Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9101-9200 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. 1 කුණ්ඩලකෙසාපදානං.
Sinhala BJT3. 1 කුණ්ඩලකේසාපදානය
Pali BJT639. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT639. මෙයින් සියක්දහස්වන කප්හි ලොවට නායක වූ සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
Pali BJT640. තදාහං හංසවතියං ජාතා සෙට්ඨිකුලෙ අහුං. නානාරතනපජ්ජොතෙ මහාසුඛසමප්පිතෙ.
Sinhala BJT640. එකල්හි මම හංසවතී නුවර නොයෙක් රුවනින් දිලියෙන මහත්සුඛයෙන් සමර්පිත වූ සිටුකුලයෙකැ උපන්මු.
Pali BJT641. උපෙත්වා තං මහාවීරං අස්සොසිං ධම්මදෙසනං තතො ජාතප්පසාදා’හං උපෙසිං සරණං ජිනං.
Sinhala BJT641.ඒ මහාවීර වූ බුදුරදුන් වෙතැ එළැඹැ (ඔබ) දම්දෙසුන් ඇසූමු. එයින් උපන් පැහැදීම් ඇති මම් ජිනේන්‍ද්‍රයන් සරණ කොට ගියමු.
Pali BJT642. තදා මහාකාරුණිකො පදුමුත්තරනාමකො ඛිප්පභිඤ්ඤානමග්ගත්තෙ ඨපෙසි භික්ඛුනිං සුභං.
Sinhala BJT642. එකලැ මහාකාරුණික වූ පදුමුත්තර නම් සර්‍වඥයන් වහන්සේ සුභ නම් මෙහෙණ ඛිප්පාභිඤ්ඤා (ධර්‍මය වහා අවබෝධ කළ) මෙහෙණනන් අතරැ අගතන්හි තබා වදාළසේකැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මම)
Pali BJT643. තං සුත්වා මුදිතා හුත්වා දානං දත්වා මහෙසිනො නිපජ්ජ සිරසා පාදෙ තං ඨානං අභිපත්ථයිං.
Sinhala BJT643. එ අසා ප්‍රමුදිත වැ මහර්ෂිබුදුරදුනට දන් දී පාමුල මස්තකයෙන් නමස්කාර කොට ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
Pali BJT644. අනුමොදි මහාවීරො භද්දෙ යං තෙ’භිපත්ථිතං සමිජ්ඣිස්සති තං සබ්බං සුඛිනී හොහී නිබ්බුතා.
Sinhala BJT644. “භද්‍රාවනි, තොප විසින් යමක් පතනලද නම් ඒ සියල්ල සමෘද්ධ වන්නේ යැ, සැප ඇති වවු, නිවුණා වවු” යි මහා වීරයන් වහන්සේ අනුමෝදනා කළසේකැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නිර්මිත ස්ත්‍රිය)
Pali BJT645. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන{1} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT645.මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලෝකයෙහි පහළ වන්නාහ.
Pali BJT646. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා භද්දා කුණ්ඩකෙසාති හෙස්සසි සත්ථුසාවිකා.
Sinhala BJT646. ඔබ දහම්හි දායාද (හිමි) වූ (දහම් පසක් කොට රහත් වූ හෙයින්) ධර්‍මනිර්මිත වූ (එහෙයින් මැ) ඖරස (දුහිතෘ) වූ “භද්දා කුණ්ඩලකේසා” යි බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි.
Pali BJT647. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT647. ඒ කුසලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා (උපත් විසින්) තව්තිසාවට ගියමු.
Pali BJT648. තතො චුතා යාමමගා තතො’හං තුසිතං ගතා තතො ච නිම්මාණරතිං වසවත්තීපුරං තතො.
Sinhala BJT648. එතැනින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියමු. මම එයින් තුසිතයට ද, එයින් නිම්මාණරතියට ද, එයින් වසවත්තිපුරයට ද ගියා වෙමි.
Pali BJT649. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා තත්ථ තත්ථෙව රාජූනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT649. ඒ කුශලකර්‍මයාගේ ශක්තියෙන් යම් යම් තෙනෙකැ (උපත් විසින්) යෙම් ද ඒ ඒ තෙනැ දෙව්රජුනට මෙහෙසිබව කරවූමු.
