Pali BJT743. විරොචෙන්තො{2} ගන්ධකුටිං දෙවදෙවො නරාසභො, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT743. “දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෘ තෙමේ ගඳකිළිය බබුළුවන්නේ බික්සඟන මැද සිටියේ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT744. යෙනා’යං ජොතිතා සෙය්යා{3} ආදාසො ච සුසන්ථතො, තම’හං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
Sinhala BJT744. යමකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැටපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනැවින් අතුරණ ලද ද මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නා වූ මාගේ වචනය අසවු:
Pali BJT745. සොණ්ණමයා රූපිමයා{4} අථො වෙළුරියාමයා, නිබ්බත්තිස්සන්ති ආදාසා{5} යෙ කෙචි මනසො පියා.
Sinhala BJT745. “ස්වර්‍ණමය වූ ද රජතමය වූ ද යලි වෙරළුමිණිමුවා වූ ද යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම්, (ඒ ආදාසයෝ) පහළ වන්නාහු ය.
Pali BJT746. චතුසට්ඨික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, සහස්සක්ඛත්තුං චක්කවත්තී භවිස්සති අනන්තරා.
Sinhala BJT746. සූසැට වරක් ශක්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අනතුරු ව දහස්වරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT747. එකවීසතිකප්පම්හි විමලො නාම ඛත්තියො, චාතුරන්තො විජිතාවී චක්කවත්තී භවිස්සති.
Sinhala BJT747. එක්විසිවන කපෙහි සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරුරජුන් ජය ගන්නා සුලු වූ ‘විමල’ නම් සක්විති රජෙක් වන්නේ ය.
Pali BJT748. නගරං රෙණුවතී නාම ඉට්ඨකාහි සුමාපිතං, ආයාමතො තීණි සතං චතුරස්සසමායුතං{6}.
Sinhala BJT748. ගඩොළුවලින් නිර්මිත කරණ ලද නගරය රේණුවති නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස්හැඩයෙන් යුතු ය.
Pali BJT749. සුදස්සනො නාම පාසාදො විස්සකම්මෙන නිම්මිතො{7}, කුටාගාරවරූපෙතො සත්තරතනභූසිතො.
Sinhala BJT749. (එහි) උතුම් වූ කුළුගෙවලින් යුත් සත්රුවනින් අලංකාර කරණ ලද විශ්වකර්‍මයා විසින් නිර්මිත කරණ ලද ‘සුදර්‍ශන’ නම් ප්‍රාසාදයෙක් වන්නේ ය.
Pali BJT750. දස සද්දා අචිවිත්තං{8} විජ්ජාධරසමාකුලං, සුදස්සනංව නගරං දෙවතානං භවිස්සති.
Sinhala BJT750. එය දශවිධශබ්දයෙන් වෙන් නො වූ විද්‍යාධරයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්‍ශනනගරය මෙන් වන්නේ ය.
Pali BJT751. පභා නිග්ගච්ඡතෙ තස්ස උග්ගච්ඡන්තෙව සූරියෙ{9}, විරොචෙස්සති{10} තං නිච්චං සමන්තා අට්ඨයොජනං.
Sinhala BJT751. එ ම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදා වන කල්හි විහිදේ. එය නිරතුරු ව ම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේ ය.
Pali BJT752. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT752. කල්පලක්‍ෂයකින් මතුයෙහි ‘ඔක්කාක’ කුලයෙහි උපදින්නා වූ නමින් ‘ගෞතම’ නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT753. තුසිතා සො චවිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො අත්රජො සො භවිස්සති.
Sinhala BJT753. හෙතෙම කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ, තුෂිතපුරයෙන් චුත ව ගෞතමයන් වහන්සේගේ ඒ ඖරසපුත්‍රයා වන්නේ ය.
Pali BJT754. සචෙ වසෙය්යා’ගාරං චක්කවත්තී භවෙය්ය සො{11}, අට්ඨානමෙතං යං තාදී අගාරෙ රතිමජ්ඣගා.
