Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2901-3000 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:348.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංකණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:348.9
කිංකණිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:348.10
200. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:348.11
2266. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පස්මරුන් ජයගත් පසැස් ඇති පදුමුත්තර බුදුරජහු වනයෙන් නික්ම විහාරයට වඩිති.
kn-ap-1-19:348.12
2267. උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත්සිත් ඇති තාදී ගුණ යුත් බුදුරජුන් පිදීමි.
kn-ap-1-19:348.13
2268. ඒ චිත්තප්‍රසාදයෙන් සම්පත් අනුභව කොට මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනෙමි.
kn-ap-1-19:348.14
2269. මෙයින් පණස්වෙනි කපෙහි මහත් මහත් බල ඇති ජනාධිපති වූ සමිත්තනන්‍දන නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:348.15
2270. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
kn-ap-1-19:348.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:348.17
යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:350.1
උද්දානය:
kn-ap-1-19:350.2
තමාලී තිණසන්‍ථාර - ඛණ්ඩඵුල්ලි අසෝකිය අඞ්කොලකි කිසලය - තීන්‍දුක නෙලපුප්ඵිය කිඞ්කණික යූථික දැ යි - දසවත් අටපණස් ගී.
kn-ap-1-19:350.3
තමාලපුප්ඵිය වර්‍ගය විසිවැනියි.
kn-ap-1-19:350.4
යලි වගෙහි උද්දානය:
kn-ap-1-19:350.5
භික්ඛාදායී පරිවාර - සෙරෙය්‍ය සොභිත සහ ඡත්ත බන්ධුජීව - සුපාරිචරිය ද කුමුද කුජට සහ - තමාලීවහ දැයි දස සසිය සසැට ගයෙකි - ඉන් වැඩියෙකුදු වේ ම ය.
kn-ap-1-19:350.6
භික්ෂාවර්‍ගදශකය යි.
kn-ap-1-19:350.7
ද්විතීය ශතකය සමාප්තයි
kn-ap-1-19:350.8
21. කණිකාරපුප්ඵිය වර්‍ගය
kn-ap-1-19:350.9
201. කණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:350.10
2271. මම එකල්හි පිපුණු කිණිහිරි රුකක් දැක චතුරෝඝයන් තරණය කළා වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට (ඒ මල් නෙලා) පිදීමි.
kn-ap-1-19:350.11
2272. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-19:350.12
2273. මෙයින් පන්තිස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අරුණපාණී යැ යි ප්‍රකට වූ සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:350.13
2274. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:350.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:350.15
කණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:350.16
202. මිනෙලපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:350.17
2275. හිරුමෙන් ප්‍රතාපවත් වූ ස්වර්‍ණවර්‍ණ වූ මෙත් සිත් ඇති සිඛී භාග්‍යවත්හු සක්මනට නැගුනාහ.
kn-ap-1-19:350.18
2276. එ දවස් මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ශ්‍රේෂ්ඨඥාන ඇති බුදුරජුන්හට වැඳ මිනෙල පුෂ්පයන් ගෙණ (එම) බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:350.19
2277. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:352.1
2278. එකුන්තිස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත්බල ඇති සුමේධයස නම් වූ සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:352.2
2279. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
kn-ap-1-19:352.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිනෙලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:352.4
මිනෙලපුප්ඵිය ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:352.5
203. කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:352.6
2280. රන් ඇගෑවක් මෙන් බබලන සර්‍වඥ වූ ලෝකනායක බුදුරජ තෙමේ සිසිල් දිය සහිත විලකට බැස ජලස්නානය කෙළේය.
kn-ap-1-19:352.7
2281. මම කිඞ්කිණික මල් ගෙණ ඔදවැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති විපස්සී බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:352.8
2282. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:352.9
2283. සත්විසිවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භීමරථ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:352.10
2284. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:352.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:352.12
කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:352.13
204. තරණිය ස්ථවිරාවදානය
kn-ap-1-19:352.14
2285. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදසේක් ගංතෙරට එළඹි සේක.
kn-ap-1-19:352.15
2286. මම මුවවිට දක්වා සමව පිරුණු කපුටුවනට පවා ඉවුරෙහි සිට පැන් පානය කළ හැකි සේ දියෙන් පිරී ගිය තරණය කොට එතර යාම දුෂ්කර වූ (ඒ ගඟින්) ද්විපදෝත්තම වූ බුදුරජුන් ද භික්‍ෂු සඞ්ඝයා ද එතර කරවීමි.
