Pali BJT1024. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1024. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි ඒකාන්තයෙන් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
Pali BJT1025. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1025. සිවු පිළිසිඹියාවෝ ද මේ අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද පසක් කරන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
Pali BJT1026. එවං බහුවිධං දුක්ඛං සම්පත්ති ච බහුබ්බිධා විසුද්ධභාවං සම්පත්තා ලභාමි සබ්බසම්පදා.
Sinhala BJT1026. මෙසේ බහුවිධ වූ දුකට ද බහුප්‍රකාර වූ සම්පත්තීන්ට ද විශුද්ධභාවයට ද පැමිණියමු, සියලු සම්පත් ලබමි.
Pali BJT1027. සා දදාති සකත්තානං පුඤ්ඤත්ථාය මහෙසිනො සහායසම්පදා හොන්ති නිබ්බානපදමසඞ්ඛතං.
Sinhala BJT1027. ඕ යසෝධරා පින් සඳහා මහර්ෂීන්ට සිය අත්බැව දෙයි, ඈට සහායසම්පත්තීහු වෙති, නිර්‍වාණපදය අසංඛත යි.
Pali BJT1028. පරික්ඛීණං අතීතං ච පච්චුප්පන්නං අනාගතං සබ්බං කම්මං මමං ඛීණං පාදෙ වන්දාමි චක්ඛුම.
Sinhala BJT1028. අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද අනාගත වූ ද කර්‍මය ගෙවී ගියේ ය, මාගේ සියලු කර්‍ම ක්‍ෂය වී, පසැස් ඇති සර්‍වඥයෙනි, ඔබගේ පාසඟුළුවන් වඳිමි.
Pali BJTඉත්ථං සුදං යසොධරා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ යසෝධරා මෙහෙණ මේ ගාථා කිවු යැ.
Pali BJTයසොධරාථෙරියාපදානං අට්ඨමං.
Sinhala BJTඅටවැනි යසෝධරා ථේරි අපදාන යි.
Pali BJT3. 9 දසභික්ඛුනීසහස්සාපදානං
Sinhala BJT3. 9 දසදහසක් භික්‍ෂුණීන්ගේ අපදානය
Pali BJT1029. කප්පෙ ච සතසහස්සෙ චතුරො ච අසඞ්ඛියෙ දීපඞ්කරො නාම ජිනො උප්පජ්ජි ලොකනායකො.
Sinhala BJT1029. මෙයින් පෙර සාරාසංඛ්‍යකල්පලක්‍ෂයෙහි ලෝකනායක වූ දීපංකර නම් ජිතපඤ්චමාරයෝ උපන්හ.
Pali BJT1030. දීපඞ්කරො මහාවීරො වියාකාසි විනායකො සුමෙධං ච සුමිත්තං ච සමානසුඛදුක්ඛතං.
Sinhala BJT1030. සත්‍වයන් විනයනය කරන මහාවීර වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ සුමේධ ද සුමිත්ත ද යන මොවුන් සමාන සුවදුක් ඇතිබව ප්‍රකාශ කළ සේක.
Pali BJT1031. සදෙවකං ච පස්සන්තා චිවරන්තා සදෙවකං තෙසං පකිත්තනෙ අම්හෙ උපගම්ම සමාගමං{1}.
Sinhala BJT1031. ඒ ප්‍රකීර්‍තනයෙහි දී දෙවියන් සහිත ලෝවැසියන් දක්නමෝ සදේවක ලෝකයෙහි හැසිරෙන්නමෝ අපි ඔවුන්ගේ සමාගමයට පැමිණ -
Pali BJT1032. අම්හං සබ්බපති හොහි{2} අනාගතසමාගමෙ සබ්බාව තුය්හං භරියා මනාපා පියවාදිකා.
Sinhala BJT1032. අනාගත සමාගමයෙහි අප සියල්ලන්ට ස්වාමි වුව මැනැව, අප සියල්ලෝ ම ඔබට මනවඩන ප්‍රිය වදන් කියන භාර්‍ය්‍යා වම්හ.
Pali BJT1033. දානසීලමයං සබ්බං භාවනා ච සුභාවිතා{3} දීඝරත්තං ච නො{4} සබ්බං පරිච්චත්තං මහාමුනෙ.
Sinhala BJT1033. මහාමුනි වූ සර්‍වඥයෙනි, අප විසින් දාන - සීලමය වූ සියලු කුසල් කරන ලද, භාවනා ද මොනොවට වඩන ලදු. බොහෝ කලක් සියල්ල පරිත්‍යාග කරන ලදි.
Pali BJT1034. ගන්ධං විලෙපනං මාලං දීපං ච රතනාමයං යං කිඤ්චි පත්ථිතං සබ්බං පරිච්චත්තං මහාමුනෙ.
Sinhala BJT1034. මහාමුනි වූ සර්‍වඥයෙනි, සුවඳ විලෙවුන් මල් හා පහන් ද පතන ලද රුවන්මුවා වූ යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල පරිත්‍යාග කරන ලදී.
