Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9001-9100 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT541. භුඤ්ජිත්වාන සම්බුද්ධො පත්තං ධොවිය{5} යොනිසො අනුමොදනීයං’කාසි නාගරඤ්ඤො මහිද්ධිනො.{6}
Sinhala BJT541. සම්බුදුරජාණන් වහන්සේ අහරකිස නිමවා පා දොවා මහත් ඍද්ධි ඇති නාරජුගේ නුවණ පමණින් අනුමෝදනා කළසේකැ.
Pali BJT542. සබ්බඤ්ඤුං ඵුල්ලිතං{7} දිස්වා නාගකඤ්ඤා මහායසා{8} පසන්නා{9} සත්ථුනො චිත්තං සුනිබද්ධඤ්ච මානසං.
Sinhala BJT542. මහත් යශස් ඇති නාගකන්‍යා තොමෝ විකසිත පියුමක් බඳු සර්‍වඥයන් දැක ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුනා, මොනොවට බඳනා ලද සිත් ඇති වූ,
Pali BJT543. මමඤ්ච චිත්තමඤ්ඤාය ජලජුත්තමනායකො තස්මිං ඛාණෙ මහාවීරො භික්ඛුනිං දස්සයිද්ධියා.
Sinhala BJT543. එකෙණෙහි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මාගේ සිත දැන ඍද්ධියෙන් අගතැන්පත් මෙහෙණක දැක් වූ සේකැ.
Pali BJT544. ඉද්ධී අනෙකා දස්සෙසි භික්ඛුනී සා විසාරදා පමොදිතා වෙදජාතා සථොරං ඉදමබ්රවිං.{10}
Sinhala BJT544. විශාරද වූ ඒ මෙහෙණ නොයෙක් ඍද්ධි දැක්වූ. ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති ඇති මම ශාස්තෲන් වහන්සේ ට මෙය කීමු.
Pali BJT545. අද්දසාහං ඉමං ඉද්ධිං සුමනායිතරායපි{11} ‘කථං අහොසි සා වීර ඉද්ධියා සුවිසාරදා’?
Sinhala BJT545. වීරයන් වහන්ස, සතුටුසිත් ඇති මම් ඒ මෙහෙණගේ මේ ඍද්ධිය දිටිමි. ඕ තොමෝ කිසෙයින් ඍද්ධියෙහි සුවිසාරද වූ ද?
Pali BJT546. “ඔරසා මුඛතො ජාතා ධීතා මම මහිද්ධිකා මමානුසාසනිකරා ඉද්ධියා සුවිසාරදා.”
Sinhala BJT546. “මහත්ඍද්ධි ඇති මෝ මාගේ අනුසාසනා කරන ඍද්ධියෙහි අතිශයින් විශාරද වු (දෙසුම් අසා සවුබවට පත් හෙයින්) මුවින් උපන් මාගේ ඖරස දුහිතෘ වෙයි.”
Pali BJT547. බුද්ධස්ස වචනං සුත්වා එවං පත්ථෙසහං තදා{12} “අහම්පි තාදිසා හොමි ඉද්ධියා සුවිසාරදා.”
Sinhala BJT547. බුදුරදුන්ගේ වදන් අසා එවිටැ මම මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කළමු: මම්දු ඍද්ධියෙහි සුවිශාරද වැ ඇය බඳු වෙමි.
Pali BJT548. පමෙදිතා’හං සුමනා පත්තඋත්තමමානසා{13} අනාගතම්හි අද්ධානෙ ඊදිසා හොමි නායක.
Sinhala BJT548. නායකයන් වහන්ස, ප්‍රමුදිත වූ සුමනස් ඇති මම් අනාගතයෙහි (ඍද්ධි) ප්‍රාප්ත උත්තම මනස් ඇති වැ මැය බඳු වන්නෙමි.
Pali BJT549. මණිමයම්හි පල්ලඞ්කෙ මණ්ඩපස්මිං පභඞ්කරෙ අන්නපානෙන තප්පෙත්වා සසඞ්ඝං ලොකනායකං.
Sinhala BJT549. ප්‍රභා විහිදෙන මණ්ඩපයෙක්හි මිණිමුවා පළඟෙකැ සඞ්ඝයා සහිත ලෝකනාථයන් වහන්සේ වඩා හිඳුවා ආහාරපානයෙන් සන්තර්‍පණය කොට -
Pali BJT550. නාගානං පවරං පුප්ඵං අරුණං නාම උප්පලං ‘වණ්ණං මෙ ඊදිසං හොතු’ පූජෙසිං ලොකනායකං.
Sinhala BJT550. නාගයන්ගේ උතුම් පුෂ්පයක් වූ අරුණ නම් උපුලෙක් වෙයි. “මාගේ පැහැය මෙසේ වේව” යි (එයින්) ලෝකනාථයන් වහන්සේ පිදුමු.