kn-ap-1-19:352.16
2287. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගඟින්) තරණය කරවීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:352.17
2288. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්ගොගවා නම් පස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:354.1
2289. මම මේ පශ්චිම භවයෙහි බමුණු කුලයෙහි උපනිමි. යහළුවන් තිදෙනකු සමග ශාස්තෘශාසනයෙහි පැවිදි වීමි.
kn-ap-1-19:354.2
සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:354.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:354.4
තරණිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:354.5
205. නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:354.6
2290. මම විපස්සී බුදුරජානන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. (ඒ මම) නික මල් ගෙණ බුදුරජානන් වහන්සේට පිදීමි.
kn-ap-1-19:354.7
2291. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:354.8
2292. මෙයින් පන්තිස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ මහාපතාප නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:354.9
2293. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:354.10
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:354.11
නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
kn-ap-1-19:354.12
206. උදකදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:354.13
2294. මම පැහැදුනු ඉඳුරන් ඇති කෙලෙස් කැලඹිලි නැති වළඳන්නා වූ ශ්‍රමණයන් වහන්සේ දැක ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට කළයෙන් දිය ගෙණවුත් දුනිමි.
kn-ap-1-19:354.14
2295. මම අද පහ වූ සැක ඇතියෙම් පිරිසිදු වූයෙම් නිර්‍මල වූයෙම් වෙමි. (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි යහපත් විපාක ඇති වේ.
kn-ap-1-19:354.15
2296. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ජලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උදකදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:354.16
2297. මෙයින් එක් සැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විමල නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:354.17
2298. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:354.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:354.19
උදකදායක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:356.1
207. සලලමාලිය ස්ථවිරාවදානය
kn-ap-1-19:356.2
2299. කිණිහිරි රුකක් මෙන් බබළමින් පර්‍වතයන් අතුරෙහි හුන් සියලු දිගුන් හෙළි කරන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:356.3
2300. එකල්හි මම දුන්න නිසැක කොට හීය යොදා (විද) නටු සහිත මලක් කඩා බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-19:356.4
2301. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:356.5
2302. මෙයින් එක් පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:356.6
2303. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:356.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:356.8
සලලමාලිය ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:356.9
208. කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:356.10
2304. සක් ලකුණෙන් බබලන තබන ලද ශ්‍රී පාද සටහන් දැක (මම ඒ) විපස්සී බුදුරජුන්ගේ පියවර සටහන් අනුව යන්නෙම්-
kn-ap-1-19:356.11
2305. පිපුණු කොරණ්ඩ වෘක්‍ෂයක් දැක සතුටු වූයෙම් මුලසිට ම ඇති ඒ සියලු මල් මා විසින් (බුදුරජුන්හට) පුදන ලදී. සතුටු සිතින් ම උතුම් පා වැන්දෙමි.
kn-ap-1-19:356.12
2306. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:356.13
2307. සත්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වීතමල නම් එක් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:356.14
2308. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:356.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:356.16
කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:358.1
209. ආධාරදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:358.2
2309. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් ආධාරකයක් (පාත්‍රාධාරයක්) පුදන ලදී. මම (ඒ හේතුවෙන්) ධනය සහිත මේ මුළු පොළොව ම දරමි.
kn-ap-1-19:358.3
2310. මා විසින් සියලු කෙලෙස් දවන ලදී. සියලු භවයෝ වනසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
kn-ap-1-19:358.4
2311. මෙයින් සත්විසිවනු කපෙහි මහත් බල ඇති සමන්තචරණ නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:358.5
2312. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:358.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආධාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:358.7
ආධාරදායක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:358.8
210. වාතාතපනිවාරිය ස්ථවිරාවදානය
kn-ap-1-19:358.9
2313. දෙවියනට දෙවි වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් ඡත්‍රයක් මා විසින් පුදන ලදී.
kn-ap-1-19:358.10
2314. ඒ හේතුවෙන් මාගේ පව් වැළැක්කේ විය. (තමා වෙත) කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි ඡත්‍ර දරත්. පූර්‍ව (ඡත්‍රදානමය ) කර්‍මයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:358.11
2315. (මා විසින්) සියලු භවයෝ නසන ලදහ. මෙය මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
kn-ap-1-19:358.12
2316. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්‍රදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:358.13
2317. මෙයින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපති වූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:358.14
2318. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:358.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:358.16
වාතාතපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:358.17
උද්දානය:
kn-ap-1-19:358.18
කණිකාර මිනෙලි - කිඞ්කිණි සහ තරණ ද තිග්ගුණ්ඩිපුප්ඵි උදකද - සලලකුරණ්ඩක ද ආධාරක ආතපවාරි යයි දස - අටසාළිස් ගයින් බැඳී.
kn-ap-1-19:358.19
කණිකාරපුප්ඵියවර්‍ගය එක්විසිවැනි යි.