Pali BJT446. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා ඛුද්ධූපට්ඨානනිරතා මුදිතා සත්ත ධීතරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT447. සමණී සමණගුත්තා ච භික්ඛුනී භික්ඛුදාසිකා{2} ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා{3}
Sinhala BJT447. සමණී යැ සමණගුත්තා යැ භික්ඛුනී යැ භික්ඛුදාසිකා යැ ධම්මා යැ සුධම්මා යැ සත්වැනි සඞ්ඝදාසී යැ යන මොහු යි.
Pali BJT448. අහං උප්පලවණ්ණා ච පටාචාරා ච කුණ්ඩලා කිසාගොතමී ධම්මදින්නා විසාඛා හොති සත්තමී.
Sinhala BJT448. (මෙ කලැ) මම් යැ උප්පලවණ්ණා යැ පටාචාරා යැ කුණ්ඩලා (කුණ්ඩල කේසී) යැ කිසාගෝතමී යැ ධම්මදින්නා යැ (යන අපි වෙමු) විශාඛා උවැසි සත්වැනි වෙයි.
Pali BJT449. කදාචි සො නරාදිච්චො ධම්මං දෙසෙති අබ්භුතං මහානිදානසුත්තන්තං සුත්වා තං පරියාපුණිං.
Sinhala BJT449. ඒ නරශ්‍රේෂ්ඨ (කාශ්‍යප) බුදුරජාණන් වහන්සේ කිසි විටෙකැ ආශ්චර්‍ය්‍ය ජනක දහම් දෙසන සේකැ, මහානිදාන සූත්‍රාන්තය අසා එය ප්‍රගුණ කළමු.
Pali BJT450. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT450. ඒ කුශල කර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට (උපත් විසින්) ගියමු.
Pali BJT451. පච්ඡිමෙ ච භවෙදානි සාගලායං පුරුත්තමෙ. රඤ්ඤො මද්දස්ස ධීතාම්හි මනාපා දයිතා පියා.
Sinhala BJT451. දැන් පැසුළු බෙවෙහි උතුම් සාගල නුවර මද්‍ද රජුගේ මනවඩන දයාජනක ප්‍රිය වූ දුහිතෘ වෙමි.
Pali BJT452. සහ මෙ ජාතමත්තම්හි ඛෙමං තම්හි පුරෙ අහු, තතො ඛෙමාති නාමං මෙ ගුණතො උපපජ්ජථ.{4}
Sinhala BJT452. මා උපන් කෙණෙහි ඒ සමග ම එ නුවර ක්‍ෂේම (-නිර්‍භය) වියැ, එහෙයින් මට ඛේමා යන නම ගුණ වශයෙන් ලැබිණි.
Pali BJT453. යදාහං යොබ්බනං පත්තා රූපලාවඤ්ඤභූසිතා{5} තදා අදාසි මං තාතො බිම්බිසාරස්ස රාජිනො.
Sinhala BJT453. රූපලාවණ්‍යයෙන් භූෂිත වූ මා යම් කලෙකැ යොවුන් බවට පැමිණියා ද, එකලැ පිය තෙමේ මා බිම්සර රජහට (මෙහෙසි කොට) දුන්නේ යැ.
Pali BJT454. තස්සාහං සුප්පියා ආසිං රූපකෙලායනෙ රතා රූපානං දොසවාදීති න උපෙසිං මහාදයං.
Sinhala BJT454. රූපයෙහි මමායනයෙන් ඇලුණු මම ඒ රජුට අතිශයින් ප්‍රිය වූමු. රූපයෙහි දොස් පවසතැ යි මහාකාරුණික බුදුරදුන් වෙතැ නො එළඹුණමු.
Pali BJT455. බිම්බිසාරො තදා රාජා මමානුග්ගහබුද්ධියා වණ්ණයිත්වා වෙළුවනං ගායකෙ ගාපයී මමං.
Sinhala BJT455. එකල්හි බිම්සර මහරජ මට අනුග්‍රහ බුද්ධියෙන් වේළුවනය වර්‍ණනා කරවා ගායකයන් ලවා මා උදෙසා ගායනා කරවී.
Pali BJT456. “රම්මං වෙළුවනං යෙන න දිට්ඨං සුගතාලයං න තෙන නන්දනං දිට්ඨං ඉති මඤ්ඤාමසෙ මයං
Sinhala BJT456. “බුදුරදුන්ගේ ගඳකිළිය පිහිටි රම්‍ය වූ වේළුවනය යමකු විසින් නො දක්නා ලද නම් ඔහු නන්‍දන වනය නොදක්නා ලදැ යි අපි හඟනෙමු.
Pali BJT457. යෙන වෙළුවනං දිට්ඨං නරනන්දනනන්දනං සුදිට්ඨං නන්දිනං තෙන අමරින්දසුනන්දනං.
Sinhala BJT457. යමක්හු විසින් නරපුත්‍රයන්ට නන්‍දන වූ සතුටු එළවන (වේළුවනය) දක්නා ලද ද ඔහු විසින් දෙවියන්ට අතිශයින් සතුටු එළවන නදුනුයන දක්නා ලද වෙයි.
Pali BJT458. විහාය නන්දනං දෙවා ඔතරිත්වා මහීතලං{1} රම්මං වෙළුවනං දිස්වා න තප්පන්ති සුවිම්හිතා.
Sinhala BJT458. දෙවියෝ නඳුනුයන හැරපියා මිහිතලයට බැස රම්‍ය වූ වේළුවනය දැක බෙහෙවින් විස්මිත වූවාහු තෘප්තිමත් නො වෙත්.