Sinhala BJT754. හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම්, සක්විතිරජ වන්නේ ය. තාදීගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණේ ය යන මේ කරුණ සිදු නො වන්නකි. (හෙවත් සිදු වීමට හේතු නැත්තකි.)
Pali BJT755. නික්ඛමිත්වා අගාරම්හා පබ්බජිස්සති සුබ්බතො, රාහුලො නාම නාමෙන අරහා සො භවිස්සති.
Sinhala BJT755. සුශික්‍ෂිත වූ (හෙතෙම) ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. නමින් ඒ තෙම ‘රාහුල’ නම් වූ රහත් වන්නේ ය.”
Pali BJT756. කිකීව අණ්ඩං රක්ඛෙය්ය, චමරී විය වාලධිං, නිපකො සීලසම්පන්නො එවං රක්ඛිං{1} මහාමුනෙ.
Sinhala BJT756. මහාමුනි වූ ගෞතම බුදුරජානන් වහන්ස, කිරලා බිජුවට රකින්නාක් මෙන් ද, සෙමෙරමුවා වලග රකින්නාක් මෙන් ද මෙසේ සීලයෙන් යුක්ත වූ මම (මැනැවින් ශීලය) ආරක්‍ෂා කෙළෙමි.
Pali BJT757. තස්සා’හං ධම්මමඤ්ඤාය විහාසිං සාසනෙ රතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT757. මම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇලුනෙම් විසීමි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT758. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT758. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රාහුලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ‘රාහුල’ ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTරාහුලත්ථෙරස්සාපදානං ඡට්ඨං.
Sinhala BJTරාහුල ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT17. උපසෙනත්ථෙරාපදානං.
Sinhala BJT17. උපසේන ස්ථවිරාවදානය
Pali BJT759. පදුමුත්තරං භගවන්තං ලොකජෙට්ඨං නරාසභං, පබ්භාරම්හි නිසින්නං තං{2} උපගච්ඡිං නරුත්තමං.
Sinhala BJT759. කඳුපාමුලක (= ශිලාපර්‍වතයෙක්හි විවෙකස්ථානයක) වැඩ හුන්නා වූ මනුෂ්‍යොත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ ඒ ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේ වෙත මම එළඹියෙමි.
Pali BJT760. කණිකාරං පුප්ඵිතං දිස්වා වණ්ටෙ{3} ඡෙත්වාන’හං තදා, අලඞ්කරිත්වා ඡත්තම්හි බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT760. එකල්හි මම මැනැවින් පිපුනු කිණිහිරිමලක් දැක නටුවෙන් කඩා ගෙණ එ මලින් ඡත්‍රය අලඞ්කාර කොට බුදුරජානන් වහන්සේට (ඒ ඡත්‍රය) නැගීමි.
Pali BJT761. පිණ්ඩපාතඤ්ච පාදාසිං{4} පරමන්නං සුභොජනං, බුද්ධෙන නවමෙ තත්ථ සමණෙ අට්ඨ භොජයිං.
Sinhala BJT761. සුන්‍දරභෝජනසඞ්ඛ්‍යාත උත්තම ආහාරය වූ පිණ්ඩපාතය ද දිනිමි. එහි දී බුදුරජානන් වහන්සේ නව වැනි කොට ඇති ශ්‍රමණයන් අටනමක් වැළඳවීමි.
Pali BJT762. අනුමොදි මහාවීරො සයම්භු අග්ගපුග්ගලො, ඉමිනා ඡත්තදානෙන පරමන්නප්පවෙච්ඡනා.
Sinhala BJT762-763. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, මහාවීර වූ (පදුමුත්තර) බුදුරජ තෙම (මෙසේ) අනුමෝදනාව කෙළේ ය: “මෙ ම ඡත්‍රදානය ද උතුම් ආහාරදානය ද හේතු කොට ගෙණ (ඇති වූ) එ ම චිත්තප්‍රසාදයෙන් (මෙතෙමේ) සම්පත් අනුභව කරන්නේ ය. සතිස් වරක් ශක්‍ර ව දිව්‍ය රාජ්‍යය කරන්නේ ය.
