Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3401-3500 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:404.12
2546. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් තෙල් ගැල්වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෙල් ගැල්වීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:404.13
2547. මෙයින් සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුච්ඡවි නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:404.14
2548. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:404.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:404.16
තෙලමක්ඛිය ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:404.17
263. අඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය
kn-ap-1-19:404.18
2549. තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මා විසින් අර්‍ධචන්‍ද්‍රාකාරයෙන් නොයෙක් වර්‍ගයන්හි මල් පුදන ලදී.
kn-ap-1-19:404.19
2550. මෙයින් දෙයානූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:406.1
2551. මෙයින් පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දේවල නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:406.2
2552. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:406.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:406.4
අඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:406.5
264. පදීපිය ස්ථවිරාවදානය
kn-ap-1-19:406.6
2553. එකල්හි දෙවියකු වූ මම පොළොවට බැස පහන් වූයෙම් සියතින් ම පහන් පසක් පිදීමි.
kn-ap-1-19:406.7
2554. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:406.8
2555. පස්පණස්වනු කපෙහි පෘථිවීශ්වර වූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:406.9
2556. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:406.10
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:406.11
පදීපිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:406.12
265. බිළාලිදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:406.13
2557. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයක් විය. ඒ පර්‍වත පාදයෙහි රක්නා ලද ඉඳුරන් ඇති සමිතපාපී වූ පසේබුදුවරයෙක් විය.
kn-ap-1-19:406.14
2558. මම බිළාලි නම් අල ගෙණ ගොස් ඒ ශ්‍රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේ ම දත් මහාවීර වූ පස්මරුන් දිනූ ඒ පසේබුදුරජ තෙම අනුමෝදනාව කෙළේය.
kn-ap-1-19:406.15
2559. තොප විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලද ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි තොපට ද එහි ඵල නිපදේවා (කියායි).
kn-ap-1-19:406.16
2560. මම මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බිළාලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිළාලිදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:406.17
2561. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:406.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:406.19
බිළාලිදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:408.1
266. මච්ඡදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:408.2
2562. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කබරුස්සෙක් (පක්‍ෂි විශේෂයක්) වීමි. මහත් මත්ස්‍යයකු ගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට දුනිමි.
kn-ap-1-19:408.3
2563. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් මත්ස්‍යදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මත්ස්‍යදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:408.4
2564. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:408.5
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මච්ඡදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:408.6
මච්ඡදායක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:408.7
267. ජවහංසක ස්ථවිරාවදානය
kn-ap-1-19:408.8
2565. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වැද්දෙක් වීමි. අහස්මගෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:408.9
2566. මම මහාමුනි වූ ඒ බුදුරජුන් බලමින් ඇඳිලි බැඳ සිය සිත පහදවා ලෝකනායක වූ උන්වහන්සේට වැඳීමි.
kn-ap-1-19:408.10
2567. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බුදුවරයෙකුට වැන්දෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:408.11
2568.සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:408.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:408.13
ජවහංසක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-19:408.14
268. සලලපූප්ඵිය ස්ථවිරාවදානය
kn-ap-1-19:408.15
2569. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මිජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:408.16
2570. මම පහන් සිතැත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් සලල (=හොර) මල් ගෙණ ඒ විපස්සී බුදුරජුන්හට විසිරවීමි. (පිදීමි.)
kn-ap-1-19:408.17
2571. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-19:408.18
2572. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:408.19
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපූප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:408.20
සලලපූප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:410.1
269. උපාගතාසය ස්ථවිරාවදානය
kn-ap-1-19:410.2
2573. හිමවත මැද මැනවින් නිම කළ විලක් විය. මම එහි අනුන් වෙහෙසන සුලු භයානක රකුසෙක් වීමි.
kn-ap-1-19:410.3
2574. අනුකම්පාව ඇති කරුණාවත් වූ ඒ විපස්සී බුදුරජ තෙම මා (ඒ දරුණු ජීවිතයෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
kn-ap-1-19:410.4
2575. මම එසේ පැමිණියා වූ මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ (උන්වහන්සේ දිටිමි) (දැක) වසන තැනින් නික්ම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
kn-ap-1-19:410.5
2576. මෙයින් එක්අනූවන කපෙහි පුරුෂෝත්තම වූ බුදුරජුන්හට යම් වැඳීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැඳීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:410.6
2577. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:410.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාගතාසය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:410.8
උපාගතාසය ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:410.9
270. තරණිය ස්ථවිරාවදානය
kn-ap-1-19:410.10
2578. දක්‍ෂිණාර්‍හ වූ ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ශාස්තෘ වූ විපස්සී බුදුරජ තෙම ගංතෙරෙහි සිටියේය.
kn-ap-1-19:410.11
2579. මහගඟ තරණය කරණ නැවක් එහි නො වීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායක වූ ඒ බුදුරජුන් එතර කරවීමි.
kn-ap-1-19:410.12
2580. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන් ගඟින් එතර කිරීම් සඞ්ඛ්‍යාත යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් එතර කිරීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:410.13
2581. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:410.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:410.15
තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:410.16
උද්දානය:
kn-ap-1-19:410.17
උක්ඛේපී තෙලචන්‍දී - දීපද හා බිළාලිද මච්ඡජල සලලද - රක්ඛස තරණ යී දස එක්සාළිස් ගයකින් - මෙම වග කියා නිම විනි.
kn-ap-1-19:410.18
ආකාශොතෙක්‍ෂප වර්‍ගය සත්විසිවනු යි.
kn-ap-1-19:412.1
28. ස්වර්‍ණබිම්බොහන වර්‍ගය
kn-ap-1-19:412.2
271. සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය
kn-ap-1-19:412.3
2582. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දිනිමි. බිම්බොහන (=මෙට්ට) යක් ද දිනිමි.
kn-ap-1-19:412.4
2583. මෙයින් එක් අනූවන කපෙහි මම යම් බිම්බොහන දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:412.5
2584. මෙයින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:412.6
2585. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:412.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බොහනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:412.8
සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:412.9
272. තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:412.10
2586. ලෝකනායක වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මනෝමය වූ කයින් හෙවත් චිත්ත ගතියට හැර වූ සිරුරින් යුතුව ඍද්ධියෙන් (මා වෙත) එළඹියේ ය.
kn-ap-1-19:412.11
2587. මම එසේ එළඹියා වූ පුරුෂෝත්තම වූ ශාස්තෲන් වහන්සේට වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල මිටක් දිනිමි.
kn-ap-1-19:412.12
2588. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තලමිටක් දීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:412.13
2589. මෙයින් සොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නන්‍දිය නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:412.14
2590. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:412.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:412.16
තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය දෙවැනි යී.
kn-ap-1-19:412.17
273. චඞ්ගොටකිය ස්ථවිරාවදානය
kn-ap-1-19:412.18
2591. සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම මහසයුර ඇසුරු කොට ඇති කඳු අතරක වැඩ වෙසෙයි. මම (මල්) ගොටුවක් සාදා ගෙණ උන්වහන්සේට පෙර ගමන් කොට එය පිළිගැන්වීමි.
kn-ap-1-19:412.19
2592. මම සියලු සත්ත්‍වයන්ට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන් හට මල්ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
kn-ap-1-19:414.1
2593. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (එසේ) මල් ගොටුවක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ගොටුවක් පිදීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:414.2
2594. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:414.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ගොටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:414.4
චඞ්ගොටකිය ස්ථවිරාවදානය තෙවැනියි.
kn-ap-1-19:414.5
274. අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:414.6
2595-2596. වීතරාගී වූ තාදී ගුණ ඇති ආකාශය සමව පැතුරුණු (මෙත්) සිත් ඇති ප්‍රමාද විහරණ නැති ධ්‍යාන කරන්නා වූ සියලු මුළා වීම් ඉක්ම වූ සකල ලෝක හිතෛෂී භාවයෙන් යුත් ද්වීපදෝත්තම වූ භාග්‍යවත් කොණ්ඩඤ්ඤ බුදුරජුන්හට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.
kn-ap-1-19:414.8
2597. මෙයින් අසඞ්ඛ්‍ය කල්පයකට පෙර වූ එකල්හි (යම්) ආලේපන තෛලයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකය යි.
kn-ap-1-19:414.9
2598. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:414.10
2599. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:414.11
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:414.12
අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-19:414.13
275. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
kn-ap-1-19:414.14
2600. දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නා වූ මහර්ෂී වූ තිස්ස බුදුරජානන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
kn-ap-1-19:414.15
2601. ලෝකනාථ වූ තාදී ගුණ ඇති ඒ තිස්ස බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
kn-ap-1-19:414.16
2602. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් පූජා කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකය යි.
kn-ap-1-19:416.1
2603. මෙයින් තුදුස්වන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති ඒකඤ්ජලික නම් සක්විති රජෙක් වීමි.