Pali BJT926. සත්තපාතිසහස්සානි රතනෙහෙව සත්තහි කාරෙත්වා ඝතපූරානී වට්ටියො{2} ච සහස්සසො.
Sinhala BJT926-927. (මාගේ ස්වාමිපුරුෂ) සත්රුවනින් මැ ගිතෙල් පුරාලු (පහන්) තැටි සත්දහසක් කරවා දහස්ගණනින් වැටි ද බහා (එ පහන්) දල්වා වෙසෙසින් පහන් වූ සිතින් යුතු වැ ලෝකනාථයන් වහන්සේ ට පූජා පිණිස පඞ්කති (පේලි) සතක් කොට තැබූයේ යි.
Pali BJT927. පක්ඛිපිත්වා පදීපෙත්වා ඨපයී{3} සත්තපන්තියො පූජත්ථං{4} ලොකනාථස්ස විප්පසන්නෙන චෙතසා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT928. තදාපි තම්හි පුඤ්ඤම්හි භාගිනී’හං විසෙසතො පුන කාසිසු සඤ්ජාතො සුමිත්තො ඉති විස්සුතො.
Sinhala BJT928. එදවසැ ද මම් එපින්කම්හි වෙසෙසින් සහභාගිනී වූමු. යළි (ස්වාමිපුරුෂ) කසී දනවුහි උපන්නේ සුමිත්‍ර යයි ප්‍රසිද්ධ වූයේ යැ.
Pali BJT929. තස්සා’හං භරියා සුඛිතා සජ්ජිතා පියා තදාපි පච්චෙකමුනිනො අදාසි{5} ඝනවෙඨනං.
Sinhala BJT929. මම ඔහුට භාර්‍ය්‍යා වූමු. සුඛිත වූවා සර්‍වාකාරයෙන් සජ්ජිත වූවා ප්‍රිය වූමු. එකල්හි දු (ස්වාමිපුරුෂ) පසේ බුදුකෙනෙකුන්හට ඝන (රන්) නළල්පටක් දුන්නේ යැ.
Pali BJT930. තස්සා’පි භාගිනී ආසිං මොදිත්වා දානමුත්තමං පුනා’පි කාසිරට්ඨම්හි ජාතො කොලියජාතියා.
Sinhala BJT930. උතුම් දානය අනුමෝදන් වැ ඒ පුණ්‍යකර්‍මයට ද සහභාගිනී වූමු. යළිදු (ස්වාමිපුරු) කසීරට කෝලිය ජාතියෙහි උපන්නේ යැ.
Pali BJT931. තදා කොලියපුත්තානං සතෙහි සහ පඤ්චහි පඤ්ච පච්චෙකබුද්ධානං සතානි සමුපට්ඨහි.
Sinhala BJT931. එසඳ (හේ) කෝලියපුතුන් පන්සියයක් සමඟ පන්සියයක් පසේබුදුන් වහන්සේට උපස්ථාන කෙළේ යැ.
Pali BJT932. තෙමාසං තප්පයිත්වාන{6} අදාසි ච තිචීවරං{7} ජායා තස්ස තදා ආසිං පුඤ්ඤකම්මපථානුගා.
Sinhala BJT932. තෙමසක් මුළුල්ලෙහි (බොජුනෙන්) සතප්වා තුන්සිවුරු ද දුන්නේ යි. එකලැ (මම) පුණ්‍යකර්‍මපථානුගත වූ ඔහුගේ භාර්‍ය්‍යා වූමු.
Pali BJT933. තතො චුතො අහූ රාජා නන්දො නාම මහායසො තස්සාපි මහෙසී ආසිං සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJT933. (හේ) එතැනින් ච්‍යුත වූයේ මහායශස් ඇති නන්‍ද නම් රජ වූයේ යැ. (මම් ද) ඔහුට සියලුකාමයෙන් සමෘද්ධ වූ මෙහෙසි වූමු.
Pali BJT934. තදා ච සො{8} භවිත්වාන බ්රහ්මදත්තො මහීපති පදුමවතීපුත්තානං පච්චෙකමුනිනං තදා.
Sinhala BJT934-935. එකලැ හේ බඹදත් රජ වැ පදුමවතීගේ පුතුන් වූ පන්සියයක් පසේමුනිඳුන් රාජෝද්‍යානයෙහි නිවාසග්‍රහණ කරවා දිවිහිම් කොට උපස්ථාන කෙළේ යැ. පිරිනිවන් පෑ කල්හි දු ඔබ පිදුයේ යි.
Pali BJT935. සතානි පඤ්ච’නූනානි යාවජීවං උපට්ඨහි රාජුය්යානෙ නිවාසෙත්වා නිබ්බුතානි ච පූජයි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT936. චෙතියානි ච කාරෙත්වා පබ්බජිත්වා උභො මයං භාවෙත්වා අප්පමඤ්ඤායො බ්රහ්මලොකං අගම්හසෙ.
Sinhala BJT936. චෛත්‍යය ද කරවා අපි දෙදෙන පැවිදි වැ අප්පමඤ්ඤා වඩා බඹලොව ගියෙමු.
Pali BJT937. තතො චුතො මහාතිත්ථෙ සුජාතො පිප්ඵලායනො මාතා සුමනදෙවීති කොසියගොත්තො දිජො පිතා.
Sinhala BJT937. (හේ) එයින් ච්‍යුත වූයේ මහාතිත්‍ථ බමුණුගම පිප්‍ඵලායන නමින් උපන්නේ යැ. මවු සුමනදේවි නම් වූ කෝසියගොත්ත බමුණු පියා වියැ.
Pali BJT938. අහං මද්දජනපදෙ සාගලායං පුරුත්තමෙ කපිලස්ස දිජස්සා’සිං ධීතා මාතා සුචීමති.
Sinhala BJT938. මම මදද දනවුහි සාගල පුරවරයෙහි කපිල බමුණුහුගේ දුහිතෘ වූමු. මවු සුවිමතී නම් වූ.
Pali BJT939. ඝනකඤ්චනබිම්බෙන නිම්මිණිත්වාන මං පිතා අදා කස්සපධීරස්ස කාමාසාවජ්ජිතස්ස{1} මං.
Sinhala BJT939. පිය තෙමේ ඝනරන් ප්‍රතිබිම්බයකින් මා පිළිරුව නිමවා කාමාසායෙන් තොර වූ කස්සප ධීරයන් (පිප්‍ඵල මාණවකයන්) හට මා (සරණ කොට) දුන්නේ යි.
Pali BJT940. කදාචි සො කාරුණිකො ගන්ත්වා කම්මන්තපෙක්ඛනං{2} කාකාදිකෙහි ඛජ්ජන්තෙ පාණෙ දිස්වාන සංවිජි.
Sinhala BJT940. කිසියම් දිනෙකැ හේ (මාගේ ස්වාමිපුරුෂ) කර්‍මාන්ත ස්ථානය දක්නට ගොස් කාකාදීන් විසින් කනු ලබන පණුවන් දැක සංවේගයට පත් වියැ.
Pali BJT941. ඝරෙ චා’හං තිලෙ ජාතෙ දිස්වානාතපතාපනෙ කිමී කාකෙහි ඛජ්ජන්තෙ සංවෙගමලභිං තදා.
Sinhala BJT941. මම් දු එවේලෙහි ගෙහි වූ තල අව්වෙහි ලා වියලන කල්හි කවුඩන් විසින් කනුලබන කෘමීන් දැක සංවේග ලත්මු.
Pali BJT942. තදා සො පබ්බජී ධීරො අහං තමනූපබ්බජිං පඤ්ච වස්සානි නිවසිං පරිබ්බාජවතෙ{3} අහං.
Sinhala BJT942. එකල්හි ඒ ධීර වූ කාශ්‍යප පැවිදි වූයේ යැ. මම ඔහු අනු වැ පැවිදි වූමු. මම් හවුරුදු පසක් මුළුල්ලෙහි පිරිවැජිවත්හි වුසූමු.
Pali BJT943. යදා පබ්බජිතා ආසි ගොතමී ජිනපොසිකා තදා’හං තමුපාගන්ත්වා බුද්ධෙන අනුසාසිතා.
Sinhala BJT943. යම් කලෙකැ බුදුරදුන් හැදූ වැඩූ මවු වූ මහාපජාපති ගෝතමි පැවිදි වූවා ද, එකලැ මම බුදුරදුන් විසින් අනුශාසිත වූවා ඔබ කරා එළැඹැ (මහණ මහලු පැවිදි ලත්මු.)
Pali BJT944. න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං අහො කල්යාණමිත්තත්තං කස්සපස්ස සිරීමතො.
Sinhala BJT944. නොබෝකලෙකින් ම රහත්බවට පැමිණියමු. කාශ්‍යප ශ්‍රීමත්හුගේ කල්‍යාණමිත්‍රතාව ආශ්චර්‍ය්‍ය යි.
Pali BJT945. සුතො බුද්ධස්ස දායාදො කස්සපො සුසමාහිතො පුබ්බෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති.
Sinhala BJT945. බුදුහු අනුජාත පුත්‍ර වූ එහෙයින් ම බුද්ධදායාද වූ මොනොවට සමාහිත වූ යම් කාශ්‍යප ස්ථවිර කෙනෙක් පෙරවිසූ කඳපිළිවෙළ දනිත් ද ස්වර්‍ගය හා අපාය හා (සිවැසින්) දකිත් ද.
Pali BJT946. අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො.
Sinhala BJT946. වැළි අර්‍හත්‍වයට පැමිණියාහු ද මාර්‍ගඥානයෙන් දැන කරණී අවසන් කළ ඒ ක්‍ෂීණාස්‍රව මුනිහු තෙල ත්‍රිවිද්‍යා හේතුකොට ගෙන ත්‍රිවිද්‍යාප්‍රාප්ත බ්‍රාහ්මණ වෙත්.
Pali BJT947. තථෙව භද්දා කාපිලානී තෙවිජ්ජා මච්චුහායිනී ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනිං.
Sinhala BJT947. එසෙයින් ම භද්දාකාපිලානී ත්‍රිවිද්‍යාප්‍රාප්ත යැ, මරු පලවා හරනාසුලු යැ. සේනා සහිත මරු දිනා පැසුළු කය ධරන්නී වෙයි.
Pali BJT948. දිස්වා ආදීනවං ලොකෙ උභො පබ්බජිතා මයං ත්යම්හා ඛීණාසවා දන්තා සීතිභූතාම්හ නිබ්බුතා.
Sinhala BJT948. ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනා පැවිදි වූම්හ, ඒ අපි ක්‍ෂීණාස්‍රවයම්හ, දාන්තයම්හ, ශීතිභූතයම්හ, නිර්‍වෘතයම්හ.
Pali BJT949-951. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT949. - 951. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ ... බුදුසසුන් කොට නිමවන ලදී.
Pali BJTඉත්ථං සුදං භද්දාකාපිලානී භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් භද්දාකාපිලානී මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
Pali BJTභද්දාකාපිලානි ථෙරියාපදානං සත්තමං.
Sinhala BJTසත්වැනි භද්දාකාපිලානී ස්ථවිරාපදාන යි.
Pali BJT3. 8 යසොධරාපදානං
Sinhala BJT3. 8 යසෝධරාපදානය
Pali BJT952. එකස්මිං සමයෙ රම්මෙ ඉද්ධෙ රාජගහෙ පුරෙ පබ්භාරම්හි වරෙකස්මිං වසන්තෙ නරනායකෙ.
Sinhala BJT952. එක්සමයෙක්හි රම්‍ය වූ සමෘද්ධිමත් රජගහ නුවරැ එක්තරා ගිරිගුහායෙක්හි නරනායක වූ තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන සෙමෙහි -
Pali BJT953. වසන්තියා තම්හි නගරෙ රම්මෙ භික්ඛුනුපස්සයෙ යසොධරා භික්ඛුනියා එවං ආසි විතක්කිතං;
Sinhala BJT953. එනුවරැ මනරම් මෙහෙණවරෙකැ වෙසෙන යශෝධරා තෙරණියනට මෙබඳු විතර්‍කයෙක් වූයේ යැ:
Pali BJT954. “නන්දො රාහුලභද්දො ච සාවකග්ගා තථෙව ච සුද්ධොදනො මහාරාජා ගොතමී ච පජාපතී.
Sinhala BJT954-955. “නන්‍ද යැ, රාහුලභද්‍ර යැ, එසෙයින් මැ අග්‍රශ්‍රාවක යැ, සුද්ධෝදන මහරජ යැ, පජාපතිගෝතමී යැ, ප්‍රසිද්ධ මහතෙරණුවෝ යැ, මහත් ඍද්ධි ඇති තෙරණියෝ යැ යන ඔබ ආස්‍රව රහිත වූවාහු (තෙල් රහිත) පහන්සිළු සෙයින් ශාන්තියට ගියාහු මැ වූහු.
Pali BJT955. අභිඤ්ඤාතා ච මහාථෙරා ථෙරියො ච මහිද්ධිකා සන්තිං ගතාව ආසුං තෙ දීපච්වීව නිරාසවා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT956. ලොකනාථෙ ධරන්තෙව අහම්පි ච සිවං පදං ගමිස්සාමී”ති චින්තෙත්වා පස්සන්තී ආයුමත්තනො.
Sinhala BJT956. ලෝකනාථයන් වහන්සේ ධ්‍රියමාන කල්හි මැ මම් දු ශාන්තියට යන්නෙමි” යි සිතා තමන් ආයු පමණ බලන්නී -
Pali BJT957. පස්සිත්වා ආයුසඞ්ඛාරං තදහෙව ඛයං ගතං පත්තචීවරමාදාය නික්ඛමිත්වා සකස්සමා.
Sinhala BJT957. එදවසැ මැ ක්‍ෂයයට ගිය අයුසංස්කාර දැක පා සිවුරු ගෙන සිය අසපුවෙන් නික්මැ -
Pali BJT958. පුරක්ඛතා භික්ඛුනීහි සතෙහි සහස්සෙහි සා{1} මහිද්ධිකා මහාපඤ්ඤා සම්බුද්ධං උපසඞ්කමි.
Sinhala BJT958. සිය ගණන් දහස්ගණන් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති මහත් ප්‍රඥා ඇති ඒ යශෝධරාවෝ සම්බුදුරජුන් කරා එළැඹුණාහ.
Pali BJT959. සම්බුද්ධං අභිවාදෙත්වා සත්ථුනො චක්කලක්ඛිනො නිසින්නා එකමන්තම්හි ඉදං වචනමබ්රවී:
Sinhala BJT959. සම්බුදුහු වැඳ සක් ලකුණු ඇති ස්ථරහු වෙතැ එකත් පසෙකැ හුන්නා මෙවදන් බිණූහු:
Pali BJT960. “අට්ඨසත්තතිවස්සා’හං{2} පච්ඡිමො වත්තතෙ වයො{3} පබ්භාරං හි{4} අනුප්පත්තා ආරොචෙමි මහාමුනෙ.
Sinhala BJT960. “මහාමුනිතුමනි, (ඔබට) සැලකරමි: මම අටසැත්තෑ හැවිරිදි වෙමි. (මේ) පැසුළු වයස වෙයි, මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.
Pali BJT961. පරිපක්කො වයො මය්හං පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි කතං මෙ සරණමත්තනො.
Sinhala BJT961. මාගේ වයස මුහුකුරා සිටුනේ යැ, මාගේ ජීවිතය මද කල් පවත්නේ යැ, තොප හැර යන්නෙමි, මා විසින් තමහට පිහිට කරගන්නා ලදි.
Pali BJT962. වයං හි{5} පච්ඡිමෙ කාලෙ මරණං උපරුන්ධති{6} අජ්ජ රත්තිං මහාවීර පාපුණිස්සාමි නිබ්බුතිං.
Sinhala BJT962. මරණ තෙම පශ්චිමකාලයෙහි ආයු පෙළ යි, මහාවීරයන් වහන්ස අද රැය නිවනට පැමිණෙන්නෙමි.
Pali BJT963. නත්ථි ජාති ජරා ව්යාධි මරණඤ්ච යහිං මුනෙ{1} තත්ථ ගච්ඡාම’හං වීර ගතො යත්ථ න දිස්සති.{2}
Sinhala BJT963. මුනිවරයන් වහන්ස, යම් තෙනෙකැ ජාති - ජරා - ව්‍යාධි - මරණ නැත් ද, යම් තෙනෙකැ ගිය සත්‍ව නො පැනේ ද, වීරයන් වහන්ස, මම එහි යන්නෙමි.”
Pali BJT964. යාවතා පරිසා එත්ථ{3} සමුපාසන්ති සත්ථුනො අපරාධං පජානන්ති{4} ඛමන්තං සම්මුඛා මුනෙ.
Sinhala BJT964. මෙහි යම් පමණ පිරිස් කෙනෙක් ශාස්තෲන් වහන්සේ වෙතැ රැස් වැ හිඳිත් ද, (ඔහු මා කළ) දොසක් දනිත් නම් මුනිඳුන් හමියෙහි කමත්වා!
Pali BJT965. සංසරිත්වා ච සංසාරෙ ඛලිතං චෙ මමං තයි ආරොචෙමි මහාවීර අපරාධං ඛමස්සු මෙ.
Sinhala BJT965. මහාවීරයාණෙනි, සැලකරමි: සසරැ සරා ඇවිදුනා සෙමෙහි තොප කෙරෙහි ඉදින් මාගේ දොසෙක් වී නම් එය ක්‍ෂමා කරව.”
Pali BJT966. සුත්වාන තස්සා වචනං මුනින්දො ඉදමබ්රවි කිමුත්තරං තෙ වක්ඛාමි නිබ්බානාය වජන්තියා.
Sinhala BJT966. ඇගේ වදන් අසා මුනීන්‍ද්‍රයන් වහන්සේ මෙය වදාළසේකැ: “නිවනට යන තොපට මතු කුමක් නම් කියම් ද?
Pali BJT967. ඉද්ධිං චාපි නිදස්සෙහි මම සාසනකාරිකෙ පරිසානඤ්ච සබ්බාසං කඞ්ඛං ඡින්දස්සු සාසනෙ.
Sinhala BJT967. මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” යි.
Pali BJT968. සුත්වා තං මුනිනො වාචං භික්ඛුනී සා යසොධරා වන්දිත්වා මුනිරාජං තං ඉදං වචනමබ්රවි:
Sinhala BJT968. මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශෝධරා මෙහෙණ එ මුනිරජුන් වැඳ මේ වචන කිවු:
Pali BJT969. “යසොධරා අහං වීර අගාරෙ තෙ පජාපති සාකියම්හි කුලෙ ජාතා ඉත්ථියඞ්ගෙ පතිට්ඨිතා.
Sinhala BJT969. වීරයන් වහන්ස, ශාක්‍යකුලයෙහි උපන් ස්ත්‍රීලක්‍ෂණයෙහි පිහිටි මම් යශෝධරා වෙමි, ගිහිගෙහි දී තොපගේ ප්‍රජාපති (භාර්‍ය්‍යා) වූමු.
Pali BJT970. ථිනං සතහසස්සානං නවුතීනං ඡළුත්තරි{5} අගාරෙ තෙ අහං වීර පාමොක්ඛා සබ්බඉස්සරා.
Sinhala BJT970. වීරයාණෙනි, මම තොපගේ නිවසෙහි එක්ලක්‍ෂසයානූදහසක් කාන්තාවනට ප්‍රමුඛ වූමු. සියල්ලට ඉසුරු ද වූමු.
Pali BJT971. රූපාචාරගුණූපෙතා යොබ්බනට්ඨා පියංවදා සබ්බා මං අපචායන්ති දෙවතා විය මානුසා.
Sinhala BJT971. රූප - ආචාර ගුණයෙන් යුතු යොවුන් වියෙහි සිටි මම ප්‍රියතෙපුල් ඇති වූමු, මිනිසුන් දෙවියන් පුදනු සෙයින් සියල්ලෝ මා පුදත්.
Pali BJT972. කඤ්ඤාසහස්සප්පමුඛා සක්යපුත්තනිවෙසනෙ සමානසුඛදුක්ඛා තා දෙවතා විය නන්දනෙ.
Sinhala BJT972. ශාක්‍යපුත්‍රයන්ගේ නිවෙස්හි සහස්‍රකන්‍යාවනට ප්‍රමුඛ වූමු. සමාන සුවදුක් ඇති උහු (ඒ කන්‍යාවෝ) නඳුනුයනෙහි දේවතා බඳු වූහු.
Pali BJT973. කාමධාතුමතික්කන්තා{6} සණ්ඨිතා රූපධාතුයා රූපෙන සදිසා නත්ථි ඨපෙත්වා ලොකනායකං.”
Sinhala BJT973. කාමධාතු ඉක්මැ වූවා රූපධාතුහි සිටියා වෙමි. ලෝකනායකයන් තබා රූපයෙන් (මට) සමාන වූවක් නැති.
Pali BJT974. එවමාදීනි වත්වාන උප්පතිත්වාන අම්බරං ඉද්ධි අනෙකා දස්සෙසි බුද්ධානුඤ්ඤා යසොධරා.{*}
Sinhala BJT974. යශෝධරාවෝ මේ ආදිය කියා අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍද්ධි දැක් වූහ.
Pali BJT975. චක්කවාළසමං කායං සීසං උත්තරතො කුරු උභො පක්ඛා දුවෙ දීපා ජම්බුදීපො{1} සරීරතො.
Sinhala BJT975. කය සක්වළ හා සම යැ, හිස උතුරුදෙසින් වූ කුරු දිවයින යැ, පියාපත් යුවළ (පූර්‍වවිදේහ - අපරගොයාන යන) දෙ දිව් යැ, සිරුරින් දඹදිව යැ.
Pali BJT976. දක්ඛිණඤ්ච සරං පිඤ්ජං නානාසාඛා තු පත්තකා චන්දො ච සුරියො අක්ඛි{2} මෙරුපබ්බතතො සිඛා.{3}
Sinhala BJT976. පිල්කළඹ දකුණු සයුර යැ, පියාපත් නානා (වෘක්‍ෂ) ශාඛා යැ, දෙයැස සඳහිර යැ, මේරුපර්‍වතයෙන් ශිඛා යැ.
Pali BJT977. චක්කවාළගිරි{4} තුණ්ඩං{5} ජම්බුරුක්ඛං සමූලකං වීජමානා උපාගන්ත්වා වන්දතෙ ලොකනායකං.
Sinhala BJT977. තුඩ සක්වළ ගිර යැ (මෙබඳු ළිහිණි රුවක් මවා දඹදිවට සලකුණු වූ) දඹරුක මුල් සහිත වැ උපුටා (එයින්) පවන් සලමින් එළැඹැ ලෝකනායකයන් වහන්සේ වඳිති.
Pali BJT978. හත්ථිවණ්ණං තථෙව’ස්සං පබ්බතං ජලධිං තථා වන්දිමං සුරියං මෙරුං{6} සක්කවණ්ණඤ්ච දස්සයි.
Sinhala BJT978. ඇත්රුවක් ද, එසෙයින් ම අස්රුවක් ද, පව්වක් ද, මහසයුර ද, එසේ ම සඳු ද හිරු ද මෙරුව ද සක්රුව ද දැක්වූහ.
Pali BJT979. “යසොධරා අහං වීර පාදෙ වන්දාමි චක්ඛුම” සහස්සං ලොකධාතූනං ඵුල්ලපද්මෙන{7} ඡාදයි.
Sinhala BJT979. වීරයන් වහන්ස, මම යශෝධරා යැ, චක්‍ෂුර්මතුන් වහන්ස, (තොප) පා වඳිමි යි (කියමින්) දහසක් ලෝධා විකසිත පද්මයකින් වැසූහ.
Pali BJT980. බ්රහ්මවණ්ණඤ්ච මාපෙත්වා ධම්මං දෙසෙසි සුඤ්ඤතං “යසොධරා අහං වීර පාදෙ වන්දාමි චක්ඛුම.
Sinhala BJT980. බ්‍රහ්මවේශ ද මවා ශුන්‍යතාප්‍රතිසංයුක්ත ධර්‍මදේශනා කළාහ. (යළි මෙසේ ද කියයි:) වීරයාණෙනි, මම් යශෝධරා යැ, චක්‍ෂුර්මතාණනි, (තොප) පා වඳිමි.
Pali BJT981. ඉද්ධිසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනි.
Sinhala BJT981. මහාමුනිතුමනි, ඍද්ධියෙහි ද, දිබ්බසෝතධාතුයෙහි (දිව කන්හි) ද වසී වෙමි. මෙරමාසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
Pali BJT982. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං. සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT982. පෙරැ විසූ කඳපිළිවෙළ දන්මි, දිවැස් පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව ක්‍ෂීණ යැ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT983. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මය්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT983. මහාවීරයන් වහන්ස, අර්‍ත්‍ථ - ධරුම - නිරුක්තියෙහි ද, එසෙයින් ම ප්‍රතිභානයෙහි ද ඥානය තොප හමියෙහි දී මට උපන.
Pali BJT984. බුද්ධානං ලොකනාථානං සඞ්ගමං තෙ{8} සුදස්සිතං{9} අධිකාරං බහුං මය්හං තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT984. මහාමුනිතුමනි, ලෝකනාථ වූ බුදුවරයන්ගේ සඞ්ගමය තොප විසින් මොනොවට දක්වන ලද යැ, තොප පිණිස මාගේ අධිකාර ද බොහෝ යි.
Pali BJT985. යං මය්හං පුරිමං කම්මං කුසලං සරසෙ මුනෙ තුය්හත්ථාය මහාවීර පුඤ්ඤං උපචිතං මයා.
Sinhala BJT985. මුනිතුමනි, පෙරැදෑහි (කළ) මාගේ යම් කුශලකර්‍මයෙක් වේ ද එය සිහි කරනු මැනැවි, මහාවීරයාණෙනි, තොප පිණිස මා විසින් පින් රැස්කරනලද යැ.
Pali BJT986. අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා වාරයිත්වා අනාචරං තුය්හත්ථාය මහාවීර සඤ්චත්තං ජීවිතං මයා.
Sinhala BJT986. මහාවීරයාණනි, අභව්‍යස්ථාන හැරපියා අනාචාර දුරු කොට තොප සඳහා මා විසින් ජීවිතපරිත්‍යාග කරන ලදී.
Pali BJT987. නෙකකොටිසහස්සානං භරියත්ථාය’දාසි මං න තත්ථ විමනා හොමි තුය්හත්ථාය මහාමුනි
Sinhala BJT987. මහාමුනිතුමනි, නොයෙක් කෙළදහස්ගණන් දෑහි භාර්‍ය්‍යා පිණිස මා දුන්නහු. තොපට වැඩ පිණිස එහිලා දොම්නස් නො ද වෙමි.
Pali BJT988. නෙකකොටිසහස්සානං{1} උපකාරාය’දාසි මං න තත්ථ විමනා හොමි තුය්හත්ථාය මහාමුනි.
Sinhala BJT988. නොයෙක් කෙළදහස් අත්බව්හි (අනුනට) උපකාර පිණිස මා දුන්නහු, මහාමුනිතුමනි, තොපට වැඩ සඳහා එහිලා නො ද දොම්නස් වෙමි.
Pali BJT989. නෙකකොටිසහස්සානං භොජනත්ථාය’දාසි මං න තත්ථ විමනා හොමි තුය්හත්ථාය මහාමුනි.
Sinhala BJT989. මහාමුනීන්‍ද්‍රයන් වහන්ස, අනේකකෝටි සහස්‍රජාතීන්හි ආහාර සඳහා මා (යක්‍ෂ රාක්‍ෂසාදීන්ට) දුන්නහු, තොපට අර්‍ත්‍ථ පිණිස එහිලා විරුද්ධමනස් ඇති නො වෙමි.
Pali BJT990. නෙකකොටිසහස්සානි ජීවිතානි පරිච්චජිං භයමොක්ඛං කරිස්සං ති චජාමි{2} මම ජීවිතං.
Sinhala BJT990. නොයෙක් කෙළදහස්ගණන් ජාතිවලැ (තොප සඳහා මාගේ) ජීවිතය පරිත්‍යාග කළමු. (සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් වන) බියෙන් (තොප) මුදවන්නෙමැ යි මාගේ ජීවිතය (ඔවුනට) දුන්මු.
Pali BJT991. අඞ්ගගතෙ අලඞ්කාරෙ වත්ථෙ නානාවිධෙ බහූ ඉත්ථිමණ්ඩෙ න ගූහාමි තුය්හත්ථාය මහාමුනි.
Sinhala BJT991. ශරීරගත පලඳනා ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී ආභරණ ද මහාමුනිතුමනි, තොප පිණිස නො ද සඟවා තබමි. (යදිනට දෙමි).
Pali BJT992. ධනධඤ්ඤපරිච්චාගං ගාමානි නිගමානි ච ඛෙත්තා{3} පුත්තා ච ධීතා ච පරිච්චත්තා මහාමුනෙ.
Sinhala BJT992. මහාමුනිතුමනි, (තොප පිණිස) ධනධාන්‍ය පරිත්‍යාග කළමු. ගම් නියම්ගම් ද කෙත් ද දූපුත්හු ද පරිත්‍යාග කරන ලදහ.
Pali BJT993. හත්ථි අස්සා ගවා චාපි දාසියො පරිචාරිකා තුය්හත්ථාය මහාවීර පරිච්චත්තා අසඞ්ඛියා.
Sinhala BJT993. මහාවීරයාණෙනි, සංඛ්‍යා රහිත ඇත්තු ද අස්හු ද ගවයෝ ද දැස්සෝ ද සේවිකාවෝ ද තොප සඳහා මා විසින් පරිත්‍යාග කරන ලදහ.
Pali BJT994. යං මය්හං පටිමන්තෙසි{4} දානං දස්සාමි යාචකෙ විමනං මෙ න පස්සාමි දදතො දානමුත්තමං.
Sinhala BJT994. ‘යදියනට දන් දෙමි’ යි යම් බසක් මට පවසන්නහු ද (එලෙසින්) උතුම් දන් සේන තොප පිළිබඳ වූ මාගේ දොම්නසෙක් නො ද දක්මි.
Pali BJT995. නානාවිධං බහුං දුක්ඛං සංසාරෙ ච බහුබ්බිධෙ තුය්හත්ථාය මහාවීර අනුභුත්තං අසඞ්ඛියං.
Sinhala BJT995. මහාවීරයාණනි, සසරැ විවිධ ජාතිවලැ අපමණ වූ නන් වැදෑරුම් බොහෝ දුක් තොප පිණිස විඳුනා ලද යැ.
Pali BJT996. සුඛප්පත්තා න මොදාමි න ච දුක්ඛෙසු දුම්මනා සබ්බත්ථ තුලිතා හොමි තුය්හත්ථාය මහාමුනෙ.
Sinhala BJT996. මහාමුනිතුමනි, සුවපත් වූවා (උදම් වැ) නො ද සතුටු වෙමි, දුකෙහි දි නො ද දුමනස් ඇති වෙමි. තොප සඳහා සැම තැන්හි තුලා බඳු (සම) වෙමි.
Pali BJT997. අනුමග්ගෙන සම්බුද්ධො යං ධම්මං අභිනීහරි අනුභුත්වා සුඛං දුක්ඛං පත්තො බොධිං මහාමුනි.
Sinhala BJT997. සම්බුදුරජාණන් වහන්සේ මගපිළිවෙළින් යම් ධර්‍මයක් ගෙනහැර වදාළසේක් ද, මහාමුනීන්‍ද්‍රයන් වහන්සේ සුවදුක් අනුභව කොට (ඒ) සම්මා සම්බෝධියට පැමිණි සේකැ.
Pali BJT998. බ්රහ්මදෙවඤ්ච සම්බුද්ධං ගොතමං ලොකනායකං. අඤ්ඤෙසං ලොකනාථානං සඞ්ගමා තෙ බහූ මයා.
Sinhala BJT998. බ්‍රහ්මදේව නම් වු ලෝකනායක (පුරාණ) ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අපි දෙදෙනමෝ දුටුම්හ. (අපරභාගයෙහි පහළ වූ) අන්‍ය ලෝකනාථයන් වහන්සේගේ සමාගම් ද තොප විසිනුදු මා විසිනුදු ලබන ලද යැ.
Pali BJT999. අධිකාරං බහුං මය්හං තුය්හත්ථාය මහාමුනෙ ගවෙසතො බුද්ධධම්මෙ අහං තෙ පරිචාරිකා.
Sinhala BJT999. මහාමුනිතුමනි, තොප පිණිස මා විසින් කරනලද අධිකාර බෙහෙව, බුදුකුරුදහම් සොයන තොපට මම් පරිචාරිකා වූමු.
Pali BJT1000. කප්පෙ සතසහස්සෙ ච චතුරො ච අසඞ්ඛියෙ දීපඞ්කරො මහාවීරො උප්පජ්ජි ලොකනායකො.
Sinhala BJT1000. (මෙ කපින්) චතුරාසඞ්ඛ්‍යයක් අධික කොට ඇති සුවහස්වන කප්හි ලෝකනායක වූ දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
Pali BJT1001. පච්චන්තදෙසවිසයෙ නිමන්තෙත්වා තථාගතං තස්ස ආගමනං මග්ගං සොධෙන්ති තුට්ඨමානසා.
Sinhala BJT1001. පසල් දනව්වෙකැ (දනෝ) තථාගතයන් වහන්සේට නිමන්ත්‍රණය කොට ඔබ වඩනා මඟ තුටුසිත් ඇත්තාහු පිරිසිදු කෙරෙත්.
Pali BJT1002. තෙන කාලෙන සො ආසි සුමෙධො නාම බ්රාහ්මණො. මග්ගඤ්ච පටියාදෙසි ආයතො{1} සබ්බදස්සිනො.
Sinhala BJT1002. එ සමයෙහි සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වූයේ යැ, හේ සියල්ල දක්නාසුලු වඩනා බුදුරදුනට මඟ ද සකසා දුන්නේ යි.
Pali BJT1003. තෙන කාලෙන’හං ආසිං කඤ්ඤා බ්රාහ්මණසම්හවා සුමිත්තා නාම නාමෙන උපගඤ්ඡිං සමාගමං.
Sinhala BJT1003. එකල්හි මම බමුණුකුලෙහි උපන්නෙම් නමින් සුමිත්තා නම් වූ කන්‍යාවක් වූමු. (තථාගත) සමාගමයට ද එළැඹුණුමු.
Pali BJT1004. අට්ඨ උප්පලහත්ථානි පූජනත්ථාය සත්ථුනො ආදාය ජනසම්මෙජ්ඣ{2} අද්දසං ඉසිමුග්ගතං.
Sinhala BJT1004. ශාස්තෲන් වහන්සේ පුදනු සඳහා උපුල් අටමිටක් රැගෙන (ගිය මම) ජනසමාගම මධ්‍යයෙහි (හුන්) උග්‍ර තපෝව්‍රත ඇති ඍෂි කෙනෙකුන් දුටුමු.
Pali BJT1005. චීරානුපරි ආසීනං{3} අතිකන්තං මනොහරං දිස්වා තදා අමඤ්ඤිස්සං “සඵලං ජීවිතං මම.”
Sinhala BJT1005. එසඳ වැහැරි මතුයෙහි හුන් අතිකාන්ත වූ මනෝහර වූ ඍෂිහු දැක “මාගේ ජීවිතය සඵල යැ” යි සිතමු.
Pali BJT1006. පරක්කමං තං සඵලං අද්දසං ඉසිනො තදා පුබ්බකම්මෙන සම්බුද්ධෙ චිත්තඤ්චාපි පසීදි මෙ.
Sinhala BJT1006. එදවසැ (සුමේධ) ඍෂිහුගේ ඵල සහිත ඒ (ජීවිත පරිත්‍යාග සඞ්ඛ්‍යාත) පරාක්‍රමය දුටුමු. පූර්‍වපුණ්‍යකර්‍ම හේතුයෙන් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි මාගේ සිත ද ප්‍රසන්න වී.
Pali BJT1007. භිය්යො චිත්තං පසාදෙසිං ඉසෙ උග්ගතමානසෙ{4} දෙය්යං අඤ්ඤං න පස්සාමි දෙමි පුප්ඵානි තෙ ඉසෙ.
Sinhala BJT1007. උදාර මනස් ඇති ඍෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පහදවාලූමු. (මෙසේ ද කීමු:) තපස්වීතුමනි, දියයුතු අන්දැයක් නො දක්මි, තොපට (මේ) මල් දෙමි.
Pali BJT1008. පඤ්ච හත්ථා තව හොන්තු තයො හොන්තු මමං ඉසෙ තෙන සිද්ධි{5} සමා හොතු{6} බොධත්ථාය තවං ඉසෙ.
Sinhala BJT1008. තවුසාණනි, (මේ උපුල් අට මිටෙන්) පස් මිටෙක් තොපට වේවා. තුන් මිටෙක් මට වේවා. එයින් (අපගේ ප්‍රාර්‍ත්‍ථනා) සිද්ධිය සම වේවා. ඍෂිතුමනි, තොපගේ බුද්ධත්‍වය පිණිස ද වේවා.
Pali BJTභාණවාරං චතුත්ථං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1009. ඉසි ගහෙත්වා පුප්ඵානි ආගච්ඡන්තං මහායසං පූජෙසි ජනසම්මජ්ඣෙ{7} බොධත්ථාය මහාඉසිං.{8}
Sinhala BJT1009. සුමේධ තවුස් තෙමේ ඒ මල් රැගෙන බුදුබව පිණිස (එයින්) ජනසන්නිපාත මධ්‍යයෙහි වැඩම කරන මහායශස් ඇති මහර්ෂි බුදුරජාණන් වහන්සේ පිදුයේ යි.
Pali BJT1010. පස්සිත්වා ජනසම්මජ්ඣෙ දීපඞ්කරො මහාමුනි වියාකාසි මහාවීරො ඉසිං උග්ගතමානසං.{*}
Sinhala BJT1010. ජනසමාගම මධ්‍යයෙහි (සිටුනා) උදාරසිත් ඇති ඍෂිහු දැක මහාවීර වූ දීපඞ්කර මුනීන්‍ද්‍රයන් වහන්සේ මෙසේ වදාළ සේකැ:
Pali BJT1011. සමචිත්තා සමකම්මා සමකාරී භවිස්සති පියා හෙස්සති කම්මෙන තුය්හත්ථාය මහාඉසෙ.{1}
Sinhala BJT1011. (මෝ තොප හා) සමසිත් ඇති, සමකර්‍ම ඇති සමවැ ක්‍රියා කරන්නක් වෙයි, මහාතවුස, තොපට වැඩ පිණිස ක්‍රියායෙන් ප්‍රිය ද වේ.
Pali BJT1012. සුදස්සනා සුප්පියා{2} ච මනාපා පියවාදිනී තස්ස ධම්මෙසු දායාදා පියා හෙස්සති{3} ඉත්ථිකා,
Sinhala BJT1012. මනාදැකුම් ඇති, මොනොවට ප්‍රිය වූ, මන වඩන, ප්‍රිය තෙපුල් බණන, ඒ තොපගේ ධර්‍මයට දායාද වූ ප්‍රිය භාර්‍ය්‍යාවක් වෙයි.
Pali BJT1013. යථාපි භණ්ඩසාමුග්ගං අනුරක්ඛන්ති{4} සාමිනො එවං කුසලධම්මානං අනුරක්ඛිස්සතෙ අයං.
Sinhala BJT1013. යම්සේ ධනහිමයෝ භාණ්ඩසමුද්ගය (ධනාගාරය) රකිත් ද, එසෙයින් කුසල්දහම් පිළිබඳ සමුද්ගය මෝ තොමෝ රක්නී යැ.
Pali BJT1014. තස්ස තෙ{5} අනුකම්පන්තී පූරයිස්සති පාරමී සීහොව පඤ්ජරං භෙත්වා{6} පාපුණිස්සති බොධියං.
Sinhala BJT1014. ඒ තොපට අනුකම්පා කරමින් පාරමි ධර්‍ම පුරන්නී යැ, පඤ්ජරය (කූඩුව) බිඳ පියා පලායන සිංහයකු සෙයින් මෝ අර්‍හත්‍වයට පැමිණෙයි.
Pali BJT1015. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං මං බුද්ධො වියාකරි තං වාචං අනුමොදන්තී එවංකාරී භවිං අහං.
Sinhala BJT1015. මෙකපින් පෙර අපරිමේය කපෙක්හි (දීපඞ්කර) බුදුරජාණන් වහන්සේ මට යමක් ප්‍රකාශ කළසේක් ද, එවදන් අනුව සතුටුවන මම් එසේ කරන්නක් වූමු.
Pali BJT1016. තස්ස කම්මස්ස සුකතස්ස තත්ථ චිත්තං පසාදයිං දෙවමානුසකං යොනිං උපපජ්ජ{7} අසඞ්ඛියං.
Sinhala BJT1016-1017. එ බුදුන් කෙරෙහි සිත පහසවා ලූමු. ඒ කුශල කර්‍ම බලයෙන් අපමණ දෙව්මිනිස්දෑහි උපත ලබා දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සුවදුක් වළඳ කොට පැසුළු භවය එළැඹැ සිටි කල්හි ශාක්‍ය කුලයෙහි උපන්මු.
Pali BJT1017. අනුභොත්වා සුඛං දුක්ඛං දෙවෙසු මානුසෙසු ච පච්ඡිමෙ භවෙ සම්පත්තෙ අජායිං සාකියෙ කුලෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1018. රූපවතී භොගවතී යසසීලවතී තථා සබ්බඞ්ගසම්පදා හොමි කුසලෙසු අතිසක්කතා.
Sinhala BJT1018. රූ ඇති වෙමි, භෝග ඇත් වෙමි, යශස් හා සිල් ඇති වෙමි. එසෙයින් සර්‍වාඞ්ග සම්පත් ඇති වෙමි. කුසල් දහම්හි අතිසත්කෘත ද, (බෙහෙවින් කරනලද සත්කාර ඇති) වෙමි.
Pali BJT1019. ලාභං සිලොකං සක්කාරං ලොකධම්මසමාගමං චිත්තඤ්ච දුක්ඛිතං නත්ථි වසාමි අකුතොභයා.
Sinhala BJT1019. ලාභ යැ, ගුණකර්‍ම යැ, සත්කාර යැ, ලෝකධර්‍ම සමාගම යැ යන සියල්ල ලබමි. දුඃඛිත වූ ද සිතෙක් නැති. බිය රහිත වැ වෙසෙමි.
Pali BJT1020. නිබ්බින්දිත්වාන සංසාරෙ පබ්බජිං අනගාරියං සහස්සපරිවාරෙන පබ්බජිත්වා අකිඤ්චනා.
Sinhala BJT1020. සසරැ කලකිරී දහසක් පිරිවරින් යුක්ත වැ ශාසනයෙහි පැවැදි වූමු. පැවිදි වැ පළිබෝධ රහිත වූමු.
Pali BJT1021. අගාරං විජහිත්වාන පබ්බජිං අනගාරියං අද්ධමාසෙ අසම්පත්තෙ චතුසච්චං අපාපුණිං.
Sinhala BJT1021. ගිහිගෙය හැරපියා අනගාරිය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූමු, අඩමසක් නො පත් කල්හි සිව්සස් අවබෝධ කළමු.
Pali BJT1022. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං උපනෙන්ති බහූ නෙකෙ සාගරස්සෙව ඌමියො.
Sinhala BJT1022. බොහෝ දෙන සාගරයාගේ රළ මෙන් නොයෙක් සිවුරු ද පිණ්ඩපාතය ද ගිලන්පස ද සෙනසුන් ද එළවත්.
Pali BJT1023. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
Sinhala BJT1023. මා විසින් ක්ලේශයෝ දවන ලදහු. සියලු භවයෝ නසන ලදහු, බැඳුම් සිඳ ඇතින්නක මෙන් ආස්‍රව රහිත වැ වෙසෙමි.