Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2101-2200 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:262.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසංඥක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:262.5
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනියි.
kn-ap-1-5:262.6
118. මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:262.7
1742. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනයෙහි හැසිරෙන්නාහු මහවෙනෙහි මංමුළා වූවාහු අන්‍ධයන් මෙන් ඒ මේ අත හැසිරෙත්.
kn-ap-1-5:262.8
1743. පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද උන්වහන්සේගේ ඒ මහවෙනෙහි මංමුළා වූ ශ්‍රාවකයන් ද සිහි කොට-
kn-ap-1-5:262.9
1744. මම භවනයෙන් බැස ඒ භික්‍ෂූන් වෙතට පැමිණියෙමි. මම උන්වහන්සේලාට මාර්‍ගය ද කීමි. බොජුන් ද දුන්නෙමි.
kn-ap-1-5:262.10
1745. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට ද පැමිණියෙමි.
kn-ap-1-5:262.11
1746. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සචක්ඛු නම් වූ දොළොස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:262.12
1747. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:262.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:262.14
මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-5:262.15
119. පච්චුපට්ඨාන ස්ථවිරාවදානය
kn-ap-1-5:262.16
1748. යසසට පත් වූ මම අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරු ව යක්‍ෂයෝනියෙහි උපන්මි. එකල්හි (මම මෙසේ සිතීමි)-
kn-ap-1-5:262.17
1749. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජානන් වහන්සේ පිරිනිවී සේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු (හිරු) නැගීමෙකි.
kn-ap-1-5:264.1
1750. (මෙසේ සිතන්නා වූ) මාගේ අදහස සාගර නම් ශ්‍රාවකයෙක් තෙමේ දැන ගෙණ හෙ තෙමේ මා දුකින් ගොඩ ගණු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
kn-ap-1-5:264.2
1751. “නුවණැත්තානෙනි, කවර හෙයින් ශෝක කෙරෙහි ද? බිය නො වනු මැනැව. ධර්‍මයෙහි හැසිරෙන්න. බුදුරජුන් විසින් සියලු දෙනාට කුශලබීජසම්පත්තිය නැවත නැවත දෙන ලදී.
kn-ap-1-5:264.3
1752. යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරජුන් පුදන්නේ නම්, එසේ ම පිරිනිවි බුදුරජුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම්-
kn-ap-1-5:264.4
1753. චිත්තප්‍රසාදය සම වූ කල්හි පින ද සමාන ය. මහත් බවට ගියේ ද වේ. එහෙයින් සෑයක් කොට සර්‍වඥධාතූන් පුදනු මැනව”.
kn-ap-1-5:264.5
1754. සාගර ශ්‍රාවකයන් වහන්සේගේ වචනය අසා මම සර්‍වඥ (ධාතු නිදන් කොට) සෑයක් කෙළෙමි. බුදුරජුන්ගේ ඒ උතුම් සෑය පස්වසක් ම පරිචරණය කෙළෙමි.
kn-ap-1-5:264.6
1755. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ එ ම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට රහත්බවට පැමිණියෙමි.
kn-ap-1-5:264.7
1756. මෙයින් සත්සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සිවු සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:264.8
1757. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:264.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:264.10
පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-5:264.11
120. ජාතිපූජක ස්ථවිරාවදානය
kn-ap-1-5:264.12
1758. විපස්සී බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ කල්හි සාගර සහිත පර්‍වත සහිත පෘථිවිය කම්පිත වී ය.
kn-ap-1-5:264.13
1759. නිමිත්තපාඨකයෝ මෙසේ පැවසූහ: (කෙසේ ද? යත්) “සියලු සත්ත්‍වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙම ලොව පහළ වන්නේ ය. ජනසමූහයා සසරසයුරින් නගා සිටුවන්නේ ය.”
kn-ap-1-5:264.14
1760. මම නිමිත්තපාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිති කොට පැවැත්වූ) ජාතිපූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳ ව පවත්වන) ජාතිපූජාව යම් බඳු නම්, එබඳු උතුම් පූජාවක් ලෙව්හි නැත.
kn-ap-1-5:264.15
1761. කුසල් රැස් කොට සිත පැහැදවීමි. එහි දී එම ජාතිපූජාව කොට කලුරිය කෙළෙම් වෙමි.
kn-ap-1-5:266.1
1762. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, සම්පත්තියෙන් සියලු සත්ත්‍වයන් ඉක්මවමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:266.2
1763. මාගේ චිත්තාචාරයට අනුව පවතින්නා වූ කිරිමවුවරු මට උවටැන් කෙරෙත්. (ඒ ස්ත්‍රීහු) මා කෝප කිරීමට නො හැක්කාහු වෙත්. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:266.3
1764. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:266.4
1765. මෙයින් තෙවන කල්පයෙහි මහත් බල ඇති ජනාධිපති වූ සුපාරිචාරිය නම් සූතිස් සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:266.5
1766. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:266.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජාතිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:266.7
ජාතිපූජකස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-5:266.8
උද්දානය:
kn-ap-1-5:266.9
පරිවාර සුමඞ්ගල සරණ ආසන පුප්ඵික, චිතපූජී බුද්ධසඤ්ඤී මග්ග උපට්ඨාන ජාති යී, දසවතක් පිඬු කොට මෙහි අනූගයකින් බැඳුනේ.
