Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1401-1500 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:182.6
උද්දානය:
kn-ap-1-5:182.7
උපාලිසෝණ බද්දිය - සන්නිට්ටාපක හත්තිය, සියන් සෙය සක්මන් - සුබද සුඳු යයි දසවත්, එක්සියසුසාළිස් ගයකින් මෙහි කියන ලදී.
kn-ap-1-5:182.8
උපාලිවර්‍ගය පස්වැනි යි.
kn-ap-1-5:182.9
6. බීජනි වර්‍ගය
kn-ap-1-5:182.10
51. විධූපනදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:182.11
1258. තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට මා විසින් විදුනාවක් දෙන ලදි.
kn-ap-1-5:182.12
1259. සිය සිත පහදවා ඇඳිලි බැඳ සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
kn-ap-1-5:182.13
1260. ලෝකයෙහි අසහාය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ විදුනාව ගෙන මේ ගාථාව වදාළසේක:
kn-ap-1-5:182.14
1261. “මේ වීජනී දානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යයි” යනු යි.
kn-ap-1-5:182.15
1262. පිරිපුන් වීර්‍ය්‍යය ඇති (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති සමාධිගුණයෙන් යුත් උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
kn-ap-1-5:182.16
1263. සැටදහසක් කපින් මතුයෙහි විජමාන යන සමාන නම් ඇති මහා බලවත් සක්විතිරජවරු සොළොස්දෙනෙක් වූහ.
kn-ap-1-5:182.17
1264. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:182.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධූපනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-5:182.19
විධූපනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-5:184.1
52. සතරංසික ස්ථවිරාවදානය
kn-ap-1-5:184.2
1265. පුරුෂෝත්තම වූ පදුමුත්තර බුදුරජහු උස වූ පව්වකට නැගී වැඩ හුන්හ. ඒ පර්‍වතයට නුදුරෙහි හුන් වේදමන්ත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වූ (මම) -
kn-ap-1-5:184.3
1266. එසේ වැඩහුන්නා වූ මහාවීර වූ දේවාතිදේව වූ නර ශ්‍රේෂ්ඨ වූ ලෝකනායකයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තුති කෙළෙමි:
kn-ap-1-5:184.4
1267. “උතුම් ධර්‍මය ප්‍රකාශ කරන්නා වූ මහාවීර වූ මේ සර්‍වඥයන් වහන්සේ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලදසේක් ගිනිකඳක් මෙන් බබලන සේක.
kn-ap-1-5:184.5
1268. මහාසමුදුර මෙන් නො කැලඹිය හැකි සයුර මෙන් තරණය කළ නො හැකි සිහරජෙකු මෙන් අසම්භීත වූ පසැස් ඇත්තා වූ බුදුරජානන් වහන්සේ ධර්‍ම දේශනා කරණ සේක” යනුයි.
kn-ap-1-5:184.6
1269. ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන භික්‍ෂුසංඝයා මැද වැඩසිටිසේක් මේ ගාථාවන් වදාළසේක:
kn-ap-1-5:184.7
1270. “යමකු විසින් (සර්‍වඥයන්හට) ඇඳිලි බඳනා ලද ද, එසේ ම යමකු විසින් බුද්ධශ්‍රේෂ්ඨ තෙම පසසන ලද ද, (එසේ කළ) මේ තෙමේ තිස්දහසක් කප් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
kn-ap-1-5:184.8
1271. මෙයින් කල්පලක්‍ෂයක් ඉක්ම ගිය කල්හි අංගීරස නම් වූ බැහැර කළ කෙලෙස්සෙවෙනි ඇති ගෞතම සම්බුදුරජ තෙමේ උපදින්නේ ය.
kn-ap-1-5:184.9
1272. හෙතෙම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ඖරස පුත්‍ර වූ ධර්‍මය වූ නමින් සතරංසී වූ රහතෙක් වන්නේ ය” කියා යි.
kn-ap-1-5:184.10
1273. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම සසුනෙහි පැවිදි වීමි. නමින් සතරංසි වෙමි. මාගේ සිරුරින් පැහැය නික්ම දිවෙයි.
kn-ap-1-5:184.11
1274. මණ්ඩපයක හෝ වෘක්‍ෂමූලයක හෝ ධ්‍යාන කරණසුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ මම සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම භවය යි.)
