Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5201-5300 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-41:4.3
3901. “මම ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නෙම් වෙමි. අභිඥාවන්ගේ පරතෙරට ද ගියෙම් වෙමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙමි. දැන් නැවත ඉපදීමෙක් ද නැතැ” යි (බුදුරජ තෙම වදාළේය.)
kn-ap-1-41:4.4
3902. සර්‍වඥයන් වහන්ස, නිර්‍වාණාලෝකය කරන්නවුන් වහන්ස, (මෝහ නමැති) අඳුර දුරු කරණ උතුමානන් වහන්ස, ඉදින් මුබ බුදු වෙහි නම් (විශුද්ධි) දේවයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරන්නෙමි. මුබ දුක් නැති කරන්නෙහි ය”.
kn-ap-1-41:4.5
3903. (එසේ කියා) මම අඳුන්දිවිසම් අතුරා (බුදුරජුන්හට) හිඳීමට දුනිමි. (මෙසේ ද කීමි:) ලෝකනාථයන් වහන්ස, වැඩ හිඳිනු මැනව. සර්‍වඥයන් වහන්ස, මම ඔබට උවටැන් කරන්නෙමි” යි.
kn-ap-1-41:4.6
3904. භාග්‍යවත් තෙමේ මොනොවට අතුළ අඳුන්දිවිසමෙහි වැඩ හුන්නේ ය. මම සම්බුදුරජුන් පවරා පර්‍වතයට ගියෙමි.
kn-ap-1-41:4.7
3905. පිරිකරද පුරවා තිඹිරිගෙඩි ගෙණ ආමි. මම ඒ ගෙඩි මී සමග යොදා බුදුරජුන්හට දුනිමි.
kn-ap-1-41:4.8
3906. සර්‍වඥ තෙම මා කල්පනාවෙහි යෙදී සිටියදී (ඒ දානය) වැළඳීය. බුදුරජුන් දෙස බලමින් එහි දී සිත පැහැදවීමි.
kn-ap-1-41:4.9
3907. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ ආශ්‍රමයෙහි හිඳ මේ ගාථාවන් වදාළ සේක:
kn-ap-1-41:4.10
3908. “යමෙක් පැහැදුනේ සියතින් ඵලයෙන් මා සන්තර්‍පණය කෙළේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නාවූ මාගේ වචනය අසවු.
kn-ap-1-41:4.11
3909. හෙතෙම පස්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දහස්වරක් සක්විති රජ වන්නේ ය.
kn-ap-1-41:4.12
3910. පූර්‍වකර්‍මයෙන් සමන්‍වාගත වූ ඔහුගේ අදහස දැන මාහැඟි ආහාර ද පාන ද වස්ත්‍ර ද සෙනසුන් ද,
kn-ap-1-41:4.13
3911. කුශලකර්‍මවිපාකය හා යෙදුනාහු එකෙණෙහි උපදනාහුය. හැමකල්හි මෙතෙම නීරෝග වූයේ ප්‍රමුදිත වූයේ ද වන්නේ ය.
kn-ap-1-41:4.14
3912. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපන්නේ ද, ඒ සියලු තන්හි සුව ඇතිව මිනිසත් බවට පැමිණෙන්නේ ය.
kn-ap-1-41:4.15
3913. හෙතෙම වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරෙට ගිය (බමුණෙක්ව) සම්බුදුරජුන් වෙත එළඹ රහත් වන්නේ ය.” (කියායි).
kn-ap-1-41:6.1
3914. යම් තැනක පටන් මාගේ අත්බව සිහි කෙරෙම් ද, යම් තැනක පටන් නුවණැති බවට පැමිණියෙම් වෙම් ද, (ඒ මේ කාලය තුළ) මාගේ භෝගසම්පත්තියෙහි අඩු බවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-41:6.2
3915. උතුම් වූ සසුනට පැමිණියෙමි රාගද්වේෂයන් වැනසීමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
kn-ap-1-41:6.3
3916. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. හස්තිරාජයකු සේ බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-41:6.4
3917. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-41:6.5
3918. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-41:6.6
මේ අයුරින් ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-41:6.7
තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය පළමු වැනි යි.
