Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 601-700 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap:84.12
588. ක්‍ෂාන්තියෙන් ද අවිහිංසාවෙන් ද මෙත් සිත් ඇති බැවින් ද ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා (සසරසයුරින්) එතෙර කරණසේක. එහෙයින් (උන්වහන්සේ) තොප විසින් විරුද්ධ නො විය යුත්තෝ ය.
kn-ap:84.13
589. බුදුවරයෝ මහපොළොව වැනියහ. ලාභ අලාභ දෙක්හි ද සම්මානන අවමානන දෙක්හි ද නො ලැගෙත්. එහෙයින් උන්වහන්සේලා තොප විසින් විරෝධ නො කළ යුත්තෝ ය.
kn-ap:86.1
590. බුදුරජානන් වහන්සේ වධක වූ දේවදත්තයා ය, චෞර වූ අඞ්ගුලිමාලයා ය (මත් වී ඉදිරියට ආ) ධනපාල හස්තියා ය, (ඖරස පුත්‍ර වූ) රාහුල තෙර ය යන මේ සියලු දෙනාහට සම මෙත් ඇති සේක.
kn-ap:86.2
591. මොවුන්හට පටිඝය (=තරහ)ක් නැත. එසේ ම මොවුන් පිළිබඳ රාගය (=ඇලීමක්) ද නැත. සර්‍වඥ තෙමේ (තමන් මැරීමට ආ) වධකයාට ද (තමාගේ ම) ඖරසපුත්‍රයාට ද සමමෙත් ඇත්තේ ය.
kn-ap:86.3
592. මග අත හැර දැමූ අශුචි වැකුනු කසාවත (=සිවුර) ද දැක ඍෂිධ්වජය යි මුදුනෙහි ඇඳිලි බැඳ වැඳිය යුතු ය.
kn-ap:86.4
593. අතීතයෙහි වූ ද, වර්‍තමානයෙහි වූ ද, අනාගතයෙහි වූ ද යම් බුදු කෙනෙක් වෙත් නම, මේ ඍෂිධ්වජයෙන් (=සිවුරෙන්) පිරිසිදු වෙත්. එහෙයින් මේ බුදුවරයෝ වැඳිය යුත්තාහු ය.
kn-ap:86.5
594. බුදුරජානන් වහන්සේ වැනි වූ සුන්‍දර වූ විනයපිටකය මම හදයෙන් දරමි. හැම කල්හි විනයයට නමස්කාර කරමින් වසන්නෙමි.
kn-ap:86.6
595. මාගේ වාසගෘහය විනය යි. සිටින තැන ද සක්මන් කරණ තැන ද විනය යි. විනයපිටකයෙහි (දැරීම්, පැවැත්වීම් වශයෙන්) වාසය කරමි. විනය මාගේ ගෝචරය යි.
kn-ap:86.7
596. විනයපිටකයෙහි පරතෙරට පැමිණියා වූ අධිකරණසමථයෙහි ද දක්‍ෂ වූ උපාලි තෙමේ මහාවීරයන් වහන්ස, ශාස්තෘ වූ ඔබවහන්සේගේ දෙපා වඳියි.
kn-ap:86.8
597. ඒ (උපාලි වූ) මම ධර්‍මය පිළිබඳ සුන්‍දරබව දැන ඒ ධර්‍මයට ද සම්‍යක්සම්බුදුරජානන් වහන්සේට ද වඳිමින් ගමින් ගමට ද නගරයෙන් නගරයට ද යමි.
kn-ap:86.9
598. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ මනා කොට නසන ලදහ. සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
kn-ap:86.10
599-600 ගාථා 372-373 ගාථාවන් හා සම ය.
kn-ap:86.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.
kn-ap:86.12
සවැනි වූ උපාලිස්ථවිරාවදානය යි.
kn-ap:86.13
7. අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය
kn-ap:86.14
601. (සකල සත්ත්‍ව) ලෝකයෙහි ජ්‍යේෂ්ඨ වූ (විශේෂයෙන් වෛනෙය සත්ත්‍වයන් සසර සයුරින් එතෙරට පමුණුවන බැවින්) විනායක වූ බුදුපදවියට පත් පදුමුත්තර සම්බුදුරජානන් වහන්සේ මම පළමු කොට දිටිමි.
