Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1101-1200 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap:146.8
1016. ඒ කර්‍මය හේතු කොට ගෙන දසදහසක් සක්වළ කම්පනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.
kn-ap:146.9
1017. නිර්‍වාණසඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධුරවාහකයා (=ගැල් උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිමශරීරය දරමි. (=අන්තිම ආත්මයෙහි සිටිමි).
kn-ap:146.10
1018. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:146.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:146.12
කුණ්ඩධානස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap:146.13
32. සාගත ස්ථවිරාවදානය
kn-ap:146.14
1019. එකල්හි මම් නමින් සෝභිත ය යි (ප්‍රකට) බමුණෙක් වීමි. ස්වකීය ශිෂ්‍යන් විසින් පිරිවරණ ලදුයෙම් ආරාමයට ගියෙමි.
kn-ap:146.15
1020. එකල්හි පුරුෂෝත්තම වූ (පදුමුත්තර) භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා පිරිවරණ ලදුයේ අරම් දොරටුවෙන් නික්ම සිටියේ ය.
kn-ap:146.16
1021. දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි. (දැක) ස්වකීය චිත්තය පහදවා සතුටු සාමීචි කථා කළෙමි. (කෙසේ ද ? යත්:)
kn-ap:148.1
1022. “යම්කිසි වෘක්‍ෂ කෙනෙක් වෙත් නම්, ඒ සියලු වෘක්‍ෂයෝ පොළොවෙහි වැඩෙත්. එසේ ම බුද්ධිමත් සත්ත්‍වයෝ සර්‍වඥශාසනයෙහි වැඩෙත්.
kn-ap:148.2
1023. සප්‍රාඥ වූ මහර්ෂි වූ බුදුරජාණන් වහන්ස, (ඔබ වහන්සේ) බොහෝ ජනයා විෂයයෙහි (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහයෙක් වන සේක. ඔබ වහන්සේ නො මගින් නගා (සත්ත්‍වයාට) මග කියන සේක.
kn-ap:148.3
1024. (එසේ ම ඔබ වහන්සේ) දැමුනුසේක් දැමුනවුන් විසින් පිරිවරණ ලද සේක. ධ්‍යාන කරණ සුලු වූයේ ධ්‍යානයෙහි අලුනවුන් විසින් ද, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සේක් නිවණ කරා මෙහෙයූ සිත් ඇත්තවුන් විසින් ද උපශාන්ත වූවන් විසින් හා තාදීගුණ යුක්ත වූවන් විසින් ද (පිරිවරණ ලදහ).
kn-ap:148.4
1025. පිණින් හා නුවණින් යුත් පිරිස කරණ කොට ගෙන අලංකාර වූ සේක් හොබනාහ. හිරු උදා වන කල්හි මෙන් ඔබවහන්සේගේ ප්‍රභාව පැතිරේ”යී.
kn-ap:148.5
1026. මහාර්ෂි වූ පදුමුත්තර බුදුරජ තෙමේ පහන් සිත් ඇති (මා) දැක බික්සඟන මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේ ද? යත්:)
kn-ap:148.6
1027. “යම් බමුණෙක් තෙමේ සතුටු සිත් උපදවා මා වර්‍ණා කෙළේ ද, හෙතෙමේ කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
kn-ap:148.7
1028. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ තුෂිත දිව්‍යලෝකයෙන් ච්‍යුත ව ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
kn-ap:148.8
1029. මැනැවින් කරණ ලද එම පුණ්‍යකර්‍මය කරණ කොට ගෙණ රහත්බව ලබන්නේ ය. (නමින්) සාගත නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ යී.”
kn-ap:148.9
1030. පැවිදි ව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග්දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
kn-ap:148.10
1031. මෙසේ වසන්නා වූ මම තේජෝධාතූන්හි දක්‍ෂ වූයෙම් (සියලු ආශ්‍රවයන්) ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
kn-ap:148.11
1032. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:148.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාගතස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළසේක් යී.
kn-ap:148.13
සාගතස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap:148.14
33. මහාකාත්‍යායන ස්ථවිරාවදානය
kn-ap:148.15
1033. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ පදුම නම් චෛත්‍යයක් වී ය. (එහි) ගල් අසුනක් කරවා ස්වර්‍ණාලේප කරවීමි.
kn-ap:148.16
1034. ස්වර්‍ණමය වූ ඡත්‍රයක් ද වල්විදුනාවක් ද ගෙන ලෝකබන්‍ධු වූ තාදිගුණ ඇති බුදුරජානන් වහන්සේට නගා තැබීමි.
kn-ap:150.1
1035-1036. එකල්හි භූමිය ඇසුරු කළා වූ යම් තාක් දෙවියෝ වූ නම්, ඒ සියල්ලෝ ම රැස් වූහ. (කුමකට ද යත්:) “ස්වර්‍ණමයඡත්‍රයාගේ විපාකය වදාරන්නේ ය. එසේ වදාරන්නා වූ බුදුරජානන් වහන්සේගේ ඒ සියලු කථාව අසන්නෙමු. සම්මාසම්බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි වැඩියක් සතුට උපදවන්නෙමු”යි යනුවට ය.
kn-ap:150.3
1037. සියලු දත යුතු දෑ තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් ස්වර්‍ණාසනයෙහි හිඳ මෙ ම ගාථාවන් වදාළසේක.
kn-ap:150.4
1038. “යමකු විසින් ස්වර්‍ණරත්නමය වූ (සත් රුවනින් කරණ ලද,) මෙ ම අසුන පුදන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap:150.5
1039. (හෙතෙමේ) තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. හාත්පස යොදුන් සියයක් ප්‍රභාවෙන් යටපත් කරන්නේ ය.
kn-ap:150.6
1040-1041. මිනිස්ලොව ට අවුත් උග්‍රතේජස් ඇති නමින් ප්‍රභාස්වර නම් වූ සක්විති රජෙක් වන්නේ ය. (මෙ ම) ක්‍ෂත්‍රිය තෙමේ උදා වූ සූර්‍ය්‍යයා මෙන් දිවා රෑ දෙකෙහි ම හාත්පස අටරියනක් (තැන්) බබුළුවන්නේ ය.
kn-ap:150.8
1042. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
kn-ap:150.9
1043. කුශල මූලයෙන් මෙහෙයන ලද්දා වූ මෙතෙමේ තුසීපුරයෙන් චුත ව නමින් කච්චායන නම් වූ බමුණෙක් වන්නේ ය.
kn-ap:150.10
1044. හෙතෙම පසු ව පැවිදි ව ආශ්‍රව රහිත වූ රහත් නමක් වන්නේ ය. ලොව බබුළුවන්නා වූ ගෞතම බුදුරජ තෙමේ (ඔහු) අග්‍රස්ථානයෙහි තබන්නේ ය. (කෙසේ ද? යත්:)
kn-ap:150.11
1045. මෙතෙම සැකෙවින් විචාරණ ලද ප්‍රශ්නය විතර විසින් කියන්නේ ය. ඒ ප්‍රශ්නය (විතර විසින්) කියන්නේ ද (අසන්නාගේ) අදහස සම්පූර්‍ණ කරන්නේ”යී.
kn-ap:150.12
1046. ආඪ්‍යකුලයෙහි උපන්නා වූ මන්ත්‍රයන්හි පරතෙරට ගියා වූ බ්‍රාහ්මණයෙක් වූ (මම) ධනධාන්‍යන් ඇත හැර දමා අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
kn-ap:150.13
1047. මම සංක්‍ෂිප්ත ලෙස විචාරණ කල්හි දු විස්තර වශයෙන් කියමි. ( විචාරන්නා වූ) ඔවුන්ගේ අදහස් සම්පූර්‍ණ කරමි. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්සේ සතුටු කරමි.
kn-ap:150.14
1048. මා විසින් තුටු කරණ ලද මහාවීර වූ සියල්ල තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ (ගෞතම බුදුරජතෙම) බික්සඟන මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
kn-ap:150.15
1049. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:150.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
kn-ap:150.17
මහාකාත්‍යායනස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap:152.1
34. කාළුදායි ස්ථවිරාවදානය
kn-ap:152.2
1050-1051. මම එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති, මහමගට පිළිපන්, චාරිකාවෙහි හැසිරෙන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට මැනැවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද කිරිබත් ද ගෙන (එහි) ගියෙමි.
kn-ap:152.4
1052. මහාවීර වූ බුදුරජ තෙමේ මනා භෝජනය (කිරිබත) වැළඳී ය. ඒ මල් ද ගෙන මහාජනයාට දැක්වී ය. (කෙසේද? යත්:)
kn-ap:152.5
1053. (මේ) ලෝකයෙහි ඉෂ්ට වූ මන වඩන්නා වූ ප්‍රිය වූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නා) පුෂ්පයෝ වෙති. යමෙක් තෙමේ මට මේ මල් දුන්නේ ද, ඔහු විසින් ඉතා දුෂ්කර (පින්කමක්) කරණලදි.
kn-ap:152.6
1054. යමෙක් මට මල් නගා දුන්නේ ද, උතුම් වූ ආහාරය දුන්නේ ද ඔහු (කවරෙක් දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු. (කෙසේ ද යත්?)