Pali BJT551. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡ’හං.
Sinhala BJT551. මම ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT552. තතො චුතා’හං මනුජෙ උපපන්නා සයම්භුනො උප්පලෙහි පටිච්ඡන්නං පිණ්ඩපාතමදාහං.
Sinhala BJT552. එයින් ච්‍යුත වූ මම මිනිසුන් කෙරෙහි උපත් විසින් පැමිණියා වෙමි. පසේබුදු නමකට මම් උපුලින් වැසුණු පිණ්‍ඩාහාරයක් දුනුමු.
Pali BJT553. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො උප්පජ්ජි චාරු නයනො සබ්බධම්මෙසු චක්ඛුමා.
Sinhala BJT553. මෙයින් එකානූවන කප්හි සොඳුරු නුවන් ඇති (ලොවී ලොව්තුරු) සියලු දහම්හි චක්‍ෂුර්මත් වූ විපස්සී නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේකැ.
Pali BJT554. සෙට්ඨි ධීතා තදා හුත්වා බාරාණසිපුරුත්තමෙ නිමන්තෙත්වාන සම්බුද්ධං සසඞ්ඝං ලොකනායකං.
Sinhala BJT554. එකලැ බරණැස් පුරවරයෙහි සිටු දුවක් වැ සඞ්ඝයා සහිත වූ ලෝකනාථ සම්බුදුරජාණන් වහන්සේ නිමන්ත්‍රණය කොට -
Pali BJT555. මහාදානං දදිත්වාන උප්පලෙහි විනායකං පූජයිත්වා චෙතසාව{1} වණ්ණසොභං අපත්ථයිං.
Sinhala BJT555. මහදන් දී විනායක වූ මුනිරජුන් උපුලින් පුදා සිතින් ම වර්‍ණශෝභා ප්‍රාර්‍ත්‍ථනා කළමු.
Pali BJT556. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන{2} උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT556. මේ භද්‍ර කල්පයෙහි මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ.
Pali BJT557. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත්තමෙ.
Sinhala BJT557. එකලැ මහර්ෂීන් වහන්සේ ට උපස්ථායක නරදෙටු වූ කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
Pali BJT558. තස්සා’සිං දුතියා ධීතා සමණගුත්තසමව්හයා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
Sinhala BJT558. (මම) ඔහුට සමණගුත්තා නම් වූ දෙවැනි දූ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි කළමු.
Pali BJT559. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
Sinhala BJT559-560. පිය තෙමේ අප පැවිද්ද නො අනුදත්තේ යැ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු පුමුදිත වූ අපි දියණිවරු සත්දෙන එකලැ බුද්ධෝපස්ථානයෙහි නිරත වූවමෝ ගෙහි මැ (හිඳ) අනලස් වැ විසිදහසක් හවුරුදු මුළුල්ලෙහි කුමරි බඹසර සැරූම්හ.
Pali BJT560. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨානනිරතා මුදිතා සත්තධීතරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT561. සමණී සමණගුත්තා ච භික්ඛුනී භික්ඛුදාසිකා{3} ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.{3}
Sinhala BJT561. (උහු නම්:) සමණී ය සමණගුත්තා යැ භික්ඛුණී යැ භික්ඛුණීදාසිකා යැ ධම්මා යැ සුධම්මා යැ, සත්වැනි සඞ්ඝදාසිකා යි.
Pali BJT562. අහං ඛෙමා ච සප්පඤ්ඤා පටාචාරාකුණ්ඩලා කිසාගොතමී ධම්මදින්නා විසාඛා හොති තස්සමී.
Sinhala BJT562. (මෙකලැ පිළිවෙළින්) මම් යැ සප්‍රාඥ ඛේමා යැ පටාචාරා යැ කුණ්‍ඩලා යැ කිසාගෝතමී යැ ධම්මදින්නා යැ (යන අපි වෙමු.) විශාඛා සත්වැනි වෙයි.
Pali BJT563. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT563. එ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම මිනිස්කය හැරපියා තව්තිසාවට පැමිණියා වෙමි.
Pali BJT564. තතො චුතා මනුසෙස්සු උපපන්නා මහාකුලෙ පීතමට්ඨං{1} වරං දුස්සං අදං අරහතො අහං.
Sinhala BJT564. එයින් සැවැ මිනිසුන් කෙරෙහි මහාකුලයෙකැ උපන් මම රන්වන් මටසිලිටි උතුම් වස්ත්‍රයක් රහත් නමකට දුන්මු.
Pali BJT565. තතො චුතා’රිට්ඨපුරෙ ජාතා විප්පකුලෙ අහං ධීතා තිරිටවච්ඡස්ස{2} උම්මාදන්තී{3} මනොහරා.
