Pali BJT829. ඉදම්පි තෙ සුභං රූපං සසිකන්තං මනොහරං භූසනානමලඞ්කාරං සිරිසඞ්ඝාතසන්නීභං.
Sinhala BJT829-830. චන්‍ද්‍රයා සේ කාන්ත වූ මනහර වූ භූෂණයනට වඩා අලඞ්කාර වූ ශ්‍රී සමූහයක් බඳු වූ ලෝකසාරය පිඬු කළාක් වැනි වූ නේත්‍රරසායන වූ තොපගේ මේ ශුභ වූ රූපය ද -
Pali BJT830. පිණ්ඩිතං{1} ලොකසාරංව නයනානං රසායනං පුඤ්ඤානං කිත්තිජනනං ඔක්කාකකුල{2} නන්දනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT831. න චිරෙනෙව කාලෙන ජරා සමතිභොස්සති{3} විහාය ගෙහං තාරුඤ්ඤෙ{4} චර ධම්මමනින්දිතෙ.
Sinhala BJT831. නොබෝ කලකින් ම ජරාව (මහලු බව) මැඩලන්නේ යැ (ජරාවෙන් රූපය මඩිනු ලැබේ.) අනින්‍දිත දියණියනි, ගෙය හැරපියා තුරුණුවියෙහි දී ධර්‍මචාරී වව” යි.
Pali BJT832. සුත්වා’හං මාතුවචනං පබ්බජිං අනගාරියං දෙහෙන නතු චිත්තෙන රූපයොබ්බනලාලිතා.{5}
Sinhala BJT832. රූපලාවණ්‍ය යොබ්බනලාලන පරවශ වූ මම මවුගේ බස් අසා බුදුසසුන්හි කයින් පැවිදි වූමු, එසේ වුවද සිතින් පැවිදි නුවූමු.
Pali BJT833. මහතා ච පයත්තෙන ඣානජ්ඣෙනපරං මමං{6} කාතුං ච වදතෙ මාතා න චාහං තත්ථ උස්සුකා.
Sinhala BJT833. මවු තොමෝ මහත්ප්‍රයත්නයෙන් මා ධ්‍යාන ඉගැන් මෙහි යෙදුනක කරන්නට කථා කරයි, මම එහි නොද උත්සුක වූමු.
Pali BJT834. තතො මහාකාරුණිකො දිස්වා මං කාමලාලසං{7} නිබ්බින්දනත්ථං රූපස්මිං මම චක්ඛූපථෙ ජිනො.
Sinhala BJT834-835. ඉක්බිති මහාකාරුණික ජිනේන්‍ද්‍රයන් වහන්සේ කාමයෙහි ලොල් වූ මා දැක රූපයෙහි කළකිරවනු පිණිස මා ඇස් හමුයෙහි ස්වකීය අනුභාවයෙන් ශෝභා ඇති දැකුම්කලු ඉතා මනහර මාහටත් වඩා අතිශයින් රූමත් වූ ස්ත්‍රියක මැවූසේකැ.
Pali BJT835. සකෙන අනුභාවෙන{8} ඉත්ථිං මාපෙසි සොභනිං දස්සනීයං සුරුචිරං මමතොපි සුරූපිනිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT836. තමහං විම්හිතා දිස්වා අතිවිම්හිතදෙහිනිං චින්තයිං ‘සඵලං මෙති නෙත්තලාභඤ්ච මානුසං’.
Sinhala BJT836. අතිවිෂ්මයජනක සිරුරු ඇති ඇය දැක විස්මයට පැමිණි මම “මාගේ නේත්‍රලාභයත් මිනිසත්බවත් සඵලැ” යි සිතූමු.
Pali BJT837. තමහං එහි සුභගෙ යෙනත්ථා තං වදෙහි මෙ කුලං තෙ නාමගොත්තඤ්ච වද මෙ යදි තෙ පියං.
Sinhala BJT837. “ප්‍රියාවනි, එව, යමකින් ප්‍රයෝජන ඇත් ද එය මට කියව, ඉදින් තොපට ප්‍රිය වේ නම් තොපගේ නාමගෝත්‍ර ද කියව” යි කීමු.
Pali BJT838. න පඤ්හකාලො{9} සුභගෙ උච්ඡඞ්ගෙ මං නිවෙසය{10} සීදන්තීව{11} මමඞ්ගානි සුපසුප්පය මුහුත්තකං.
Sinhala BJT838. “ප්‍රියාවනි, ප්‍රශ්න කිරීමට කල් නො වෙයි මා (තොපගේ) ඇකයට ගනු, මාගේ අවයව කිඳා බස්නාක් මෙනි, මෙහොතක් (මා) හොවව” යි කිවු.
Pali BJT839. තතො සීසං මමඞ්කෙ සා කත්වා සයි සුලොචනා තස්සා නලාටෙ පතිතා ලූතා{12} පරමදාරුණා.
Sinhala BJT839. ඉක්බිති ශෝභන නෙත් ඇති ඕ මාගේ ඇකයෙහි හිස තබා ශයනය කළා යැ. (එ වේලෙහි) ඉතා දරුණු මකුළුවෙක් ඇයගේ නලළෙහි වැටුණි.
