Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9601-9700 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1111. නිබ්බින්දිත්වා අගාරම්හා පබ්බජිම්හ’නගාරියං කතිපාහං උපාදාය සබ්බා පත්තා’ම්හ නිබ්බුතිං.
Sinhala BJT1111. ගිහිගෙයින් කලකිරී ශාසනයෙහි පැවිදි වූම්හ, කිහිප දවසක් ඉක්මැයෑමෙන් ඇපි සියලු දෙන නිවනට පැමිණියම්හ.
Pali BJT1112. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං උපනෙන්ති බහූ අම්හෙ සදා සක්කතපූජිතා.
Sinhala BJT1112. හැම කල්හි අපට සත්කාර පූජා කරන බොහෝ ජනයෝ සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද එළවත්.
Pali BJT1113. කිලෙසා ඣාපිතා අම්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
Sinhala BJT1113. අප විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් ආස්‍රව රහිත ව වාස කරම්හ.
Pali BJT1114-1115. ස්වාගතං වත නො ආසි -පෙ- පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1114. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි අපගේ පැමිණීම ස්වාගත විය ... බුදුසසුන් කරන ලද.
Pali BJTඉත්ථං සුදං යසවතීපමුඛානි අට්ඨාරසඛත්තියකඤ්ඤා භික්ඛුනීසහස්සානි භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ යසවතී ප්‍රමුඛ අටළොස්දහසක් ක්‍ෂත්‍රියකන්‍යා භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා කීහු.
Pali BJTයසවතීපමුඛඅට්ඨාරසභික්ඛුනීසහස්සාපදානං පඨමං.
Sinhala BJTයසවතී ප්‍රමුඛ අටළොස් මෙහෙණදහසුන්ගේ අපදාන යි.
Pali BJT4. 2 බ්රාහ්මණකඤ්ඤාභික්ඛුනීනං අපදානං
Sinhala BJT4. 2 බ්‍රාහ්මණකන්‍යා භික්‍ෂුණීන්ගේ අපදානය
Pali BJT1116. චුල්ලාසීතිසහස්සානි බ්රහ්මඤ්ඤකුලසම්හවා සුඛුමාලහත්ථපාදා පුරෙ තුය්හං මහාමුනෙ.
Sinhala BJT1116. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට (සුළු) අසූදහසක් සියුමැලි අත්පා ඇති බමුණුකුලයෙහි උපන් (කන්‍යාවෝ වූහ.)
Pali BJT1117. වෙස්සසුද්දකුලෙ ජාතා දෙවා නාගා ච කින්නරා චාතුද්දීපා බහූ කඤ්ඤා පුරෙ තුය්හං මහාමුනෙ.
Sinhala BJT1117. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට වෛශ්‍ය ශුද්‍ර කුලයෙහි උපන්නා වූ ද දේව නාග කින්නර වූ ද සිවුමහ දිවයින්හි, වූ බොහෝ කන්‍යාවෝ වූහ.
Pali BJT1118. කෙචි පබ්බජිතා අත්ථි සච්චදස්සාවිනො බහූ දෙවා ච කින්නරා නාගා බුජ්ඣිස්සන්ති අනාගතෙ.
Sinhala BJT1118. කිසි කෙනෙක් පැවිදි වූවාහු ඇත, බොහෝ දෙන සිවුසස් දක්නාසුලු වෙති, දෙවියෝ ද කින්නරයෝ ද නාගයෝ ද අනාගතයෙහි සිවුසස් අවබෝධ කරන්නාහ.
Pali BJT1119. අනුභොත්වා යසං සබ්බං පත්වාන සබ්බසම්පදා ත්වයි පසාදං පටිලද්ධා බුජ්ඣිස්සන්ති අනාගතෙ.
Sinhala BJT1119. සියලු යශස් වළඳා සියලු සම්පතට පැමිණ නුඹ වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවා අනාගතයෙහි සත්‍යාවබෝධය කරන්නාහ.
Pali BJT1120. අම්හෙ බ්රාහ්මණධීතා තු බ්රහ්මඤ්ඤකුලසම්හවා පෙක්ඛතො නො මහාවීර පාදෙ වන්දාම චක්ඛුම.
Sinhala BJT1120. පසැස් ඇති මහාවීරයන් වහන්ස, බමුණු කුලයෙහි උපන් බ්‍රාහ්මණධීතෘ වූ අපි වැලිත් දක්නා වූ නුඹ වහන්සේගේ පාසඟුළුවන් වඳුම්හ.
Pali BJT1121. උපහතා භවා සබ්බෙ මූලතණ්හා සමූහතා සමුච්ඡින්නා අනුසයා පුඤ්ඤසඞ්ඛාරා දාලිතා.