Sinhala BJT565. එයින් ච්‍යුත වූ මම් අරිට්ඨපුරයෙහි බමුණු කුලයෙකැ තිරීටවච්ඡ නමැත්තහුගේ උම්මාදන්තී නම් මනහර දුහිතෘ වැ උපන්මු.
Pali BJT566. තතො චුතා ජනපදෙ කුලෙ අඤ්ඤතරෙ අහං පසුතා නාතිඵිතම්හී සාලිං ගොපෙමහං තදා.
Sinhala BJT566. මම එ අත්බවින් ච්‍යුත වූයෙම් (එරට එක්) දනව්වකැ ඉතා සමෘද්ධිමත් නො වූ එක්තරා කුලෙක්හි උපන්මු. එකලැ මම් හැල් කෙතක් රකිමි.
Pali BJT567. දිස්වා පච්චෙකසම්බුද්ධං පඤ්චලාජාසතාන’හං දත්වා පදුමඡන්නානි පඤ්චපුත්තසතානිපි.
Sinhala BJT567-568. මම පසේබුදු කෙනෙකුන් දැක පියුමෙන් වසන ලද පන්සියයක් ලාජා (විළඳ ඔබට) දී පන්සියයක් පුතුන් ද පැතුමු. ඔහු ද පසේබුදුරදුනට මී දන් දී (එය ම) පැතූහු. මම ඒ දැයින් ච්‍යුත වූයෙම් අරණ්‍යයෙහි පියුම්ගැබෙකැ උපනුමු.
Pali BJT568. පත්ථෙසිං තෙපි පත්ථෙසුං මධුං දත්වා සයම්භුනො තතො චුතා අරඤ්ඤෙ’හං අජායිං පදුමොදරෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT569. කාසිරඤ්ඤො මහෙසී’හං හුත්වා සක්කතපූජිතා අජනිං රාජපුත්තානං අනූනං සතපඤ්චකං.
Sinhala BJT569. මම කසීරට රජුගේ මෙහෙසිය වී සත්කාර - පූජා කරන ලදුයෙම් රාජපුත්‍රයන් පන්සියයක් නො අඩු වැ ප්‍රසූත කළමු.
Pali BJT570. යදා තෙ යොබ්බනප්පත්තා කීළන්තා ජලකීළිතං. දිස්වා ඔපත්තපදුමං ආසුං පච්චෙකනායකා.
Sinhala BJT570. යම් කලෙකැ ඔහු යොවුන්බවට පැමිණියාහු ද ජල ක්‍රීඩා කරන්නාහු පත් ගිලිහුණු පියුමක් දැක පසේබුදු වූහු.
Pali BJT571. සාහං තෙහි විනාභූතා සුතවරෙහි සොකිනී චුතා ඉසිගිලිපස්සෙ ගාමකම්හී අජායිසං.
Sinhala BJT571. ඒ මම් ඒ උතුම් පුතුන්ගෙන් වෙන් වූවා (එහෙයින් ම) ශෝක ඇති වූයෙම් ඒ අත්බවින් ච්‍යුත වැ ඉසිගිලි පසැ එක්තරා ගමෙකැ උපන්මු.
Pali BJT572. යදා වුද්ධා සුතමතී සුතානං භත්තුනොපි ච යාගුමාදාය ගච්ඡන්තී අට්ඨපච්චෙකනායකෙ.
Sinhala BJT572-573. යම් කලෙකැ වැඩිවියපත් වූවා දරුවන් ඇති මම් පුතුනට ද සැමියාට ද හුළුකැන් රැගෙන යන්නෙම් පසේබුදුරදුන් අට නමක් පිඬු පිණිස ගමට වඩිනු දැක පුතුන් සිහි කළමුද, එකලැ මාහට පුත්‍රප්‍රේමයෙන් ක්‍ෂිරධාරා නිකුත්වී.
Pali BJT573. භික්ඛාය ගාමං ගච්ඡන්තෙ දිස්වා පුත්තෙ අනුස්සරිං ඛීරධාරා විනිග්ගච්ඡි තදා මෙ පුත්තපෙමසා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT574. තතො තෙසං අදං යාගුං පසන්නා සෙහි පාණිහි තතො චුතා’හං තිදසෙ නන්දනං උපපජ්ජහං.
Sinhala BJT574. ඉක්බිති පහන් වූයෙම් ඔබට සියතින් හුළුකැන් දුන්මු. මම් එයින් ච්‍යුත වූයෙම් දෙව්ලොව නන්‍දන උයන්හි උපනුමු.
Pali BJT575. අනුභොත්වා සුඛං දුක්ඛං සංසරිත්වා භවාභවෙ තවත්ථාය මහාවීර පරිච්චත්තඤ්ච ජීවිතං.