kn-ap:152.7
1055-1056. හෙතෙමේ අටළොස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. එකෙණෙහි ඔහුගේ පුණ්‍යවිපාකයෙන් දිව්‍යමය සුගන්‍ධයෙන් යුතු උපුල් ද පියුම් ද බෝලිද්ද ද ඔහු මත අහසෙහි වියනක් කොට දරන්නේ ය.
kn-ap:152.9
1057. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. පන්සියවරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වෙසෙන්නේ ය.
kn-ap:152.10
1058. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
kn-ap:152.11
1059. කුශලමූලයෙන් මෙහෙයන ලද ස්වකීය කර්‍මයෙන් සන්තුෂ්ට වූ හෙතෙමේ ශාක්‍යයන්ගේ සතුට ඇති කරන්නා වූ නෑ සබඳ කම් ඇත්තෙක් වන්නේ ය.
kn-ap:152.12
1060. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
kn-ap:152.13
1061. ලෝකබන්‍ධු වූ ගෞතමබුදුරජානන් වහන්සේ පැමිණ (සිවු) පිළිසිඹියාවන් ඇති, කරණ ලද කටයුතු ඇති, ආශ්‍රව රහිත වූ ඔහු ඒතදග්‍රස්ථානයෙහි තබන සේක.
kn-ap:152.14
1062. වීර්‍ය්‍යය වැඩූ, නිවණ කෙරෙහි මෙහෙයූ සිත් ඇති, උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙමේ නමින් උදායී නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
kn-ap:152.15
1063. රාගය ද ද්වේෂය ද මෝහය ද මක්ඛය (ගුණමකුබව) ද විනාශ කරණ ලද්දේ ය. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
kn-ap:152.16
1064. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ප්‍රඥාවත් වූ මම බුදුරජානන් වහන්සේ සතුටු කෙළෙමි. ප්‍රමුදිත වූ බුදුරජ තෙමේ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
kn-ap:152.17
1065. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:152.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායි ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
kn-ap:152.19
කාළුදායි ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap:154.1
35. මෝඝරාජ ස්ථවිරාවදානය
kn-ap:154.2
1066. සියල්ල තෙමේ ම දැනගත්තා වූ අපරාජිත වූ (පස්මරුන් දිනූ) අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
kn-ap:154.3
1067. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගෘහයෙන් නික්මුනෙමි. නික්ම එහි ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
kn-ap:154.4
1068. සිරසෙහි ඇඳිලි බැඳ බුදුරජුන් වැඳ සිය සිත පහදවා ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි.
kn-ap:154.5
1069. “යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසි සත්ත්‍වයෝ වෙත් ද, එසේ ම අරූපාවචර බ්‍රහ්මලෝකවාසි සත්ත්‍වයෝ වෙත් ද, අසංඥතලවාසි සත්ත්‍වයෝ වෙත් ද, ඒ සියල්ලෝ ඔබ වහන්ස්ගේ ඤාණයෙහි ඇතුළත් වෙත්. (ඔබ වහන්සේගේ නුවණට ඔහු පෙණෙත්.)
kn-ap:154.6
1070. යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි බහන්නේ නම්, (එවිට) දියෙහි කිසියම් ප්‍රාණි කෙනෙක් වෙත් ද, ඔවුහු දැල තුළෙහි වෙත්.
kn-ap:154.7
1071. රූපීසත්ත්‍වයන් පිළිබඳ වූ හෝ අරූපීසත්ත්‍වයන් පිළිබඳ වූ යමෙකුගේ චේතනාවක් ඇත් නම්, ඒ සියලු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
kn-ap:154.8
1072. අඳුරෙහි ගැවසී ගත් මේ ලෝකයා (ඔබවහන්සේ) නගා සිටුවන සේක. ඔහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නමැති සැඩපහර තරණය කෙරෙත්.
kn-ap:154.9
1073. ලෝකවාසි සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසාගන්නා ලදී. (මෝහ) අන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝවැස්සෝ) නසන ලද මොහාන්‍ධකාර ඇත්තෝ වෙත්.
kn-ap:154.10
1074. ඔබ වහන්සේ සියලු දෙනාගේ මහා මෝහාන්‍ධකාරය දුරුකරන්නා වූ ඇසක් වන සේක. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා (කෙලෙස් ගින්න) නිවාගණී.
kn-ap:154.11
1075. නිදොස් වූ බුද්දකමධු (දඬුවෙල්බෑ මීපැණි) සැළියක් පුරවා දොහොතින් ගෙන ගොස් බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
kn-ap:154.12
1076. මහර්ෂි වූ මහාවීර වූ (අත්‍ථදස්සි) බුදුරජතෙමේ මී අනුභව කොට අහසට නැංගේ ය.