Pali BJT763. තෙන චිත්තප්පසාදෙන සම්පත්තිමනුභොස්සති, ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT764. එකවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT764. එක්විසිවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය කරණ (වාරගණන) සඞ්ඛ්‍යාපථාතික්‍රාන්ත ය.
Pali BJT765. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාක කුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති{*}.
Sinhala BJT765. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
Pali BJT766. සාසනෙ දිප්පමානම්භි මනුස්සත්තං ගමිස්සති, තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො උපසෙනොති නාමෙන හෙස්සති සත්ථුසාවකො{†}.
Sinhala BJT766. (උන්වහන්සේගේ) සසුන බබළන කල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූයේ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ නමින් ‘උපසේන’ නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය”.
Pali BJT767. චරිමා වත්තතෙ මය්හං භවා සබ්බෙ සමූහතා; ධාරෙමි අන්තිමං දෙහං ඡෙත්වා මාරං සවාහනං.
Sinhala BJT767. (මෙය) මාගේ අන්තිමආත්මය වන්නේ ය. සියලු භවයෝ නසන ලදහ. සේනා සහිත වූ මාරයා ජය ගෙන අන්තිම ශරීරය දරමි.
Pali BJT768. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT768. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපසෙනො වඞ්ගන්තපුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් උපසේනවඞ්ගන්තපුත්තස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඋපසෙනවඞ්ගන්තපුත්තත්ථෙරස්සාපදානං සත්තමං.
Sinhala BJTඋපසෙනවඞ්ගන්තපුත්ත ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT(තතියභාණවාරං.)
Sinhala BJTතෙවෙනි බණවර යි.
Pali BJT18. රට්ඨපාලත්ථෙරාපදානං
Sinhala BJT18. රට්ඨපාල ස්ථවිරාවදානය
Pali BJT769. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, වරනාගො මයා දින්නො ඊසාදන්තො උරූළ්හවා{1}.
Sinhala BJT769-770. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට (නගුලිස් පමණ වූ) විශාල දළ ඇති රාජාර්‍හ (=රජුනට සුදුසු) වූ (ඇත්කඳෙහි ඔසවන ලද) ශ්වේතච්ඡත්‍රයෙන් ශෝභමාන වූ හස්ත්‍යාලඞ්කාර සහිත වූ ඇත්ගොව්වෙකු සහිත වූ උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී. ඒ සියල්ලෙහි වටිනා කමින් (සියල්ල විකුණා) සඞ්ඝාරාමයක් ද කරවීමි.
Pali BJT770. සෙතච්ඡත්තොපසොභිතො{2} සකප්පනො{3} සහත්ථිපො, අග්ඝාපෙත්වාන තං සබ්බං සංඝාරාමං අකාරයිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT771. චතුපඤ්ඤාස සහස්සානි පාසාදෙ කාරයිං අහං, මහාභත්තං{4} කරිත්වාන නිය්යාදෙසිං මහෙසිනො.
Sinhala BJT771. මම සූපණස්දහක් ප්‍රාසාදයන් ද කරවීමි. මහදනක් (පිළියෙල) කොට මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
Pali BJT772. අනුමොදි මහාවීරො සයම්භූ අග්ගපුග්ගලො, සබ්බෙ ජනෙ හාසයන්තො දෙසෙසි අමතං පදං.
Sinhala BJT772. මහාවීර වූ සියල්ල තෙමේ ම දැන වදාළා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ සියලු ජනයන් සතුටු කරමින් අමෘතපදය (=නිර්‍වාණ ධර්‍මය) දෙසූ සේක.
Pali BJT773. තං මෙ බුද්ධො වියාකාසි ජලජුත්තරනාමකො{5}, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT773. ‘පදුමුත්තර’ නම් වූ බුදුරජානන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් දේශනා කළසේක:
Pali BJT774. චතුපඤ්ඤාස සහස්සානි පාසාදෙ කාරයී අයං, කථයිස්සාමි විපාකං සුණොථ මම භාසතො.
Sinhala BJT774. “මෙතෙම සිවුපණස්දහසක් ප්‍රාසාදයන් කරවී ය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT775. අට්ඨාරස සහස්සානි කූටාගාරා භවිස්සරෙ, ව්යමහුත්තමම්හි නිබ්බත්තා සබ්බසොණ්ණමයා ච තෙ.
Sinhala BJT775. (මොහුට) අටළොස්දහසක් කූටාගාරයෝ වන්නාහු ය. උතුම් විමනෙහි පහළ වූ ඒ (කූටාගාරයෝ) සර්‍වස්වර්‍ණමයහ.
Pali BJT776. පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති. අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT776. (මෙතෙම) ශක්‍රදේවේන්‍ද්‍ර ව පණස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස් වරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT777. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT777. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ‘ගෞතම’ නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
Pali BJT778. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, අඩ්ඪෙ කුලෙ මහාභොගෙ නිබ්බත්තිස්සති තාවදෙ.
Sinhala BJT778. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව එකෙණෙහි ආඪ්‍ය වූ මහත් භොග ඇති කුලයක උපදින්නේ ය.
Pali BJT779. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, රට්ඨපාලො’ති නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT779. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ හෙතෙම පසු ව පැවිදි ව නමින් රට්ඨපාල ය යි ප්‍රසිද්ධශ්‍රාවකයෙක් වන්නේ ය:
Pali BJT780. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.
Sinhala BJT780. වීර්‍ය්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ උපශාන්ත වූ උපධිරහිත වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කොට ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
Pali BJT781. උට්ඨාය අභිනික්ඛම්ම ජහිතා{6} භොගසම්පදා, ඛෙළපිණ්ඩෙව භොගම්භි පෙමං මය්හං න විජ්ජති.
Sinhala BJT781. (උත්‍ථානවීර්‍ය්‍යයෙන්) නැගිට අභිනිෂ්ක්‍රමණය කොට කෙල පිඬු මෙන් භෝගසම්පත් තොමෝ හරණා ලද්දී ය. මාගේ (ඒ) භොග සම්පත්තියෙහි ඇලීමෙක් නැත.
Pali BJT782. විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT782. යෝගක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණයට පමුණුවන ධුරවාහකයා (=ගැල්බර උසුලනගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම) මේ සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
Pali BJT783. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT783. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රට්ඨපාලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTරට්ඨපාලත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTරට්ඨපාල ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT19. සොපාකත්ථෙරාපදානං
Sinhala BJT19. ස්වපාක ස්ථවිරාවදානය
Pali BJT784. පබ්භාරං සෙවයන්තස්ස{1} විපිනෙ{2} පබ්බතුත්තමෙ, සිද්ධත්ථො නාම භගවා ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT784. වනයෙහි උතුම් පර්‍වතයෙක්හි ගුහාවක් පිරිසිදු කරන්නා වූ මා වෙත සිද්ධාර්‍ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.
Pali BJT785. බුද්ධං උපාගතං දිස්වා ලොකජෙට්ඨස්ස තාදිනො, සන්ථරං සන්ථරිත්වාන{3} පුප්ඵාසනමාදාස’හං.
Sinhala BJT785. මම එළඹ සිටියා වූ බුදුරජානන් වහන්සේ දැක තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (=මලසුනක්) දිනිමි.
Pali BJT786. පුප්ඵාසනෙ නිසීදිත්වා සිද්ධත්ථො ලොකනායකො, මමඤ්ච ගතිමඤ්ඤාය අනිච්චතමුදාහරි:
Sinhala BJT786. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පුෂ්පාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්තිස්ථානය ද දැන අනිත්‍යභාවය වදාළ සේක.
Pali BJT787. “අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො.”