Pali BJT1035. අඤ්ඤං චා’පි කතං කම්මං පරිභොගං ච මානුසං දීඝරත්තං හි නො සබ්බං පරිච්චත්තං මහාමුනෙ.
Sinhala BJT1035. මහාමුනි වූ සර්‍වඥයෙනි, අන්‍ය වූ ද කුශලකර්‍ම කරන ලද, මානුෂික වූ පරිභෝග වස්තු ද යන සියල්ල අප විසින් බොහෝ කලක් පරිත්‍යාග කරන ලදී.
Pali BJT1036. අනෙකජාතිසංසාරං බහුං පුඤ්ඤං හි නො කතං ඉස්සරමනුභොත්වාන සංසරිත්වා භවාභවෙ.
Sinhala BJT1036. නොයෙක් ජාති ඇති සංසාරයෙහි අප විසින් බොහෝ පින්කම් කරන ලදි. ඓශ්වර්‍ය්‍යය වළඳා කුදුමහත් භවයෙහි සැරිසරා -
Pali BJT1037. පච්ඡිමභවෙ සම්පත්තෙ සක්යපුත්තනිවෙසනෙ නානාකුලූපපන්නායො අච්ඡරාකාමවණණිනී.
Sinhala BJT1037. පශ්චිම භවය පැමිණි කල්හි කැමැති වර්‍ණ ඇති අප්සරාවෝ නානාකුලයෙහි උපන්නාහු ශාක්‍යපුත්‍ර වූ සිදුහත් කුමරුන්ගේ නිවේසනයෙහි -
Pali BJT1038. ලාභග්ගෙන යසං පත්තා පූජිතා සබ්බසක්කතා ලාභියො අන්නපානානං සදා සම්මානිතා මයං.
Sinhala BJT1038. අග්‍ර වූ ලාභයෙන් යුක්ත ව පුදනු ලැබූ සියල්ලන් විසින් සත්කාර කරන ලද හැම කල්හි සම්මානිත වූ අපි ආහාර පාන ලබනසුලු වූම්හ.
Pali BJT1039. අගාරං පජහිත්වාන පබ්බජිත්වානගාරියං අඩ්ඪමාසෙ අසම්පත්තෙ සබ්බා පත්තාම්හ නිබ්බුතිං.
Sinhala BJT1039. ගිහිගෙය හැර ශාසනයෙහි පැවිදි ව අඩමසක් නො පත් කල්හි සියල්ලෝ නිවනට පැමිණියම්හ.
Pali BJT1040. ලාභියො අන්නපානානං වත්ථසෙනාසනානි ච උපෙන්ති පච්චයා සබ්බෙ සදා සක්කතපූජිතා.
Sinhala BJT1040. ආහාර පාන ද වස්ත්‍ර හා සෙනසුන් ද ලාභී වූම්හ. සියලු ප්‍රත්‍යයෝ ලැබෙත්. හැම කල්හි සත්කෘත පූජිත වූම්හ.
Pali BJT1041. කිලෙසා ඣාපිතාම්හාකං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
Sinhala BJT1041. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් අස්‍රව රහිත වැ වාස කරම්හ.
Pali BJT1042. ස්වාගතං වත නො ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1042. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ ශාසනයට ඒකාන්තයෙන් අපගේ මනා පැමිණීම විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුසසුන් කරන ලද.
Pali BJT1043. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1043. සිවුපිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං යසොධරාපමුඛානි දසභික්ඛුනීසහස්සානි භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ යසෝධරාවන් ප්‍රමුඛ දසදහසක් භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා ප්‍රකාශ කළහ.
Pali BJTදසභික්ඛුනීසහස්සාපදානං නවමං.
Sinhala BJTනවවැනි දසදහසක් භික්‍ෂුණීන්ගේ අපදාන යි.
Pali BJT3. 10 අට්ඨාරසභික්ඛුනීසහස්සාපදානං.
Sinhala BJT3. 10 යසෝධරා ප්‍රමුඛ අටළොස්දහසක් භික්‍ෂුණීන්ගේ අපදානය
Pali BJT1044. අට්ඨාරසසහස්සානි භික්ඛුනී සක්යසම්හවා යසොධරාපමුඛානි සම්බුද්ධං උපසඞ්කමුං.
Sinhala BJT1044. යසෝධරාවන් ප්‍රමුඛ ශාක්‍යවංශයෙහි උපන් අටළොස් දහසක් භික්‍ෂුණීහු සම්බුදුන් කරා පැමිණායාහු ය.
Pali BJT1045. අට්ඨාරසසහස්සානි සබ්බා හොන්ති මහිද්ධිකා වන්දන්තී මුනිනො පාදෙ ආරොචෙන්ති යථාබලං.
Sinhala BJT1045. අටළොස්දහසක් භික්‍ෂුණීහු සියල්ලෝ මහත් ඍද්ධි ඇත්තාහු වෙති, මුනීන්‍ද්‍රයන්ගේ පාසඟුළුවන් වඳිති, ශක්ති පරිදි දන්වා සිටිත්.
Pali BJT1046. ජාති ඛීණා ජරා ව්යාධි මරණං ච මහාමුනි අනාසවං පදං සන්තං අමතං යාම නායක.
