504.3
3109. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් ද්විවිධ (දිව්‍ය-මනුෂ්‍ය) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි පැවිදි වීමි.
kn-ap-1-33:504.4
3110. වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. එසේ ම උපශාන්තයෙමි. උපධී රහිතයෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:504.5
3111. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:504.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:504.7
නළාගාරික ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-33:504.8
346. චමපකපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-33:504.9
3112. හිමවතට නුදුරෙහි චාපල නම් පර්‍වතයෙක් ඇත. සුදස්සන නම් බුදුරජ තෙම එහි පර්‍වත අතුරෙහි විසී ය.
kn-ap-1-33:504.10
3113. හිමවත්හි හටගත් මල් ගෙණ අහසින් යන්නා වූ මම කෙලෙස් රජස් නැති ඕඝයන් තරණය කළ ආස්‍රව විරහිත බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:504.11
3114. එකල්හි මම සපුමල් සතක් හිසෙහි තමා සියල්ල තෙමේ ම අවබෝධ කළ බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-33:504.12
3115. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-33:504.13
3116. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:504.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:504.15
චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-33:504.16
347. පදුමපූජක ස්ථවිරාවදානය
kn-ap-1-33:504.17
3117. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් ඇත. එකල්හි සම්භව නම් පසේබුදුරජ තෙමේ ද අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ විසීය.
kn-ap-1-33:504.18
3118. මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට යළි භවනයට එළඹියෙමි.
kn-ap-1-33:506.1
3119. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-33:506.2
3120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:506.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:506.4
පදුමපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-33:506.5
348. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:506.6
3121. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයෙක් ඇත. එහි උපතිස්ස නම් බුදුරජතෙම එළිමහන්හි සක්මන් කෙළේය.
kn-ap-1-33:506.7
3122. එකල්හි මම මහවනයෙහි මුවවැද්දෙක් වීමි. දෙවියනට දෙවි වූ සියල්ල තෙමේ ම අවබෝධ කළ පස්මරුන් දිනූ ඒ බුදුරජුන් දැක-
kn-ap-1-33:506.8
3123. එකල්හි මම පැහැදි සිතින් ඒ බුදුරජුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දිනිමි.
kn-ap-1-33:506.9
3124. දේවාතිදේව වූ බුදුරජුන්හට එය දී බෙහෙවින් සිත පැහැදවීමි. ඉක්බිති සම්බුදුරජුන් වැඳ උතුරු දෙස බලා ගියෙමි.
kn-ap-1-33:506.10
3125. එසේ ගිය නොබෝ වෙලාවකින් සිංහයෙක් මා පෙළී ය. සිංහයා විසින් බිම හෙළන ලද මම එහි කලුරිය කෙළෙමි.
kn-ap-1-33:506.11
3126. ආස්‍රව රහිත වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි ම මා විසින් කළ කර්‍මය (හේතුකොට ගෙණ) මම දුනුයෙන් මුදන ලද වේගවත් හීයක් මෙන් දෙව්ලොව ගියෙමි.
kn-ap-1-33:506.12
3127. එහි (මාගේ) පුණ්‍යකර්‍මයෙන් නිර්මිත ශෝභන ප්‍රාසාදයක් විය. එහි සහස්‍ර භාග ඇත්තේය. සියයක් ගෝලාකාර මුදුන් ඇත්තේය. (මුදුන්වල එල්ලෙන) ධජ බහුල ය. නිල්මුවා පැහැ ඇත්තේ ය.
kn-ap-1-33:506.13
3128. උදා වූ හිරු මෙන් ඒ ප්‍රාසාදයාගේ රශ්මිය ද පැතිරෙයි. මම එහි දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරන ලදුයෙම් කාමකාමීව සතුටු වීමි.
kn-ap-1-33:506.14
3129. ඒ කුශල කර්‍මයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් සැවැ මිනිසත්බවට පැමිණ ආස්‍රවක්‍ෂයට (=රහත්බවට) පැමිණියෙම් වෙමි.
kn-ap-1-33:506.15
3130. මම මින් සිවුඅනූවන කපෙහි නිසීදනයක් දුනිමි. ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණමිටෙහි මේ විපාක යි.
