Pali BJT350. “අහො’නුකම්පිකා අම්හං සබ්බාසං වීර ගොතමි, වාසිතා තව පුඤ්ඤෙහි පත්තා නො ආසවක්ඛයං.
Sinhala BJT350. වීරයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙක, ගෝතමි තොමෝ අප සියල්ලන්ට අනුකම්පා ඇත්තී යැ, නුඹ වහන්සේගේ කුශලයන් විසින් වාසිත වූ අපි ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත නිවනට පැමිණියම්හ.
Pali BJT351. කිලෙසා ඣාපිතා අම්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
Sinhala BJT351. අප විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ මුල් සිඳ නසන ලදහ. බැඳුම් සිඳ සරණ හස්තිරාජිනීන් සෙයින් ආස්‍රව රහිත වැ වාස කරමු.
Pali BJT352. ස්වාගතං වත නො ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT352. බුදුරජාණන් වහන්සේ වෙතැ (එළැඹීමෙන්) අපට ස්වාගතයෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලදි.
Pali BJT353. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT353. මේ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂ ද ෂට් අභිඥා ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද යැ. බුදුසසුන් කරන ලදි.
Pali BJT354. ඉද්ධීසු ච වසී හොම දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොම මහාමුනෙ.
Sinhala BJT354. මහාමුනිතුමනි, ඍද්ධීන්හි වශී වෙමු, දිබ්බසෝතධාතුයෙහි (-දිවකන්හි) ද චේතෝපරියඤාණයෙහි (-පරසිත් දන්නා නුවණෙහි) ද වශී වෙමු.
Pali BJT355. පුබ්බෙනිවාසං ජානාම දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT355. පෙර විසූ කඳපිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලද යැ. සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් යළි ඉපැත්මෙක් නැති.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(උත්පලවණ්ණා පිළිතුරු දෙයි:)
Pali BJT356. අත්ථෙ ච ධම්මෙ නෙරුත්තෙ පටිභානෙ ච විජ්ජති ඤාණං අම්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
Sinhala BJT356. මහාවීරයන් වහන්ස, අපට අර්‍ත්‍ථයෙහිත් ධර්‍මයෙහිත් නිරුක්තියෙහිත් ප්‍රතිභානයෙහිත් යම් ඥානයක් වේ ද, (එ ඥානය) තොප හමියෙහි දී උපනැ.
Pali BJT357. අස්මාහි පරිචිණ්ණො’සි මෙත්තචිත්තාහි නායක අනුජානාහි සබ්බාසං{1} නිබ්බානාය මහාමුනෙ.”
Sinhala BJT357. නායකයන් වහන්ස, අප විසින් මෙත් සිතැති වැ පුරුදු (-ඇසුරු) කරන ලදහු. (අප) සියල්ලනට පිරිනිවන් පිණිස අනුදැන වදාළ මැනැවි.
Pali BJT358. “නිබ්බායිස්සාම ඉච්චෙවං කිං වක්ඛාමි වදන්තියො{2} යස්සදානි ච වො කාලං මඤ්ඤාථා”ති ජිනො’බ්රවි.
Sinhala BJT358. “පිරිනිවෙන්නමු යි මෙසේ පවසන්නන්හට කුමක් කියම් ද, යමක් පිණිස (කාලය අපේක්‍ෂා කරන්නහු නම්) තෙපි (ඒ කාලය) දනිවු” යි ජිනේන්‍ද්‍රයන් වහන්සේ වදාළ සේකැ.
Pali BJT359. ගොතමී ආදිකා තායො තදා භික්ඛුනියො ජිනං වන්දිත්වා ආසනා තම්හා වුට්ඨාය අගමංසු තා.
Sinhala BJT359. එවිට ගෝතමි ආදි ඒ භික්‍ෂුණීහු ජිනේන්‍ද්‍රයන් වැඳ එ හුනස්නෙන් නැගැ ගියාහ.
Pali BJT360. මහතා ජනකායෙන සහ ලොකග්ගනායකො අනුසංයාසි සො{3} වීරො මාතුච්ඡං යාව කොට්ඨකං.
Sinhala BJT360. ඒ වීර වූ ලෝකාග්‍රනායකයන් වහන්සේ මහාජන සමූහයා සමග දොරකොටුව තෙක් සුළුමව අනුව වැඩම කළ සේකැ.
Pali BJT361. තදා නිපති පාදෙසු ගොතමී ලොකබන්ධුනො සහෙතරාහි{4} සබ්බාහි පච්ඡිමං පාදවන්දනං.
Sinhala BJT361. එකලැ ගෝතමි තෙරණියෝ සෙසු සියල්ලන් සමග පැසුළු පා වැඳුම කෙරෙමින් ලෝකබන්‍ධු බුදුරදුන් පා මුල වැඳ වැටුණාහ.
Pali BJT362. “ඉදං පච්ඡිමකං මය්හං ලොකනාථස්ස දස්සනං. න පුනො අමතාකරං පස්සිස්සාමි මුඛං තව.
Sinhala BJT362. (ඕ මෙසේ පවසයි:) “ලෝකනාථයන් පිළිබඳ මේ මාගේ පැසුළු දැකුම යි, අමෘතයට ආකර වූ තොපගේ මුඛය යළි නො දක්මු.
Pali BJT363. න ච මෙ වන්දනං වීර තව පදෙ සුකොමලෙ සම්ඵුසිස්සාමි ලොකග්ග අජ්ජ ගච්ඡාමි නිබ්බුතිං.