Sinhala BJT1121. සියලු භවයෝ නසන ලදහ, තෘෂ්ණාමූලය මුලුසුන් කරන ලද, අනුශයයෝ සිඳින ලදහ, පුණ්‍යසංස්කාරයෝ බිඳින ලදහ.
Pali BJT1122. සමාධිගොචරා සබ්බා සමාපත්තිවසී තථා ඣානෙන ධම්මරතියා විහරිස්සාම නො සදා
Sinhala BJT1122. සියල්ලෝ සමාධි ගෝචර කොට ඇත්තාහ, එසේ මැ සමවත්හි වශී වූහ, හැම කල්හි ඇපි ධ්‍යානය හේතු කොට ධර්‍මරතියෙන් යුක්ත වැ වාසය කරම්හ.
Pali BJT1123. භවනෙත්තී අවිජ්ජා ච සඞ්ඛාරා’පි ච ඛෙපිතා සුදුද්දසං පදං ගන්තුං අනුජානාථ නායක.
Sinhala BJT1123. භවනෙත්ති වූ අවිද්‍යාව ද සංස්කාරයෝ ද ගෙවන ලදහ, නායකයන් වහන්ස, සුදුර්දශ වූ නිර්‍වාණ පදයට යන්නට අනුදැන වදාළ මැනැව.
Pali BJT1124. උපකාරා මමං තුම්හෙ දීඝරත්තං කතාවිනො බහුන්නං සංසයං ඡෙත්වා සබ්බා ගච්ඡන්තු{1} නිබ්බුතිං.
Sinhala BJT1124. කළ කිස ඇති තෙපි බොහෝ කලක් මට උපකාර වූවහු යැ, බොහෝ දෙනාගේ සැක සිඳපියා සියල්ලෝ නිවනට යෙත්වා.
Pali BJT1125. වන්දිත්වා මුනිනො පාදෙ කත්වා ඉද්ධිවිකුබ්බණං. කාචි දස්සෙන්ති ආලොකං අන්ධකාරමථාපරා.
Sinhala BJT1125. මුනීන්‍ද්‍රයන්ගේ පාසඟුළුවන් වැඳ ඍද්ධිවිකුර්‍වණ කොට කිසි කෙනෙක් ආලෝකය දක්වති, යළි අන්‍යයෝ අන්‍ධකාරය දක්වත්.
Pali BJT1126. දස්සෙන්ති චන්දසුරියෙ සාගරං ච සමච්ඡකං සිනෙරුපරිභණ්ඩං ච දස්සෙන්ති පාරිඡත්තකං.
Sinhala BJT1126. සඳහිරු දක්වති. මසුන් සහිත සයුර ද මහමෙර හා කුලපව් ද පරසතු රුක ද දක්වත්.
Pali BJT1127. තාවතිංසං ච භවනං යාමං දස්සෙන්ති ඉද්ධියා තුසිතං නිම්මිතෙ දෙවෙ වසවත්තී මහිස්සරෙ.
Sinhala BJT1127. තව්තිසා භවන ද යාමය ද තුසිතය ද නිර්‍මාණරති දෙවියන් ද මහත් ඉසුරු ඇති වසවර්තී දෙවියන් ද ඍද්ධියෙන් දක්වත්.
Pali BJT1128. බ්රහ්මානො කාචි දස්සෙන්ති චඞ්කමං ච මහාරහං බ්රහ්මවණ්ණං ච මාපෙත්වා ධම්මං දෙසෙන්ති සුඤ්ඤතං.
Sinhala BJT1128. කිසි කෙනෙක් බඹුන් දක්වති, මාහැඟි සක්මන ද කෙරෙති, බ්‍රහ්මවේශය ද මවා ශුන්‍යත ධර්‍මය දේශනා කෙරෙත්.
Pali BJT1129. නානාවිකුබ්බණං කත්වා ඉද්ධිං දස්සිය සත්ථුනො දස්සයිංසු බලං සබ්බා පාදෙ වන්දිංසු සත්ථුනො.
Sinhala BJT1129. නානා විකුර්‍වණ කොට ශාස්තෘන් වහන්සේට ඍද්ධි දක්වා සියල්ලෝ බලය දැක් වූහ, ශාස්තෘන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දාහ.
Pali BJT1130. ඉද්ධිසු ච වසී හොම දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොම මහාමුනෙ.
Sinhala BJT1130. මහාමුනිවරය, ඍද්ධියෙහි ද වශී වම්හ, දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙහි ද චේතෝපරියඥානයෙහි ද වශී වම්හ.
Pali BJT1131. පුබ්බෙනිවාසං ජානාම දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT1131. පෙර විසූ කඳපිළිවෙළ දනුම්හ, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1132. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං අම්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT1132. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අර්‍ත්‍ථධර්‍මනිරුක්තීන්හි ද ප්‍රතිභානයෙහි ද ඥානය උපන.