Sinhala BJT575. මහාවීරයාණෙනි, (අනතුරුව) කුදුමහත් බෙවෙහි සරා සුව දුක් අනුභව කොට තොප පිණිස ජීවිත පරිත්‍යාග කළා ද වෙමි.
Pali BJT576. එවං බහුවිධං දුක්ඛං සම්පත්ති ච බහුබ්බිධා පච්ඡිමෙ භවෙ සම්පත්තෙ ජාතා සාවත්ථියං පුරෙ.
Sinhala BJT576. මෙසේ බහුප්‍රකාර වූ දුක්විඳ බහුප්‍රකාර වූ සම්පත් ද ලැබ පශ්චිම භවය පැමිණි කල්හි සැවැත් නුවර උපන්මු.
Pali BJT577. මහාධනෙ සෙට්ඨිකුලෙ සුඛිතෙ සජ්ජිතෙ තථා නානාරතනපජ්ජොතෙ සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJT577. මහත් වූ ධන සම්පත් ඇති සුඛිත වූ සුසැදුණු දිලිසෙන නන්රුවන් ඇති සිටුකුලයෙකැ ඉපද සියලු කාමයෙහි සමෘද්ධ වූ (මම).
Pali BJT578. සක්කතා පූජිතා ආසිං මානිතා’පචිතා තථා රූපසොභග්ගසම්පන්නා කුලෙසු අභිසම්මතා.
Sinhala BJT578. (ලෝකයා විසින්) සත්කාර කරන ලද පුදන ලද වූමු. එසේ මැ, බුහුමන් කරන ලද අපචායන කරන ලද වූමු. අග්‍ර වූ රූපශෝභායෙන් යුක්ත වැ කුලයෙහි අභිසම්මත වූමු.
Pali BJT579. අතීව පත්ථිතා චා’සිං රූපභොග සිරීහි ච පත්ථිතා සෙට්ඨිපුත්තෙහි අනෙකෙහි සතෙහි ච.
Sinhala BJT579. රූප ය භෝග ය ශ්‍රී යැ යන මේ කරණ කොටගෙන අතිශයින් ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද වූමු, නොයෙක් සිය ගණන් සිටු පුත්‍රයන් විසිනුදු ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද වූමු.
Pali BJT580. අගාරං පජහිත්වාන පබ්බජිං අනගාරියං අඩ්ඪමාසෙ අසම්පත්තෙ අරහත්තමපාපුණිං.
Sinhala BJT580. ගිහිගෙය හැරපියා ශාසනයෙහි පැවිදි වූමු. අඩ මසක් නො පත් කල්හි රහත්බවට පැමිණියා වෙමි.
Pali BJT581. ඉද්ධියා අභිනිම්මිත්වා චතුරස්සරථං අහං බුද්ධස්ස පදෙ වන්දිස්ස ලොකනාථස්ස සිරීමතො.
Sinhala BJT581. මම ඍද්ධියෙන් සියුරැස් රියක් නිර්‍මාණය කොට ලෝකනාථ වූ ශ්‍රීමත් වූ බුදුරදුන්ගේ පාසඟුළුවන් වැන්දෙමි.
Pali BJT582. සුපුප්ඵිතග්ගං උපගම්ම භික්ඛුනී එකා තුවං තිට්ඨසි සාලමූලෙ න ච’ත්ථි තෙ දුතියා වණ්ණධාතු බලෙ න ත්වං භායසි ධුත්තකානං.
Sinhala BJT582. මෙහෙණියනි, තෙපි අග දක්වා පිපුණු මල් ඇති රුකක් කරා එළැඹැ (එ) සල්රුක්මුල එකලාව සිටිනාව. පැහැසටහනින් තොපට දෙවැන්නක් නො ද ඇති, බාලාව, තෙපි ධූර්‍තයනට බියපත් නො වවු ද?
Pali BJT583. සතං සහස්සානපි ධුත්තකානං ඉධාගතා තාදිසකා භවෙය්යුං ලොමං න ඉඤ්ජාමි න සන්තසාමි න මාර භායාමි තමෙකිකාපි.
Sinhala BJT583. මෙහි පැමිණි තා බඳු වූවෝ වන්නාහු නම්, (එබඳු) සියදහස් ගණන් ධූර්‍තයනට ද බියපත් නො වෙමි, ලොම් නො සලමි, නො තැතිගනිමි. මාරය, එකලා වුව ද තට බියපත් නො වෙමි.
Pali BJT584. ඵසා අන්තරධායාමි කුච්ඡිං වා පවිසාමි තෙ පඛුමන්තරිකායම්පි තිට්ඨන්තිං මං න දක්ඛසි.