Sinhala BJT363. වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ සියුමැලි පා සඟළ නැවත වැඳීමෙක් මට නො ද ඇති, ලෝකාග්‍රයන් වහන්ස, (ඔබ පා) ස්පර්‍ශ කරමි. අද පිරිනිවනට යමි.
Pali BJT364. රූපෙන කිං තවා’නෙන දිට්ඨෙ ධම්මෙ යථාතථෙ සබ්බං සඞ්ඛතමෙවෙතං අනස්සාසිතමිත්තරං.”
Sinhala BJT364. තොපගේ යථාස්වභාව (සත්‍ය) ධර්‍මය දුටු කල්හි මේ රූපයෙන් කවර වැඩෙක් ද, තෙල සියල්ල සඞ්ඛත (හේතුයෙන් හටගත්තේ) යැ, ආස්වාද (අස්වැසිලි) රහිත යැ, බොහෝ කල් නො පවත්නේ” යි.
Pali BJT365. සා තාහි සහ{1} ගන්ත්වාන භික්ඛුනූපස්සයං සකං අඩ්ඪපල්ලඞ්කමාභුජ්ජ නිසීදි පරමාසනෙ.
Sinhala BJT365. ඕ ඔවුන් සමග සිය මෙහෙණවරට ගොස් අඩ පළඟ බැඳ උතුම් අස්නෙහි හුන්නා යැ.
Pali BJT366. තදා උපාසිකා තත්ථ බුද්ධසාසනවච්ඡලා තස්සා පවත්තිං සුත්වාන උපෙසුං පාදවන්දිකා.
Sinhala BJT366. එකලැ එහි බුද්ධශාසනමාමක වූ උවැසියෝ ඇය (ගෝතමී) ගේ පුවත් අසා පා වඳිනු රිසියෝ වැ එළඹුණාහ.
Pali BJT367. කරෙහි උරං පහන්ත්වා ඡින්නමූලා යථා ලතා රොදන්තා කරුණං රාවං{2} සොකට්ටා භූමිපාතිකා{3}
Sinhala BJT367. (ඔහු) ළෙහි අතින් පැහැර බැගෑ හඬින් හඬමින් සොවින් පෙළුණෝ වැ මුල්සුන් ලියවැල් සෙයින් බිම වැටීම් ඇති වූවාහු -
Pali BJT368. “මා නො සරණදෙ නාථෙ විහාය ගමි නිබ්බුතිං නිපතිත්වාන යාචාම සබ්බායො සිරසා මයං.”
Sinhala BJT368. “අපහට ශරණදායක වූ, නාථ වූ උත්තමාවනී, අපි සියල්ලෝ සිරසින් වැඳ වැටී (තොප) අයැදුම්හ, අප හැරපියා නිවනට නහමක් යනු මැනැවි” යි කීහු.
Pali BJT369. යා පධානතමා තාසං සද්ධා පඤ්ඤා උපාසිකා තස්සා සීසං පමජ්ජන්තී ඉදං වචනමබ්රවි:
Sinhala BJT369. ඔවුනතරැ ප්‍රධානතම වූ සැදැහැවත් නුවණ ඇති යම් උවැසියක් වූ ද, (ගෝතමි) ඇය හිස පිරිමදිමින් මෙ වදන් පැවසූ:
Pali BJT370. “අලං පුත්තා විසාදෙන මාරපාසානුවත්තිනා අනිච්චං සඞ්ඛතං සබ්බං වියොගන්තං චලාචලං.”
Sinhala BJT370. “දරුවනි, මාරබන්‍ධන අනුව වටනා සොවින් කම් නැත, සඞ්ඛත ධර්‍ම සියල්ල අනිස යැ, වෙන්වීම කෙළවර කොට ඇත, නිරතුරු වෙනස්වනසුලු”යි (කියා යි.)
Pali BJT371. තතො සා තා විස්සජ්ජිත්වා පඨමං ඣානමුත්තමං දුතියං තතියං චාපි සමාපජ්ජි චතුත්ථකං.
Sinhala BJT371-372. ඉක්බිති ඕ ඔවුන් බැහැර යවා උතුම් වූ ප්‍රථමධ්‍යානයට සමවැදුණු. දෙවැනි, තෙවැනි, සිවුවැනි ධ්‍යානයනට ද එසෙයින් ම පිළිවෙළින් ආකාසානඤ්චායතන යැ විඤ්ඤාණඤ්චායතන යැ ආකිඤ්චඤ්ඤායතන යැ නේවසඤ්ඤා නාසඤ්ඤායතන යැ යන සමවතට ද සමවැදුණා යැ.
Pali BJT372. ආකාසායතනඤ්චෙව විඤ්ඤාණායතනං තථා ආකිඤ්චඤ්ඤං නෙවසඤ්ඤිං සමාපජ්ජි යථාක්කමං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT373. පටිලොමෙන ඣානානි සමාපජ්ජිත්ථ ගොතමී යාවතා පඨමං ඣානං තතො යාව චතුත්ථකං
Sinhala BJT373. ගෝතමි තෙරණියෝ පළමුවැනි ධ්‍යානය තෙක් පිළිලොම් විසින් ධ්‍යානයනට සමවැදුණාහ. එයින් (අනුලොම් විසින්) සිවුවැනි ධ්‍යානය තෙක් සමවන්හ.