Pali BJT1133. පුබ්බානං ලොකනාථානං සඞ්ගමං නො නිදස්සිතං අධිකාරා බහූ අම්හං තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1133. මහාමුනිවරය, පූර්‍වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වන ලද, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ.
Pali BJT1134. යං අම්හෙහි කතං කම්මං කුසලං සරතං මුනෙ තුය්හත්ථාය මහාවීර පුඤ්ඤා’නුපචිතානි නො.
Sinhala BJT1134. මුනිවරය, යම් කුශලකර්‍මයක් කරන ලද ද, එය සිහි කළ මැනැව, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පින් රැස්කරන ලද.
Pali BJT1135. සතසහස්සෙ ඉතො කප්පෙ පදුමුත්තරො මහාමුනි පුරං හංසවතී නාම සම්බුද්ධස්ස කුලාසයං.
Sinhala BJT1135. මෙයින් සියදහස්වන කල්පයෙහි පියුමතුරා නම් මහා මුනිහු වූහ, ඒ සම්බුදුන්ට කුලභවන වූ නුවර හංසවතී නම් විය.
Pali BJT1136. ද්වාරෙන හංසවතියා ගඞ්ගා සන්දති සබ්බදා උබ්බාළ්හා නදියා භික්ඛූ ගමනං න ලභන්ති තෙ.
Sinhala BJT1136. හංසවතී නගරද්වාරයෙන් හැම කල්හි ගංගානදිය ගලයි, නදියෙන් බාධිත වූ ඒ භික්‍ෂුහු (පරතෙර) ගමන නො ලබත්.
Pali BJT1137. දිවසං ද්වෙ තයො චෙව සත්තාහං මාසකං තතො චතුමාසම්පි සම්පුණ්ණං ගමනං න ලභන්ති තෙ.
Sinhala BJT1137. ඒ භික්‍ෂූහු දවසක් දෙකක් තුනක් ද සතියක් මාසයක් ද යළි සපුරා සාරමසක් ද (පරතෙර) ගමන නො ලබත්.
Pali BJT1138. තදා අහු සත්තසාරො ජටිලො නාම රට්ඨිකො ඔරුද්ධෙ භික්ඛවො දිස්වා සෙතුං ගඞ්ගාය කාරයී.
Sinhala BJT1138. එකල්හි සත්ත්‍වසාර වූ බෝසත් ජටිල නම් රැටියෙක් විය, හේ ඇවිරුණු භික්‍ෂූන් දැක ගඞ්ගායෙහි හෙයක් කැරැවී.
Pali BJT1139. තදා සතසහස්සෙහි සෙතුං ගඞ්ගාය කාරයී සඞ්ඝස්ස ඔරිමෙ තීරෙ විහාරං ච අකාරයී.
Sinhala BJT1139. එකල්හි සියදහසකින් ගඞ්ගායෙහි හෙයක් කැරැවී සඞ්ඝයාට (ගඟින්) මෙතෙර විහාරයක් ද කැරැවී.
Pali BJT1140. ඉත්ථියො පුරිසා චෙව උච්චනීචකුලානි ච තස්ස සෙචුවිහාරෙ ච{1} සමභාගං අකංසු තෙ.
Sinhala BJT1140. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද උස්පහත් කුලවැසියෝ ද යන ඔහු ඒ හෙයෙහි ද විහාරයෙහි ද සම කොටස් කළහ.
Pali BJT1141. අම්හෙ අඤ්ඤෙ ච මනුජා විප්පසන්නෙන චෙතසා තස්ස කම්මෙසු දායාදා නගරෙ ජනපදෙසු ච.
Sinhala BJT1141. ඇපිදු නගරයෙහි ද ජනපදයෙහි ද වූ අන් මිනිස්සු ද පහන් සිතින් යුක්ත වැ ඔහුගේ කුශලකර්‍මයන්හි හිමිකරු වූම්හ.
Pali BJT1142. ඉත්ථි පුරිසා කුමාරා ච බහූ චෙව කුමාරිකා සෙතුනො ච විහාරස්ස වාලුකා ආකිරිංසු තෙ.
Sinhala BJT1142. බොහෝ ස්ත්‍රීපුරුෂයෝ ද කුමරු කුමරියෝ ද යන ඔහු හෙයට ද විහාරයට ද වැලි විසුළහ.
Pali BJT1143. වීථිසම්මජ්ජනං කත්වා කදලී පුණ්ණඝටෙ ධජෙ{2} ධූපං චුණ්ණං ච{3} මාලං ච කාරං කත්වාන සත්ථුනො.