Pali BJT459. රාජපුඤ්ඤෙන නිබ්බත්තං බුද්ධපුඤ්ඤෙන භූසිතං කො වත්තා තස්ස නිස්සෙසං වනස්ස ගුණසඤ්චයං.”
Sinhala BJT459. රජුගේ පිනින් උපන්, බුදුරදුන්ගේ පිනින් මනරම් වූ යම් වනයෙක් වේ ද, ඒ වනයාගේ ගුණ සමුදායය කවරෙක් නොඅඩු වැ කියන්නේ ද,”
Pali BJT460. තං සුත්වා වනසමිද්ධිං මම සොතමනොහරං දට්ඨුකාමා තමුය්යානං රඤ්ඤො ආරොචයිං තදා.
Sinhala BJT460. එවිටැ මාගේ කනට මිහිරි වූ ඒ වනසමෘද්ධිය අසා එ උයන දකිනු රිසි වැ රජුට සැලකෙමු.
Pali BJT461. මහතා පරිවාරෙන තදා ච{2} සො මහීපති මං පෙසෙසි{3} තමුය්යානං දස්සනාය සමුස්සුකං.
Sinhala BJT461. එවිටැ ඒ මිහිපල් තෙමේ එ උයන දක්නට උත්සුක වූ මා මහත් පිරිවරින් (උයනට) යැවී.
Pali BJT462. “ගච්ඡ පස්ස මහාභොගෙ වනං නෙත්තරසායනං යං සදා භාති සිරියා සුගතාභානුරඤ්ජිතං.”
Sinhala BJT462. මහාභෝග ඇත්ත, සුගතයන් වහන්සේගේ ප්‍රහායෙන් යළි යළි රැඳුණු යම් වනයක් සැමදා බබළා ද, යා, නේත්‍රරසායන “නෙත්කලු” එ වනය බල.
Pali BJT463. යදා ච පිණ්ඩාය මුනි ගිරිබ්බජපුරුත්තමෙ පවිට්ඨො’හං තදායෙව වනං දට්ඨුමුපාගමිං.
Sinhala BJT463. යම් දිනෙක මුනීන්‍ද්‍රයන් වහන්සේ පිඬු පිණිස ගිරිව්‍රජ (රජගහ) පුරවරයට වැඩිසේක් ද එදින මම් වේළුවනය දක්නට එළඹුණමු.
Pali BJT464. තදා’හං ඵුල්ලවිපිනං නානාභමරකූජිතං කොකිලාගීතසහිතං මයූරගණනචචිතං.
Sinhala BJT464-466. එදවසැ මම් නානා බමරුන්ගේ ගුමු ගුමු රැව් ඇති කෙවිල්ලන්ගේ ගී හඬ සහිත වූ මොනර ගණයාගේ නැටුම් ඇති, විරල මිනිස් හඬ ඇති ජනාකීර්‍ණ නොවූ නොයෙක් සක්මන් මළුයෙන් හොබනා කුටිමණ්ඩපයෙන් ගැවසුණු යෝගීවරයන්ගෙන් බැබැළුණු පිපුණු උයනට පිවිසැ හැසිරෙනුයෙම් “මාගේ නෙත් සළුල විණැ” යි සිතුමු. එහි දු යෝගාවචර (-භාවනානුයෝගී) තරුණ මහණ කෙනෙකුන් දැක (මෙසේ) සිතූමු.
Pali BJT465. අප්පසද්දමනාකිණ්ණං නානාචඞ්කමභූසිතං කුටිමණ්ඩපසඞ්කිණ්ණං යොගීවරවිරාජිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT466. විචරන්තී අමඤ්ඤිස්සං ‘සඵලං නයනං මම’ තත්ථාපි තරුණං භික්ඛුං යුත්තං දිස්වා විචින්තයිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT467. ඊරිසෙ’පි වනෙ{1} රම්මෙ ඨිතො’යං නවයොබ්බනෙ වසන්තමිව කන්තෙන රූපෙන ච සමන්විතො.
Sinhala BJT467. මෙබඳු සිත්කලු වෙනෙහි වසන නව යොවුන් වියෙහි සිටි මේ මහණ රූපයෙන් සමන්‍විත ද වෙයි, කාන්තියෙන් වසන්තය මෙනි.
Pali BJT468. නිසින්නො රුක්ඛමූලම්හි මුණ්ඩො සඞ්ඝාටිපාරුතො ඣායතෙ වත’යං භික්ඛු හිත්වා විසයජං රතිං.
Sinhala BJT468. මුඬු වූ මේ මහණ සඟළ සිවුරු පෙරවැ (රූපාදි) විෂයජ රතිය (ඇල්ම) හැරපියා රුක් මුල්හි හුන්නේ ධ්‍යාන කරනුයේ විනැ.
Pali BJT469. නනු නාම ගහට්ඨෙන කාමං භුත්වා යථාසුඛං පච්ඡා ජිණ්ණෙන ධම්මො’යං චරිතබ්බො සුභද්දකො.
Sinhala BJT469. ගෘහස්ථයා විසින් සුවසේ කම් සැප විඳ පසුවැ ජරාවට පැමිණියහු විසින් මේ ධර්‍මය සැරියයුතුයැ. එය සුභද්‍ර (යහපත්) නො වන්නේ නො?
Pali BJT470. සුඤ්ඤකන්ති විදිත්වාන ගන්ධගෙහං ජිනාලයං උපෙත්වා ජිනමද්දක්ඛිං උදයන්තංව භාකරං.
