Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9701-9800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1205. දස්සනත්ථාය බුද්ධස්ස සබ්බදාව වජාමහං අතිත්තායෙව පස්සාමි රූපං නයනනන්දනං.
Sinhala BJT1205. බුදුන් දැකීම පිණිස මම හැම දින මැ යමි, නයන නන්‍දන වූ බුද්ධ රූපය තෘප්ති රහිත ව මැ දක්මි.
Pali BJT1206. සබ්බපාරමිසම්භූතං ලක්ඛීනිලයනං වරං රූපං සබ්බසුභාකිණ්ණං අතිත්තා විහරාමහං.
Sinhala BJT1206. සියලු පාරමී බලයෙන් හටගත් ලක්‍ෂමී නිවාස වූ සියලු ශුභ ලක්‍ෂණයෙන් ගැවැසීගත් උත්තම රූපය මම අතෘප්ත වැ (බලමින්) වෙසෙමි.
Pali BJT1207. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං “සිගාලකස්ස යා මාතා අග්ගා සද්ධාධිමුත්තිකා.”
Sinhala BJT1207. ඒ ගුණයෙහි සතුටු වූ ජින වූ බුදුහු ‘සිගාලක’ ගේ මාතෘ වූ මෙහෙණ අග්‍ර වූ ශ්‍රද්ධාධිමුක්ති ඇත්තී යයි මා ඒතදග්‍රයෙහි තැබූහ.
Pali BJT1208. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනි.
Sinhala BJT1208. මහාමුනීද්‍රයන් වහන්ස, ඍද්ධි විෂයෙහි ද දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙහි ද වශී වෙමි, පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
Pali BJT1209. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT1209. පූර්‍වනිවාස දනිමි, දිවඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති,
Pali BJT1210. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT1210. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සමීපයෙහි අත්‍ථ ධම්ම නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඤාණය උපන.
Pali BJT1211-1213. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1211. – 1213. මා විසින් ක්ලේශයෝ දවන ලදහු ... බුදුන්ගේ අනුසසුන් කරන ලද.
Pali BJTඉත්ථං සුදං සිගාලමාතා භික්ඛුනී භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සිගාලමාතා මෙහෙණ මේ ගාථා කිවු යැ.
Pali BJTසිගාලමාතාථෙරීයාපදානං චතුත්ථං.
Sinhala BJTහතරවැනි සිගාලමාතා ස්ථවිරාපදාන යි.
Pali BJT4. 5 සුක්කාපදානං
Sinhala BJT4. 5 සුක්කාපදානය
Pali BJT1214. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො උප්පජ්ජි චාරුනයනො{1} සබ්බධම්මවිපස්සකො.
Sinhala BJT1214. මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සර්‍වධර්‍මයන් දන්නා වූ විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.
Pali BJT1215. තදා’හං බන්ධුමතියං ජාතා අඤ්ඤතරෙ කුලෙ ධම්මං සුත්වාන මුනිනො පබ්බජිං අනගාරියං.
Sinhala BJT1215. එකල්හි මම් බන්‍ධුමතී නුවර එක්තරා කුලයෙක්හි උපන්මු, මුනීන්‍ද්‍රයන්ගේ දහම් අසා ශාසනයෙහි පැවිදි වූමු.
Pali BJT1216. බහුස්සුතා ධම්මධරා පටිභානවතී තථා විචිත්තකථිකා චාපි ජිනසාසනකාරිකා.
Sinhala BJT1216. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ එසේම ම වැටහෙන නුවණැති බුදුසසුන් පිළිපදනා විචිත්‍ර ධර්‍මකථිකාවක් ද වූමු.
Pali BJT1217. තදා ධම්මකථං කත්වා ජනතාය හිතං බහුං තතො චුතා’හං තුසිතං උපපන්නා යසස්සිනී.
Sinhala BJT1217. එකල ජනතාවට හිත වූ බොහෝ ධර්‍මකථා කොට මම එයින් සැවැ යශස් ඇති වැ තුසිත දෙව්ලොවැ උපන්මු.
Pali BJT1218. එකතිංසෙ ඉතො කප්පෙ සිඛී විය සිඛී ජිනො තපන්තො යසසා ලොකෙ උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT1218. මෙයින් එක්තිස්වන කපැ ගිනිසිළක් මෙන් දිලියෙන යශසින් යුත් දේශකයන් අතුරෙන් උතුම් වූ සිඛී නම් ජිතපඤ්චමාරයන් වහන්සේ ලොවැ උපන්හ.