Pali BJT374. තතො වුට්ඨාය නිබ්බායි දීපචවීව නිරාසනා{4} භූමිචාලො මහා ආසි නභසා විජ්ජුතා පති.
Sinhala BJT374. එයින් නැගී සිට තෙල් නැති පහන් සිළක් සෙයින් පිරිනිවියාහ. (එකෙණෙහි) මහාභූමිචලනයෙක් වියැ. අහසින් විදුලිධාරා ද පතිත වී.
Pali BJT375. පනාදිතා දුන්දුභියො පරිදෙවිංසු දෙවතා පුප්ඵවුට්ඨි ච ගගනා අභිවස්සථ මෙදිනිං.
Sinhala BJT375. මහාමේඝයෝ ගර්‍ජනා කළහ. දෙවියෝ වැළපුණාහ. අහසින් පොළොවට මල්වැසි ද වට.
Pali BJT376. කම්පිතො මෙරුරාජාපි රඞ්ගමජ්ඣෙ යථා නටො සොකෙනෙවාතිදීනො ච{5} විරවො ආසි සාගරො.
Sinhala BJT376. රඟමඬලෙහි නළුවකු මෙන් මේරුපර්‍වතය ද කම්පිත වියැ, සොවින් දීන වූ සෙයින් මහසයුර ද විරාව (මහත් ඝෝෂ) ඇති වී.
Pali BJT377. දෙවා නාගාසුරා බ්රහ්මා සංවිග්ගා’හංසු{1} තඞ්ඛණෙ: ”අනිච්චා වත සඞ්ඛාරා යථායං විලයං ගතා.
Sinhala BJT377-378. එකෙණෙහි දෙවියෝ ද නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද සංවිග්න වැ (මෙසේ) කීහු: “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යහ. යම්සේ මෝ නිවීමට ගියා ද, එසේ ශාස්තෘ ශාසනකාරිණී වූ (-බුදුවදන් අනු වැ හැසුරුණු) යම් මෙහෙණ කෙනෙක් මැය පිරිවරා සිටියාහු ද ඔහු ද (තෙල් නැති) පහන් සිළු හෙයින් උපාදාන රහිතවැ නිවීමට ගියාහු” යි.
Pali BJT378. යා චෙ’මං පරිවාරිංසු සත්ථුසාසනකාරිකා තායො’පි අනුපාදානා දීපච්චී{2} විය නිබ්බුතා.”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT379. “හා යොගා විප්පයොගන්තා හා’නිච්චං සබ්බසඞ්ඛතං හා ජීවිතං විනාසන්තං” ඉච්චාසි පරිදෙවනා.
Sinhala BJT379. “අහෝ! එක්වීම වෙන්වීම අන්තකොට ඇත්තේ යැ, අහෝ! සියලු සඞ්ඛත ධම්ම අනිත්‍ය යැ. අහෝ! ජීවිතය විනාශය කෙළවර තොට ඇත්තේ යැ” මෙසේ (ඔවුනතර) පරිදේවනා (වැලපීම්) ද ඇති වූයේ යි.
Pali BJT380. තතො දෙවා ච බ්රහ්මා ච ලොකධම්මානුවත්තනං. කාලානුරූපං කුබ්බන්ති උපෙත්වා ඉසිසත්තමං.
Sinhala BJT380. ඉක්බිති දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද ඍෂිශ්‍රේෂ්ඨ බුදුරදුන් කරා එළැඹ, ලෝසිරිත් අනු වැ කටයුතු දෑ කාලානුරූප කොට කෙරෙත්.
Pali BJT381. තදා ආමන්තයී සත්ථා ආනන්දං සුතිසාගරං,{3} ”ගච්ඡානන්ද නිවෙදෙහි භික්ඛූනං මාතුනිබ්බුතිං.”
Sinhala BJT381. එකලැ ශාස්තෲන් වහන්සේ ශ්‍රැතිසාගර වූ (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආනන්‍ද තෙරණුවන් ඇමැතූ සේක: “ආනන්‍ද, යව, මවුගේ පිරිනිවීම භික්‍ෂූන්ට දන්ව” යි.
Pali BJT382. තදා’නන්දො නිරානන්දො අස්සුනා පුණ්ණලොචනො ගග්ගදෙන සරෙනාහ “සමාගච්ඡන්තු භික්ඛවො.
Sinhala BJT382. එවිටැ නිරානන්‍ද (සතුටින් තොර) ආනන්‍ද තෙරණුවෝ කඳුළින් පිරුණු නෙත් ඇති වැ “(ආයුෂ්මත්) මහණෙනි, එක්රැස් වෙත්වයි” ගද්ගද (පැකුලුණු) හඬින් කීහ.
Pali BJT383. පුබ්බදක්ඛිණපච්ඡාසු උත්තරායං වසන්ති යෙ සුණන්තු භාසිතං මය්හං භික්ඛවො සුගතොරසා.
Sinhala BJT383. “පෙර - දකුණු - පැසුළු - දිග්හි ද, උතුරු දිග්හි ද බුද්ධපුත්‍ර යම් භික්‍ෂු කෙනෙක් වෙසෙත් නම් ඔහු මගේ වචනය අසත්වා.
Pali BJT384. යා වඩ්ඪයී පයත්තෙන සරීරං පච්ඡිමං මුනෙ සා ගොතමී ගතා සන්තිං තාරාව සුරියොදයෙ.
