Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3201-3300 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:382.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිලඤ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:382.8
කිලඤ්ජදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:382.9
235. වේදිකාරක ස්ථවිරාවදානය
kn-ap-1-19:382.10
2442. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝරුකට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වේදිකාවක් කෙළෙමි.
kn-ap-1-19:382.11
2443. මම මෙයින් අනූවන කපෙහි වේදිකාවක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකාදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:382.12
2444. මෙයින් එකොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුරියස්සම නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:382.13
2445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:382.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:382.15
වේදිකාරක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:382.16
236. වණ්ණකාර ස්ථවිරාවදානය
kn-ap-1-19:382.17
2446. මම එකල්හි අරුණවතී නගරයෙහි වර්‍ණකාරයෙක් (රඟපොවන්නෙක්) වීමි. මම සෑයෙහි වත්බඩු නන්වන් කොට පෙවීමි.
kn-ap-1-19:382.18
2447. මෙයින් එක්තිස්වනු කපෙහි යම් සායම් පෙවීමක් (පින් පිණිස) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.
kn-ap-1-19:384.1
2448. මෙයින් තෙවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්‍දූපම නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:384.2
2449. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:384.3
මෙහි මේ අයුරින්ආයුෂ්මත් වණ්ණකාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:384.4
වණ්ණකාර ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:384.5
237. පියාලපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:384.6
2450. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම පිපුණු පියල් ගසක් දැක බුදුරජුන් වැඩිය මගෙහි (ඒ මල් ගෙණ) (පිදීම් වශයෙන්) අතුළෙමි.
kn-ap-1-19:384.7
2451. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:384.8
2452. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:384.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:384.10
පියාලපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:384.11
238. අම්බයාගදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:384.12
2453. ස්වකීය (තර්‍කව්‍යාකරණාදි) ශිල්පයෙහි දක්‍ෂ වූ මම වනයට ගියෙමි. මම (මග) වඩින්නා වූ බුදුරජුන් දැක අඹදනක් දිනිමි.
kn-ap-1-19:384.13
2454. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:384.14
2455. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:384.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:384.16
අම්බයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:386.1
239. ජගතිකාරක ස්ථවිරාවදානය
kn-ap-1-19:386.2
2456. අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි මා විසින් ඒ බුදුරජුන්ගේ උතුම් සෑයෙහි පිළිදැගුම් කරවන ලදී.
kn-ap-1-19:386.3
2457. මෙයින් එක්සිය අටළොස්වන කපෙහි යම් කර්‍මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිදැගුම් කරවීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:386.4
2458. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:386.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජගතිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:386.6
ජගතිකාරක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:386.7
240. වාසිදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:386.8
2459. මම පෙර උතුම් තීවරා පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් සියල්ල දත් පස්මරුන් දිනූ බුදුරජුන් උදෙසා එක් වෑකැත්තක් දෙන ලදී.
kn-ap-1-19:386.9
2460. මෙයින් සිවුඅනූවන කපෙහි යම් වෑකැති දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වෑකැති දනෙයි මේ විපාකය යි.
kn-ap-1-19:386.10
2461. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:386.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාසිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:386.12
වාසිදායක ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:386.13
උද්දානය:
kn-ap-1-19:386.14
උදකාසන භාජන - සාලපුප්ඵි කිලඤ්ජක වේදිකා වණ්ණකාර - පියාල අම්බයාගද ජගතී වාසිදාතා දැයි දස - අටතිස් ගයින් බැඳියේ.
kn-ap-1-19:386.15
උදකාසන වර්‍ගය සූවිසි වැනි යි.
kn-ap-1-19:386.16
25. තුවරදායක වර්‍ගය
kn-ap-1-19:386.17
241. තුවරදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:386.18
2462. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. මම තුවරඇට (බඳුනකින්) ගෙණවුත් සඞ්ඝයාට දුනිමි.