kn-ap-1-41:6.8
402. පුණ්ණක ස්ථවිරාවදානය
kn-ap-1-41:6.9
3919. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ගුණගරු වූ පසේබුදුහු හටගත් ආබාධ ඇත්තාහු පර්‍වතකූට පබ්භාරයක් ඇසුරු කොට පර්‍වත අතරෙහි වැඩ වෙසෙන සේක.
kn-ap-1-41:6.10
3920. එකෙණෙහි මාගේ අසපුව හාත්පස මහත් වූ නාදයෙක් විය. බුදුන් පිරිනිවන් පානා කල්හි ආලෝකය පහළ විය.
kn-ap-1-41:6.11
3921. එකෙණෙහි මුළු වනලැහැබෙහි වලස් වෘක කළුහිස්වලස් ව්‍යාඝ්‍ර සිංහ යන සියලු සත්ත්‍වයෝ නාද කළාහු ය.
kn-ap-1-41:6.12
3922. මම ඒ භූතවිකෘතිය දැක (බුදුරජුන් වැඩ විසූ) පර්‍වතයට ගියෙමි. එහි දී පිරිනිවි අපරාජිත වූ සම්බුදුරජුන් දිටිමි.
kn-ap-1-41:6.13
3923. සුපිපි සල්රුකක් වැනි, උදා වූ හිරු වැනි, පහ වූ සිළු ඇති ගිනි අඟුරු (රැසක්) වැනි පිරිනිවියා වූ බුදුරජුන් (උදෙසා)-
kn-ap-1-41:6.14
3924. මම එහි තණ ද දර ද පුරවා චිතකයක් කෙළෙමි. ඒ චිතකය මැනැවින් කොට (බුද්ධ) ශරීරය දැවීමි.
kn-ap-1-41:6.15
3925. සිරුර දවා සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්‍ෂයෙක් මට නමක් තැබීය:
kn-ap-1-41:6.16
3926. “සියල්ල තෙමේ ම අවබෝධ කරගත් බුදුරජුන්ට යම් (ආදාහන) කෘත්‍යයක් තා විසින් සම්පූර්‍ණ කරණ ලද ද, මුනිවරය, ඔබ හැමකල්හි නමින් පුණ්ණක නම් වෙව” යී.
kn-ap-1-41:8.1
3927. මම ඒ අත්බැවින් ච්‍යුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.
kn-ap-1-41:8.2
3928. එකල්හි එහිදී ද මාගේ නම ‘පුණ්ණක’ නම් විය. දෙවි වූයේ ද මිනිස් වූයේ ද (මාගේ) අදහස් සම්පූර්‍ණ කරමි.
kn-ap-1-41:8.3
3929. මේ මාගේ (සසරෙහි) අවසානය යි. (දැන් මේ) අන්තිම භවය පවතී. මෙහි දී ද පූර්‍ණක නාමය ප්‍රකාශ වේ.
kn-ap-1-41:8.4
3930. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-41:8.5
3931. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ශරීරාදාහන කෘත්‍යයාගේ මේ විපාක යි.
kn-ap-1-41:8.6
3932. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.
kn-ap-1-41:8.7
3933. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:8.8
3934. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:8.9
මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-41:8.10
පුණ්ණක ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-41:8.11
403. මෙත්තගු ස්ථවිරාවදානය
kn-ap-1-41:8.12
3935. හිමවතට නුදුරෙහි අසෝක නම් පර්‍වතයෙක් විය. එහි මට විශ්වකර්‍මයා විසින් මවන ලද ආශ්‍රමයෙක් විය.
kn-ap-1-41:8.13
3936. අග්‍රකාරුණික වූ සුමේධ නම් සර්‍වඥ මුනි තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා මා වෙත පිඬු පිණිස එළඹියේ ය.