kn-ap-1-5:266.10
මහාපරිවාරවර්‍ගය දොළොස් වැනි යි.
kn-ap-1-5:266.11
13. සෙරෙය්‍ය වර්‍ගය
kn-ap-1-5:266.12
121. සෙරෙය්‍යක ස්ථවිරාවදානය
kn-ap-1-5:266.13
1767. වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය–
kn-ap-1-5:266.14
1768. (මම) එළිමහන්තන්හි සිටියෙම් වනයෙහි හැසිරෙණ සිංහයකු වැනි වූ තැති නො ගන්නා ව්‍යාඝ්‍රරාජයකු වැනි වූ මාතඞ්ග කුලයෙහි වූ ත්‍රිමදගලිත හස්තිරාජයකු වැනි වූ මහර්ෂී ලෝකනායක බුදුරදුන් දිටිමි.
kn-ap-1-5:266.15
1769. මම කටුකරඬුමල් ගෙණ අහසෙහි දැමීමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් (පුෂ්පයෝ) හැම දෙසින් පිරිවරත්.
kn-ap-1-5:266.16
1770. මහාවීර වූ ලෝකනායක සර්‍වඥයන් වහන්සේ අදිටන් කළසේක. (ඒ අදිටන්බලයෙන්) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ හාත්පස මල් වියන්හු විසුරුණාහ.
kn-ap-1-5:266.17
1771. ඉක්බිති ඇතුළට ගිය නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ පුෂ්ප කඤ්චුකය (මල්වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් වී එතැනින් අතුරුදහන් විය.
kn-ap-1-5:268.1
1772. විස්මයජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍ය ය දැක සුගත වු ලෝකනායක වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
kn-ap-1-5:268.2
1773. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
kn-ap-1-5:268.3
1774. එක්දහස්පන්සියවන කපෙහි මහත් බල ඇති චිත්තමාල නම් පස්විසි සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:268.4
1775. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:268.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙරෙය්‍යක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළෙසේක් යී.
kn-ap-1-5:268.6
සෙරෙය්‍යකස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-5:268.7
122. පුප්ඵථූපිය ස්ථවිරාවදානය
kn-ap-1-5:268.8
1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණයෙක් විය.
kn-ap-1-5:268.9
1777. හැම කල්හි ම පන්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඔහු හැම පළමු උදෑසන නැගිටිනසුලු වූවාහු මන්ත්‍රයන්හි විශාරදයෝ ද වූහ.
kn-ap-1-5:268.10
1778. (ඒ ශිෂ්‍යයෝ මෙසේ කීහ:) “බුදුරජ තෙම ලොව පහළ විය. උන්වහන්සේට අසූවක් අනුව්‍යඤ්ජන ඇත. මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසක් වෙති. ඛ්‍යාමප්‍රභා ඇති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ හිරු මෙන් බබලන සේක. පින්වතුන් වහන්ස, අපගේ වචනය දැනගණු මැනැව”. (කියා යි).
kn-ap-1-5:268.11
1779. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණු තෙමේ ශිෂ්‍යන්ගේ වචනය අසා අසපුවෙන් නික්ම ශිෂ්‍යයන්ගේ ලෝකනායක වූ මහාවීරයන් වහන්සේ යම් දිශාවක වැඩවෙසෙන සේක් නම් ඒ (බුදුන් වැඩ වසන) දිශාව විචාරයි.
kn-ap-1-5:268.12
1780. මම ඒ දිශාවට ද අප්‍රතිපුද්ගල වූ පස්මරුන් දිනුවා වූ උන්වහන්සේට ද නමස්කාර කරන්නෙමි යි (කියා යි.) ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ඒ තථාගතයන් පිදීමි. (එසේ කොට ශිෂ්‍යයනට මෙසේ කීමි).
kn-ap-1-5:268.13
1781. “ශිෂ්‍යයෙනි, එවු. යන්නෙමු ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේ සිරිපා වැඳ බුද්ධධර්‍මය අසන්නෙමු” (කියායි).
kn-ap-1-5:268.14
1782. (එහෙත්) නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනෙම් ශයනය කරන්නට ශාලාවකට ගියෙමි.
kn-ap-1-5:268.15
1783. සියලු ශිෂ්‍යයන් රැස් කරවා “තථාගතයන් කෙබඳු ද? පරම බුද්ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳු දැ” යි ඔවුන්ගෙන් විචාළෙමි.