Pali BJT1219. තදාපි පබ්බජිත්වාන බුද්ධසාසනකොවිදා ජොතෙත්වා ජිනවාක්යානි තතොපි තිදිවං ගතා.
Sinhala BJT1219. එකල්හි දු පැවිදි වැ බුදුසසුන්හි නිපුණ වැ බුදුවදන් බබුළුවා එයිනුදු සැවැ දෙව්ලො වැ උපන්මු.
Pali BJT1220. එකතිංසෙ ඉතො කප්පෙ වෙස්සභූ නාම නායකො උප්පජ්ජිත්ථ මහාඤාණී තදාපි ච තථෙවහං.
Sinhala BJT1220. මෙයින් එක්තිස්වන කපැ මහත් ඥාන ඇති වෙස්සභූ නම් නායකයන් වහන්සේ උපන්හ, එකල්හි දු මම් එසෙයින් මැ -
Pali BJT1221. පබ්බජිත්වා ධම්මධරා ජොතයිං ජිනසාසනං ගන්ත්වා මරුපුරං රම්මං අනුභොසිං මහාසුඛං.
Sinhala BJT1221. පැවිදි වැ ධර්‍මධර වූවා බුදුසසුන හෙබැවීමි, (ඉනුදු සැවැ) සිත්කලු දෙව්ලොවට ගොස් මහත් සුව වින්දමු.
Pali BJT1222. ඉමම්හි භද්දකෙ කප්පෙ කකුසන්ධො ජිනුත්තමො උප්පජ්ජි නරසද්දූලො{1} තදාපි ච තථෙවහං.
Sinhala BJT1222. මේ භද්‍රකල්පයෙහි නරශාර්දූල වූ කකුසන්‍ධ නම් ජිනෝත්තමයන් වහන්සේ උපන්හ. එකල්හිදු මා එසෙයින් මැ -
Pali BJT1223. පබ්බජිත්වා මුනිමතං ජොතයිත්වා යථායුකං තතො චුතා’හං තිදිවං අගං සභවනං යථා.
Sinhala BJT1223. පැවිදි ව, ආයු පමණින් සිට බුද්ධමතය බබුළුවා එයින් ච්‍යුත වූ මම් සිය භවනයට මෙන් දෙව්ලොවට ගියමු.
Pali BJT1224. ඉමස්මිං යෙව කප්පම්හි කොණාගමන නායකො. උප්පජ්ජි ලොකසරණො සබ්බසත්තානමුත්තමො.
Sinhala BJT1224. මේ කල්පයෙහි මැ ලොවට සරණ වූ සියලු සත්නට උතුම් වූ කෝණාගමන නම් නායකයන් වහන්සේ උපන්හ.
Pali BJT1225. තදාපි පබ්බජිත්වාන සාසනෙ තස්ස තාදිනො බහුස්සුතා ධම්මධරා ජොතයිං ජිනසාසනං.
Sinhala BJT1225. එකල්හි දු ඒ තාදී බුදුරදුන්ගේ සසුන්හි පැවිදි වැ බහුශ්‍රුත ව, ධර්‍මධර ව, බුදුසසුන බැබළවීමි.
Pali BJT1226. ඉමස්මිංයෙව කප්පම්හි කස්සපො පුරිසුත්තමො උප්පජ්ජි ලොකනයනො අරණො මරණන්තගූ.{2}
Sinhala BJT1226. මේ කල්පයෙහි මැ කෙලෙස් රණ රහිත වූ මරණාන්තයට (නිවනට) පැමිණි ලෝකනායක වූ කස්සප නම් පුරුෂෝත්තමයන් වහන්සේ උපන්හ.
Pali BJT1227. තස්සාපි නරවීරස්ස පබ්බජිත්වාන සාසනෙ පරියාපුතසද්ධම්මා පරිපුච්ඡාවිසාරදා.
Sinhala BJT1227. ඒ නරවීරයන්ගේ ද සසුන්හි පැවිදි වැ පුහුණු කළ සදහම් ඇති ව පරිපෘච්ඡායෙහි විශාරද වූවා -
Pali BJT1228. සුසීලා ලජ්ජිනී චෙව තීසු සික්ඛාසු කොවිදා බහුං ධම්මකථං කත්වා යාවජීවං හිතාවහං{3}.