kn-ap-1-41:8.14
3937. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සුමේධ බුදුරජුන් (දැක) සුගතපාත්‍රය ගෙණ ගිතෙලින් පිරවීමි.
kn-ap-1-41:8.15
3938. මම ලෝකනායක වූ සුමේධ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි එය පිළිගන්වා ඇඳිලි බැඳගෙණ වැඩියක් ම සතුට ඉපදවීමි. (මෙසේ ද පැතීමි.)
kn-ap-1-41:8.16
3939. “මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද දෙවි වූයේ හෝ මනුෂ්‍ය වූයේ හෝ මහත් වූ සැප ලබමි.
kn-ap-1-41:8.17
3940. දුගතිය හැර කුදු මහත් භවයෙහි සැරිසරමි. එහි සිත පිහිටුවා අමෘතපදය ලබමි” (කියායි).
kn-ap-1-41:10.1
3941. යම් හෙයකින් බ්‍රාහ්මණ වූ (නසන ලද පව් ඇති) මා දුටුයේ ද, (එය) ඔබට ලාභයකි. ඔබ විසින් මැනැවින් ලබන ලද්දකි. මාගේ දර්‍ශනයට පැමිණ ඔබ රහත් වන්නෙහි ය.
kn-ap-1-41:10.2
3942. විශ්වාසය ඇත්තෙක් (අස්වැසුනෙක්) වන්න, බිය නො වන්න. මට ගිතෙල් දී මහත් යශස් ලබා ජාතියෙන් ද මිදෙන්නෙහි ය.
kn-ap-1-41:10.3
3943. මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මුබ දෙවි වූයේ ද මිනිස් වූයේ ද මහත් සුව ලබන්නෙහි ය.
kn-ap-1-41:10.4
3944. මෙත්සිතින් යුතු ව කළ මේ ගිතෙල් දන හේතු කොට ගෙණ අටළොස්සිය වන හෙවත් එක්දහස්අටසිය වන කපෙහි දෙව්ලොව සිත් අලවා වසන්නෙහි ය.
kn-ap-1-41:10.5
3945. අටතිස් වරක් දෙව්රජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
kn-ap-1-41:10.6
3946. එක්පණස් වරක් සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජුන්) ජයගන්නාසුලු වූ ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නෙහි ය.
kn-ap-1-41:10.7
3947. යම් සේ මහසයුර නො කැළඹිය හැකි ද මහපොළොව නො සෙල්විය හැකි ද ඔබගේ භෝගසම්පත්හු ද පමණ කළ නො හැක්කාහු වෙති.”
kn-ap-1-41:10.8
3948. මම සැටකෙළක් අගනා හිරණ්‍ය හැර දමා කුසල් කර්‍මය යි සොයමින් බාවරි වෙත එළඹියෙමි.
kn-ap-1-41:10.9
3949. එහි මම මන්ත්‍ර ද ෂඩඞ්ගලක්‍ෂණශාස්ත්‍රය ද හදාරමි. මහා මුනීන් වහන්ස, මුබවහන්සේ ඝනාන්‍ධකාරය විධ්වංසනය කරමින් ලොව පහළ වූ සේක.
kn-ap-1-41:10.10
3950. මහාමුනීන් වහන්ස, මුබවහන්සේගේ දර්‍ශනය කැමැත්තෙන් මම පැමිණියෙම් වෙමි. මුබ වහන්සේගේ ධර්‍මය ද අසා අමෘතපද සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
kn-ap-1-41:10.11
3951. මම තිස්දහස් කපකට පෙර බුදුරජුන්හට ගිතෙල් දුනිමි. මේ අතරතුර මා විසින් විනවන ලද (වචනයෙන් ලබා ගන්නා ලද) ගිතෙලක් ගැණ නො දනිමි.
kn-ap-1-41:10.12
3952. මාගේ අදහසට අනුව ඉදින් කැමැති කැමැති දෙය පහළ වේ ද, සිත දැන ගෙණ මෙන් පහළ වූ එයින් මම සියල්ලන් සන්තර්‍පණය කරමි.
