Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9201-9300 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. 3 ධම්මදින්නාපදානං.
Sinhala BJT3. 3 ධම්මදින්නාපදානය
Pali BJT733. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT733. මෙ කපින් සුවහස් වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
Pali BJT734. තදා’හං හංසවතියං කුලෙ අඤ්ඤතරෙ අහුං පරකම්මකරී ආසිං නිපකා සීලසංවුතා.
Sinhala BJT734. එ සමයෙහි මම හංසවතී නුවරැ එක්තරා කුලයෙකැ උපන්මු. නුවණැති ශීලයෙන් සංවර වූ මෙරමා වැඩ කරන්නක් (දැස්සක්) වූමු.
Pali BJT735. පදුමුත්තර බුද්ධස්ස සුජාතො අග්ගසාවකො විහාරා අභිනික්ඛම්ම පිණ්ඩපාතාය ගච්ඡති.
Sinhala BJT735. පියුමතුරා බුදුරදුන්ගේ සුජාත නම් අග්‍රශ්‍රාවකයාණෝ වෙහෙරින් නික්මැ පිඬු පිණිස වඩනාහ.
Pali BJT736. ඝටං ගහෙත්වා ගච්ඡන්තී තදා උදකහාරිකා තං දිස්වා අදදිං{1} පූවං{2} පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT736. එකලැ ඝටවෙටිකාවක් (කළදැස්සක්) වූ මම කළයක් රැගෙන යන්නෙම් ඔබ දැක ස්වකීය ප්‍රාණපරිත්‍යාගයෙන් ප්‍රසන්න වැ පූපයක් දුනුමු.
Pali BJT737. පටිග්ගහෙත්වා තත්ථෙව නිසින්නො පරිභුඤ්ජි සො තතො නෙත්වාන තං ගෙහං අදාසිං තස්ස භොජනං.
Sinhala BJT737. ඔබ (එය) පිළිගෙන එහි මැ හිඳ වැළඳූහ. ඉක්බිති ඒ තෙරණුවන් ගෙට කැඳවා ගෙන ගොස් ඔබට බොජුන් පිළිගැන්වූමු.
Pali BJT738. තතො මෙ අය්යකො තුට්ඨො අකරී සුණිසං සකං සස්සුයා සහ ගන්ත්වාන සම්බුද්ධං අභිවාදයිං.
Sinhala BJT738. එයින් මාගේ ස්වාමි තෙමේ සතුටු වූයේ (මා) සිය ලෙහෙලිය කෙළේ යැ. නැන්දණිය සමග (අරමට) ගොස් සම්බුදු රදුන් අභිවාදන කළමු.
Pali BJT739. තදා සො ධම්මකථිකං භික්ඛුනිං පරිකිත්තයං ඨපෙසි එතදග්ගස්මිං තං සුත්වා මුදිතා අහං.
Sinhala BJT739-740. එකල්හි උන්වහන්සේ ධර්‍මකථික මෙහෙණක ගුණ කථනය කරනසේක් ඒතදග්‍රයෙහි තැබූසේකැ. එ අසා ප්‍රමුදිත වූ මම් සඞ්ඝයා සහිත ලෝකනායක වූ සුගතයන් වහන්සේ නිමන්ත්‍රණ කොට මහදන් දී ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
Pali BJT740. නිමන්තයිත්වා සුගතං සසඞ්ඝං ලොකනායකං මහාදානං දදිත්වාන තං ඨානං අභිපත්ථයිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT741. තතො මං සුගතො ආහ ඝනනින්නාදසුස්සරො “මමූපට්ඨානනිරතෙ සසඞ්ඝං පරිවෙසිකෙ.
Sinhala BJT741-742. ඉක්බිති සුගත වූ බුදුරජාණන් වහන්සේ ගැඹුරු නින්නාද සහිත මනාහඬ ඇති වැ මට මෙසේ වදාළසේක: “උපස්ථාන කිරීමෙහි ඇලුණු, සඞ්ඝයා සහිත මා වළඳවන, සදහම් ඇසීමෙහි යෙදුණු, ගුණයෙන් වැඩුණු සිත් ඇති භද්‍රාවනි, ප්‍රමුදිත වව, ප්‍රාර්‍ත්‍ථනාඵලය ලබන්නෙහි.