Sinhala BJT384. මුනීන්‍ද්‍රයන් වහන්සේගේ පශ්චිම ශරීරය යම් මවක් ප්‍රයත්නයෙන් වර්ධනය කළා ද, ඒ ගෝතමි තොමෝ සූර්‍ය්‍යයෝදයෙහි තාරකාවක් සෙයින් ශාන්තියට ගියා යැ.
Pali BJT385. බුද්ධමාතාති පඤ්ඤත්තිං ඨපයිත්වා ගතා’සමං න යත්ථ පඤ්චනෙත්තොපි ගතං{4} දක්ඛති නායකො.
Sinhala BJT385. පසැස් ඇති නායකයන් වහන්සේ පවා යම් තෙනෙකැ ගිය ඇය නො දක්නාසේක් ද (ඕ) ‘බුද්ධමාතා’ යන අසම වූ ප්‍රඥප්තිය (අප අතර) කබා (නිවීමට) ගියා යැ.
Pali BJT386. යස්සත්ථි සුගතෙ සද්ධා යො ච පියො{5} මහාමුනෙ. බුද්ධමාතරි{6} සක්කාරං කරොතුං සුගතොරසො.”
Sinhala BJT386. සුගතයන් වහන්සේ කෙරෙහි යමකුගේ ශ්‍රද්ධා ඇත් ද, මහාමුනි කෙරෙහි යමෙක් ප්‍රිය ද, (ඒ) බුද්ධ පුත්‍රතෙමේ බුද්ධමාතෘ කෙරෙහි සත්කාර කෙරේවා.”
Pali BJT387. සුදූරට්ඨාපි තං සුත්වා සීඝමාගඤ්ඡු භික්ඛවො කෙචි බුද්ධානුභාවෙන කෙචි ඉද්ධිසු කොවිදා.
Sinhala BJT387. ඉතා දුර සිටියාවූ ද භික්‍ෂූහු එ අසා බුද්ධානුභාවයෙන් ඇතැම්හු ද ඍද්ධිවිෂයෙහි නිපුණ ඇතැම්හු ද වහා පැමිණියාහු යි.
Pali BJT388. කූටාගාරවරෙ රම්මෙ සබ්බසොණ්ණමයෙ සුභෙ මඤ්චකං සමරොපෙසුං{7} යත්ථ සුත්තාසි ගොතමී.
Sinhala BJT388. ගෝතමි තොමෝ යම්තෙනෙකැ සැතපී සිටියා ද ඒ මඤ්චකය (හැඳ) සියල්ල රනින් නිම වූ ශුභ වූ රම්‍ය වූ උතුම් කුළුගෙයකැ ආරෝපණය කළහ.
Pali BJT389. චත්තාරො ලොකපාලා තෙ අංසෙහි සමධාරයුං සෙසා සක්කාදයො දෙවා කූටාගාරෙ සමග්ගහුං.
Sinhala BJT389. ඒ ලෝකපාල දෙවියෝ සිවුදෙන (කුළුගෙය) දසරුවෙහි ලා ධැරූහ. සෙසු ශක්‍රාදි දෙවියෝ කුළුගෙවල් ගත්හු.
Pali BJT390. කූටාගාරානි සබ්බානි ආසුං පඤ්චසතානිපි{1} සරදාදිච්චවණ්ණානි විස්සකම්මකතානි හි.
Sinhala BJT390. කුළුගෙවල් පන්සියයක් වියැ, එ සියල්ල සරාහිරු බඳු වියැ, විස්කම්හු විසින් කරන ලද වී.
Pali BJT391. සබ්බාපි තා{2} භික්ඛුනියො ආසුං මඤ්චෙසු සායිතා දෙවානං ඛන්ධමාරුළ්හා නීය්යන්ති අනුපුබ්බසො.
Sinhala BJT391. ඒ සියලු භික්‍ෂුණීහු මඤ්චයන්හි ශයනය කරවන ලද වූහු. දෙවියන්ගේ දසරුවට නංවන ලද්දාහු අනුපිළිවෙළින් (ආදාහනස්ථානය වෙතැ) ගෙනයනු ලැබෙත්.
Pali BJT392. සබ්බසො ඡාදිතං ආසි විතානෙන නභත්ථලං. සතාරා චන්දසුරියා ලඤ්ඡිතා කනකාමයා
Sinhala BJT392. අහස්තලය හැමදෙසින් වියනින් වසනලද වියැ, තරු සහිත සඳහිරු රන්මුවා වැ ලකුණු කරන ලද වී.
Pali BJT393. පතාකා උස්සිතා නෙකා විතතා පුප්ඵකඤ්චුකා ඔගතාකාසපදුමා මහියා පුප්ඵමුග්ගතං.
Sinhala BJT393. නොයෙක් පතාකාවෝ ඔසවන ලදහ, පුෂ්පකඤ්චුකයෝ පතුරුවා හරින ලදහ, අහසෙහි පද්මයෝ එල්බුණාහ, පොළොවෙන් පුෂ්පයෝ උද්ගත වූහු.
Pali BJT394. දිස්සන්ති{3} චන්දසුරියා පජ්ජලන්ති ච තාරකා මජ්ඣංගතොපි චාදිච්චො න තාපෙති සසි යථා.
Sinhala BJT394. සඳහිරු දක්නා ලැබෙයි, තාරකා දිලියෙයි, හිරු මධ්‍යාහ්න ගත නමුදු සඳ මෙන් (කිසිවකු) නො තවයි.
Pali BJT395. දෙවා දිබ්බෙහි ගන්ධෙහි මාලෙහි සුරභීහි ච වාදිතෙහි ච නඡි සඞ්ගීතීහි ච පූජයුං.