kn-ap-1-41:10.13
3953. බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යය. ධර්‍මය ද ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. බුදුරජුන්හට ගිතෙල් මඳක් දී එය අපමණ ව ලබමි.
kn-ap-1-41:10.14
3954. මේරුපර්‍වත පාර්‍ශවයෙහි ඇති මහසමුදුරෙහි දිය යම් පමණ ද මාගේ ඒ ගිතෙල් හා සසඳන කල්හි එය දෙතිසෙන් කොටසක් වූ (කලභාගයකට) ද නො පැමිණෙන්නේ ය.
kn-ap-1-41:12.1
3955. මට පහළ වන්නා වූ වස්ත්‍ර මුළුසක්වළෙහි ම රැස් කරණ කල්හි ද එයට ඒ අවකාශය නො පොහෝනේ වේ.
kn-ap-1-41:12.2
3956. ඉතා උස් වූ හිමවත් පර්‍වතරාජයා පවා මා අලෙව් දුන් සුවඳ විලෙවුන් හා උපමාවකට පමණ නො වන්නේ ය.
kn-ap-1-41:12.3
3957. වස්ත්‍ර ද සුවඳ ද ගිතෙල් ද මේ අත්බැව්හි දී ම ලබන ලද අසංස්කෘත නිර්‍වාණය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාක යි.
kn-ap-1-41:12.4
3958. අද මම සතිපට්ඨානසයනය ද, සමාධිධ්‍යානගෝචරය ද බොධ්‍යඞ්ගභෝජනය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දන්හි මේ විපාකයි.
kn-ap-1-41:12.5
3959. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සර්‍වාස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.
kn-ap-1-41:12.6
3960. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම මට ස්වාගත ම විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:12.7
3961. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:12.8
මේ අයුරින් ආයුෂ්මත් මෙත්තගු ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-41:12.9
මෙත්තගු ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-41:12.10
404. ධෝතක ස්ථවිරාවදානය
kn-ap-1-41:12.11
3962. හිමවතින් ප්‍රභූත භාගිරථි ගඞ්ගා තොමෝ (ගඞ්ගානදිය) එකල්හි හංසවතී නගරද්වාරයෙන් ගලා බස්නී ය.
kn-ap-1-41:12.12
3963. ගංඉවුරෙහි මැනවින් කරණ ලද සෝභිත නම් ආරාමයෙක් විය. එහි ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
kn-ap-1-41:12.13
3964. තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්‍රයා මෙන් මනුෂ්‍යයන් විසින් පිරිවරණ ලද භාග්‍යවත් තෙමේ එහි අභීත කේශරසිංහ රාජයකු මෙන් වැඩහුන්නේ ය.
kn-ap-1-41:12.14
3965. මම හංසවතී නගරයෙහි බමුණෙක් ව වෙසෙමි. නමින් ඡළඞ්ග නම් වෙමි. එනම් ඇති මහමුනිවරයෙක් වෙමි.
kn-ap-1-41:12.15
3966. එකල්හි අටළොස් සියක් (-එක්දහස් අටසියයක්) ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඒ ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගඞ්ගාතීරයට එළඹියෙමි.
kn-ap-1-41:12.16
3967. එහි දී කොහොන්කම් විරහිත දොවා හළ පව් ඇති ශ්‍රමණයන් වහන්සේ දිටිමි. (උන්වහන්සේ) භාගීරථි ගඟ තරණය කරණ කෙණෙහි මම මෙසේ සිතීමි.
kn-ap-1-41:14.1
3968. “මහත් කීර්ති ඇති මේ බුද්ධපුත්‍රයෝ සවස්හි ද උදයෙහි ද මේ ගඟ තරණය කරන්නාහු තමන් වෙහෙසට පමුණුවත්. ඔවුන්ගේ ආත්මභාවය පෙළෙයි.