Pali BJT742. සද්ධම්මසවණෙ යුත්තෙ ගුණවඩ්ඪිතමානසෙ භද්දෙ භවස්සු මුදිතා ලච්ඡසෙ පණිධීඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT743. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT743. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නා හ.
Pali BJT744. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා ධම්මදින්නාති නාමෙන හෙස්සසි සත්ථුසාවිකා”.
Sinhala BJT744. (තෝ) ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ධම්මදින්නා යි ප්‍රසිද්ධ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහි” යි.
Pali BJT745. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං මහාමුනිං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
Sinhala BJT745. එ අසා සතොස් වැ විනායක වූ මහාමුනිවරයන් වහන්සේ මෙත්සිත් ඇතියෙම් දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළමු.
Pali BJT746. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT746. ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT747. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT747. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහා යශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ වක්තෘවර සර්‍වඥයන් වහන්සේ (ලෝකයෙහි) පහළ වූ සේකැ.
Pali BJT748. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත්තමෙ.
Sinhala BJT748. එකලැ මහර්ෂි බුදුරජුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කාශිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
Pali BJT749. ඡට්ඨා තස්සාසහං ධීතා සුධම්මා ඉති විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
Sinhala BJT749. මම ඒ රජුට සුධම්මා යි ප්‍රසිද්ධ සවැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.
Pali BJT750. නානුජානාසි{1} මං තාතො අගාරෙ’නාලයා{2} මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
Sinhala BJT750-751. පිය තෙමේ මා නො අනුදත්තේ යැ. අපි ගිහිගෙහි අනාලය වූවමෝ විසිදහසක් හවුරුදු අනලස් වැ කුමරිබඹසර සැරුම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරත ප්‍රමුදිත සත් දුහිතෘහු නම්:
Pali BJTභාණවාරං තතියං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT751. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨාන නිරතා මුදිතා සත්ත ධීතරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT752. සමණී සමණගුත්තාභික්ඛුනී භික්ඛුදාසිකා ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.
Sinhala BJT752. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුනීදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සත්වැනි සංඞ්ඝදායිකා යැ යන මොහු වෙත්.
Pali BJT753. ඛෙමා උප්පලවණ්ණාපටාචාරාකුණ්ඩලා ගොතමී ච අහං චෙව විසාඛා හොති සත්තමී.
Sinhala BJT753. (මෙකලැ) ඛේමා යැ, උප්පලවන්නා යැ, පටාචාරා යැ, කුණ්ඩලකේසා යැ, කිසාගෝතමී යැ, මම් යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
Pali BJT754. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT754. මම ඒ කුශල කර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT755. පච්ඡිමෙ ච භවෙදානි ගිරිබ්බජපුරුත්තමෙ, ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ සබ්බකාමසමිද්ධකෙ.{3}
Sinhala BJT755. දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (-රජගහ) පුරවරයෙහි ධනාඪ්‍ය සියලු කම්සැපතින් සමෘද්ධ වූ සිටු කුලයෙකැ උපන්මු.
Pali BJT756. යදා රූපගුණොපෙතා පඨමෙ යොබ්බනෙ ඨිතා තදා පරකුලං ගන්ත්වා වසිං සුඛසමප්පිතා.
Sinhala BJT756. යම් කලෙකැ රූපයෙන් ගුණයෙන් යුතුවැ පළමු යොවුන් වියෙහි සිටියා වෙම් ද එකලැ පර (-පති) කුලයට ගොස් සැපයෙන් සමර්පිත වූමු.
Pali BJT757. උපෙත්වා ලොකසරණං සුණිත්වා ධම්මදෙසනං අනාගාමිඵලං පත්තො සාමිකො මෙ සුඛුද්ධිමා.
Sinhala BJT757. වෙසෙසින් බුද්ධිමත් වූ මාගේ ස්වාමිපුරුෂ (-විශාඛ) තෙමේ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් අසා අනාගාමී ඵලයට පැමිණියේ යි.