Sinhala BJT1143. වීදි හැමදැ රඹගස් පුන්කලස් හා ධජ ද සුවඳ දුම් හා සුණු ද මල්මාලා ද (යන මෙයින්) ශාස්තෘන් වහන්සේට සත්කාර කොට -
Pali BJT1144. සෙතුවිහාරෙ කාරෙත්වා නිමන්තෙත්වා විනායකං මහාදානං දදිත්වාන සම්බොධිං අභිපත්ථයී.
Sinhala BJT1144. හෙය හා විහාරය කරවා විනායක වූ බුදුරදුන් පවරා මහදන් දී සම්බෝධිය ප්‍රාර්‍ත්‍ථනා කෙළේ යි.
Pali BJT1145. පදුමුත්තරො මහාවීරො තාරකො සබ්බපාණිනං අනුමොදනියං‘කාසි ජටිලස්ස මහාමුනි.
Sinhala BJT1145. මහාවීර වූ, සියලු ප්‍රාණීන් (සසරින්) තරණය කරවන පියුමතුරා මහාමුනිහු ජටිල රැටියාට අනුමෙවෙනි කළහ.
Pali BJT1146. “සතහසස්සෙ අතික්කන්තෙ කප්පො හෙස්සති භද්දකො භවාභවෙ’නුභොත්වාන පාපුණිස්සති බොධියං.
Sinhala BJT1146. කප් සියදහසක් ඉක්මැගිය කල්හි භද්‍රකල්පයෙක් වන්නේ යැ, කුදුමහත් භවයෙහි සුවදුක් විඳ සම්බෝධියට පැමිණෙන්නේ යැ.
Pali BJT1147. යෙ කෙචි හත්ථපරිකම්මං කතාවී නරනාරියො අනාගතස්මිං අද්ධානෙ සබ්බා හෙස්සන්ති සම්මුඛා.
Sinhala BJT1147. යම්කිසි ස්ත්‍රී පුරුෂ කෙනෙක් එහි අත්තම් කළාහු ද, ඔහු සියල්ලෝ අනාගත කාලයෙහි (ඒ බුදුන්ට) හමු වන්නාහ.
Pali BJT1148. තෙන කම්මවිපාකෙන චෙතනාපණිධීහි ච උපපන්නා දෙවභවනං තුය්හං තා පරිචාරිකා.
Sinhala BJT1148. ඒ කර්‍මවිපාකයෙන් ද චිත්තප්‍රණිධියෙන් ද ඒ (අපි) දෙව්ලොවට පැමිණියමෝ නුඹ වහන්සේට පිරිවර වූම්හ.
Pali BJT1149. දිබ්බං සුඛං අසඞ්ඛෙය්යං මානුසං ච අසඞ්ඛ්යයං අනුභොන්තී චිරං කාලං සංසරිම්හ භවාභවෙ.
Sinhala BJT1149. අසංඛ්‍ය වූ දිව සුව ද අසංඛ්‍ය වූ මිනිස් සුව ද විඳිමින් බොහෝ කලක් කුදුමහත් භවයෙහි සැරිසැරූම්හ.
Pali BJT1150. සතසහස්සෙ ඉතො කප්පෙ සුකතං කම්මසම්පදං සුඛුමාලී මනුස්සෙසු අථො දෙවපුරෙ වරෙ.
Sinhala BJT1150. මෙයින් සියදහස්වන කපෙහි මොනොවට කළ යම් කර්‍මසම්පත්තියෙක් වී ද එයින් මිනිසුන් කෙරෙහි ද යළි උතුම් දෙව්ලොව ද සියුමැලි වැ උපනුම්හ.
Pali BJT1151. රූපභොගයසෙ චෙව අථො කිත්තිං ච සක්කතං ලභාම සතතං සබ්බං සුකතං කම්මසම්පදං.
Sinhala BJT1151. සුකෘත වූ යම් කර්‍මසම්පත්තියක් ඇද්ද එයින් රූප භෝග යශස් ද යළි කීර්තිය ද සත්කාර ද යන සියල්ල නිරතුරු ලබම්හ.
Pali BJT1152. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ ජාතාම්හ බ්රාහ්මණෙ කුලෙ සුඛුමාලහත්ථපාදා සක්යපුත්තනිවෙසනෙ.
Sinhala BJT1152. පශ්චිම භවය පැමිණි කල්හි බමුණුකුලෙහි උපනුම්හ, සියුමැලි අත්පා ඇතියමෝ ශාක්‍යපුත්‍රයන්ගේ මාළිගායෙහි විසූම්හ.
Pali BJT1153. සබ්බකාලම්පි පඨවිං න පස්සාම’නලඞ්කතං චීක්ඛල්ලභූමිමසුචිං න පස්සාම මහාමුනෙ.
