Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 4601-4700 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-33:546.11
3338. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-33:546.12
3339. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදු සසුන කරණ ලදි.
kn-ap-1-33:546.13
3340. අනවතප්ත මහවිල් තෙර දී පැණ විචාරණ ලද සෝණකෝටිවිස ස්ථවිර තෙමේ බික්සඟන ඉදිරියෙහි විසඳීය.
kn-ap-1-33:546.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝණකෝටිවීස ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:546.15
සෝණකෝටිවීස ස්ථවිරාවදානය නවවැනියි.
kn-ap-1-33:548.1
390. පුබ්බකම්මපිලෝතිකාවදානය
kn-ap-1-33:548.2
3341. නොයෙක් රත්නයෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්තවිල සමීපයෙහි වූ සිත්කලු ගල්තලාවෙක්හි,
kn-ap-1-33:548.3
3342. මහත් වූ භික්‍ෂුසමූහයා විසින් පිරිවරන ලද බුදුරජානන් වහන්සේ වැඩහුන් සේක්, එහි දී තමන්වහන්සේ ගේ පූර්‍වකර්‍මය ප්‍රකාශ කළ සේක.
kn-ap-1-33:548.4
3343. මහණෙනි, මා විසින් යම් කර්‍මයක් කරන ලද ද මාගේ (ඒ කර්‍මය) අසවු. විපාකාවශේෂකර්‍මය බුදුබැව් ලැබූ කල්හි ද විපාක දේ.
kn-ap-1-33:548.5
3344. පෙර මම අප්‍රකට වූ (ශුද්‍ර) ජාතියට අයත් මුනාළී නම් ධූර්‍තයෙක් වීමි. (එකල්හි) ක්ලේශයන්ගෙන් නින්‍දා නොකටයුතු වූ සරභූ නම් පසේබුදුන් වහන්සේට නින්‍දා කෙළෙමි.
kn-ap-1-33:548.6
3345. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරිසැරීමි. බොහෝ දහස් ගණන් හවුරුදු දුක්වේදනා වින්දෙමි.
kn-ap-1-33:548.7
3346. ඒ කර්‍මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්‍දරිකා නම් පරිව්‍රාජිකාව නිසා මා විසින් නින්‍දා වචන ලබන ලදි.
kn-ap-1-33:548.8
3347. සබ්බාභිභු නම් බුදුරජුන්ගේ නන්‍ද නම් ශ්‍රාවකයෙක් වීය. උන්වහන්සේට නින්‍දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදි.
kn-ap-1-33:548.9
3348. හවුරුදු දසදහසක් පමණ වූ දීර්‍ඝකාලයක් නිරයෙහි සැරි සැරීමි. මිනිසත්බව ලත් මම බොහෝ නින්‍දා ලැබීමි.
kn-ap-1-33:548.10
3349. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජනසමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාය.
kn-ap-1-33:548.11
3350. මම බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දා වූ පුදන ලද්දා වූ බහුශ්‍රුත බමුණෙක් වීමි. මහවෙනෙහි පන්සියක් මානවකයනට මන්ත්‍ර හදාරවමි.
kn-ap-1-33:548.12
3351. මහත් ඍද්ධි ඇති පඤ්චාභිඥාලාභී වූ භීම ඍෂිතෙම එහි පැමිණියේ ය. මම (එසේ) පැමිණියහු දැක නින්‍දා නො කටයුතු වූ ඔහුට නින්‍දා කෙළෙමි.
kn-ap-1-33:548.13
3352. ඉක්බිති මම ශිෂ්‍යයන්හට “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි කීමි. මාණවකයෝ ද මා කී වචනයට සතුටු වූවාහු ය.
kn-ap-1-33:548.14
3353. ඉක්බිති මාණවකයෝ හැමදෙන ගෙයක් පාසා පිඬු සිඟමින් “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි මහජනයාට කීහු.
kn-ap-1-33:550.1
3354. ඒ කර්‍මවිපාකයෙන් මේ හැම පන්සියක් භික්‍ෂුහු සුන්‍දරිකා පිරිවැජිය නිමිති කොට නින්‍දා ලැබූහ.