Pali BJT758. තදා තං අනුජානෙත්වා පබ්බජිං අනගාරියං න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං.
Sinhala BJT758. එකල්හි ඔහු අනුදන්වා බුදුසසුන්හි පැවැදි වූමු. නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියමු.
Pali BJT759. තදා උපාසකො සො මං උපගන්ත්වා අපුච්ඡථ ගම්භීරෙ නිපුණෙ පඤ්ඤෙ තෙ සබ්බෙ ව්යාකරිං අහං
Sinhala BJT759. ඒ උවසු මා වෙතැ අවුත් ගැඹුරු සියුම් පැන විචාළේ යැ. මම් ඒ සියල්ල විසඳා කීමු.
Pali BJT760. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං භික්ඛුනිං ධම්මකථිකං නාඤ්ඤං පස්සාමි එදිසං.
Sinhala BJT760-761. ඒ ගුණයෙහි සතුටු වූ බුදුහු “තෙල මෙහෙණ බඳු ධර්‍මකථික අනෙකක නො දක්මි, ධම්මදින්නා යම් හෙයෙකින් ධීර ද මහණෙනි, එසේ ධරවු” යි මා ඒතදග්‍රයෙහි තබාලූහ. මෙසේ ලෝකනාථයන් වහන්සේ විසින් අනුකම්පිත වූ මම් නුවණැති වූමු.
Pali BJT761. ධම්මදින්නා යථා ධීරා එවං ධාරෙථ භික්ඛවො එවාහං පණ්ඩිතා ජාතා නායකෙනානුකම්පිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT762. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං. ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT762. මා විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ, බුදුසසුන් කරන ලද යැ, ගුරු වූ කෙලෙස් බර බහා තබන ලදයැ, තෘෂ්ණාව සමූල කොට නසන ලදී.
Pali BJT763. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
Sinhala BJT763. යම් ඵලයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවැදි වූමු නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ ඵලය මාහට අනුපිළිවෙළින් පැමිණියේ වෙයි.
Pali BJT764. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථු සාසනකාරිකා.
Sinhala BJT764. ශාස්තෘන් වහන්සේගේ අනුසසුන් කරන මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් ද දනිමි.
Pali BJT765. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධාම්හි සුනිම්මලා.
Sinhala BJT765. පෙර විසූ තඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රවයන් නසා වෙසෙසින් මල රහිත වැ විශුද්ධ වෙමි.
Pali BJT766-768. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT766. - 768. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං ධම්මදින්නා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ධම්මදින්නා මෙහෙණ මේ ගාථා පැවැසූ.
Pali BJTධම්මදින්නාථෙරියාපදානං තතියං.
Sinhala BJTතෙවැනි ධම්මදින්නා ස්ථවිරාපදාන යි.
Pali BJT3. 4 සකුලාපදානං.
Sinhala BJT3. 4 සකුලාපදානය
Pali BJT769. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT769. මෙකපින් සියක්දහස් වන කප්හි (ලොවි ලොව්තුරු) සියලු දහම්හි පරතෙර පැමිණි (ලොවට) නායක වූ පියුමතුරා නම් සම්බුදු රජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
Pali BJT770. හිතාය සබ්බසත්තානං සුඛාය වදතං වරො අත්ථාය පුරිසාජඤ්ඤො පටිපන්නො සදෙවකෙ.
Sinhala BJT770. වක්තෲන් (දේශකයන්) අතරැ උත්තම වූ ආජානේය (උතුම්) පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි සියලු සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන් සේකැ.
Pali BJT771. යසග්ගප්පත්තො සිරිමා වණ්ණකිත්තිභතො{1} ජිනො පූජිතො සබ්බලොකස්ස දිසා සබ්බාසු විස්සුතො.
Sinhala BJT771. ජිනේන්‍ද්‍රයන් වහන්සේ යශසින් අගපත් සේකැ, ශ්‍රීමත් සේකැ, කීර්ති ප්‍රශංසා දැරූ සේකැ, සියලු ලෝකයා විසින් පූජිත සේකැ, සියලු දිශායෙහි (සර්‍වඥහ යි) ප්‍රකට වූ සේකැ.