Sinhala BJT395. දෙවියෝ දිව්‍යමය ගන්‍ධයෙනුදු මනාසුවඳැති මල්දමිනුදු වාදනයෙනුදු නෘත්‍යයෙනුදු සංගීතියෙනුදු පිදූහු.
Pali BJT396. නාගා සුරා ච බ්රහ්මානො යථාසත්ති{4} යථාබලං පූජයිංසු ච නීයන්තිං නිබ්බුතං බුද්ධමාතරං.
Sinhala BJT396. නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද පිරිනිවි (සොහොන වෙතැ) ගෙනයනු ලබන බුද්ධමාතාව ශක්ති පමණින් බල පමණින් පූජා කළෝ යි.
Pali BJT397. සබ්බායො පුරතො නීතා නිබ්බුතා සුගතොරසා ගොතමී නීයතෙ පච්ඡා සක්කතා බුද්ධපොසිතා.
Sinhala BJT397. සුගතෝරස වූ පිරිනිවි සියලු මෙහෙණහු පෙරටු කොට ගෙනයන ලද්දාහු ය, බුදුන් (ළදරුකල) පෝෂණය කළ ගෝතමි තොමෝ සත්කාර කරනලදුව පසුව ගෙනයනු ලබයි.
Pali BJT398. පුරතො දෙවමනුජා සනාගා’සුරබ්රහ්මකා පච්ඡා සසාවකො බුද්ධො පූජත්ථං යාති මාතුයා.
Sinhala BJT398. නාග අසුර බ්‍රහ්ම ගණයා සහිත දෙව්මිනිස්හු පෙරටුව ගමන් කළහ. මවට පූජා පිණිස ශ්‍රාවකයන් සහිත වූ බුදුහු පසුවැ වැඩම කළාහු යැ.
Pali BJT399. බුද්ධස්ස පරිනිබ්බානං නෙදිසං ආසි යාදිසං. ගොතමී පරිනිබ්බානං අතීවච්ඡරියං අහු.
Sinhala BJT399. ගෝතමියගේ පරිනිර්‍වාණය යම්සේ අතිශයින් ආශ්චර්‍ය්‍ය ජනක වී ද, බුද්ධපරිනිර්‍වාණය එසේ ආශ්චර්‍ය්‍යජනක නො වී යැ.
Pali BJT400. බුද්ධො බුද්ධස්ස නිබ්බානෙ{5} නොපදිස්සති{6} භික්ඛවො බුද්ධො ගොතමිනිබ්බානෙ සාරිපුත්තාදිකා{7} තථා.
Sinhala BJT400. බුද්ධපරිනිර්‍වාණයෙහි බුදුහු නො දක්නා ලැබෙති, ගෝතමි පරිනිර්‍වාණයෙහි බුදුහු ද එසේ ම ශාරිපුත්‍රාදි තෙරණුවෝ ද දක්නා ලැබෙත්.
Pali BJT401. චිතකානි කරිත්වාන සබ්බගන්ධමයානි තෙ ගන්ධචුණ්ණාවකිණ්ණානි ඣාපයිංසු ච තා තහිං.
Sinhala BJT401. ඒ දෙව්මිනිස්හු සුවඳ සුණු බහාලූ සියලු සුවඳ දැයින් යුතු සෑ කරවා ඔවුන් (ඒ මෙහෙණන්) එහි තැන්පත් කොට දැවූහු.
Pali BJT402. සෙසභාගානි ඩය්හිංසු අට්ඨිසෙසානි සබ්බසො ආනන්දො ච තදා’වොච සංවෙගජනනං වචො:
Sinhala BJT402. අස්ථිධාතු ශේෂ කොට ඇති (ශරීරගත) සෙසු කොටස්හු සර්‍වප්‍රකාරයෙන් දැවුණාහ. එවිට අනඳ තෙරණුවෝ ද සංවේග දනවන වදන් පැවසූහ:
Pali BJT403. “ගොතමී නිධනං යාතා දඩ්ඪං චස්සා{1} සරීරකං සඞ්කෙ හං{2} බුද්ධනිබ්බානං න චිරෙන භවිස්සති.”
Sinhala BJT403. “ගෝතමී නිවීමට ගියායැ. ඇගේ සිරුර ද දැවිණ, බුද්ධ පරිනිර්‍වාණය නොබෝ කලකින් වෙතැයි මම සැක කරමි.”
Pali BJT404. තතො ගොතමිධාතූනි තස්සා පත්තගතානි සො උපනාමෙසි නාථස්ස ආනන්දො බුද්ධචොදිතො.
Sinhala BJT404. ඉක්බිති බුදුරදුන් විසින් මෙහෙයවන ලද ඒ අනඳ තෙරණුවෝ ගෝතමි තෙරණියගේ අස්‍ථිධාතු ඇයගේ පාත්‍රගත කොට නාථ වූ බුදුරදුන්හට එළැවූහ.
Pali BJT405. පාණිනා තානි පග්ගය්හ අවොච ඉසිසත්තමො: “මහතො සාරවන්තසස යථා රුක්ඛස්ස තිට්ඨතො.