kn-ap-1-33:550.2
3355. පෙර මම (එක පියකුට දාව දෙමවුකුසින් උපන්) වෙමාතික සොහොයුරු ධනය හේතුකොට ගෙන නැසීමි. ගිරිදූර්‍ගයක හෙළීමි. ගලකින් ද තැළීමි.
kn-ap-1-33:550.3
3356. ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ දෙව්දත් තෙමේ මට ගලක් පෙරළීය. (ඉන් නැගුනු) ගල් පතුරක් මාගේ පයෙහි මහැඟිල්ල තැළී ය.
kn-ap-1-33:550.4
3357. පෙර මම කුල දරුවෙක් ව මහමගෙහි ක්‍රීඩා කරමින් මග (වඩිනා) පසේබුදු නමක් දැක ගල්කැබැල්ලක් (උන්වහන්සේ දෙසට) ලීමි.
kn-ap-1-33:550.5
3358. ඒ කර්‍මවිපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවී ය.
kn-ap-1-33:550.6
3359. මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන පසේබුදුනමක් දැක ඇතා ලවා උන්වහන්සේ ගටා ලැවීමි.
kn-ap-1-33:550.7
3360. ඒ කර්‍මවිපාකයෙන් ගිරිබ්‍බජ නම් උතුම් නගරයෙහි දී (මත් වී) භ්‍රාන්ත වූ දරුණු නාලාගිරි ඇතා මා වෙත එළැඹියේ ය.
kn-ap-1-33:550.8
3361. මම පෙර පෘථිවීශ්වර වූ රජෙක් වීමි. සැතකින් ගසා පුරුෂයකු මැරීමි. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.
kn-ap-1-33:550.9
3362. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සිවිය සියල්ල (ඇතුළත ලේ තැල්ම නිසා) ප්‍රදුෂ්‍ය විය. කර්‍මය නැති නො වේ.
kn-ap-1-33:550.10
3363. මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.
kn-ap-1-33:550.11
3364. ඒ කර්‍මවිපාකයෙන් මාගේ හිසෙහි දුක් වේදනාවක් ඇති විය. යම් කලෙක්හි විඩූඩභ තෙමේ යුද කෙළේ ද, එකල්හි සියලු ශාක්‍යයෝ ද නැසුනාහු ය.
kn-ap-1-33:550.12
3365. ඵුස්ස බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්හට යව කවු බුදිවු, හැල් නො බුදිවු යී නින්‍දා කෙළෙමි.
kn-ap-1-33:550.13
3366. බමුණකු විසින් ආරාධනය කරණ ලදුයෙම් වේරඤ්ජාවෙහි විසීමි. එකල ඒ කර්‍මවිපාකයෙන් තෙමසක් යව අනුභව කරණ ලදි.
kn-ap-1-33:550.14
3367. (පෙර) මල්ලයුද්ධයක් පවත්නා කල්හි මල්ලපුත්‍රයකු පෙළීමි. ඒ කර්‍මවිපාකයෙන් මාගේ පිටෙහි දුක්ඛවේදනාවක් විය.
kn-ap-1-33:552.1
3368. මම පෙර වෙදෙක් වීමි. (ධනලෝභයෙන්) එක් සිටුපුතකු විරේක කරවීමි. ඒ කර්‍මයෙන් මට ලෝහිතපක්‍ඛන්‍දිකා (=ලේ අතීසාර) රෝගය වැළඳුනේ වේ.
kn-ap-1-33:552.2
3369. (පෙර) ජෝතිපාල මාණවක වූ මම එකල්හි කාශ්‍යප බුදුරජානන් වහන්සේට “මුණ්ඩයාට (හිස මුඩු කළහුට) සම්බෝධි ඥානයක් කොයින් ද? සම්බෝධි ඥානය ඉතා දුර්‍ලභය”යි කීමි.
kn-ap-1-33:552.3
3370. ඒ කර්‍මවිපාකයෙන් උරුවේලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කරක්‍රියා කෙළෙමි. ඉන් පසු සම්‍යක්සම්බෝධියට පැමිණියෙමි.