Pali BJT772. උත්තිණ්ණවිචිකිච්ඡො සො වීතිවත්තකථංකථො සම්පුණ්ණමනසඞ්කප්පො පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT772. ඔබ විචිකිච්ඡායෙන් නැගී සිටිසේකැ, ඉක්මැවූ සැක ඇති සේකැ, පිරිපුන් චිත්තසංකල්පනා ඇති සේකැ, උතුම් සම්බෝධියට පැමිණි සේකැ.
Pali BJT773. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා නරුත්තමො. අනක්ඛාතඤ්ච අක්ඛාසි අසඤ්ජාතඤ්ච සඤ්ජනී.
Sinhala BJT773. නරෝත්තමයන් වහන්සේ නූපන් (නිවන්) මග උපදවාලු සේකැ, (අන් ශාස්තෘවරයන්) ප්‍රකාශ නො කළ දෑ ප්‍රකාශ කළ සේකැ, නූපන් (ආවෘත) ලොවුතුරු දහම් උපදවාලු (අනාවරණය) කළ සේකැ.
Pali BJT774. මග්ගඤ්ඤූ ච මග්ගවිදූ මග්ගක්ඛායී නරාසභො මග්ගස්ස කුසලො සත්ථා සාරථීනං වරුත්තමො.
Sinhala BJT774. නරශ්‍රේෂ්ඨයන් වහන්සේ නිවන්මග දත් සේකැ, නිවන් මග අවබෝධ කළ සේකැ, නිවන් මග ප්‍රකාශ කළ සේකැ, නිවන් මගෙහි දක්‍ෂ සේකැ, ශාස්තෘ සේකැ, උත්තම පුරුෂදම්‍යසාරථි සේකැ.
Pali BJT775. මහාකාරුණිකො සත්ථා{2} ධම්මං දෙසෙසි නායකො නිමුග්ගෙ කාමපඞ්කම්හි සමුද්ධරති පාණිනො.
Sinhala BJT775. (ලෝක) නායක ශාස්තෘ වූ මහාකාරුණිකයන් වහන්සේ දහම් දෙසූ සේකැ, කාම නැමැති මඩවගුරෙහි එරුණු ප්‍රාණීන් නඟා සිටුවන සේකි.
Pali BJT776. තදා’හං හංසවතියං ජාතා ඛත්තියනන්දනා සුරූපා සධනා චාසිං දයිතා ච සිරීමතී.
Sinhala BJT776. එසමයෙහි මම හංසවතී නුවරැ කැත් දුවක් වැ ඉපැදැ මනාරූ ඇති ධනඇත්තක් වූමු, ප්‍රිය ද ශ්‍රීමත් ද වූමු.
Pali BJT777. ආනන්දස්ස මහාරඤ්ඤො ධීතා පරමසොභනා වෙමාතු{1}භගිනී චාපි පදුමුත්තරනාමිනො.
Sinhala BJT777. ආනන්‍ද මහරජුගේ අතිශය ශෝභා ඇති දුහිතෘ වූමු. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ වෛමාතෘක (අන් මවකගෙන් උපන්) නැගණි ද වූමු.
Pali BJT778. රාජකඤ්ඤාහි සහිතා සබ්බාභරණභූසිතා උපගම්ම{2} මහාවීරං අස්සොසිං ධම්මදෙසනං.
Sinhala BJT778. රාජකන්‍යාවන් සහිත වූවා සර්‍වාභරණභූෂිත වැ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ ධර්‍මදේශනා ශ්‍රවණ කළමු.
Pali BJT779. තදා හි සො ලොකගරු භික්ඛුනිං දිබ්බචක්ඛුකං කිත්තයං පරිසාමජ්ඣෙ{3} අග්ගට්ඨානෙ ඨපෙසි තං.