Sinhala BJT405-406. ඒ අස්ථිධාතූන් අතින් පිළිගෙන ඍෂිශ්‍රේෂ්ඨයන් වහන්සේ (මෙසේ) වදාළ සේක: “හරඇති පවත්නා මහරුකෙක යම් ඒ ඉතා මහත්වූ කඳ යම්සේ අනිත්‍යතා හේතුයෙන් වැනසියේ ද එසේ භික්‍ෂුණීසඞ්ඝයාගේ මහත්කඳ වූ ගෝතමී පිරිනිවියා යැ.”
Pali BJT406. යො සො මහත්තරො ඛන්ධො පලුජ්ජෙය්ය අනිච්චතා, තථා භික්ඛුනීසඞ්ඝස්ස ගොතමී පරිනිබ්බුතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT407. අහො අච්ඡරියං මය්හං{3} නිබ්බුතායපි මාතුයා සරීරමත්තසෙසාය නත්ථි සොකපරිද්දවො.
Sinhala BJT407. අහෝ! ආශ්චර්‍ය්‍යයෙකි, සිරුර පමණක් ඉතුරු කොට මව පිරිනිවිකල්හි දු මට ශෝකයෙක් පරිදේවයෙක් නැති.
Pali BJT408. න සොචියා පරෙසං සා තිණ්ණසංසාරසාගරා පරිවජ්ජිතසන්තාපා සීතිභූතා සුනිබ්බුතා.
Sinhala BJT408. තරණය කළ සසර සයුරු ඇති දුරු කළ සන්තාප ඇති සිහිල් වූ මොනොවට නිවුණු ඕ මෙරමා විසින් ශෝක කටයුතු නො වෙයි.
Pali BJT409. පණ්ඩිතාසි මහාපඤ්ඤා පුථුපඤ්ඤා තථෙව ච රත්තඤ්ඤූ භික්ඛුනීනං සා එවං ධාරෙථ{4} භික්ඛවො.
Sinhala BJT409. මහණෙනි, මෙසේ ධරවු: ඕ පණ්ඩිත යැ, මහාප්‍රාඥ යැ, පුථුප්‍රාඥ (පැතුරුණු නුවණ ඇති) යැ, මෙහෙණන් අතරැ රාත්‍රඥ (පැවිදි වැ බොහෝකල් ඇතැ) යි.
Pali BJT410. ඉද්ධියා ච වසී ආසි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී ආසි ච ගොතමී.
Sinhala BJT410. ගෝතමි ඍද්ධියෙහි වශී වූ යැ, දිබ්බසෝතධාතුයෙහි (දිව කනෙහි) ද, චේතෝපරියඤාණයෙහි (පරසිත් දන්නා නුවණෙහි) ද වශී වූ.
Pali BJT411. පුබ්බෙනිවාසං අඤ්ඤාසි දිබ්බචක්ඛු විසොධිතං. සබ්බාසවපරික්ඛීණා නත්ථි තස්සා පුනබ්භවො.
Sinhala BJT411. පෙර විසූ කඳ පිළිවෙළ දතු, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් ඇයට පුනර්‍භවයෙක් නැති.
Pali BJT412. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච පරිසුද්ධං අහූ ඤාණං තස්මා සොචනියා න සා.
Sinhala BJT412. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද එසේ ම ප්‍රතිභානයෙහි ද (ඇගේ) ඥානය පිරිසිදු වියැ. එහෙයින් ඕ ශෝක කටයුතු නො වෙයි.
Pali BJT413. අයොඝනහතස්සෙව ජලතො ජාතවෙදසො අනුපුබ්බූපසන්තස්ස යථා න ඤායතෙ ගති.
Sinhala BJT413. යකුළින් පහළ පිළිවෙළින් නිවුණු දිලියෙන ගින්න ගිය තැන් යම්සේ නො පැනේ ද,
Pali BJT414. එවං සම්මා විමුත්තානං කාමබන්ධොඝතාරිනං පඤ්ඤාපෙතුං ගති නත්ථි පත්තානං අචලං පදං.{5}
Sinhala BJT414. එසේ මොනොවට (සමුච්ඡේදප්‍රහාණ විසින් කෙලෙසුන් කෙරෙන්) මිදුණු බන්‍ධන සඞ්ඛ්‍යාත කාමෝඝය (හා සෙසු ඕඝ ද) තරණය කළ නිර්‍වාණ පදයට පැමිණි රහතුන්හට පනවන්නට (දෙව්මිනිස් ආදි) ගතියෙක් නැති.
Pali BJT415. අත්තදීපා තතො හොථ සතිපට්ඨානගොචරා භාවෙත්වා සත්තබොජ්ඣඞ්ගෙ දුක්ඛස්සන්තං කරිස්සථා’ති.
Sinhala BJT415. එසේ හෙයින් තමා පිහිට කොට ඇති වව, සතිපට්ඨාන විෂය දොට ඇති වව. සප්තබෝධ්‍යඞ්ග වඩා දුක් කෙළවර කරව” යි.
Pali BJTඉත්ථං සුදං මහාපජාපති ගොතමී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් මහාපජාපතී ගෝතමි මේ ගාථා ප්‍රකාශ කළා යැ.
Pali BJTමහාපජාපති ගොතමී ථෙරියාපදානං සත්තමං.
Sinhala BJTපස්වැනි මහාපජාපතී ගෝතමී ස්ථවිරාපදාන යි.
Pali BJT2. 8 ඛෙමාපදානං
Sinhala BJT2. 8 ඛේමාපදානය
Pali BJT416. පදුමුත්තරනාමජිනො සබ්බධම්මෙසු චක්ඛුමා ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT416. සියලු (ලොවී ලොවුතුරා) දහම්හි චක්‍ෂුර්මත් වූ (භවත්‍රයට ම) නායක වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සියක් දහසක් වන කප්හි පහළ වූ සේකැ.
