Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1601-1700 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:204.12
68. අම්බදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:204.13
1401. හිමවත් පර්‍වතාන්තරයෙහි වැඩහුන් උපධිරහිත වූ අනෝමදස්සී බුදුරජතෙම අප්‍රමාණ වූ (සත්ත්‍ව) ලෝකයෙහි මෛත්‍රිය පැතිරවීය.
kn-ap-1-5:204.14
1402. එකල්හි මම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමක වූ අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක ඒ බුදුරදුන් කෙරෙහි සිත පැහැදවීමි.
kn-ap-1-5:204.15
1403. එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් අඹරුක් වූහ. එයින් අඹගෙඩියක් මීවදයක් සහිතව බුදුරජානන් වහන්සේට දිනිමි.
kn-ap-1-5:204.16
1404-1405. අනෝමදස්සී බුදුරජානන් වහන්සේ මට මෙසේ ප්‍රකාශ කළසේක: “මේ මීවද දානයෙන් ද අඹදානයෙන් ද යන දෙකින් මෙතෙම සත් පණස් කපක් මුළුල්ලෙහි දවේලොව සිත් අලවා වසන්නේ ය. සෙසු කල්පයන්හි (දිව්‍යමනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍රවශයෙන් සැරිසරන්නේ ය.
kn-ap-1-5:204.18
1406. පිරිපැසුනු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙලෙස් දවන්නේ ය.” (කියායි.)
kn-ap-1-5:204.19
1407. මම මහර්ෂීන් වහන්සේ විසින් උත්තම වූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙම්.
kn-ap-1-5:206.1
1408. සත්දහස්සත්සියවන කපෙහි මහත් බල ඇති අම්බට්ඨ නම් වූ ඒ තුදුස් සක්විති රජවරු වූහ.
kn-ap-1-5:206.2
1409. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:206.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:206.4
අම්බදායකස්ථවිරාවදානය අටවැනියි.
kn-ap-1-5:206.5
69. සුමන ස්ථවිරාවදානය
kn-ap-1-5:206.6
1410. මම එකල්හි නමින් සුමන නම් වූ මල්කරුවෙක් වීමි. (ඒ මම) කෙලෙස් රජස් රහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නෙහොත් පූජාවනට ගෙයක් වැනි වූ සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:206.7
1411. දෝතින් උතුම් සමන් මල් ගෙණ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
kn-ap-1-5:206.8
1412. මේ මල්පූජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:206.9
1413. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:206.10
1414. සවිසිවන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.
kn-ap-1-5:206.11
1415. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:206.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:206.13
සුමනස්ථවිරාවදානය නවවැනියි.
kn-ap-1-5:206.14
70. පුප්ඵචඞ්ගොටිය ස්ථවිරාවදානය
kn-ap-1-5:206.15
1416. උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහරාජයකු මෙන් ද, උතුම් ව්‍යාඝ්‍රයෙකු මෙන් ද, පක්‍ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගුරුළකු මෙන් ද,
kn-ap-1-5:206.16
1417-1418. කෙලෙස් රහිත වූ පස්මරුන් දිනුවා වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසංඝයා පිරිවරා හුන් තිලොවට පිළිසරණ වූ සිඛී බුදුරජානන් වහන්සේට උතුම් කටුකරඬු මල් ගොටුවක තබා ගොටුව ද සමග පිදීමි.
kn-ap-1-5:206.18
1419. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ජයපරාජය දෙක ම (හැර) නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
kn-ap-1-5:206.19
1420. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක ය යි.
kn-ap-1-5:206.20
1421. තිස්කපක් සම්පූර්‍ණ වූ කල්හි සත්රුවනින් යුත් දේවභූති නම් සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
kn-ap-1-5:206.21
1422. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
kn-ap-1-5:206.22
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵවඞ්ගොටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:206.23
පුප්ඵචඞ්ගොටියස්ථවිරාවදානය දසවැනියි.
kn-ap-1-5:208.1
උද්දානය:
kn-ap-1-5:208.2
සකචින්තිය ආවොපුපඵිය - පච්චාගමනීය ද, පරප්පවාදිය භිසදය - සුචින්තිය වත්‍ථදායකය, අම්බදායක සුමනය - පුප්ඵචඞ්ගොටිය දස ගී එක්සැත්තෑවකින් - පිඬුකොට මෙහි කියන ලදි.