Sinhala BJT779. එකල්හි ඒ ලෝකගුරු තථාගතයන් වහන්සේ දිවැස් ඇති මෙහෙණක කීර්‍තනය (-ගුණ කථා) කරන සේක් පර්‍ෂද්මධ්‍යයෙහි ඇය අග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.
Pali BJT780. සුණිත්වා තමහං හට්ඨා දානං දත්වාන සත්ථුනො පූජෙත්වාන{4} ච සම්බුද්ධං දිබ්බචක්ඛුං අපත්ථයිං.
Sinhala BJT780. එ අසා මම ප්‍රීතිමත් වූවා ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේට දන් දී පූජා ද කොට දිවැස ප්‍රාර්‍ත්‍ථනා කළමු.
Pali BJT781. තතො{5} අවොච මං සත්ථා “නන්දෙ ලච්ඡසි පත්ථිතං පදීපධම්මදානානං ඵලමෙතං සුනිච්ඡිතං.
Sinhala BJT781. ඉක්බිති ශාස්තෘන් වහන්සේ නන්‍දාවතී, පැතූ දෑ ලබන්නෙහි, ප්‍රදීපදාන - ධර්‍මදානයන්ගේ මේ සුනිශ්චිත වූ ප්‍රතිඵල යි මට වදාළහ.
Pali BJT782. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT782. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් ශාස්‍තෘහු ලොවැ පහළ වන්නාහ.
Pali BJT783. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා සකුලා නාම{6} නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.”
Sinhala BJT783. ඔබ දහම්හි දායාද වූ ධර්‍මනිර්මිත වූ එහෙයින් ම ඖරස වූ නමින් සකුලා නම් වූ බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි” යි.
Pali BJT784. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡ’හං.
Sinhala BJT784. ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියමු.
Pali BJT785. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT785. මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
Pali BJT786. පරිබ්බාජකිනී ආසිං තදා’හං එකචාරිනි භික්ඛාය විචරිත්වාන අලභිං තෙලමත්තකං.
Sinhala BJT786. එකලැ මම් එකලා වැ හැසිරෙන පිරිවැජ්ජක් වූමු. භික්‍ෂායෙහි හැසිර තෙල් සුඟක් ලත්මු.
Pali BJT787. තෙන දීපං පදීපෙත්වා උපට්ඨිං සබ්බසංවරිං චෙතියං දිපදග්ගස්ස{7} විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT787. එ තෙලින් පහනක් දල්වා වෙසෙසින් පහන් වූ සිතින් ද්විපදෝත්තමයන් වහන්සේගේ සෑය මුළු රැයෙකැ උවටැන් කළමු.
Pali BJT788. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡ’හං.
Sinhala BJT788. මම ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.
Pali BJT789. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා පජ්ජලන්ති{1} මහාදිපා තත්ථ තත්ථ ගතාය මෙ.
Sinhala BJT789. යම් යම් තෙනෙකැ උපදිම් ද ඒ කර්‍මවේගයෙන් ඒ ඒ තෙනැ ගිය මට මහාප්‍රදීපයෝ දැල්වෙත්.
Pali BJT790. තිරොකුඩ්ඩං තිරොසෙලං සමතිග්ගය්හ පබ්බතං පස්සාම’හං{2} යදිච්චාමි දීපදානස්සිදං ඵලං
Sinhala BJT790. මම යමක් (දක්නට) රිසියෙම් ද, (එය) පවුර සරසැ, ශෛලය සරසැ පර්‍වතය ඉක් මැ ගෙන දක්මි. මේ (වූකලි) ප්‍රදීප දානයාගේ ඵල යි.
Pali BJT791. විසුද්ධනයනා හොමි යසසා ච ජලාම’හං සද්ධාපඤ්ඤාවතී චෙව දීපදානස්සිදං ඵලං.
Sinhala BJT791. මම වෙසෙසින් පහන් නුවන් ඇතියෙම්, යශසින් ද දිලියෙමි, ශ්‍රද්ධා - ප්‍රඥා ද ඇති වෙමි. මේ (වනාහි) ප්‍රදීප දානයාගේ ඵල යි.