Sinhala BJT1046. මහාමුනිතුමනි, ජාතිය ද ජරාව ද ව්‍යාධිය ද මරණය ද ක්‍ෂය විය. නායකයාණනි, අනාස්‍රව වූ ශාන්ත වූ අමෘතපදයට යම්හ.
Pali BJT1047. ඛලිතං චෙ පුරෙ අත්ථි සබ්බාසම්පි මහාමුනි අපරාධමජානන්තී{1} ඛම අම්හං විනායක.
Sinhala BJT1047. මහාමුනීන්‍ද්‍රයෙනි, ඉදින් පෙර සියල්ලන්ගේ මැ යම් දොසක් ඇද්ද, විනායකයෙනි, ඒ අපරාධය නො දන්නා වූ අපට කමා කළ මැනැව.
Pali BJT1048. “ඉද්ධිං චාපි නිදස්සෙථ මම සාසනකාරිකා පරිසානං ච සබ්බාසං කඞ්ඛං ඡින්දථ යාවතා.”
Sinhala BJT1048. මාගේ සසුන් කරන මෙහෙණියනි, ඍද්ධිය ද දක්වවු. යම්පමණ පිරිස් වැසියන්ගේ සැකය ද සිඳිවු.
Pali BJT1049. යසොධරී මහාවීර මනාපා පියදස්සනා සබ්බා තුය්හං මහාවීර අගාරස්මිං පජාපතී.
Sinhala BJT1049. මහාවීරයන් වහන්ස, යශස් දරන මනවඩන ප්‍රියදර්‍ශන ඇති සියල්ලෝ ගිහිගෙයි දී නුඹ වහන්සේගේ ප්‍රජාපතී වූම්හ.
Pali BJT1050. ථිනං සතසහස්සානං නවුතීනං ඡළුත්තරි අගාරෙ තෙ මයං වීර පාමොක්ඛා සබ්බඉස්සරා.
Sinhala BJT1050. වීරයන් වහන්ස, අපි නුඹ වහන්සේගේ භවනයෙහි සියදහසක් ස්ත්‍රීන්ට ද, සයක් අධික වූ අනූවකට ද ප්‍රමුඛව සියල්ලන්ට ඉසුරු ඇති වූම්හ.
Pali BJT1051. රූපාචාරගුණූපෙතා යොබ්බනට්ඨා පියංවදා සබ්බායො අපචායන්ති දෙවතා විය මානුසා.
Sinhala BJT1051. රූපයෙන් හා ආචාරගුණයෙන් යුක්ත වූ යොවුන් වියෙහි සිටි ප්‍රියවදන් ඇති සියල්ලෝ මිනිස් ලොවැ දෙවියකුට මෙන් පුදත්.
Pali BJT1052. අට්ඨාරසසහස්සානි සබ්බා සාකියසම්හවා යසොධරා{2} සහස්සානි පාමොක්ඛා ඉස්සරා තදා.
Sinhala BJT1052. ශාක්‍යකුලයෙහි උපන් සියල්ලෝ අටළොස්දහසක් වූහ, (ඔවුනතුරෙහි) යශස්ධර වූ දහසක් දෙන එකල්හි ප්‍රමුඛ වූවාහු ඉසුරු ඇති වූහ.
Pali BJT1053. කාමධාතුමතික්කන්තා සණ්ඨිතා රූපධාතුයා රූපෙන සදිසා නත්ථි සහස්සානං මහාමුනි.
Sinhala BJT1053. මහාමුනීන්‍ද්‍රයෙනි, කාමධාතුව ඉක්මවූවාහු, රූපධාතුයෙහි සිටියාහු ඒ දහසක් ස්ත්‍රීන්ට රූපයෙන් සදෘශ වූවාහු නැති.
Pali BJT1054. සම්බුද්ධං අභිවාදෙත්වා ඉද්ධිං දස්සෙසු සත්ථුනො නෙකා{3} නානාවිධාකාරා මහාඉද්ධිපි දස්සයුං.
Sinhala BJT1054. සම්බුදුන් වැඳ ශාස්තෘන් වහන්සේට ඍද්ධි දැක්වූහ, ලොවැ නන්වැදෑරුම් වූ මහත් ඍද්ධි ද දැක්වූහ.
Pali BJT1055. චක්කවාළසමං කායං සීසං උත්තරතො කුරු උභො පක්ඛා දුවෙ දීපා ජම්බුදීපං සරීරතො.
Sinhala BJT1055. සක්වළ සම වූ කය ඇති උතුරුකුරුයෙහි හිස ඇති (විදේහ ගොයාන යන) දෙදිවයිනැ දෙපියා ඇති ශරීරයෙන් දඹදිව වසා සිටි -
Pali BJT1056. දක්ඛිණං ච සරං පිඤ්ජං නානාසාඛා තු පත්තකා චන්දසූරවිසාලක්ඛා{4} මෙරුපබ්බතතො සිඛා.