kn-ap-1-5:270.1
1784. මා විසින් විචාරණ ලද ඔහු යම් සේ බුදුරජුන් දක්නා සුලු වූවාහු නම් එසේ ම විස්තර කළාහු ය. මාගේ හමුයෙහි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනැවින් (වචනයෙන්) දැක්වූහ.
kn-ap-1-5:270.2
1785. මම ඔවුන්ගේ වචනය අසා සිත පැහැදවීමි. මම එහි මල්වලින් සෑයක් කොට කලුරිය කෙළෙමි.
kn-ap-1-5:270.3
1786. ඔහු මාගේ සිරුර දවා බුදුරජුන් සමීපයට ගියාහු ය. ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කළාහු ය.
kn-ap-1-5:270.4
1787. මම සුගත වූ මහර්ෂි බුදුරජානන් වහන්සේට මල්වලින් සෑයක් කොට කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
kn-ap-1-5:270.5
1788. සතළිස් දහස්වන කපෙහි නමින් අග්ගිසම නම් මහත් බල ඇති සොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:270.6
1789. විසිදහස්වන කපෙහි ඝතාසන නම් වූ පෘථිවීශ්වර වූ අටතිස් සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:270.7
1790. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:270.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵථූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:270.9
පුප්ඵථූපියස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-5:270.10
123. පායාසදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:270.11
1791-1792. මහලොහොතලියක කිරිබතක් බහා ගෙණ දනක් දෙනු කැමැත්තා වූ ඒ මම ඒ පූජාව දෙතිස්මහපුරිස් ලකුණින් යුත් ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද අරණින් නික්මුනා වූ විපස්සී බුදුරජුන් වෙත පැමිණවීමි.
kn-ap-1-5:270.13
1793. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එකල්හි වායුපථය වූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
kn-ap-1-5:270.14
1794. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන ඒ ආශ්චර්‍ය්‍යය දැක ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි. මෙසේ ද කීමි:
kn-ap-1-5:270.15
1795. “දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්‍වඥ ද දේව ද වන සේක. මහාමුනි වූ බුදුරජානන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගත මැනැව” (කියා යී).
kn-ap-1-5:270.16
1796. ලෝකයෙහි ශාස්තෘ වූ මහාමුනි වූ ලෝකනායක වූ භාග්‍යවත් සර්‍වඥ තෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.
kn-ap-1-5:272.1
1797. මෙයින් ඒකානූවන කපෙහි වූ එකල්හි මම යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කිරිබත්දනෙහි මේ විපාකය යි.
kn-ap-1-5:272.2
1798. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බුද්ධ නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:272.3
1799. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:272.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පායාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:272.5
පායාසදායකස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-5:272.6
124. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
kn-ap-1-5:272.7
1800. උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක්ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස්මරුන් දිනූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:272.8
1801. පහයට නුදුරෙහි බුදුරජානන් වහන්සේ වඩනා කල්හි සුර්‍ය්‍යයාගේ (ප්‍රභාව) මෙන් උන්වහන්සේගේ ප්‍රභා විහිදෙයි.
kn-ap-1-5:272.9
1802. සුවඳ පැන් ද ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතු ව කලුරිය කෙළෙමි.
kn-ap-1-5:272.10
1803. මෙයින් එක් අනූවනකපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:272.11
1804. මෙයින් එක්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්‍ධ නම් සක්විති රජෙක් විය.
kn-ap-1-5:272.12
1805. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:272.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවෙන් වදාළ සේක් යී.
kn-ap-1-5:272.14
ගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-5:272.15
125. සම්මුඛාත්‍ථවික ස්ථවිරාවදානය
kn-ap-1-5:272.16
1806. මම විපස්සී බුදුරජුන් ලොව පහළ වන කල්හි (ඇති වූ) නිමිති බලා මෙසේ පැවසීමි: (කෙසේ ද යත්:) “ජනසමූහයා (කෙලෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේ ය.
kn-ap-1-5:272.17
1807. යම් උතුමකු උපදින කල්හි දසදහසක් ලෝදා කම්පිත වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
kn-ap-1-5:272.18
1808. යම් උතුමකු උපදින කල්හි මහත් ආලෝකය වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
kn-ap-1-5:274.1
1809. යම් උතුමකු උපදින කල්හි ගඞ්ගාවෝ නො ගැලුවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
kn-ap-1-5:274.2
1810. යම් උතුමකු උපදින කල්හි අවීචියෙහි ගිනි නො දැල්විනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
kn-ap-1-5:274.3
1811. යම් උතුමකු උපදින කල්හි පක්‍ෂිසමූහයා (ඒ මේ අත) නො හැසිරිනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
kn-ap-1-5:274.4
1812. යම් උතුමකු උපදින කල්හි වාතස්ඛන්‍ධය නො හමා ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
kn-ap-1-5:274.5
1813. යම් උතුමකු උපදින කල්හි සියලු රත්නයෝ බැබලුනාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
kn-ap-1-5:274.6
1814. යම් උතුමකු උපදින කල්හි සප්තපදවික්‍රමයෝ වූවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.