Pali BJT792. පච්ඡිමෙ ච භවෙදානි ජාතා විප්පකුලෙ අහං පහූතධනධඤ්ඤම්හි මුදිතෙ රාජපූජිතෙ.
Sinhala BJT792. මම මෙකලැ පැසුලු බෙවෙහි බොහෝ ධන ධාන්‍ය ඇති ප්‍රමුදිත වූ රාජපූජිත බ්‍රාහ්මණ කුලයෙකැ උපන්නෙම් -
Pali BJT793. අහුං{3} සබ්බඞ්ගසම්පන්නා සබ්බාභරණභූසිතා පුරප්පවෙසෙ සුගතං වාතපානෙ ඨිතා අහං.
Sinhala BJT793-794. සර්‍වාඞ්ග සම්පන්න සර්‍වාභරණභූෂිත වූමු. මම වාකවුළුව වෙතැ සිටියා යශසින් දිලියෙන, දෙව්මිනිසුන් විසින් සත්කෘත, (සත්කාර කරන ලද) අසූ අනුව්‍යඤ්ජනයෙන් හා දෙතිස් මහපුරිස් ලකුණෙන් හෙබි සුගතයන් වහන්සේ නගරයට පිවිසෙන වේලෙහි දැකැ -
Pali BJT794. දිස්වා ජලන්තං යසසා දෙවමානුස{4}සක්කතං අනුබ්යඤ්ජන{5}සම්පන්නං ලක්ඛණෙහි විභූසිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT795. උදග්ගචිත්තා සුමනා පබ්බජ්ජං සමරොචයිං න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං.
Sinhala BJT795. ඔදවැඩි සිත් ඇතියෙම් සුමනස් වැ පැවිද්ද රිසි කළමු. (පැවිද්ද ලබා) නොබෝ කලෙකින් මැ රහත්බවට පැමිණියෙමු.
Pali BJT796. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
Sinhala BJT796. ශාස්තෘශාසනකාරී වූ මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි, මෙරමා සිත් දනිමි.
Pali BJT797. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධාසිං සුනිම්මලා.
Sinhala BJT797. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදි. සියලු ආස්‍රවයන් නසා මොනොවට මල රහිත වැ විශුද්ධ වූමු.
Pali BJT798. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං ඔහිතො ගරුකොභාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT798. මා විසින් ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදහ. බුදු සසුන් කරන ලද යැ, මහත් කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව මුලිනුපුටා හරන ලදි.
Pali BJT799. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො තිබ්බසංයොජනක්ඛයො.
Sinhala BJT799. යම් අර්‍ත්‍ථය පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යි.
Pali BJT800. තතො මහාකාරුණිකො එතදග්ගෙ ඨපෙසි මං “දිබ්බචක්ඛුකීනං අග්ගා සකුලා”ති නරුත්තමො.
Sinhala BJT800. ඉක්බිති මහාකාරුණික නරෝත්තමයන් වහන්සේ “සකුලා දිවැස් ඇති මෙහෙණන් අතරැ අග්‍රය” යි මා ඒතදග්‍රයෙහි තබා වදාළ සේක.
Pali BJT801-803. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT801. - 803. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං සකුලා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සකුලා මෙහෙණ මේ ගාථා පැවසූ.
Pali BJTසකුලාථෙරියාපදානං චතුත්ථං.
Sinhala BJTසතරවැනි සකුලා ස්ථවිරාපදාන යි.
Pali BJT3. 5 නන්දාජනපදකල්යාණී අපදානං.
Sinhala BJT3. 5 නන්‍දා ජනපදකල්‍යාණී අපදානය
Pali BJT804. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT804. සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පදුමුත්තර ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි (ලොවැ) පහළවී වදාළ සේකැ.
Pali BJT805. ඔවාදකො විඤ්ඤාපකො කාරකො සබ්බජාණිනං දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT805. සියලු ප්‍රාණීන්ට අවවාද කරන, (දහම්) අවබෝධ කරවන (සසරින්) එතර කරවන, දේශනාකූශල වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනතාව (සසරින්) එතෙර කරවූ සේකැ.
Pali BJT806. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨහි.