Pali BJT840. සහ තස්සා නිපාතෙන පිළකා උප්පජ්ජථ පග්ඝරිංසු පභින්නා ච කුණපා පුබ්බලොහිතා.
Sinhala BJT840. ඒ මකුළුවා වැටීම සමගම පොළක් නැඟුණේ ය. (පොළ) බිඳණ. (පුපුළේ යැ) කුණු වූ පූයා ලෙහෙ වැගිරිණි.
Pali BJT841. පභින්නං වදනං චාසි කුණපං පූතිගන්ධිකං{1} උදධුමාතං විනීලඤ්ච විපුබ්බඤ්ච{2} සරීරකං.
Sinhala BJT841. මුව ද බිඳුණේ කුණු දුගඳ ඇති වියැ, සිරුර ඉදිමි නිල් වැ පූයා වගුරුවාලී යැ.
Pali BJT842. සා පවෙධිතසබ්බඞ්ගී නිස්සසන්තී මුහුං මුහුං වෙදයන්තී සකං දුක්ඛං කරුණං පරිදෙවයී.
Sinhala BJT842. වෙව්ළන සියලු අවයව ඇති ඕ වරින් වර නිශ්ශ්වාස කරන්නී සිය දුක හඟවමින් බැගෑසේ වැලපුණා යැ.
Pali BJT843. “දුක්ඛෙන දුක්ඛිතා හොමි ඵුසයන්ති ච වෙදනා මහාදුක්ඛෙ නිමුග්ගාම්හි සරණං හොහි මෙ සඛී.”
Sinhala BJT843. “දුකින් දුක්ඇති වෙමි, වේදනාවෝ (මා) පහසිත්, මහදුක්හි එවිට මම් ගැලුණා වෙමි, යෙහෙළිය, මට පිහිට වව” යි.
Pali BJT844. “කුහිං වදනසොහා තෙ කුහිං තෙ තුඞ්ගනාසිකා තම්බබිම්බවරොට්ඨං තෙ වදනං තෙ කුහිං ගතං.
Sinhala BJT844. “තොපගේ මුඛශෝභාව කොහි ද? තොපගේ තුඟු නැහැය කොහි ද? තොපගේ තඹවන් බිඹුපල බඳු ලවන් කොහි ද? තොපගේ මුව කොහි ගියේ ද?
Pali BJT845. කුහිං සසිනිභං වත්තං{3} කම්බුගීවා කුහිං ගතා දොළාලාලා ච{4} තෙ කණ්ණා වෙවණ්ණං සමුපාගතා.
Sinhala BJT845. ඉඳුවන් උවන කොහි ගියේ ද? රන් මිහිඟු බෙරයක් බඳු ග්‍රීවා ව කොහි ගියා ද? රනෝවිලි වන් ලෙලදෙන කර්‍ණයෝ විවර්‍ණයට එළැඹියාහ.
Pali BJT846. මකුළම්බුරුහාකාරා{5} කලසාව{6} පයොධරා පභින්නා පූතිකුණපා දුග්ගන්ධිත්තමාගතා.
Sinhala BJT846. පද්මකුඩ්මලාකාර (පියුම් කැකුළු බඳු) කලස් වැනි පයෝධරයෝ බිඳුණාහු කුණු වැ ගියාහු දුගඳ ඇතිබවට පැමිණියාහු යැ.
Pali BJT847. තනුමජ්ඣා පුථුස්සොණි{7} සූනා වණිතකිබ්බිසා{8} ජාතා අමෙජ්ඣභරිතා අහො රූපං අසස්සතං.
Sinhala BJT847. සිහිනිඟ හා පුළුලුකුල ඇති ඕ ඉදිමුණි වුණයෙන් කිලිටි වූවා අසූචියෙන් භරිත වූවා යැ. රූපය අශාශ්වත යැ ආශ්චර්‍ය්‍ය යි.
Pali BJT848. සබ්බං සරීරසඤ්ජාතං පූතිගන්ධං භයානකං සුසානමිව බීභච්ඡං රමන්තෙ යත්ථ බාලිසා{9}”
Sinhala BJT848. මුළා වූවෝ යම් තෙනෙකැ ඇලෙත් ද, සිරුරෙහි හටගත් ඒ සියල්ල දුඟඳ යැ, බිහිසුණු යැ, සොහොනක් සෙයින් පිළිකුලැ” යි කීමු.
Pali BJT849. තදා මහාකාරුණිකො භාතා මෙ ලොකනායකො දිස්වා සංවිග්ගචිත්තං මං ඉමා ගාථා අභාසථ.
Sinhala BJT849. එවේලෙහි මහාකාරුණික මාගේ බෑයා වූ ලෝකනාථයන් වහන්සේ කලකිරුණු සිතැති මා දැක මේ ගාථා වදාළසේකැ:
Pali BJT850. “ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
Sinhala BJT850. “නන්‍දාවෙනි, ලෙඩ වන, කුණු වන, වැගිරෙන අපිරිසිදු (මෙය) බලව. සිත අසුභ වශයෙන් වඩා එකඟ කරගනුව.