kn-ap:154.13
1077. අසසෙහි සිටියා වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි ශාස්තෘ තෙමේ මාගේ සිත පහදවමින් මෙ ම ගාථාවන් දෙසී ය.
kn-ap:154.14
1078. “මේ (බුද්ධ) ඥානය යමකු විසින් පසසන ලද ද, බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ද (යමකු විසින්) තුති කරණ ලද ද, හෙතෙමේ එ ම චිත්තප්‍රසාදය කරණ කොට ගෙණ දුගතියකට නො යයි.
kn-ap:154.15
1079. හෙතෙමේ තුදුස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසිය වරක් පෘථිවීරාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේ ය.
kn-ap:156.1
1080. ඉක්බිති පන්සියවරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි අසඞ්ඛ්‍යවාරගණනක් ප්‍රදේශරාජ්‍යය කරවන්නේ ය.
kn-ap:156.2
1081. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයයෙහි පරතෙරට ගියා වූ (හෙතෙමේ) ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
kn-ap:156.3
1082. ගැඹුරු වූ සියුම් වූ අර්‍ත්‍ථ නුවණින් දැනගන්නේ ය. (හෙතෙමේ) නමින් මෝඝරාජ ය යි බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
kn-ap:156.4
1083. (සසර කතරින් සත්ත්‍වයන් එතෙර කරණ බැවින්) අග්‍ර සාර්‍ත්‍ථවාහයකු වැනි වූ ගෞතම බුදුරජ තෙමේ ත්‍රිවිද්‍යාවන්ගෙන් යුක්ත වූ කොට නිමවූ කට යුතු ඇති ආශ්‍රව රහිත වූ (ඔහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”
kn-ap:156.5
1084. මිනිස්යෙදුම් හැර භවබැඳුම් සිඳ සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවශයෙන් දැන ආශ්‍රව රහිත ව වෙසෙමි.
kn-ap:156.6
1085. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:156.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මෝඝරාජස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
kn-ap:156.8
මොඝරාජස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap:156.9
36. අධිමුත්ත ස්ථවිරාවදානය
kn-ap:156.10
1086. මනුෂ්‍යොත්තම වූ අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (මම) පැහැදි සිතින් යුතු ව භික්‍ෂු සඞ්ඝයාට උපස්ථාන කෙළෙමි.
kn-ap:156.11
1087. ඍජු ගුණ යුත් එකඟ සිත් ඇති සංඝරත්නය පවරා මඩුවක් කරවා උතුම් සඞ්ඝයාට උක් වැළඳවීමි.
kn-ap:156.12
1088. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, සියලු සත්ත්‍වයන් අභිභවනය කරමි. මේ (එ ම) පුණ්‍යකර්‍මයාගේ ඵලය යි.
kn-ap:156.13
1089. කල්ප එක්දහස්අටසියයකට පෙර වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක් දනෙහි මේ විපාකය යි.
kn-ap:156.14
1090. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:156.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
kn-ap:156.16
අධිමුත්තස්ථවිරාවදානය සවැනි යි.
kn-ap:156.17
37. ලසුණදායක ස්ථවිරාවදානය
kn-ap:156.18
1091. මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. (රතු) ලුහුණු (ආහාර කොට ගෙණ) ජීවත් වෙමි. මාගේ භෝජනය ලුහුණු ය.
kn-ap:156.19
1092. මම (ලුහුණු) කදක් පුරවාගෙණ සඞ්ඝාරාමයට ගියෙමි. සතුටු වූයෙම් සතුටු සිතින් ම සඞ්ඝයාට ලුහුණු දුන්නෙමි.
kn-ap:158.1
1093. මම විපස්සී නරශ්‍රේෂ්ඨයන් (බුදුරජානන්) වහන්සේ සසුනෙහි නිරත වූ සඞ්ඝයාට ලුහුණු දී කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
kn-ap:158.2
1094. මෙයින් එකානූවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් ලුහුණු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලුසුණදානයාගේ විපාකය යි.
kn-ap:158.3
1095. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:158.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලසුණදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
kn-ap:158.5
ලසුණදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap:158.6
38. ආයාගදායක ස්ථවිරාවදානය
kn-ap:158.7
1096. කථා කරන්නවුන් අතුරෙන් උතුම් සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම සතුටු වූයෙම් සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි.
kn-ap:158.8
1097. මම එකල්හි වඩුවන් සමග කථා කොට මුදල් දී සතුටු වූයෙම් සතුටු සිතින් දීර්‍ඝ භෝජනශාලාවක් කරවීමි.
kn-ap:158.9
1098. (ඒ හේතුවෙන්) මම අටකපක් නො කඩා කොට දෙව්ලොව විසීමි. සෙසු කල්පයන්හි (දිව්‍ය - මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර ලෙස සැරි සැරීමි.