Sinhala BJT470. සිස් යයි (-බුදුරදුන් නැතැ යි) සිතා ජිනාලය (ජිනේන්‍ද්‍රයන්ගේ වාසස්ථානය) වූ ගඳකිළියට එළැඹැ උදාහිරු වැනි ජිනේන්‍ද්‍රයන් දුටුමු.
Pali BJT471. එකකං සුඛමාසීනං වීජමානා{2} වරිත්ථියා දිස්වානෙවං විචින්තෙසිං ‘නායං ලූඛො නරාසභො.’
Sinhala BJT471. පවන් සලන වරඟනක සමග එකලා වැ සුවසේ වැඩ හුන් මුනිඳුන් දැක ‘මේ නරශ්‍රේෂ්ඨයා රූක්‍ෂ නො වෙති’ යි මෙසේ සිතුමු.
Pali BJT472. සා කඤ්ඤා කනකාභාසා පදුමානනලොචනා බිම්බොට්ඨි කුන්දදසනා මනොනෙත්තරසායනා.
Sinhala BJT472. එ යුවතිය රන්වන් පැහැ ඇත්තක, පියුම් බඳු මුහුණ හා නෙත් ඇත්තක, බිඹුපල වන් ලවන් ඇත්තක, කොඳවන් දසන් ඇත්තක, මන නුවන් පිනවන්නක.
Pali BJT473. හෙමදොලාභසවනා කලසාකාර{3}සුත්ථනී තනුමජ්ඣා ච සුස්සොණී{4} රම්හොරු{5} චාරුභූසනා.
Sinhala BJT473. රනෝවිලි වන් සවන් ඇත්තක, කලස් වැනි මනා පියොවුරු ඇත්තක, සිහිනිග ඇත්තක, මනා උකුල් පෙදෙස් ඇත්තක, රඹ වන් ඌරු ඇත්තක, මනහර අබරණ ඇත්තක.
Pali BJT474. රත්තංසුකූපසබ්යානා{6} නීලමට්ඨනිවාසනා අතප්පනෙය්යරූපෙන{7} හාවභාවසමන්විතා{8}
Sinhala BJT474. රතු වස්ත්‍ර පොරෝනා හැඳි නිල්වන් මටසිලුටු වස්ත්‍ර ඇති තෘප්තියට නො පැමිණියහෙන රූපයෙන් යුතු ඕ භාවහාවයෙන් සමන්‍විත වූ යැ.
Pali BJT475. දිස්වා තමෙවං චින්තෙසිං “අහො’යං අභිරුපිනී න මයා’නෙන නෙත්තෙන දිට්ඨපුබ්බා කුදාචනං.”
Sinhala BJT475. ඇය දැක මෙසේ සිතූමු. ආශ්චර්‍ය්‍යයෙකි! මේ අභිරූපිකාව කිසි කලෙකත් මේ ඇසින් මා නුදුටුවිරූ යැ.
Pali BJT476. තතො ජරාභිභූතා සා විවණ්ණා විතතානනා භින්නදන්තා සෙතසිරා සලාලවදනා’සුචි.
Sinhala BJT476. ඉක්බිති ඕ ජරාවෙන් මඩනාලදු වැ විවර්‍ණ වැ පුළුල් මුව ඇති වැ බුන් දත් ඇති වැ සුදු කෙහෙ ඇති වැ කෙලතොලු වැ අපිරිසිදු වැ -
Pali BJT477. සඞ්ඛිත්තකණ්ණා සෙතක්ඛි ලම්බාසුභපයොධරා වලිවිතතසබ්බඞ්ගී සිරාවිතතදෙහිනී.
Sinhala BJT477. හැකුළුණු කන් ඇති වැ සුදුවන් නෙත් ඇති වැ එල්බෙන අශුභ වූ පියෙවුරු ඇති වැ රැළි වැටුණු සියලඟ ඇති වැ නහර ඉල්පුණු සිරුරැති වැ -
Pali BJT478. නතඞ්ගා දණ්ඩදුතියා උප්පණ්ඩුප්පණ්ඩුකා{9} කිසා පවෙධමානා පතිතා නිස්සසන්තී මුහුං මුහුං.
Sinhala BJT478. වක්වූ කය ඇති වැ සැරයටිය දෙවැනි වැ බෙහෙවින් පඬුවන් වැ කෘශ වැ වෙවුළුම් ඇති වැ වරින් වර නිශ්ශ්වාස කෙරෙමින් ඇද වැටුණා යැ.
Pali BJT479. තතො මෙ ආසි සංවෙගො අබ්භුතො ලොමහංසනො ධිරත්ථු රූපං අසුචිං රමන්තෙ යත්ථ බාලිසා.
Sinhala BJT479. ඒ හේතුයෙන් මාහට “යමෙක්හි අන්‍ධබාලයෝ ඇලෙත් ද ඒ අපවිත්‍ර රූපයට නින්‍දා වේව” යි නො වූ විරූ ලොමුදහගන්වන සංවේගයෙක් වූයේ යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(එවිට සොරා)
Pali BJT480. තදා මහාකාරුණිකො දිස්වා සංවිග්ගමානසං උදග්ගචිත්තො සුගතො{1} ඉමා ගාථා අභාසථ:
Sinhala BJT480. එකල්හි මහාකාරුණික වූ උඩුහුරු සිතැති සුගතයන් වහන්සේ සංවිග්න මනසැති මා දැක මේ ගාථා වදාළ සේකැ.