Sinhala BJT806. සියලු ප්‍රාණීන්ට අනුකම්පා කරන කරුණා ඇති හිතෛෂී වූ ශාස්තෘන් වහන්සේ වෙතැ පැමිණි සියලු අන්තොටුවන් පන්සිල්හි පිහිට වූ සේකි.
Pali BJT807. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි ච විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
Sinhala BJT807. මෙසේ (ලොව) නිරවුල් වියැ, අන්තොටුවන්ගෙන් සිස් ද වියැ, චිත්තවශී වූ මැදහත් ගුණ ඇති රහතුන්ගෙන් විසිතුරු වී.
Pali BJT808. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
Sinhala BJT808. ඒ මහාමුනිහු අටපනස් රියනක් උස් වූහ, රන්ඇගෑයක් බඳු වූහ, දෙතිස් මහාපුරිස් ලකුණින් යුතු වූහ.
Pali BJT809. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT809. එකලැ (මිනිස්නට) හවුරුදු සියක්දහසක් ආයු වෙයි. එපමණ කල් වැඩසිටිමින් ඔබ බොහෝ ජනතාව සසරින් ගොඩ නඟාලූහු.
Pali BJT810. තදා’හං හංසවතියං ජාතා සෙට්ඨිකුලෙ අහුං නානාරතනපජ්ජොතෙ මහාසුඛසමප්පිතෙ.
Sinhala BJT810. එකලැ මම හංසවතී නුවරැ නන් රුවනින් බබළන මහත් සුවයෙන් සමර්පිත සිටුකුලෙකැ උපන්මු.
Pali BJT811. උපෙත්වා තං මහාවීරං අස්සොසිං ධම්මදෙසනං අමතං පරමස්සාදං පරමත්ථනිවෙදකං.
Sinhala BJT811. ඒ (පියුමතුරා) මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ අමෘත වූ පරම ආස්වාදකර පරමාර්‍ත්‍ථප්‍රකාශක ධර්‍මදේශනා ශ්‍රවණ කළමු.
Pali BJT812. තදා නිමන්තයිත්වාන සසඞ්ඝං ලොකනායකං{1} දත්වා තස්ස මහාදානං පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT812-813. එකල්හි සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමන්ත්‍රණය කොට ඔබට මහදන් දී සිය දිවිහිමියෙන් ප්‍රසන්න වූවා සඞ්ඝයා සහිත ලෝකනායක වීරයන් වහන්සේ (වෙත) මස්තකයෙන් වැඳ වැටී ඣායිනී (ධ්‍යාන කරන) භික්‍ෂුණීන් අතරැ අග්‍ර ස්ථානය ප්‍රාර්‍ත්‍ථනා කළමු.
Pali BJT813. ඣායිනීනං භික්ඛුනීනං අග්ගට්ඨානං අපත්ථයිං. නිපච්ච සිරසා වීරං සසඞ්ඝං ලොකනායකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT814. තදා අදන්තදමකො තිලොකසරණො පභූ ව්යාකාසි නරසද්දුලො{2} ලච්ඡසෙ තං සුපත්ථිතං.
Sinhala BJT814. එවිට අදාන්තදමක වූ තිලෝකසරණ වූ ප්‍රභූ වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ ‘ඒ මනා ප්‍රාර්‍ත්‍ථනාව ලබන්නෙහි’ යි ප්‍රකාශ කළ සේකැ. (වැළිදු)
Pali BJT815. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT815. “මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
Pali BJT816. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා නන්දාති නාම නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.
Sinhala BJT816. ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් නන්‍දා නම්වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි” යි (ප්‍රකාශ කළ සේකැ.)
Pali BJT817. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
Sinhala BJT817. එ අසා ප්‍රමුදිත වැ මෙත්සිත් ඇතිව විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට (සිවු) පසින් උවටැන් කළමු.
Pali BJT818. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT818. මම ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT819. තතො චුතා යාමමගං තතො’හං තුසිතං අගං{1} තතො ච නිම්මාණරතිං වසවත්තීපුරං තතො.{2}
Sinhala BJT819. මම එයින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියමු, එයින් තුෂිතයට ද, එයින් නිර්‍මාණරතියට ද, එයින් වශවර්ති පුරයට ද ගියමු.