Pali BJT417. තදා’හං හංසවතියං ජාතා සෙට්ඨිකුලෙ අහුං නානාරතනපජ්ජොතෙ මහාසුඛසමප්පිතා.
Sinhala BJT417. එකල මම හංසවතී නගරයෙහි දිලියෙන නන් රුවන් ඇති සිටු කුලයෙකැ උපන්නෙම් මහත් සුවයෙන් සමර්පිත ද වූමු.
Pali BJT418. උපෙත්වා තං මහාවීරං අස්සොසිං ධම්මදෙසනං තතො ජාතප්පසාදා’හං උපෙසිං සරණං ජිනං.
Sinhala BJT418. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසූමු. එයින් උපන් ප්‍රසාද ඇති මම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ සරණ කොට ගියා වෙමු.
Pali BJT419. මාතරං පිතරං චාපි ආයාචිත්වා විනායකං නිමන්තයිත්වා සත්තාහං භොජයිං සහසාවකං.
Sinhala BJT419. මව ද පියා ද ආයාචනා කොට බුදුරජාණන් වහන්සේ පවරා ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ සත් දිනක් වැළඳවූමු.
Pali BJT420. අතික්කන්තෙ ච සත්තාහෙ මහාපඤ්ඤානමුත්තමං. භික්ඛුනිං එතදග්ගම්හි ඨපෙසි නරසාරථි.
Sinhala BJT420. සත් දවස ඉක්මගිය කල්හි මහනුවණැත්තන් අතුරෙහි අග්‍ර වූ මෙහෙණක නරදම් සැරි තථාගතයන් වහන්සේ ඒතදග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.
Pali BJT421. තං සුත්වා මුදිතා හුත්වා පුනො තස්ස මහෙසිනො කාරං කත්වාන තං ඨානං පණිපච්ච පණිදහිං.
Sinhala BJT421. එ අසා ප්‍රමුදිත වැ යළි ඒ මහර්ෂීන් වහන්සේට සත්කාර කොට වැඳ හෙවැ ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
Pali BJT422. තතො මං ස{1} ජිනො ආහ “සිජ්ඣතං පණිධි තව සසංඝෙ මෙ කතං කාරං අප්පමෙය්යඵලං තයා.
Sinhala BJT422. ඉක්බිති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ “තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේවා. සඞ්ඝයා සහිත මට තොප විසින් කරන ලද සත්කාරය අප්‍රමේය විපාක ඇත්තකි.”
Pali BJT423. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලම්හවො ගොතමො නාම ගොත්තෙන{2} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT423. මෙයින් සියක්දහස් වන කප්හි ඔක්කාක වංසය සම්භව කොට ඇති ගොතින් ගොතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොවැ පහළ වන සේකැ.
Pali BJT424. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා එතදග්ගං අනුප්පත්තා ඛෙමා නාම භවිස්සසි”.
Sinhala BJT424. (තෙපි) ඔබ ධර්‍මයට හිමිවූ ධර්‍මයෙන් නිර්මිත වූ ඒතදග්‍රයට පැමිණි ඛේමා නම් ඖරස ශ්‍රාවිකා වන්නහු.”
Pali BJT425. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගා අහං.
Sinhala BJT425. ඒ කුශල කර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොව ට පැමිණියා වෙමි.
Pali BJT426. තතො චුතා යාමමගං තතො’හං තුසිතං ගතා තතො ච නිම්මාණරතිං වසවත්තිපුරං තතො.
Sinhala BJT426. එයින් සැව යාම දෙව්ලොවට ගියමු, මම් එයින් තුෂිතයට ගියමු, එයින් නිර්‍මාණරතියට ද එයින් පරනිර්මිතවශවර්ති දෙව් ලොවට ද ගියමු.
Pali BJT427. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා තත්ථ තත්ථෙව රාජූනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT427. යම් යම් තෙනෙක උපනුමු ද, ඒ (කුශල) කර්‍ම බලයෙන් ඒ ඒ තන්හි රජුනට මෙහෙසිබව කරවූමු.
Pali BJT428. තතො චුතා මනුස්සත්තෙ රාජූනං චක්කවත්තිනං. මණ්ඩලීනඤ්ච රාජූනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT428. එයින් සැව මිනිසත් බව්හි සක්විති රජුනට ද, පෙදෙසි රජුනට ද මෙහෙසි බව කරවූමු.
Pali BJT429. සම්පත්තිං අනුභොත්වාන දෙවෙසු මනුජෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකකප්පෙසු සංසරිං.
Sinhala BJT429. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැම තන්හි සුවපත් වැ නොයෙක් කප්හි හැසුරුණමු.
Pali BJT430. එකනවුතෙ ඉතො{1} කප්පෙ විපස්සී ලොකනායකො උප්පජ්ජි චාරුනයනො{2} සබ්බධම්මවිපස්සකො.
Sinhala BJT430. මෙයින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු ධර්‍මයන් දක්නා විදර්ශී නම් ලෝකනාථයන් වහන්සේ උපන් සේකැ.
Pali BJT431. තමහං ලොකනායකං උපෙත්වා නරසාරථිං. ධම්මං පණීතං සුත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT431. මම නරසාරථී වූ ඒ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ ප්‍රණීත ධර්‍මය අසා (ඔබ) සසුන්හි පැවිදි වූමු.
