Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2801-2900 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:336.20
තිකණ්ණිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:338.1
189. ඒකචාරිය ස්ථවිරාවදානය
kn-ap-1-19:338.2
2202. එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝොෂයක් විය. (කෙසේ ද? යත්:) “බුදුරජානන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක් ම) රාග සහිතයෝ වමු” (කියා යි).
kn-ap-1-19:338.3
2203. සංවේගයට පත් ශෝක නමැති උල් ඇනුනු ඒ (දෙවියන් අතුරෙන්) මම චිත්ත බලයෙන් දැඩි වූයෙම් බුදුරජුන් සමීපයට ගියෙමි.
kn-ap-1-19:338.4
2204. මවන ලද සියුම් වූ මදාරා (මල්) ගෙණ පිරිනිවන් පාන වේලෙහි බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:338.5
2205. එකල්හි සියලු දෙවියෝ ද අප්සරාවෝ ද මාගේ පින අනුමෝදන් වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක් නො දනිමි.
kn-ap-1-19:338.6
2206. මෙයින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහාමල්ලජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-19:338.7
2207. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:338.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:338.9
එකචරියස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:338.10
190. තිවණ්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:338.11
2208. ඒ සියල්ලෝ රැස් වැ සොවින් මැඩුනෝ ලං වැ මා දෙස බලත්. එසේ ලං වැ බලන ඔවුන්හට සිත්හි දැවිල්ල ඇති විය.
kn-ap-1-19:338.12
2209. එකල්හි ධම්මදස්සී බුදුරජානන් වහන්සේගේ සුනන්‍ද නම් ශ්‍රාවක තෙමේ මා වෙත පැමිණියේ ය.
kn-ap-1-19:338.13
2210. එදා යම් කෙනෙක් මාගේ සහචරයෝ වූ හු ද, ඔවුහු මට මල් දුන්නාහු ය. මම ඒ මල් ගෙණ (සුනන්‍ද නම්) ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි පිදීමි.
kn-ap-1-19:338.14
2211. (ඉක්බිති) කලුරිය කළා වූ මම් ඒ දෙව්ලොවෙහි ම උපනිමි. කප් එක්දහස් අටසියක් ම දුගතියකට නො ගියෙමි.
kn-ap-1-19:338.15
2212. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති කෙනෙක් වූහ.
kn-ap-1-19:338.16
2213. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:338.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:338.18
තිවණ්ටිපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:338.19
උද්දානය:
kn-ap-1-19:338.20
කුටජ බන්‍ධුජීවී - කොටුම්බරික හත්‍ථිය ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
kn-ap-1-19:338.21
කුටජපුප්ඵියවර්‍ගය එකුන්විසිවැනි යි.
kn-ap-1-19:340.1
20. තමාලපුප්ඵිය වර්‍ගය
kn-ap-1-19:340.2
191. තමාලපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:340.3
2214. මට කප්රුකක් (දිව්‍යවෘක්‍ෂයක්) වැනි විමනක් මැනවින් මැවින. එහි ස්වර්‍ණමය වූ සුවාසූදහසක් ස්තම්භයෝ වූහ.
kn-ap-1-19:340.4
2215. තමළු මලක් ගෙන පහන් සිතින් ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් හට පිදීමි.
kn-ap-1-19:340.5
2216. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:340.6
2217. මෙයින් විසිවෙනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති චන්‍දතිත්ත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:340.7
2218. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:340.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තමාලපුප්ඵිය ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:340.9
තමාලපුප්ඵියස්ථිවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:340.10
192. තිණසන්‍ථරදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:340.11
2219. වන වැසි තවුසෙක් බුදුරජානන් වහන්සේට (සෙවෙනියක් කරණු පිණිස) යම් තෘණයක් කපා ද, ඒ සියලු තෘණ දක්‍ෂිණාවර්‍ත වැ පොළොවෙහි වැටින.
kn-ap-1-19:340.12
2220. මම් ඒ තෘණ ගෙන වැඩ වසන ඒ උතුම් බිම ඇතිරීමි. ඒ කල්හි මම තල්පත් තුණක් ද ගෙණ අවුත්,
kn-ap-1-19:340.13
2221. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් හට තෘණයෙන් සෙවෙනියක් කොට දිනිමි. දෙවිමිනිස්සු (සමවතින් හුන්) ශාස්තෲන් වහන්සේට සතියක් මැ එය දැරූහ.
kn-ap-1-19:340.14
2222. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එ දවස් යම් තණ (සෙවෙනියක්) දිනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණ (සෙවෙනි) දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:340.15
2223. මෙයින් පන්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහද්ධන නම් වූ සිවු සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-19:340.16
2224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:340.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්‍ථරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:340.18
තිණසන්‍ථරදායකස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:342.1
193. ඛණ්ඩඵුල්ලිය ස්ථවිරාවදානය
kn-ap-1-19:342.2
2225. මහවෙනෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයක් විය. එය එ කල්හි ඇතුන් විසින් බිඳින ලදුයේ වැඩුනු ගස් ඇත්තේ ද විය.
kn-ap-1-19:342.3
2226. ඒ තිලෝගුරු වූ බුදුරජානන් වහන්සේගේ ගුණයෙන් සතුටු වූ මම (ඒ සෑයෙහි) විසමතැන් සම කොට සුණුපිඬු දිනිමි. (සුණුපිරියම් කෙළෙමි.)
kn-ap-1-19:342.4
2227. මෙයින් දෙයානූවන කපෙහි වූ එ දවස යම් පිළිසකරක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුණු පිඬු දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:342.5
2228. සත්සැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ජිතසේන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-19:342.6
2229. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:342.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:342.8
ඛණ්ඩඵුල්ලියස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:342.9
194. අසෝකපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:342.10
2230. එකල්හි රම්‍ය වූ තීවරා පුරයෙහි රාජෝද්‍යානයක් විය. මම එහි රජුගේ සහචර වූ උයන්පල්ලෙක් වීමි.