Sinhala BJT1153. මහාමුනිවරය, සියලු කල්හි මැ නො සැරැසූ පොළොවක් නො දකුම්හ, නො පිරිසිදු මඩබිමක් නො දකුම්හ.
Pali BJT1154. අගාරං වසන්තෙ අම්හෙ සක්කාරං සබ්බකාලිකං උපනෙන්ති තදා සබ්බං පුබ්බකම්මබලෙන නො.
Sinhala BJT1154. ගිහිගෙයි වසන අපට සාර්‍වකාලික සත්කාරය විය, පූර්‍ව කර්‍මබලයෙන් අපට හැම කල්හි සියල්ල එළවත්.
Pali BJT1155. අගාරං පජහිත්වාන පබ්බජිත්වා’නගාරියං සංසාරපථනිත්තිණ්ණා වීතරාගා භවාමසෙ.
Sinhala BJT1155. ගිහිගෙය හැරපියා ශාසනයට වැද සසරමහ තරණය කළමෝ වීතරාග වූම්හ.
Pali BJT1156. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං උපනෙන්ති සදා අම්හෙ සහස්සානි තතො තතො.
Sinhala BJT1156. හැම කල්හි අපට ඒ ඒ තැනින් දහස්ගණන් සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් එළවත්.
Pali BJT1157. කිලෙසා ඣාපිතා’ම්හාකං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
Sinhala BJT1157. අප විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් සෙයින් ආස්‍රව රහිත වැ වාස කරම්හ.
Pali BJT1158. ස්වාගතං වත නො ආසී බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1158. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි ඒකාන්තයෙන් අපගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා ලබන ලද. බුදුසසුන් කරන ලද.
Pali BJT1159. පටිසම්භිදා ... කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1159. සිවුපිළිසිඹියා ලබන ලද ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං චතුරාසීතිබ්රාහ්මණකඤ්ඤාභික්ඛුනීසහස්සානි භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ සුවාසූදහසක් බමුණු කන්‍යා මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා කීවාහු යැ.
Pali BJTචතුරාසීතිභික්ඛුනීසහස්සාපදානං දුතියං.
Sinhala BJTදෙවැනි සුවාසූ මෙහෙණදහසුන්ගේ අපදාන යි.
Pali BJT4. 3 උප්පලදායිකාපදානං
Sinhala BJT4. 3 උප්පලදායිකාපදානය
Pali BJT1160. නගරෙ අරුණවතියා අරුණො නාම ඛත්තියො තස්ස රඤ්ඤො අහං භරියා එකජ්ඣං චාරයාමහං.
Sinhala BJT1160. අරුණවතී නගරයෙහි අරුණ නම් රජෙක් විය, එ රජුට භාර්‍ය්‍යා වූ මම් එක් තැනැ සිත් අලවා වෙසෙමි.
Pali BJT1161. රහොගතා නිසීදිත්වා එවං චින්තෙස’හං තදා ආදාය ගමනීයං හි කුසලං නත්ථි මෙ කතං.
Sinhala BJT1161. එකල්හි මම රහෝගත වැ හිඳ මෙසේ සිතීමි; යම් හෙයකින් මා විසින් කළ ගෙනයායුතු කුශලයක් නැද්ද, එහෙයින් -
Pali BJT1162. මහාසිතාපං කටුකං ඝොරරූපං සුදාරුණං නිරයං නූන ගච්ඡාමි එත්ථ මෙ නත්ථි සංසයො.
Sinhala BJT1162. මහත් තැවුලි ඇති කටුක වූ කැකුළු පියවි ඇති ඉතා දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යෙමි, මෙහි ලා මට සැකයෙක් නැති.
Pali BJT1163. එවාහං චින්තයිත්වාන පහංසෙත්වාන මානසං රාජානං උපගන්ත්වාන ඉදං වචනමබ්රවිං.
Sinhala BJT1163. මම මෙසේ සිතා සිත පහදවාගෙන රජු සමීපයට ගොස් මෙවදන් කීමි:
Pali BJT1164. “ඉත්ථි නාම මයං දෙව පුරිසානුගතා සදා එකං මෙ සමණං දෙහි භොජයිස්සාමි ඛත්තිය.”
Sinhala BJT1164. “දේවයන් වහන්ස, ඇපි ස්ත්‍රීහු නම් හැම කල්හි පුරුෂයන් අනුව ගියම්හ, ක්‍ෂත්‍රියය, මට එක් මහණකු දුන මැනැවැ, වළඳවන්නෙමි” යි.
Pali BJT1165. අදාසි මෙ තදා රාජා සමණං භාවිතින්ද්රියං තස්ස පත්තං ගහෙත්වාන පරමන්නෙන පූරයිං.
Sinhala BJT1165. එකල්හි රජ, වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මහණකු මට දින, ඔබගේ පාත්‍රය ගෙන උතුම් අහරින් පිරැවීමි.