Pali BJT851. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං දුග්ගන්ධං පූතිකං වාපි බාලානං අභිනන්දිතං.
Sinhala BJT851. දුගඳ වහනය වය, මළ වැගිරෙන, නුනුවණ අයගේ මන වඩන, මෙය යම්සේ ද එය මෙසේ යි. එය යම්සේ ද මෙය එසේ යි.
Pali BJT852. එවමෙතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා තතො සතාය පඤ්ඤාය අභිනිබ්බිජ්ජ දක්ඛසි.”
Sinhala BJT852. රෑ දාවල් අනලස් වැ මෙසේ සිතන්නී, ඒ නිසාම සිය නැණින් එළඹ දකුව.”
Pali BJT853. තතො’හං අතිසංවිග්ගා{1} සුත්වා ගාථා සුභාසිතා තත්රට්ඨිතා විපස්සන්තී{2} අරහත්තමපාපුණිං.
Sinhala BJT853. මනාව දේශනා කළ ඒ ගාථා අසා, අතිශය වශයෙන් සංවේගයට පැමිණි මම, එහි ම සිටැ විදසුන් වඩා රහත් වීමි.
Pali BJT854. යත්ථ යත්ථ නිසින්නාහං සදා ඣානපරායනා ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT854. ඒ ඒ තන්හි සියලු කල්හි මැ ධ්‍යානපරවශ වැ, පිළිපන් මා, මාගේ ගුණය දැක බුදුරජාණන් වහන්සේ ඒතදග්‍රයෙහි තැබූ සේක.
Pali BJT855-857. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT855. - 857. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං නන්දා භික්ඛුනී ජනපදකල්යාණී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් නන්‍දා ජනපදකල්‍යාණී මෙහෙණ මේ ගාථා පැවසූ.
Pali BJTනන්දාථෙරියාපදානං පඤ්චමං.
Sinhala BJTපස්වැනි නන්‍දා ස්ථවිරාපදාන යි.
Pali BJT3. 6 සොණාපදානං.
Sinhala BJT3. 6 සෝණාපදානය
Pali BJT858. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT858. මෙකපින් සුවහස්වන කප්හි සියලු දහම්හි පරතෙරැ පැමිණි (ලොවට) නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ.
Pali BJT859. තදා සෙට්ඨිකුලෙ ජාතා සුඛිතා පූජිතා පියා උපෙත්වා තං මුනිවරං අස්සොසිං මධුරං වචං.
Sinhala BJT859. එකල්හි සිටුකුලෙකැ සුඛිත වැ පූජිත වැ ප්‍රිය වැ උපන්නෙම් ඒ මුනීන්‍ද්‍රයන් වහන්සේ වෙතැ එළැඹැ මිහිරි වදන් ඇසූමු.
Pali BJT860. ආරද්ධවිරියානග්ගං වණ්ණෙසි{3} භික්ඛුනිං ජිනො තං සුත්වා මුදිතා හුත්වා කාරං කත්වාන සත්ථුනො.
Sinhala BJT860. ජිනේන්‍ද්‍රයන් වහන්සේ පිරිපුන් වැර ඇති මෙහෙණන් අතරැ එක් මෙහෙණක අග්‍ර කොට වර්‍ණනා කළසේකැ, ඒ අසා ප්‍රමුදිත වැ ශාස්තෘන් වහන්සේට සත්කාර කොට -
Pali BJT861. අභිවාදිය සම්බුද්ධං තං ඨානං පත්ථයිං තදා අනුමොදි මහාවීරො “සිජ්ඣතං පණිධී තව.
Sinhala BJT861. සම්බුදුරජාණන් වහන්සේ සකසා වැඳ එවේලෙහි ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු. මහාවීරයන් වහන්සේ , “තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේව” යි අනුමෝදනා කළසේකැ, (වැළිදු වදාරනසේක්)
Pali BJT862. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT862. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
Pali BJT863. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා සොණාති නාම නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.”
Sinhala BJT863. ඔබ දහම්හි දායාද (හිමි) වූ (ලොව්තුරු දහමින් උපන් හෙයින් ධර්‍මනිර්මිත වූ නමින් සෝණා නම් වූ ඖරස ශාස්තෘශ්‍රාවිකාවක් වන්නනු” යි.
Pali BJT864. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
Sinhala BJT864. එවිටැ එ අසා සතුටු වැ මෙත්සිත් ඇතියෙම් විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළමු.
Pali BJT865. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගඤ්ඡහං.
Sinhala BJT865. ඒ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසාවට ගියමු.
Pali BJT866. පච්ඡිමෙ ච භවෙදානි ජාතා සෙට්ඨිකුලෙ අහං සාවත්ථියං පුරවරෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
Sinhala BJT866. මම් දැන් පැසුළු බෙවෙහි ද සැවැත් පුරවරයෙහි සමෘද්ධි මත් ධනාඪ්‍ය මහත් ධන ඇති සිටුකුලෙකැ උපන්මු.
Pali BJT867. යදා ච යොබ්බනප්පත්තා ගන්ත්වා පතිකුලං අහං දසපුත්තානි අජනිං සුරූපානි විසෙසතො.