Sinhala BJT1228. සුසීල ද ලජ්ජා ඇත්තී ද වී ත්‍රිවිධ ශික්‍ෂායෙහි නිපුණ වී යාවජ්ජීවයෙන් හිත එළවන බොහෝ ධර්‍මකථා කොට -
Pali BJT1229. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT1229. මනා කොට කළ ඒ කර්‍මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT1230. පච්ඡිමෙ ච භවෙ’දානි ගිරිබ්බජපුරුත්තමෙ ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ මහාරතනසඤ්චයෙ.
Sinhala BJT1230. දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (රජගහ) පුරවරයෙහි සමෘද්ධ වූ මහත් රත්න සඤ්චය ඇති සිටුකුලයෙහි ජාත වූවා -
Pali BJT1231. යදා භික්ඛුසහස්සෙන පරිතො ලොකනායකො උපාගමි රාජගහං සහස්සක්ඛෙන වණ්ණිතො.
Sinhala BJT1231. යම් කලෙක භික්‍ෂුදහසුන් විසින් පිරිවරන ලද ලෝකනායකයන් වහන්සේ සහසැස්හු විසින් පසස්නා ලද්දාහු රජගහ නුවරට වැඩිසේක් ද (කිසෙ යැ යත්:)
Pali BJT1232. “දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි සිඞ්ගීනික්ඛසවණ්ණො රජාගහං පාවිසි භගවා.”
Sinhala BJT1232. රන්නීකක් සම වර්‍ණ ඇති භාග්‍යවතුන් වහන්සේ (තමන්) දැමුණු සේක් (තමන්) විප්‍රමුක්ත සේක් (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණු පුරාණ ජටිල වූ දහසක් රහතුන් සමග රජගහ නුවරට පිවිසි සේකැ යි.
Pali BJT1233. දිස්වා බුද්ධානුභාවං තං සුත්වා ච ගුණසඤ්චයං බුද්ධෙ චිත්තං පසාදෙත්වා පූජයිං තං යථාබලං.
Sinhala BJT1233. ඒ බුද්ධානුභාවය ද දැක ගුණ සමූහය ද අසා බුදුන් කෙරෙහි සිත පහදවා ශක්ති පරිදි උන්වහන්සේ පිදීමි.
Pali BJT1234. අපරෙන ච කාලෙන ධම්මදින්නාය සන්තිකෙ අගාරා නික්ඛමිත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT1234. යළි පසුකලෙක ගිහිගෙන් නික්මැ ධම්මදින්නා මෙහෙණ සමීපයෙහි අනගාරිය සාසනයෙහි පැවිදි වීමි.
Pali BJT1235. කෙසෙසු ඡිජ්ජමානෙසු කිලෙසෙ ඣාපයිං අහං උග්ගහිං සාසනං සබ්බං පබ්බජිත්වා ‘චිරෙනහං.
Sinhala BJT1235. මම කෙස් සිඳිනු ලබත් මැ කෙලෙසුන් දැවීමි, පැවිදි වැ නොබෝ කලෙකින් මම සියලු ශාසනය ඉගෙනගත්මි.
Pali BJT1236. තතො ධම්මමදෙසෙසිං මහාජනසමාගමෙ ධම්මෙ දෙසියමානම්හි ධම්මාභිසමයො අහු.
Sinhala BJT1236-1237. ඉක්බිති මහජන සමාගමයෙහි දහම් දෙසීමි, (මා) දහම් දෙසන කල්හි නොයෙක් දහස්ගණන් සත්ත්‍වයන්ට ධර්‍මාවබෝධය වී, ඒ දැන අතිශයින් විස්මයට පැමිණි මාගේ (දහමට) පැහැදුණු යක්‍ෂයෙක් රජගහනුවර හැසිරැ -
Pali BJT1237. නෙකපාණසහස්සානං තං විදිත්වා’තිවිම්හිතො අභිප්පසන්නො මෙ යක්ඛො භමිත්වාන ගිරිබ්බජං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1238. “කිං මෙ කතා රාජගහෙ මනුස්සා මධු පීතාව අච්ඡරෙ යෙ සුක්කං න උපාසන්ති දෙසෙන්තිං අමතං පදං.
Sinhala BJT1238. “යම් කෙනෙක් අමෘතපදය දේශනා කරන සුක්කා මෙහෙණන් ඇසුරු නො කෙරෙත් ද, මේ රජගහනුවර මිනිස්සු කුමක් කළාහු සුරා පානය කළවුන් සෙයින් සිටිත් දැ” යි.