Sinhala BJT787. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැති වෙත්. ඔවුන්ගේ සන්සිඳීම සැප යි.
Pali BJT788. ඉදං වත්වාන සබ්බඤ්ඤූ ලොකජෙට්ඨො නරාසභො, නභං අබ්භූග්ගමි ධීරො හංසරාජාව අම්බරෙ.
Sinhala BJT788. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැනනැංගේ ය.
Pali BJT789. සකං දිට්ඨං ජහිත්වාන භාවයා’නිච්චසඤ්ඤ’හං, එකාහං භාවයිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT789. මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍යසංඥාව වැඩීමි. එක්දිනක් භාවනා කොට මම එයින් චුත වීමි.
Pali BJT790. ද්වෙ සම්පත්තී අනුභොත්වා සුක්කමූලෙන චොදිතො, පච්ඡිම්භවෙ සම්පත්තෙ සපාකයොනු’පාගමිං{4}.
Sinhala BJT790. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධසම්පත් අනුභව කොට අන්තිමභවය පැමිණි කල්හි (ස්වකීය පාකය වූ බත අනුන් අනුභව නො කරණ බැවින්) ‘සපාක’ නම් සැඩොල් කුලයට උත්පත්තිවශයෙන් එළඹුනෙමි.
Pali BJT791. අගාරා අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං. ජාතියා සත්තවස්සො’හං අරහත්තමපාපුණිං.
Sinhala BJT791. අගාර සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වයස් වූ මම රහත් බවට පැමිණියෙමි.
Pali BJT792. ආරද්ධවිරියො පහිතත්තො සීලෙසු සුසමාහිතො, තොසෙත්වාන මහානාගං අලත්ථං උපසම්පදං.
Sinhala BJT792. ඇරඹූ වීර්‍ය්‍යය ඇත්තෙම් (නිවන කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තෙම් ශීලයන්හි මැනැවින් හික්මුනෙම් බුදුරජානන් වහන්සේ සතුටු කොට උපසම්පදාව ලැබීමි.
Pali BJT793. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සි’දං ඵලං.
Sinhala BJT793. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකය යි.
Pali BJT794. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤං භාවයිං තදා, තං සඤ්ඤං භාවයන්තස්ස පත්තො මෙ ආසවක්ඛයො.
Sinhala BJT794. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩුයෙම් නම් එ ම, සංඥාව වඩන්නා වූ මාහට ආශ්‍රවක්‍ෂය ය පැමිණියේ ය.
Pali BJT795. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT795. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොපාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සෝපාක’ ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
Pali BJTසොපාකත්ථෙරස්සාපදානං නවමං.
Sinhala BJTස්වපාක ස්ථවිරා’වදානය නවවැනි යී.
Pali BJT20. සුමඞ්ගලත්ථෙරාපදානං.{*}
Sinhala BJT20. සුමඞ්ගල ස්ථවිරාවදානය
Pali BJT796. ආහුතිං යිට්ඨුකාමො’හං පටියාදෙත්වාන භොජනං, බ්රාහ්මණෙ පතිමානෙන්තො විසාලෙ මාළකෙ ඨිතො.
Sinhala BJT796. යාගයක් කරණු කැමැති (දානයක් දෙනු කැමැති) මම බොජුන් පිළියෙල කරවා (ප්‍රතිග්‍රාහක වූ ශුද්ධ පැවිදි) බමුණන් සොයමින් විශාල මාළකයෙහි සිටියෙමි.
Pali BJT797. අථ’ද්දසාසිං සම්බුද්ධං පියදස්සිං මහායසං, සබ්බලොකවිනෙතාරං සයම්භූං අග්ගපුග්ගලං.
Sinhala BJT797-798. ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නා වූ, තමා ම සියල්ල අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, ප්‍රභාසම්පන්න වූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සූර්‍ය්‍යයා මෙන් බබලන, වීථියට පිළිපන් පියදස්සි බුදුරජානන් වහන්සේ දුටුවෙමි.