kn-ap-1-5:184.12
1275. සැටදහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රාම නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක් වූහ.
kn-ap-1-5:184.13
1276. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
kn-ap-1-5:184.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතරංසි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළහ.
kn-ap-1-5:184.15
සතරංසිකස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-5:184.16
53. ශයනදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:184.17
1277. සියලු ලොවැසියනට අනුකම්පා කරණසුලු වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පහන්සිතින් යහනක් දිනිමි.
kn-ap-1-5:184.18
1278. ඒ ශයනදානය කරණ කොට ගෙන යහපත් කෙතක සස්‍යසම්පත් මෙන් ඔහුට භෝගයෝ උපදිත්. ශයනදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:186.1
1279. අහසෙහි ශයනය කරමි. මේ පෘථිවිය (ඊශ්වරත්‍වයෙන්) දරමි. සත්ත්‍වයන් කෙරෙහි මාගේ අධිපතිත්‍වය පවතී. ශයනදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:186.2
1280. මෙයින් පන්දහස්වන කපෙහි මාහාවර නමින් රජවරු ඇට දෙනෙක් වූහ. තුන්දහස්සිවුසියවන කපෙහි මහත් බල ඇති රජවරු සිය දෙනෙක් වූහ.
kn-ap-1-5:186.3
1281. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:186.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-5:186.5
ශයනදායකස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-5:186.6
54. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
kn-ap-1-5:186.7
1282. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවෙක් විය. විසිතුරු කළයක් ගෙණ මම එහි සුවඳ පැන් දිනිමි.
kn-ap-1-5:186.8
1283. බෝධිය නාවනකල්හි මහවැසි වැස්සේ ය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්ද ද විය.
kn-ap-1-5:186.9
1284. ඒ අසනිවේගයෙන් (=හෙන පහරින්) එහි ම කලුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නෙම් මේ ගාථාව කීමි:
kn-ap-1-5:186.10
1285. “සර්‍වඥ වහන්සේ ආශ්ච්‍යර්‍ය හ. ධර්‍මය ආශ්ච්‍යර් ය. අපගේ ශාස්තෘසම්පත්තිය ආශ්ච්‍යර් ය. මාගේ සිරුර (සෙණපහරින්) ඇද වැටිනි. එයින් චුත වූ මම දෙව්ලොව සිත් අලවා වසමි.”
kn-ap-1-5:186.11
1286. පැන නැගුනා වූ මාගේ සත්බුමු විමන උස් ව නැගුනේ ය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්.
kn-ap-1-5:186.12
1287. මට ආබාධයෝ නො වෙත්. මට ශෝකයෙක් ද නැත. පරිලාභයක් (=තැවීමක්) නො දකිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:186.13
1288. දෙදහස්අටසියවන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති සංවසිත නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:186.14
1289. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:186.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-5:186.16
ගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-5:186.17
55. ඕපවය්හ ස්ථවිරාවදානය
kn-ap-1-5:186.18
1290. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට අජානීය අශ්වයකු දිනිමි. බුදුරජානන් වහන්සේට (ඒ අශ්වයා) දක්වා දී ස්වකීය ගෘහයට ගියෙමි.
kn-ap-1-5:186.19
1291. උතුම් ධර්‍මයට දායාද වූ (පදුමුත්තර) ශාස්තෲන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නමින් දේවල නම් වූ තෙරණුවෝ මා වෙත පැමිණියහ. (පැමිණ මෙසේ කීහ:)
kn-ap-1-5:188.1
1292. “භාග්‍යවත්හු සපත්තභාරයහ. (= පාත්‍රය සහිත අටපිරිකරබර උසුලන්නෝ ය. උන්වහන්සේට) අජානීය අශ්ව තෙමේ කැප නො වේ. පසැස් ඇත්තා වූ බුදුරජහු ඔබගේ අදහස දැන එය පිළිගත්හ” කියා යි.
kn-ap-1-5:188.2
1293. ඉක්බිති මම වාතවේගය ඇති ශීඝ්‍ර ව ගමන් යන වාහනයක් වූ සෛන්‍ධවයා අගය කොට (විකුණා) පදුමුත්තර බුදුරජානන් වහන්සේට යෝග්‍ය වූ පිරිකරක් දිනිමි.