kn-ap:86.15
602. බෝ මුලෙහි යම් පමණ යක්‍ෂයෝ රැස් වූවාහු ද, ඒ සියල්ලෝ බදැඳිලි ඇත්තාහු බුදුරජුන් පිරිවරා වඳිත්.
kn-ap:86.16
603. “ගන මොහඳුර දුරු කරණ මේ සර්‍වඥ තෙමේ පැමිණියේ ය”යි (කියමින්) සතුටු සිත් ඇති ඒ සියලු දෙවියෝ අහසෙහි හැසිරෙත්.
kn-ap:88.1
604. “අපි සම්බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (පිළිවෙත් රැක) කෙලෙස් දවමු” ය යි සතුටින් යුත් ඒ දෙවියන්ගේ මහානාදය පවතී.
kn-ap:88.2
605. දෙවියන් විසින් කියනලද ඒ අතීත වචනය අසා මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ප්‍රථම භික්‍ෂාව දුනිමි.
kn-ap:88.3
606. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන දිව්‍යසමූහයා මැද මේ ගාථාවන් වදාළ සේක.
kn-ap:88.4
607. “මම අභිනිෂ්ක්‍රමණය කොට සතියකින් සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි. බ්‍රහ්මචාරී වූ මාගේ (සිරුර) යැපෙන පමණ වූ මෙය ප්‍රථම ආහාරය යි.
kn-ap:88.5
608. යමෙක් තුසිතදෙව්ලොවින් මෙහි අවුත් මට භික්‍ෂාව පිළිගැන්වී ද, මම ඔහු (කවරෙක් දැ යි) කියන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:
kn-ap:88.6
609. “මෙතෙමේ කල්ප තිස්දහසක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සියලු දෙවියන් අභිභවනය කොට දෙව්ලොව වසන්නේ ය.
kn-ap:88.7
610. දෙව්ලොවින් චුත ව මිනිසත්බවට යන්නේ ය. එහි දහස් වරක් චක්‍රවර්‍තතිරාජ්‍යය කරන්නේ ය.
kn-ap:88.8
611. (මෙයින්) කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
kn-ap:88.9
612. හෙතෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේ ය. ගිහිගෙන් නික්ම පැවිදි ව සවසක් (දුෂ්කරක්‍රියා කරමින්) වසන්නේ ය.
kn-ap:88.10
613. අභිනිෂ්ක්‍රමණයෙන් සත්වැනි වර්‍ෂයෙහි බුදුරජ තෙම සත්‍යය (=ධර්‍මය) දේශනා කරන්නේ ය. නමින් කොණ්ඩඤ්ඤ නම් තැනැත්තේ පළමු කොට (ධර්‍මය) ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය” (කියායි).
kn-ap:88.11
614. (මම අභිනිෂ්ක්‍රමණය කළ) බෝසතුන් අනු ව පැවිදි වීමි. මා විසින් වීර්‍ය්‍යය මැනවින් කරණලදී. කෙලෙස් දැවීම පිණිස සසුනෙහි පැවිදි වීම.
kn-ap:88.12
615. දෙවියන් සහිත ලෝකයෙහි (සියලු සත්‍ය අවබෝධ කළ සර්‍වඥ තෙමේ මිගදාය නම් වූ ඉසිපතනයට එළඹ (එහි දී) අමාබෙරය ගැසී ය. (හෙවත් දහම් දෙසී ය.)
kn-ap:88.13
616. ඒ මම දැන් ශාන්ත වූ නිරුත්තරපදය වූ නිවණට පැමිණියෙම් සියලු ආශ්‍රවයන් (පහාණපරිඤ්ඤාවෙන්) ප්‍රහාණය කොට ආශ්‍රව රහිත ව වෙසෙමි.
kn-ap:88.14
617-619. කෙලෙස් දවනලදී. -පෙ- බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
kn-ap:88.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
kn-ap:88.16
සත්වැනි වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය යි.
kn-ap:90.1
8. පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරාවදානය
kn-ap:90.2
620. අග්‍රපුද්ගල වූ තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ එකල්හි හිමවත ඉදිරියෙහි වූ චිත්‍රකූට පර්‍වතයෙහි විසූසේක.
kn-ap:90.3
621. බොහෝ සත්ත්‍වයෝ යමෙකුගේ ශබ්දය අසා විශේෂයෙන් එහි කැලඹෙත් ද, (මම එබඳු) නිර්‍හයස්වභාව ඇති සිවු දික්හි ම (අභීත ව) යාමට සමත් සිංහයෙක් වීමි.