Pali BJT481. “ආතුරං අසුචිං පූතිං පස්ස ඛෙමෙ සමුස්සයං උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දිතං.
Sinhala BJT481. “ඛේමාවනි, (රෝගාදියෙන්) ආතුර වූ (දෙතිස් කුණප හෙයින්) අපවිත්‍ර වූ කුණු වූ (පූයා) උතුරන වැගිරෙන අඥයන් විසින් (තෘෂ්ණා විසින්) අභිනන්‍දිත වූ කය බලව,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(භද්‍රා)
Pali BJT482. අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං සති කායගතා ත්යත්ථු නිබ්බීදාබහුලා භව.
Sinhala BJT482. අසුභානුපස්සනා සම්පාදනය පිණිස සිත (උපචාර සමාධි විසින්) එකඟ කොට (අර්‍පණා සමාධි විසින්) සුසමාහිත කොට වඩව. තොපට කායගතාසතිය වේවා. (පස් කඳෙහි කලකිරීම සංඛ්‍යාත) නිර්විදාව බහුල කොට ඇති වව.
Pali BJT483. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්දං විරාජය.
Sinhala BJT483. මේ අධ්‍යාත්මකාය යම්සේ ද තෙල බාහිරකයත් එසේ යැ, තෙල බාහිර කය යම්සේ ද මේ අධ්‍යාත්ම කයත් එසේ යැ යි අධ්‍යාත්ම වූත් බාහිර වූත් කයෙහි කාමච්ඡන්‍දය දුරු කර.
Pali BJT484. අනිමිත්තඤ්ච භාවෙථ මානානුසයමුජ්ජහ තතො මානාභිසමයා උපසන්තා චරිස්සසි.
Sinhala BJT484. (නිත්‍යනිමිති රහිත හෙයින්) අනිමිත්ත (නම් වූ අනිත්‍ය) සංඥාව වඩව, මානානුශය උපුටාලව, ඉක්බිති මානයාගේ ප්‍රහාණාහි සමයෙන් උපශාන්ත වැ හැසිරෙන්නෙහි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙය දැක දෙවියෙක් මෙසේ කියයි:)
Pali BJT485. යෙ රාගරත්තානුපතන්ති සොතං සයං කතං මක්කටකොව ජාලං එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො{2} කාමසුඛං පහාය.”
Sinhala BJT485. යම් කෙනෙක් රාගයෙන් ඇලුණාහු වෙත් ද, තමා කළ දැලෙහි වැටෙන මකුළුවා සෙයින් උහු පුන පුනා ශෝකයට වැටෙත්. අපේක්‍ෂා රහිතයෝ තෙල රාගය සිඳ කම්සුව හැරපියා සසර හැරයෙත්” යි.
Pali BJT486. තතො කල්ලිතචිත්තං{3} මං ඤත්වාන නරසාරථි මහානිදානං දෙසෙසි සුත්තන්තං විනයාය මෙ.
Sinhala BJT486. නරසාරථි වූ සර්‍වඥයන් වහන්සේ (අශ්‍රද්‍ධාදියෙන් දුරු වැ මතු දේශනාවට බඳුන් වැ සිටුනා හෙයින්) කර්‍මණ්‍ය වූ සිතැති මා දැන හික්මෙනු පිණිස මට මහානිදාන සූත්‍රාන්තය දේශනා කළ සේකැ.
Pali BJT487. සුත්වා සුත්තන්තසෙට්ඨං තං පුබ්බසඤ්ඤමනුස්සරිං තත්ථ ඨිතාව’හං සන්තී ධම්මචක්ඛුං විසොධයිං.
Sinhala BJT487. ඒ උතුම් සූත්‍රාන්තය ශ්‍රවණ කොට පෙර (කසුප් බුදුන් සෙමෙහි භාවිත (මහානිදාන සූත්‍රාන්‍ත) සංඥාව සිහි කළමු. එහි සිටියා වූ මැ මම් ධර්‍මචක්‍ෂුස (-සෝතාපත්තිමග්ග ඤාණය) පිරිසිදු කළමු.
Pali BJT488. නිපතිත්වා මහෙසිස්ස පාදමූලම්හි තාවදෙ අච්චයං දෙසනත්ථාය ඉදං වචනමබ්රවිං:
Sinhala BJT488. එකෙණෙහි මහර්ෂීන් වහන්සේගේ පාමුල වැඳ වැටී (කළ) වරද දෙසනු පිණිස මෙ වදන් කීමු.
Pali BJT489. “නමො තෙ සබ්බදස්සාවී නමො තෙ කරුණාකර නමො තෙ තිණ්ණසංසාර නමො තෙ අමතංදද.
Sinhala BJT489. සියල්ල දක්නාසුලු උතුමාණෙනි, තොපට නමස්කාර වේවා, කරුණාකරයාණනි, තොපට නමස්කාර වේවා. සසර තරණය කළ මහතාණනි, තොපට නමස්කාර වේවා. අමෘතදායකයාණනි, තොපට නමස්කාර වේවා.
Pali BJT490. දිට්ඨිගහනපක්ඛන්තා{1} කාමරාගවිමොහිතා තයා සම්මා උපායෙන විනීතා විනයෙ රතා.
Sinhala BJT490. දෘෂ්ටිගහන (-වන) යට වැදුනු කාමරාගයෙන් බෙහෙවින් මුළා වූ මම සම්‍යග්උපායෙන් තොප විසින් හික්මවන ලදුයෙම් විනයෙහි ඇලුණා වෙමි.