kn-ap-1-5:188.3
1294. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, මට රිසි වූ විසිතුරු වූ වාතජවයෝ (සෛන්‍ධවයෝ) උපදිත්.
kn-ap-1-5:188.4
1295. (ඒ බුදුන් වෙත) යම්කෙනෙක් උපසම්පදාව ලබත් ද, (ඔවුනට) එය ලාභයෙකි. මනා ලාභයෙකි. ඉඳින් බුදුකෙනෙක් ලෙව්හි (පහළ) වන්නෝ නම්, නැවත ද පයිරුපාසානය කරන්නෙමි.
kn-ap-1-5:188.5
1296. මම අටවිසිවරක් මහත් බල ඇති සතරමහ දිවයින් හා සිවු මහ සයුරු කෙළවර කොට ඇති පෘථිවියෙහි අධිපති වූ සතුරු රජුන් ජය ගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සක්විතිරජ වීමි.
kn-ap-1-5:188.6
1297. මෙය මාගේ පශ්චිමදේහය යි. පැසිම් උපත වේ. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානය (= නිවණ) ට පැමිණියෙම් වෙමි.
kn-ap-1-5:188.7
1298. සූතිස්දහස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් මහත් තේජස් ඇති සක්විති රජෙක් විය.
kn-ap-1-5:188.8
1299. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:188.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඕපවය්හ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-5:188.10
ඕපවය්හ ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-5:188.11
56. සපරිවාරාසන ස්ථවිරාවදානය
kn-ap-1-5:188.12
1300. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිණ්ඩපාත දානයක් දිනිමි. ඒ වළඳන ස්ථානයට ගොස් බෝලිද්ද මලින් පිරිකෙව් කෙළෙමි.(සැරසීමි)
kn-ap-1-5:188.13
1301. ලෝකයෙහි අග්‍රනායක වූ ඍජුගුණ ඇති සන්හුන් වූ බුදුරජහු ඒ අසුනෙහි වැඩහුන්නාහු එ ම පිණ්ඩපාතය (පිළිබඳ අනුසස්) වදාළහ:
kn-ap-1-5:188.14
1302. “යම්සේ මනා කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජයක් මැනැවින් වැසිදහර වස්නා කල්හි ඵලය ගොවියා සතුටු කෙරේ ද,
kn-ap-1-5:188.15
1303. එසේ ම තා විසින් මනා කෙතෙහි රෝපණය කරණ ලද මේ පිණ්ඩපාත (කර්‍ම)ය තෙම භවයෙහි උපදින්නා වූ තා ඵලයෙන් සතුටු කරන්නේ ය.”
kn-ap-1-5:188.16
1304. පදුමුත්තර නම් වූ බුදුරජහු මෙය වදාරා පිණ්ඩපාතය පසසා උතුරුදෙසට මුහුණ ලා වැඩියහ.
kn-ap-1-5:190.1
1305. ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පසිඳුරන් විෂයයෙහි ද සංවෘත වූයෙම් ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-5:190.2
1306. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-5:190.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරාසන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.
kn-ap-1-5:190.4
සපරිවාරාසන ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-5:190.5
57. පඤ්චදීපක ස්ථවිරාවදානය
kn-ap-1-5:190.6
1307. මම සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සද්ධර්‍මයෙහි මනා ව පිහිටා ඍජු වූ දෘෂ්ටි ඇත්තෙම් වීමි.
kn-ap-1-5:190.7
1308. බෝධිය වට කොට ප්‍රදීපදානයක් දිනිමි. (පහන් පූජාවක් කෙළෙමි). එකෙණෙහි (කර්‍මඵල) අදහමින් පහන් දැල්වීමි.
kn-ap-1-5:190.8
1309. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ පුණයකර්‍ම හේතුවෙන්) අහසෙහි දඬුවැටපහන් දරත්. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:190.9
1310. පර්‍වතය ද ඉක්මවා බිත්තියෙන් පිටත ද ගල්පව්වෙන් පිටත ද හාත්පස යොදුන් සියක් තැන වූ සියල්ල දර්‍ශනය කරමි.
kn-ap-1-5:190.10
1311. තුන්දහස්සිවුසියවන කපෙහි සතචක්ඛු යන නම් ඇති මහාතේජස් ඇති මහත් බල ඇති සක්විතිරජවරු වූහ.