Pali BJT1239. තඤ්ච අප්පටිවානීයං අසෙචනකමොජවං පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා වලාහකමිවද්ධගූ”
Sinhala BJT1239. බැහැර නො ලියැයුතු පියවින් මිහිරි වූ ඕජාවත් ඒ ධර්‍මය ද මැගියෝ වලාහකයක් මෙන් නුවණැත්තාහු පානය කෙරෙති සිතම්.
Pali BJT1240. ඉද්ධියා ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනි.
Sinhala BJT1240. මහාමුනිවරය, ඍද්ධියෙහි ද දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙහි ද වශී වෙමි, පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
Pali BJT1241. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1241. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1242. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT1242. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේමැ පටිභානයෙහි ද මාගේ නුවණ උපන.
Pali BJT1243-1245. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1243-1245. ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං සුක්කා භික්ඛුනී භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ සුක්කා මෙහෙණ මේ ගාථා ප්‍රකාශ කළා යි.
Pali BJTසුක්කාථෙරියාපදානං පඤ්චමං.
Sinhala BJTපස්වැනි සුක්කා ස්ථවිරාපදාන යි.
Pali BJT4. 6 රූපනන්දාපදානං.
Sinhala BJT4. 6 රූපනන්‍දාපදානය
Pali BJT1246. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො උප්පජ්ජි චාරුනයනො සබ්බධම්මෙසු චක්ඛුමා.
Sinhala BJT1246. මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සියලු දහම් විසයෙහි නුවණැස් ඇති විපස්සී නම් නායකයන් වහන්සේ පහළ වූ සේක.
Pali BJT1247. තදා’හං බන්ධුමතියං ඉද්ධෙ ඵීතෙ මහාකුලෙ ජාතා සුරූපා දයිතා පූජනීයා ජනස්ස ච.
Sinhala BJT1247. එකල මම බන්‍ධුමතී නුවර සමෘද්ධ වූ ධනධාන්‍යයෙන් පිරුණු මහාකුලයෙහි උපන්නී මනා රූ ඇති මහජනයාට ප්‍රිය ද පූජනීය ද වූමු.
Pali BJT1248. උපගන්ත්වා මහාවීරං විපස්සිං ලොකනායකං ධම්මං සුණිත්වා සරණං උපෙසිං නරනායකං
Sinhala BJT1248. මහාවීර වූ විපස්සී ලෝකනායකයන් වහන්සේ කරා එළඹැ බණ අසා නරනායක වූ බුදුන් සරණ ගියමු.
Pali BJT1249. සීලෙසු සංවුතා හුත්වා නිබ්බුතෙ ච නරුත්තමෙ ධාතුථූපස්ස උපරි සොණ්ණච්ඡත්තං අපූජයිං.
Sinhala BJT1249. සීලයෙන් සංවර වැ යළි බුදුන් පිරිනිවි කල්හි ධාතු ස්තූපය මතුයෙහි රන්සතක් පිදූමු.
Pali BJT1250. මුත්තචාගා සීලවතී යාවජීවං තතො චුතා ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගතා අහං.
Sinhala BJT1250. මුදන ලද ත්‍යාග ඇති ව යාවජීවයෙන් සිල්වත් වැ එයින් සැවැ මම මිනිස්කය හැරපියා තව්තිසාවට පැමිණියමු.
Pali BJT1251. තදා දසහි ඨානෙහි අධිභොත්වාන සෙසකෙ රූපසද්දෙහි ගන්ධෙහි රසෙහි ඵුසනෙහි ච.
Sinhala BJT1251-1252. එකල්හි මම රූපයෙන් ශබ්දයෙන් ගන්‍ධයෙන් රසයෙන් හා ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද ආයුෂයෙන් ද වර්‍ණයෙන් සුඛයෙන් යශසින් ද එසේ මැ ආධිපත්‍යයෙන් ද යන දස කරුණෙන් සෙසු දෙවියන් යටපත් කොට අභිභවා බැබැළීමි.
Pali BJT1252. ආයුනා’පි ච වණ්ණෙන සුඛෙන යසසාපි ච තථෙවාධිපතෙය්යෙන අධිගය්හ විරොචහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1253. පච්ඡිමෙ ච භවෙ’දානි ජාතාහං කපිලව්හයෙ ඨිතා ඛෙමකසක්කස්ස නන්දානාමා’තිවිස්සුතා.