kn-ap-1-33:506.16
3131. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:506.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:506.18
තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-33:508.1
349. තින්‍දුකඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:508.2
3132. පර්‍වත අතුරෙහි වැඩහුන්නා වූ කිණිහිරි රුකක් මෙන් බබලන කෙලෙස් රජස් නැති ඕඝ තරණය කළ ආස්‍රව රහිත වූ වෙස්සභූ බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:508.3
3133. පල ගත් තිඹිරි ගසක් දැක පල කිණිති සහිත ව කඩා පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම වෙස්සභූ බුදුරජුන්හට දිනිමි.
kn-ap-1-33:508.4
3134. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරිපල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:508.5
3135. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:508.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:508.7
තින්‍දුකඵලදායක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-33:508.8
350. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
kn-ap-1-33:508.9
3136. එකල්හි රේවත නම් සර්‍වඥ තෙම ගඞ්ගාතීරයෙහි වැඩ විසීය. කෙලෙස් රජස් විරහිත වූ පීතවර්‍ණ් රස් ඇති උදා හිරු බඳු වූ ඒ බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:508.10
3137. කඹුරුඋදුන ලා පිරිසිදු කළ ස්වර්‍ණයක් මෙන් ද, ඇවිලෙන කිහිරඟුරු මෙන් ද ඕසධී තාරකාව මෙන් ද බබලන (ඒ බුදුරජුන් දැක) මම එක් වරක් ඇඳිලි කෙළෙමි.
kn-ap-1-33:508.11
3138. මෙයින් සිවු අනූවන කපෙහි මම යම් ඇඳිලි බැඳීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:508.12
3139. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-33:508.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:508.14
ඒකඤ්ජලිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-33:508.15
උද්දානය:
kn-ap-1-33:508.16
පදුමී උප්පල මාලි ධජ කිඞ්කිණික නළ චම්පක පදුම මුට්ඨි තින්‍දුක ඒකඤ්ජලී ගී සසැටකැයි ගිණුවෝ ගැණුම් දත් නුවණැත්තෝ
kn-ap-1-33:508.17
ඒකපදුමියවර්‍ගය පන්තිස් වැනි යි.
kn-ap-1-33:510.1
36. සද්දසඤ්ඤක වර්‍ගය
kn-ap-1-33:510.2
351. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-33:510.3
3140-3141. මම පෙර මහාවනයෙහි මුවවැද්දෙක් වීමි. එහි දී දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද චතුස්සත්‍යය දේශනා කරමින් මහාජනයා සසර සයුරින් ගොඩ නඟන සම්බුදු රජුන් දිටිමි. කොවුල් හඬට බඳු මිහිරි වචන ඇසීමි.
kn-ap-1-33:510.5
3142. බ්‍රහ්මස්වරය ඇති ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ ශබ්දයෙහි සිත පහදවා ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
kn-ap-1-33:510.6
3143. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:510.7
3144. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:510.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:510.9
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-33:510.10
352. යවකලාපිය ස්ථවිරාවදානය
kn-ap-1-33:510.11
3145. එකල්හි මම අරුණවතී නගරයෙහි යව (තණ) වෙළෙඳෙක් වීමි. මග දී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩ හිඳීම සඳහා) යව මිටියක් ඇතිරීමි.
kn-ap-1-33:510.12
3146. අනුකම්පා ඇති කාරුණික වූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන යව ඇතිරියෙහි වැඩ හුන්නේ ය.
kn-ap-1-33:510.13
3147. එසේ වැඩ හුන්නා වූ නිර්‍මල වූ මහාධ්‍යාන ඇති අසහාය නායක වූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කලුරිය කෙළෙමි.
kn-ap-1-33:510.14
3148. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. යවඇතිරි දනෙහි මේ විපාක යි.
kn-ap-1-33:510.15
3149. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:510.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:510.17
යවකලාපිය ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-33:512.1
353. කිංසුකපූජක ස්ථවිරාවදානය
kn-ap-1-33:512.2
3150. පිපුනු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිපත් කොට ඒ මල් අහසෙහි (ගසේ තිබියදී ම බුදුරජුන්හට) පිදීමි.
kn-ap-1-33:512.3
3151. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-33:512.4
3152. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:512.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසුකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.