Pali BJT491. අදස්සනෙන විබ්භොගා තාදිසානං මහෙසිනං අනුභොන්ති මහාදුක්ඛං සත්තා සංසාරසාගරෙ.
Sinhala BJT491. තොප වැනි මහර්ෂීන්ගේ නොදැක්මෙන් (සම්‍යග් මාර්‍ගයෙන්) වෙන් වූ සත්‍වයෝ සසර සයුරෙහි (ගිලී) මහදුක් විඳිති.
Pali BJT492. යදා’හං ලොකසරණං අරණං මරණන්තගුං{2} නාද්දසාසිමදූරට්ඨං දෙසයාමි{3} තමච්චයං.
Sinhala BJT492. යම් කලෙක මම ලොවට පිහිට වූ කෙලෙස් රහිත වූ මරණාන්තයට ගිය නුදුරු අරම්හි වැඩ සිටුනා බුදුරදුන් නුදුටුයෙම් ද ඒ වරද දෙසමි.
Pali BJT493. මහාහිතං වරදදං අහිතොති විසඞ්කිතං. නොපෙසිං රූපනිරතා දෙසයාමි තමච්චයං.”
Sinhala BJT493. මහාහිත වූ නිර්‍වාණදායක වූ (මා විසින්) අහිත යයි සැක කරන ලද බුදුරදුන් වෙතැ රූපලාලනයෙහි නිරත වූ යෙම් නො එළැඹුණුමු. ඒ වරද දේශනා කරමි’යි කියා යි.
Pali BJT494. තදා මධුරනිග්ගොසො මහාකාරුණිකො ජිනො අවොච ‘තිට්ඨ ඛෙමෙ’ති සිඤ්චන්තො අමතෙන මං.
Sinhala BJT494. එකල්හි මහා කාරුණික වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ මා අමා දියෙන් ඉසිනසේක් මිහිරි වූ ගැඹුරුඝෝස ඇති වැ ‘ඛේමාවනි, නැඟී සිටුව’ යි වදාළ සේකැ.
Pali BJT495. තදා පණම්ය සිරසා කත්වා ච නං පදක්ඛිණං ගන්ත්වා දිස්වා නරපතිං ඉදං වචනමබ්රවිං.
Sinhala BJT495. එවිටැ මස්තකයෙන් නැමැද ඔබ ප්‍රදක්‍ෂිණා ද කොට (රජ ගෙට) ගොස් රජු දැක මෙ වදන් පැවසූමු.
Pali BJT496. “අහො සම්මාඋපායො තෙ චින්තිතො’යමරින්දම වනදස්සනකාමාය දිට්ඨො නිබ්බානදො මුනි.
Sinhala BJT496. “රජතුමනි, පුදුමයෙකි. ඔබ විසින් මේ සම්‍යග්උපාය සිතන ලද යැ, උයන දකිනු රිසි ඇත්ත විසින් නිර්‍වාණදායක මුනිඳු දක්නා ලදි.
Pali BJT497. යදි තෙ රුච්චතෙ රාජ{4} සානෙ තස්ස තාදිනො පබ්බජිස්සාමි රූපෙ’හං නිබ්බින්නා මුනිවාණිනා.{5}
Sinhala BJT497. මහරජ, ඉදින් තොපට රිසි වේ නම් අකම්ප්‍ය ගුණ ඇති ඒ බුදුන්ගේ සසුන්හි පැවිදි වන්නෙමි, බුදු වදනින් මම රූපයෙහි කලකිරුණා වෙමි.”
Pali BJTභාණවාරං දුතියං.
Sinhala BJTදෙවැනි බණවර යි.
Pali BJT498. අඤ්ජලිං පග්ගහෙත්වාන තදාහ ස මහීපති “අනුජානාමි තෙ භද්දෙ පබ්බජ්ජා තව සිජ්ඣතු.”
Sinhala BJT498. එවිටැ ඒ මිහිපල් තෙමේ ඇඳිලි බැඳ “සොඳුර තොපට (පැවිද්ද) අනුදනිමි. තොපගේ පැවිද්ද සිදු වේවා.”
Pali BJT499. පබ්බජිත්වා තදාචාහං අද්ධමාසෙ{6} උපට්ඨිතෙ දීපොදයඤ්ච භෙදඤ්ච දිස්වා සංවිග්ගමානසා.
Sinhala BJT499. එකල්හි මම පැවිදි වැ අඩමසක් එළැඹැසිටි කල්හි පහන දැල්වීමත් නිවීමත් දැක සංවිග්නමනස් ඇතියෙම් -
Pali BJT500. නිබ්බින්නා සබ්බසඞ්ඛාරෙ පච්චයාකාරකොවිදා චතුරොඝෙ අතික්කම්ම අරහත්තමපාපුණිං.
Sinhala BJT500. සියලු සංස්කාරයෙහි කලකිරුණෙම් ප්‍රත්‍යයාකාරයෙහි දක්‍ෂ වැ චතුරෝඝ ඉක්මැ රහක් බවට පැමිණියෙමු.
Pali BJT501. ඉද්ධියා ච වසී ආසිං දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී චාපි භවාමහං.
Sinhala BJT501. මම ඍද්ධියෙහිද දිබ්බසෝතධාතුයෙහි ද වශී වූමු. චේතෝපරියඤාණයෙහි (-පරසිත් දන්නා නුවණෙහි) දු වශී වූවා වෙමි.