Sinhala BJT1253. දැන් මම පශ්චිම භවයෙහි කිඹුල්වත් නුවර උපන්මු. ඛේමක ශාක්‍ය රජුගේ දියණි වූ අතිශයින් ප්‍රසිද්ධ නන්‍දා නම් වූමු.
Pali BJT1254. අභිරූපං උපපදං අහු මෙ කන්තිසූචකං යදා’හං යොබ්බනප්පත්තා රූපලාවඤ්ඤභූසිතා.
Sinhala BJT1254. කාන්තිය සූචනය කරන “අභිරූප” යන උපපදය මට විය, යම් කලෙක මම රූප ලාවණ්‍යයෙන් අලඞ්කාර වූ යොවුන් වියට පැමිණියෙම් ද -
Pali BJT1255. තදා මමත්ථං{1} සක්යානං විවාදො සුමහා අහු පබ්බාජෙසි තතො තතො මා සක්යා විනස්සිසුංති.{2}
Sinhala BJT1255. එකල මා සඳහා ශාක්‍යයන්ගේ ඉතා මහත් විවාදයෙක් විය, ඉක්බිති පියරජ තෙමේ ශාක්‍යයෝ නහමක් වැනසෙත්ව’ යි මා පැවිදි කැරැවී.
Pali BJT1256. පබ්බජිත්වා තථාගතං{3} රූපදෙස්සිං නරුත්තමං සුත්වාන නොපගච්ඡාමි මම රූපෙන ගබ්බිතා.
Sinhala BJT1256. පැවිදි වැ නරෝත්තම වූ තථාගතයන් රූපයට ද්වේෂ්‍ය වූහ යි අසා මාගේ රූපයෙන් ගර්විත වැ බුදුන් වෙත නො යමි.
Pali BJT1257. ඔවාදම්පි න ගච්ඡාමි බුද්ධදස්සනභීරුකා තදා ජිනො උපායෙන උපනෙත්වා සසන්තිකං.
Sinhala BJT1257. බුදුන් දැකීමෙහි බියපත් වූවා අවවාදයට ද නො යමි, එකල බුදුහු උපායෙකින් තමන් වහන්සේ සමීපයට (මා) පමුණුවා -
Pali BJT1258. තිස්සො’ත්ථියො නිදස්සෙසි ඉද්ධියා මග්ගකොවිදො අච්ඡරාරූපසදිසං තරුණිං ජරිතං මතං.
Sinhala BJT1258. මාර්‍ගයෙහි නිපුණු වූ බුදුහු අප්සරා රූපයක් බඳු වූ තරුණියක ද ජරාවට පැමිණියක ද මළ එකක ද යන තුන් ස්ත්‍රී කෙනෙකුන් ඍද්ධියෙන් දැක්වූ සේක.
Pali BJT1259. තායො දිස්වා සුසංවිග්ගා විරත්තා සෙ කලෙබරෙ අට්ඨාසිං භවනිබ්බින්නා තදා මං ආහ නායකො.
Sinhala BJT1259. ඔවුන් දැක අතිශයින් සංවේගයට පැමිණියා සිය සිරුරෙහි විරක්ත වැ භවයෙහි කලකිරී සිටියමු, එකල්හි මට නායකයන් වහන්සේ මේ වදාළහ:
Pali BJT1260. “ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දිතං.
Sinhala BJT1260. “නන්‍දාවෙනි, (රෝගයෙන්) ආතුර වූ අපවිත්‍ර වූ කුණු වූ සෙම් සොටු නැඟෙන මල මූ වැගිරෙන, බාලයන් විසින් අභිනන්‍දනය කළ ශරීරය බලව.
Pali BJT1261. අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං.
Sinhala BJT1261. අරමුණෙහි එකඟ වූ මොනොවට සමාහිත වූ සිත අසුභය නිමිති කොට වඩව, මේ කය යම්සේ ද තෙල කයත් එබඳු යැ, තෙල අසුභය යම්සේ ද මේ කයත් එබඳු යැ.
Pali BJT1262. එවමෙතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා තතො සකාය පඤ්ඤාය අභිනිබ්බීජ්ජ වච්ඡසි.”
Sinhala BJT1262. රෑ දහවලැ නො මැලි වැ තෙල අසුභය මෙසේ බලමින් යළි ස්වකීය ප්‍රඥායෙන් නිර්වේදයට පැමිණ වාසය කරන්නාව.
Pali BJT1263. තස්සා මෙ අප්පමත්තාය විහරන්ත්යා’ධ යොනිසො යථාභූතං අයං කායො දිට්ඨො සන්තරබාහිරො.