Pali BJT798. භගවන්තං ජුතිමන්තං සාවකෙහි පුරක්ඛතං, ආදිච්චමිව රොචන්තං රථියං පටිපන්නකං{5}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT799. අඤ්ජලිම්පග්ගහෙත්වාන සකං චිත්තං පසාදයිං, මනසා ‘ව නිමන්තෙසිං ආගච්ඡතු මහාමුනීති.
Sinhala BJT799. ඇඳිලි බැඳ ස්වකීය චිත්තය පැහැදවීමි. මහාමුනි වූ බුදුරජානන් වහන්සේ (මාගේ නිවෙසට) වඩින සේක්වා යි සිතින් ම ආරාධනා කෙළෙමි.
Pali BJT800. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, ඛීණාසවසහස්සෙහි මම ද්වාරං උපාගමි.
Sinhala BJT800. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට එළඹි සේක.
Pali BJT801. “නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, පාසාදං අභිරූහිත්වා සීහාසනෙ නිසීද ත්වං”.
Sinhala BJT801. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී සිහසුනෙහි වැඩ හිඳුනු මැනව”.
Pali BJT802. දන්තො දන්තපරිවාරො තිණ්ණො තාරයතං වරො, පාසාදං අභිරූහිත්වා නිසීදි පවරාසනෙ.
Sinhala BJT802. දැමුනු සේක් දැමුනු පිරිවර ඇති (සසරින්) එතෙර වූ එතෙර කරන්නවුන් අතුරෙන් උතුම් වූ බුදුරජානන් වහන්සේ පහයට නැගී උතුම් අසුනෙහි වැඩ හුන් සේක.
Pali BJT803. යං මෙ අත්ථි සකෙ ගෙහෙ ආමිසං පච්චුපට්ඨිතං, තා’හං බුද්ධස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT803. ස්වකීයගෘහයෙහි මට සම්පාදනය කරණලද යම් ආහාරයක් වී ද, පහන් සිත් ඇති මම සියතින් ම බුදුරජානන් වහන්සේට එ ම ආහාර (දානය) දිනිමි.
Pali BJT804. පසන්නචිත්තො සුමනො වෙදජාතො කතඤ්ජලී, බුද්ධසෙට්ඨං නමස්සාමි අහො බුද්ධස්සුළාරතා.!
Sinhala BJT804. පහන් සිත් ඇත්තෙම් සතුටු වූයේ හටගත් සොම්නස් ඇත්තෙම් කරණ ලද ඇඳිලි ඇත්තෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජානන් වහන්සේගේ උදාරබව ආශ්චර්‍ය්‍ය යි.
Pali BJT805. අට්ඨන්නං පයිරූපාසතං{1} භුඤ්ජං{2} ඛීණාසවා බහු, තුය්හෙවෙසො ආනුභාවො සරණං තං උපෙමහං.
Sinhala BJT805. (එහි) වළඳන්නා වූ පර්‍ය්‍යුපාසනය කරණ අෂ්ටආර්‍ය්‍යපුද්ගලයන් අතුරෙන් රහත්හු ම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේ ම අනුභාවය යි. මම (ඔබවහන්සේ) සරණ කොට යෙමි.
Pali BJT806. පියදස්සී ච භගවා ලොකජෙට්ඨො නරාසභො, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT806. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක.
Pali BJT807. “යො සො සංඝං අභොජෙසි උජුභූතං සමාහිතං, තථාගතඤ්ච සම්බුද්ධං සුණාථ මම භාසතො.
Sinhala BJT807. “ඍජුප්‍රතිපන්නතාදි ගුණ යුත් සන්සුන් සංඝයා ද තථාගත වූ බුදුරජානන් වහන්සේ ද ඒ යමෙක් වැළඳවී ද, (ඔහු පිළිබඳව) කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT808. සත්තවීසතික්ඛත්තුං සො දෙවරජ්ජං කරිස්සති, සකකම්මාභිරද්ධො සො දෙවලොකෙ රමිස්සති.
Sinhala BJT808. හෙතෙම සත්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. පටන් ගත් ස්වකීය කට යුතු ඇති හෙතෙම දිව්‍යලෝකයෙහි සිත් අලවා වෙසෙයි.
Pali BJT809. දසඤ්ච’ට්ඨක්ඛත්තුං සො චක්කත්තී භවිස්සති, පථව්යා රජ්ජං පඤ්චසතං වසුධං ආවසිස්සති.”
Sinhala BJT809. හෙතෙම අටළොස්වරක් සක්විතිරජ වන්නේ ය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙණ පොළොවෙහි වාසය කරන්නේ ය.”
Pali BJT810. අරඤ්ඤං වනමොගය්හ කානනං ව්යග්ඝසෙවිතං, පධානං පදහිත්වාන කිසො ඣාපිතා මයා.
Sinhala BJT810. ව්‍යාඝ්‍රයන් (ව්‍යාලමෘගයන්) විසින් සෙවුනා ලද මහාවනයට පිවිස වීර්‍ය්‍යය කොට මා විසින් කෙලෙස් දවන ලදී.
Pali BJT811. අට්ඨාරසෙ කප්පසතෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භත්තදානස්සි’දං ඵලං
Sinhala BJT811. එක්සිය අටළොස්වන කපෙහි වූ එකල්හි යම් දානයක් දිනිම් ද, (එබැවින්) දුගතියක් නො දනිමි. ආහාරදානයාගේ මේ විපාකය යි.
Pali BJT812. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT812. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමඞ්ගලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගලස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසුමඞ්ගලත්ථෙරස්සාපදානං දසමං.
Sinhala BJTසුමඞ්ගලස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසීහාසනී එකථම්භී නන්දො ච චුල්ලපන්ථකො, පිළින්දො{3} රාහුලො චෙව වඞ්ගන්තො රට්ඨපාලකො සොපාකො මඞ්ගලො චෙව දසෙව දුතියෙ වග්ගෙ. සතඤ්ච අට්ඨතිංසා ච ගාථා එත්ථ පකාසිතා.
Sinhala BJTසිහසුන් ද එක්ටැම් - දුන් දෙනම හා නන්‍ද ද, සුළුපතු පිළිඳි රාහුල - වංගන්න රටපල් හා. සෝපාක මංගල ය යි - දසසිරිතකි දෙවන වගැ, එක්සියඅටතිසෙක් ගී - යෙන් එය මෙහි කියන ලදී.
Pali BJTසිහාසනදායකවග්ගො දුතියො
Sinhala BJTදෙවෙනි සිංහාසනදායකවර්‍ග යයි.
Pali BJT3. සුභූතිවග්ගො
Sinhala BJT3. සුභූති වර්‍ගය
Pali BJT21. සුභූතිත්ථෙරාපදානං.
Sinhala BJT21. සුභූති ස්ථවිරාවදානය
Pali BJT813. හිමවන්තස්ස අවිදූරෙ නිසභො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT813. හිමවතට නුදුරෙහි නිසභ නම් පර්‍වතයකි. (එහි) මට අසපුවක් කරණලදී. පන්සලක් ද මැනැවින් නිර්මිත කරණලදි.
Pali BJT814. කොසියො නාම නාමෙන ජටිලො උග්ගතාපනො, එකාකියො අදුතියො වසාමි නිසභෙ තදා.
Sinhala BJT814. (මම එහි) උග්‍ර වූ තපස් ඇති ‘කෝසිය’ නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි. එකල්හි මම ‘නිසභ’ පර්‍වතයෙහි එකලා ව දෙවැන්නෙකු නො මැති ව වසමි.
Pali BJT815. ඵලං මූලඤ්ච පණ්ණඤ්ච න භුඤ්ජාමි අහං තදා, පවත්තපණ්ඩුපත්තානි{1} උපජීවාමි තාවදෙ.
Sinhala BJT815. එකල්හි මම පළ මුල් කොළ (ගස්වලින් නෙළාගෙණ) අනුභව නො කරමි. එකෙණෙහි ස්වයංපතිත (ඉබේ වැටුනු) පඬුවන් පත් ඇසුරු කර (අනුභව කොට) ජීවත් වෙමි.
Pali BJT816. නා’හං කොපෙමි ආජීවං චජමානොපි ජීවිතං, ආරාධෙමි සකං චිත්තං විවජ්ජෙමි අනෙසනං.
Sinhala BJT816. මම ජීවිතය හැර දමන්නෙම් නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදි ආහාර සෙවීමෙන්) විකෝපනය නො කරමි. ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ඨතාවන්ගෙන්) පහදවමි. (වෙදකම් ආදි එක්විසි) අනෙසනයන් දුරු කරමි.
Pali BJT817. රාගූපසංහිතං චිත්තං යදා උප්පජ්ජතෙ මම, සයංව පච්චවෙක්ඛාමි එකග්ගො තං දම්මෙ’හං.
Sinhala BJT817. යම් කලෙක්හි රාගයෙන් යුත් වූ සිතක් මට උපදී නම්, (එකල්හි) තෙමේ ම ප්‍රත්‍යවේක්‍ෂා කරමි. එකඟ වූ සිත් ඇති මම එම රාග අදහස) මෙසේ අවවාද කරගණිමින් දමනය කරමි. (කෙසේ ද? යත්:-)
Pali BJT818. “රජ්ජසි රජනීයෙ ච දොසනීයෙ ච දුස්සසි{2}, මුය්හසෙ මොහනීයෙ ච නික්ඛමස්සු වනා තුවං.
Sinhala BJT818. “තෝ ඇලුම් කට යුතු දැයෙහි ඇලෙහි ද, ද්වේෂ කට යුතු දැයෙහි ද්වේෂ කෙරෙහි ද, මුළා විය යුතු දැයෙහි මුළාවෙහි ද, (එසේ නම්) වනයෙන් නික්ම යව.
Pali BJT819. විසුද්ධානං අයං වාසො නිම්මලානං තපස්සිනං, මා ඛො විසුද්ධං දූසෙසි නික්ඛමස්සු වනා තුවං.
Sinhala BJT819. මේ (අරණ්‍ය) වාසය පිරිසිදු වූ නිර්‍මල තපෝගුණ ඇතියනට ය. තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නො කරව. (එසේ නම්) වනයෙන් නික්ම යව.
Pali BJT820. අගාරිකො භවිත්වාන සදා යුත්තං{3} ලභිස්සසි, උභොපි මා විරාධෙසි නික්ඛමස්සු වනා තුවං.
Sinhala BJT820. ගිහි ව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහි ය. තෝ (ගිහිබව හා පැවිදිබව යන) දෙක ම වරද්දා නො ගණුව, වනයෙන් නික්ම යව.
Pali BJT821. ඡවාලාතං යථා කට්ඨං න ක්වචි කිච්චකාරකං,{4} නෙව ගාමෙ අරඤ්ඤෙ වා න හි තං කට්ඨසම්මතං.
Sinhala BJT821. සොහොන්පෙනෙල්ල යම් සේ කිසි කට යුත්තකට නො යෙදේ ද, ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (=දර) ය යි සම්මත නො වේ ද, (එසේ ම)
Pali BJT822. ඡවාලාතූපමො ත්වංසි න ගිහී නාපි සඤ්ඤතො{5}, උභතො මුත්තකො අජ්ජ නික්ඛමස්සු වනා තුවං.
Sinhala BJT822. තෝ සොහොන්පෙනෙල්ලක් වැනි වෙහි ය. ගිහියෙක් නො වෙහි. පැවිද්දෙක් ද නො වෙහි. ගිහි පැවිදි දෙපසින් ම මිදුනේ වෙහි ය. අද ම වනයෙන් නික්ම යව.