Sinhala BJT584. තෙල මම් අතුරුදහන් වෙමි, තාගේ කුසතුළට හෝ පිවිසෙමි, ඇසිපිය අතුරෙහි සිටිනා වූ ද මා තෝ නො දක්නෙහි.
Pali BJT585. චිත්තස්මිං වසීභූතම්හි ඉද්ධිපාදා සුභාවිතා සබ්බබන්ධනමුත්තාම්හි න තං භායාමි ආවුසො.
Sinhala BJT585. සිත වසඟ වූ කල්හි ඍද්ධිපාදයෝ මා විසින් මොනොවට වඩන ලදහ, සියලු බන්‍ධනයෙන් මිදුණා වෙමි. ඇවැත, තට බියපත් නො වෙමි.
Pali BJT586. සත්තිසූලූපමා කාමා ඛන්ධා’සං අධිකුට්ටනා යං ත්වං කාමරතිං බ්රූසි අරතී’දානි සා මම.
Sinhala BJT586. කාමයෝ අඩයටිහුල් බන්දහ. ස්කන්‍ධයෝ ඔවුන්ගේ ප්‍රහාරයෝ යැ, තෙපි යමක් කාමරති යයි කියවු ද ඒ මට දැන් අරති යයි.
Pali BJT587. සබ්බත්ථ විහතා නන්දි තමොඛන්ධො පදාලිතො එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තක.
Sinhala BJT587. සියලු භවයෙහි නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාව නසන ලද, චතුස්සත්‍යප්‍රතිච්ඡාදක තමස්කන්‍ධය පළන ලද, පාපිමය, මෙසේ දැනගනු, අන්තකය, තෝ මා විසින් නසන ලද.
Pali BJT588. ජිනො තම්හි ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං ‘අග්ගා ඉද්ධිමතීන’න්ති පරිසාසු විනායකො.
Sinhala BJT588. ජිතපඤ්චමාරයන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූවාහු විනායකයන් වහන්සේ පිරිස් මැද ඍද්ධිමත් මෙහෙණන් කෙරෙහි (මෝ) අග්‍ර යයි මා ඒතදග්‍රහයෙහි තැබූ සේක.
Pali BJT589. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT589. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලද, ගුරු වූ ස්කන්‍ධභාරය බහා තබන ලද. භවතෘෂ්ණාව සමූලඝාතනය කරන ලද.
Pali BJT590. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මා’නගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො
Sinhala BJT590. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූම් ද සර්‍වසංයෝජනක්‍ෂය සංඛ්‍යාත ඒ අර්‍ත්‍ථය මා විසින් ලබන ලද වේ.
Pali BJT591. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං ඛණෙන උපනාමෙන්ති සහස්සානි සමන්තතො.
Sinhala BJT591. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනුසුන් ද දහස් ගණන් ඇසිල්ලෙක හාත්පසින් එළවත්.
Pali BJT592-594. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT592. - 594 මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලද
Pali BJTඉත්ථං සුදං උප්පලවණ්ණා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTඋත්පලවණ්ණා මෙහෙණ, මේ ගාථා කිවු යැයි.
Pali BJTඋප්පලවණ්ණා ථෙරියාපදානං නවමං.
Sinhala BJTනවවැනි උප්පලවණ්ණා ථේරී අපදාන යි.
Pali BJT2. 10 පටාචාරාපදානං
Sinhala BJT2. 10 පටාචාරාපදානය
Pali BJT595. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT595. මෙයින් සුවහස්වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
Pali BJT596. තදාහං හංසවතියං ජාතා සෙට්ඨිකුලෙ අහුං නානාරතනපජ්ජොතෙ මහාසුඛසමප්පිතා.
Sinhala BJT596. එකලැ මම හංසවතී නුවරැ නොයෙක් රුවනින් දිලෙන සිටුකුලෙකැ උපනෙම්, මහත් සුවයෙන් සමර්පිත වූමු.
Pali BJT597. උපෙත්වා තං මහාවීරං අස්සොසිං ධම්මදෙසනං තතො ජාතප්පසාදා’හං උපෙසිං සරණං ජිනං.
Sinhala BJT597. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසූමු එයින් පහන් වූ මම් බුදුන් සරණ කොට එළඹුණමු.
Pali BJT598. තතො විනයධාරීනං අග්ගං වණ්ණෙසි නායකො භික්ඛුනිං ලජ්ජිනිං තාදිං කප්පාකප්පවිසාරදං.
Sinhala BJT598. නායකයන් වහන්සේ ලජ්ජා ඇති තාදී ගුණ ඇති කප්පිය අකප්පිය දෙක්හි විශාරද වූ මෙහෙණක විනයධර මෙහෙණන් අතරැ අග්‍ර කොට වර්‍ණනා කළසේකැ.