Sinhala BJT1263. මෙහි නො පමාව නුවණින් යුක්ත වැ වාසය කරන ඒ මා විසින් සාන්තර බාහිර වූ මේ කය තතුසේ දක්නා ලද්දේ ය.
Pali BJT1264. අථ නිබ්බින්ද’හං කායො අජ්ඣත්තං ච විරජ්ජ’හං අප්පමත්තා විසංයුත්තා උපසන්තා’ම්හි නිබ්බුතා.
Sinhala BJT1264. ඉක්බිති මම කයෙහි කලකිරීමි, මම අධ්‍යාත්මයෙහි ද නො ඇලුණිමි. අප්‍රමාද වැ සංයෝග රහිත වූවා උපශාන්ත වැ (කෙලෙස් පිරිනිවනින්) පිරිනිවියා වෙමි.
Pali BJT1265. ඉද්ධිසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනි.
Sinhala BJT1265. මහාමුනිවරය, මම ඍද්ධි විෂයෙහි ද දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
Pali BJT1266. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1266. පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1267. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT1267. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අත්‍ථ ධම්ම - නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඥානය උපන.
Pali BJT1268-1270. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1268-1270. ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං රූපනන්දා භික්ඛුනී භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ රූපනන්‍දා මෙහෙණ මේ ගාථාවන් කිවු යැ.
Pali BJTරූපනන්දාථෙරියාපදානං ඡට්ඨං.
Sinhala BJTසවැනි රූපනන්‍දා ස්ථවිරාවදාන යි.
Pali BJT4. 7 අඩ්ඪකාසී අපදානං
Sinhala BJT4. 7 අඩ්ඪකාසී අපදානය
Pali BJT1271. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම නාමෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT1271. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහා යශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් වූ බුදුරජාණන් වහන්සේ උපන්සේක.
Pali BJT1272. තදාහං පබ්බජිත්වාන තස්ස බුද්ධස්ස සාසනෙ සංවුතා පාතිමොක්ඛස්මිං ඉන්ද්රියෙසු ච පඤ්චසු.
Sinhala BJT1272. එකල්හි මම් ඒ බුදුන්ගේ ශාසනයෙහි පැවිදි වැ ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පඤ්චේන්‍ද්‍රියයන්හි ද සංවෘත වැ -
Pali BJT1273. මත්තඤ්ඤුනී ච අසනෙ යුත්තා ජාගරියෙපි ච වසන්තී යුත්තයොගා’හං භික්ඛුනිං විගතාසවං.
Sinhala BJT1273-1274. භෝජනයෙහි පමණ දන්නී නිදිවැරීමෙහි ද යෙදුණි, යෝගයෙහි යෙදී වාස කරන මම රහත් මෙහෙණකට ආක්‍රෝශ කළමු. එකල මම දුෂ්ට සිත් ඇති වැ “ගණිකාවකැ” යි කීමි. ඒ පව් කැමින් නිරයෙහි පැසීමි.
Pali BJT1274. අක්කොසිං දුට්ඨචිත්තාහං “ගණිකෙ”ති ච භණිං තදා තෙන පාපෙන කම්මෙන නිරයම්හි අපච්චිසං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1275. තෙනෙව කම්මසෙසෙන අජායිං ගණිකාකුලෙ බහුසොව පරාධීනා පච්ඡිමාය ච ජාතියං.
Sinhala BJT1275. එ මැ කර්‍මාවශේෂයෙන් බෙහෙවින් මැ පරාධීන වැ ගණිකා කුලයෙහි උපන්මු. යළි පශ්චිම ජාතියෙහි -
Pali BJT1276. කාසිසු සෙට්ඨිකුලජා බ්රහ්මචරියඵලෙනහං අච්ඡරා විය දෙවෙසු අහොසිං රූපසම්පදා.
Sinhala BJT1276. බඹසර ඵලයෙන් මම කාසිජනපදයෙහි සිටුකුලයෙකැ ඉපිදැ රූ සපුයෙන් දෙව්ලොවැ අප්සරාවක මෙන් වීමු.
Pali BJT1277. දිස්වාන දස්සනීයං මං ගිරිබ්බජපුරුත්තමෙ ගණිකත්තෙ නිවෙසෙසුං අක්කොසනඵලෙන මෙ.
Sinhala BJT1277. දර්‍ශනීය වූ මා දැක මාගේ ආක්‍රෝශඵලය හේතු කොටගෙන රජගහ පුරවරයෙහි ගණිකා බැව්හි තබාපූහ.