kn-ap-1-5:208.3
සකවින්තනියවර්‍ගය සත්වැනියි.
kn-ap-1-5:208.4
8. නාගසමාල වර්‍ගය
kn-ap-1-5:208.5
71. නාගසමාල ස්ථවිරාවදානය
kn-ap-1-5:208.6
1423. මම (නගරවාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා) නගරමැද වීථියෙහි (ගඩොල් ආදියෙන්) නිමවනලද සිඛී බුදුරජුන්ගේ ස්තූපයෙහි ආදර සහිතව පළොල්මලක් ගෙණ පිදීමි.{*}
kn-ap-1-5:208.7
1424. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:208.8
1425. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භූමිය නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-5:208.9
1426. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
kn-ap-1-5:208.10
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:208.11
නාගසමාලස්ථවීරාවදානය පළමුවැනි යි.
kn-ap-1-5:208.12
72. පදසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:208.13
1427. තිස්ස බුදුරජානන් වහන්සේගේ ඇක්මුනු පදලස් දැක සතුටු වූයේ සතුටු සිතින් ඒ ශ්‍රීපාදයෙහි සිත පැහැදවීමි.
kn-ap-1-5:208.14
1428. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි (ශ්‍රීපාදය පිළිබඳ) යම් සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදසංඥාවෙහි (සිරිපාසටහන් පිදීමෙහි) මේ විපාකය යි.
kn-ap-1-5:208.15
1429. මෙයින් සත්වන කපෙහි වූ සත්රුවනින් යුත් මහත් බලඇති සුමේධ නම් සක්විති රජෙක් වි ය.
kn-ap-1-5:208.16
1430. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:208.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:208.18
පදසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-5:210.1
73. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:210.2
1431. ගසක් මුදුනෙහි ලැගුනු බුදුරජානන් වහන්සේගේ පවුල් සිවුර දැක ඉක්බිති එයට ඇඳිලි බැඳ මම ඒ පවුල්සිවුර වැන්දෙමි.
kn-ap-1-5:210.3
1432. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ය යන හැඟීමෙහි මේ විපාකයයි.
kn-ap-1-5:210.4
1433. මෙයින් සිවුවැනි කපෙහි සිවුමහ සයුර කෙළවර කොට ඇති පොළවට අධිපති වූ සතුරුරජුන් ජයගත්තා වූ මහත් බලඇති දුමසාර නම් සක්විති රජෙක් වී ය. (=වීමි)
kn-ap-1-5:210.5
1434. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:210.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:210.7
බුද්ධසඤ්ඤකස්ථවිරාවදානය තෙවැනියි.
kn-ap-1-5:210.8
74. භිසාලුවදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:210.9
1435. මම මහවනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවට ගෙයක් වැනි වූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:210.10
1436. (උන්වහන්සේට) අත දෝනා දිය ද නෙළුඹල ද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්‍රීපාදයන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
kn-ap-1-5:210.11
1437. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි නෙළුඹල දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ ඒ පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
kn-ap-1-5:210.12
1438. මෙයින් තෙවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය (=වීමි).
kn-ap-1-5:210.13
1439. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාන්න වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:210.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:210.15
භිසාලුවදායකස්ථවිරාවදානය සිවුවැනියි.
kn-ap-1-5:210.16
75. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-5:210.17
1440. විපස්සී බුදුරජානන් වහන්සේගේ නමින් ඛණ්ඩ නම් වූ අග්‍රශ්‍රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු (දක්‍ෂිණාර්‍හ) වූ උන්වහන්සේ කෙරෙහි මා විසින් එක භික්‍ෂාවක් දෙනලදී.
kn-ap-1-5:210.18
1441. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි වූ ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. එක භික්‍ෂාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:212.1
1442. මෙයින් සතළිස්වන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය (=වීමි).
kn-ap-1-5:212.2
1443. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:212.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:212.4
ඒකසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනියි.
kn-ap-1-5:212.5
76. තිණසන්‍ථරදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:212.6
1444. හිමවතට නුදුරු තන්හි පියුම්මලින් ගැවසීගත් නානා පක්‍ෂින්හට වාසස්ථාන වූ මහාජාතස්සරයක් (ඉබේ හට ගත් මහවිලක්) විය.