kn-ap-1-41:14.2
3969. දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජ තෙම අග්‍රයයි කියනු ලැබේ. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි (කළ) සසර ගමන්මග පිරිසිදු කරණ පින්කමකුදු මට නැත.
kn-ap-1-41:14.3
3970. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ගඟෙහි හෙයක් කරන්නෙම් නම් ඉතා මැනැවි. මේ පින්කම කරවා මේ භවය තරණය කරමි යි.
kn-ap-1-41:14.4
3971. මා විසින් කරණ ලද පින්කම් මහත්ඵල වන්නේ යයි අදහමින් මම ලක්‍ෂයක් දී හෙයක් කරවීමි.
kn-ap-1-41:14.5
3972. ඒ හෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මේ වචනය ද කීමි:
kn-ap-1-41:14.6
3973. “මහාමුනීන් වහන්ස, මා විසින් ලක්‍ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත් වූ හෙයක් කරවන ලදී. ඒ පිළිගණු මැනව” යී.
kn-ap-1-41:14.7
3974. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
kn-ap-1-41:14.8
3975. “යමෙක් පහන් වූයේ සියතින් මට හෙයක් කරවූයේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-41:14.9
3976. මෙ තෙම කඳුරකින් (=පර්‍වතවිවරයකින්) වේවයි පර්‍වතයකින් වේවයි ගසකින් වේවයි ගිලිහුනේ නමුදු (ඉන්) ගිලිහුනේ ම පිහිට ලබන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
kn-ap-1-41:14.10
3977. වැඩිගිය මුල්සමූහය ඇති නුගගසක් වාතය බලයෙන් උදුරා නො දමන්නාක් මෙන් පසමිතුරෝ (මොහු) නො මැඩලත්.
kn-ap-1-41:14.11
3978. මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නො ගනිත්. රජවරු මොහුට අවමන් නො කරත්. සියලු පසමිතුරන් ජය ගන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
kn-ap-1-41:14.12
3979. එලිමහනකට ගියේ නමුදු දැඩි අව්වෙන් තැවුනේ නමුදු ඒ සේතුදානමය පුණ්‍යකර්‍මයෙන් යුත් මොහුට (දුක්) වේදනාවෝ නො වන්නාහු ය.
kn-ap-1-41:14.13
3980. දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්තියානයක් ඔහුගේ අදහස පරිදි එකෙණෙහි පහළ වන්නේ ය.
kn-ap-1-41:14.14
3981. වාතවේගයෙන් දුවන ශීඝ්‍රවාහන වූ දහසක් සෛන්‍ධවයෝ උදය සවස වෙත එළඹෙන්නාහු ය. සේතුදානයාගේ මේ විපාක යි.
kn-ap-1-41:14.15
3982. මෙ තෙම මිනිසත්බවට පැමිණ සැපවත් වන්නේ ය. මෙහි මිනිස්කල්හි දු ඔහුට හස්තියානයක් වන්නේ ය.
kn-ap-1-41:16.1
3983. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
kn-ap-1-41:16.2
3984. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ මෙතෙම සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේය” යී.
kn-ap-1-41:16.3
3985. පදුමුත්තර බුදුරජුන් කෙරෙහි මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. උන්වහන්සේ කෙරෙහි බුහුමන් කොට මම ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
kn-ap-1-41:16.4
3986. කාය - ජීවිත දෙක්හිත් අපේක්‍ෂා රහිත වූයෙම් වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනෙම් වෙමි. සන්හුන් වූයෙම් උපධිරහිත වූයෙම් ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-41:16.5
3987. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. පැමිණෙනලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි
kn-ap-1-41:16.6
3988. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
kn-ap-1-41:16.7
3989. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුසසුන කරණ ලදි.
kn-ap-1-41:16.8
මේ අයුරින් ආයුෂ්මත් ධෝතක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-41:16.9
ධෝතක ස්ථවිරාවදානය සිවුවැනි යි.