Pali BJT599. තදා මුදිතචිත්තා’හං තං ඨානමභිකඞ්ඛිනී නිමන්තෙත්වා දසබලං සසඞ්ඝං ලොකනායකං
Sinhala BJT599. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම ඒ තනතුර කැමැති වන්නෙම් සඞ්ඝයා සහිත වූ ලෝකනායක දශබලධාරීන් වහන්සේ නිමන්ත්‍රණ කොට -
Pali BJT600. භොජයිත්වාන සත්තාහං දදිත්වා ච තිචීවරං{1} නිපච්ච සිරසා පාදෙ ඉදං වචනමබ්රවිං:
Sinhala BJT600. සත්දිනක් මුළුල්ලෙහි වළඳවා තුන්සිවුරු ද පුදා (ඔබ) පා මුල සිරසින් වැඳ වැටී මෙවදන් පැවැසූමු:
Pali BJT601. “යා තයා වණ්ණිතා වීර ඉතො අට්ඨමකෙ’හනි{1} තාදිසා’හං භවිස්සාමි යදි සිජ්ඣති නායක.”
Sinhala BJT601. “වීරයන් වහන්ස, මෙයින් අටවැනි දින ඔබ විසින් යම් මෙහෙණක් වර්ණිත වූවා ද, නායකයන් වහන්ස, ඉදින් (මාගේ ප්‍රාර්‍ත්‍ථනා) සමෘද්ධ වේ නම් මම ඇය බඳු වන්නෙමි.”
Pali BJT602. තදා අවොච මං සත්ථා “භද්දෙ මා භායි අස්සස අනාගතම්හි අද්ධානෙ ලච්ඡසෙ තං මනොරථං.
Sinhala BJT602. එකල්හි ශාස්තෲන් වහන්සේ මට (මෙසේ) වදාළ සේක: “භද්‍රාවනි, නොබව, සන්හුන්වව, මතුකල්හි ඒ අදහස ලබන්නෙහි.
Pali BJT603. සතසහස්සෙ ඉතො කප්පෙ ඔකකාකකුලසම්හවො ගොතමො නාම ගොත්තෙන{2} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT603. මෙයින් සියක්දහස්වන කල්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲහු ලොවැ පහළ වන්නාහ.
Pali BJT604. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා පටාචාරාති නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.”
Sinhala BJT604. ඔබගේ ධර්‍මයට හිමි වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් පටාචාරා යි ප්‍රසිද්ධ වන ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි.”
Pali BJT605. තදා’හං මුදිතා හුත්වා යාවජීවං තතො{3} ජිනං. මෙත්තචිත්තා පරිචරිං සසඞ්ඝං ලොකනායකං.
Sinhala BJT605. එකල්හි මම ප්‍රමුදිත වැ මෙත් සිත් ඇතියෙම් සඞ්ඝයා සහිත වූ ලෝකනායක ජිනේන්‍ද්‍රයන් වහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කළමු. ඉක්බිති -
Pali BJT606. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිසං අගච්ඡහං.
Sinhala BJT606. එ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම තව්තිසා දෙව්ලොවට ගියමු.
Pali BJT607. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන{4} උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT607. මෙ භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
Pali BJT608. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත්තමෙ.
Sinhala BJT608. එ සමයෙහි මහර්ෂීන් වහන්සේට උපස්ථායක වූ නරපති වූ කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
Pali BJT609. තස්සා’සිං තතියා ධීතා භික්ඛුනී ඉති විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
Sinhala BJT609. එ රජුහට භික්ඛුනී යයි ප්‍රසිද්ධ තෙවැනි දූ වූමු. ජිනේන්‍ද්‍රයන්ගේ දහම් අසා (මම) පැවිද්ද රිසි වූමු.
Pali BJT610. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා
Sinhala BJT610-611. පිය තෙමේ අපගේ පැවිද්ද නො අනුදත්තේ යැ. එකල්හි අපි ගිහිගෙහි මැ (වෙසෙමින්) හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිශ්ශේෂයෙන් ඇලුණු ප්‍රමුදිත වූ සප්ත දූහීතෘහු නම්:
Pali BJT611. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨාන නිරතා මුදිතා සත්ත ධීතරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT612. සමණී සමණගුත්තාභික්ඛුනී භික්ඛුදාසිකා ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.
Sinhala BJT612. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ සත්වැනි සඞ්ඝදාසිකා යැ යන අපි වෙමු.
Pali BJT613. අහං උප්පලවණ්ණාඛෙමා භද්දා ච භික්ඛුනී කිසාගොතමී ධම්මදින්නා විසාඛා හොති සත්තමී.