kn-ap-1-5:212.7
1445. මම (තවුසෙක්ව) ඒ විලෙහි නා පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහි දී) අහස්මගෙහි යන ශ්‍රමණයනට අග්‍ර වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:212.8
1446. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩසිටි සේක.
kn-ap-1-5:212.9
1447. මම අඟකින් තෘණ (කපා) ගෙණ නිසීදනයක් (තණඇතිරියක් කොට) දිනිමි. තිස්ස බුදුරජානන් වහන්සේ එහි වැඩහුන් සේක.
kn-ap-1-5:212.10
1448. සිය සිත පහදවා ලෝකනායක වූ බුදුන් වැන්දෙමි. (ඉක්බිති) මහාමුනීන් වහන්සේ සිහි කරමින් (සිරුරෙන්) හැකිළුනෙම් පසුබැස ගියෙමි.
kn-ap-1-5:212.11
1449. එම චිත්තප්‍රසාදය හේතු කොටගෙන මම නිර්‍මාණරති දෙව් ලොව උපනිමි. දුගතියක් නො දනිමි. මෙය තණඇතිරිය පිදීමේ විපාකයයි.
kn-ap-1-5:212.12
1450. මෙයින් දෙවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිග නම් සක්විතිරජෙක් විය.
kn-ap-1-5:212.13
1451. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:212.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණ්ණසන්‍ථරදියක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:212.15
තිණ්සන්‍ථරදායකස්ථවිරාවදානය සවැනියි.
kn-ap-1-5:212.16
77. සුචිදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:212.17
1452. තිස්දහස්වන කපෙහි උතුම් දෙතිස් මහපුරිස්ලකුණු ඇති නමින් සුමේධ නම් වූ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
kn-ap-1-5:212.18
1453. තාදිගුණ ඇති කසුන්වන් වූ ද්විපදෙන්‍ද්‍ර වූ ඒ බුදුරජානන් වහන්සේ ට සිවුරු මසනු පිණිස මා විසින් හිදි (කටු) පසක් දෙනලදි.
kn-ap-1-5:214.1
1454. ඒ හිදිකටුදන හේතු කොට ගෙන ම සියුම් අර්‍ත්‍ථයක් විශේෂයෙන් දක්නා සුලු වූ තියුණු වූ ශීඝ්‍ර වූ පහසු වූ නුවණ මට උපන්නේ ය.
kn-ap-1-5:214.2
1455. සත්රුවනින් යුත් මහත් බල ඇති ද්විපදාධිපති නම් වූ සිවුරජ කෙනෙක් වූහ.
kn-ap-1-5:214.3
1456. මාගේ කෙලෙස් දවනලදී. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි පශ්චිමශරීරය දරමි.
kn-ap-1-5:214.4
1457. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:214.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූවිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:214.6
සූවිදායක ස්ථවිරාවදානය සත්වැනියි.
kn-ap-1-5:214.7
78. පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-5:214.8
1458. එකල්හි මම සියුමැලි වූ සුව සේ වැඩුනු සිටුපුත්‍රයෙක් වීමි. පළොල්මලක් ඔඩොක්කුවෙහි ලා එය ගෙණ ගියෙමි.
kn-ap-1-5:214.9
1459-1460. අතුරු අවුණෙහි (වීථියෙහි) වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස්ලකුණු ඇති නරශ්‍රේෂ්ඨ වූ (අනාථ) නාථ වූ සියල්ල අවබෝධ කළ තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් ඒ මලින් පිදීමි. උන්වහන්සේට නමස්කාර ද කෙළෙමි.
kn-ap-1-5:214.11
1461. එකල්හි මෙයින් දෙඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
kn-ap-1-5:214.12
1462. මෙයින් තෙසැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:214.13
1463. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදි.
kn-ap-1-5:214.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:214.15
පාටලිපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.
kn-ap-1-5:214.16
79. ඨිතඤ්ජලිය ස්ථවිරාවදානය
kn-ap-1-5:214.17
1464. මම පෙර මහවනයෙහි මුවවැද්දෙක් වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
kn-ap-1-5:214.18
1465. නුදුරු තන්හි සිය පන්ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.