Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 801-900 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap:110.7
759. කඳුපාමුලක (= ශිලාපර්‍වතයෙක්හි විවෙකස්ථානයක) වැඩ හුන්නා වූ මනුෂ්‍යොත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ ඒ ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේ වෙත මම එළඹියෙමි.
kn-ap:110.8
760. එකල්හි මම මැනැවින් පිපුනු කිණිහිරිමලක් දැක නටුවෙන් කඩා ගෙණ එ මලින් ඡත්‍රය අලඞ්කාර කොට බුදුරජානන් වහන්සේට (ඒ ඡත්‍රය) නැගීමි.
kn-ap:110.9
761. සුන්‍දරභෝජනසඞ්ඛ්‍යාත උත්තම ආහාරය වූ පිණ්ඩපාතය ද දිනිමි. එහි දී බුදුරජානන් වහන්සේ නව වැනි කොට ඇති ශ්‍රමණයන් අටනමක් වැළඳවීමි.
kn-ap:110.10
762-763. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, මහාවීර වූ (පදුමුත්තර) බුදුරජ තෙම (මෙසේ) අනුමෝදනාව කෙළේ ය: “මෙ ම ඡත්‍රදානය ද උතුම් ආහාරදානය ද හේතු කොට ගෙණ (ඇති වූ) එ ම චිත්තප්‍රසාදයෙන් (මෙතෙමේ) සම්පත් අනුභව කරන්නේ ය. සතිස් වරක් ශක්‍ර ව දිව්‍ය රාජ්‍යය කරන්නේ ය.
kn-ap:110.12
764. එක්විසිවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය කරණ (වාරගණන) සඞ්ඛ්‍යාපථාතික්‍රාන්ත ය.
kn-ap:110.13
765. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
kn-ap:110.14
766. (උන්වහන්සේගේ) සසුන බබළන කල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූයේ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ නමින් ‘උපසේන’ නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය”.
kn-ap:110.15
767. (මෙය) මාගේ අන්තිමආත්මය වන්නේ ය. සියලු භවයෝ නසන ලදහ. සේනා සහිත වූ මාරයා ජය ගෙන අන්තිම ශරීරය දරමි.
kn-ap:110.16
768. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:110.17
මෙහි මේ අයුරින් උපසේනවඞ්ගන්තපුත්තස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:110.18
උපසෙනවඞ්ගන්තපුත්ත ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap:110.19
තෙවෙනි බණවර යි.
kn-ap:112.1
18. රට්ඨපාල ස්ථවිරාවදානය
kn-ap:112.2
769-770. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට (නගුලිස් පමණ වූ) විශාල දළ ඇති රාජාර්‍හ (=රජුනට සුදුසු) වූ (ඇත්කඳෙහි ඔසවන ලද) ශ්වේතච්ඡත්‍රයෙන් ශෝභමාන වූ හස්ත්‍යාලඞ්කාර සහිත වූ ඇත්ගොව්වෙකු සහිත වූ උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී. ඒ සියල්ලෙහි වටිනා කමින් (සියල්ල විකුණා) සඞ්ඝාරාමයක් ද කරවීමි.
kn-ap:112.4
771. මම සූපණස්දහක් ප්‍රාසාදයන් ද කරවීමි. මහදනක් (පිළියෙල) කොට මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
kn-ap:112.5
772. මහාවීර වූ සියල්ල තෙමේ ම දැන වදාළා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ සියලු ජනයන් සතුටු කරමින් අමෘතපදය (=නිර්‍වාණ ධර්‍මය) දෙසූ සේක.
kn-ap:112.6
773. ‘පදුමුත්තර’ නම් වූ බුදුරජානන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් දේශනා කළසේක:
kn-ap:112.7
774. “මෙතෙම සිවුපණස්දහසක් ප්‍රාසාදයන් කරවී ය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap:112.8
775. (මොහුට) අටළොස්දහසක් කූටාගාරයෝ වන්නාහු ය. උතුම් විමනෙහි පහළ වූ ඒ (කූටාගාරයෝ) සර්‍වස්වර්‍ණමයහ.
kn-ap:112.9
776. (මෙතෙම) ශක්‍රදේවේන්‍ද්‍ර ව පණස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස් වරක් සක්විතිරජ වන්නේ ය.
kn-ap:112.10
777. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ‘ගෞතම’ නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
kn-ap:112.11
778. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව එකෙණෙහි ආඪ්‍ය වූ මහත් භොග ඇති කුලයක උපදින්නේ ය.
kn-ap:112.12
779. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ හෙතෙම පසු ව පැවිදි ව නමින් රට්ඨපාල ය යි ප්‍රසිද්ධශ්‍රාවකයෙක් වන්නේ ය:
kn-ap:112.13
780. වීර්‍ය්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ උපශාන්ත වූ උපධිරහිත වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කොට ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
kn-ap:112.14
781. (උත්‍ථානවීර්‍ය්‍යයෙන්) නැගිට අභිනිෂ්ක්‍රමණය කොට කෙල පිඬු මෙන් භෝගසම්පත් තොමෝ හරණා ලද්දී ය. මාගේ (ඒ) භොග සම්පත්තියෙහි ඇලීමෙක් නැත.
kn-ap:112.15
782. යෝගක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණයට පමුණුවන ධුරවාහකයා (=ගැල්බර උසුලනගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම) මේ සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
kn-ap:112.16
783. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:112.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:112.18
රට්ඨපාල ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap:114.1
19. ස්වපාක ස්ථවිරාවදානය
kn-ap:114.2
784. වනයෙහි උතුම් පර්‍වතයෙක්හි ගුහාවක් පිරිසිදු කරන්නා වූ මා වෙත සිද්ධාර්‍ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.
kn-ap:114.3
785. මම එළඹ සිටියා වූ බුදුරජානන් වහන්සේ දැක තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (=මලසුනක්) දිනිමි.
kn-ap:114.4
786. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පුෂ්පාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්තිස්ථානය ද දැන අනිත්‍යභාවය වදාළ සේක.
kn-ap:114.5
787. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැති වෙත්. ඔවුන්ගේ සන්සිඳීම සැප යි.
kn-ap:114.6
788. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැනනැංගේ ය.
kn-ap:114.7
789. මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍යසංඥාව වැඩීමි. එක්දිනක් භාවනා කොට මම එයින් චුත වීමි.
kn-ap:114.8
790. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධසම්පත් අනුභව කොට අන්තිමභවය පැමිණි කල්හි (ස්වකීය පාකය වූ බත අනුන් අනුභව නො කරණ බැවින්) ‘සපාක’ නම් සැඩොල් කුලයට උත්පත්තිවශයෙන් එළඹුනෙමි.
kn-ap:114.9
791. අගාර සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වයස් වූ මම රහත් බවට පැමිණියෙමි.
kn-ap:114.10
792. ඇරඹූ වීර්‍ය්‍යය ඇත්තෙම් (නිවන කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තෙම් ශීලයන්හි මැනැවින් හික්මුනෙම් බුදුරජානන් වහන්සේ සතුටු කොට උපසම්පදාව ලැබීමි.
kn-ap:114.11
793. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකය යි.
kn-ap:114.12
794. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩුයෙම් නම් එ ම, සංඥාව වඩන්නා වූ මාහට ආශ්‍රවක්‍ෂය ය පැමිණියේ ය.
kn-ap:114.13
795. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:114.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සෝපාක’ ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
kn-ap:114.15
ස්වපාක ස්ථවිරා’වදානය නවවැනි යී.
kn-ap:114.16
20. සුමඞ්ගල ස්ථවිරාවදානය
kn-ap:114.17
796. යාගයක් කරණු කැමැති (දානයක් දෙනු කැමැති) මම බොජුන් පිළියෙල කරවා (ප්‍රතිග්‍රාහක වූ ශුද්ධ පැවිදි) බමුණන් සොයමින් විශාල මාළකයෙහි සිටියෙමි.
kn-ap:114.18
797-798. ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නා වූ, තමා ම සියල්ල අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, ප්‍රභාසම්පන්න වූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සූර්‍ය්‍යයා මෙන් බබලන, වීථියට පිළිපන් පියදස්සි බුදුරජානන් වහන්සේ දුටුවෙමි.
kn-ap:116.1
799. ඇඳිලි බැඳ ස්වකීය චිත්තය පැහැදවීමි. මහාමුනි වූ බුදුරජානන් වහන්සේ (මාගේ නිවෙසට) වඩින සේක්වා යි සිතින් ම ආරාධනා කෙළෙමි.
kn-ap:116.2
800. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට එළඹි සේක.
kn-ap:116.3
801. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී සිහසුනෙහි වැඩ හිඳුනු මැනව”.
kn-ap:116.4
802. දැමුනු සේක් දැමුනු පිරිවර ඇති (සසරින්) එතෙර වූ එතෙර කරන්නවුන් අතුරෙන් උතුම් වූ බුදුරජානන් වහන්සේ පහයට නැගී උතුම් අසුනෙහි වැඩ හුන් සේක.
kn-ap:116.5
803. ස්වකීයගෘහයෙහි මට සම්පාදනය කරණලද යම් ආහාරයක් වී ද, පහන් සිත් ඇති මම සියතින් ම බුදුරජානන් වහන්සේට එ ම ආහාර (දානය) දිනිමි.
kn-ap:116.6
804. පහන් සිත් ඇත්තෙම් සතුටු වූයේ හටගත් සොම්නස් ඇත්තෙම් කරණ ලද ඇඳිලි ඇත්තෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජානන් වහන්සේගේ උදාරබව ආශ්චර්‍ය්‍ය යි.
kn-ap:116.7
805. (එහි) වළඳන්නා වූ පර්‍ය්‍යුපාසනය කරණ අෂ්ටආර්‍ය්‍යපුද්ගලයන් අතුරෙන් රහත්හු ම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේ ම අනුභාවය යි. මම (ඔබවහන්සේ) සරණ කොට යෙමි.
kn-ap:116.8
806. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක.
kn-ap:116.9
807. “ඍජුප්‍රතිපන්නතාදි ගුණ යුත් සන්සුන් සංඝයා ද තථාගත වූ බුදුරජානන් වහන්සේ ද ඒ යමෙක් වැළඳවී ද, (ඔහු පිළිබඳව) කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap:116.10
808. හෙතෙම සත්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. පටන් ගත් ස්වකීය කට යුතු ඇති හෙතෙම දිව්‍යලෝකයෙහි සිත් අලවා වෙසෙයි.
kn-ap:116.11
809. හෙතෙම අටළොස්වරක් සක්විතිරජ වන්නේ ය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙණ පොළොවෙහි වාසය කරන්නේ ය.”
kn-ap:116.12
810. ව්‍යාඝ්‍රයන් (ව්‍යාලමෘගයන්) විසින් සෙවුනා ලද මහාවනයට පිවිස වීර්‍ය්‍යය කොට මා විසින් කෙලෙස් දවන ලදී.
kn-ap:116.13
811. එක්සිය අටළොස්වන කපෙහි වූ එකල්හි යම් දානයක් දිනිම් ද, (එබැවින්) දුගතියක් නො දනිමි. ආහාරදානයාගේ මේ විපාකය යි.
kn-ap:116.14
812. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap:116.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගලස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:116.16
සුමඞ්ගලස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap:116.17
උද්දානය:
kn-ap:116.18
සිහසුන් ද එක්ටැම් - දුන් දෙනම හා නන්‍ද ද, සුළුපතු පිළිඳි රාහුල - වංගන්න රටපල් හා. සෝපාක මංගල ය යි - දසසිරිතකි දෙවන වගැ, එක්සියඅටතිසෙක් ගී - යෙන් එය මෙහි කියන ලදී.
kn-ap:116.19
දෙවෙනි සිංහාසනදායකවර්‍ග යයි.
kn-ap:118.1
3. සුභූති වර්‍ගය
kn-ap:118.2
21. සුභූති ස්ථවිරාවදානය
kn-ap:118.3
813. හිමවතට නුදුරෙහි නිසභ නම් පර්‍වතයකි. (එහි) මට අසපුවක් කරණලදී. පන්සලක් ද මැනැවින් නිර්මිත කරණලදි.
kn-ap:118.4
814. (මම එහි) උග්‍ර වූ තපස් ඇති ‘කෝසිය’ නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි. එකල්හි මම ‘නිසභ’ පර්‍වතයෙහි එකලා ව දෙවැන්නෙකු නො මැති ව වසමි.
kn-ap:118.5
815. එකල්හි මම පළ මුල් කොළ (ගස්වලින් නෙළාගෙණ) අනුභව නො කරමි. එකෙණෙහි ස්වයංපතිත (ඉබේ වැටුනු) පඬුවන් පත් ඇසුරු කර (අනුභව කොට) ජීවත් වෙමි.
kn-ap:118.6
816. මම ජීවිතය හැර දමන්නෙම් නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදි ආහාර සෙවීමෙන්) විකෝපනය නො කරමි. ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ඨතාවන්ගෙන්) පහදවමි. (වෙදකම් ආදි එක්විසි) අනෙසනයන් දුරු කරමි.
kn-ap:118.7
817. යම් කලෙක්හි රාගයෙන් යුත් වූ සිතක් මට උපදී නම්, (එකල්හි) තෙමේ ම ප්‍රත්‍යවේක්‍ෂා කරමි. එකඟ වූ සිත් ඇති මම එම රාග අදහස) මෙසේ අවවාද කරගණිමින් දමනය කරමි. (කෙසේ ද? යත්:-)
kn-ap:118.8
818. “තෝ ඇලුම් කට යුතු දැයෙහි ඇලෙහි ද, ද්වේෂ කට යුතු දැයෙහි ද්වේෂ කෙරෙහි ද, මුළා විය යුතු දැයෙහි මුළාවෙහි ද, (එසේ නම්) වනයෙන් නික්ම යව.
kn-ap:118.9
819. මේ (අරණ්‍ය) වාසය පිරිසිදු වූ නිර්‍මල තපෝගුණ ඇතියනට ය. තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නො කරව. (එසේ නම්) වනයෙන් නික්ම යව.
kn-ap:118.10
820. ගිහි ව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහි ය. තෝ (ගිහිබව හා පැවිදිබව යන) දෙක ම වරද්දා නො ගණුව, වනයෙන් නික්ම යව.
kn-ap:118.11
821. සොහොන්පෙනෙල්ල යම් සේ කිසි කට යුත්තකට නො යෙදේ ද, ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (=දර) ය යි සම්මත නො වේ ද, (එසේ ම)
kn-ap:118.12
822. තෝ සොහොන්පෙනෙල්ලක් වැනි වෙහි ය. ගිහියෙක් නො වෙහි. පැවිද්දෙක් ද නො වෙහි. ගිහි පැවිදි දෙපසින් ම මිදුනේ වෙහි ය. අද ම වනයෙන් නික්ම යව.
kn-ap:118.13
823. තාගේ මෙබඳු ගතියක් වේ නම්, එය කවරෙක් දනී ද? තාගේ ශ්‍රද්ධාධුරය දුරු කෙරෙහි නම්, (එය) කුසීතබව වැඩි වීම පිණිස ද පවතී.
kn-ap:118.14
824. යම් සේ නුවර වැසියෙක් අශුචි පිළිකුල් කරන්නේ ද, එසේ නුවණැත්තෝ තට පිළිකුල් කරන්නාහු ය. ඍෂීහු තා ඇද දමා හැම කල්හි චෝදනා කරන්නාහු ය.
kn-ap:118.15
825. නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහු ය. නුවණැත්තන්ගේ සහවාසය නො ලබන්නා වූ තෝ කෙසේ ජීවත් වන්නෙහි ද?
kn-ap:120.1
826. බලවත් ඇත් රජෙක් තෙම එළඹ ත්‍රිමදගලිත වූ මාතඞ්ග හස්තිකුලයෙහි ජාත වූ උපතින් සැටවස් ඉක්ම ගිය මහඇතෙකු ඇත්රැළෙන් බැහැර කෙරෙයි නම්,
kn-ap:120.2
827. ඇත්රැළෙන් බැහැර වූ එ ම ඇතා ලොකුසුවයක් නො විඳී. දුඃඛිත ව දොම්නස් සහිත වේ. ලත වමින් වෙවුල යි.
kn-ap:120.3
828. එසේ ම ජටාධර තවුසෝ අඥාන වූ තා (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්. ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත - කය දෙකින් ම) සුවයක් නො ලබන්නෙහි ය.
kn-ap:120.4
829. දිවාකල්හි ද යලි රාත්‍රියෙහි ද ඇනුනු ශෝක නමැති හුල් ඇත්තේ ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිලාහයෙන් දැවෙහි ය.
kn-ap:120.5
830. යම් සේ ස්වර්‍ණය කිසි තැනෙක්හි යකුළ නො දවා ද එසේ ම සීලයෙන් තොර වූ තෝ කිසි තැනෙක්හි (කෙලෙස්) නො දවන්නෙහි ය.
kn-ap:120.6
831. තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහි ද? තට මව සතු වූ හෝ පියා සතු වූ තැන්පත් කොට තබන ලද ධනයක් නැත.
kn-ap:120.7
832. සිරුරෙහි ඩහ වගුරුවමින් තෙමේ ම කර්‍මාන්ත කොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහි ය. තට එය රිසි නො වේ නම් මැනවි.”
kn-ap:120.8
833. මෙසේ මම එහි දී කිලිටිබවට ගිය සිත වළක්වමි. නොයෙක් ධර්‍මකථා කියා පවින් සිත වැළකීමි.
kn-ap:120.9
834. නො පමා ව වෙසෙනසුලු වූ මෙසේ වනයෙහි වසන මට හවුරුදු තිස්දහසක් ඉක්ම ගියේ ය.
kn-ap:120.10
835. උත්තමාර්‍ත්‍ථය වූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇලුනු මා දැක පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.
kn-ap:120.11
836. තියඹරාගෙඩියක වර්‍ණයට බඳු පැහැ ඇති පමණ කළ නො හැකි ගුණ ඇති උපමාවිෂයාතික්‍රාන්ත වූ රූපයෙන් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
kn-ap:120.12
837. මැනැවින් පිපුනු මහසල්රුකක් මෙන් ද, වැසිවලාකුළු අතුරෙහි වූ විදුලියක් මෙන් ද, නුවණින් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
kn-ap:120.13
838. අභීත වූ සිංහරාජයකු මෙන් ද, දර්පිත වූ ඇත්රජකු මෙන් ද, බැබළුනු ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද, (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
kn-ap:120.14
839. (දිව්‍යස්වර්‍ණයනට ද වඩා ශ්‍රේෂ්ඨ) සිඞ්ගී නම් ස්වර්‍ණ නිෂ්කයක{*} පැහැයට බඳු පැහැ ඇති කිහිරඟුරු මෙන් (දිලිසෙන්නා) වූ ජෝතිරස නම් මැණික මෙන් වූ බුදුරජානන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
kn-ap:120.15
840. නිර්‍මල කෛලාසය වැනි වූ පූර්‍ණචන්‍ද්‍රයා වැනි වූ මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා වැනි වූ (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
kn-ap:122.1
841. මම එකල්හි අහසෙහි සක්මන් කරන්නා වූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි :- ‘මේ සත්‍ව තෙමේ දෙවියෙක් ද? නැතහොත් මෙ තෙමේ මනුෂ්‍යයෙක් ද?
kn-ap:122.2
842. මා විසින් පොළොවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් තෙම නො අසනලදී. එසේ ම නො දක්නාලදී. (පුරුෂ ලක්‍ෂණප්‍රකාශක) මන්ත්‍රපදයකුදු ඇත. මේ ශාස්තෘ තෙමේ වන්නේ ය, (කියායි.)
kn-ap:122.3
843. එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි. මම නොයෙක් මල් ද සුවඳ ද රැස් කොට,
kn-ap:122.4
844. මල්අසුනක් පණවා යහපත් සිත් ඇති මනෝඥ වූ පුරුෂයන් දමනය කරන්නවුන්ට අග්‍ර වූ බුදුරජානන් වහන්සේට මෙම වචනය කීමි.