Pali BJT502. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT502. පෙරැ විසූකඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT503. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච පරිසුද්ධං මම ඤාණං උප්පන්නං බුද්ධසාසනෙ.
Sinhala BJT503. අත්‍ථ - ධර්‍ම - නිරුත්තියෙහි ද එසෙයින් ම ප්‍රතිභානයෙහි ද මාගේ ඥානය පිරිසිදු යැ, බුදුසසුන්හි ඥානය උපනැ.
Pali BJT504. කුසලා’හං විසුද්ධීසු කථාවත්ථු විසාරදා අභිධම්මනයඤ්ඤූ ච වසිප්පත්තා’ම්හි සාසනෙ.
Sinhala BJT504. මම (සප්ත) විශුද්ධියෙහි දක්‍ෂයෙමි, කථාවස්තුවිෂයෙහි විශාරද (-නිර්‍භය) වෙමි, අභිධර්‍මනය දන්මි, සසුන්හි වශීප්‍රාප්ත වෙමි.
Pali BJT505. තතො භොජනවත්ථුස්මිං{1} රඤ්ඤා කොසලසාමිනා පුච්ඡිතා නිපුණෙ පඤ්හෙ ව්යාකරොන්තී යථාතථං.
Sinhala BJT505. ඉක්බිති කෝශලාධිපති රජු විසින් භෝජනවස්තුයෙහි පුළුවුත් සියුම් පැන ඇති සැටියෙන් විසඳන්නක් වූමු.
Pali BJT506. තදා ස රාජා සුගතං උපසඞ්කම්ම පුච්ඡථ තථෙව බුද්ධො ව්යාකාසි යථා තෙ ව්යාකතා මයා.
Sinhala BJT506. එකල්හි ඒ රජ සුගතයන් වහන්සේ වෙතැ එළැඹ විචාළේ ය. ඒ පැන යම් අයුරෙකින් මා විසඳන ලදද, එසෙයින් ම බුදුහු විසඳා වදාළහ.
Pali BJT507. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං “මහාපඤ්ඤානමග්ගාති භික්ඛුනීනං නරුත්තමො.
Sinhala BJT507. නරෝත්තම ජිනේන්‍ද්‍රයන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූ සේක් මහා ප්‍රඥා ඇති භික්‍ෂුණීන් අතරැ අග්‍ර යයි මා ඒතදග්‍රයෙහි තැබූ සේකැ.
Pali BJT508-510. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT508. - 510. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං ඛෙමා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් වනාහි ඛේමා තෙරණියෝ මේ ගාථා පැවසූහ.
Pali BJTඛෙමාථෙරියාපදානං අට්ඨමං.
Sinhala BJTඅටවැනි ඛේමා ස්ථවිරාපදාන යි.
Pali BJT2. 9 උප්පලවණ්ණාපදානං.
Sinhala BJT2. 9 උප්පලවණ්ණා අපදානය
Pali BJT511. භික්ඛුනී උප්පලවණ්ණා ඉද්ධියා පාරමිඞ්ගතා වන්දිත්වා සත්ථුනො පාදෙ ඉදං වචනමබ්රවි.
Sinhala BJT511. ඍද්ධියෙන් අගතැන්පත් උත්පලවර්‍ණා භික්‍ෂුණී තොමෝ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙවදන් පැවසූ:
Pali BJT512. නිත්තිණ්ණා ජාතිසංසාරං{2} පත්තා’හං අචලං පදං සබ්බදුක්ඛං මයා ඛීණං අරොචෙමි මහාමුනි.
Sinhala BJT512. ඒ ඒ ජාතිවල (උපන් විසින්) හැසිරීම තරණය කළ මම අචල වූ නිර්‍වාණපදයට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්‍ෂය කරන ලද, මහාමුනිතුමනි, (එය) සැලකරමි.
Pali BJT513. යාවතා පරිසා අත්ථි පසන්නා ජානසාසනෙ යෙසඤ්ච{3} මෙ’පරධො’ත්ථි ඛමන්තු ජිනසම්මුඛා.
Sinhala BJT513. බුදුසසුන්හි පහන් වූ යම් පමණ පිරිස් ඇත් ද, යම් කෙකෙකුන් ට මා කළ අපරාධයෙකුත් ඇත් ද, බුදුරදුන් හමුයෙහි (මට) කමත් වා.
Pali BJT514. සංසාරෙ සංසරන්තාය{4} ඛලිතං මෙ සචෙ භවෙ ආරොචෙමි මහාවීර අපරාධං ඛමස්සු තං{5}
Sinhala BJT514. මහාවීරයන් වහන්ස, ආරෝචනා කරමි: සසර සැරිසරන මාගේ ඉදින් (යම්) දොසෙක් වී නම් ඒ දොස ක්‍ෂමා කරන සේක්වා.”
Pali BJT515. “ඉද්ධිං චාපි නිදස්සෙහි මම සාසනකාරිකෙ චතස්සො පරිසා අජ්ජ කඞ්ඛං ජින්දාහි යාවතා”
Sinhala BJT515. (බුදුහු) “මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්වව, යම් පමණ සිවුපිරිස් වේ ද, අද (ඔවුන්ගේ) සැක සිඳුව.”
Pali BJT516. “ධීතු{1} තුය්හං මහාවීර පඤ්ඤාවන්ත ජුතින්ධර බහුං ච දුක්කරං කම්මං කතං මෙ අතිදුක්කරං.
