Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3601-3700 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:428.2
2663. මෙයින් තෙවිසිවන කපෙහි මහත් බල ඇති සමණුපට්ඨාක නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:428.3
2664. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:428.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:428.5
බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:428.6
290. පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය
kn-ap-1-19:428.7
2665. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලැබීම පිණිස අසූහාරදහසක් දෙනා (කිසිදු වස්තුවක් නො මැති බැවින්) අකිඤ්චක වූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
kn-ap-1-19:428.8
2666. පැහැදුනු නො කැලඹුනු මොවුහු රාග සහිතයෝ ය. භවෝත්පත්තිය නැති නො කොළෝය. පහන් සිත් ඇති (රහත්නට) සියතින් ම මැනවින් උවටැන් කළාහුය.
kn-ap-1-19:428.9
2667. ක්‍ෂය කළ ආශ්‍රව ඇති, දුරු කළ කෙලෙස් දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ (උන්වහන්සේ) හැමදෙන (අප කෙරෙහි) මෙත් සිත පැතිර වූහ.
kn-ap-1-19:428.10
2668. ඒ සියලු සම්බුදුවරයන් වහන්සේට උවටැන් කොට එළඹ සිටි සිහි ඇතිව මරණයට පැමිණියමෝ දේවත්‍වයට ද ගියෙමු.
kn-ap-1-19:428.11
2669. මෙයින් සිවුඅනූවන කපෙහි යම් සීලයක් රැකියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සංයමයාගේ මේ විපාක යි.
kn-ap-1-19:428.12
2670. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:428.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:428.14
පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:428.15
උද්දානය:
kn-ap-1-19:428.16
පණ්ණ ඵල පච්චුග්ගමිය - ඒකපුප්ඵි මාඝව උපට්ඨාන අපදාන - පබ්බජ්ජා බුද්ධුපට්ඨාක පුබ්බඞ්ගම ද දසවත් - අටසාළිස් ගයෙක් වේ.
kn-ap-1-19:428.17
පර්‍ණදායක වර්‍ගය එකුන්තිස්වනු යි.
kn-ap-1-19:430.1
30. චිතකපූජක වර්‍ගය
kn-ap-1-19:430.2
291. චිතකපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:430.3
2671. එකල්හි මම අජිත නම් බමුණෙකිම් වීමි. පූජාවක් කරණු කැමැත්තෙම් නොයෙක් මල් රැස් කෙළෙමි.
kn-ap-1-19:430.4
2672. සිඛී බුදුරජානන් වහන්සේගේ සෑය දැක මම ඒ සියලු මල් ගෙණවුත් එයින් සෑය පිදීමි.
kn-ap-1-19:430.5
2673. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-19:430.6
2674. මෙයින් සත්විසිවන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති සුපජ්ජලිත නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:430.7
2675. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:430.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:430.9
චිතකපූජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:430.10
292. පුප්ඵධාරක ස්ථවිරාවදානය
kn-ap-1-19:430.11
2676. (මම) වැහැරි සිවුරු දරණ, එකස් කොට හැඳගත් අඳුන් දිවි සම් ඇති, ඉපද වූ පඤ්චාභිඥා ඇති, සඳ පිරිමැදීමෙහි සමත් (=ඉදුමත්) තවුසෙකිම් වීමි.
kn-ap-1-19:430.12
2677. මා සමීපයට වැඩියා වූ මුළු ලොවට පහනක් බඳු වූ විපස්සී බුදුරජුන් දැක මම ඒ ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙණවුත් කුඩයක් කොට) දැරීමි.
kn-ap-1-19:430.13
2678. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් සැතක් දැරුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත්‍රය (=මල්කූඩය) ක් දැරීමෙහි මේ විපාක යි.
kn-ap-1-19:430.14
2679. මෙයින් සත්අසූවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විත්තෙකිම් වීමි.
kn-ap-1-19:430.15
2680. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:430.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:430.17
පුප්ඵධාරක ස්ථවිරාවදානය දෙවනු යි.
kn-ap-1-19:432.1
293. ඡත්තදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:432.2
2681. එකල්හි මාගේ පුත්‍ර තෙමේ කසාවත් හැඳගත් පැවිද්දෙක් විය. හෙතෙම ශ්‍රාවක බෝධිය (රහත් බව) ට පැමිණියේ ලෝකයා විසින් පුදනු ලැබුවෙක් ව පිරිනිවන් පෑයේ ය.
kn-ap-1-19:432.3
2682. මම සිය පුතු සොයමින් පසුපසින් ගියෙමි. මම පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ සෑය වෙත පැමිණියෙමි.
kn-ap-1-19:432.4
2683. මම එහි ඇඳිලි බැඳගෙණ සෑය වැඳ එකල්හි ශ්වේතච්ඡත්‍රයක් ද ගෙණ (සෑයට) නැංවීමි.
kn-ap-1-19:432.5
2684. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඡත්‍රපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාක යි.
kn-ap-1-19:432.6
2685. මෙයින් පස්විසිවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරහ නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
kn-ap-1-19:432.7
2686. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:432.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:432.9
ඡත්තදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:432.10
294. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:432.11
2687. හිරු උදාවන්නටත් පෙර ප්‍රනාදය මහත් විය. (මෙය) මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ ලොව පහළවීම යි.
kn-ap-1-19:432.12
2688. (ගිලන්ව ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්දය ඇසීමි. ඒ බුදුරජුන් නො දිටිමි. මරණය ලං වූ කල්හි ද බුද්ධ යන නාමය මෙනෙහි කෙළෙමි.
kn-ap-1-19:432.13
2689. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධ යන හැඟීමක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවගේ මේ විපාක යි.
kn-ap-1-19:432.14
2690. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:432.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:432.16
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:434.1
295. ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය
kn-ap-1-19:434.2
2691. මා විසින් (භික්‍ෂුසඞ්ඝයා) අරම් දොරින් නික්මෙන (මඩසහිත) මගෙහි ගවහිස් කබලක් අතුරණ ලදි. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්‍මයේ විපාකය විඳිමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:434.3
2692. ආජානීය අශ්වයෝ ද වාතවේගයෙන් දුවන වාතජව අශ්වයෝ ද සෛන්‍ධව (සින්‍ධුදේශයේ උපන්) අශ්වයෝ ද යන මේ සියලු ශීඝ්‍රවාහන (සම්පත්) අනුභව කරමි. ගව හිස් කබල (සඞ්ඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:434.4
2693. පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍යයි. මා විසින් සරු කෙතෙහි උතුම් පින්කමක් කරණ ලදි. සඞ්ඝයා විෂයයෙහි කරණ ලද උපකාරය සසඳන විට අනික් සත්කාරයක් (එයින්) කලාවකට ද නො අගී.
kn-ap-1-19:434.5
2694. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගමන් පහසුව ඇතිවන සේ සඞ්ඝයා සඳහා ගෙරි හිස් කබල) ඇතිරීමේ මේ විපාකය යි.
kn-ap-1-19:434.6
2695. පන්සැත්තෑවන කපෙහි මහත් බල ඇති අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:434.7
2696. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:434.8
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගෝසීසනික්ඛේපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:434.9
ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:434.10
296. පාදපූජක ස්ථවිරාවදානය
kn-ap-1-19:434.11
2697. එකල්හි මම හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. එහි රන්වන් රස් ඇති උදා හිරු මෙන් බබලන බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:434.12
2698. (තමා සිටින තැනට) වැඩියා වූ ලෝකනායක වූ ඒ විපස්සී බුදුරජුන් දැක මම සිරිපා මුල සඳුන් ද තුවරලා ද ඉස්සෙමි.