kn-ap-1-19:386.19
2463. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තුවර දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:386.20
2464. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:386.21
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:386.22
තුවරදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:388.1
242. නාගකේසරිය ස්ථවිරාවදානය
kn-ap-1-19:388.2
2465. මම (මුවන් මැරීම සඳහා) දුන්න නිසැක කොට සරසාගෙණ වනයට ඇතුළු වීමි. මනාව පිපුණු කුඩා විලක් දැක උඩට නැගුණු පියුමක්
kn-ap-1-19:388.3
2466. දෝතින් ගෙණ හිසෙහි ඇඳිලි බැඳගෙණ ලෝකබන්‍ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:388.4
2467. මෙයින් දෙඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:388.5
2468. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කේසර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:388.6
2469. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:388.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:388.8
නාගකේසරිය ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:388.9
243. නළිනකෙසරිය ස්ථවිරාවදානය
kn-ap-1-19:388.10
2470. (මම) ස්වයංජාත විලක් මැද දියකුකුළෙක්ව වසමි. ඉක්බිති (එහිදී) අහසෙහි වඩින්නා වූ බුදුරජුන් දුටුවෙමි.
kn-ap-1-19:388.11
2471. තුඩින් නෙළුම් මල් ගෙණ පැහැදි සිතින් ලෝකබන්‍ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:388.12
2472. මෙයින් දෙයානූවන කපෙහි යම් නෙළුඹුමල් පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:388.13
2473. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සතපත්ත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:388.14
2474. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:388.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළිනකෙසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:388.16
නළිනකෙසරිය ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:388.17
244. විරවිපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:388.18
2475. ලෝකනායක වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරජානන් වහන්සේ මාර්‍ගයෙහි වඩින සේක. එකල්හි (මම) විරවිපුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:388.19
2476. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:390.1
2477. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:390.2
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරවිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:390.3
විරවිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:390.4
245. කුටිධූපක ස්ථවිරාවදානය
kn-ap-1-19:390.5
2478. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ ගඳකිළියෙහි වතාවත් කරන්නෙක් වීමි. කලින් කල පහන් සිතැත්තෙම් සියතින් දුම් ගැස්වීමි.
kn-ap-1-19:390.6
2479. මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:390.7
2480. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:390.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිධූපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:390.9
කුටිධූපක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:390.10
246. පත්තදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:390.11
2481. (කාය-වචී-මනෝ වඞ්කතාවන්ගෙන් තොර බැවින්) ඍජු ගුණ ඇති (අටලෝ දහම්හි නො සැලෙන බැවින්) තාදී ගුණ යුත් උතුම් වූ දමථයෙන් යුත් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් පාත්‍රදානයක් (=පාත්‍රයක්) දෙන ලදි.
kn-ap-1-19:390.12
2482. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (පාත්‍ර) දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:390.13
2483. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:390.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:390.15
පත්තදායක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:390.16
247. ධාතුපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:390.17
2484. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
kn-ap-1-19:390.18
2485. මම ආදිච්චබන්‍ධු වූ ඒ බුදුරජුන්ගේ ධාතුව රැගෙණ ජීවමාන බුදුරදුන්හට මෙන් අවුරුදු පසක් සේවය කෙළෙමි.
kn-ap-1-19:392.1
2486. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ධාතු පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධාතූන්ට උවැටැන් කිරීමෙහි (පිදීමෙහි) මේ විපාකය යි.
kn-ap-1-19:392.2
2487. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:392.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:392.4
ධාතුපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:392.5
248. සත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:392.6
2488. වෙස්සභූ බුදුරජුන් ලොව පහළ වූ කල්හි මම සත්තලි පුෂ්ප (=පළොල් මල්) සතක් හිසෙහි කොට ගෙණවුත් ඒ බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:392.7
2489. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:392.8
2490. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:392.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තලිපූප්ඵපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:392.10
සත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:392.11
249. බිම්බිජාලිය ස්ථවිරාවදානය
kn-ap-1-19:392.12
2491. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරයි. අමෘත පදය (=නිවන) දක්වයි.
kn-ap-1-19:392.13
2492. එකල්හි මම රත්කරව් මල් කඩා තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.