Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3101-3200 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:370.14
2381. මම මෙයින් එක්තිස්වනු කපෙහි යම් අඳුන් දිවිසමක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඳුන් දිවිසම් දනෙහි මේ විපාක යි.
kn-ap-1-19:370.15
2382. මෙයින් පස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුදායක නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:370.16
2383. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:370.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:370.18
අජිනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:372.1
223. ද්විරතනිය ස්ථවිරාවදානය
kn-ap-1-19:372.2
2384. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ කෙලෙස් මල නැති බුදුරදුන් දිටිමි.
kn-ap-1-19:372.3
2385. විපස්සී බුදුරදුන්හට මා විසින් මස් කැබැල්ලක් පුදන ලදි. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්‍යය කරමි.
kn-ap-1-19:372.4
2386. මෙම මස් දන කරණ කොට ගෙණ මට (කාය-චිත්ත සම්පත්ති සඞ්ඛ්‍යාත) රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාර වේ.
kn-ap-1-19:372.5
2387. මම ඒ සියලු සම්පත් අනුභව කරමි. මස් දනෙහි ශක්තිය කරණ කොට ගෙණ මාගේ ශරීරය ද මෘදුය. සියුම් දෙය අවබෝධ කරගත හැකි ප්‍රඥාව ද වේ.
kn-ap-1-19:372.6
2388. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මස් දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:372.7
2389. මෙයින් සිවුවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරෝහිත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:372.8
2390. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:372.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ද්විරතනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:372.10
ද්විරතනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:372.11
224. ආරාමදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:372.12
2391. මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරවන ලදි. මා විසින් මහර්ෂී වූ බුදුරජුන්හට ආරක්‍ෂාවක් ද දෙන ලදි.
kn-ap-1-19:372.13
2392. ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නො දකිමි. කොහි උපන්නේ නමුදු මට ත්‍රාසයක් විද්‍යාමාන නැත.
kn-ap-1-19:372.14
2393. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් වේදිකාවක් කරවීම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:372.15
2394. මෙයින් සවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපස්සේන නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:372.16
2395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:372.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:372.18
ආරක්ඛදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:374.1
225. අව්‍යාධික ස්ථවිරාවදානය
kn-ap-1-19:374.2
2396. මම විපස්සී බුදුරජුන්හට ගිනිහල්ගෙයක් දිනිමි. රෝගීන්හට නිවාස ස්ථානයක් ද, උණුදිය වත්කරන භාජනයක් ද දිනිමි.
kn-ap-1-19:374.3
2397. ඒ කර්‍මය හේතුකොට ගෙණ මට මේ ආත්මභාවය මොනොවට මැවින. මම ව්‍යාධිය (කුමැයි) නො දනිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:374.4
2398. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ශාලාවක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්නිශාලාදානයෙහි මේ විපාකය යි.
kn-ap-1-19:374.5
2399. මෙයින් සත්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපරාජිත නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:374.6
2400. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:374.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අව්‍යාධික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:374.8
අව්‍යාධික ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:374.9
226. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:374.10
2401-2402. නාරද යනු මගේ නමයි. මට කාශ්‍යප යයි ද කියති. ශ්‍රමණයනට අග්‍ර වූ දෙවියන් විසින් සත්කාර කරණ ලද අනුව්‍යඤ්ජන දරන්නා වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විපස්සී බුදුරජුන් දිරිමි. මම රුකඟුන මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:374.12
2403. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:374.13
2404. මෙයින් සූසැත්තෑවනු කපෙහි ස්වර්‍ණ සිවිකා ආදි යානයන් ද, මහාමාත්‍ය සෙවකාදි බලයන් ද, හස්ති අශ්ව රථ සඞ්ඛ්‍යාත වාහනයන් ද, යන මොවුන්ගෙන් යුක්තවූයෙම් පැළැඳි මාලාභරණ ඇත්තෙම් රෝමස නම් රජෙක් වීමි.
kn-ap-1-19:374.14
2405. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:374.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:374.16
අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:376.1
227. සෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය
kn-ap-1-19:376.2
2406. උද්‍යාන භූමියට නික්ම වඩනා වූ මම ලෝකනායක වූ (සිඛී) බුදුරජුන් දිටිමි. මැනවින් කොට නිමවන ලද ස්වර්‍ණවර්‍ණ වූ (හිස පළඳනා) කඩාමල්කඩක් ගෙණ,
kn-ap-1-19:376.3
2407. ඇතුපිට සිටි මම වහා එයින් බැස ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට (ඒ මාලාව) පිදීමි.
kn-ap-1-19:376.4
2408. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:376.5
2409. මෙයින් සත්විසිවනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාපතාප නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:376.6
2410. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:376.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝවණ්ණවටංසකිය ස්ථවිරයන් වයන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:376.8
සෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:376.9
228. මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය
kn-ap-1-19:376.10
2411. වාදීන් අතුරෙහි උතුම් වූ සිඛී බුදුරජුන් පිරිනිවී කල්හි මම කඩාමල්කඩින් ගැවසීගත් බෝධිපූජාවක් කෙළෙමි.