kn-ap-1-19:434.13
2699. මෙයින් එක්අනූවන කපෙහි යම් ශ්‍රීපාද පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිරිපා පීදිමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:434.14
2700. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:434.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:434.16
පාදපූජක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:436.1
297. දෙසකිත්තක ස්ථවිරාවදානය
kn-ap-1-19:436.2
2701. එකල්හි මම උපසාළ්හක නම් බමුණෙක් වීමි. මහවනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වූ පරම පුරුෂ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ
kn-ap-1-19:436.3
2702. බුදුරජුන් දැක සිරිපා වැන්දෙමි. පහන් සිත් ඇති මා දැන බුදුරජ තෙම අතුරුදහන් විය.
kn-ap-1-19:436.4
2703. වනයෙන් නික්ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. (බුදුරජුන් වැඩියා වූ) ඒ දෙසට පසසා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
kn-ap-1-19:436.5
2704. මෙයින් දෙයානූවන කපෙහි (බුදුරජුන් වැඩියා වූ ඒ) යම් දෙසකට පැසසූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:436.6
2705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:436.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසකිත්තක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:436.8
දෙසකිත්තක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:436.9
298. සරණගමනිය ස්ථවිරාවදානය
kn-ap-1-19:436.10
2706. මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:436.11
2707. මම සම්බුදුරජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (=අටලෝදහමින් නොසැලෙන) බුදුවරයන් වහන්සේ සරණ ද ගියෙමි.
kn-ap-1-19:436.12
2708. මම මෙයින් එක්අනූවන කපෙහි බුදුරජුන් සරණ කොට ගියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ සරණගමනයෙහි විපාකය යි.
kn-ap-1-19:436.13
2709. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:436.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:436.15
සරණගමනිය ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:436.16
299. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
kn-ap-1-19:436.17
2710. එකල්හි නමින් රෝමස නම් වූ මම දානව යයි ප්‍රකට වූයෙම් වීමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹකැනක් දෙන ලදි.
kn-ap-1-19:436.18
2711. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
kn-ap-1-19:438.1
2712. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:438.2
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:438.3
අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:438.4
300. අනුසංසාවක ස්ථවිරාවදානය
kn-ap-1-19:438.5
2713. මම පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන් දිටිමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (ඒ බුදුරජුන්හට) සැන්දක් පමණ වූ භික්‍ෂාව දිනිමි.
kn-ap-1-19:438.6
2714. මම එකල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස බුදුරජුන් පැසසීමි.
kn-ap-1-19:438.7
2715. මෙයින් එක්අනූවන කපෙහි මම (බුදුරජුන්) පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:438.8
2716. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:438.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:438.10
අනුසංසාවක ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:438.11
උද්දානය:
kn-ap-1-19:438.12
චිතක පාරිච්ඡත්ත සද්ද ගොසීසසන්‍ථර පද පදෙස් සරණ ද අම්බ සහ සංසාවක ද සත්සාළිස් ගයෙක් ගැණිනී ගණන් දතුවන්
kn-ap-1-19:438.13
චිතකපූජක වර්‍ගය තිස්වනු යි.
kn-ap-1-19:438.14
යලි වර්‍ග උද්දානය:
kn-ap-1-19:438.15
කණිකාර හත්‍ථිද්ද ආලම්බනු දකාසන, තුවර ථොමක සහ උක්ඛේප සීසූපධාන ද. පණ්ණද චිතකපූජිදැයි සැම ලෙසින් ඇති මෙහි ගී, සතරෙක් ද සියයක් එක්පණසෙක් ද යලි එහි, පස්විසි සියක් හා දෙසැත්තෑවකි උතුරා, අපදාන තෙසියක් මෙහි මෙතෙක් ගයින් කියන ලදී.
kn-ap-1-19:438.16
තෙවෙනි සියය නිමියේ ය.
kn-ap-1-19:440.1
31. පදුමකේසර වර්‍ගය