kn-ap-1-5:190.11
1312. ඒ කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් ආස්‍රවක්‍ෂයයට පැමිණියෙම් වෙමි. සර්‍වඥශාසනයෙහි අන්තිමශරීරය (=අන්තිම ආත්මය) දරමි.
kn-ap-1-5:190.12
1313. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
kn-ap-1-5:190.13
මෙහි මේ අයුරින් පඤ්චදීපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-5:190.14
පඤ්චදීපක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-5:190.15
58. ධ්වජදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:190.16
1314. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටු වූයෙම් සතුටු සිතින් ම ධජයක් නැංවීමි.
kn-ap-1-5:190.17
1315. (බෝධියෙන්) වැටුනු කොළ ගෙන බැහැර ලීමි. ඇතුළත පිරිසිදු පිටත ද පිරිසිදු වූ අධිමුක්ත (නිශ්චයබුද්ධිසහිත) වූ ආස්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ හමුයෙහි වඳින්නාක් මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
kn-ap-1-5:190.18
1316. පූජාවන් පිළිගන්නා වූ නොහොත් ලෝවැස්සන්ගේ පූජාවනට ගෙයක් වැනි වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළසේක:
kn-ap-1-5:192.1
1317. “මේ ධ්වජපූජායෙන් ද උපස්ථානයෙන් ද යන මේ දෙකින් හෙතෙම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියට නො යයි.
kn-ap-1-5:192.2
1318. දෙවියන් අතර බොහෝ වූ දිව්‍යසෞභාග්‍යය (=සම්පත්) අනුභව කරන්නේ ය. නොයෙක් සියගණන් වාරයන්හි රටෙහි රජ වන්නේ ය. උග්ගත නම් වූ සක්විතිරජෙක් ද වන්නේ ය.
kn-ap-1-5:192.3
1319. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභව කොට ගෞතම බුදුරජානන් වහන්සේගේ සස්නෙහි සිත අලවා වාසය කරන්නේ ය” (කියා යි).
kn-ap-1-5:192.4
1320. උපශාන්ත වූයෙම් උපධි රහිත වූයෙම් ප්‍රධන්විර්‍ය්‍යයෙහි මෙහෙයූ සිතැත්තෙම් වෙමි. සර්‍වඥශාසනයෙහි අන්තිමශරීරය දරමි.
kn-ap-1-5:192.5
1321. පණස්එක්දහසක් වන කපෙහි උග්ගත නම් රජෙක් වීමි. (එසේ ම) පනස්දහස් කපෙහි මේඝ නම් රජෙක් වීමි.
kn-ap-1-5:192.6
1322. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
kn-ap-1-5:192.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධ්වජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-5:192.8
ධ්වජදායක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-5:192.9
59. පද්ම ස්ථවිරාවදානය
kn-ap-1-5:192.10
1323. උත්තම ධර්‍මප්‍රකාශක පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දෙසමින් මහාජනයාගේ (කෙලෙස්ගිනි) නිවමින් අමාවැසි වස්වයි.
kn-ap-1-5:192.11
1324. නැතුව සහිත පියුමක් ගෙණ මුදුන් මැදිරියක සිටි මම සතුටු වූයෙම් පදුමුත්තර බුදුරජානන් වහන්සේට (පූජා පිණිස) අහසෙහි දැමීමි.
kn-ap-1-5:192.12
1325. එකෙණෙහි පියුම පහතට වැටෙන කල්හි ආශ්චර්‍ය්‍යයෙක් විය. වාදිවර වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
kn-ap-1-5:192.13
1326. උතුම් පියුම දකුණු අතින් ගෙන බුදුරජහු බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළහ:
kn-ap-1-5:192.14
1327. “විනායක (නිවණට පමුණුවන්නා) වූ සර්‍වඥයන් වහන්සේ කෙරෙහි යමකු විසින් මේ පියුම (උඩට) දමන ලද ද, මම ඔහු ප්‍රකට කොට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-5:192.15
1328. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දෙව්රජය කරන්නේ ය. සත්සියවරක් පෘථිවිරාජ්‍යය (කරණුයේ) පොළොවෙහි වාසය කරන්නේ ය.