Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3901-4000 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-33:462.13
2845-2846. “කුමර සව්සත්නට හිංසා නො කිරීම මට රිසියේ. එසේ ම සොරකමින් දුරාචාරයෙන් මත්පැන් පීමෙන් වැලැක්මත්, සමචරියාවෙහි ඇල්ම ද, බහුශ‍්‍රැත බව හා කෘතඥ බව ද, (මට රිසියේ). මේ ධර්‍මයෝ මෙලොව්හි ද පරලොව්හි ද ප‍්‍රශංසා කටයුත්තෝ වෙත්.
kn-ap-1-33:462.15
2847. මේ ධර්‍මයන් වඩා සව්සත්නට හිත වැඩෙහි ඇළුනේ බුදුරජුන් කෙරෙහි සිත පහදවා උතුම් මග (=ප‍්‍රතිපත්තිය) වඩව”.
kn-ap-1-33:462.16
2848. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙම මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහස් නැග නික්ම ගියේ ය.
kn-ap-1-33:462.17
2849. පළමු ම සිත පිරිසිදු කොට පසුව සිත පැහැද වීමි. මම ඒ චිත්තප‍්‍රසාදයෙන් තුසිත දෙව්ලොව උපනිමි.
kn-ap-1-33:464.1
2850. මෙයින් සිවුඅනූවක කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන් කෙරෙහි) සිත පැහැද වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුන් සිහි කොට සිත පැහැදැ වීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:464.2
2851. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:464.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යඤ්ඤසාමික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:464.4
යඤ්ඤසාමික ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-33:464.5
325. නිමිත්තසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-33:464.6
2852. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි අසපුවක වෙසෙමි. මම වනයෙහි හැසිරෙන රන්වන් මුවකු දිටිමි.
kn-ap-1-33:464.7
2853. ඒ රන්වන් මුවා කෙරෙහි සිත පහදවා බුදුරජුන් සිහි කෙළෙමි. ඒ සිත් පැහැදීමෙන් අන් බුදුරුවන් සිහි කෙළෙමි.
kn-ap-1-33:464.8
2854. “අතීතයෙහි යම් බුදුකෙනෙක් වූවාහු ද වර්‍තමානයෙහි හා අනාගතයෙහි යම් බුදුකෙනෙක් වෙත් ද, ඒ තෙකල්හි වූ බුදුවරු මේ ස්වර්‍ණමෘගරාජයා මෙන් බබලත්” යයි සිහි කෙළෙමි.
kn-ap-1-33:464.9
2855. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුදුවරයන් වහන්සේ කෙනකුන් සිතින් සිහිපත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒ බුදුවරුන් සිහිපත් කිරීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:464.10
2856. මෙයින් සත්විසිවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අරඤ්ඤසත්ත නම් රජෙකිම් වීමි.
kn-ap-1-33:464.11
2857. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:464.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිමිත්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:464.13
නිමිත්තසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-33:464.14
326. අන්නසංසාවක ස්ථවිරාවදානය
kn-ap-1-33:464.15
2858. අතුරු අවුණෙහි (අන්තරාපනයෙහි) වඩින්නා වූ කසුන් ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස් ලකුණු යුත් රන්වන් බුදුරජුන් (දිටිමි).
kn-ap-1-33:464.16
2859. සර්‍වාර්‍ත්‍ථයන් සිදු කළ කම්පාවක් නොමැති පස්මරුන් පරදවා ජය ගත් සිදුහත් බුදුරජුන් වැඩම කරවා මහාමුනි වූ සර්‍වඥයන් වහන්සේ වැළඳ වීමි.
kn-ap-1-33:464.17
2860. එකල්හි ලොව්හි කාරුණික වූ බුදුරජ තෙම මාවෙත ආලොකය පැතිර වීය. මම බුදුරජුන් කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
kn-ap-1-33:466.1
2861. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:466.2
2862. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:466.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අන්තසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:466.4
අන්තසංසාවක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-33:466.5
327. නිග්ගුණ්ඩිපුප්ඵීය ස්ථවිරාවදානය
kn-ap-1-33:466.6
2863. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් ච්‍යුත ව යේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ විවිධ ශබ්දකෙනෙක් නිකුත් ව යෙත්:{*}
kn-ap-1-33:466.7
2864. ‘පින්වත, මෙයින් සැව මනුෂ්‍යයන්ගේ ස්වභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ‍්‍රද්ධාව ලබනු මැනව (1)
kn-ap-1-33:466.8
2865-2867. තාගේ ඒ ශ‍්‍රද්ධා තොමෝ (තථාගත) ප‍්‍රවිදිත වූ (කුශල) සද්ධර්‍මයෙහි නිශ්චය විසින් බැස ගන්නා ලද්දී හටගත් මුල් ඇත්තී (තොප) දිවි ඇති තාක් නොසැලුනී වේවා. කයින් කුසල්, වචනයෙන් කුසල් බොහෝ කොට - සිතින් ව්‍යාපාද රහිත ක්ලේශෝපධි රහිත කුසල් කොට - තවද දන් දීමෙන් ඒ ඔපධික (අත්බැව් සපුවට හා සම්පත් භවයට හිතවූ) පින් බොහෝ කොට - අන් මිනිසුන් ද කුශලධර්‍මයෙහි, බ‍්‍රහ්මචර්‍ය්‍යයෙහි පිහිටුවනු මැනව”. (2)
kn-ap-1-33:466.11
2868. යම් කලක දෙවිවරු ච්‍යුත වන දෙවියකු දනිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි (3) (ඔහුට) මෙබඳු අනුකම්පාවෙන් අනුමෝදනය කෙරෙත්.
kn-ap-1-33:466.12
2869. දිව්‍ය සමූහයා රැස් වූ එකල්හි “මම මෙයින් සැව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යෙම් දැ” යි මට සංවේගයක් ඇතිවිය.
kn-ap-1-33:466.13
2870. වඩන ලද (ශ‍්‍රද්ධාදි) ඉඳුරන් ඇති ශ‍්‍රමණයෙක් තෙම මාගේ සංවේගය දැන මා එයින් උදුරණු කැමැත්තේ මවෙත ආයේ ය.
kn-ap-1-33:466.14
2871. එකල්හි සුමන නම් වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ‍්‍රාවක තෙම අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කොට මා සංවිග්න (උත්සාහවත්) කෙළේය.
kn-ap-1-33:466.15
[දොළොස්වන බණවර යි.]
kn-ap-1-33:466.16
2872. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි. ඒ වීරයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙම් වෙමි.
kn-ap-1-33:468.1
2873. (එකි) කුශල මූලයෙන් මෙහෙයන ලද මම ඒ දෙව්ලොව ම උපන්මි. නැවත මවුකුසෙහි වසනෙම් මවු විසින් දරණ ලදිමි.
kn-ap-1-33:468.2
2874. මම ඒ මිනිසත් බැවින් සැව තව්තිසා දෙව්ලොව උපන්මි. එකල්හි මම මෙදෑතුරෙහි දොම්නසක් නො දක්මි.
kn-ap-1-33:468.3
2875. තව්තිසා දෙව්ලොවින් සැව මවුකුසක උපන්මි. මවුකුසින් බිහිව මම කලූ-සුදු හෙවත් පව්-පින් දැනගතිමි.
kn-ap-1-33:468.4
2876. මම උපතින් සත්හැවිරිදි වයස් ඇත්තෙම් ම අරමට පිවිසියෙමි. තාදී ගුණ ඇති භාග්‍යවත් වූ ගෞතම ශාක්‍යපුත‍්‍රයන් වහන්සේගේ-
kn-ap-1-33:468.5
2877. පැතුරුනා වූ බොහෝ දෙනාට අයත් වූ ප‍්‍රචවන සඞ්ඛ්‍යාත ඒ ශාසනයෙහි ශාස්තෘහුගේ ශාසනය පිළිපදින භික්‍ෂූන් දිටිමි.
kn-ap-1-33:468.6
2878. එහි සැවැත් නම් නුවර කොසොල් නම් රජෙක් විය. හේ ඇතු යෙදූ රියෙන් උතුම් බෝධිය වෙත එළඹියේ ය.
kn-ap-1-33:468.7
2879. මම ඒ රජුගේ ඇතා දැක පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. මම ද ඇඳිලි බැඳ සභාරැස්වීමට ගියෙමි.
kn-ap-1-33:468.8
2880. උපතින් සත්හැවිරිදි වූයෙම් ම සසුන් වන්මි. (එකල) යමෙක් බුදුරජුන්හට උවටැන් කෙළේ ද ඒ මේ ආනන්‍ද නම් ශ‍්‍රාවක තෙමේ යි.
kn-ap-1-33:468.9
2881. (සිටි පියෙහි ම සිට පද සැටදහසක් වුව ද බුදුරජුන් වදාළ නියායෙන් ම දැන ගැණුමෙහි සමත් බැවින්) ගතිමත් වූ ද, (බුද්ධ වචනය ඉගෙණ ගැණුම්හි වීර්‍ය්‍යය ද, සජ්ඣායනය කිරීමෙහි වීර්‍ය්‍යය ද, සිත්හි ලා දැරුම්හි වීර්‍ය්‍යය ද, ශාස්තෲන් වහන්සේට උවටන්හි වීර්‍ය්‍යය ද, අන් හැම දෙනට ම වඩා අධිකව ඇති බැවින්) ධෘතිමත් වූ ද, (අන් හැම දෙනට ම වඩා බුදුවදන් සිත්හි ලා දැරීමෙහි සිහි ඇති බැවින්) ස්මෘතිමත් වූ ද, (මෙම සසුනෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි ම සිට බුදුවදන් උගත් බැවින්) බහුශ‍්‍රැත වූ ද, ඒ මහානුභාව ඇති ආනන්‍ද ස්ථවිර තෙම රජුගේ සිත පහදවමින් දම් දෙසීය.
kn-ap-1-33:468.10
2882. මම උන්වහන්සේගේ ධර්‍මය අසා පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. එහි ම සිටි රහත් බවට ද පැමිණියෙමි.
kn-ap-1-33:468.11
2883. (ඉක්බිති) සිවුර එකස් කොට හිසෙහි ඇඳිලි බැඳ සම්බුදුරජුන් වැඳ මේ වචනය කීමි:
kn-ap-1-33:468.12
2884. මම ශාස්තෘ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්ගේ සිහසුනෙහි (බුද්ධාසනයෙහි) සිඳුවරමල් ගෙණ තැබීමි.
kn-ap-1-33:468.13
2885. ද්විපදෝත්තම වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ (කුශල) කර්‍මය කරණකොට ගෙණ ජය-පරාජය දෙක හැර නිශ්චල ස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
kn-ap-1-33:470.1
2886. පස්විසිදහස් කපෙක අබ්බුද - නිරබ්බුද වූ ගණන් විසින් මහා ආයු ඇති ව කපකට අට අට බැගින් මනුජාධිපති වූ ක්‍ෂත‍්‍රිය රජහු වූහ.
kn-ap-1-33:470.2
2887. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:470.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණඩිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:470.4
නිග්ගුණඩිපුප්ඵිය ස්ථිවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-33:470.5
328. සුමනාවේලිය ස්ථවිරාවදානය
kn-ap-1-33:470.6
2888. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ඒ සියලු ජනයෝ එක්ව මහා පූජාවක් කෙරෙත්.
kn-ap-1-33:470.7
2889. මම එකල්හි සුණු පිඩක් සමන් මල්දම් සහිත කොට බුද්ධාසනය ඉදිරියෙහි නගා ලීමි.
kn-ap-1-33:470.8
2890. “තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කවරකු විසින් මේ මල් පුදන ලදදැ” යි සියලු දෙනා එක්ව උතුම් මල් දෙස බලත්.
kn-ap-1-33:470.9
2891. මම ඒ චිත්තප‍්‍රසාදය හේතු කොට ගෙණ නිර්‍මාණරතී දිව්‍යාලෝකයෙහි උපන්මි. පෙර තමා විසින් කරණ ලද පුණ්‍යකර්‍මය (පිළිබඳ විපාකය) අනුභව කෙළෙමි.
kn-ap-1-33:470.10
2892. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හැම තන්හි ම) සියලු දෙනාට ප‍්‍රිය වෙමි. පුෂ්ප පූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-33:470.11
2893. සන්හුන් ඉඳුරන් ඇති තවුසනට කයින් හෝ වචනයෙන් හෝ වැලි සිතින් හෝ මා විසින් කළ නින්‍දාවක් නො දනිමි.
kn-ap-1-33:470.12
2894. මම එම සුචරිතයෙන් ද, චිත්තප‍්‍රණිධි හේතුයෙන් සියලු දෙනා විසින් පුදන ලද්දෙම් වෙමි. (තවුසනට) ආක්‍රෝශ නො කිරීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:470.13
2895. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-33:470.14
2896. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සහස්සාර නම් සක්විති රජෙකිම් වීමි.
kn-ap-1-33:470.15
2897. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:470.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:470.17
සුමනාවේලිය ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-33:472.1
329. පුප්ඵඡත්තිය ස්ථවිරාවදානය
kn-ap-1-33:472.2
2898-2899. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ සත්ත්‍වයන් නිවණට පමුණුවන්නා වූ සත්‍යය දේශනා කරන්නා වූ භාග්‍යවත් වූ සිද්ධාත්‍ථී බුදුරජුන්හට දියෙහි හටගත් මනරම් නෙළුම් මල් ගෙණවුත් පුෂ්පච්ඡත‍්‍රයක් (=මල්කුඩයක්) නගා ලීමි.
kn-ap-1-33:472.4
2900. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත‍්‍රිවිධ ලෝකය ම අවබෝධ කළ ශාස්තෘ වූ සිද්ධාත්‍ථි බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩ හුන්නේ මේ ගාථාව වදාළේය:
kn-ap-1-33:472.5
2901. “යමෙක් මා කෙරෙහි සිත පහදවා මල් කුඩයක් දැරී ද, හෙතෙම ඒ සිත පැහැදවීම කරණ කොට ගෙණ දුගතියකට නො යයි.”
kn-ap-1-33:472.6
2902. ලෝකනායක වූ සිද්ධාත්‍ථි සම්බුදුරජ තෙමේ මෙය වදාරා පිරිස යවා අහසට නැංගේය.
kn-ap-1-33:472.7
2903. නරදේව වූ බුදුරජුන් අහස් නැඟි කල්හි සේසත ද නැංගේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි මහඟු ඡුත‍්‍රය ද යෙයි.
kn-ap-1-33:472.8
2904. මෙයින් සිවු අනූවන කපෙහි යම් ඡත්‍රයක් පිදූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත‍්‍ර පූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-33:472.9
2905. සූසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ‘ජලසිඛ’ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-33:472.10
2906. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:472.11
මෙහි මේ අයුරින් පුප්ඵඡතතිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-33:472.12
පුප්ඵඡතතිය ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-33:472.13
330. සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:472.14
2907. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහස් ජලමේඝයක් මෙන් දහම් වහරේ (වැසි) වස්වයි.
kn-ap-1-33:472.15
2908. අමාපදය (නිවණ) දෙසන්නා වූ සම්බුදුරජුන් දිටිමි. දැක තම සිත පහදවා සිය ගෙට ගියෙමි.
kn-ap-1-33:472.16
2909. සැරසූ ඡත‍්‍රයක් ගෙණ නරෝත්තම වූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටු වූයෙම් සොම්නස් සිතින් මම එය අහස්හි නගා ලීමි.
kn-ap-1-33:472.17
2910. එය මැනවින් සකස් කළ යානයක් මෙන් ද, උතුම් ශ‍්‍රාවකයකු මෙන් ද සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි උඩ පිහිටියේ ය.
kn-ap-1-33:472.18
2911. ලොවට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ ලෝකාග්‍රනායක බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
kn-ap-1-33:474.1
2912. “යමකු විසින් අලඞ්කාර කරණ ලද මනරම් වූ මේ ඡත‍්‍රය දෙන ලද ද, ඒ චිත්තප‍්‍රසාදයෙන් හෙතෙම දුගතියට නො යයි.
kn-ap-1-33:474.2
2913. හේ දෙව්ලොවෙහි සත්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.
kn-ap-1-33:474.3
2914. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
kn-ap-1-33:474.4
2915. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම කොට නිම කළාක් වැනි ඖරස බුද්ධපුත‍්‍රයෙක් ව සියලු ආස‍්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන රහත් ව පිරිනිවෙන්නේ ය.”
kn-ap-1-33:474.5
2916. වදාරණ ලද ඒ අභීත වචන බුදුරජුන්ගේ හඬ යයි දැන මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැඩියක් ම සතුට ඉපද වීමි.
kn-ap-1-33:474.6
2917. මිනිස් අත්බව හැර දෙව් අත්බවට පැමිණියෙමි. මට මනරම් වූ උතුම් විමනෙක් පහළ විය.
kn-ap-1-33:474.7
2918. විමානයෙන් නික්මෙන්නා වූ මට සේසතක් දැරෙයි. එකල්හි (පෙර කඳ පිළිවෙළ) සිහි ලැබීමි. පූවකර්‍මයාගේ මේ විපාක යි.
kn-ap-1-33:474.8
2919. දෙව්ලොවින් සැවැ මිනිසත් බවට ද පැමිණියෙමි. මින් සත්සිය වන කපෙහි සවරක් සක්විති රජ වීමි.
kn-ap-1-33:474.9
2920. ඒ මිනිසත් බැවින් සැවැ දෙව්ලොවට පැමිණියෙමි. පිළිවෙළින් (එහි) හැසිරැ නැවත මිනිසත් බවට පැමිණියෙමි.
kn-ap-1-33:474.10
2921. මවුකුස්හි පිළිසඳ ගත් මට සේසතක් දැරූහ. මම උපතින් සත්හැවිරිදි වූයෙම් සසුන් වන්මි.
kn-ap-1-33:474.11
2922. වේදපාරප්‍රාප්ත වූ ඒ සුනන්‍ද නම් බමුණු තෙමේ පළිඟු ඡත‍්‍රයක් ගෙණ අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේට දුන්නේ ය.
kn-ap-1-33:474.12
2923. මහාවීර වූ ද මහාකථක වූ ද ශාරීපුත්‍රස්ථවිර තෙමේ අනුමෝදනා කෙළේය. උන්වහන්සේගේ අනුමෝදනාව අසා පූර්‍ව කර්‍මය සිහි කෙළෙමි.
kn-ap-1-33:474.13
2924. ඈඳිලි බැඳගෙණ සිය සිත පැහැදවීමි. පූර්‍ව (කුශල) කර්‍මය සිහි කොට රහත් බවට පැමිණියෙමි.
kn-ap-1-33:474.14
2925. මම ඒ අස්නෙන් නැගිට දොහොත් මුදුනේ තබා ආදරයෙන් බුදුරජුන් වැඳ මෙම වචන කීමි:
kn-ap-1-33:474.15
2926. මෙයින් සියක් දහස් වන කපෙහි ලොව්හි හැමට ම උතුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළා වූ (ත‍්‍රිවිධ) ලෝකය මැනවින් දත් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජතෙම (ලොව පහළ විය.)
kn-ap-1-33:476.1
2927. මා විසින් විසිතුරු වූ මනාව අලඞ්කාර කරණ ලද ඡත‍්‍රයක් උන්වහන්සේට දෙන ලදී. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග‍්‍රපුද්ගල වූ සර්‍වඥතෙම දොහොතින් එය පිළිගත්තේ ය.
kn-ap-1-33:476.2
2928. බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය යි. ධර්‍මය ආශ්චර්‍ය්‍ය යි. අපගේ ශාස්තෘ සම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය යි. මම එක ඡත‍්‍රයක් දීම හේතුකොට ගෙණ දුගතියක නො උපන්මි.
kn-ap-1-33:476.3
2929. මවිසින් කෙලෙස් දැවින. සියලු භව නැසින. සියලු ආස‍්‍රව පරිඥානයෙන් දැන රහත් ව වෙසෙමි.