Sinhala BJT516. (උප්පලවණ්ණා) “ප්‍රඥාවත් ජුතින්‍ධර මහාවීරයාණෙනි, ඔබගේ දුහිතෘ වූ මා විසින් බෙහෙවින් අපහසු වූ බොහෝ දුෂ්කර වූ ක්‍රියා කරන ලදි.
Pali BJT517. උප්පලස්සෙව මෙ වණ්ණො නාමෙනුප්පලනාමිකා සාවිකා තෙ මහාවීර පාදෙ වන්දති චක්ඛුම.
Sinhala BJT517. මාගේ (සිවි) පැහැය උපුලක පැහැ බඳු වෙයි. චක්‍ෂුර්මත් මහාවීරයාණනි, නමින් උත්පලා නම් වූ ශ්‍රාවිකා තොමෝ ඔබ පා වඳියි.
Pali BJT518. රාහුලො ච අහඤ්චෙව නෙකජාතිසතෙ බහූ එකස්මිං සම්භවෙ ජාතා සමානච්ඡන්දමානසා.
Sinhala BJT518. රාහුලත්, මමත් නොයෙක් බොහෝ සියගණන් ජාතිවලැ එක ම කුලයෙකැ උපනුම්හ, සමාන රිසි හා මනස් ඇත්තෝ ද වූම්හ.
Pali BJT519. නිබ්බත්ති එකතො හොති ජාතිසු බහුසො මම{2} පච්ඡිමභවෙ{3} සම්පත්තෙ උභොපි නානාසම්භවා.
Sinhala BJT519. බෙහෙවින් (ඒ ඒ) ජාතිවලැ මාගේ ඉපැත්ම (රාහුල) හා එක් වැ වෙයි. පැසුළු භවය පැමිණි කල්හි දෙදෙන ම වෙන වෙන උපත් ඇත්තෝ වූම්හ.”
Pali BJT520. පුත්තො ච රාහුලො නාම ධීතා උප්පලසව්හයා පස්ස වීර මමං ඉද්ධිං බලං දස්සෙමි සත්ථුනො.
Sinhala BJT520. පුත් රාහුල නම් විය, දූ උත්පල නම් වූ. වීරයන් වහන්ස, මාගේ ඍද්ධි බලනු මැනැවි. ශාස්තෲන් වහන්සේ ට (මාගේ) බලය දක්වමි.
Pali BJT521. මහාසමුද්දෙ චතුරො පක්ඛිපි හත්ථපාතියං තෙලං හත්ථගතං{4} චෙව වෙජ්ජො{5} කොමාරකො යථා.
Sinhala BJT521. කෝමාරභව්ව නම් වෛද්‍යයා අතට පත්, තෛලයක් සෙයින් සිව්සයුරු අත් නමැති තලියෙහි බහාලූ යැ.
Pali BJT522. උබ්බත්තයිත්වා පඨවිං පක්ඛිපි හත්ථපාතියං චිත්තමුඤ්ජං{6} යථා නාම ලුඤ්චි කොමාරකො යුවා.
Sinhala BJT522. තරුණ කෝමාරක යම් පරිදි මුදුතණ සින්දේ ද එසෙයින් පොළොව උපුරා අත් නමැති තලියෙහි බහාලූ යැ.
Pali BJT523. චක්කවාළසමං පාණිං ඡාදයිත්වාන මත්ථකෙ. වස්සාපෙත්වාන ඵුසිතං නානාවණ්ණං පුනප්පුනං.
Sinhala BJT523. සක්වළ සම කොට අත්ලෙන් මස්තකය වසා නැවත නැවත නන්වැදෑරුම් පැහැපත් වැසිපොද වර්‍ෂා කරවා -
Pali BJT524. භූමිං උදුක්ඛලං කත්වා ධඤ්ඤං කත්වාන සක්ඛරං සිනෙරු මුසලං කත්වා මද්දි කොමාරිකා යථා.
Sinhala BJT524. පොළොව වනක් කොට සකුරු (-වැලි කැට) ධාන්‍ය කොට මේරුව මොහොලක් කොට දැරියක මෙන් මැඩලූ යැ.
Pali BJT525. “ධීතා’හං බුද්ධසෙට්ඨස්ස නාමෙනුප්පලසව්හයා අභිඤ්ඤාසු වසීභූතා තව සාසනකාරිකා.
Sinhala BJT525. මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘ වෙමි. නමින් උප්පලවණ්ණා නමු. අභිඥාහි වශීභූත වූ මම් ඔබගේ අනුසසුන් කරන්නක් වෙමි.
Pali BJT526. නානා විකුබ්බණං කත්වා දස්සෙත්වා ලොකනායකං නාමගොත්තඤ්ච සාවෙත්වා{7} පාදෙ වන්දාමි චක්ඛුම.
Sinhala BJT526. නොයෙක් ඍද්ධිවිකුර්‍වණ කොට ලෝකනායකයන් වහන්සේට දක්වා නම්ගොත් ද අස්වා පසැස් ඇති උතුමාණනි, ඔබ පා වඳිමි.
Pali BJT527. ඉද්ධියා ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනෙ.
Sinhala BJT527. මහාමුනිතුමනි, (මම) ඍද්ධියෙහි ද වශී වෙමි. දිබ්බසෝත ධාතුයෙහි ද චේතෝපරියඤාණයෙහි ද වශී වෙමි.
Pali BJT528. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං. සබ්බාසවා පරික්ඛීණා{1} නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT528. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්‍භවයෙක් (යළි ඉපැත්මෙක්) නැත.
Pali BJT529. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විමලං සුද්ධං පභාවෙන මහෙසිනො.