kn-ap-1-19:376.11
2412. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:376.12
2413. මෙයින් සවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මේඝබ්හ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:376.13
2414. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:376.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජවටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:376.15
මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:376.16
229. සුකතාවේලිය ස්ථවිරාවදානය
kn-ap-1-19:376.17
2415. එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පළඳින මාලාවක් රජුට දීම සඳහා මම ගෙණ යමි.
kn-ap-1-19:376.18
2416. රජු වෙත පැමිණීමට පෙර සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි. සොම්නස්වූයෙම් සොම්නස් සිතින් එය බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:376.19
2417. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:378.1
2418. මෙයින් පස්විසිවනු කපෙහි මහත් බල ඇති වෙභාර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:378.2
2419. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:378.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුකතාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:378.4
සුකතාවේලිය ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:378.5
230. එකවන්‍දිය ස්ථවිරාවදානය
kn-ap-1-19:378.6
2420. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ පස්මරුන් ජයගත් වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි.
kn-ap-1-19:378.7
2421. එක්තිස්වනු කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:378.8
2422. සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විගතානන්ද නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:378.9
2423. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:378.10
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකවන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:378.11
එකවන්‍දිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:378.12
උද්දානය:
kn-ap-1-19:378.13
ආලම්බනය අජින ය - මංසද ආරක්ඛද ය අව්‍යාධි අඞ්කෝල සහ - සොණ්ණමිඤ්ජ ආවේලවන්‍දනය පස්පණස් ගයකින් - මෙම තෙවිසි වනු වග වේ.
kn-ap-1-19:378.14
ආලම්බනදායක වර්‍ගය තෙවිසිවැනි යි.
kn-ap-1-19:378.15
24. උදකාසන වර්‍ගය
kn-ap-1-19:378.16
231. උදකාසනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:378.17
2424. මම අරම් දොරින් නික්ම උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන් ද එළවා තැබීමි.
kn-ap-1-19:378.18
2425. මෙයින් එක්තිස්වනු කපෙහි දී යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනාමි. අසුන හා දිය එළවා තැබීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:378.19
2426. මෙයින් පසළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසාම නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:380.1
2427. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:380.2
මෙහි මේ අයුරින්ආයුෂ්මත් උදකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:380.3
උදකාසනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:380.4
232. භාජනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:380.5
2428. මම එකල්හි බන්‍ධුමතී නගරයෙහි කුම්භකාරයෙක් (=කුඹුලෙක්) වීමි. එකෙණෙහි භික්‍ෂුසඞ්ඝයාට භාජන සැපයීම කෙළෙමි.
kn-ap-1-19:380.6
2429. මෙයින් එක්අනූවන කපෙහි යම් භාජන සැපයීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භාජන දානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:380.7
2430. මෙයින් තෙපණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අනන්තජාලි නම් සක්විත් රජෙක් වීමි.
kn-ap-1-19:380.8
2431. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:380.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භාජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:380.10
භාජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:380.11
233. සාලපූපිය ස්ථවිරාවදානය
kn-ap-1-19:380.12
2432. මම අරුණවතී නගරයෙහි පූප සාදන්නෙක් වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:380.13
2433. මම බුදුරජුන්ගේ පාත්‍රය ගෙණ සම්මග්ගත වූ ඒ බුදුරජානන් වහන්සේට පැහැදි සිතින් හල් පූ දිනිමි.
kn-ap-1-19:380.14
2434. මෙයින් එක්තිස්වනු කපෙහි මම යම් ඛාද්‍යයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හල් පූ දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:380.15
2435. මෙයින් තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිතඤ්ජල නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:380.16
2436. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:380.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලුපූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:380.18
සාලුපූපිය ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:382.1
234. කිලඤ්ජදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:382.2
2437. (ප්‍රාකාරත්‍රයකින් පරික්‍ෂිප්ත බැවින්) තිවරා නම් වූ රම්‍ය නගරයෙහි මම එකල්හි නළකරුවෙක් (=කුළුපොත්තෙක්) වීමි. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් කෙරෙහි පැහැදුනු ජනසමූහයෝ එහි වූහ.
kn-ap-1-19:382.3
2438. ලෝකනාථයන් වහන්සේට පිදීම සඳහා කළාලයක් සොයයි. මම ඒ බුද්ධපූජාව කරණවුනට කළාලයක් දිනිමි.
kn-ap-1-19:382.4
2439. මෙයින් සිවුඅනූවනු කපෙහි දී යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කළාලදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:382.5
2440. සත්සැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:382.6
2441. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.