Pali BJT650. තතො චුතා මනුස්සෙසු රාජූනං වසවත්තිනං මණ්ඩලීනඤ්ච රාජූනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT650. එයින් සැවැ මිනිසුන් කෙරෙහි සක්විතිරජුනට ද, මාණ්ඩලික රජුනට ද මෙහෙසිබව කරවූමු.
Pali BJT651. සම්පත්තිං අනුභොත්වාන දෙවෙසු මානුසෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකකප්පෙසු සංසරිං.
Sinhala BJT651. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැමතන්හි සුඛිත වැ නොයෙක් කල්පයන්හි සැරූමු.
Pali BJT652. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන{1} උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT652. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
Pali BJT653. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසි පුරුත්තමෙ.
Sinhala BJT653. එකල්හි මහර්ෂි මුනිරජුනට උපස්ථායක නරපති වූ කිකී නම් කාසිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
Pali BJT654. තස්ස ධීතා චතුත්ථා’සිං භික්ඛුදාසීති විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
Sinhala BJT654. එ රජුහට භික්ඛුදාසී යි ප්‍රසිද්ධ වූ සිවුවැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි කළමු.
Pali BJT655. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
Sinhala BJT655-656. පිය තෙමේ අප නො අනුදත්තේ යැ, එවිට අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරිබඹසර සැරූමු. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරත ප්‍රමුදිත සප්තදුහීතෘහු නම්:
Pali BJT656. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨාන නිරතා මුදිතා සත්තධීතරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT657. සමණී සමණගුත්තාභික්ඛුනී භික්ඛුදාසිකා ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.
Sinhala BJT657. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුනීදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සඞ්ඝදාසිකා යැ යන මොහු වූහු.
Pali BJT658. ඛෙමා උප්පලවණ්ණාපටාචාරා අහං තථා කිසාගොතමී ධම්මදින්නා විසාඛා හොති සත්තමී.
Sinhala BJT658. (උහු මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, එසේ ම මම් යැ, කිසාගෝතමී යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
Pali BJT659. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT659. මම ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.
Pali BJT660. පච්ඡිමෙ ච භවෙදානි ගිරිබ්බජපුරුත්තමෙ ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ යදා’හං යොබ්බනෙ ඨිතා.
Sinhala BJT660. දැන් පැසුළු බෙවෙහි සමෘද්ධිමත් සිටුකුලයෙකැ උපන් මම යම් කලෙකැ තුරුණු වියෙහි සිටියා වමු ද, (එකලැ)
Pali BJT661. චොරං වධත්ථං නීයන්තං දිස්වා රත්තා තහිං අහං පිතා මෙ තං සහස්සෙන මොචයිත්වා වධා තතො.
Sinhala BJT661-662. වධ (මරනු) පිණිස ගෙනයනු ලබන සොරකු දැක මම ඔහු කෙරෙහි ඇලුණුමු. මාගේ පිය තෙමේ දහසකින් ඔහු ඒ වධයෙන් මුදා මාගේ සිත දැන මා ඔහුට (සරණ කොට) දුන්නේ යැ. මම ඔහුට නිසැක වූමු, අතිශයින් ප්‍රිය වූමු. හිත වූමු.
Pali BJT662. අදාසි තස්ස මං තාතො විදිත්වාන මනං මම තස්සාහමාසිං විස්සත්ථා{2} අතීව දයිතා හීතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT663. සො මෙ භූසනලොභෙන ඛලිතජ්ඣාසයො{3} දිසො චොරප්පපාතං නෙත්වාන පබ්බතං චෙතයී වධං.
Sinhala BJT663. කිලිටි අදහස් ඇති ඒ සොරා මාගේ අබරණවලට ලොබින් චෝරප්‍රපාත (සොරුන් හෙළා මරන) පර්‍වතයට ගෙන ගොස් (මා) මරන්නට සිතුයේ යැ.
Pali BJT664. තදා’හං පණමිත්වාන භත්තුකං සුකතඤ්ජලී රක්ඛන්ති අත්තනො පාණං ඉදං වචනමබ්රවිං:
Sinhala BJT664. එවිටැ මම සැමියා ප්‍රණාම කොට මොනොවට බදැඳිලි වැ සියදිවි රක්නෙම් මෙවදන් කීමු:
Pali BJT665. “ඉදං සුවණ්ණං කෙයූරං මුත්තා වෙළුරියා බහූ සබ්බං හරස්සු භද්දන්තෙ මඤ්ච දාසීති සාවය.”
Sinhala BJT665. “ස්වාමීනි, මේ අඟුපලඳනා ද, බොහෝ මුතු හා වෙරළුමිණි ද යන සියල්ල ගනු මැනැවැ, මාද දස්සකැයි අස්වනු මැනැවි” යි.
Pali BJT666. ඔරොපයස්සු කල්යාණි මා බාළ්හං පරිදෙවසි න චා’හං අභිජානාමි අහනත්වා ධනමාභතං.”
Sinhala BJT666. “භද්‍රාව, (අබරණ) මුදුනු, දැඩි වැ නො වැළපෙනු, නෝ නසා ධන පැහැර ගැනීමෙක් මම නො ද දන්මි.”
Pali BJT667. යතො සරාමි අත්තානං යතො පත්තාස්මි විඤ්ඤුතං න චා’හං අභිජානාමි අඤ්ඤං පියතරං තයා.
Sinhala BJT667. “යම් කලෙක පටන් තමා සරනුයෙම් ද යම් කලෙක පටන් දන්නාබවට පැමිණියා වෙම් ද, තොපට වඩා අන් ප්‍රියතරයෙක් මම නො දනිමි.
Pali BJT668. එහි තං උපගූහිස්සං කස්සඤ්ච{1} තං පදක්ඛිණං. න චදානි පුනො අත්ථි{2} මම තුය්හඤ්ච සඞ්ගමො.
Sinhala BJT668. එව, තොප වැළඳගන්නෙමි, තොප ප්‍රදක්‍ෂිණා කරන්නෙමි, මාගේත් තොපගේත් සඞ්ගමයෙක් දැන් යලි නො ද ඇත්තේ යි.” (මෙසේ කියා සොරා ප්‍රපාතයට පෙරළා හැරියා යැ.)
Pali BJT669. න හි{3} සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො ඉත්ථිපි පණ්ඩිතා හොති තත්ථ තත්ථ විචක්ඛණා.
Sinhala BJT669. “සියලු තන්හි පුරුෂ තෙමේ පණ්ඩිත නො වේ මැ යි, ස්ත්‍රී ද පණ්ඩිත වෙයි, ඒ ඒ කරුණෙහි විචක්‍ෂණ ද වේ.
Pali BJT670. න හි3 සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො ඉත්ථිපි පණ්ඩිතා හොති ලහුං අත්ථවිචින්තකා.{4}
Sinhala BJT670. සියලු තන්හි පුරුෂ තෙමේ පණ්ඩිත නො වේ මැ යි, ස්ත්‍රී ද පණ්ඩිත වෙයි, වහා අරුත් සිතන්නී ද වේ.”
Pali BJT671. ලහුඤ්ච වත ඛිප්පඤ්ච නිකිට්ඨෙ{5} සමචෙතයිං මිගමුණ්ණා{6} යථා එවං{7} තදා’හං සත්තුකං වධිං.
Sinhala BJT671. ඒකාන්තයෙන් නිකෘෂ්ඨයා කෙරෙහි මැනැවින් සිතීමි. මෘගරෝමයෙකින් යම්සේ ද, එසෙයින් එකල්හි මම සතුරා නැසීමි.
Pali BJT672. යො ච උප්පතිතං අත්ථං න ඛිප්පමනුබුජ්ඣති සො හඤ්ඤතෙ මන්දමති චොරොව ගිරිගබ්භරෙ.
Sinhala BJT672. යමෙක් උපන් කරුණ වහා වටහා නො ගනී ද, හේ ගිරිගුහායෙහි නැසුණු අනුවණ සොරු මෙන් නැසෙයි.
Pali BJT673. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව නිබොධති මුච්චතෙ සත්තුසම්බාධා තදා’හං සත්තුකා යථා.
Sinhala BJT673. යමෙකුත් උපන් කරුණ වහා වටහාගනී ද, හේ යම්සේ එදවසැ මම් සතුරාගෙන් මිදිණුමු ද, එසේ සතුරු උවදුරින් මිදෙයි.
Pali BJT674. තදා තං පාතයිත්වාන ගිරිදුග්ගම්හි සත්තුකං සන්තිකං සෙතවත්ථානං උපෙත්වා පබ්බජිං අහං.
Sinhala BJT674. එදවසැ මම ඒ සතුරා ගිරිදුර්‍ගයෙහි හෙළා ශ්වේතාම්බරයන් (සුදුවත් හඳනා නිවටුන්) වෙතැ එළැඹැ පැවිදි වූමු.
Pali BJT675. සණ්ඩාසෙන ච කෙසෙ මෙ ලුඤ්චිත්වා සබ්බසො තදා පබ්බාජෙත්වා සසමයං ආචික්ඛිංසු නිරන්තරං.
Sinhala BJT675. එකල්හි (ඔහු) හඬුවකින් මාගේ කෙහෙ සර්‍වප්‍රකාරයෙන් උදුරා පැවිදි කොට නිරතුරු ස්වසමය කීහු.
Pali BJT676. තතො තං උග්ගහෙත්වාන නිසීදිත්වාන එකිකා සමයං තං විචින්තෙසිං සුවානො මානුසං කරං.
Sinhala BJT676-677. ඔවුන්ගෙන් එය ඉගෙන එකලා වැ හිඳ ඒ සමය විමසාලූමු. (එවිටැ) සුනඛයෙක් සුන් මිනිස් අතක් ඩැහැගෙන අවුත් මා වෙතැ හෙළා ඉවත් වැ ගියේ යැ. පණුවන් පිරුණු ඒ අත දැක අසුබනිමිති ලදුමු.
Pali BJT677. ඡින්නං ගය්හ සමීපෙ මෙ පාතයිත්වා අපක්කමි දිස්වා නිමිත්තමලභිං හත්ථං තං පුළවාකුලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT678. තතො වුට්ඨාය සංවිග්ගා අපුච්ඡිං සහධම්මිකෙ තෙ අවොචුං: ‘විජානන්ති තමත්ථං{1} සක්යභික්ඛවො.’
Sinhala BJT678. එතැනින් නැගැ සංවිග්න වැ සහධැමියන් පුළුවුත්මු. උහු ‘එහි අරුත ශාක්‍යභික්‍ෂුහු දනිතැ’ යි කීහු.
Pali BJT679. සාහං තමත්ථං පුච්ඡිස්සං උපෙත්වා බුද්ධසාවකෙ තෙ මමාදාය ගච්ඡිංසු බුද්ධසෙට්ඨස්ස සන්තිකං.
Sinhala BJT679. ‘බුද්ධශ්‍රාවකයන් වෙතැ එළැඹැ එහි අරුත පුළුවුස්නෙමි’ යි ඒ මම් (ඔවුනට කීමු.) ඔහු මා කැඳවාගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ ගියාහු යැ.
Pali BJT680. සො මෙ ධම්මමදෙසෙසි ‘ඛන්ධායතනධාතුයො අසුභානිච්චා දුක්ඛාති{2} අනත්තා’ති ච නායකො.
Sinhala BJT680. ඒ නායකයන් වහන්සේ ‘ස්කන්‍ධ - ආයතන - ධාතූහු අශුභය, අනිත්‍යහ, දුඃඛහයි ද අනාත්මහ’ යි ද දහම් දෙසූ සේකැ.
Pali BJT681. තස්ස ධම්මං සුණිත්වා’හං ධම්මචක්ඛුං{3} විසොධයිං තතො විඤ්ඤාතසද්ධම්මා පබ්බජ්ජං උපසම්පදං.
Sinhala BJT681-682. ඔබගේ දහම් අසා මම් ධර්‍මචක්‍ෂුස (සෝතාපත්ති මග්‍ගඤාණය) පිරිසිදු කළමු. ඉක්බිති දත් සදහම් ඇතියෙම් පැවිද්ද හා උපසම්පදාව යාච්ඤා කළමු. එකල්හි ඒ නායකයන් වහන්සේ ‘භද්‍රාවනි, එව’ යි වදාළ සේකැ. එවිටැ උපසම්පන්න වූ මම මද ජලයක් දුටුමු.
Pali BJT682. ආයාචිං සො{4} තදා ආහ ‘එහි භද්දෙ’ති නායකො තදා’හං උපසම්පන්නා පරිත්තං{5} තොයමද්දසං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT683. පාදපක්ඛාලනෙනා’හං ඤත්වා සඋදයං වයං{6} තථා සබ්බෙපි සඞ්ඛාරා ඉති සංචින්තයිං{7} තදා
Sinhala BJT683. එකල්හි මම පා දෙවීමෙන් (ඒ ජලය) උදයව්‍යය (ඇති වීම හා නැතිවීම) සහිත යයි දැන සියලු සංස්කරායෝ ද එසෙයින් මැ ඇති වැ නැති වන්නාහ යි මෙසේ සිතූමු.
Pali BJT684. තතො චිත්තං විමුච්චි මෙ අනුපාදාය සබ්බසො ඛිප්පාභිඤ්ඤානමග්ගං මං තදා පඤ්ඤාපයි{8} ජිනො.
Sinhala BJT684. එයින් මාගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට සැමඅයුරින් (කෙලෙසුන්ගෙන්) සිත මිදුනේ යැ. එකල්හි ජිනේන්‍ද්‍රයන් වහන්සේ ඛිප්පාභිඤ්ඤා (වහා දහම් අවබෝධ කළ) මෙහෙණන් අතරැ මා අග්‍ර කොට පැනවූ සේකැ.
Pali BJT685. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
Sinhala BJT685. බුදුරදුන්ගේ අනුසසුන් කරන මම ඍද්ධින්හි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.
Pali BJT686. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුවිසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධා’සිං සුනිම්මලා.
Sinhala BJT686. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද යැ, සියලු ආස්‍රව ක්‍ෂය කොට මොනොවට කෙලෙස්මල රහිත වැ විශුද්ධ වූමු.
Pali BJT687. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං. ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT687. මැ විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ, බුදුසසුන් කරන ලද යැ, ගුරු වූ කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව නසන ලදි.
Pali BJT688. යස්ස’ත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
Sinhala BJT688. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යැ.
Pali BJT689. අථෙධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විපුලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස සාසනෙ.{1}
Sinhala BJT689. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද එසේ මැ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුශාසනයෙහි ද මාගේ ඥානය පැතිර පවත්නේ යැ, විශුද්ධ වැ සිටුනේ යි.
Pali BJT690. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
Sinhala BJT690. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරන ඇත් රැජිනක සෙයින් ආස්‍රව රහිත වූවා වාස කරමි.
Pali BJT691. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ{2} තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT691. බුදුරජාණන් වහන්සේ වෙතැ ඒකාන්තයෙන් මට ස්වාගතයෙක් (යහපතෙක්) වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලදි.
Pali BJT692. පටිසම්භිදා චතස්සො ච{3} විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT692. මේ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂය ද ෂට් අභිඥා ද සාක්‍ෂාත් කරන ලද යැ, බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං භද්දා කුණ්ඩලකෙසා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් භද්දා කුණ්ඩලකේසා මෙහෙණ මේ ගාථා පැවසූ.
Pali BJTකුණ්ඩලකෙසාථෙරියාපදානං පඨමං.
Sinhala BJTපළමුවැනි කුණ්ඩලකේසා ස්ථවිරාපදාන යි.
Pali BJT3. 2 කිසාගොතමී අපදානං.
Sinhala BJT3. 2 කිසාගෝතමී අපදානය
Pali BJT693. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT693. (තුන්ලොවට) නායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණි පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
Pali BJT694. තදා’හං හංසවතියං ජාතා අඤ්ඤතරෙ කුලෙ උපෙත්වා තං නරවරං සරණං සමුපාගමිං.
Sinhala BJT694. එකල්හි මම හංසවතී නුවර එක්තරා කුලයෙකැ උපන්නෙම් ඒ නරෝත්තමයන් වහන්සේ කරා එළැඹැ (ඔවුන්) සරණ කොට ගියමු.