Pali BJT820. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා තත්ථ තත්ථෙව රාජානං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT820. ඒ කර්‍මබලයෙන් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තැන (දෙව්) රජුනට මෙහෙසිබව කරවූමු.
Pali BJT821. තතො චුතා මනුස්සත්තෙ රාජානං චක්කවත්තිනං මණ්ඩලීනඤ්ච රාජානං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT821. ඒ දෙව්ලොවින් ච්‍යුත වූවා මිනිසත්බෙවෙහි සක්විති රජුනට ද පෙදෙසි රජුනට ද මෙහෙසිබව කරවූමු.
Pali BJT822. සම්පත්තිං අනුභොත්වාන දෙවෙසු මනුජෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකකප්පෙසු සංසරිං.
Sinhala BJT822. සැපත් වළඳා දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද සුඛිත වැ නොයෙක් කප්හි සැරිසැරූමු.
Pali BJT823. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ පුරම්හි{3} කපිලව්හයෙ රඤ්ඤො සුද්ධොදනස්සාහං ධීතා ආසිං අනින්දිතා.
Sinhala BJT823. පශ්චිම භවය පැමිණිකල්හි මම කිඹුල්වත් නුවරැ සුද්ධෝදන රජුහට අනින්‍දිත වූ දුහිතෘ වූමු.
Pali BJT824. සිරිංව{4} රූපිනිං දිස්වා නන්දිතං ආසි තං කුලං තෙන නන්දාති මෙ නාමං සුන්දරොපපදං{5} අහූ.
Sinhala BJT824. සිරිකතවන් රූමත් මා දැක එකුලය ප්‍රීතිමත් වියැ, ඒ හේතුයෙන් නන්‍දා යන මාගේ නාමය ‘සුන්‍දරී’ යන උපපද ඇති වී.
Pali BJT825. යුවතීනඤ්ච සබ්බාසං කල්යාණීති ච විස්සුතා තස්මිම්පි නගරෙ රම්මෙ ඨපෙත්වා ච{6} යසොධරා.
Sinhala BJT825. ඒ රම්‍ය වූ නගරයෙහි යශෝධරාව තබා සියලු යුවතීන් අතරැ ‘කල්‍යාණී’ යි ප්‍රකට වූමු.
Pali BJT826. ජෙට්ඨො භාතා තිලොකග්ගො පච්ඡිමො{7} අරහා තථා එකාකිනී ගහට්ඨාහං මාතරා පරිචොදිතා:
Sinhala BJT826. (මාගේ) දෙටු බෑයා තුන්ලොවට අග්‍ර වූ බුදුරජාණෝ යැ, එසෙයින් මැ කණිටු බෑයා රහත් නමකි. එකලා වැ ගිහිගෙහි සිටුනා මම් මව විසින් චෝදනා කරන ලදමු:
Pali BJT827. “සාකියම්හි කුලෙ ජාතා පුත්තෙ බුද්ධානුජා තුවං නන්දෙනපි විනා භූතා අගාරෙ කින්නු වච්ඡසි?
Sinhala BJT827. “දියණිනි, තෝ ශාක්‍යකුලයෙහි උපන්හි, බුදුරදුන්ගේ බුහුන වෙහි, නන්‍දයන්ගෙනුදු වෙන් වූවා කුමක් හෙයින් ගෙහි වසනෙහි ද?
Pali BJT828. ජරාවසානං යොබ්බඤ්ඤං රූපං අසුවිසම්මතං රොගන්තම්පි ච ආරොග්යං ජීවිතං මරණන්තිකං
Sinhala BJT828. යොවුන්බව ජරාව අන්ත කොට ඇත්තේ යැ, රූපය අපවිත්‍ර යයි සම්මත යැ, නිරෝගි බව රෝගය අන්ත කොට ඇත්තේ යැ, ජීවිතය මරණය අන්ත කොට ඇත්තේ යි.