Sinhala BJT529. මහර්ෂීන් වහන්සේගේ ප්‍රභායෙන් අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද, එසේ මැ ප්‍රතිභානයෙහි ද මගේ ඥානය නිර්‍මල යැ, පරිශුද්ධ යැ.
Pali BJT530. පුරිමානං ජිනග්ගානං සම්මුඛා ච පරම්මුඛා{2} අධිකාරං බහුං මය්හං තුය්හත්ථාය මහාමුනි.
Sinhala BJT530. මහාමුනිතුමනි, තොප සඳහා පෙර බුදුවරයන්ගේ සම්මුඛයෙහි ද පරාම්මුඛයෙහි ද මාගේ අධිකාරය (-කුසල් රැස් කිරීම) බොහෝ යැ.
Pali BJT531. යං මයා පූරිතං{3} කම්මං කුසලං සර මෙ{4} මුනි තවත්ථාය මහාවීර පුඤ්ඤං උපචිතං මයා.
Sinhala BJT531. මා විසින් යම් කුශල කර්‍මයක් පුරන ලද ද, මාගේ ඒ කර්‍මය සිහි කරනු මැනැවි, මහාවීරයන් වහන්ස තොප පිණිස මා විසින් පින් රැස් කරන ලද යැ.
Pali BJT532. අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා පරිවජ්ජෙන්තී{5} අනාචාරං{6} තවත්ථාය මහාවීර චත්තං ජීවිතමුත්තමං.
Sinhala BJT532. අභව්‍යස්ථාන හැරපියා අනාචාරය බැහැර ලන්නක් වූමු. මහාවීරයන් වහන්ස, තොප පිණිස මාගේ උතුම් ජීවිතය ද පරිත්‍යාග කළමු.
Pali BJT533. දසකොටිසහස්සානි අදාසිං මම{7} ජීවිතං පරිච්චත්තං{8} ච මෙ හොති{9} තවත්ථාය මහාමුනි.”
Sinhala BJT533. මහාමුනිතුමනි, තොප පිණිස දසකෙළදහසක් (ධනය) දුන්මු. මා විසින් මාගේ ජීවිතය ද පරිත්‍යාග කරන ලද වෙයි.”
Pali BJT534. තදාතිවිම්හිතා සබ්බා සිරසාව කතඤ්ජලී අවොච’ය්යෙ කථං ආසි අතුලිද්ධිපරක්කමා.
Sinhala BJT534. එකල්හි අතිවිස්මිත වූ සියලු පිරිස මුදුනින් බදැඳිලි වැ “ආර්‍ය්‍යාවනි, කෙසේ නම් (මෙබඳු) අසම වූ ඍද්ධි පරාක්‍රම ඇතිවූ දැ” යි පිළිවිසී.
Pali BJT535. සතසහස්සෙ ඉතො{10} කප්පෙ නාගකඤ්ඤා අහුං{11} තදා විමලා නාම නාමෙන කඤ්ඤානං සාධුසම්මතා.
Sinhala BJT535. මෙයින් සුවහස්වන කප්හි නාගකන්‍යාවක් වූමු. එකලැ නමින් විමලා නම් වූ මම කන්‍යාවන් අතරැ සාධුසම්මත වූවා වෙමි.
Pali BJT536. මහොරගො මහානාගො පසන්නො ජිනසාසනෙ පදුමුත්තරං මහාතෙජං නිමන්තෙසි සසාවකං.
Sinhala BJT536. මහොරග නම් වූ මහනාරජ තෙමේ බුදුසසුන්හි පහන් වූයේ ශ්‍රාවකයන් සහිත වූ මහත් තෙද ඇති පදුමුත්තර මුනිරජුන් නිමන්ත්‍රණය කෙළේ යි.
Pali BJT537. රතනාමයං{12} මණ්ඩපඤ්ච පල්ලඞ්කං රතනාමයං රතන{13}වාලුකාකිණ්ණං උපභොගං රතනාමයං
Sinhala BJT537-538. රුවන්මුවා මණ්ඩපයක් ද, රුවන්මුවා පළඟක් ද, රුවන් මුවා උපභෝග දෑ ද, රුවන් දදින් සැරහුණු රුවන්වැලි විසුරුණු මඟ ද පිළියෙළ කෙළේ ය. හේ තූර්‍ය්‍යයන් වයනු ලබන්නේ පෙර ගමන් කොට සම්බුදුරදුන් (වැඩම කරවූයේ යි.)
Pali BJT538. මග්ගං ච පටියාදෙසි රතනද්ධජභූසිතං පච්චුග්ගන්ත්වාන සම්බුද්ධං වජ්ජන්තො තුරියෙහි{14} සො
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT539. පරිසාහි චතුහි{1} සො සහිතො{2} ලොකනායකො මහොරගස්ස භවනෙ නිසීදි පරමාසනෙ.
Sinhala BJT539. ඒ ලෝකනාථයන් වහන්සේ සිවු පිරිස් සහිත වූ සේක් මහොරග නා රජුගේ භවනෙහි උතුම් අස්නෙකැ වැඩහුන්සේකැ.
Pali BJT540. අන්නං පානං ඛාදනීයං භොජනීයං{3} මහාරහං වරං වරඤ්ච පාදාසි නාගරාජා මහායසො.{4}
Sinhala BJT540. මහායසස් ඇති නාරජ ආහාර ද පාන ද කෑයුතු දෑ ද බිදියයුතු දෑ ද මා ඇඟි උතුම් උතුම් දෑ ද දුන්නේ යැ.