Pali BJT1278. සා’හං සුත්වාන සද්ධම්මං බුද්ධසෙට්ඨස්ස දෙසිතං පුබ්බවාසෙසම්පන්නා පබ්බජිං අනගාරියං.
Sinhala BJT1278. ඒ මම් බුද්ධශ්‍රේෂ්ඨයන් විසින් දෙසනලද සදහම් අසා පූර්‍වවාසනායෙන් සමන්‍විත වැ ශාසනයෙහි පැවිදි වීමු.
Pali BJT1279. තතොපසම්පදත්ථාය ගච්ඡන්තී ජිනසන්තිකං මග්ගෙ ධුත්තෙ ඨිතෙ සුත්වා ලභිං දූතොපසම්පදං.
Sinhala BJT1279. ඉක්බිති උපසම්පදා වීම සඳහා බුදුන් සමීපයට යන්නී මගැ ධූර්‍තයන් සිටියවුන් අසා දුතොපසම්පදාව ලදිමු.
Pali BJT1280. සබ්බං කම්මං පරික්ඛීණං පුඤ්ඤං පාපං තථෙව ච සබ්බසංසාරමුත්තිණ්ණා ගණිකත්තං ච ඛෙපිතං.
Sinhala BJT1280. සියලු කර්‍ම ද එසේ මැ පින්පව් ද ක්‍ෂය විය, සියලු සසර තරණය කළමු. ගණිකාබව ද ක්‍ෂය කරනලද.
Pali BJT1281. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනෙ.
Sinhala BJT1281. මහාමුනිවරය, ඍද්ධීන්හි ද දිවසෝධායෙහි ද වශී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වශි වෙමි.
Pali BJT1282. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1282. පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරනලද, සර්‍වාස්‍රවයෝ පරික්‍ෂීණයහ. දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1283. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT1283. මහාවීරයන් වහන්ස, නුඹවහන්සේ සමීපයෙහි අත්‍ථ - ධම්ම - නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ නුවණ උපන.
Pali BJT1284-1286. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1284. – 1286. කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන කරන ලදී.
Pali BJTඉත්ථං සුදං අඩ්ඪකාසී භික්ඛුනී භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ අඩ්ඪකාසී මෙහෙණ මේ ගාථා කිවු යැ.
Pali BJTඅඩ්ඪකාසීථෙරියාපදානං සත්තමං.
Sinhala BJTසත්වැනි අඩ්ඪකාසී ස්ථවිරාවදාන යි.
Pali BJT4. 8 පුණ්ණාපදානං
Sinhala BJT4. 8 පුණ්ණාපදානය
Pali BJT1287. විපස්සිනො භගවතො සිඛිනො වෙස්සභුස්ස ච කකුසන්ධස්ස මුනිනො කොණාගමනතාදිනො.
Sinhala BJT1287. විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද, සිඛී - වෙස්සභූ - කකුසන්‍ධ යන මුනිවරයන්ගේ ද, කෝණාගමන තාදීන් වහන්සේගේ ද -
Pali BJT1288. කස්සපස්ස ච බුද්ධස්ස පබ්බජිත්වාන සාසනෙ භික්ඛුනී සීලසම්පන්නා නිපකා සංවුතින්ද්රියා.
Sinhala BJT1288. කස්සප බුදුරදුන්ගේ ද ශාසනයෙහි පැවිදි වැ සිල්සපන් නුවණැති සන්හුන් ඉඳුරන් ඇති මෙහෙණක් වැ -
Pali BJT1289. බහුස්සුතා ධම්මධරා ධම්මත්ථපරිපුච්ඡිකා උග්ගහෙතා ච ධම්මානං සොතා පයිරුපාසිකා.
Sinhala BJT1289. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ ධර්‍මාර්‍ත්‍ථ පුළුවුස්නා වූ (මම) දහම් උගන්නී ද අසන්නී ද (ගුරුන්) ඇසුරුකරන්නී ද වීමි.
Pali BJT1290. දෙසෙන්තී ජනමජ්ඣෙ’හං අහොසිං ජිනසාසනෙ බාහුසච්චෙන තෙනා’හං පෙසලා අතිමඤ්ඤිසං.
Sinhala BJT1290. ජනයා මැද දහම් දෙසන මම බුදුසසුන්හි (ප්‍රකට) වීමි, ඒ බහුශ්‍රුත භාවය හේතු කොටගෙන මම ප්‍රියසීල මෙහෙණන් ඉක්මවා සිතීමි.