Pali BJT432. දසවස්සහස්සානි තස්ස වීරස්ස සාසනෙ බ්රහ්මචරියං චරිත්වාන යුත්තයොගා බහුස්සුතා.
Sinhala BJT432-433. දස දහස් වසරක් ඒ වීරයන් වහන්සේගේ සසුන්හි බඹසර සරා ශමථ - විදර්‍ශනා භාවනානුයෝගී වැ බහුශ්‍රුත වැ (පර්‍ය්‍යාප්ති - ප්‍රතිපත්ති දෙක්හි) නිපුණ වැ චිත්‍ර කථා ඇති වැ ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන්නක් වැ වුසූමු.
Pali BJT433. පච්චයාකාරකුසලා චතුසච්චවිසාරදා නිපුණා චිත්තකථිකා සත්ථුසාසනකාරිකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT434. තතො චුතාහං තුසිතං උපපන්නා යසස්සිනී අහිභොසිං තහිං අඤ්ඤෙ බ්රහ්මචරියඵලෙන’හං
Sinhala BJT434. එ අත් බැවින් සැවැ තුෂිත දෙව්ලොවැ යශස් ඇති වැ උපන්මු. බඹසර බෙලෙන් එහි සෙසු දෙවියන් අභිභවා සිටියා වෙමි.
Pali BJT435. යත්ථ යත්ථූපපන්නා’හං මහාභොගා මහද්ධනා මෙධාවිනී රූපවතී{3} විනීතපරිසා’පි ච.
Sinhala BJT435-436. යම් යම් තෙනෙකැ මම් (උපත් විසින්) එළැඹියෙම් ද, ඒ (ඒ තෙනැ) මහාභෝග - මහාධන ඇති වූමු, නුවණැති වූමු. රූමත් වූමු, වැළි විනීත පිරිස් ඇති වූමු. ඒ කුශල කර්‍මයෙන් බුදුසසුන්හි බ්‍රහ්මචර්‍ය්‍යයෝග හේතුයෙන් චිත්තප්‍රිය වූ සියලු සම්පත්තීහු මට සුලභ වූහු.
Pali BJT436. භවාමි තෙන කම්මෙන යොගෙන ජිනසාසනෙ සබ්බා සම්පත්තියො මය්හං සුලභා මනසො පියා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT437. යොපි මෙ භවතෙ භත්තා යත්ථ යත්ථ ගතායපි විමානෙති න මං කොචි පටිපත්තිඵලෙන මෙ.
Sinhala BJT437. (උත්පත්ති වශයෙන්) යම් යම් තෙනකට ගියා වූ ද, මා හට යම් කිසිවෙක් ස්වාමි පුරුෂ වේ ද, හේ මාගේ (පූර්‍ව) ප්‍රතිපත් ඵල හේතුයෙන් මට අවමන් නො කරයි.
Pali BJT438. ඉමස්මිං{4} භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො නාමෙන කොණාගමනො උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT438. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණගෝත්‍රික මහායශස් ඇති කෝණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
Pali BJT439. තදාහං{5} බාරාණසියං සුසමිද්ධ{6}කුලප්පජා ධනඤ්ජානි සුමෙධා ච අහම්පි ච තයො ජනා.
Sinhala BJT439-440. එකලැ මම බරණැසැ බොහෝ සමෘද්ධිමත් කුලයෙකැ දුහිතෘවක් වූමු. පෙර (අත්බව්හි) දානසහායිකා වූ ධනඤ්ජානී යැ, සුමේධා යැ, මම් යැ යන අපි තිදෙන මහසඟනට අරමක් දුනුම්හ. සඟන උදෙසා වෙහෙරක් ද කරවූම්හ.
Pali BJT440. සඞ්ඝාරාමමදාසිම්හ දානසහායිකා පුරෙ{7} සඞ්ඝස්ස ච විහාරම්පි{8} උද්දිස්ස කාරිකා{9} මයං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT441. තතො චුතා මයං සබ්බා තාවතිංසූපගා අහුං යසසා අග්ගතං පත්තා මනුස්සෙසු තථෙව ච.
Sinhala BJT441. එයින් සැවැ අපි සියල්ලෝ තව්තිසා දෙව්ලොවැ උපනුම්හ. යශසින් අගතැන් පැමිණියමු. මිනිසුන් කෙරෙහි දු එසේමැ යි.
Pali BJT442. ඉමස්මිං යෙව කප්පම්හි බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන{1} උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT442. මේ කල්පයෙහි ම බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෲන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
Pali BJT443. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත්තමෙ.
Sinhala BJT443. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂි බුදුරජාණන් වහන්සේ ගේ උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසී රජෙක් වූයේ යැ.
Pali BJT444. තස්සා’සිං ජෙට්ඨිකා ඨිතා සමණී ඉති විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
Sinhala BJT444. එ රජුහට සමණී යයි විශ්‍රැත වූ දෙටු දියණි වූ මම් ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි වූමු.
Pali BJT445. අනුජානි න නො තාතො අකාරෙව තදා මයං වීසවස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
Sinhala BJT445-446. පිය තෙමේ අපගේ පැවිද්ද නො අනුදත්තේ යැ. එකලැ අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරි බඹසර වුසූම්හ, රාජදුහිතෘ වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරතුරු ඇලුණු ප්‍රමුදිත වූ (කිකී රජුගේ) සත් දියණිවරු නම්: