Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2601-2700 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:316.9
166. සප්පිදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:316.10
2077. ලෝවැස්සන්ගේ පූජාසත්කාර පිළිගැණීමට සුදුසු වූ මහාවීර වූ ඵුස්ස නම් භාග්‍යවත්හු මහජනයා නිවමින් වීථියෙහි වඩිති.
kn-ap-1-5:316.11
2078. පිළිවෙළින් භාග්‍යවත්හු මා වෙතට වැඩියහ. ඉක්බිති මම පාත්‍රය ගෙණ ගිතෙල් පුරවා දිනිමි.
kn-ap-1-5:316.12
2079. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ගිතෙල් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
kn-ap-1-5:316.13
2080. මෙයින් සපණස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සම්මෝදක නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:316.14
2081. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:316.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:316.16
සප්පිදායකස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-5:316.17
167. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:316.18
2082. මම චන්‍ද්‍රභාග ගං තෙර පහළට ගමන් කරමි. එහිදී පිපුනු සල්රුකක් වැනි බුදුරජුන් දිටිමි.
kn-ap-1-5:316.19
2083. මම සීනිද්ද මලක් ගෙණ මහාමුනි වු බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එය බුදුරජුන්හට පිරිනැමීමි.
kn-ap-1-5:318.1
2084. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:318.2
2085. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමුද්ධර නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:318.3
2086. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:318.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:318.5
යූථිකාපුප්ඵියස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-5:318.6
168. දුස්සදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:318.7
2087. මම එකල්හි රම්‍ය වූ තීවරා නගරයෙහි රාජපුත්‍රයෙක් වීමි. මම පඬුරක් කොට දුන් වස්ත්‍රයක් ලැබ උපශාන්ත වූ බුදුරජුන්හට පිළිගැන්වීමි.
kn-ap-1-5:318.8
2088. භාග්‍යවත් තෙමේ (ඒ වස්ත්‍රය) ඉවැසීය. එය අතින් ස්පර්‍ශ කෙළේ ය. සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවත් තෙම එය ඉවසා (=පිළිගෙණ) අහසට නැංගේ ය.
kn-ap-1-5:318.9
2089. බුදුරජුන් අහසෙහි වඩින කල්හි දුහුල් වස්ත්‍රයෝ පසුපසින් දිවෙත්. එහිදී බුදුරජහු අපගේ අග්‍රපුද්ගලයන් වහන්සේ යි සිත පැහැදැවීමි.
kn-ap-1-5:318.10
2090. මෙයින් සිවු අනූවන කපෙහි වූ එ දවස් යම් වස්ත්‍රයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:318.11
2091. මෙයින් සත්සැටවන කපෙහි වූ එ දවස් මහත් බල ඇති මනුජේන්‍ද්‍ර වූ පරිසුද්ධ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:318.12
2092. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:318.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:318.14
දුස්සදායකස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-5:318.15
169. සමාදපක ස්ථවිරාවදානය
kn-ap-1-5:318.16
2093. බන්‍ධුමතී නගරයෙහි මහත් උවසු මුළුවෙක් වූහ. මම ඔවුන්ගේ ගණදෙටු වීමි. ඔහු ද මාගේ සහචරයෝ වූහ.
kn-ap-1-5:318.17
2094. ඒ සියල්ලන් රැස් කරවා ‘නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට මාලකයක් කරවන්නෙමු’යි පින්කමෙහි සම්මාදම් කරවීමි.
kn-ap-1-5:318.18
2095. මාගේ අදහස් අනුව ගියා වූ ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී ඒ මාලකය නිම වූහ. අපි විපස්සී බුදුරජුන්හට එය දුනුම්හ.
kn-ap-1-5:320.1
2096. මෙයින් එක් අනූවන කපෙහි වූ එදවස යම් මාලකයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාලකදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:320.2
2097. එකුන් සැටවන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ ආදෙය්‍ය නම් වූ සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:320.3
2098. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:320.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සමාදපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:320.5
සමාදපකස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-5:320.6
170. පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය
kn-ap-1-5:320.7
2099. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් බුදුවරයෙක් විය. මම ශ්‍රේෂ්ඨ විහරණයෙහි දක්‍ෂ වූ ගඳකිළියට පිවිසෙන සර්‍වඥයන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:320.8
2100. සුවඳමල ගෙණ බුදුරජානන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දව ම බුදුරජුන්ගේ කයෙහි පසඟුල් දිනිමි.
kn-ap-1-5:320.9
2101. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගන්‍ධ පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පසඟුල් දීමෙහි මේ විපාකය යි.
kn-ap-1-5:320.10
2102. මෙයින් දෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සයම්පභ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:320.11
2103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:320.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-5:320.13
පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය දසවැනියි.
kn-ap-1-5:320.14
උද්දානය:
kn-ap-1-5:320.15
සුපාරිචාරී කණවේරී - ඛජ්ජක දෙසපූජක කණිකාර සප්පීද ද - යූථිකා දුස්සදායක මාලද පඤ්චඞ්ගුලික - සිවුපණස් ගයින් බැඳියේ.
kn-ap-1-5:320.16
සුපාරිචරියවර්‍ගය සතළොස් වැනි යි.
kn-ap-1-5:320.17
18. කුමුද වර්‍ගය
kn-ap-1-5:320.18
171. කුමුදමාලිය ස්ථවිරාවදානය
kn-ap-1-5:320.19
2104. හිමවත් පව්වෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. මම් එය අසල උපන් මහ බලැති බිහිසුණු රකුසෙක් වීමි.