Sinhala BJT867-868. යම් කලෙකැ යොවුන්බවට පැමිණියා වෙම් ද, එකලැ මම පතිකුලයට ගොස් සුරූපී දසපුත්කෙනෙකුන් දැනවූමු. සුවසේ වැඩුණු ඔහු සියල්ලෝ වෙසෙසින් දනමනනුවන් හරනාහු වූහ. අමිතුරනට ද රිසි වූහු. උහු මට ප්‍රිය වෙත් යනු කවර කථා යැ.
Pali BJT868. සුඛෙධිතා ච තෙ සබ්බෙ ජනනෙත්තමනොහරා අමිත්තානම්පි තෙ රුචිතා මමං පගෙව{1} තෙ පියා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT869. තතො මය්හං අකාමාය දසපුත්තපුරක්ඛතො පබ්බජිත්ථ ස මෙ භත්තා දෙවදෙවස්ස සාසනෙ.
Sinhala BJT869. ඉක්බිති අකැමැති මා නොතකා දසපුතුන් විසින් පෙරටු කරන ලද මාගේ ඒ ස්වාමිපුත්‍ර දෙවියන්ට දෙවි වූ බුදුරදුන් සසුන්හි පැවිදි වූයේ යි.
Pali BJT870. තදෙකිකා විචින්තෙසුං ජිවිතෙනාලමත්ථු මෙ චත්තාය{2} පතිපුත්තෙහි වුඩ්ඪාය ච වරාකියා.
Sinhala BJT870. එකල්හි එකලා වූවා (මෙසේ) සිතූමු: “සැමියා හා පුතුන් විසින් හැරදමනලද මහලු ද වූ පින්මද මට ජීවිතයෙන් කමෙක් නැති.
Pali BJT871. අහම්පි තත්ථ ගච්ඡිස්සං සම්පත්තො යත්ථ මෙ පති” එවා’හං චින්තයිත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT871. යම් තෙනකැ මාගේ ස්වාමිපුත්‍ර පැමිණියේ ද, මම් දු එහි යන්නෙමි.” මම මෙසේ සිතා බුදුසසුන්හි පැවිදි වූමු.
Pali BJT872. තතො ච මං භික්ඛුනියො එවං භික්ඛුනුපස්සයෙ විහාය ගච්ඡුමොවාදං “තාපෙහි උදකං” ඉති.
Sinhala BJT872. ඉක්බිති භික්‍ෂුණීහු “ජලය රත් කරව යි” යි මෙහෙණවරෙහි එකලා වූ මා හැරපියා භික්ඛුනෝවාදය අසන්නට ගියාහු යැ.
Pali BJT873. තදා උදකමාහිත්වා ඔකිරිත්වාන කුම්භියා චුල්ල්යං{3} ඨපෙත්වා ආසීනා තතො චිත්තං සමාදහිං.
Sinhala BJT873. එකල්හි දිය ගෙනවුත් සැලෙකැ වත් කොට උදුනෙහි තබා ඉක්බිති හුන්නෙම් සිත සමාධිගත කළමු.
Pali BJT874. ඛන්ධෙ අනිච්චතො දිස්වා දුක්ඛතො ච අනත්තතො ඡෙත්වාන{4} ආසවෙ සබ්බෙ අරහත්තමපාපුණිං.
Sinhala BJT874. ස්කන්‍ධ අනිත්‍ය වශයෙන් දුඃඛවශයෙන් අනාත්ම වශයෙන් දැක සියලු ආස්‍රව සිඳපියා රහත්බවට පැමිණියමු.
Pali BJT875. තදා’ගන්ත්වා භික්ඛුනියො උණ්හොදකමපුච්ඡිසුං තෙජොධාතුං අධිට්ඨාය ඛිප්පං සන්තාපයිං ජලං.
Sinhala BJT875. එවිටැ භික්‍ෂුණීහු අවුත් හුණුදිය පුළුවුත්හු. (මම) තේජෝ ධාතුව ඉටා ජලය වහා හුණු කළමු.
Pali BJT876. විම්හිතා තා ජිනවරං එතමත්ථමසාවයුං තං සුත්වා මුදිතො නාථො ඉමං ගාථං අභාසථ:
Sinhala BJT876. විශ්මයට පත් ඔහු තෙල කරුණ ජිනවරයන් වහන්සේට ඇස්වූහ. එ අසා සතුටු වූ නාථයන් වහන්සේ මේ ගාථාව වදාළ සේකැ.
Pali BJT877. යො චෙ{1} වස්සසතං ජීවෙ කුසීතො හීනවීරියො එකාහං ජීවිතං සෙය්යො විරියමාරභතො දළ්හං.”
Sinhala BJT877. “වත්පිළිවෙත් ආදියෙහි මැලි හෙයින් කුසීත වූ කායික චෛතසික වීර්‍ය්‍ය රහිත යමෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වේ ද, ඔහුගේ ජීවත් වීමට වඩා දැඩි සේ වැරවඩන පුඟුල්හුගේ එක්දවසක් ජීවත් වීම උතුමි.”