Sinhala BJT1056. දකුණු සයුර විල්කලබ ඇති නානාශාඛා බඳු පත්‍ර ඇති සඳු හිරු මෙන් විශාල ඇස් ඇති මේරුපර්‍වතයෙහි සිළු ඇති -
Pali BJT1057. චක්කවාළගිරිතුණ්ඩා ජම්බුරුක්ඛං සමූලකං වීජමානා උපගන්ත්වා වන්දන්ති ලොකනායකං.
Sinhala BJT1057. සක්වළගිරෙහි තුඩු ඇති ව (ගුරුළුවෙස් ගෙන) මුල් සහිත දඹරුක සලමින් සමීපයට පැමිණ ලෝකනායකයන් වඳිති.
Pali BJT1058. හත්ථිවණ්ණං තථෙවස්සං පබ්බතං ජලධිං තථා චන්ද ච සුරියං මෙරුං සක්කවණ්ණං ච දස්සයුං.
Sinhala BJT1058. හස්තිවේශය ද එසේ මැ අශ්වවේශය ද පර්‍වත ද එසේ මැ සයුර ද සඳු ද හිරු ද මෙරගල් ද ශක්‍රවේශය ද දැක්වූහ.
Pali BJT1059. යසොධරා මයං වීර පාදෙ වන්දාම චක්ඛුම තව වීර පභාවනෙ නිප්ඵන්තා නරනායක.
Sinhala BJT1059. පසැස් ඇති වීරයන් වහන්ස, යශස්ධර වූ ඇපි පා සඟුළුවන් වඳුම්හ. නරනායක වූ වීරයන් වහන්ස, ඔබගේ මහිමයෙන් නිෂ්පන්නයම්හ.
Pali BJT1060. බුද්ධීසු ච වසී හොම දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොම මහාමුනෙ.
Sinhala BJT1060. මහාමුනින්‍ද්‍රයන් වහන්ස ඍද්ධිවිෂයෙහි ද දිවසෝධාභි ද වශී වම්හ, පරසිත් දන්නා නුවණෙහි වශී වම්හ.
Pali BJT1061. පුබ්බෙ නිවාසං ජානාම දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1061. පෙර විසූ කඳපිළිවෙළ දැනුම්හ, දිව ඇස පිරිසිදු කරනලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT1062. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං අම්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT1062. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අත්‍ථ, ධම්ම, නිරුත්ති විෂයෙහි ද පටිභානයෙහි ද නුවණ උපන.
Pali BJT1063. පුබ්බානං ලොකනාථානං සඞ්ගමං නො නිදස්සිතං අධිකාරා බහූ අම්හං තුම්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1063. මහාමුනිවරය, පූර්‍වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වනලද, නුඹ වහන්සේ සඳහා අපගේ අධිකාරයෝ බොහෝ වූහ.
Pali BJT1064. යං අම්හං පුරිමං කම්මං කුසලං සරසෙ මුනෙ තුම්හත්ථාය මහාවීර පුඤ්ඤානුපචිතානි නො.
Sinhala BJT1064. මුනීන්‍ද්‍රයන් වහන්ස, අපගේ යම් පූර්‍වකුශලකර්‍මයක් සිහිකරන්නහු ද, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පුණ්‍යයෝ රැස්කරන ලදහ.
Pali BJT1065. අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා වාරයිමහ අනාචරං තුය්හත්ථාය මහාවීර චත්තානි ජීවිතානි නො.
Sinhala BJT1065. අභව්‍යස්ථානයන් හැරපියා අනාචාරය වැළැකුම්හ. මහා වීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් දිවි පුදන ලද.
Pali BJT1066. නෙකකොටිසහස්සානං භරියත්ථාය’දාසි නො න තත්ථ විමනා හොම තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1066. මහාමුනිවරය, නොයෙක් කෙළසුවහසුන්ට භාර්‍ය්‍යා පිණිස අප දුන්නේ ය, එහි ලා නුඹ වහන්සේ සඳහා නො සතුටු නො වම්හ.
Pali BJT1067. නෙකකොටිසහස්සානං උපකාරාය’දාසි නො න තත්ථ විමනා හොම තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1067. නොයෙක් කෙළසුවහසුන්ට උපකාර පිණිස අප දුන්නේ ය, මහාමුනිවරය, එහි ලා නුඹ වහන්සේ ට නො සතුටු නො වම්හ.
Pali BJT1068. නෙකකොටිසහස්සානං භොජනත්ථාය’දාසි නො න තත්ථ විමනා හොම තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1068. නොයෙක් කෙළසුවහසුන්ට භෝජන සඳහා අප දුන්නේ ය, මහාමුනිවරය එහි ලා නුඹ වහන්සේට නො සතුටු නො වම්හ.
Pali BJT1069. නෙකකොටිසහස්සානි ජීවිතානි චජිම්හ නො ‘භයමොක්ඛං කරිස්සාම’ ජීවිතානි චජිම්හ සෙ.
Sinhala BJT1069. අපගේ නොයෙක් කෙළ සුවහස් ජීවිතයන් පිදුම්හ, භයින් මිදීම කරම්හ’යි ජීවිතයන් ත්‍යාග කළම්හ.
Pali BJT1070. අඞ්ගගතෙ අලඞ්කාරෙ වත්ථෙ නානාවිධෙ බහූ ඉත්ථිභණ්ඩෙ න ගූහාම තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1070. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා ශරීරගත ආභරණ ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී භාණ්ඩ ද නො සඟවම්හ.
Pali BJT1071. ධනධඤ්ඤපරිච්චාගං ගාමානි නිගමානි ච ඛෙත්තා පුත්තා ච ධීතා ච පරිච්චත්තා{1} මහාමුනෙ.
Sinhala BJT1071. මහාමුනිවරය, ධනධාන්‍ය පරිත්‍යාග කළම්හ, ගම් ද නියම්ගම් ද කෙත් ද පුත්‍රයෝ ද දුහිතෲහු ද පරිත්‍යාග කරන ලදහ.
Pali BJT1072. හත්ථි අස්සා ගවා චාපි{2} දාසියො පරිචාරිකා තුය්හත්ථාය මහාවීර පරිච්චත්තා අසඞ්ඛියා{3}.
Sinhala BJT1072. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අසංඛ්‍ය වූ ඇත් අස් ගවයෝ ද දාසීහු ද පිරිවර ස්ත්‍රීහු ද පරිත්‍යාග කරන ලදහ.
Pali BJT1073. යං අම්හෙ පටිමන්තෙසි දානං දස්සාම යාචකෙ විමනං නො න පස්සාම දදතො දානමුත්තමං.
Sinhala BJT1073. යම්හෙයකින් අප යාචකයන්ට දන් දෙම්හ යි ප්‍රතිඥා කෙළේ ද එකල්හි උතුම් දානය දෙන නුඹ වහන්සේට අපගේ නො සතුටක් නො දක්වම්හ.
Pali BJT1074. නානාවිධං බහුං දුක්ඛං සංසාරෙ ච බහුබ්බිධෙ තුය්හත්ථාය මහාවීර අනුභුත්තං අසඞ්ඛියං.
Sinhala BJT1074. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා බහුප්‍රකාර වූ සංසාරයෙහි අසංඛ්‍ය වූ නන්වැදෑරුම් බොහෝ දුක් විඳුනා ලද.
Pali BJT1075. සුඛප්පත්තා න මොදාම{4} න ච දුක්ඛෙසු දුම්මනා සබ්බත්ථ තුලිතා හොම තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1075. මහාමුනිවරය, නුඹවහන්සේ සඳහා සුවපත් වූවමෝ සතුටු නො වම්හ, දුකෙහි නොසතුටු නො ද වම්හ, හැම තන්හි ම සම වම්හ.
Pali BJT1076. අනුමග්ගෙන සම්බුද්ධො යං ධම්මං අභිනීහරි අනුභුත්වා සුඛං දුක්ඛං පත්තො බොධිං මහාමුනි.
Sinhala BJT1076. සම්බුද්ධයන් වහන්සේ (අන් බුදුවරයන්) ගියමඟින් යම් බෝසඹර දහමක් රැස් කළාහු ද, එයින් මහාමුනිහු සුවදුක් විඳ බුද්ධ බෝධියට පැමිණියහ.
Pali BJT1077. බ්රහ්මදෙවං ච සම්බුද්ධං ගොතමං ලොකනායකං අඤ්ඤෙසං ලොකනාථානං සඞ්ගමා තෙහි නො බහූ.
Sinhala BJT1077. බ්‍රහ්මදේව සම්බුදුන් ද ගෞතම ලෝකනායකයන් වහන්සේ ද අන්‍ය ලෝකනාථයන් වහන්සේ ද යන ඒ බුදුවරුන් සමග අපගේ බොහෝ සංගමයෝ වූහ.
Pali BJT1078. අධිකාරා බහූ අම්හං{5} තුය්හත්ථා මහාමුනෙ ගවෙසතො බුද්ධධම්මෙ මයං තෙ පරිචාරිකා.
Sinhala BJT1078. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ, බුද්ධධර්‍මයන් ගවේෂණය කරන නුඹ වහන්සේට ඇපි පරිචාරිකා වූම්හ.
Pali BJT1079. කප්පෙ ච සහතහස්සෙ චතුරො ච අසඞ්ඛියෙ දීපඞ්කරො මහාවීරො උප්පජ්ජි ලොකනායකො.
Sinhala BJT1079. සාරාසංඛ්‍යකල්පලක්‍ෂයකින් මතුයෙහි මහාවීර වූ දීපඞ්කර නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.
Pali BJT1080. පච්චන්තදෙසවිසයෙ නිමන්තෙත්වා තථාගතං තස්ස ආගමනං මග්ගං සොධෙන්ති තුට්ඨමානසා.
Sinhala BJT1080. ප්‍රත්‍යන්ත දේශයෙහි (මනුෂ්‍යයෝ) තථාගතයන් වහන්සේ පවරා සතුටු සිත් ඇත්තාහු උන් වහන්සේ වඩනා මඟ ශුද්ධ කෙරෙත්.
Pali BJT1081. තෙන කාලෙන සො ආසි සුමෙධො නාම බ්රාහ්මණො මග්ගං ච පටියාදෙසි ආයතං{6} සබ්බදස්සිනො.
Sinhala BJT1081. එකල්හි ඒ ගෞතම බුදුහු සුමේධ නම් බමුණු වූහ, සර්‍වදර්ශී වූ බුදුරදුන්ට දීර්‍ඝ වූ මාර්‍ගය ද පිළියෙළ කළහ.
Pali BJT1082. තෙන කාලෙන ආසිම්හ සබ්බා බ්රාහ්මණසම්හවා ථලූදජානි පුප්ඵානි ආහරිම්හ සමාගමං.
Sinhala BJT1082. එකල්හි අප සියල්ලෝ බමුණු කුලයෙහි උපනුම්හ, දිය ගොඩ උපදනා මල් ඒ සමාගමයට ගෙන ආම්හ.
Pali BJT1083. තස්මිං සො සමයෙ බුද්ධො දීපඞ්කරො මහායසො වියාකාසි මහාවීරො ඉසීමුග්ගතමානසං.
Sinhala BJT1083. එසමයෙහි මහායශස් ඇති මහාවීර වූ ඒ දිවකුරු බුදුහු උද්ගත වූ සිත් ඇති ඍෂිහුට විවරණ දුන්හ.
Pali BJT1084. චලතී රවති පඨවී සඞ්කම්පති සදෙවකං තස්ස කම්මං පකිත්තෙන්තෙ ඉසිනුග්ගතමානසො.{1}
Sinhala BJT1084. උද්ගත වූ සිත් ඇති ඒ ඍෂිහුගේ අධිකාර කර්‍මය පවසන කල්හි මහ පොළොව සැලෙයි නාද කෙරෙයි සදේවක ලෝකය කම්පා වෙයි.
Pali BJT1085. දෙවකඤ්ඤා මනුස්සා ච මයං චා’පි සදෙවකා නානාපූජනියං භණ්ඩං පූජයිත්වාන පත්ථයුං.
Sinhala BJT1085. දිව්‍යකන්‍යාවෝ ද මනුෂ්‍යයෝ ද ඇපි ද දෙවියන් සහිත ලෝවැසියෝ ද නානාපූජනීය භාණ්ඩ පුදා ප්‍රාර්‍ත්‍ථනා කළම්හ.
Pali BJT1086. තෙසං බුද්ධො වියාකාසි ජොතිදීපසනාමකො “අජ්ජ යෙ පත්ථිතා අත්ථි තෙ භවිස්සන්ති සම්මුඛා.”
Sinhala BJT1086. දීපඞ්කර නම් බුදුහු ඔවුනට ‘අද ප්‍රාර්‍ත්‍ථනා කළ යම් කෙනෙක් ඇද්ද ඔහු සම්මුඛ වන්නාහ’ යි ප්‍රකාශ කළ සේක.
Pali BJT1087. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං නො බුද්ධො වියාකරි තං වාචමනුමොදන්තී එවඞ්කාරී අහුම්හ නො.
Sinhala BJT1087. මෙයින් අපරිමේය කල්පයෙහි දිවකුරු බුදුහු අපට යමක් ප්‍රකාශ කළසේක් ද, අපි ඒ බස අනුමෝදන් වෙමින් එ පරිදි කරනසුලු වූම්හ.
Pali BJT1088. තස්ස කම්මස්ස සුකතස්ස තත්ථ චිත්තං පසාදිය{2} දෙවමානුසකං යොනි අනුභොත්වා අසඞ්ඛියං.
Sinhala BJT1088. එහි සිත් පහදවා මොනවට කළ ඒ කර්‍මයාගේ විපාකයෙන් අසංඛ්‍ය වූ දෙව්මිනිස් දෙගතිය ලබා -
Pali BJT1089. සුඛදුක්ඛෙ’නුභොත්වාන දෙවෙසු මානුසෙසු ච පච්ඡිමභවෙ සම්පත්තෙ ජාතා’ම්හ සාකියෙ කුලෙ.
Sinhala BJT1089. දෙව්ලොව ද මිනිස්ලොව ද සුවදුක් විඳ පශ්චිම භවය පැමිණි කල්හි ශාක්‍යකුලයෙහි උපනුම්හ.
Pali BJT1090. රූපවතී භොගවතී යසසීලවතී තතො සබ්බඞ්ගසම්පදා හොම කුලෙසු අතිසක්කතා.
Sinhala BJT1090. රූ ඇත්තමෝ භෝග ඇත්තමෝ යශස් හා සිල් ඇත්තමෝ යළි සියලු ශරීර සම්පත් ඇත්තමෝ කුලයන්හි අතිශයින් සත්කාර කරන ලදුවම්හ.
Pali BJT1091. ලාභං සිලොකං සක්කාරං ලොකධම්මසමාගමං චිත්තං ච දුක්ඛිතං නත්ථි වසාම අකුතොභයා.
Sinhala BJT1091. ලාභය ප්‍රශංසාය සත්කාරය ලෝකධර්‍මසමාගමය හා දුප්පත් සිත ද නැති, කොයිනුත් නො බිය වැ වාස කරම්හ.
Pali BJT1092. වුත්තං හෙතං භගවතා රඤ්ඤො අන්තෙපුරෙ තදා ඛත්තියානං පුරෙ වීරො උපකාරං ච නිද්දිසි.
Sinhala BJT1092. එකල්හි (සුදොවුන්) රජුගේ ඇතොවුරෙහි දී භාග්‍යවතුන් විසින් තෙල වදාරන ලද මැ යි, වීරයන් වහන්සේ ක්‍ෂත්‍රියයන්ගේ කිඹුල්වත් පුරෙහි දී, (පෙර ලද) උපකාරය ද ප්‍රකාශ කළහ.
Pali BJT1093. උපකාරා ච යා නාරී යා ච නාරී සුඛෙ දුඛෙ අත්ථක්ඛායී ච යා නාරී යා ච නාරී’නුකම්පිකා.
Sinhala BJT1093. යම් ස්‍ත්‍රියක් උපකාර ඇති වූ ද යම් ස්ත්‍රියක් සුව දුක් දෙකෙහි සම වූ ද, යම් ස්ත්‍රියක් හිතවැඩ පවසන්නී ද යම් ස්ත්‍රියක් (ස්වාමියාට) අනුකම්පා කරන්නී ද -
Pali BJT1094. ධම්මං චරෙ සුචරිතං න නං දුච්චරිතං චරෙ ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJT1094. සුචරිත ධර්‍මයෙහි හැසිරෙන්නේ යැ, දුශ්චරිතයෙහි නො හැසිරෙන්නේ යැ, ධම්මචාරී පුද්ගල මෙලොවැ ද පරලොවැ ද සුවසේ හැසිරෙයි.
Pali BJT1095. අගාරං විජහිත්වාන පබ්බජිම්හ’නගාරියං අඩ්ඪමාසෙ අසම්පත්තෙ චතුසච්චං ඵුසිම්හ නො.
Sinhala BJT1095. ගිහිගෙය හැරපියා ශාසනයෙහි පැවිදි වූම්හ, අඩමසක් නො පත් කල්හි ඇපි සිවුසස් අවබෝධ කළම්හ.
Pali BJT1096. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං උපනෙන්ති බහුං අම්හෙ සාගරස්සෙව ඌමියො.
Sinhala BJT1096. සාගරයාගේ රළ මෙන් අපට බොහෝ දෙන සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද එළවත්.
Pali BJT1097. කිලෙසා ඣාපිතා අම්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
Sinhala BJT1097. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතිනියන් මෙන් ආස්‍රව රහිත වැ වාස කරම්හ.
Pali BJT1098. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1098. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි අපගේ ස්‍වාගතය විය, ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහ, බුදුසසුන් කරන ලද.
Pali BJT1099. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1099. සිව්පිළිසිඹියාවෝ ද පසක් කරන ලදහ ... බුදුසසුන් කරන ලද.
Pali BJT1100. එවං බහුවිධං දුක්ඛං සම්පත්තී ච බහුබ්බිධා විසුද්ධභාවං සම්පන්නා ලභාම සබ්බසම්පදා.
Sinhala BJT1100. මෙසේ බහුප්‍රකාර දුක් විඳ බහුප්‍රකාර සම්පත් ලැබ විසුද්ධභාවයට පැමිණියමෝ සියලු සම්පත් ලබම්හ.
Pali BJT1101. යා දදන්ති සකත්තානං පුඤ්ඤත්ථාය මහෙසිනො සහායසම්පදා හොන්ති නිබ්බානපදමසඞ්ඛතං.
Sinhala BJT1101. යම් ස්ත්‍රී කෙනෙක් ස්වකීය ආත්මභාවය පින් සඳහා මහර්ෂීන්ට පුදත් ද ඔවුනට සහායසම්පත්තීහු වෙති, අසංඛත වූ නිවන ද වේ.
Pali BJT1102. පරික්ඛීණං අතීතං ච පච්චුප්පන්නං අනාගතං සබ්බං කම්මම්පි නො ඛීණං පාදෙ වන්දාම චක්ඛුම.
Sinhala BJT1102. අතීතය ද ප්‍රත්‍යුත්පන්නය ද අනාගතය ද ගෙවී ගියේ යැ, අපගේ සියලු කර්‍ම ද ක්‍ෂය වී, පසැස් ඇති සර්‍වඥයෙනි, ඔබගේ පාසඟුළුවන් වඳුම්හ.
Pali BJT1103. නිබ්බානාය වජන්තීනං කිං වො වක්ඛාම උත්තරිං සන්තසඞ්ඛතදොසං හි පප්පොථ අමතං පදං.
Sinhala BJT1103. නිවනට වදනා වූ තොපට මතුයෙහි කුමක් කියන්නෙම් ද, යම් හෙයෙකින් සන්හුන් සංඛතදෝස ඇති අමෘතපදයට පැමිණෙ වූ ද එහෙයිනි.
Pali BJTඉත්ථං සුදං යසොධරාපමුඛානි අට්ඨාරසභික්ඛුනීසහස්සානි භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ යසෝධරාවන් ප්‍රමුඛ වූ අටළොස්දහසක් භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා ප්‍රකාශ කළාහු යැ.
Pali BJTයසොධරාපමුඛඅට්ඨාරසභික්ඛුනිසහස්සාපදානං දසමං.
Sinhala BJTදසවැනි යසෝධරා ප්‍රමුඛ අටළොස් මෙහෙණදහසුන්ගේ අපදාන යි.
Pali BJTකූණ්ඩලකෙසීවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි කුණ්ඩලකේසී වර්‍ග යි.
Pali BJTතත්ථුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකුණ්ඩලා ගොතමී චෙව ධම්මදින්නා ච සකුලා චරනන්දා ච සොණා ච කාපිලානී යසොධරා, දසසහස්සභික්ඛුනී අට්ඨාරසසහස්සකා ගාථාසතානි චත්තාරි ඡ ච සත්තති මෙව ච.
Sinhala BJTකුණ්ඩලකෙසි අපදාන යැ, කිසාගෝතමී අපදාන යැ, ධම්මදින්නා අපදාන යැ, සකුලාපදාන යැ, ජනපදකල්‍යාණී නන්‍දාපදාන යැ, සෝණාපදාන යැ, කාපිලානී අපදාන යැ, යසොධරාපදාන යැ - දසදහසක් භික්‍ෂුණීන්ගේ අපදාන යැ, අටළොස්දහසක් භික්‍ෂුණීන්ගේ අපදාන යැ යි දසයෙකි. ගාථා සාරසිය සැත්තෑසයෙක් ද වේ.
Pali BJT4. ඛත්තියාවග්ගො
Sinhala BJT4. ඛත්තියා වර්‍ගය
Pali BJT4. 1 යසවතීපමුඛභික්ඛුනීනං අපදානං
Sinhala BJT4. 1 යසවතීප්‍රමුඛ භික්‍ෂුණීන්ගේ අපදානය
Pali BJT1104. භවා සබ්බෙ පරික්ඛීණා භවසන්ධි විමොචිතා සබ්බාසවා ච නො නත්ථි ආරොචෙම මහාමුනෙ.
Sinhala BJT1104. මහාමුනිවරය, ඔබට ආරෝචනය කරම්හ. අපගේ සියලු භවයෝ ක්‍ෂය වූහ. භවසන‍්ධිය මුදනා ලදු, අපගේ සියලු ආස්‍රවයෝ නැති.
Pali BJT1105. පුරිමං කුසලං කම්මං යං කිඤ්චි සාධූ පත්ථිතං පරිභොගමයං දින්නං තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1105. මහාමුනිවරය, පූර්‍වකුශලකර්‍ම (ජනිත වූ) මනා කොට පතන ලද යම් කිසි පරිභෝගාර්‍හ (වස්තුවක් ඇද්ද) එය නුඹවහන්සේ සඳහා දෙන ලද.
Pali BJT1106. බුද්ධපච්චෙකබුද්ධානං බුද්ධානං සාවකාන ච පරිභොගමයං දින්නං තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT1106. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා බුදු පසේබුදුවරයන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද පරිභෝගාර්‍හ වස්තු දෙන ලද.
Pali BJT1107. උච්චනීචමයං කම්මං භික්ඛූනං සාධු පත්ථිතං උච්චාකුලපරිකම්මං කතමෙතං මහාමුනෙ.
Sinhala BJT1107. මහාමුනිවරය, භික්‍ෂූන්ට (පරිත්‍යාගයෙන්) කුදුමහත් පින්කම් කොට මොනවට පතන ලද උච්චාකුල (උපතට නිසි) වතාවත් කරන ලද.
Pali BJT1108. තෙනෙව සුක්කමූලෙන චොදිතා කම්මසම්පදා මානුසිකමතික්කන්තා ජායිංසු ඛත්තියෙ කුලෙ.
Sinhala BJT1108. එ මැ කුශලමූලයෙන් මෙහෙයන ලද කර්‍මසම්පත්තියෙන් මානුෂික (රූපාදිය) ඉක්මවූවාහු කැත් කුලයෙහි උපන්හ.
Pali BJT1109. උප්පත්තෙ ච කතෙ කම්මෙ ජාතියා චා’පි එකතො පච්ඡිමෙ එකතො ජාතා ඛත්තියා කුලසම්හවා.
Sinhala BJT1109. උපතෙහි ද පින්කම් කරන කල්හි ද ජාතියෙන් ද එක්ව විසුම්හ, පශ්චිම භවයෙහි එක්ව ක්‍ෂත්‍රිය කුලයෙහි උපනුම්හ.
Pali BJT1110. රූපවතී භොගවතී ලාභසක්කාරපූජිතා අන්තෙපුරෙ මහාවීර දෙවානං විය නන්දනෙ.
Sinhala BJT1110. මහාවීරයන් වහන්ස, රූපවත් ව භෝගවත් ව ලාභසත්කාරයෙන් පූජිත ව දෙවියන්ගේ නන්‍දනයෙහි මෙන් අන්තඃපුරයෙහි විසුම්හ.