Pali BJT1166. පූරෙත්වා පරමං අන්නං සහස්සග්ඝනකෙනහං{1} මහාචෙලෙන ඡාදෙත්වා අදාසිං තුට්ඨමානසා.
Sinhala BJT1166. උතුම් අහර පුරවා මම දහසක් අගනා මහත් වස්ත්‍රයකින් වසා සතුටු සිත් ඇති වැ දිනිමි.
Pali BJT1167. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT1167. මොනවට කළ ඒ පින්කමින් ද චිත්තප්‍රණිධියෙන් ද මම මිනිස්කය හැරපියා තවුතිසා දෙව්ලොවට ගියෙමි.
Pali BJT1168. සහස්සං දෙවරාජූනං{2} මහෙසිත්තමකාරයිං. සහස්සං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT1168. දහසක් දෙව්රජුන්ට මෙහෙසිබව කළමු, දහසක් සක්විත්තනට මෙහෙසිබව කළමු.
Pali BJT1169. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං නානාවිධං බහුං අඤ්ඤං තස්ස කම්මඵලං තතො.
Sinhala BJT1169. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් අසංඛ්‍ය වෙයි, ඒ කුශලයාගේ එයින් අන්‍ය වූ නන්වැදෑරුම් බොහෝ කර්‍මඵලය විය.
Pali BJT1170. උප්පලස්සෙව මෙ වණ්ණො අභිරූපා සුදස්සනා ඉත්ථි සබ්බඞ්ගසම්පන්නා අභිජාතා ජුතින්ධරා.
Sinhala BJT1170. මාගේ පැහැය උපුලකට බඳු වෙයි, අභිරූප වූ දැකුම් කලු වූ සර්‍වාඞ්ග සම්පන්න අභිජාත වූ සෝභාවත් ස්ත්‍රියක් වෙමි.
Pali BJT1171. පච්ඡිමභවෙ සම්පත්තෙ අජායිං සාකියෙ කුලෙ නාරීසහස්සපාමොක්ඛා සුද්ධොදනසුතස්සහං.
Sinhala BJT1171. පැසුළු භවය පැමිණි කල්හි ශාක්‍යකුලයෙහි උපන්මු, මම ශුද්ධෝදන පුත්‍රයාගේ ස්ත්‍රීන් දහසකට පාමොක් වූමු.
Pali BJT1172. නිබ්බින්දිත්වා අගාරෙහං පබ්බජිං අනගාරියං සත්තමිං රත්තිමප්පත්වා චතුසච්චමපාපුණිං.
Sinhala BJT1172. මම ගිහිගෙයි කලකිරී ශාසනයෙහි පැවිදි වූමු, සත්වැනි රාත්‍රියට නො පැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියමු.
Pali BJT1173. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං පරිමෙතුං න සක්කොමි පිණ්ඩපාතස්සිදං ඵලං
Sinhala BJT1173. සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද පමණ කරන්නට නො හැකි වෙමි, මේ පිණ්ඩපාතයාගේ අනුසසි.
Pali BJT1174. යං මය්හං පුරිමං කම්මං කුසලං සරසෙ මුනි තුය්හත්ථාය මහාවීර පරිච්චත්තං බහුං මයා.
Sinhala BJT1174. මුනිවරයන් වහන්ස, මාගේ යම් පූර්‍වකුශලකර්‍මයක් සිහි කරන්නහු ද මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා මා විසින් බොහෝ දෑ පරිත්‍යාග කරන ලද.
Pali BJT1175. එකතිංසෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා දුග්ගතිං නාභිජානාමි පිණ්ඩපාතස්සිදං ඵලං.
Sinhala BJT1175. මෙයින් එක්තිස්වැනි කපැ එකල යම් දනක් දුනුමු ද, එයින් දුගතිය නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.
Pali BJT1176. ද්වෙ ගතියො පජානාමි දෙවත්තං අථ මානුසං අඤ්ඤං ගතිං න ජානාමි පිණ්ඩපාතස්සිදං ඵලං
Sinhala BJT1176. දෙවිබව ද යළි මිනිස්බව ද යන දෙගතිය දනිමි, අන් ගතියක් නො දනිමි, මේ පිණ්ඩපාතයාගේ විපාක යි.
Pali BJT1177. උච්චෙ කුලෙ පජායාමි මහාසාලෙ මහද්ධනෙ අඤ්ඤෙ කුලෙ න ජානාමි පිණ්ඩපාතස්සිදං ඵලං.
Sinhala BJT1177. මහාසාර වූ මහද්ධන ඇති උදිච්‍යකුලයෙහි උපදිමි, අන් කුලයක් නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.