kn-ap:90.4
622. මනා ව පිපුනු පියුමක් ඩැහැගෙන නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි. සමාධියෙන් නැගී සිටියා වූ තථාගතයන් වහන්සේට (එය) පිදීමි.
kn-ap:90.5
623. මම සිවු දිගෙහි සිට මනුෂ්‍යොත්තම වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කොට සිය සිත පහදවා සිංහනාද කෙළෙමි.
kn-ap:90.6
624. පූජා සත්කාර පිළිගන්නා වූ (පිළිගැණීමට සුදුසු වූ) පදුමුත්තර බුදුරජානන් වහන්සේ සිය අසුනෙහි හිඳ මේ ගාථාවන් වදාළසේක.
kn-ap:90.7
625. සියලු දෙවිවරු සර්‍වඥයන් වහන්සේගේ වචනය හැඳින “(‘බුදුහු අපි වෙමු’ යි) කියන්නවුනට ශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙම පැමිණියේ ය. අපි (උන්වහන්සේගේ) ඒ ධර්‍මය අසමු ය”යි කියමින් රැස් වූහ.
kn-ap:90.8
626. ලෝකනායක වූ දීර්‍ඝදර්ශී වූ බුදුරජානන් වහන්සේ ඒ ප්‍රීතියෙන් යුක්ත වූ ඔවුන් ඉදිරියෙහි මාගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කළ සේක:
kn-ap:90.9
627. “යමකු විසින් මේ පියුම දෙන ලද ද, සිංහනාදය කරණලද ද, මම ඔහු (පිළිබඳ) තොරතුරු කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap:90.10
628. මෙතෙම මෙයින් අටවැනි කලාපයෙහි සත්රුවන් සහිත වූ සතර මහදිවයිනෙහි අධිපති වූ සක්විතිරජෙක් වන්නේ ය.
kn-ap:90.11
629. සූසැට ජාතියක පෘථිවියෙහි අධිපති වූ (රජ) බව කරන්නේ ය. මහාබල ඇති නමින් පදුම නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
kn-ap:90.12
630. කලාප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
kn-ap:90.13
631. එකල්හි (මෙ තෙම) බ්‍රාහ්මණයෙක් වන්නේ ය. (හෙතෙම) බුදුරජානන් වහන්සේ දහම් දෙසූ කල්හි බ්‍රාහ්මණ කුලයෙන් නික්ම ඒ භාග්‍යවතුන්වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
kn-ap:90.14
632. වීර්‍ය්‍යය කිරීම පිණිස මෙහෙයනලද සිත් ඇත්තේ උපශාන්ත වූ (ක්ලේශ රහිත බැවින්) නිරුපධි වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කොට ආශ්‍රව රහිත වූයේ පිරි නිවන් පාන්නේ ය.
kn-ap:90.15
633. චණ්ඩමෘගයන්ගෙන් ගැවසීගත් ජනසම්බෝධ රහිත දුර අරන් සෙනසුන්හි (වැස) සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කොට ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
kn-ap:90.16
634-636. කෙලෙස් දවන ලදී. –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණ ලදී.
kn-ap:90.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:90.18
අටවැනි වූ පිණ්ඩෝලභාරද්වාජස්ථවිරාවදානය යි.
kn-ap:92.1
9. ඛදිරවනියරේවත ස්ථවිරාවදානය
kn-ap:92.2
637. හිමවතින් හටගත් භාගීරථි නම ගඞ්ගාවක් වූවා ය. (මම් එහි) සැඩ රළවේගයන්ගෙන් යුත් විෂමතීර්‍ත්‍ථයක නැවියෙක් වීමි.
kn-ap:92.3
638. පදුමුත්තර බුදුරජ තෙම රහතුන් දහසක් සමග ගඞ්ගාවෙහි සැඩපහර තරණය කරන්නේ ය යි පෙර මාගේ ඇසීම වි ය.
kn-ap:92.4
639. බොහෝ නැව් එක් කොට තැනූ නැවෙහි වඩුවන් ලවා මැනවින් සෙවෙනි කොට බුදුරජාණන් වහන්සේ පිදීමි.
