Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2501-2600 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:306.5
2016. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:306.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:306.7
කක්කාරුපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-5:306.8
155. මන්‍දාරවපූජක ස්ථවිරාවදානය
kn-ap-1-5:306.9
2017. දිව්‍යපුත්‍රයෙකු වූ මම සිඛී බුදුරජුන් පිදීමි. මදාරා මලින් ද ඒ බුදුරජුන් පිදීමි.
kn-ap-1-5:306.10
2018. සත්දිනක් මුළුල්ලෙහි ම තථාගතයන් කෙරෙහි (පිදූ ඒ) දිව මල් වියනක් (මෙන්) විය. සියලු ජනයෝ එක් ව තථාගතයන් වහන්සේට නමස්කාර කළාහු ය.
kn-ap-1-5:306.11
2019. මෙයින් එක් තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-5:306.12
2020. මෙයින් දසවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:306.13
2021. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:306.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපූජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:306.15
මන්‍දාරවපූජකස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-5:306.16
156. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:306.17
2022. හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්‍වතයෙක් විය. ඒ පර්‍වතපාදයෙහි (පසේ) බුදුවරු සත්නමක් වෙසෙත්.
kn-ap-1-5:306.18
2023. උදා වූ සඳු වැනි ව (බබලන) පිපුනු කොළොම් ගසක් දැක (මල්) දොහොතින් ගෙණ සත් පසේ බුදුවරයන් කෙරෙහි පිදීමි.
kn-ap-1-5:306.19
2024. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-5:306.20
2025. මෙයින් දෙඅනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵ නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:306.21
2026. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:306.22
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:306.23
කදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-5:308.1
157. තිණසූලක ස්ථවිරාවදානය
kn-ap-1-5:308.2
2027. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් විය. එහි සියල්ල තෙමේ ම දැනගත් ලොව හා නො ගැටුනු එක් සිඛී නම් පසේබුදුවරයෙක් වැඩ වෙසෙයි.
kn-ap-1-5:308.3
2028. බෝලිද්ද මල් ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි. (ඒ හේතුවෙන්) එකුන්සියදහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො ගියෙම් වෙමි.
kn-ap-1-5:308.4
2029. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධරණීරුහ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:308.5
2030. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:308.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසූලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:308.7
තිණසූලකස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-5:308.8
158. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:308.9
2031. මන්ත්‍රයන්හි පරතෙරට ගිය නමින් සවච්ජ නම් වූ බමුණෙක් ස්වකීය ශිෂ්‍යයන් සමග පර්‍වතාන්තරයෙහි වෙසෙයි.
kn-ap-1-5:308.10
2032. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ සර්‍වඥ තෙමේ මා (සසරසයුරින්) ගොඩ නගනු කැමැත්තේ මා සමීපයට පැමිණියේ ය.
kn-ap-1-5:308.11
2033. (පැමිණ) අහසෙහි සක්මන් කරයි. දුමයි. එසේ ම ඇවිලෙයි. (එසේ කොට) මාගේ සතුට දැන ප්‍රාචීන දිශාභිමුඛ ව වැඩියේ ය.
kn-ap-1-5:308.12
2034. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍යය දැක නාමල් ගෙණ (උන්වහන්සේ) වැඩියා වූ මගෙහි විසිර වීමි.
kn-ap-1-5:308.13
2035. මෙයින් සියදහස්වන කපෙහි මම යම් චිත්තප්‍රසාදයෙකින් මල් විසිරැවීම් ද, ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම් දුගතියකට නො පැමිණියෙමි.
kn-ap-1-5:308.14
2036. තුන්දහස් එක්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:308.15
2037. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:308.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:308.17
නාගපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-5:310.1
159. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:310.2
2038. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුනු දොඹ ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
kn-ap-1-5:310.3
2039. වැල්ලෙහි සෑයක් කොට ඒ මල් නෙලා ශුභ වූ සුවඳ කැවුනු සුගන්‍ධවත් ඒ මල් බුදුරජුන්හට පිරිනැමීමි.
kn-ap-1-5:310.4
2040. මෙයින් පෙර දෙයානූවන කපෙහි යම් මලෙකින් බුදුරජුන් පිදිම් ද, (ඒ පිණින්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි ඵලය යි.
kn-ap-1-5:310.5
2041. මෙයින් එකානූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති තමෝනුද නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:310.6
2042. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:310.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:310.8
පුන්නාගපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-5:310.9
160. කුමුදදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:310.10
2043. හිමවතට නුදුරෙහි රත්පියුම්වලිනුත් උපුල්වලිනුත් ගැවසී ගත් හෙළපියුමින් වැසුනු මහත් වූ ස්වයංජාත (තෙමේ ම හටගත්) විලෙක් විය.
kn-ap-1-5:310.11
2044. එකල්හි සිල්වත් වූ බුද්ධිමත් වූ කුසල් අකුසල් මේ මේ ය යි දැන ගැණීමෙහි දක්‍ෂ වූ කුකුත්‍ථ නම් පක්‍ෂියෙක් වීමි.
kn-ap-1-5:310.12
2045. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනි වූ මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ඒ ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.
kn-ap-1-5:310.13
2046. ජලයෙහි හටගත් කුමුදුමලක් කඩා බුදුරජුන් වෙත එළැවීමි. මහාමුනි වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
kn-ap-1-5:310.14
2047. මම ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
kn-ap-1-5:310.15
2048. මෙයින් එක්දහස්හයසිය වන කපෙහි මහත් බල ඇති වරුණ නම් ජනාධිපති වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-5:310.16
2049. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:310.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:310.18
කුමුදදායකස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-5:312.1
උද්දානය:
kn-ap-1-5:312.2
බන්‍ධුජීවි තම්බපුප්ඵි - වීථිකක්කාරුපුප්ඵිය මන්‍දාරව කදම්බී සූලික නාගපුප්ඵිය පුන්නාගකුමුදී දසවත් සපණස්ගයින් දැක්වින.
kn-ap-1-5:312.3
බන්‍ධුජීවක වර්‍ගය සොළොස් වැනි යි.
kn-ap-1-5:312.4
17. සුපාරිචරිය වර්‍ගය
kn-ap-1-5:312.5
161. සුපාරිචරිය ස්ථවිරාවදානය
kn-ap-1-5:312.6
2050. ද්වීපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති නමින් පදුම නම් බුදුරජහු තමන් විහරණය කළ උපවනයෙන් නික්ම (අවුත්) දහම් දෙසූහ.
kn-ap-1-5:312.7
2051. බුදුරජුනට නුදුරෙහි යක්‍ෂසමාගමයෙක් විය. එකල යම් කරුණකින් ඔහු එහි පැමිණියාහු ද (ඒ කරුණු සපුරනුවෝ) බුදුරජුන් දෙස සාවධාන වැ බලා හුන්හ.
kn-ap-1-5:312.8
2052. (මම) බුදුරජුන්ගේ කට හඬ ද දහම් අමා දෙසුම ද දැන, පහන් සිත් ඇත්තෙම් අත්පොළසන් දී ඔබට උවටැන් කෙළෙමි.
kn-ap-1-5:312.9
2053. ශාස්තෘන් වහන්සේට මැනැවින් කරණ ලද උපස්ථානයාගේ විපාකය බලනු මැනව. ඒ පිනෙන් මම තිස්දහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො වන්මි.
kn-ap-1-5:312.10
2054. දෙදහස්නවසිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමලඞ්කත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:312.11
2055. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:312.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපාරිචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:312.13
සුපාරිචරියස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-5:312.14
162. කණවේරපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:312.15
2056. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුව නගරයට පිළිපන් සේක.
kn-ap-1-5:312.16
2057. මම එකල්හි රජුගේ සාධුසම්මත වූ අන්තඃපුරපාලකයා වීමි. පහයෙහි හුන් මම් ඒ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:312.17
2058. කණවේරමල් ගෙණ භික්‍ෂුසංඝයා විෂයෙහි ඉස්සෙමි. එයින් වැඩි කොටස බුදුරජුන්හට වෙන් කොට විසුළෙමි. (පිදීමි).
kn-ap-1-5:312.18
2059. මෙයින් සිවුඅනූවක කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:312.19
2060. මෙයින් සත්අනූවන කපෙහි සතුරුවනින් යුත් මහත් බල ඇති මහිද්ධික නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:312.20
2061. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:312.21
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවේරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:312.22
කණවේරපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-5:314.1
163. ඛජ්ජදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:314.2
2062. මම පෙර තිස්ස බුදුරජානන් වහන්සේට පොල් ද අභිසම්මත ඛාද්‍ය (රස කැවිලි) ද දිනිමි.
kn-ap-1-5:314.3
2063. මම මහර්ෂි වූ තිස්ස බුදුරජානන් වහන්සේට එය දී කැමති සේ භවසම්පත් ලබනුයෙම් කැමැති දෑ කරණ සුල්ලෙම් ප්‍රමුදිත වෙමි.
kn-ap-1-5:314.4
2064. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ නාළිකෙරඵලදානයාගේ විපාකය යී.
kn-ap-1-5:314.5
2065. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති ඉන්‍දසම නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:314.6
2066. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:314.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛජ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:314.8
ඛජ්ජදායකස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-5:314.9
164. දෙසපූජක ස්ථවිරාවදානය
kn-ap-1-5:314.10
2067. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසට නැගී අහස්මග වඩිනා සේක.
kn-ap-1-5:314.11
2068. මහාමුනි වූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනු සේක් ද මම පහන් සිත් ඇත්තෙම් සියතින් ඒ දෙස පිදීමි.
kn-ap-1-5:314.12
2069. එක්දහස් අටසියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දිසාපූජාවෙහි මේ විපාකය යී.
kn-ap-1-5:314.13
2070. එක්දහස් එක්සියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:314.14
2071. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:314.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:314.16
දෙසපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-5:316.1
165. කණිකාරච්ඡදනිය ස්ථවිරාවදානය
kn-ap-1-5:316.2
2072. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සියල්ල මැනැවින් දත් වෙස්සභූ බුදුරජුහු දිවාවිහරණය පිණිස මහවනයට බැස ගත්හ.
kn-ap-1-5:316.3
2073. එකල්හි මම කිණිහිරි මල් නෙලා ඡත්‍රයක් තනා මල් වියනක් කොට බුදුරජුන් පිදීමි.
kn-ap-1-5:316.4
2074. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි විපාකය යි.
kn-ap-1-5:316.5
2075. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සෝණ්ණාභ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:316.6
2076. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:316.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:316.8
කණිකාරච්ඡදනියස්ථවිරාවදානය පස්වැනි යි.