kn-ap-1-19:342.11
2231. නමින් පදුම නම් වූ ප්‍රභාසහිත සම්බුදු වරයෙක් විය. හෙළ පියුමෙහි සෙවන වැඩහුන් ඒ බුදුරජුන් නො හළේය.
kn-ap-1-19:342.12
2232. පිපුනු දැකුම්කලු අශෝක ගසක් දැක (එයින්) මල්පොකුරක් පදුම නම් වූ බුදුරජානන් වහන්සේට පිදීමි.
kn-ap-1-19:342.13
2233. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:342.14
2234. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-19:342.15
2235. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:342.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසෝකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:342.17
අසෝකපූජකස්ථවිරාවදානය සිව්වැනි යි.
kn-ap-1-19:344.1
195. අඞ්කෝලක ස්ථවිරාවදානය
kn-ap-1-19:344.2
2236. පිපුනු රුකඟුන ගසක් දැක එහි උතුම් මල් කොපු සහිතව ම නෙලා ඒ මල් ගෙණ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරජුන් වෙත ගියෙමි.
kn-ap-1-19:344.3
2237. එ සමයෙහි මහාමුනි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජහු විවෙක සුවයෙන් හුන්හ. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා ඒ මල් ගුහාවෙහි විසිර වීමි.
kn-ap-1-19:344.4
2238. මෙයින් සිව්අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද , (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:344.5
2239. මෙයින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් විය.
kn-ap-1-19:344.6
2240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ.
kn-ap-1-19:344.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:344.8
අඞ්කෝලකස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:344.9
196. කිසලයපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:344.10
2241. දවාරවතී නගරයෙහි මාගේ පුෂ්පඋද්‍යානයෙක් විය. ගස්වල වැඩීමට ජලය සපයන ලිඳෙක් ද එහිම විය.
kn-ap-1-19:344.11
2242. ස්වබලයෙන් තහවුරු බවට පත් පස්මරුන් දිනූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජහු මට අනුකම්පා කරණුවෝ අහස් මගෙහි වඩිති.
kn-ap-1-19:344.12
2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නො දකිමි. මම හෝපළු (දලු) දැක එය ගෙන අහසෙහි දැමීමි.
kn-ap-1-19:344.13
2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නා වූ බුදුරජුන් පසුපසින් යෙත්. මම ඒ විස්මය දැක “බුදුරජානන් වහන්සේගේ උදාර බව ආශ්චර්‍ය්‍යයැ” යි සිතීමි.
kn-ap-1-19:344.14
2245. මෙයින් සිවුඅනූවක කපෙහි යම් හෝපළු පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:344.15
2246. මෙයින් සත්විසිවෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකස්සර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:344.16
2247. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
kn-ap-1-19:344.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:344.18
කිසලයපූජක ස්ථවිරාවදානය සවැනියි.
kn-ap-1-19:346.1
197. තින්‍දුකදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:346.2
2248. මම ජවවේගයෙන් යුත් ගිරිදුර්‍ගයන්හි හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
kn-ap-1-19:346.3
2249. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ත්‍රිභවාන්තගත සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් කිහිපදිනක් ම සෙවීමි.
kn-ap-1-19:346.4
2250. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුහු මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මා වෙත වැඩියහ.
kn-ap-1-19:346.5
2251. සතුට උපදවා ඒ තිඹිරිගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. ශ්‍රේෂ්ඨ සර්‍වඥ වූ භාග්‍යවත්හු එය පිළිගත්හ.
kn-ap-1-19:346.6
2252. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:346.7
2253. සත්පණස්වන කපෙහි සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති උපනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:346.8
2254. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
kn-ap-1-19:346.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:346.10
තින්‍දුකදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:346.11
198. මුට්ඨිපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:346.12
2255. පස්මරුන් දිනූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරර්‍ෂභ වූ සුමේධ නම් භගවත්හු පශ්චිම ජනානුකම්පාවෙන් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩුහ.
kn-ap-1-19:346.13
2256. (දවසෙක) සක්මන්හි යෙදෙන ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති ඒ බුදුරජුන්හට ගිරිනිල් මල්මිටක් පිදීමි.
kn-ap-1-19:346.14
2257. ඒ චිත්තප්‍රසාදයෙන් කළ කුසලමූලයෙන් මෙහෙයන ලදුයෙම් කප් තිස්දහසක් මුළුල්ලෙහි දුගතියක නූපනිමි.
kn-ap-1-19:346.15
2258. දෙදහස් තුන්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති සුනෙල නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:346.16
2259. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
kn-ap-1-19:346.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:346.18
මුට්ඨිපූජකස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:348.1
199. කිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:348.2
2260. සියල්ල තමන් ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ අපරාජිත වූ සුමඞ්ගල බුදුරජහු විහාරයෙන් නික්ම නුවරට පිවිසියහ.
kn-ap-1-19:348.3
2261. කොට නිම වූ සියලු බුදුකිස ඇති සර්‍වඥ මුනීහු පිඬු පිණිස හැසිර නුවරින් නික්ම වනතුරෙහි වුසූහ.
kn-ap-1-19:348.4
2262. (ඒ දවස්) පහන් සිත් ඇත්තෙම් සතුටු වූයෙම් කිඞ්කණිපුෂ්පයන් ගෙණ සියල්ල තමන්ම දතුවා වූ මහර්ෂී වූ බුදුරජුන්හට එළැවීමි.
kn-ap-1-19:348.5
2263. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-19:348.6
2264. මෙයින් සඅනූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අපිලාපිය නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:348.7
2265. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණලදී.