Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9801-9849 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1301. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1301. පූර්‍වනිවාස දනිමි, දිව ඇස ශුද්ධ කරන ලද, සර්‍වාස්‍රවයෝ පරික්‍ෂීණයහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1302. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම විමලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස වාහසා.
Sinhala BJT1302. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේ මැ ප්‍රතිභානයෙහි ද මාගේ ඥානය නිර්‍මල විය, පරිශුද්ධ වී.
Pali BJT1303. භාවනාය මහාපඤ්ඤා සුතෙන ච සුතාවිනී මානෙන නිචකුලජා න හි කම්මං විනස්සති.
Sinhala BJT1303. භාවනායෙන් මහාප්‍රඥා ඇතිවීමි, ශ්‍රැතය හේතු කොට ගෙන ශ්‍රැතාවිනී වෙමි, මානයෙන් නීචකුලයෙහි උපන්මු. එසේ මැය, කර්‍මය නො නැසෙන්නේ යි.
Pali BJT1304-1306. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1304. – 1306. ක්ලේශයෝ දවන ලදහු ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං පුණ්ණා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ පුණ්ණා මෙහෙණ මේ ගාථා කිවු යැ.
Pali BJTපුණ්ණාථෙරියාපදානං අට්ඨමං.
Sinhala BJTඅටවැනි පුණ්ණා ස්ථවිරාපදාන යි.
Pali BJT4. 9 අම්බපාලී අපදානං
Sinhala BJT4. 9 අම්බපාලී අපදානය
Pali BJT1307. යො රංසිඵුසිතාවෙලො ඵුස්සො නාම මහාමුනි තස්සා’හං භගිනී ආසිං අජායිං ඛත්තියෙ කුලෙ
Sinhala BJT1307. රස් පහස් ලද රැළි ඇති යම් ඵුස්ස නම් මහාමුනි කෙනෙක් වූවාහු ද, මම් ඔබට බුහුන වීමු. කැත්කුලෙහි උපන්මු.
Pali BJT1308. තස්ස ධම්මං සුණිත්වා’හං විප්පසන්නෙන චෙතසා මහාදානං දදිත්වාන පත්ථයිං රූපසම්පදං.
Sinhala BJT1308. ඒ බුදුන්ගේ දහම් අසා වෙසෙසින් පහන් සිතින් යුක්ත වැ මහදන් දී රූප සම්පත් ප්‍රාර්‍ත්‍ථනා කළමු.
Pali BJT1309. එකතිංසෙ ඉතො කප්පෙ සිඛී ලොකග්ගනායකො උප්පජ්ජි ලොකපජ්ජොතො තිලොකසරණො ජිනො.
Sinhala BJT1309. මොබින් එක්තිස්වන කපෙහි ලෝකාග්‍රනායක වූ ලොවට ප්‍රදීප වූ තුන්ලොවට සරණ වූ සිඛී නම් ජිතපඤ්චමාරයන් වහන්සේ පහළ වූ සේක.
Pali BJT1310. තදා’රුණපුරෙ රම්මෙ බ්රහ්මඤ්ඤකුලසම්හවා විමුත්තචිත්තං කුපිතා භික්ඛුනිං අභිසාපයිං.
Sinhala BJT1310. එකල රම්‍ය වූ අරුණ පුරයෙහි බමුණු කුලයෙහි උපන්මු, කිපුණු කිත් ඇති වැ රහත් මෙහෙණකට ශාප කළමු.
Pali BJT1311. “වෙසිකාව අනාචාරා ජිනසාසනදූසිකා” එවං අක්කොසයිත්වාන තෙන පාපෙන කම්මුනා.
Sinhala BJT1311. “වෛශ්‍යාවක මෙන් අනාචාර ඇති වැ බුදුසසුන දූෂණය කරන්නී” යයි මෙසේ ආක්‍රෝශ කොට ඒ පව් කැමින් -
Pali BJT1312. දාරුණං නිරයං ගන්ත්වා මහාදුක්ඛසමප්පිතා තතො චුතා මනුස්සෙසු උපපන්නා තපස්සිනී.
Sinhala BJT1312. දරුණු වූ නිරයට ගොස් මහත් වූ දුකින් මඩනා ලදුමු, එයින් සැවැ මිනිස් ලොවැ බැගෑපත් වැ උපන්මු.
Pali BJT1313. දසජාතිසහස්සානි ගණිකත්තමකාරයිං තම්හා පාපා න මුච්චිස්සං භුත්වා දුට්ඨවිසං යථා.
Sinhala BJT1313. දසදහසක් ජාතියෙහි ගණිකාබව කළමු, දුෂ්ට වූ විෂයක් වළඳා මෙන් ඒ පාපයෙන් නො මිදිණිමි.
Pali BJT1314. බ්රහ්මචරියමසෙවිස්සං කස්සපෙ ජින සාසනෙ තෙන කම්මවිපාකෙන අජායිං තිදසෙ පුරෙ.
Sinhala BJT1314. කසුප් බුදුන්ගේ ශාසනයෙහි බඹසර විසීමි, ඒ කර්‍ම විපාකයෙන් දෙව්ලොවැ උපන්මු.
Pali BJT1315. පච්ඡිමභවෙ සම්පත්තෙ අහොසිං ඔපපාතිකා අම්බසාඛන්තරෙ ජාතා අම්බපාලීති තෙන හං.
Sinhala BJT1315. පශ්චිම භවය පැමිණි කල්හි ඕපපාතිකා වීමි, අඹ අතු අතරැ උපන්නී එයින් මම ‘අම්බපාලී’ නම් වීමු.
Pali BJT1316. පරිවුතා පාණකොටීහි පබ්බජිං ජිනසාසනෙ පත්තාහං අචලං ඨානං ඨිතා බුද්ධස්ස ඔරසා.
Sinhala BJT1316. ප්‍රාණකොටීන් විසින් පිරිවරන ලදු වැ බුදුසසුන්හි පැවිදි වීමි, අචල වූ (නිර්‍වාණ) ස්ථානයට පැමිණියා බුදුරදුන්ට ඖරෂ වූ දියණියක් වීමු.
Pali BJT1317. ඉද්ධීසු ච වසී හොමි සොතධාතුවිසුද්ධියා චෙතො පරියඤාණස්ස වසී හොමි මහාමුනෙ.
Sinhala BJT1317. දිව්‍යශ්‍රෝත්‍රධාතු විශුද්ධියෙන් යුක්ත වැ ඍද්ධීන්හි ද වසී වෙමි, මහාමුනිවරය, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
Pali BJT1318. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1318. පූර්‍වනිවාස දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1319. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විමලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස වාහසා.
Sinhala BJT1319. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අත්‍ථ ධම්ම නිරුත්තීන්හි ද එසේමැ පටිභානයෙහි ද මගේ ඥානය නිර්‍මල යැ, පරිශුද්ධ වී.
Pali BJT1320-1322. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1320. – 1322. ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං අම්බපාලී භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ අම්බපාලී මෙහෙණ මේ ගාථාවන් කිවු යැ.
Pali BJTඅම්බපාලීථෙරියාපදානං නවමං.
Sinhala BJTනවවැනි අම්බපාලී ස්ථවිරාවදාන යි.
Pali BJT4. 10 පෙසලාපදානං
Sinhala BJT4. 10 පේසලාපදානය
Pali BJT1323. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධුමහායසො කස්සපො නාම නාමෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT1323. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් බුදුහු උපන් සේක.
Pali BJT1324. සාවත්ථියං පුරවරෙ උපාසකකුලෙ අහං පසූතා තං ජිනවරං දිස්වා සුත්වා ච දෙසනං.
Sinhala BJT1324. මම සැවැත්පුරවරයෙහි උවසුකුලයෙක උපන්මු. ඒ ජිනවරයන් දැක දේශනාව ද අසා -
Pali BJT1325. තං වීරං සරණං ගන්ත්වා සීලානි ච සමාදියිං කදාචි සො මහාවීරො මහාජනසමාගමෙ.
Sinhala BJT1325-1326. ඒ වීරයන් සරණ ගොස් සිල් ද සමාදන් වීමි, කිසිකලෙක ඒ නරාසභ වූ මහාවීරයන් වහන්සේ මහාජන සමාගමයෙහි තමන් වහන්සේගේ අභිසම්බෝධිය ප්‍රකාශ කළ සේක: “දුක්ඛා දි වූ පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි -
Pali BJT1326. අත්තනො අභිසම්බොධිං පකාසෙසි නරාසභො “අනනුස්සුතෙසු ධම්මෙසු පුබ්බෙ දුක්ඛාදිකෙසු ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1327. චක්ඛු ඤාණං ච පඤ්ඤා ච විජ්ජාලොකො ච ආසි මෙ” තං සුත්වා උග්ගහෙත්වාන පරිපුච්ඡිං ච භික්ඛවො.
Sinhala BJT1327. නුවණැස ද ඥානය ද ප්‍රඥාව ද මාගේ විද්‍යාලෝකය ද වී” යයි ඒ අසා ඉගෙන යළි භික්‍ෂූන් විචාළමු.