kn-ap:92.5
640. බුදුරජ තෙම පැමිණ උතුම් නැවට නැංගේ ය. (නැව් නැඟී) දිය මැද සිටියා වූ බුදුරජානන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
kn-ap:92.6
641. “යමෙක් තෙම සම්බුදු රජු ද ආශ්‍රව රහිත වූ (රහත්) සඞ්ඝයා ද තරණය කරවී නම්, හෙතෙම ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ දෙව්ලොවෙහි සිත් අලවා වාසය කරන්නේ ය.
kn-ap:92.7
642. ඔබහට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් (දෙව්ලොව) පහළ වන්නේ ය. හැම කල්හි අහසෙහි මල් වියනක් ද දරන්නේ ය.
kn-ap:92.8
643. (මෙයින්) අටපණස්කපකින් මත්තෙහි සතර මහදිවයිනට අධිපති වූ දිනනසුළු වූ තාරක නම් සක්විති රජෙක් වන්නේ ය.
kn-ap:92.9
644. (මෙයින්) සත්පණස්වන කපෙහි මහබල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය තෙමේ උදා වන්නා වූ හිරු මෙන් බබලන්නේ ය.
kn-ap:92.10
645. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
kn-ap:92.11
646. ඒ චම්පක තෙම (එකල) දෙව්ලොවින් චුත ව මිනිසත්බවට යන්නේ ය. නමින් රේවත නම් වූ බමුණෙක් වන්නේ ය.
kn-ap:92.12
647. කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
kn-ap:92.13
648. හෙතෙම පැවිදි වී පසු ව භාවනානුයෝගී වූයේ විදර්‍ශනා කරන්නේ සියලු ආශ්‍රවයන් (ප්‍රහාණපරිඥාවෙන්) දැන ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
kn-ap:92.14
649. නිර්‍වාණ සඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධූරවාහකයා (=ගැල් බර උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම ජාතිය යි.)
kn-ap:92.15
650. මා විසින් කල්පලක්‍ෂයකට පෙර කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. දුනුදියෙන් මැනවින් මිදුනු හීයේ වේගය මෙන් (ඒ කර්‍මය) මාගේ කෙලෙස් දැවී ය.
kn-ap:92.16
651. ඉක්බිති ලෝකාන්තයට ගිය මහනුවණැති බුදුරජාණන් වහන්සේ වනසෙනසුනෙහි ඇලුනා වූ මා දැක වනවාසි භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.
kn-ap:92.17
652. සිවු පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:92.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap:92.19
නවවැනි වූ ඛදිරවනියරේවතස්ථවිරාවදානය යි.
kn-ap:94.1
10. ආනන්‍ද ස්ථවිරාවදානය
kn-ap:94.2
653. පදුමුත්තර බුදුරජ තෙම අරම් දොරින් නික්ම අමාවැසි වස්වන්නේ මහාජනයා සන්හිඳවී ය. (=නිවණට පැමිණවී ය.)
kn-ap:94.3
654. ෂඩභිඥා ඇත්තා වූ ද මහාඍද්ධි ඇත්තා වූ ද ලක්‍ෂයක් ඒ ක්‍ෂීණාශ්‍රවයෝ අත හැර නො යන්නා වූ සෙවණැල්ල මෙන් සර්‍වඥයන් වහන්සේ පිරිවරත්.
kn-ap:94.4
655. (මම) උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නෙම් වෙමි. මනෝඥ වූ රූමත් බුදුරජානන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේ ය.
kn-ap:94.5
656. ඇතු පිටින් බැස නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන්මුවා ඡත්‍රය බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරීමි.
kn-ap:94.6
657. පදුමුත්තර මහර්ෂි (බුදුරජ) තෙම මාගේ අදහස දැන (තමන් වහන්සේගේ) ඒ කථාව නවතා මේ ගාථාවන් වදාළේ ය:
kn-ap:94.7
658. “ඒ යමෙක් ස්වර්‍ණලඞ්කාරයන්ගෙන් සරසනලද ඡත්‍රයක් දැරී ද ඔහු (පිළිබඳ ව) ප්‍රකාශ කරන්නෙමි. පවසන්නා වූ මාගේ (ඒ වචනය) අසවු.
kn-ap:94.8
659. මේ පුරුෂ තෙම මෙයින් (චුත ව) ගොස් තුෂිතයෙහි වසන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ සම්පත් අනුභව කරන්නේ ය.
