Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3001-3100 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:360.1
22. හත්‍ථි වර්‍ගය
kn-ap-1-19:360.2
211. හත්‍ථිදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:360.3
2319. තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට රාජවාහනයෝග්‍ය වූ උඩට නැගුනු මහත් දළ ඇති ඇත් රජෙක් මා විසින් පුදන ලදි.
kn-ap-1-19:360.4
2320. (ඒ හේතුවෙන්) නිරුත්තර උත්තමාර්‍ත්‍ථය වූ ශාන්තිපදය අනුභව කරමි. සර්‍වලොකහිතෛෂීන් වහන්සේට මා විසින් අග්‍රදානයක් දෙන ලදී.
kn-ap-1-19:360.5
2321. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් හස්තිනාගයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හස්තිනාගයා දන් දීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:360.6
2322. අට සැත්තෑවන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:360.7
2323. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:360.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හත්‍ථිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:360.9
හත්‍ථිදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:360.10
212. පානධිදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:360.11
2324. මම බොහෝ කලක් තපස්කම් කළ වෘද්ධ වූ වඩනාලද සිත් ඇති අරණෙහි වසන ඍෂිවරයකුහට පාවහනක් දුනිමි.
kn-ap-1-19:360.12
2325. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ පුණ්‍යකර්‍ම හේතුවෙන් සියලු යානයන් (ලබා) පරිභෝග කරමි.
kn-ap-1-19:360.13
2326. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:360.14
2327. මෙයින් සත්සැත්තෑවනු කපෙහි මහත් බල ඇති සුයාන නම් වූ අට සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:360.15
2328. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:360.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:360.17
පානධිදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:362.1
213. සච්චසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:362.2
2329. එසමයෙහි භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද වෙස්සභූ බුදුරජ තෙම කෙලෙස් ගිනි නිවමින් මහාජනයාට ආර්‍ය්‍යසත්‍යයන් දේශනා කෙරෙයි.
kn-ap-1-19:362.3
2330. එකල්හි මම අතිශය දුකට පත්වූයෙම් වෙමි. (ඒ බුදුරජුන් දහම් දෙසන) සමාගමයට ගියෙමි. එහි හුන් මම බුදුරජුන්ගේ ධර්‍මය ඇසීමි.
kn-ap-1-19:362.4
2331. මම උන්වහන්සේගේ ධර්‍මය අසා දෙව්ලොවට (උප්පත්ති වශයෙන්) ගියෙමි. මම පෙර දෙව්ලොවෙහි තිස්කපක් විසීමි.
kn-ap-1-19:362.5
2332. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ධර්‍මසංඥාවක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චතුරාර්‍ය්‍යසත්‍ය සංඥාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:362.6
2333. මෙයින් සවිසිවැනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති ඒකඵුසිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:362.7
2334. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:362.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සච්චසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:362.9
සච්චසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:362.10
214. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:362.11
2335. ගසක් මුදුනෙහි එල්ලෙන්නා වූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර දැක මම ඇඳිලි බැඳ ඒ පසුල් සිවුර වැන්දෙමි.
kn-ap-1-19:362.12
2336. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පාංශුකූල චීවර සංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:362.13
2337. මෙයින් පස්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති අමිතාභ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:362.14
2338. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:362.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:362.16
ඒකසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:364.1
215. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:364.2
2339. උදාවන්නා වූ හිරු මෙන් ද එසේ ම (උදාවී) පැතිරීගිය රැස් ඇති හිරු මෙන් ද, යහපත් ජන්ම ඇති උතුම් ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද කඳු අතුරෙහි (වැඩහුන් බුදුරජුන් දිටිමි.)
kn-ap-1-19:364.3
2340. කඳු අතුරෙහි ඒ බුද්ධානුභාවය බබලයි. මම බුද්ධරශ්මියෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
kn-ap-1-19:364.4
2341. සෙසු කල්පයන්හි මා විසින් මැනවින් කුසල් කරණ ලදී. ඒ චිත්තප්‍රසාදයෙන් ද බුද්ධානුස්සතිභාවනාවෙන් ද,
kn-ap-1-19:364.5
2342. මෙයින් තිස්දහස්වනු කපෙහි එදා යම් සංඥාවක් ලැබූයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොම දනිමි. බුද්ධසඤ්ඤාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:364.6
2343. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුජාත නම් මහත් බල ඇති සක්විතිරජෙක් වීමි.
kn-ap-1-19:364.7
2344. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:364.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:364.9
රංසිසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:364.10
216. සණ්ඨිත ස්ථවිරාවදානය
kn-ap-1-19:364.11
2345. මනාව වැඩුනු ඇසතු බෝරුක්හි හරිද්වර්‍ණ (=කොළපාට) රශ්මියෙහි සිහියෙන් යුතුව හුන්නෙම් එකම (බුද්ධානුස්සති සංඥාව) ලැබීමි.
kn-ap-1-19:364.12
2346. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් (බුද්ධානුස්සති) සංඥාවක් ලැබූයෙම් ද, ඒ බුද්ධානුස්මෘතිසංඥා බලයෙන් මාගේ ආස්‍රවක්‍ෂය විය. (රහත් වීමි.)
kn-ap-1-19:364.13
2347. මෙයින් තෙළෙස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධනිට්ඨ නම් ක්‍ෂත්‍රියෙක් වීමි.
kn-ap-1-19:364.14
2348. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:364.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සණ්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:364.16
සණ්ඨිත ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:366.1
217. තාලවණටදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:366.2
2349. ග්‍රීෂ්මය නිවීම පිණිස ද දැවීම සන්සිඳෙනු පිණිස ද මා විසින් තිස්ස බුදුරජුන්හට තල්වැටක් (විජිනිපතක්) පුදන ලදී.