kn-ap-1-5:320.20
2105. ඒ විලෙහි කුමුදු පිපේ. ඔහු රියසක් පමණව හටගණිත්. ඒ මල් නෙලමි. එකල්හි දශබලයන් වහන්සේගේ (සඟ) පිරිසක් වූය.
kn-ap-1-5:322.1
2106. ද්වීපදෝත්තම වූ නරාසභ වූ අත්‍ථදස්සී භාග්‍යවත්හු නෙළූ මල් දැක මා වෙත වැඩියහ.
kn-ap-1-5:322.2
2107. දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ එළඹ සිටි තථාගතයන් වෙත පැමිණ මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
kn-ap-1-5:322.3
2108. එකල්හි (එහි රැස් වූ) ඒ පිරිස හිමවත කෙළවර දක්වා විය. එතෙක් දුර මල්වියන් ඇති සේක් තථාගතයන් වහන්සේ වැඩි සේක.
kn-ap-1-5:322.4
2109. එක්දහස් අටසියවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:322.5
2110. මෙයින් පසළොස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ සහස්සරථ නම් ඒ සත් සක්විතිරජ කෙනෙක් වූහ.
kn-ap-1-5:322.6
2111. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:322.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:322.8
කුමුදමාලියස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-5:322.9
172. නිස්සෙණිදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:322.10
2112. ලොවට දෙටු වූ තාදිගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේට නැගීම සඳහා මා විසින් හිණෙක් කරණ ලදී.
kn-ap-1-5:322.11
2113. ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ සම්පත් වළඳා සම්බුදු සස්නෙහි අන්තිම සිරුර දරමි.
kn-ap-1-5:322.12
2114. එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-5:322.13
2115. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:322.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙණිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:322.15
නිස්සෙණිදායක ස්ථවිරාවදානය දෙවෙනියි.
kn-ap-1-5:322.16
173. රත්තිපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:322.17
2116. මම පෙර මහවෙනෙහි (හැසිරෙණ) මුවවැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
kn-ap-1-5:322.18
2117. රතු මල් ඇති පිපුනු කෙළිඳගසක් දැක ඒ මල් නටු සහිතව ම නෙළා ගෙණ බුදුරජුන්හට පිරිනැමීමි.
kn-ap-1-5:322.19
2118. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
kn-ap-1-5:324.1
2119. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති සුප්පසන්ත නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:324.2
2120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:324.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රත්තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:324.4
රත්තිපුප්ඵියස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-5:324.5
174. උදපානදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:324.6
2121. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතය ද දී (ඒ ලිඳ ද) පිරිනැමීමි.
kn-ap-1-5:324.7
2122. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (උදපානදාන සඞ්ඛ්‍යාත) කර්‍මයක් කරණ ලද ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකය යි.
kn-ap-1-5:324.8
2123. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:324.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායකො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:324.10
උදපානදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
kn-ap-1-5:324.11
175. සීහාසනදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:324.12
2124. පදුමුත්තර බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිහසුනක් පිදීමි.
kn-ap-1-5:324.13
2125. මෙ ලොව සුව එළවන ඒ සිංහාසනයෙහි බොහෝ ගඳින් මලින් පූජා පවත්වා බොහෝ ජනයා (දුක් ගින්නෙන්) නිවෙයි.
kn-ap-1-5:324.14
2126. මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
kn-ap-1-5:324.15
2127. පසළොස්දහස්වන කපෙහි සිලුවච්ය නම් ප්‍රසිද්ධ වූ අට සක්විතිරජකෙනෙක් වූහ.
kn-ap-1-5:324.16
2128. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:324.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:324.18
සීහාසනදායක ස්ථවිරාවදානය පස්වැනියි.
kn-ap-1-5:326.1
176. මග්ගදත්තික ස්ථවිරාවදානය
kn-ap-1-5:326.2
2129. ද්විපදෝත්තම වූ නරර්‍ෂභ වූ අනෝමදස්සී භාග්‍යවත්හු දිට්ඨධම්මසුඛය (=දිටුදැමියෙහි සිරුරු සුවය) පිණිස එළිමහනෙහි සක්මන් කළහ.
kn-ap-1-5:326.3
2130. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මම උන්වහන්සේ) වැඳ මල් විසුරුවාලීමි. සක්මන් කිරීම සඳහා ඒ බුදුරජහු පා එසෙ වූ කල්හි (ඒ පියුම් උපුල් ආදී) මල් (විසිරී) උන්වහන්සේගේ හිස මතුයෙහි බබළමින් සිටියි.
kn-ap-1-5:326.4
2131. මෙයින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහබල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-5:326.5
2132. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:326.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදත්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:326.7
මග්ගදත්තිකස්ථවිරාවදානය සවැනියි.
kn-ap-1-5:326.8
177. ඒකදීපිය ස්ථවිරාවදානය
kn-ap-1-5:326.9
2133. පදුමුත්තර බුදුරජුන්ගේ සළලබෝරුකෙහි සහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම එක් පහනක් දැල්වීමි.
kn-ap-1-5:326.10
2134. භවයෙහි උපදනා කල්හි නිපන් පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකයයි.
kn-ap-1-5:326.11
2135. මෙයින් සොළොස්දහස්වන කපෙහි චන්‍ද්‍රභ නම් වූ මහත් බල ඇති සිවු සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-5:326.12
2136. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:326.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපියො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:326.14
ඒකදීපියස්ථවිරාවදානය සත්වැනියි.