Pali BJT1328. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT1328. මොනොවට කළ ඒ කර්‍මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT1329. පච්ඡිමෙ ච භවෙ’දානි ජාතා සෙට්ඨිමහාකුලෙ උපෙච්ච බුද්ධං සද්ධම්මං සුත්වා සච්චූපසංහිතං.
Sinhala BJT1329. දැන් පශ්චිම භවයෙහි මහ සිටුකුලයෙහි උපන්මු. බුදුන් කරා එළැඹැ සත්‍යප්‍රතිසංයුක්ත වූ සද්ධර්‍මය අසා -
Pali BJT1330. පබ්බජිත්වා චිරෙනෙව සච්චත්ථානි විචින්තයං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ අරහත්තං අපාපුණිං.
Sinhala BJT1330. පැවිදි වැ නොබෝ කලෙකින් මැ සත්‍යාර්‍ත්‍ථයන් විමසමින් සියලු ආස්‍රවයන් ගෙවා රහත්බවට පැමිණියමු.
Pali BJT1331. ඉද්ධිසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනෙ.
Sinhala BJT1331. මහාමුනිවරය, ඍද්ධීන්හි ද දිවසෝධායෙහි ද වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
Pali BJT1332. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1332. පූර්‍වනිවාස දනිමි, දිව ඇස විශෝධිත යැ, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1333. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විමලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස වාහසා
Sinhala BJT1333. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අත්‍ථ ධම්ම නිරුත්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඥානය විමල යැ, පරිශුද්ධ යි.
Pali BJT1334. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
Sinhala BJT1334. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, කෙලෙස් බැඳුම් සිඳ ආස්‍රව රහිත වැ ඇතින්නක මෙන් වෙසෙමි.
Pali BJT1335. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1335. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි එකැතින් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්තයහ, බුදුසසුන් කරන ලද.
Pali BJT1336. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨි’මෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1336. සිව්පිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥා ද පසක් කරන ලදහ, බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං පෙසලා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් පේසලා මෙහෙණ මේ ගාථා කිවු යැ.
Pali BJTපෙසලාථෙරියාපදානං දසමං.
Sinhala BJTදසවැනි පේසලා ස්ථවිරාවදාන යි.
Pali BJTඛත්තියාවග්ගො චතුත්ථො.
Sinhala BJTහතරවැනි ඛත්තියා වර්‍ග යි.
Pali BJTතත්ථුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඛත්තියා බ්රාහ්මණී චෙව තථා උප්පලදායිකා සිගාලමාතා සුක්කා ච අභිරූපා අඩ්ඪකාසිකා,
Sinhala BJTකැත් මෙහෙණන්ගේ අපදාන යැ, බැමිණි මෙහෙණන්ගේ අපදාන යැ, උප්පලදායිකා යැ, සිගාලමාතු යැ, සුක්කා යැ, අභිරූපනන්‍දා යැ, අඩ්ඪකාසීයැ -
Pali BJTපුණ්ණා ච අම්බපාලී ච පෙසලාති ච තා දස ගාථායො ද්විසතානෙත්ථ ද්විචත්තාලීස චුත්තරි.
Sinhala BJTපුණ්ණා යැ, අම්බපාලී යැ, පේසලා යැයි අපදාන දසයක් වෙති. එහි ගාථා දෙසාලිසක් අධික කොට ඇති දෙසියයක් වෙත්.
Pali BJTඅථ වග්ගුද්දානං:
Sinhala BJTයළි වර්‍ග උද්දානය:
Pali BJTසුමෙධා එකූපොසථා කුණ්ඩලකෙසී ඛත්තියා සහස්සං තිසතා ගාථා සත්තතාලිස පිණ්ඩිතා,
Sinhala BJTසුමේධා වර්‍ග යැ, ඒකුපෝසථික වර්‍ග යැ, කුණ්ඩලකේසී වර්‍ග යැ, ඛත්තියා වර්‍ග යි එහි ගාථා සත්සාලිසක් හා එක්දහස් තුන්සියෙකි.
Pali BJTසහ උද්දානගාථාහි ගණිතායො විභාවිහි සහස්සං තිසතා ගාථා සත්තපඤ්ඤාසමෙව චා’ති.
Sinhala BJTවිභාවීන් විසින් උද්දාන ගාථා සමග ගණන ලද්දාහු එක්දහස් තුන්සියසත්පනසෙකි.
Pali BJTථෙරීඅපදානං සමත්තං.
Sinhala BJTථේරීඅපදානය සමාප්ත යැ.
Pali BJTසමත්තා අපදානපාළි.
Sinhala BJTඅපදානපාළි සමාප්ත යි.