Pali BJT695. ධම්මඤ්ච තස්ස අස්සොසිං වතුසච්චූපසංහිතං මධුරං පරමස්සාදං වට්ටසන්ති{4} සුඛාවහං.
Sinhala BJT695. ඔබගේ චතුස්සත්‍යයෙන් යුක්ත වූ මධුර වූ පරමාස්වාදජනක වූ වෘත්ත (දුඃඛොපසම සඞ්ඛ්‍යාත) ශාන්ති සුඛය එළවන ධර්‍මය ද ඇසූමු.
Pali BJT696. තදා ච{5} භික්ඛුනිං වීරො ලූඛචීවරධාරිනිං ඨපෙන්තො එතග්ගම්හී වණ්ණයී පුරිසුත්තමො.
Sinhala BJT696. එකල්හි වීර වූ පුරුෂෝත්තමන් වහන්සේ ඒතදග්‍රයෙහි තබමින් රුක්‍ෂචීවර ධරන මෙහෙණක වර්‍ණනා කළ සේකැ.
Pali BJT697. ජනෙත්වානප්පකං පීතිං සුත්වා භික්ඛුණියා ගුණං කාරං කත්වාන බුද්ධස්ස යථාසත්ති යථාබලං.
Sinhala BJT697. මෙහෙණගේ ගුණ අසා අපමණ ප්‍රීතිය උපදවා ශක්ති පමණින් බල පමණින් බුදුරජාණන් වහන්සේට සත්කාර කොට
Pali BJT698. නිපච්ච මුනිවීරං තං තං ඨානමභිපත්ථයිං තාදානුමොදි සම්බුද්ධො ඨානලාභාය නායකො.
Sinhala BJT698. ඒ මුනිවරයන් වහන්සේ ප්‍රණාම කොට ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු. එකල්හි නායක වූ සම්බුද්ධයන් වහන්සේ අනුමෝදනා කළ සේකැ.
Pali BJT699. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT699. මෙකපින් සියදහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.
Pali BJT700. “තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා ගොතමී නාම නාමෙන{1} හෙස්සසි සත්ථු සාවිකා.”
Sinhala BJT700. “තෝ ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි.”
Pali BJT701. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
Sinhala BJT701. එ අසා මෘදු වැ විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට සිවුපසයෙන් උවටැන් කළමු.
Pali BJT702. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT702. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසාවට ගියමු.
Pali BJT703. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT703. මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
Pali BJT704. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසි පුරුත්තමෙ.
Sinhala BJT704. එ සමයෙහි මහර්ෂී බුදුරජාණන් වහන්සේ ට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
Pali BJT705. පඤ්චමී තස්ස ධීතා’සිං ධම්මා නාමෙන විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
Sinhala BJT705. ඒ රජුට ධම්මා යන නමින් විශ්‍රැත වූ පස්වැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.
Pali BJT706. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
Sinhala BJT706-707. පියතෙමේ අපට පැවිද්ද නො අනුදත්තේ යැ, එකල්හි අපා ගෙහි මැ හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුදුවටන්හි නියැලි ප්‍රමුදිත වූ සප්තදුහිතෘහු නම්:
Pali BJT707. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨානනිරතා මුදිතා සත්තධීතරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT708. සමණී සමණගුත්තාභික්ඛුනී භික්ඛුදාසිකා ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.
Sinhala BJT708. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සත්වැනි සඞ්ඝදාසිකා යැ යන මොහු වෙති.
Pali BJT709. ඛෙමා උප්පලවණ්ණාපටාචාරාකුණ්ඩලා අහං චෙව ධම්මදින්නා විසාඛා හොති සත්තමී.
Sinhala BJT709. (මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, කුණ්ඩලා යැ, මම් යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
Pali BJT710. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT710. එ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමු.
Pali BJT711. පච්ඡිමෙ ච භවෙදානි ජාතා සෙට්ඨිකුලෙ අහං, දුග්ගතෙ අධනෙ නට්ඨෙ{2} ගතා ච සධනං කුලං.
Sinhala BJT711. මෙකලැ පැසුලු බෙවෙහි මම දුගී ධන නැති ධනය නැසුණු සිටු කුලයෙකැ උපන්මු. ධන ඇති (පති) කුලයකට ගියා ද වෙමි.
Pali BJT712. පතිං ඨපෙත්වා සෙසා දිසන්ති{3} අධනා ඉති යදා ච සසුතා{4} ආසිං සබ්බෙසං දයිතා තදා.
Sinhala BJT712. සැමියා තබා සෙස්සෝ ‘නිර්ධන එකකැ’ යි මට ද්වේෂ කරත්. යම් කලෙකැ සපුත්‍ර වූවා ද එකලැ සියල්ලන්ට ප්‍රිය වූමු.
Pali BJT713. යදා සො තරුණො භද්රො{1} කොමලඞ්ගො{2} සුඛෙධිතො සපාණමිව කන්තො මෙ තදා යමවසං ගතො.
Sinhala BJT713. යම් කලෙක්හි හේ (පුත්) තරුණ ද, භද්‍ර ද, කොමළ අවයව ඇත්තේ ද, සුවසේ වැඩුණේ වේද, සිය පණ මෙන් මට කාන්ත ද, එකල්හි මරුවශයට ගියේ යි.
Pali BJT714. සොකට්ටා දීනවදනා අස්සුනෙත්තා රුදම්මුඛා මතං කුණපමාදාය විලපන්තී භමාමහං.
Sinhala BJT714. සොවින් පෙළුණු මම බැගෑ මුහුණු ඇති වැ කඳුළු පිරුණු නෙත් ඇති වැ හඬන මුව ඇති වැ මළකුණ රැගෙන වැලපෙමින් (ඒ ඒ තෙනැ) ඇවිද්දෙමි.
Pali BJT715. තදා එකෙන සන්දිට්ඨා උපෙත්වා භිසජුත්තමං.{3} අවොචං “දෙහි භෙසජ්ජං පුත්තසඤ්ජීවනන්ති භො.”
Sinhala BJT715. එවිටැ එකකු විසින් දක්නවු ලදුයෙම් වෛද්‍යරාජයන් (බුදුරදුන්) වෙතැ පැමිණ “පින්වත් උතුමාණනි, පුතු ජීවත් කරන බෙහෙදක් දෙනු මැනැවැ” යි කීමු.
Pali BJT716. “න විජ්ජන්තෙ මතා යස්මිං ගෙහෙ සිද්ධත්ථෙකං තතො ආහරා”ති ජිනො ආහ විනයොපායකොවිදො.
Sinhala BJT716. “යම් ගෙයෙකැ මළාහු නො වෙත් ද, එබඳු ගෙයකින් සිදුහතු (අබ) සුඟක් ගෙන එව” යි හික්මවීමේ උපායෙහි දක්‍ෂ ජිනේන්‍ද්‍රයන් වහන්සේ වදාළසේකැ.
Pali BJT717. තදා ගමිත්වා සාවත්ථිං න ලභිං තාදිසං ඝරං කුතො සිද්ධත්ථකං කස්මා තතො ලද්ධා සතිං අහං.
Sinhala BJT717-718. එවිටැ සැවතට ගොස් (ඇවිද) එබඳු ගෙයක් නො ලත්මු. සිදුහතු කොතැනින් ලබම් ද? කුමක් හෙයින් ද? එයින් මම සිහිය ලැබ මළකුණ හැරදමා ලෝකනායකයන් වහන්සේ වෙතැ එළැඹුණමු. මධුරස්වර ඇති ඔබ දුර දී මැ මා දැක මෙසේ වදාළහ:
Pali BJT718. කුණපං ඡඩ්ඩයිත්වාන උපෙසිං ලොකනායකං දූරතොව මමං දිස්වා අවොච මධුරස්සරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT719. “යො ච වස්සසතං ජීවෙ අපස්සං උදයබ්බයං එකාහං ජීවිතං සෙය්යො පස්සතො උදයබ්බයං.
Sinhala BJT719. පඤ්චස්කන්‍ධයාගේ උදයව්‍යය (ඇතිවීම හා නැතිවීම) නො දක්නා යමෙක් හවුරුදු සියයක් ජීවත්වන්නේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) උදයව්‍යය නුවණින් දක්නහුගේ එක් දවසක් ජීවත්වීම උතුම් වෙයි.
Pali BJT720. න ගාමධම්මො නො නිගමස්ස ධම්මො නචාපයං එකකුලස්ස ධම්මො සබ්බස්ස ලොකස්ස සදෙවකස්ස එසොව ධම්මො යදිදං අනිච්චතා.”
Sinhala BJT720. මේ මරණ දහම එක් ගමකට අයත් ස්වභාවයෙක් නො වෙයි, එක් නියම් ගමකට අයත් ස්වභාවයෙක් ද නො වෙයි, එක් කුලයකට අයත් ස්වභාවයකුදු නො වෙයි, තෙල දහම සදේවක ලෝකයාට මැ අයත් ස්වභාවයෙකි. එනම් අනිත්‍යතාව යි.
Pali BJT721. සාහං සුත්වානිමා ගාථා ධම්මචක්ඛුං විසොධයිං. තතො විඤ්ඤාතසද්ධම්මා පබ්බජිං අනගාරියං.
Sinhala BJT721. ඒ මම මේ ගාථා අසා සෝතාපත්තිමග්ගඤාණය පිරිසිදු කළමු. ඉක්බිති දත් සදහම් ඇත්තෙම් බුදුසසුනෙහි පැවැදි වූමු.
Pali BJT722. තථා පබ්බජිතා සන්තී යුඤ්ජන්තී ජිනසාසනෙ න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං
Sinhala BJT722. එසේ පැවිදි වූවා මැ ජිනසසුන්හි යෙදෙන්නෙම් (විවසුන් වඩනුයෙම්) නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියෙමු.
Pali BJT723. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
Sinhala BJT723. ශාස්තෘශාසනකාරිණී වූයෙම්, ඍද්ධියෙහි ද, දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.
Pali BJT724. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධාසිං සුනිම්මලා.
Sinhala BJT724. පෙර විසූ කඳපිළිවෙළ දිනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව නසා අතිශයින් නිර්‍මල වූයෙම් විශුද්ධ වූමු.
Pali BJT725. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං ඔහිතො ගරුකොහාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT725. ශාස්තෘහු මා විසින් ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලදි. මහත් කෙලෙස් බර බහා තබන ලද්දේ වෙයි. තෘෂ්ණාව මුලිනුපුටා නසන ලදි.
Pali BJT726. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
Sinhala BJT726. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යි.
Pali BJT727. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙවච ඤාණං මෙ විමලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස වාහසා.
Sinhala BJT727. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද එසේ මැ ප්‍රතිභානයෙහි ද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුබලයෙන් මාගේ ඥානය නිරුමල යැ. පිරිසිදු යැ.
Pali BJT728. සඞ්කාරකූටා ආහත්වා සුසානා රථියාපි ච තතො සඞ්ඝාටිකං කත්වා ලූඛං ධාරෙමි චීවරං.
Sinhala BJT728. කසළගොඩින් ද සොහොනෙන් ද වීථියෙන් ද (රෙදි කඩ) අවුලාගෙන අවුත් එයින් සඟලක් කොට රූක්‍ෂ සිවුරු ධරමි.
Pali BJT729. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො ලූඛචීවරධාරණෙ ඨපෙසි එතදග්ගම්හි පරිසාසු විනායකො.
Sinhala BJT729. (තමන්හට නායකයකු නැති හෙයින්) විනායක වූ බුදුරජාණන් වහන්සේ රූක්‍ෂ චීවර ධැරීම වූ ඒ ගුණයෙහි සතුටු වූ සේක් පිරිස් මධ්‍යයෙහි මා ඒතදග්‍රයෙහි තැබූසේකැ.
Pali BJT730-732. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT730. - 732. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං කිසාගොතමී භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් කිසාගෝතමී මෙහෙණ මේ ගාථා පැවැසූ.
Pali BJTකිසාගොතමීථෙරියාපදානං දුතියං.
Sinhala BJTදෙවැනි කිසාගෝතමී ස්ථවිරාපදාන යි.