kn-ap:94.9
660. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ඉන් චුත ව) සිවුරඟ සෙනඟට අධිපති ව එකසියඅටවරක් (පෘථිවීශ්වර ව) පොළොවෙහි වාසය කරන්නේ ය.
kn-ap:94.10
661. අටපණස්වරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි මහත් වූ ප්‍රදේශරාජ්‍යය ද කරවන්නේ ය.
kn-ap:94.11
662. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
kn-ap:94.12
663. ශාක්‍යකුලයට ධජයක් වැනි වූ මහාවීර වූ බුදුරජානන් වහන්සේගේ ඥාති වූ (මෙතෙම) ආනන්‍ද නම් උපස්ථායකයා වන්නේ ය.
kn-ap:94.13
664. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති ප්‍රඥාවත් වූ බහුශ්‍රැතභාවයෙහි දක්‍ෂ වූ නිහතමාන පැවැතුම් ඇති තදබැවින් තොර ත්‍රිපිටකධාරියෙක් වන්නේ ය.
kn-ap:94.14
665. වීර්‍ය්‍යය කිරීමෙහි මෙහෙයනලද සිත් ඇති හෙතෙම උපශාන්ත වූයේ උපධි රහිත වූයේ සියලු ආශ්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”.
kn-ap:94.15
666. (යම් සේ) අරණෙහි උපතින් සැටවස් ඉක්ම ගිය ත්‍රිමද ගලිත වූ මාතඞ්ගහස්තිකුලයෙහි උපන්නා වූ මහත් දළ ඇති රාජවාහන වූ ඇත්තු වෙත් ද,–
kn-ap:94.16
667. (එසේ ම) පණ්ඩිත වූ ද මහා ඍද්ධිමත් වූ ද නොයෙක් ලක්‍ෂගණන් රහත් නාගයෝ වෙත් නම්, ඒ සියල්ලෝ බුද්ධනාගයන් වහන්සේට ලං කොට තැබීමෙහි දී (සම) නො වෙත්.
kn-ap:96.1
668. පෙරයම්හි ද මැදියම්හි ද පැසුළුයම්හි ද නමස්කාර කරන්නෙමි. පහන් සිත් ඇත්තෙම් තුටු වූයෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ සිටියෙමි.
kn-ap:96.2
669. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් පැණවත් වූයෙම් මනා දැනුම් ඇත්තෙමි සිහියෙන් යුතු වූයෙම් ශෛක්‍ෂභූමියෙහි දක්‍ෂ වූයෙම් සෝවාන් පලයට පැමිණියෙම් වෙමි.
kn-ap:96.3
670. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් කර්‍මයක් (කොට යමක්) ප්‍රාර්‍ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියෙම් සසුනෙහි නිශ්චල ව සිටියෙම් වෙමි.
kn-ap:96.4
671-673. කෙලෙස් දවනලදී –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
kn-ap:96.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
kn-ap:96.6
දසවැනි වූ ආනන්‍දස්ථවිරාවදානය යි.
kn-ap:96.7
පළමුවැනි බුද්ධවර්‍ගය යි.
kn-ap:96.8
(එහි අපදාන) නාමාවලිය:
kn-ap:96.9
බුදු පසේබුදු හා – සැරියුත් කෝලිත කසුප්, අනුරුදු පුණු උපාලි – අඤ්ඤාකොණ්ඩඤ්ඤ ද, පිඬොල්බරදැජ රේවත – පඬිඅනඳ යන සිරිතුදු; සසිය පණසක් ගා වෙයි – එහැම පිඬු කොට දැක්වූ.
kn-ap:98.1
2. සිංහාසනදායක වර්‍ගය
kn-ap:98.2
11. සිංහාසනදායක ස්ථවිරාවදානය
kn-ap:98.3
674-675. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරදුන් පිරිනිවි කල්හි ත්‍රිපිටක ධර්‍මය පැතිර ගිය කල්හි බොහෝ ජනයා විසින් මැනැවැයි දන්නාලද සසුනෙහි මම පහන් සිතැත්තෙම් තුටු වූයෙම් සිහසුනක් කෙළෙමි. (එසේ ම) මම සිහසුන කොට පාපුටුවක් ද කෙළෙමි.
kn-ap:98.5
676. සිහසුන තෙමෙන කල්හි මම එහි ආවරණයට ගෘහයක් ද කෙළෙමි. මම ඒ සිත පැහැදවීම හේතු කොට ගෙණ තුසිතභවනයෙහි උපනිමි.