Pali BJT878. ආරාධිතො මහාවීරො මම{2} සුප්පටිපත්තියා ආරද්ධවිරියානග්ගං මමාහ ස{3} මහාමුනි.
Sinhala BJT878. මාගේ මනා පිළිවෙතින් මහාවීරයන් වහන්සේ ආරාධිතහ (සතුටු කරන ලද). ඒ මහාමුනිවරයන් වහන්සේ මා රුකුළු වැර ඇති මෙහෙණන් අතරැ අග්‍ර කොට වදාළ සේකි.
Pali BJT879-881. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT879-881. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං සොණා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සෝණා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
Pali BJTසොණාථෙරියාපදානං ඡට්ඨං.
Sinhala BJTසවැනි සෝණා ස්ථවිරාපදාන යි.
Pali BJT3. 7 භද්දාකාපිලානි අපදානං.
Sinhala BJT3. 7 භද්දකාපිලානි අපදානය
Pali BJT882. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා{4} ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT882. සියලු ධර්‍මයන්හි චක්‍ෂුර්මත් වූ (සියලු ධර්‍ම දත්) (ලොවට) නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ මෙයින් ලක්‍ෂයක් වන කප්හි (ලොවැ) පහළ වූ සේකැ.
Pali BJT883. තදා’හු හංසවතියං විදෙහො නාම නාමතො{5} සෙට්ඨි පහූතරතනො තස්ස ජායා අහොස’හං
Sinhala BJT883. එසමයෙහි හංසවතී නුවරැ නමින් විදේහ නම් වූ බොහෝ රන්රුවන් ඇති සිටුවරයෙක් වියැ, මම ඔහුගේ භාර්‍ය්‍යා වූමු.
Pali BJT884. කදාචි සො නරාදිච්චං උපෙච්ච සපරිජ්ජනො{6} ධම්මමස්සොසි බුද්ධස්ස සබ්බදුක්ඛක්ඛයාවහං.{7}
Sinhala BJT884. කිසියම් දිනෙකැ හේ පිරිවරජනයා සහිත වැ නරාදිත්‍යයන් (බුදුරදුන්) වෙතැ එළැඹැ නිවන්සුව එළවන බුදුදහම් ශ්‍රවණ කෙළේ යැ.
Pali BJT885. සාවකං ධුතවාදානං අග්ගං කිත්තෙසි නායකො සුත්වා සත්තාහිතං දානං දත්වා බුද්ධස්ස තාදිනො.
Sinhala BJT885. බුදුරජාණෝ ධූතවාදී භික්‍ෂූන් අතරැ එක් ශ්‍රාවකයකු අග්‍ර කොට වදාළහ. එ අසා සිටු තෙමේ තාදී ගුණ ඇති බුදුරදුනට සත්දිනක දනක් දී -
Pali BJT886. නිපච්ච සිරසා පාදෙ තං ඨානං අභිපත්ථයි ස හාසයන්තො පරිසං තදා හි නරපුඞ්ගවො.
Sinhala BJT886-887. දොහොත් මුදුන් නඟා සිරිපා නැමැද ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කෙළේ යි. එවිට නරෝත්තම බුදුරජාණන් වහන්සේ පිරිවර ජනයා ප්‍රීතිමත් කරවමින් සිටුහට අනුකම්පා පිණිස මේ ගාථා වදාළසේකැ: ‘දරුව නිවුනෙක් වන්න, පැතූ තනතුර මතු ලබන්නෙහි.
Pali BJT887. සෙට්ඨිනො අනුකම්පාය ඉමා ගාථා අභාසථ: “ලච්ඡසෙ පත්ථිතං ඨානං නිබ්බුතො හොහි පුත්තක.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT888. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT888. මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගොතින් ගෞතම නම් වූ සතරහු (ලොවැ) පහළ වන්නාහ.
Pali BJT889. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො කස්සපො නාම නාමෙන හෙස්සසි සත්ථුසාවකො.”
Sinhala BJT889. ඔබ දහමට හිමි වූ දහමින් නිපන් නමින් කසුප් නම් වූ උරෙහි දා ස්ථිර සව්වෙක් වන්නෙහි.”
Pali BJT890. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තො පරිචරි පච්චයෙහි විනායකං.
Sinhala BJT890. එවිටැ එ අසා ප්‍රමුදිත වැ විනායක ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙත් සිත් ඇතියේ සිවුපසයෙන් දිවිහිම් කොට උවටැන් කෙළේ යි.
Pali BJT891. සාසනං ජොතයිත්වාන{1} මද්දිත්වා ච කුතිත්ථියෙ වෙනෙය්යෙ{2} විනයිත්වා ච නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT891. ඒ තථාගතයන් වහන්සේ අන්තොටුවන් ද මැඩ විනෙදනා ද විනයනය කොට සසුන් බබුළුවා සව්වන් සහිත වැ පිරිනිවිසේකි.
Pali BJT892. නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ පූජනත්ථාය සත්ථුනො ඤාතිමිත්තෙ සමානෙත්වා සහ තෙහි අකාරයි.