Pali BJT1291. පච්ඡිමෙ ච භවෙ’දානි සාවත්ථියං පුරුත්තමෙ. අනාථපිණ්ඩිනො ගෙහෙ ජාතා’හං කුම්භදාසියා.
Sinhala BJT1291. යළි දැන් පශ්චිම භවයෙහි සැවැත් පුරයෙහි මම අනේපිඬු සිටුහුගේ ගෙයි කළදැස්සක කුස උපන්මු.
Pali BJT1292. ගතා උදකහාරිකං සොත්ථියං දිජමද්දසං සීතට්ටං තොයමජ්ඣම්හි තං දිස්වා ඉදමබ්රවිං.
Sinhala BJT1292. දිය ගෙන ඒමට ගියා දියමැද සීතලෙන් වෙවුළන සොත්‍ථිය බමුණකු දිටිමි. ඔහු දැක මෙය කීමි:
Pali BJT1293. උදහාරී අහං සීතෙ සදා උදකමොතරිං අය්යානං දණ්ඩභයභීතා වාචාදොසභයට්ටිතා.
Sinhala BJT1293. හැම කලැ සීතයෙහි දිය ගෙන යන මම හිමියන්ගේ දඬුවම් බියෙන් බිය පත්වැ වාක් දෝෂ භයින් පීඩිත වැ ජලයට බස්මු.
Pali BJT1294. කස්ස බ්රාහ්මණ ත්වං භීතො සදා උදකමොතරි වෙධමානෙහි ගත්තෙහි සීතං වෙදයසෙ භුසං.
Sinhala BJT1294. බමුණ, තෙපි කවරකුට බියපත් වැ හැම කල්හි වෙවුළන ගාත්‍රයෙන් යුක්ත වැ දියට බසිහු ද, අතිශයින් සීත විඳිනවු යැ.
Pali BJT1295. ජානන්ති වත මං භොති පුණ්ණිකෙ පරිපුච්ඡසි කරොන්තං කුසලං කම්මං රුන්ධන්තං කතපාපකං.
Sinhala BJT1295. භවතිය පුණ්ණාවෙනි, කුශලකර්‍මයක් කරන කළ පව් වළහාලන මා ඒකාන්තයෙන් දැනැ දැනැ ම පුළුවුස්වා.
Pali BJT1296. යො වුඩ්ඪො දහරො වාපි පාපකම්මං පකුබ්බති දකාභිසිඤ්චනා හොති පාපකම්මා පමුච්චති.
Sinhala BJT1296. භවතිය, මහලු වූ හෝ තරුණ වූ හෝ යමෙක් පව් කම් කෙරේ නම් උදකාභිසේවනයෙන් පාපකර්‍මයෙන් මිදේ යයි.
Pali BJT1297. උත්තරන්තස්ස අක්ඛාසිං ධම්මත්ථසංහිතං පදං තං ච ඤත්වා ස සංවිග්ගො පබ්බජිත්වා’රහා අහු.
Sinhala BJT1297. දියෙන් නැගීසිටිනහුට ධර්‍මාර්‍ත්‍ථයෙන් යුක්ත වූ වදනක් කීමි, එ ද අසා සංවේගයට පත් හේ පැවිදි වැ රහත් වී.
Pali BJT1298. පූරෙන්ති ඌනකසතං ජාතා දාසිකුලෙ යතො තතො ‘පුණ්ණා’ති නාමං මෙ භුජිස්සං මං අකංසු’තෙ.
Sinhala BJT1298. එකකින් ඌන වූ සියය පුරමින් යම් හෙයෙකින් දැස් කුලෙහි උපන්මු ද, එහෙයින් “පුණ්ණා” යයි මාගේ නම විය, ඔව්හු මා නිදස් කළහ.
Pali BJT1299. සෙට්ඨිං තතොනුමොදෙත්වා පබ්බජිං අනගාරියං න චිරෙනෙව කාලෙන අරහත්තං අපාපුණිං.
Sinhala BJT1299. ඉක්බිති සිටාණන්ට අනුමෝදනා කොට ශාසනයෙහි පැවිදි වීමි, නොබෝ කලෙකින් මැ රහත්බවට පැමිණියමු.
Pali BJT1300. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනෙ.
Sinhala BJT1300. මහාමුනිවරය, ඍද්ධීන්හි ද දිබ්බසෝතධාතුයෙහි වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.