Pali BJT1178. භවාභවෙ සංසරිත්වා සුක්කමූලෙන චොදිතා අමනාපං න පස්සාමි සොමනස්සකතං ඵලං.{1}
Sinhala BJT1178. කුදුමහත් භවයෙහි සැරිසරා කුශලමූලයෙන් මෙහෙයන ලදු වැ අමනාප දැයක් නො දක්මි, සොම්නස් සහගියබැව්හි මේ විපාක යි.
Pali BJT1179. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනි.
Sinhala BJT1179. ඍද්ධියෙහි ද දිවසෝධාහි ද වශී වෙමි, මහා මුනිවරය, චේතෝපරියඤාණයෙහි වශී වෙමි.
Pali BJT1180. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1180. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1181. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT1181. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේ ම ප්‍රතිභානයෙහි ද මාගේ ඤාණය උපන.
Pali BJT1182-1184. කිලෙසා ඣාපිතා මය්හං ... කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1182. – 1184. මා විසින් කෙලෙස් දවන ලදහ ... බුදුසසුන් කරන ලද.
Pali BJTඉත්ථං සුදං උප්පලදායිකා භික්ඛුනී භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ උප්පලදායිකා මෙහෙණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා පැවසූ යැ යි.
Pali BJTඋප්පලදායිකාථෙරියාපදානං තතියං.
Sinhala BJTතුන්වැනි උප්පලදායිකා මෙහෙණියගේ අපදාන යි.
Pali BJT4. 4 සිගාලමාතාපදානං
Sinhala BJT4. 4 සිගාලමාතාපදානය
Pali BJT1185. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උපපජ්ජි නායකො.
Sinhala BJT1185. මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පියුමතුරා නම් ජිතපඤ්චමාරයෝ පහළ වූහ.
Pali BJT1186. තදාහං හංසවතියං ජාතාමච්චකුලෙ අහුං නානාරතනපජ්ජොතෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
Sinhala BJT1186. එකල්හි මම හංසවතියෙහි නන්රුවනින් බබළන සමෘද්ධ වූ ආඪ්‍ය වූ මහත් ධන ඇති ඇමැතිකුලයෙක උපන්මු.
Pali BJT1187. පිතුනා සහ ගන්ත්වාන මහාජනපුරක්ඛතා ධම්මං බුද්ධස්ස සුත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT1187. මහාජනයා විසින් පෙරටු කරන ලදු වැ පියා සමග ගොස් බුදුරදුන්ගේ දහම් අසා ශාසනයට පැමිණියෙමි.
Pali BJT1188. පබ්බජිත්වාන කායෙන පාපකම්මං විවජ්ජයිං වචීදුච්චරිතං හිත්වා ආජීවං පරිසොධයිං.
Sinhala BJT1188. පැවිදි වැ කයින් පව්කම් දුරු කළමු, වාක් දුසිරිත හැරපියා ආජීවය පිරිසිදු කළමු.
Pali BJT1189. බුද්ධෙ පසන්නා ධම්මෙ ච සඞ්ඝෙ ච තිබ්බගාරවා සද්ධම්මසවනෙ යුත්තා බුද්ධදස්සනලාලසා.
Sinhala BJT1189. බුදුන් කෙරෙහි පහන් වූවා දහම්හි ද සඟුන් කෙරෙහි ද දැඩි ගෞරව ඇති වැ බණ ඇසීමෙහි යෙදුණි, බුදුන් දැකීමෙහි ලොල් වූමු.
Pali BJT1190. අග්ගං සද්ධාධිමුත්තානං අස්සොසිං භික්ඛුනිං තදා තං ඨානං පත්ථයිත්වාන තිස්සො සික්ඛා අපූරයිං, තතො මං සුගතො ආහ කරුණානුගතාසයො.
Sinhala BJT1190. එකල්හි සද්ධාධිමුත්ත වූවන් කෙරෙහි අග්‍ර වූ මෙහෙණක ඇසූමු, ඒ තනතුර පතා ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරූමු, ඉක්බිති කරුණායෙන් යුත් සිත් ඇති සුගතයන් වහන්සේ මට මේ වදාළහ.
Pali BJT1191. “යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා සීලං ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
Sinhala BJT1191. “තථාගතයන් කෙරෙහි යමක්හුගේ ශ්‍රද්ධා නො සැලී පිහිටියා ද, යමක්හට (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත හෙයින්) ආර්‍ය්‍යකාන්ත වූ පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද,
Pali BJT1192. සඞ්ඝෙ පසාදො යස්සත්ථි උජුභූතං ච දස්සනං අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT1192. යමක්හට සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ධර්‍මදර්‍ශනය ඍජු වූයේත් වේ ද, ඔහු නො දිළින්දෙකැයි කියති, ඔහුගේ ජීවිතය නො සිස් වේ.