Sinhala BJT892-893. ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෘ වූ ඔබ පුදනු පිණිස නෑ - මිතුරන් කැඳවා ඔවුන් සමඟ දිලියෙන සූර්‍ය්‍යයා වැනි පිපුණු ශාලවෘක්‍ෂ රාජයකු වැනි සත් යොත්නක් උස් වූ රත්නමය ස්තූපයක් කරවූයේ යැ.
Pali BJT893. සත්තයොජනිකං ථූපං උබ්බිද්ධං රතනාමයං ජලන්තං සතරංසීව සාලරාජංව ඵුල්ලිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT894. සත්තසතසහස්සානි පාතියො{3} තත්ථ කාර’යි නළග්ගි විය ජොතන්තී{4} රතනෙහෙව සත්තහි.
Sinhala BJT894. ඒ සෑයෙහි නඩාග්නියක් (ඇවිලගත් හුණුවනයක්) සෙයින් දිලියෙන සත් සියදහසක් පාත්‍රාකෘතීහු සත්රුවනින් මැ කරවූයේ යැ.
Pali BJT895. ගන්ධතෙලෙන පූරෙත්වා දීපානුජාලයි තහිං පූජත්ථාය{5} මහෙසිස්ස සබ්බභූතානුකම්පිනො.
Sinhala BJT895. සියලු සත්නට අනුකම්පා කරන මහර්ෂීන් වහන්සේට පූජා පිණිස සුවඳ තෙලින් (පාත්‍ර) පුරවා එහි පහන් දැල්වූයේ යැ.
Pali BJT896. සන්ත සතසහස්සානි පුණ්ණකුම්භානි කාරයි රතනෙහෙව පුණ්ණානි පූජත්ථාය මහෙසිනො.
Sinhala BJT896. මහර්ෂීන් වහන්සේට පූජා පිණිස රුවනින් මැ පිරුණු සත් සියදහසක් පුන්කුඹු කරවූයේ යැ.
Pali BJT897. මජ්ඣෙ අට්ඨට්ඨ කුම්හීනං උස්සිතා කඤ්චනග්ඝියා අතිරොචන්ති වණ්ණෙන සරදෙව දිවාකරො.
Sinhala BJT897. කුඹු මධ්‍යයෙහි අටෙන් අටෙන් රන්ඇගෑහු ඔසවනලදහ. සරා කල්හි හිරුසෙයින් (ඔහු) පැහැයෙන් වෙසෙසින් බබළයි.
Pali BJT898. චතුද්වාරෙසු සොභන්ති තොරණා රතනාමයා උස්සිතා ඵලකා රම්මා සොභන්ති රතනාමයා.
Sinhala BJT898. සිවුදොරහි රුවන්මුවා තොරණහු හොබිති, ඔසවන ලද රුවන්මුවා සිත්කලු පුවරුහු ද හොබිත්.
Pali BJT899. විරොචන්ති පරික්ඛිත්තා අවතංසා{6} සුනිම්මිතා උස්සිතානි පටාකානි රතනානි විරොචරෙ.
Sinhala BJT899. (සෑය) වටා බඳනාලද මනාසේ නිමවනලද අවතංසයෝ බබළති, ඔසවනලද රුවන් පතාක ද බබළත්.
Pali BJT900. සුරත්තං සුකතං චෙතං{7} චෙතියං රතනාමයං අතිරොචති වණ්ණෙන සසඤ්ඣොව{8} දිවාකරො.
Sinhala BJT900. ඉතා රතු මොනොවට කළ රුවන්මුවා තෙලසෑය සැඳෑ වලා සහිත හිරුසේ පැහැයෙන් වෙසෙසින් බබළයි.
Pali BJT901. ථූපස්ස වෙදියො තිස්සො{1} හරිතාලෙන පූරයි එකං මනොසිලායෙකං අඤ්ජනෙන ච එකිකං.
Sinhala BJT901. ස්තූපයාගේ වේදිකා තුනෙකි. එකක් හිරියෙලින් (රන්වන් ගෛරිකයෙන්) ද එකක් මනෝසිලා (රතුගෛරික)යෙන් ද, එකක් අඤ්ජන (කළු ගෛරික)යෙන් ද පිරවි.
Pali BJT902. පූජාමෙතාදිසං රම්මං කාරෙත්වා වරවාදිනො අදාසි දානං සඞ්ඝස්ස යාවජීවං යථාබලං.
Sinhala BJT902. උත්තමවාදී වූ බුදුරදුනට තෙල බඳු රම්‍ය පූජා පවත්වා සඟනට දිවිහිම් කොට ශක්තිපමණින් දන් දුන්නේ යි.
Pali BJT903. සහා’හං සෙට්ඨිනා තෙන තානි පුඤ්ඤානි සබ්බසො. යාවජීවං කරිත්වාන සහාව සුගතිං ගතා.
Sinhala BJT903. මම ඒ සිටුහු සමග දිවි ඇති තාක් සර්‍වප්‍රකාරයෙන් ඒ පුණ්‍යකර්‍ම සිදු කොට එක් වැ මැ සුගතියට ගියමු.
Pali BJT904. සම්පත්තියොනුභොත්වාන දෙවත්තෙ අථ මානුසෙ ඡායා විය සරීරෙන සහ තෙනෙව සංසරිං.
Sinhala BJT904. දෙව් බවෙහි ද වැළි මිනිස් බවෙහි ද සැපත් වළඳා සිරුරින් සෙවනැල්ල මෙන් ඔහු සමග මැ සැරූමු.
Pali BJT905. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො උප්පජ්ජි චාරුනයනො{2} සබ්බධම්මවිපස්සකො.
Sinhala BJT905. මෙකපින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු දහම් වෙසෙසින් දක්නා ලෝකනායක විදර්ශී බුදුරජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
Pali BJT906. තදා’යං බන්ධුමතියං බ්රාහ්මණො සාධුසම්මතො අඩ්ඪො සත්ථාගමෙනා’සි{3} ධනෙන ච සුදුග්ගතො.
Sinhala BJT906. එසමයෙහි මේ සිටු තෙමේ බන්‍ධුමතී නගරයෙහි ශාස්ත්‍රාගමයෙන් ආඪ්‍ය, ධනයෙන් ඉතා දුගී වූ බමුණෙක් වී.
Pali BJT907. තදාපි තස්ස’හං ආසිං බ්රාහ්මණී සමචෙතසා කදාචි සො දිජවරො සංගමෙසි මහාමුනිං.
Sinhala BJT907-908. එකල්හි දු මම සම අදහස් ඇති ඔහුගේ බැමිණි (බිරිය) වූමු. ඒ බමුණු උතුමා කිසියම් දිනෙකැ පිරිස් මැද වැඩහුන් අමා දහම් දෙසන මහමුනිඳුන් හමු වියැ. දහම් අසා තුටුපත් වූයේ (හැඳ පෙරැ වූ දේවතින්) එක්වතක් (මුනිඳුනට) දුන්නේ යැ.
Pali BJT908. නිසින්නං ජනකායස්මිං දෙසෙන්තං අමතං පදං සුත්වා ධම්මං පමුදිතො අදාසි එකසාටකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT909. ඝරමෙකෙන වත්ථෙනාගත්වානෙතං{4} මම’බ්රවි{5} අනුමොද මහාඤ්ඤෙ{6} දින්නං බුද්ධස්ස සාටකං.
Sinhala BJT909. එක්වතකින් යුතු වැ ගෙට අවුත් තෙල මට කී: “මහා නුවණැත්ත, (මා විසින්) බුදුරදුනට සළුවක් දෙන ලදි, (එපින්) අනුමෝදන් වව” යි.
Pali BJT910. තදා’හං අඤ්ජලිං කත්වා අනුමොදිං සුපීණිතා{7} සුදින්නො සාටකො සාමි බුද්ධසෙට්ඨස්ස තාදිනො.
Sinhala BJT910. එසඳ මම් අතිශයින් ප්‍රීතියට පැමිණියා ඇඳිලි බැඳ “හිමියනි, තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට සළුව මොනොවට දෙන ලදැ” යි අනුමෝදන් වූමු.
Pali BJT911. සුඛිතො සජ්ජිතො හුත්වා සංසරන්තො භවාභවො බාරාණසීපුරෙ රම්මෙ රාජා ආසි මහීපති.
Sinhala BJT911. (හේ) සුඛිත වූයේ සව්සැපතින් සැදුණේ කුදුමහත් බෙවෙහි සරනුයේ (එක් කලෙකැ) සිත්කලු බරණැස් පුරයෙහි රජ වූයේ යැ.
Pali BJT912. තදා තස්ස මහෙසීහං ඉත්ථිගුම්බස්ස උත්තමා තස්සාතිදයිතා ආසිං පුබ්බස්නෙහෙන භත්තුනො.{8}
Sinhala BJT912. එසමයෙහි මම ඔහුට මෙහෙසි වූමු, ඔහුගේ (අන්තඃපුර) ස්ත්‍රීසමූහයාට උතුම් වූමු. පූර්‍වජාතිසේනහ හේතුයෙන් ස්වාමියාට ප්‍රිය වූමු.
Pali BJT913. පිණ්ඩාය විචරන්තෙ සො{1} අට්ඨ පච්චෙකනායකෙ දිස්වා පමුදිතො හුත්වා දත්වා පිණ්ඩං මහාරහං.
Sinhala BJT913. හේ පිඬු පිණිස හැසිරෙන අට පසේබුදු කෙනකුන් දැක සොම්නස් වැ මහාර්‍හ පිණ්ඩාහාරයක් දී -
Pali BJT914. පුනො නිමන්තයිත්වාන කත්වා රතනමණ්ඩපං කම්මාරෙහි කතං ඡත්තං{2} සොවණ්ණං සතහත්ථකං.{3}
Sinhala BJT914-915. යළි නිමන්ත්‍රණ කොට රත්නමය මණ්ඩපයක් තනා තරහලුන් විසින් කරන ලද රන්මුවා සියහත් සැතක් (නඟා) ඒ සියලු පසේබුදුන් වහන්සේ එහි වැඩම කරවා රන් අසුන්හි වැඩහුන් ඔබට සියතින් දන් දුන්නේ යි.
Pali BJT915. සමානෙත්වාන තෙ සබ්බෙ තෙසං දානමදාසි සො සොණ්ණාසනොපවිට්ඨානං{4} පසන්නො සෙහි පාණිහි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT916. තම්පි දානං සහා’දාසිං කාසිරාජෙන’හං තදා පුනා’හං බාරාණසියං අජායිං ද්වාරගාමකෙ{5}
Sinhala BJT916. එසඳ මම ඒ දන් ද කසීරජු හා එක් වැ දුන්මු. යළි මම් බරණැස දොරගමෙකැ උපනුමු.
Pali BJT917. කුටුම්බිකකුලෙ ඵීතෙ සුඛිතො සො සහාතුකො ජෙට්ඨස්ස භාතුනො ජායා අහොසිං සුපතිබ්බතා.
Sinhala BJT917. හේ (බරණැස් රජ) සමෘද්ධිමත් කෙළෙඹි කුලෙකැ බෑයන් සහිත වූයේ සුඛිත වැ උපන්නේ යැ. මම දෙටු බෑයාගේ මනා පතිව්‍රත ඇති භාර්‍ය්‍යා වූමු.
Pali BJT918. පච්චෙකබුද්ධං දිස්වාන මම භත්තු කනීයසී{6} භාගන්නං තස්ස දත්වාන ආගතෙ තම්හි පාවදි{7}
Sinhala BJT918. පසේබුදු කෙනකුන් දැක මාගේ සැමියාගේ කණිටු බුහුන ඔහුගේ අහර කොටස (පසේබුදුනට) දී ඔහු ආකල්හි (එය) කීවා යැ.
Pali BJT919. නාභිනන්දිත්ථ සො දානං තතො තස්ස අදාස’හං ඌඛා ආනීය තං අන්නං පුනො තස්සෙව සො අදා.
Sinhala BJT919. හේ දානය අභිනන්‍දන නො කෙළේ යැ. (සතුටු නො වියැ) මම එ අහර (පසේමුනිඳුන්ගේ පාත්‍රයෙන්) උකහා ගෙන ඔහුට දුන්මු. හේ යළි ඔබට මැ දුන්නේ යි.
Pali BJT920. තදන්නං ඡඩ්ඩයිත්වාන දුට්ඨා බුද්ධස්ස’හං තදා පත්තං කලලපුණ්ණං තං අදාසිං තස්ස තාදිනො.
Sinhala BJT920. එකල්හි මම් ද්වේෂිත වූවා එ අහර ඉවතැ ලා පසේ බුදුරදුන්ගේ පාත්‍රය කලලින් පිරුණක් කොට අකම්ප්‍ය ගුණ ඇති ඔබට දුන්මු.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT1115. සිවිපිළිසිඹියා ලබන ලද ... බුදුසසුන් කරන ලදී.
Pali BJT921. දානෙ ච ගහණෙ චෙව අමෙජ්ඣෙ පදුමෙ යථා{8} සමචිත්තමුඛං දිස්වා තදාහං සංවිජිං භුසං.
Sinhala BJT921. දීමෙහිත් ගැනීමෙහිත් අමේධ්‍යයෙහි හා පද්මයෙහි යම්සේ ද එසේ සමසිත් ඇති මුහුණ දැක එකල්හි මම බෙහෙවින් සංවේගයට පැමිණියෙමු.
Pali BJT922. පුනො පත්තං ගහෙත්වාන සොධයිත්වා සුගන්ධිනා පසන්නචිත්තා පූරෙත්වා සඝතං සක්ඛරං අදං.
Sinhala BJT922. නැවත පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන්සිත් ඇති වැ පාත්‍රය පුරා ගිතෙල් සහිත සකුරු දුන්මු.
Pali BJT923. යත්ථ යත්ථූපපජ්ජාමි සුරූපා හොමි දානතො බුද්ධස්ස අපකාරෙන{9} දුග්ගන්ධා වදනෙන ච.
Sinhala BJT923. යම් යම් තෙනෙකැ උපදනෙම් ද දාන හේතුයෙන් සුරූප වෙමි. පසේබුදුනට (කළ) අපකාර හේතුයෙන් දුගඳ මුව ඇති වෙමි.
Pali BJT924. පුන කස්සපවීරස්ස නිට්ඨායන්තම්හි{10} චෙතියෙ සොවණ්ණඉට්ඨකවරං අදාසිං මුදිතා අහං.
Sinhala BJT924. යළි කසුප් බුදුරදුන්ගේ සෑය නිමවන කල්හි ප්‍රමුදිත වූ මම රන්මුවා ගඩොලක් දුන්මු.
Pali BJT925. චතුජ්ජාතෙන ගන්ධෙන නිචයිත්වා{1} තමිට්ඨකං මුත්තා දුග්ගන්ධදොසම්හා සබ්බඞ්ගසුසමාගතා.
Sinhala BJT925. සිවුදෑගඳින් ඒ ගඩොල ලබා දුගඳදොසින් මිදුණී සියල් අඟින් මොනොවට යුතු වූමු.