Sinhala BJT613. (ඔහු මෙකලැ) මම් යැ, උප්පලවණ්ණා යැ, ඛේමා යැ, භද්දා භික්ඛුනී (කුණ්ඩලකේසා) යැ, කිසාගෝතමී යැ. ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
Pali BJT614. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT614. එ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්සිරුර හැරපියා තව්තිසාවට ගියමු.
Pali BJT615. පච්ඡිමෙ ච භවෙදානි ජාතා සෙට්ඨිකුලෙ අහං සාවත්ථියං පුරවරෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
Sinhala BJT615. දැන් පැසුලු බෙවෙහි මම සැවැත් පුරවරයෙහි සමෘද්ධිමත් ධනාඪ්‍ය එහෙයින් ම මහත් ධන ඇති සිටු කුලයෙකැ උපන්මු.
Pali BJT616. යදා ච යොබ්බනූපෙතා විතක්කවසගා අහං නරං ජානපදං{1} දිස්වා තෙන සද්ධිං අගච්ඡ’හං.
Sinhala BJT616. යම් කලෙකැ යොවුන් බැවින් යුතු වූමු ද එකලැ මම (කාම) විතර්‍කවශයට ගියා වෙමි, මම දනවුවැසි මිනිසකු දැක ඔහු සමග (පලා) ගියමු.
Pali BJT617. එකපුත්තප්පසූතා’හං දුතියො කුච්ඡියං මම තදා’හං මාතාපිතරො දක්ඛාමීති{2} සුනිච්ඡිතා.
Sinhala BJT617. මම එක් පුතකු ප්‍රසූත කළමු. මාගේ කුසෙහි දෙවැනි පුත් වෙයි, එකල්හි මම් මවුපියන් දක්නෙමැ යි දැඩි නිශ්චය ඇති කළමු.
Pali BJT618. න රොචෙසි පති{3} මය්හං තදා තම්හි පවාසිතෙ එකිකා නිග්ගතා ගෙහා ගන්තුං සාවත්ථිමුත්තමං.
Sinhala BJT618. මාගේ සැමියා (එය) රුචි නො කෙළේ යැ. ඔහු බැහැරක ගිය කල්හි උතුම් සැවැතට යනු පිණිස එකලා වැ නික්මුණුමු.
Pali BJT619. තතො මෙ සාමි ආගන්ත්වා සම්භාවෙසි පථෙ මමං තදා මෙ කම්මජා වාත උප්පන්නා අතිදාරුණා.
Sinhala BJT619. ඉක්බිති මාගේ සැමියා අවුත් මඟ දී මා හමු වූයේ යැ, එවිටැ ඉතා දරුණු කර්‍මජවාතයෝ මට උපන්හ.
Pali BJT620. උට්ඨිතො ච මහාමෙඝො පසූතිසමයෙ මම දබ්බත්ථාය තදා ගන්ත්වා සාමි සප්පෙන මාරිතො.
Sinhala BJT620. මාගේ ප්‍රසූති සමයෙහි මහාමේඝය නැඟී සිටියේ යැ. එකල්හි ස්වාමිපුරුෂ දැව සඳහා ගොස් සර්‍පයකු විසින් (ඩැහැ) මරණ ලද්දේ යි.
Pali BJT621. තදා විජාතදුක්ඛෙන අනාථා කපණා අහං කුන්නදිං පූරිතං දිස්වා ගච්ඡන්තී සකුලාලයං.
Sinhala BJT621. එකල්හි ප්‍රසුත දුඃඛයෙන් අනාථ වූ බැගෑ වූ මම සිය නෑ නිවසට යන්නෙම් කුඩා නදියක් පිරිතිබෙනු දැක -
Pali BJT622. බාලං ආදාය අතරිං පරකූලෙ ච එකකං සායෙත්වා බාලකං පුත්තං ඉතරං තාරණාය’හං.
Sinhala BJT622-623. බාලයා රැගෙන (ගඟ) තරණය කළමු. (ඒ) කුඩා පුතු පරතෙරැ එකලා කොට හොවා අනෙක් පුතු එතෙරැ කරවනු පිණිස මම හැරී ආවා වෙමි. (එකල්හි) උකුස්සෙක් කුඩා දරුවා වැල පෙන්නහු පැහැර ගෙන ගියේ යැ. අනෙක් පුතු ගඟෙහි සැඬ පහර හැරගෙන ගියේ යි. ඒ මම් ශෝකයෙන් මුසපත් වූවා -
Pali BJT623. නිවත්තා උක්කුසො’හාසි තරුණං විලපන්තකං ඉතරඤ්ච වහී සොතො සාහං සොකසමප්පිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT624. සාවත්ථිනගරං ගන්ත්වා අස්සොසිං සජනෙ මතෙ තදා අවොචං සොකට්ටා මහාසොකසමප්පිතා.