Pali BJT1193. තස්මා සද්ධං ච සීලං ච පසාදං ධම්මදස්සනං අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසනං.”
Sinhala BJT1193. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුසසුන් සිහි කෙරෙමින් ශ්‍රද්ධාව ද ශීලය ද ප්‍රසාදය ද ධර්‍මදර්‍ශනය ද යන මෙහි යෙදෙන්නේ” යයි.
Pali BJT1194. තං සුත්වා’හං පමුදිතා අපුච්ඡිං පණිධිං මම තදා අනොමො අමිතො ව්යාකරිත්ථ විනායකො.
Sinhala BJT1194. ඒ අසා මම සතුටුව ප්‍රණිධිය (ගෙන) පුළුවුස්මු, එකල්හි අමිත ගුණ ඇති අනෝම නම් විනායකයන් වහන්සේ මේ ප්‍රකාශ කළහ.
Pali BJT1195. බුද්ධෙ පසන්නා කල්යාණි ලච්ඡසෙ තං සුපත්ථිතං සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT1195. කල්‍යාණිය, (තෝ) බුදුන් කෙරෙහි පහන් වූවා තෙල පතන ලද්ද ලබන්නාව, මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපන් නමින් ‘ගොතම’ නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වන්නාහ.
Pali BJT1196. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා සිගාලකස්ස මාතා ති හෙස්සති සත්ථු සාවිකා.
Sinhala BJT1196. ඔබගේ දහම්හි දායාද ඇති ඖරස වූ ධර්‍ම නිර්මිත වූ ‘සිගාලමාතු’ යන නම් ඇති ශාස්තෘශ්‍රාවිකාවක් වන්නී ය.
Pali BJT1197. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පටිපත්තීහි නායකං.
Sinhala BJT1197. ඒ අසා සතුටු වැ එකල්හි යාවජ්ජීවයෙන් මෙත් සිත් ඇති වැ ජින වූ ලෝකනායකයන් වහන්සේට පිළිවෙතින් පරිචරියා කළමු.
Pali BJT1198. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT1198. මනා කොට කරන ලද ඒ පින්කමින් ද සිත පිහිටුවීමෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT1199. පච්ඡිමෙ ච භවෙ’දානි ගිරිබ්බජපුරුත්තමෙ. ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ මහාරතනසඤ්චයෙ.
Sinhala BJT1199. යළි දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (රජගහ) පුරවරයෙහි මහත් රත්නසඤ්චය ඇති සමෘද්ධ වූ සිටුකුලයෙහි උපන්මු.
Pali BJT1200. පුත්තො සිගාලකො නාම මමාසි විපථො රතො දිට්ඨිගහනපක්ඛන්නො{1} දිසාපූජනතප්පරො.
Sinhala BJT1200. මට විරුද්ධ මාර්‍ගයෙහි ඇලුණු දෘෂ්ටිගහනයට පිවිසි දිශාවන් පිදීමෙහි, තත්පර වූ, ‘සිගාලක’ නම් පිතෙක් වී.
Pali BJT1201. නානාදිසා නමස්සන්තං පිණ්ඩාය නගරං වජං තං දිස්වා ඔවදී බුද්ධො මග්ගෙ ඨත්වා විනායකො.
Sinhala BJT1201. පිඬු සිඟා නුවරට වඩනා විනායක වූ බුදුහු නානාදිශාවන් නමස්කාර කරන ඔහු දැක මාර්‍ගයෙහි සිට -
Pali BJT1202. තස්ස දෙසයතො ධම්මං නිනාදො{2} විම්හයො අහු දෙවකොටිනරනාරීනං ධම්මා’භිසමයො අහු.
Sinhala BJT1202. ඔහුට දහම් දෙසන බුදුරදුන්ගේ නිනාදය විස්මය දනවනු විය, දෙකෙළක් ස්ත්‍රී පුරුෂයනට ධර්‍මාවබෝධය වී.
Pali BJT1203. තදාහං{3} පරිසං ගන්ත්වා සුත්වා සුගතභාසිතං සොතාපත්තිඵලං පත්තා පබ්බජිං අනගාරියං.
Sinhala BJT1203. එකල්හි මම පිරිස කරා ගොස් සුගතයන්ගේ භාෂිතය අසා සෝවත් ඵලයට පැමිණියා ශාසනයට පැමිණියමු.
Pali BJT1204. න චිරෙනෙව කාලෙන බුද්ධදස්සනලාලසා අනුස්සතිං තං භාවෙත්වා අරහත්තං අපාපුණිං
Sinhala BJT1204. නොබෝ කලකින් ම බුදුන් දැකීමෙහි ලොල් වූ මම ඒ බුද්ධානුස්මෘතිය වඩා රහත්බවට පැමිණියමු.