kn-ap-1-33:552.4
3371. පූර්‍වකර්‍මයෙන් (සැප) වළක්වන ලදුයේ නො මගින් බුදුබව සොයන්නෙම් මම ඒ නො මගින් උතුම් සම්‍යක් සම්බෝධියට නො පැමිණියෙමි.
kn-ap-1-33:552.5
3372. පින්පව් ගෙවා ලූයෙම් කෙලෙස් තැවුල් බැහැර කෙළෙම් ශෝක රහිත වූයෙම් උපායාස රහිත වූයෙම් ආස්‍රව රහිත වූයෙම් පරිනිර්‍වාණයට පත්වන්නෙමි.
kn-ap-1-33:552.6
3373. සියලු අභිඥාබලයනට පත් සර්‍වඥයන් වහන්සේ අනවතප්ත මහවිල් තෙරෙහි දී බික්සඟන හමුයෙහි මෙසේ වදාළ සේක.
kn-ap-1-33:552.7
මෙහි මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පූර්‍ව චරිතය (දැක්වෙන) පුබ්බකම්මපිලෝතික නම් වූ ධර්‍මදේශනාව වදාළ සේකි.
kn-ap-1-33:552.8
පුබ්බකම්මපිලෝතික නම් වූ බුද්ධාවදානය දසවැනි යි.
kn-ap-1-33:552.9
උද්දානය:
kn-ap-1-33:552.10
අවණ්ට ලබුජ උදුම්බර පිලක්‍ඛු ඵාරු වල්ලී කදලී පනස කෝටිවීසක පුබ්බකම්මපිලෝති සම්බුදුසිරිත ද වේ මෙහි ගී එක් අනූවක් පඬුවන් ගණන ලද වේ.
kn-ap-1-33:552.11
අවණ්ටඵල වර්‍ගය එකුන්සාළිස්වැනි යි.
kn-ap-1-33:552.12
40. පිළින්‍දවච්ඡ වර්‍ගය
kn-ap-1-33:552.13
391. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය
kn-ap-1-33:552.14
3374. මම හංසවතී නගරයෙහි දොරටුපාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි නිරවුල් වූ අපමණ භොග සම්පත් ද විය.
kn-ap-1-33:552.15
3375. මම එකල්හි පහයෙහි විවේකව හිඳ සිත පහදවා මෙසේ සිතීමි.
kn-ap-1-33:552.16
3376. මා විසින් බොහෝ භෝගසම්පත්තීහු ලබන ලදහ. මාගේ ඇතුළුනුවර සමෘද්ධය. පෘථිවීශ්‍වර වූ ආනන්‍ද රජතෙමේ ද (බුදුරජුන් ප්‍රධාන සඞ්ඝයාට දානය සඳහා) ආරාධනය කෙළේය.
kn-ap-1-33:554.1
3377. සර්‍වඥ තෙමේ ලෝ වැඩ සඳහා පහළ වන්නේ වේ. මේ ඒ සර්‍වඥතෙම ලොව පහළ විය. මාගේ භෝගයෝ ද විද්‍යාමාන වෙත්. ශාස්තෲන් වහන්සේට දනක් දෙන්නෙමි.
kn-ap-1-33:554.2
3378. පදුම නම් රාජපුත්‍රයා විසින් බුදුරජානන් වහන්සේ කෙරෙහි උතුම් වූ දානයක් දෙන ලදි. (ඒ දනෙහි) හස්තිරාජයන් ද, පර්‍ය්‍යඞ්කයන් ද හේත්තු වන පුවරු ද යන බොහෝ දේ වෙයි.
kn-ap-1-33:554.3
3379. මම ද උතුම් වූ සඞ්ඝයා කෙරෙහි දනක් දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
kn-ap-1-33:554.4
3380. යම් යම් දෑ දීමෙහි සුඛවිපාක නන් අයුරින් සිතා මාගේ අදහස් පුරා ලන පරිෂ්කාරදානය දිටිමි.
kn-ap-1-33:554.5
3381. ගණවරොත්තම වූ සඞ්ඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
kn-ap-1-33:554.6
3382. එකෙණෙහි කුලුපොත්තන් (=බටවලින් කර්‍මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍ර කරවීමි. ඡත්‍ර ලක්‍ෂයක් එක්රැස් කෙළෙමි.
kn-ap-1-33:554.7
3383. වස්ත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි. පාත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි.
kn-ap-1-33:554.8
3384. වෑ ද කුඩා පිහි ද, හිදි ද, නියකපන සැත් ද, ඊට සුදුසු ලෙස කරවා ඡත්‍රයෙහි එල්බවීමි.
kn-ap-1-33:554.9
3385. පවන්අතු ද, විජිනිපත් ද, මොණරපියාපත් ද, සෙමරවල් ද, පෙරහන්කඩ ද, තෙල්බඳුන් ද, එයට සුදුසු ලෙස කරවීමි.
kn-ap-1-33:554.10
3386. හිදිගුලා ද, අස්බහන් ද, යලි කාබහන් ද, (පාත්‍රාධාරාදි) මැනවින් කළ ආධාරක ද එයට සුදුසු ලෙස කරවීමි.
kn-ap-1-33:554.11
3387. පරිභෝගයට ගන්නා බඳුන් ද, එසේ ම ලොහොතලි ද බෙහෙත් පුරවා ඡත්‍ර යට තැබීමි.
kn-ap-1-33:554.12
3388. වදකසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල් ය, වැල්මී ය, තිප්පිලි ය, ගම්මිරිස් ය, අරළු ය, හිඟුරු ය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි.
kn-ap-1-33:554.13
3389. වහන් ද, මිරිවැඩි ද, එසේම දිය පිස්නාවන් ද, මැනවින් කළ සැරයටි ද, එයට සුදුසු ලෙස කරවීමි.
kn-ap-1-33:554.14
3390. බෙහෙත් අඳුන් නාළිකා ද (බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා) ලහ ද, දම්කොතුරු (=ඩබරා) ද කෙසි (යතුරු) ද පස්වණින් මසා කළ කෙසිගුලා හෙවත් යතුරු කොපු ද,
kn-ap-1-33:554.15
3391. අයෝගපට්ට ද, දුම් (බොන) කෝව ද පහන් එල්ලන කොකු ද තිඹ නම් මානපාත්‍ර ද කරඬු ද එයට සුදුසු ලෙස කරවීමි.
kn-ap-1-33:556.1
3392. අඬු ද, කතුරු ද, යලිදු මල හරනා හඬු (=කන්හැඳි) ද බෙහෙත් පහි ද එයට සුදුසු ලෙස කරවීමි.
kn-ap-1-33:556.2
3393. දික්හඟලා පුටු ද, කුඩා පුටු ද, පලඟ ද මම එයට සුදුසු ලෙස කරවා ඡත්‍රයයට තැබීමි.
kn-ap-1-33:556.3
3394. එළුලොම් පිර වූ බිසි ද, පුලුන් පිර වූ බිසි ද, යලිදු පුටු බිසි ද මැනවින් කරන ලද මෙට්ට ද එයට සුදුසු ලෙස කරවීමි.
kn-ap-1-33:556.4
3395. (ඇඟ ඉළීමට ගන්නා) කුරුඳුගල් ද, මී ඉටි ද (තල) තෙල් ද එසේ ම ඇඟ ඉළීමට ගන්නා (ඉරි ඇඳ කෙරොස් කළ) අත්වන අඟුරු කබල ද (මට කළ) ගල්පතුරු ද, පුවරු ද, හිඳි ද, ඇඳ අතුරුණු ද,
kn-ap-1-33:556.5
3396. සෙනසුන් ද, පාබිසි ද, යහන්දඬු ද, දැහැටි ද, දත් කටු ද, හිසෙහි ගල්වන ගන්‍ධ (තෛලාදිය) ද,
kn-ap-1-33:556.6
3397. ගිනිගානා දඬු ද, පිදුරු පුටු ද, පාත්‍රයන් වහන පියන් හා තලි ද, දිය ගන්නා පිණිස යොදන කිණිසි ද, සුණුවර්‍ග ද පඬුඔරු ද,
kn-ap-1-33:556.7
3398. මුසුන් ද, දියබඳුන් ද, එසේ ම වැසිසළු ද, හිඳිනා ඇතිරි ද, කස්පිළිසන් පටි ද, යලි හඳනාකඩ ද,
kn-ap-1-33:556.8
3399. උතුරුසඟසිවුරු හා සඟලසිවුරු ද, නශ්‍ය කරණ යුගහැඳි ද, මුවදෝනා බඳුන් ද, ඇඹුල් කාඩි ද, ලුණු ද, බොහෝ වූ මී ද, දිහියෙන් කළ පානවර්‍ග ද,
kn-ap-1-33:556.9
3400. දුම් නඟනා ද්‍රව්‍ය ද, ඉටි ද, මහලුපිළී ද, මුව පිස්නා හා හූ දැයි (මෙසේ) දිය යුතු යමක් ඇත් ද, යමක් ශාස්තෲන් වහන්සේටත් කැප ද.
kn-ap-1-33:556.10
3401. මේ සියල්ල රැස් කරවා මහර්ෂි වූ බුදුරජුන්ගේ පියා වූ ආනන්‍ද රජු වෙත එළඹියෙමි. එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
kn-ap-1-33:556.11
3402. (අප දෙදෙන) එක්ව ඉපද එක්ව ම වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිත ද එක්ව ම පවතී. (දෙදෙනා පිළිබඳ සුවදුක් දෙක) දෙදෙනාට ම සාධාරණ ය. (දෙදෙනා ම ඔවුනොවුනට) අනුව පවතින්නෝ වෙමු.
kn-ap-1-33:556.12
3403. සතුරන් මඩින්නා වූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත් තොප විසින් මැඩලිය යුතු දුකක් ඇත. ක්‍ෂත්‍රියයානෙනි, ඉදින් හැකිවෙහි නම් ඒ දුක දුරු කරන්නෙහිය කියා යි.
kn-ap-1-33:556.13
3404. ඔබගේ දුක මාගේ දුකය, දෙදෙනාගේ ම සිත එක්බඳුය, ඉදින් තාගේ දුක මා අයත් නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම් එය අවසන් වීය යි දැන ගණුව.
kn-ap-1-33:556.14
3405. මහරජතුමනි, මාගේ දුරු කළ නො හැකි දුක දැනගණු මැනව, එය ඔබවහන්සේගේ බැහැර කළ නො හැකි එක් වරයක් වෙයි. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් කියනු මැනව.
kn-ap-1-33:558.1
3406. විජිතය යම් තාක් ඇද්ද, මාගේ ජීවිතය යම් තාක් ඇද්ද, ඉදින් මෙකී දෙයින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නො වූයෙම් ම (එය) දෙන්නෙමි.
kn-ap-1-33:558.2
3407. දේවයන් වහන්ස, ඔබ විසින් මෙසේ ගර්‍ජනා කරන ලදි. එබඳු බොහෝ ගර්ජිතයන් (ඇතැම් විට) බොරු වන්නේ ය. අද ඔබ සියලු ධර්‍මයන්හි පිහිටියෙක් දැයි දන්මි.
kn-ap-1-33:558.3
3408. (ඇති) යමකු දෙන්නා වූ මා (ඔබ) දැඩි ලෙස පෙළනෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? ඔබ විසින් පතන ලද්ද මට කියව.
kn-ap-1-33:558.4
3409. මහරජතුමනි, මම අනුත්තර වූ බුද්ධශ්‍රෙෂ්‍ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. මෙය වැරදුනහොත් මාගේ ජීවිතය නහමක් වේවා.
kn-ap-1-33:558.5
3410. මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නො ඉල්ලනු මැනව. දැරඟමිණක් බඳු බුදුරජ තෙම කිසිවෙකුට නො දිය යුත්තෙකි.
kn-ap-1-33:558.6
3411. දේවයන් වහන්ස, ඔබ විසින් තමාගේ දිවි වුව ද දෙමැයි ගර්‍ජනා කරණ ලදුයේ නො වේ ද? ජීවිතය දෙන්නහු විසින් බුදුරජුන් දීම සුදුසුය.
kn-ap-1-33:558.7
3412. බුදුරජ තෙම (වෙන් කොට) තැබිය යුතු ය. සර්‍වඥ තෙම කිසිවකුට නො දිය යුතු වේ. මා විසින් බුදුරජුන් දෙමැයි පිළිවදන් නො දෙන ලදි. අපමණ වූ ධනය ඉල්ලනු මැනව.
kn-ap-1-33:558.8
3413. අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහි දී විචාරන්නෙමු. (එවිට අධිකරණ නායකයෝ) ඇති පරිදි (කරුණු) කියන්නාහු ය. එය එසේ (අධිකරණයෙන් ම) විචාරමු.
kn-ap-1-33:558.9
3414. රජුගේ අත ගෙණ විනිශ්චයට ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මේ වචනය කීමි:
kn-ap-1-33:558.10
3415. විනිසකරුවෝ මබස අසත්වා, කිසිවක් නො තබා මට රජ තෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරීය.
kn-ap-1-33:558.11
3416. මට වර දුන් ඔහුගෙන් මම බුදුරජුන් ඉල්ලීමි. මට බුදුරජ තෙම මැනවින් දෙන ලදී. නො එසේ නම් මාගේ සැකයෙකි.
kn-ap-1-33:558.12
3417. තාගේ වචනය ද පෘථිවිපාලක වූ රජුගේ වචනය ද අසමු. දෙදෙනාගේ ම වචන අසා මෙහි සැක දුරු කරමු.
kn-ap-1-33:558.13
3418. දේවයන් වහන්ස, කිසිවක් තබා නො ගෙණ සියල්ල ම ගතයුතු සේ කොට සියල්ල ඔබවහන්සේ විසින් මොහුට දෙනලද ද? ජීවිතය ද පැවරී ද?
kn-ap-1-33:560.1
3419. (මෙ තෙම) දුකට පැමිණියෙක් ව උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන (කැමති සියල්ලක් ම දෙමැයි) සර්‍වග්‍රාහික කොට (වරයක්) දුනිමි.
kn-ap-1-33:560.2
3420. දේවයන් වහන්ස, පරාජය ඔබවහන්සේට ය. බුදුරජ තෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේ ම සැක පසිඳින ලදි. සත්පුරුෂධර්‍මය වූ පරිදි ධර්‍මයෙහි පිහිටුව.
kn-ap-1-33:560.3
3421. රජ තෙම එහි ම සිටගෙණ විනිසකරුවනට මෙය කීය. සගයෙනි, මට ද තෙපි (වරයක්) දෙන්නහු නම් නැවත මම බුදුරජුන් ලබමි.
kn-ap-1-33:560.4
3422. තාගේ අදහස් සම්පූර්‍ණ කොට ගෙණ තථාගතයන් වළඳවා ආනන්‍ද රජුහට නැවත බුදුරජුන් දෙන්නෙහි ය.
kn-ap-1-33:560.5
3423. විනිසකරුවනට ද රජතුමාට ද වැඳ සතුටු වූයෙම් ප්‍රමුදිත වූයෙම් බුදුරජුන් වෙත එළඹියෙමි.
kn-ap-1-33:560.6
3424. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් වෙත එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
kn-ap-1-33:560.7
3425. පසැස් ඇතියාණන් වහන්ස, රහතුන් ලක්‍ෂයක් දෙනා වහන්සේ සමඟ (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව.
kn-ap-1-33:560.8
3426. ලොවැස්සන්ගේ පූජාසත්කාරයන් පිළිගන්නා වූ තුන්ලොව ම මැනවින් දතුවා වූ පසැස් ඇත්තා වූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ අදහස දැන (ඒ ආරාධනය) ඉවසීය.
kn-ap-1-33:560.9
3427. මම ආරාධනය පිළිගත් බව දැන ශාස්තෲන් වහන්සේ වැඳ සතුටුව ඔදවැඩි සිත් ඇත්තෙම් සිය නිවසට එළඹියෙමි.