Sinhala BJT624. සැවැත්නුවරට ගොස් මළ සියනෑයන් ගැන ඇසූමු. එවිටැ ශෝකයෙන් පෙළුණෙම් මහසොවින් මුසපත් වූයෙම් (මෙසේ) කීමු:
Pali BJT625. “උභො පුත්තා කාලකතා පන්ථෙ මය්හං පති මතො මාතා පිතා ච භාතා ච එකචිතකස්මිං ඩය්හරෙ.”
Sinhala BJT625. “දෙපුත්හු කලුරිය කළහ, මාගේ ස්වාමිපුරුෂ තෙමේ මහමගැ මෙළේ ය. මවත් පියාත් බෑයාත් එක් දරසෑයෙකැ දැවෙත්” යි.
Pali BJT626. තදා කිසා ච පණ්ඩූ ච අනාථා දීනමානසා ඉතො තතො භමන්තීහං{4} අද්දසං නරසාරථිං.
Sinhala BJT626. ඒ අවස්ථායෙහි කෘශ වැ පඬුවන් වැ අනාථ වැ බැගෑ මනස් ඇති වැ ඔබ මොබ දිවැ ඇවිදින මම නරසාරථි වූ මුනි රජුන් දුටුමු.
Pali BJT627. තතො අවොච මං සත්ථා “පුත්තෙ මා සොචි අස්සස අත්තානං ත්වං{1} ගවෙසස්සු කිං නිරත්ථං විහඤ්ඤසි.
Sinhala BJT627. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මට (මෙසේ) වදාළසේක: “දියණියනි, ශෝක නො කර, සැනසෙව, තෝ තමා ගැන සොය, කුමක් හෙයින් නිරර්‍ත්‍ථක සේ පෙළෙන්නෙහි ද?
Pali BJT628. න සන්ති පුත්තා තාණාය න පිතා නපි බන්ධවා අන්තකෙනාධිපන්නස්ස නත්ථි ඤාතිසු තාණතා.”
Sinhala BJT628. මරහු විසින් මඬනා ලද සත්‍වයාහට ආරක්‍ෂා පිණිස පුත්තු නො වන්නාහ, පියා ආරක්‍ෂා පිණිස නො වන්නේ යැ, (සෙසු) නෑයෝ ද ආරක්‍ෂා පිණිස නො වන්නාහු යැ, නෑයන් කෙරෙහි පිහිටෙක් නැත්තේ යි.”
Pali BJT629. තං සුත්වා මුනිනො වාක්යං පඨමං ඵලමජ්ඣගං පබ්බජිත්වාන න චිරං අරහත්තමපාපුණිං.
Sinhala BJT629. මුනිඳුන්ගේ ඒ දේශනාව අසා පළමු වැනි ඵලය අවබෝධ කළමු. පැවිදි වැ නොබෝ කලකින් රහත්බවට පැමිණියෙමු.
Pali BJT630. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
Sinhala BJT630. ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.
Pali BJT631. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධාම්හි සුනිම්මලා.
Sinhala BJT631. පෙර විසූ කඳපිළිවෙළ දන්මි, දිවැස පිරිසිදු කරන ලද යැ, සියලු ආස්‍රවයන් ක්‍ෂය කොට මොනොවට කෙලෙස් මල රහිත වැ විශුද්ධ වූවා වෙමි.
Pali BJT632. තතො’හං විනයං සබ්බං සන්තිකෙ සබ්බදස්සිනො උග්ගණ්හිං සබ්බවිත්ථාරං ව්යාහරිං ච යථාතථං.
Sinhala BJT632. ඉක්බිති මම සියල්ල දක්නා බුදුරදුන් වෙතැ සියලු විනය උගතුමු. ඇති සැටියෙන් සියල්ල විස්තර කොට දේශනා ද කළමු.
Pali BJT633. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං “අග්ගා විනයධාරීනං පටාචාරාව එකිකා.”
Sinhala BJT633. ඒ ගුණයෙහි සතුටු වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ එක මැ පටාචාරාව විනයධර මෙහෙණන් අතරැ අග්‍ර යයි මා ඒතදග්‍රහයෙහ් තබා වදාළසේකැ.
Pali BJT634. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT634. මා විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලද යැ. ගුරු වූ කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව නසන ලදී.
Pali BJT635. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මා’නගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
Sinhala BJT635. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යැ.
Pali BJT636-638. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT636-638. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං පටාචාරා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් පටාචාරා මෙහෙණ මේ ගාථා පැවැසූ.
Pali BJTපටාචාරාථෙරියාපදානං දසමං.
Sinhala BJTදසවැනි පටාචාරා ස්ථවිරාපදාන යි.
Pali BJT3. කූණ්ඩලකෙසීවග්ගො
Sinhala BJT3. කුණ්ඩලකේසී වර්‍ගය