kn-ap-1-19:366.3
2350. රාගාග්නිය නිවමි. එයින් අධික වූ ද්වේෂාග්නිය ද නිවමි. එසේ ම මොහාග්නිය ද නිවමි. විජිනිපත් දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:366.4
2351. මාගේ කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. (දැන්) සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
kn-ap-1-19:366.5
2352. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:366.6
2353. මෙයින් තෙසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහානාම නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:366.7
2354. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:366.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලවණ්ටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:366.9
තාලවණ්ටදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:366.10
218. අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:366.11
2355. මම පෙර උපාධ්‍යායයන්හට දළකඩක් ගෙණ (ගියෙමි.) (එකල මම) හී පහර බිඳී යන සේ (ජල්පනය කරණ) මන්ත්‍රයකුදු ඉගෙණ ගතිමි.
kn-ap-1-19:366.12
2356. ලෝකයාගේ පූජාවනට භාජන වූ කෙලෙස් රජස් විරහිත ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ගණප්‍රධාන වූ තිස්ස නමැති බුදුවරයන් වහන්සේ දිටිමි.
kn-ap-1-19:366.13
2357. ලොව පහළ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදවීතිහාරය (සක්මන්) කරන්නා වූ බුදුරජානන් වහන්සේට ඒ වස්ත්‍රය (පියවිළි කොට) අතුරණ ලදී.
kn-ap-1-19:366.14
2358. (ඒ මත වඩනා) ලෝකයට ප්‍රදීපයක් වැනි වූ නිර්‍මල චන්‍ද්‍රයා හා සමාන වූ බුදුරජුන් දැක පැහැදි සිතින් ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
kn-ap-1-19:366.15
2359. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මහලු පිළියක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මහලු පිළියක් දීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:366.16
2360. මෙයින් සත්තිස්වනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සුනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:366.17
2361. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:366.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-19:366.19
අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:368.1
219. සප්පිදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:368.2
2362-2363. මම ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුයෙම් උතුම් ප්‍රාසාදයෙහි හුන්නෙම් රෝගී මහණකු දැක ස්වකීය ගෘහයට පමුණුවා ගතිමි. මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ වැඩහුන්නා වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් ගිතෙල් දෙන ලදී.
kn-ap-1-19:368.4
2364. පැහැදි මුහුණු හා ඉඳුරන් ඇති සංසිඳුනු කාය - චිත්ත දරථ ඇති උන්වහන්සේ දැක ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ ඉදිරියෙහි සිටගෙණ ප්‍රශංසා කෙළෙමි.
kn-ap-1-19:368.5
2365. අතිශයින් පහන් බැව් ඇති ඍද්ධියෙහි කෙළපැමිණි ප්‍රාඥ වූ ඒ සර්‍වඥතෙම අහසෙහි (යන) හස් රජකු මෙන් අහසට නැංගේය.
kn-ap-1-19:368.6
2366. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:368.7
2367. මෙයින් සත්ළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතිදේව නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:368.8
2368. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:368.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-19:368.10
සප්පිදායක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:368.11
220. පාපනිවාරිය ස්ථවිරාවදානය
kn-ap-1-19:368.12
2369. බටපඳුරින් වැසීගිය අව්සුලං වළහන සක්මනක් මා විසින් පියදස්සී බුදුරජුන් සඳහා පිරිසිදු කරණ ලදී.
kn-ap-1-19:368.13
2370. පව් වළහනු පිණිස ද කුසල් රැස් කිරීම පිණිස ද කෙලෙස් දුරුකිරීම පිණිස ද බුදුසසුනෙහි වීර්‍ය්‍ය වැඩීමි.
kn-ap-1-19:368.14
2371. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිදේව යයි ප්‍රසිද්ධ සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:368.15
2372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:368.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-19:368.17
පාපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:368.18
උද්දානය:
kn-ap-1-19:368.19
හත්‍ථි පානධි සච්ච - ඒකසඤ්ඤිය රංසිය සණ්ඨිතය තාලවණටිය - අක්කන්ත සඤ්ඤක ද සප්පි පාපනිවාරිය දැයි - සිවුපණස් ගයින් බැඳියේ.
kn-ap-1-19:368.20
හස්තිවර්‍ගය දෙ විසි වැනි යි.
kn-ap-1-19:370.1
23. ආලම්බණදායක වර්‍ගය
kn-ap-1-19:370.2
221. ආලම්බනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:370.3
2373. (අටලෝ දහම්හි කම්පා නො වන බැවින්) තාදී ගුණ ඇති, ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් ආලම්බනඵලකයක් (වැතිරෙන පුවරුවක්) පුදන ලදි.
kn-ap-1-19:370.4
2374. සයුර කෙළවර කොට ඇති මහත් වූ පෘථිවිය රජයෙමි. ධනය කෙරෙහි ද ප්‍රාණීන් කෙරෙහි ද ආධිපත්‍යය පවත්වමි.
kn-ap-1-19:370.5
2375. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:370.6
2376. මෙයින් දෙසැටවනු කපෙහි මහත් බල ඇති ඒකාපස්සිත නම් ඒ තුන් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:370.7
2377. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:370.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:370.9
ආලම්බදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:370.10
222. අජිනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:370.11
2378. මෙයින් එක්තිස්වන කපෙහි මම ගණාචාර්‍ය වූයෙම් වෙමි. කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සිඛී බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:370.12
2379. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් සම්කඩක් දෙන ලදී. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කර්‍මය කරණ කොට ගෙණ-
kn-ap-1-19:370.13
2380. මම සම්පත් අනුභව කොට කෙලෙස් ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරය ද දරමි.